Wednesday, February 28, 2018

වඳ පෙති ආතල්


"මිනිස්සු අනාත වෙලා ඉන්නේ බං........ උන්ට ඕන එල්ලෙන්න මොකක් හරි. ටික වෙලාවකට හරි උන්ගේ හිත පොඩි ආතල් එකකට අරන් යන මොකක් හරි එකක්........ ක්‍රිකට් මැච් එකක්, චන්දයක්, අඩුම තරමේ ගමේ වලියක් හරි. උන්ට ඕන උන්ගේ ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක වෙන මොකක් හරි මගුලක්."

ඔහොම කිව්වෙ කූඹියෝ එකේ ජෙහාන්. හැමෝටම නොවුනට ගොඩක් මිනිස්සුන්ට අදාලව කතාව ඇත්ත.

කොහොමත් කුජීත වෙච්චි ජීවිත අස්සෙ හිර වෙලා ඉන්න මිනිස්සුන්ට ඔය කිව්ව විදියේ ආතල් ඕන..

කට්ට කාගෙන පුක ඉරාගෙන වැඩ කරල එහෙම වැඩ කරලත් කිසිම හොඳක් අහන්න නැතුව බැනුම්ම අහ අහ ලොක්කා ඉස්සරහා තමාගේ ආත්මාභිමානය වේස කමේ යව යව මොහොතින් මොහොත අඩු වෙන ජීවිතේ පැය නෝට්ටු වලට හිලව් කරල, ගත්ත ණය ටික බේරලා ඉතුරු සොච්චම නිදහසේ වියදම් කරන්නවත් වෙලාවක් හොයාගන්න විදියක් නැතුව කෝච්චි බස් ගානේ තෙරපි තෙරපි දාඩිය දාගෙන දවස අවසානෙ හරි හමන් නින්දක්වත් නැතුව පහුවදා පාන්දරම ඇහැරිලා ආයෙම ඔය චක්‍රයේම කැරකි කැරකි පීඩනයෙන් මිරිකිලා ඉන්න මිනිස්සු වටේ පිටේ දකින ඉලව්වකින් ආතල් ගන්නෙ නැතුව මොකකින් නම් කියල ආතල් ගන්නද?

ජීවිත අස්සෙ සතුට නැති වුනාම එළියෙන් තමා ආතල් එක හොයන්නෙ....හිස් ජීවිත කරේ තියාගෙන හති දදා දුවන අස්සේ මඟ තොටදි හම්බෙන දේකින් තමා ආතල් එක හොයන්නෙ.. පොඩි බ්‍රේක් එකකට වගේ.. පොඩි බඩිගින්නට බිස්කට් වගේ..

අර ඉස්සර පත්තරෙනුයි නිවුස් වලිනුයි පුපුරපු බෝම්බ ගානයි දෙපැත්තෙ මැරිච්ච උන් ගානයි සසඳල ආතල් ගත්තා වගේ...රාවණාගේ දඬුමොනරයයි ගුහා අස්සෙ තිබ්බ බිබික්කමයි ගැන කියව කියව ආතල් ගත්තා වගේ...හැමදාම උදේ ඉඳන් හවස් වෙනකල් 'අපේ රට.. අපේ රට' කිය කිය ආතල් ගන්නව වගේ... මොකක් හරි කණ්ඩායමකට, ගෝත්‍රයකට හිතින් බැඳිලා තමා හිර වෙලා ඉන්න පුංචි ජීවිතයට වඩා ලොකු අරමුණක් වෙනුවෙන් වැඩ කරනවාය කියල හිතින් මවාගෙන ආතල් ගන්නවා වගේ.............

රිම් එකෙන් යන මාසෙ අන්තිම සතියේ බයික් එකට තෙල් ගහගන්න සල්ලි නැති නිසා බස් එකේ යන ගමන් ෆෝන් එකෙන් තමන්ගේ ජාතිය වෙනුවෙන් ෆයිට් කරන බුවෙක් වෙන්න චාන්ස් එකක් ආවොත්?? හිර වෙලා, පීඩනයෙන් අතරමංව ඉන්න අස්සෙ තමන්ටත් එහා ගිය ලොකු අරමුණක් වෙනුවෙන් වචනයකින් හරි දායක වෙන්න ලැබුනොත්??

