Friday, November 3, 2017

මොකක් කිව්වා? සංසෝදන?

සබේ පිරිස වාඩි ගන්න තියෙනවා පුවතක් කියන්න

කැමරා හොඳට මාන ගන්න පෑන් අරන් ලියා ගන්න

ඩිෂ් ඩිෂ් ටෙස්ටිං ටෙස්ටිං වන් ටූ

අනේ ඔය මල්ලිත් වාඩි වෙන්න

මූදු කරෙන් එහා දීපෙ සකල සිරින් පිරි පුරයක

සිංදු කියන සුදු නෝනගෙ නාන පොටෝ ලීක් වෙලා

බලන්නෙපෑ සුදු පාටට දිලිසෙන කිරිගරුඬ වගේ

කැරකිලා.. වන් ටූ ත්‍රී ෆෝ

මචං  රතු පාටට බෝල බෝල ඉදුණු තක්කලී..

මොකක් කිව්වා?

සංසෝදන?

ඒක ගැනයි දැන් කියන්නේ හිටිංකො බං වද නොදී

මේ සතියෙම අපි කෑවේ මුං ඇට සහ අල හොදී

ඔලුව ජපං කඳ ජර්මන් කකුල් ඉතාලී

මහ නෝනගෙ දත් සෙට් එක මී අඹ ලෑලී

හරි ඕකේ ඇති හොඳටම කඩේ වැහුවා අපි ගියා

පතමි ඔබව බලා ගන්න සණරාමර බුදු පියා


-විකේන්ද්‍රික