Tuesday, July 26, 2016

මුරලිගේ අයිතිය වෙනුවන්

මුරලි මගෙ ප්‍රියතම ක්‍රීඩකයෙක් නෙමේ. ඇත්තම කියන්නම් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ මම අකමැතිම ක්‍රීඩකයෙක් මුරලි.. නෑ... එහෙම නෙමේ.. ලංකාවෙ කණ්ඩායමෙන් මම අකමැතිම මනුස්සයෙක් මුරලි. මම සචින් තෙන්දුල්කාර්ට වඩා බ්‍රෙන්ඩන් මැකලම්ට කැමතියි වගේ, මුරලිට වඩා මම චමින්ද වාස්ට කැමතියි. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් ලංකාවෙ කණ්ඩායම වෙනුවෙන් මෙච්චර කඩුළු ගත්ත, ලෝක පූජිත අග්‍රගන්‍ය ක්‍රීඩකයා වෙච්චි මුරලිට අකමැති ඇයි කියල. ඒක අකමැත්තක් කියල හඳුන්වනවට වඩා විශේෂ කැමැත්තක් නැති කමක් කියල හැඳින්වුවොත් හරි.

මුරලිගෙ කඩුළු ටික අයින් කරල.. දක්ෂතාවය අයින් කරල ගත්තම මහත්මා ගතියෙන් යුක්ත ක්‍රීඩකයෙක් මම දැක්කෙ නෑ

මම දැක්කේ පිටිය මැද කඩුළු පිපාසයෙන් පෙළෙන මනුස්සයෙක්ව. ඒ කඩුළු පිපාසය ලංකාවෙ කණ්ඩායමේ වාසියට වැඩකලාට ඔහුගේ හැසිරීම, විනය පොඩ්ඩක් උවමනාවෙන් බැලුවොත් එතන හිටියෙ නැහැදිච්ච අමනුස්සයෙක්. ඒ මම දැක්ක හැටි

මුරලිගෙ පන්දුවකට ලබුන උඩපන්දුවක් බැරි වෙලා හරි අත ඇරුනොත් මුරලි පන්දුව දාද්දි හදාගන්න යක්ෂ මූණම තමාගේ කණ්ඩායමේ සගයා වෙත එල්ල කරන්නේ පෙනන විදියට පරුෂ වචනයෙන් බැන වදිමින්.

එහෙම හැසිරීමක් පෙන්නන, එහෙම විනයක් නැති කෙනෙක් මගේ ඇහින් විශිෂ්ඨයෙක් නෙමේ. ක්‍රීඩාවෙ විශිෂ්ඨයෙක් වෙනව කියන්නෙ පිත්ත හතර අතට වනන එකවත්, පන්දුව කඩුල්ල දිහාට යවන එකවත් විතරක් නෙමේ.. ඉන් සෑහෙන එහාට ගිය දෙයක්, මම හිතන විදියට.

මුරලිගේ ඒ ඇටිටියුඩ් එක ලංකාවෙ වාසියට වැඩ කලේ ඔහු පන්දු යවන්නෙක් නිසා කියලයි මට හිතෙන්නෙ. බැරි වෙලාවත් ඔහු පිතිකරුවෙක් වුනා නම් අපට දකින්න හම්බෙන්නෙ ඉනිමෙ අන්තිම බෝලෙට පුළුවන් තරම් ලකුණු ගන්න බලනවා වෙනුවට තමාගෙ ශතකය වෙනුවන් එකක් දාන සචින් තෙන්දුල්කාර් කෙනෙක්. සචින්ගෙ තිබ්බ ආත්මාර්ථකාමිබව මුරලිගෙන් මම දැක්කා, තමාගෙ වැරදි ගැන පමණක් කියමින් අනික් කණ්ඩායමේ හොඳක් කිසිම විටෙක කියන්න කට ඇරෙන්නෙ නැති රිකී පොන්ටින්ග් ගේ තියෙන කුහක කම මුරලිගෙන් මම දැක්කා, ඒකයි මගේ නිරීක්ෂණය.

මුරලිගෙ කුහක කම කිව්වෙ මේකට..මතක විදියට මුරලි කඩුළු 400 ගත්ත දවසෙ හරි මුරලිගෙ අන්තිම තරඟෙදි හරි (හරියටම මතක නෑ) පැවතුන උත්සවයේදී මුරලි ස්තූති කරපු අයගෙ නම් ලිස්ට් එකේ අර්ජුන රණතුංගව මඟ හැරුනේ හිතාමතාද වැරදිලාද කියල මම දන්නෙ නෑ. නමුත් ඒක වැරදීමක් වුනත්, ඒක ලොකු වැරැද්දක්. අර්ජුනගෙ නම අමතක වෙන්න තරම් මුරලි බබෙක් නොවන බව මම හිතන නිසායි, මම කියන්නෙ එවෙලෙ ඒ සඳහන් කිරීම අමතක කල එක මහා කුහක කමක් කියල. මුරලිට අර්ජුනගෙ නම අමතක වෙන්න විදියක් හිතාගන්න පුළුවන්ද?

දැන් මම මුරලි ගැන මෙහෙම කිව්වට.. ඕස්ට්‍රේලියාව නෙමේ වෙන ඕනම රටක් වෙනුවන් තමාගෙ සේවය කැමති ආකාරයකට දෙන්න මුරලිට තියෙන අයිතිය නොදැක ඉන්න හේතුවක් නැහැ. මොකද ක්‍රීඩකයෙක් කණ්ඩායමකට ක්‍රීඩා කිරීම, වෙනයම් විදියකින් සේවය ලබා දීම ඇතුලේ තියෙන යථාර්තය සහ ඒ ක්‍රීඩකයා ඇතුලෙ හැංගිලා ඉන්න මනුස්සයාගෙ අයිතිවාසකම් වෙනුවෙන් පෙනී ඉන්න ඒ කෙනා මගේ ප්‍රියතම ක්‍රීඩකයා නොවිය යුතු නිසා.

කතාව ඒකයි. මුරලි මගේ ප්‍රියතම ක්‍රීඩකයා නොවුනට.. ඔහු වෙනුවෙන් පෙනී ඉන්නෙ ඒකයි.

6 comments:

  1. මාත් කියන්නේ ඔහු වෙනුවෙන් අප පෙනී සිටිය යුතුයි නැත්නම් අනිත් ක්‍රීඩකිනුත් තමන්ටත් අන්තිමට මේටික තමයි කියලා අධෛර්යය වෙන එකයි වෙන්නේ අන්තිමට.

    ReplyDelete
  2. ක්‍රීඩකයින් ගායකයින් දේශපාලකයින් නලුවන් ඔක්කොම කරන්නේ වීරකම් නොවේ, අප හැමෝම වගේ ඔවුන්ගේ රැකියාවයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයට ඕක තේරුම් ගන්න බැරි එකයි වෙලා තියෙන්නෙ.

      Delete
  3. Oya kiyana seratama wadiya Muralidaranta salli watina bawa nam hondatama pahadiliyi!Eya eyage rassawa kala. Echcharayi!Eyawenuwen meya wenuwen neweyi.Mudal wenuwen!

    ReplyDelete
    Replies
    1. මුදල් වෙනුවෙන් රැකියාව කරන එක නරක දෙයක්ද?

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...