"යකෝ, මාත් ජාතිය වෙනුවන් සටන් කරන පොරක් ! මම නැත්නම් ජාතියත් නෑ ! මම නිකන් හිටියොත් ඔක්කොම ඉවරයි ! පඩියෙන් බාගයක් වාහනේ ලීසින් එකට කැපිලා මාසෙ අන්තිම සතිය රෝල ගහන මගෙ අතේනෙ යකෝ ජාතියෙ පැවැත්ම තියෙන්නෙ ! කවුරු කොහොම කිව්වත් මගේ අතේ ජාතියේ අනාගතේ කියල මම හිතාගෙන ඉන්න එක අත ඇරල මමත් හෙණම නෝමල් පොරක් කියල පිළිගන්නේ කොහොමද? මම යමක් කරන එකෙක්... රටේම අනාගතය වෙනුවෙන් ලොකු දායකත්වයක් දෙන වැදගත් පොරක්.. ! මම වැදගත් !"

(මම වැදගත්... මම වැදගත්.... මම වැදගත්... මම වැදගත්...මම වැදගත්...මම වැදගත්...මම වැදගත්...මම වැදගත්...මම වැදගත්...මම වැදගත්...මම වැදගත්...මම වැදගත්...මම වැදගත්...මම වැදගත්...මම වැදග...මම වැද...මම වැ...මම...ම.......)

ඔව් ඔව්.. උඹල වැදගත්.. පිළිගන්නවා.. නමුත් ආතල් ගද්දි මචෝ.. පොඩ්ඩක් දුර දිග බලලා ගනින්. අන්තිමට තමාටයි.. තමා වටේ ඉන්න මිනිස්සුන්ටයි.. කවදා හරි තමන්ගේ දරුවන්ටයි කෙළ නොවෙන විදියේ ආතල් එකක් තෝරගනින්..

ආතල් ගනින්.. තෝරලා බේරලා.. පරිස්සමින්.. හැබැයි මේ යන ගොබ්බ ආතල් වලින් නම් පුතෝ, කෙළවෙන්නේ සරලව සුමටව නෙමේ....

කෙළවෙන්නේ හොඳම එකෙන් !
 
 
 

Sunday, February 25, 2018

ආදරයෙන් හැමිනෙමු


ඉංග්‍රීසි භාෂාවේ එන "I slept with him/her" කියන අදහසට සමපාත වෙන කියමනක් විදියට සිංහලෙන් "මම ඇය/ඔහු එක්ක නිදාගත්තා" කියන යෙදුම තිබුනට ඉංග්‍රීසි භාෂාවේ එන "making love" කියන අදහසට හරියටම සමපාත වෙන සිංහල යෙදුමක් භාවිතයේ නැහැ.

එකම විදියේ ක්‍රියාවක් හා සම්බන්ධව කතා කරනවා වගේ පෙනුනට I slept with him/her කියන එකෙයි I spent the night with him/her කියන එකෙයි we made love තියෙන්නේ වෙනස් අර්ථයන්. භාවිතා වෙන්නේ වෙනස් විදියට.

සරලව ගත්තම making love කියන යෙදුම භාවිතා වෙන්නේ කොන්දේසි, එකඟතා ගාණකින් සපිරුනු මානුෂීය බැඳීමක් ගැන කියන්න. ආදරයෙන්, විශ්වාසයෙන් පිරි එක්වීමක් ගැන ප්‍රකාශ කරන්න.

Make love කියල අදහස් කරන්නේ මුදලට ගන්න පුලුවන් දෙයකින් එහා ගිය දෙයක්. ගණිකාවක් සමඟ එක්වීමට අමු අමුවේ 'Fucking' කියනවා මිසක් making love කියන්නෙ නැහැ.

ඔතන I slept with him/her සහ I spent the night with him/her කියන යෙදුම් එක්ක සමපාත වෙන කියමන් සිංහලෙන් තිබුනට making love කියන කියමන එක්ක සමපාත වන හරි යෙදුමක් සිංහල අදහස් හුවමාරුවේ භාවිතයේ නැතිවීම ටිකක් කුතුහලය දනවන කාරණයක්. විශේෂයෙන්ම ආදරය මෙතරම් උත්තරීතර දෙයක් විදියට සැලකෙන සන්දර්භයක් ඇතුළෙ.

අපේ සංස්කෘතිය තුළ ආදරය කොතරම් උත්තරීතර දෙයක් විදියට සැලකුවත් ආදරය අස්සෙ තියෙන ඒ 'එක්වීම' කියන එක සලකන්නේම සභාවක් මැද සඳහන් නොකල යුතු දෙයක් හෙවත් අසැබි දෙයක් විදියට. ආදරයට පිළිගැනීමක් තිබ්බට ආදරය තුළ තියෙන එක්වීමට පිළිගැනීමක් නැහැ.

ෆිසිකල් එක්වීමට එහා ගිය එක්වීමක් ගැන කතා කරන්න හරිහමන් සභ්‍යය, ගෞරවනීය වචනයක් අපි අතරෙ නැහැ. භාවිතා නොවන වචන තිබ්බත් ඒවා හැමිනීමට කියන විද්‍යාත්මක නාමය හොයනව වගේ සිංහල ශබ්දකෝෂයෙන්/කවි පොත් වලින් හොයන්න ඕනි.

මොකද සභාවක් මැද්දෙ කොයි විදියට කිව්වත් කුණුහරපයක් විදියට සැලකෙන ක්‍රියාවකට සභ්‍යය වචනයක් තියෙන්න විදියක් නැහැනෙ. ක්‍රියාවම අසභ්‍යයයි, ක්‍රියාව ගැන කතා කිරීමත් අසභ්‍යයයි.

ඉතින් කොහෙද ගැලපෙන වචනයක්?

පරම්පරා ගාණක ඉඳලම අපි වෙරිමතේ කලත්, අකමැත්තෙන් කලත්, කරනවාට ඔහේ කලත්, අල්ලසක් විදියට කලත්, පණ දීගෙන කලත්, රවට්ටන්න කලත්, ආදරයෙන් කලත්, ගණිකාවක් එක්ක කලත්, පඳුරක් අස්සෙ කලත්, මුල්ම හමුව දවසෙ කාර් එකක් ඇතුලෙ කලත්, බඳින්න කලින් රූම් එකක කලත්, බැන්ද දවසෙ රෑ මධුසමය වෙලේ කලත්, බැඳලා අවුරුදු දහයකට පහළවකට පස්සෙ කලත්..

"හැමිනෙනවම" තමා ඉතින්..
"හුකනවම" තමා ඉතින්

වචන වලින් නම්, ඉන් එහාට දෙයක් ඕකෙ ඇත්තෙම නෑනෙ අපිට.. නේද?
 
 
 
 

Wednesday, February 21, 2018

ආත්මඝාතය

සියදිවි නසා ගත් අය තේරුම් ගැනීමට කාලය නාස්ති නොකරන්න.

ඒ සඳහා ඔබට දී තිබූ කාලය අවසන්ය!

ඔවුන්ගේ ජීවිත තුල ඔබ අසමත්ය.

දුක් සුසුම් වලින් පිරුන ජීවිතයක් දෙස බැලීමට නොහැරවූ ඇස් මලකුණක් වෙත නොහරවන්න.

ඔබ පමා වැඩිය.

සත්‍යය මිය ගොස්ය.

ලොව සියලු දරා ගැනීම් සීමා සහිතය.

ඔබ ජීවත් වූ ලෝකයේ ඔවුන්ට මැරෙන්නට තරම් අසරණකමක් දැනුනා නම්,

තේරුම් ගත යුත්තේ මියගිය ඔවුන් කවුද යන්න නොව,

ඉතිරි වූ ඔබ කවුද යන්නය.
.
.
.
.
- මුල් නිර්මාණය ධනංජය කරුණාරත්න ගේය. මගේ අදහස්ද ඇතුළත් කොට සංස්කරණය කොට පලකලෙමි.


Friday, February 16, 2018

මිතුරිය

ඇය මගේ මිතුරිය වූවාය.
නමුත් ඇය මගේ ළඟම මිතුරිය වූයේ නැත.
එසේ වුවද මගේ ප්‍රියතම මිතුරිය වූයේ ඇයයි.

ඒ මන්දැයි මම කල්පනා කලෙමි.

ඇයගේ පෞරෂය,
ස්වාධීන බව,
වගකීම් සහගත පරිනත හැසිරීම,
දිනෙන් දින මා සිත් ගත්තේය.

ඇයගේ සිනහව අව්‍යාජ විය.
සිනහ නොමසෙන් දසන් දක්වා, ඔවදන
ඈ කිසිදිනෙක අසා නැත්තා සේය.
ඇයගේ කටහඬ, කතා විලාශය, ගමන තුළින්
සිරකරනු ලැබූ තරුණියක් මා දුටුවේ නැත.
ඒ නිදහස තුළ මා දුටු ඇයගේ අව්‍යාජ සෑබෑ පෞරෂය
ඇය කෙරේ මගේ අවධානය දිනෙන් දින වැඩි කලේය

අපගේ මිතුදම වර්ධනය වූයේ අප දෙදෙනාටම නොදැනීමය.
නමුත් ඇය මගේ අඹ යාලුවා නොවූවාය.
අපගේ මිතුදම ඉඳහිට හුවමාරු වන වචනයකට දෙකකට
ඉඩක් ලද තැන බෙදාගන්නා විහිලුවකට, සිනහවකට සීමා විය.

ඉන් එහාට අපේ සබඳතාවය ගෙනයන්නට මා හට උවමනාවක් නොවීය.
ඇයටද එසේම වන්නට ඇත.

මම මටත් හොරෙන් ඇයගේ සුන්දරත්වය රසවිඳිමින් සිටියෙමි.
"මචන්, මෙතන කෙල්ලන් දිහා බලල කියහන්.. ලස්සනම කෙල්ල කවුද කියල?"
මට නම් ලස්සනම තරුණිය වූයේ ඇයයි.
නමුත් මගේ ළඟම මිතුරියගෙන් මා එසේ අසන්නට ඇත්තේ වෙනත් කෙනෙක් හා සමඟ මගේ ඒ හැඟීම බෙදා ගැන්මට තිබූ ආශාව නිසා විය යුතුය.

"හ්ම්... හිටහන් බලන්න"
මගේ මිතුරිය අප ඉදිරියේ සිටි තරුණියන් සියල්ල දෙස ඇස යොමු කලාය.
"අරයා තමයි.."
මගේ මිතුරිය ඇඟිල්ල දිගු කලේ ඇය වෙතටයි !

ඇය හැරෙන්න වෙන කව්ද?
ඒ සුන්දරත්වය..
ඒ රූ සපුව..
ඒ පෞරෂය..
සැබවින්ම
ඇය හැර වෙන කවුරුද?

අපගේ මිතුදම කෙමින් කෙමින් වර්ධනය වූයේ අපටද නොදැනීමය.
මා ඇය වෙත දිනෙන් දින ලං වූයේ මටත් නොදැනීමය.

අපි කතා කලෙමු.
ඉඩක් ලද හැමවිටම අදහස් බෙදාගත්තෙමු.
ඇයගේ ඉවසීම, බුද්ධිය, සවන්දීමේ හැකියාව, නම්‍යශීලී බව ඇය වෙත මා තවත් වසඟ කරවීය.

අවසනයේ ලෝකයා ඉදිරියේ අපි මවා පෑ ව්‍යාජත්වයේ සළු එකිනෙකා ඉදිරියේ උනා විසිකර දැමුවෙමු.

මා මෙන්ම ඇයද ජීවත් වෙමින් සිටියේ, සිනහවෙන් වසන් කරනු ලැබූ දුක්, වේදනා, නොසතුටින් පිරි අතෘප්තිකර ජීවිතයක් බව දැනගැන්ම මා තුළ ඇති කලේ මින් පෙර මා අත් නොවිඳි හැඟීමකි

ඒ නිසාදෝ අපි දෙදෙනා අපි දෙදෙනාව පහසුවෙන් තේරුම් ගත්තෙමු.

අසම්මත පෙමක් !

කිසිදා නොසිතූ නොපැතූ ඉසව්වකට අපි දෙදෙනා ඇතුළු වූයෙමු.
සිතා මතා නොව,
නොදැනුවත්වම, ඉබේම ඇතුළු වූයෙමු.

සම්මතයට පෙම් බැඳි
අසම්මතයට වෛර කරන
ලෝකයා
අපට චෝදනා කලෝය.
ගල්, මුල්, අපහාස මායිම් නොකරමින්
අපි අපේ ලෝකයේ තනි වුනෙමු.

අපි දෙදෙනා සමඟ නොසිට,
අපිව තනි කොට
අපිට අපි විතරක් ඉතුරු කිරීම ගැන
රහසින් ලෝකයාට ස්තූති කලෙමු.

මට ඇය පමණක් ඉතිරි වෙද්දි
ඇයට ඉතිරි වූයේ මා පමණකි.

ලෝකය විසින් හැර දමනු ලැබූ අප,
අපගේම ලෝකයක තනිවී
රිසිසේ ප්‍රේම ලෝකයේ කිමිදුනෙමු.
එකිනෙකාගේ පහස වින්දෙමු.
ඉන් වෙහෙසට පත්ව, විරාමයන් වලදී
ගව් ගානක් ඈතින් සිටි අපි, අපිවම තේරුම් ගන්නට
විනාඩි ගණන්, පැය ගනන් එකිනෙකා සමඟ කතා කලෙමු
වාද කලෙමු

සම්මතයේ සිරකූඩු වල දුක් විඳිමින්
අතෘප්තිකර ජීවිත නොසතුටින් ගෙවන ගමන්
එකිනෙකා රවටා ගැනීම උදෙසා වෙස් මූණු දමාගෙන රංගනයේ යෙදෙනා ව්‍යාජ ලෝකයාට
හොර රහසේ සිනාසුනෙමු.

අපේම නීති රීති රෙගුලාසි එකඟතා අවබෝධයන්ගෙන් පිරි
අසම්මත ලෝකයකට පියවර තැබුවෙමු.

අපේ ආදරය, අපේ සබැඳියාව, අපේ හැඟීම්
පිට උන් තැනූ කූඩු වලට හසු කර ගැනීමට අපටම හැකි වූයේ නැත.

අපේ ආදරයට අපි දිනෙන් දින නව අර්ථකතනයන් දුන්නෙමු.

සැමදා පවතින
මියෙන තුරා වෙන් නොවන
අත හැරීමට ඉඩනොදෙන
ආදරයක් අපට අවැසි වූයේ නැත.

කවදා හෝ අපගේ ආදරය
මැලවී, පරවී යාමට ඉඩ ඇති බව තේරුම් ගැන්ම නිසාම
අපි තව තවත් ඒ ආදරයට ලෝබ කමින්
ඒ ආදරය වෙනුවෙන් වෙහෙසීමට
කැපවීමට පටන් ගත්තෙමු.

"තුන් වෙනි පාර්ශවයක බැඳීමක් නැති මිනිස් සබඳතාවයක් කල් පවතීයිද?"

ලෝකයා ඇසූ ඒ ප්‍රශ්නයට මා හට පිළිතුරක් තිබුනේ නැත.

කාලය ගත විය..
දින සති මාස අවුරුදු ගණන් මා පසුකර ගියේය.

වාසනාවට හෝ අවාසනාවට ඒ ප්‍රශ්නයට පිළිතුර දැන් මා ඉදිරියේ දක්නට ඇත.

මම කල්පනා සාගරයේ නිමග්නව සිටියෙමි.
ඇය නැති පාළුවෙන් මා ගත වෙළී තිබුනි.

'ඇගේ ඇස් දෙක නොදැක මා මේ මොහොත ගෙවන්නේ කොහොමද?'

මගේ සිත මගෙන්ම අසයි.

"මොනවද ශ්‍රී හැම වෙලේම වෙන ලෝක වල අතරමන් වෙලා කල්පනා කරන්නේ? මම කිරිබත් හැදුවා ඔයාට. එන්න මම කවන්නම්..."

ඇගේ කටහඬින් මා ගැස්සී කල්පනා සාගරයෙන් මිදුනෙමි.

ඇය දුටු මුල් දිනය ගෙවී
මේ මොහොත වන විට වසර ගාණක් ගත වී තිබුනද
ඇය නොමැති මොහොතක්
කල්පයක් සේ දැනෙන්නේ
ඇය හමුවීමට පෙර
මහා සාගරයක් බඳු වූ ලෝකයේ
තනිවී අතරමංව සිටි මා
අදවනතුරුත් තේරුම් ගත්
එකම මනුෂ්‍යයා ඇය පමණක් වීම නිසා විය යුතුය
.
.
ඇය මාගේ මිතුරිය වූවාය.
නමුත් එදා මෙන් නොව
අද ඇය මාගේ හොඳම මිතුරියයි.
එකම මිතුරියයි.





Tuesday, February 13, 2018

අරක්කු නොබොන බේබද්දෝ


"අඩෝ, මං බොන්නෙ නම් නෑ. බයිට් ටික ලෑස්ති කරල තියහන් ඈ"

යාලුවෝ එක්ක ෂොට් එකක් දාන්න සෙට් වෙද්දි එතනට හේත්තු වෙන නොබොන උන් කියන කතාවක් තමා ඔය. විහිලුවක් විදියට කිව්වට ගොඩක් වෙලාවට ඔය කතාව ඇත්තක්.

නොබොන උන් ඇත්තටම කරන්නේ ඇවිත් බයිට් ටිකට කෙළවන එක තමා. දැන් නම් ඕක එච්චර නොදැනුනාට ඉස්කෝලෙන් අවුට් වෙච්චි මුල් කාලේ, ඒ කියන්නෙ ලාච්චු වල තියෙන මාරු කාසි පවා එකතු කරගෙන ගල් බෝතලේ ගහලා බස් එකේ එන්නැතුව පාරෙ යන වාහන වලට අත දාලා ගෙදර ගිය කාලයේ නම් දරුණුවට දැනුන දෙයක්. ඇයි යකො මුන් බයිට් ටික ඉවර කලාම අන්තිම ටික බොන්නේ අහල පහල කඩේකින් මැගී සුප් කැට දෙක තුනක් ගෙනල්ලා ඒවත් එක්ක.

ඉස්කෝලෙ යන කාලෙ හොරෙන් සෙට් වෙද්දි නම් මේ එකෙක්වත් ආවෙ නෑ පැත්ත පලාතෙ. ඇයි වයස අඩු නිසා මාට්ටු වුනොත් බඩු බනිස්නෙ. ඒත් වයස පැන්නයින් පස්සෙ සෙට් වෙන්නෙ කොතනද නැට්ට වගේ එනව පස්සෙන්. එදා ඉඳලම නොබොන උන් එක්ක සෙට් වෙන්න මගේ තිබ්බ අකමැත්ත නිසා අපේ සෙට් එකේ උන් එක්ක ගැහැව්වා ගිවිසුමක්, කිසිම දවසක මම ඉන්නවා නම් නොබොනෙ එකෙක්වවත් සෙට් කර නොගන්න. පස්සෙ අපේ උන්ටත් තේරුනා මම කියන කතාවේ ඇත්තක් තියෙන බව. එතන ඉඳල මම හිටියා නැතා, අපේ උන් ඔක්කොම අනුගමනය කලේ මගේ ප්‍රතිපත්තියම තමා.

මගේ ඔය අකමැත්තට ඒ කාලයේ නම් මුල් වුන පළවෙනි හේතුව තමා බයිට් වලට කෙළවන සීන් එක. ඒකට හේතුව තමා කලින් කිව්වා වගේ සල්ලි නැති කම, මොකෝ ඒ කාලෙ ජොබ් හම්බෙලා තිබ්බෙ නෑ කියල නොබී හිටියයැ.

අනිත් හේතුව තමා අපි බීලා කෙළින පිස්සු, කියවන විකාර දිහා නොබොන එකා පියවි සිහියෙන් ඉඳගෙන ගන්න ආතල් එක මට සෙට් නොවෙන එක. මොකද මම ඇතුලු අපේ සෙට් එක බොද්දි ගහනවා ආයෙ කරටි කැඩෙන්නම. අපි කොච්චර බිව්වත් අනිත් අයට කරදර විදියට කවදාවත් හැසිරෙන්නේ නැති වුනාට, කවමදාකවත් වලි නොදාගත්තට, බිව්වයින් පස්සෙ ආයෙ කෙළින්නෙ පිස්සුම තමා (ඕන එකෙක් එහෙමනේ). ඔය වෙලාවට කට්ටිය එකම ලෙවල් එකෙන් ෆන් එක ගද්දි එතන කවුරුන් හරි ඒක දිහා හොඳ සිහියෙන් බලාගෙන ඉඳල අපි දිහා විනිශ්චය කරන ඇහැකින් බලන් ඉන්න එක මට සෙට් නොවෙනම දෙයක් (කොච්චර නෑ කිව්වත් හැම වෙලාවකම අපි අනිත් උන් ගැන ඉවැලුවේට් කරන ගමන් තමා ඉන්නෙ). බීලා කරන කියන දේවල් හොඳ සිහියෙන් බලාගෙන ඉඳලා තැන් තැන් වල කියව කියව යන අබිලිංලා ගැන දන්නව ඇතිනෙ?

අනිත් එක තමා හැම වෙලේම අපි එක්ක සෙට් වුන නොබොන උන් කියන්නෙ 'අපේ එකෙක්' නොවීම. එදා ඉඳලම 'අපේ උන්' කියල අපිට දැනුන හැම එකාම අරක්කු බොන, සිගරට් ගහන, ජොයින්ට් එක දාන උන් නිසා. අපි එහෙම උන්ව තෝරගෙන ෆිට් උනා නෙමේ, අපි එක්ක බොක්කටම ෆිට් උන හැමෝම උන් මොකක් හරි හේතුවකට ඔය ඔක්කොම දේවල් කරපු උන්. ඉතින් ඩ්‍රින්ක් එකක් නොදාන උපාසක මහත්තුරුන්ව හැම වෙලේම අපිට දැනුනේ ආගන්තුකයො වගේ.

ඔය වගේ හේතු නිසා බොද්දි එතන නොබොන එකෙක් ඉන්නව නම් නිදහසේ ලෝස් නැතුව ගසන්න මට හිත දෙන්නෙම නෑ. ඒක ලොජික් වලින් පැහැදිලි කරන්න පුලුවන් දෙයක් නෙමේ වෙන්න ඇති. ඒක මගෙ හිතේ නිරායාසයෙන් මට එන හැඟීමක්. 

අපි අම්බානට ගැහැව්වාම වෙනම මිනිස්සු බවට පත් වෙනවා. ඇත්ත කතාව ඒකනෙ. ඒකයි බොද්දි අනිත් මිනිස්සුන්ගෙන් ඈත නිදහස් තැනක් තෝරගන්නෙ. බීල ඉවර වෙලා බස් එකේ ආවත් වටේ ඉන්න මිනිස්සු එක්ක වැඩිය කතා බහට නොයන්නෙ. ගෙදර ආවාම සද්දෙ වහල ශේප් එකේ නිදාගන්නෙ. මොකද් එවෙලෙට කොච්චර වුනත් අපි නෙමේ ඉන්නෙ. ඉතින් එහෙම පියවි සිහියෙන් ඉන්න මිනිස්සුන්ගේ ඈත් වෙලා ෆන් එකක් ගන්න සෙට් වෙද්දි, ඒක අස්සට ඩ්‍රින්ක් එක දාන්නෙ නැති පියවි සිහියෙන් හැමදේම දිහා බලාගෙන ඉන්න පොරක් දාගන්න නම් පුද්ගලිකව මම කැමති නෑ. එහෙම කෙනෙක් ඉද්දි මගේ නිදහස මට නැතුව යනවා.

නොබොන උන්ට බොන්නෙ නැතුව ඉන්න තියෙන අයිතියට මම එකෙන්ම ගරු කරනවා. ඒත් ගොඩක් වෙලාවට ගොඩක් කේස් ගත්තම මිනිස්සු නොබොන්නෙ මොකක් හරි ලොකු හේතුවක් නිසා, එක්කො ආගමික මගුලක් ඉහට ගහගෙන.. එක්කො පොඩි කාලෙ ඉඳලා ගෙදර තාත්තා බීලා පිස්සු කෙළින හැටි දැකල පොඩි කාලෙ ඉඳලම අරක්කු එක්ක වෛරයෙන් ඉන්න නිසා, එක්කො බියර් උගුරක් ගැහැව්වත් ඔලුව කැරකිල්ල ඇවිත් වැටෙන නිසා.. එක්කො සුචරිතවාදියෙක් වීමේ උවමනාවට.. එක්කෝ බොන එක නරක යැයි සම්මත වැඩක් වීම නිසා බොන්න බයේ.. එක්කෝ බොන ආතල් එක සෙට් නොවන නිසා..

හැමෝම ඔහොමය කියන්න බැරි වුනාට ගොඩක් නොබොන අය නොබොන්නෙ ඔය වගේ හේතු නිසා. මට අනුව නම් ඔය ගොඩක් හේතු "අවුල්' සීන්. ඒ කියන්නෙ ගොඩක් නොබොන උන් නොබොන හේතු වල පදනම හෙණම අවුල් (ඔක්කොමල්ලගෙ නෙමේ ඈ.. සමහරු ගැන කිව්වෙ. ඔයා හිතාගන්නකො ඔයා නොබොන්නෙ සිරා හේතුවක් නිසාය කියල. කතාව අහවරයිනේ)

ඉතින් ඔහොම බැක්ග්‍රවුන්ඩ් එකක් නම් තියෙන්නෙ.. "මගුලක්ද ඕයි මූ මෙතන ඉඳන් මේ කරන්නෙ"

වගේ හැඟීමක් තමා මට එන්නෙ.

හැබැයි මෙහෙම එකක් තියෙනවා, මේ කතාව අදාල වෙන්නෙ යාලුවෝ සෙට් එක බොන්නම සෙට් වෙලා සින්දුවක් කියලා අව්‍යාජ ෆන් එකක් ගන්න සෙට් වෙන අවස්ථා වලට විතරයි. නැතුව ලොකු ලොකු තැන් වල සෙට් වෙලා, හැන්දෙන් ගෑරප්පුවෙන් බයිට් කකා වැදගත් විදියට බීලා ගියා වගේම ගෙදර එන සුහද හමුවීම් වලට නෙමේ. ඒ වගේ හමුවීම් නම් මට අනුව කොහොමත් ව්‍යාජයි. ඒවයෙ කෙරෙන්නෙ කොහොමත් රඟපෑම් නෙ. එක එක හේතු නිසා අපි නොයා බැරි කමට යන තැන් ඒවා.

ඔය වගේ හේතු නිසයි මම නොබොන උන් ඉන්න තැනක බොන්න අකමැති.. කරටි කැඩෙන්න ගහන උන්ට මේ කියන්නෙ.. බොනව නම් බොන උන්ම විතරක් සෙට් වෙන්න බලහන්.. බොන්නෙ නැති එල කොල්ලෙ එකෙක් දෙන්නෙක් හිටියට ගොඩක් නොබොන උන් ඔය සීන් එකට ගාව නොගන්න එකමයි ඇඟට ගුණ. එනිසා බයිට් එකටත් කෙළෝලා වෙච්චි දේවල් හතර අතේ කියන හාල්කෑලි පුලුවන් තරම් මඟ ඇරහල්ලා.

ප\ලි -

තව එක දෙයක් කියන්නම්. මේ කතාව කිව්වම බොන්නෙ නැති උන් කියන කතාව තමා "අනේ අපි නැත්තන් උඹලව ගෙවල් වලට ගිහින් දාන්නෙ කවුද? උඹලගෙ වමනෙ අස් කරන්නෙ කවුද?"" කියල.

අපි නම් සෙට් වෙච්ච හැමෝම හැමදාම වගේ කරටි කැඩෙන්න ගැහැව්වා, එකෙක්ට දෙන්නෙක්ට වමනෙ ගිය දාට වමනෙ දාපු උන්ගේ වමනෙත් අස් කලා, කෙළින් හිට ගන්න බැරි උන්ව ගෙවල් වලටත් ගිහින් දැම්මා.. ඔය එකකටවත් අපිට කවදාවත් 'හොඳ සිහියෙන් ඉන්න නොබොන උපාසකයො' ඕන වුනේ නෑ. ඒ නිසා නොබොන උන් ඉන්න තැනක පොඩ්ඩක් කල්පනාවෙන් හැසිරියල්ලා. ෆන් එකක් ගන්න සල්ලි වියදම් කරගෙන සෙට් වෙලා අන්තිමට ස්ප්‍රයිට් බිබී බයිට් කකා ඉන්න උන්ගෙන් පොර ටෝක් අහගන්නෙ මොකටද?

Wednesday, February 7, 2018

මොන ආගමද ඇත්ත?


අල්ලා මිනිස්සුන් මැවීම ඇත්ත ය,
මොහොමඩ් පියාඹන අශ්වයෙක්ගේ පිටේ ගිය එක ඇත්ත ය.
මොහොමඩ්ට ගල් ගුහාවක දෙයියෝ කතා කල එක ඇත්තය.
කුරානයේ තියෙන නිසා ඇත්තය..

ඒවා තේරුම් ගැනීමට විද්‍යාව තවම කුඩා වැඩිය...

ජේසු ජලය වයින් කිරීම ඇත්තය...,
අන්ධයෝ, කොරුන් සුව කල එක ඇත්තය.
මැරිච්ච මිනිස්සු ආයෙම නැගිට්ටෙව්වා කියන එක ඇත්තය
ජේසුගේ අම්මා කන්‍යාවියක්ය කියන්නේ ඇත්තය.
ජේසු මැරිලා ආයෙම ආවා කියන එක ඇත්තය
බයිබලයේ තියෙන නිසා ඇත්තය.

කාටවත් මේවා නෑ කියා ඔප්පු කරන්න බැරිය.
ඒ නිසා ඒවාත් ඇත්තය.

ශක්‍රයා හදේ හාවා ඇඳීම ඇත්ත ය,
සිදුහත් ඉපදුන ගමන් ඇවිදීම ඇත්තය
එවෙලේම නෙලුම් මල් පිපීම ඇත්තය..,
රහතන් වහන්සේලා අහසින් ගමන් කල කතා ඇත්තය
නිවන ඇත්තය.

විද්‍යාවට ඕවා තේරුම් ගත නොහැක
ඒ නිසා ඒවා ඇත්තය.

ඊ්ශ්වරගේ අහවල් එකෙන් මිනිස්සු මැව්වා කීම ඇත්තය..
බගවත් ගීතාවේ තියෙනනිසා ඇත්ත ය.

ස්වර්ගය ඇත්තය,
දිව්‍යලෝකය ඇත්තය
අපායත් ඇත්තය.

ඒවා නෑ කියා ඔප්පු කරන්න බැරිය.
ඒ නිසා ඇත්තය
කාලී මෑණියෝ ඇත්තය,
නාථ දෙවියෝ ඇත්තය.
තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන් ඇත්තය
භූතයෝ ඇත්තය,
හොල්මන් ඇත්ත ය,

විද්‍යාව හැමදාම වෙනස් වන නිසා ඒවා ඇත්තය

අතීතයේ ලියවී ඇති ආගමික පොත් ඇත්ත ය.
හැම ආගමකම උන්ට තමන්ගේ ආගමික පොත්වල ඇති සුරංගනා කථා ඇත්තය..

විද්‍යාවට මේවා ප්‍රශ්න කළ නොහැකිය.
විද්‍යාව බොරුය.. 
 
 
 
 

Friday, February 2, 2018

බල්ලු බළල්ලු වගේ හැමිනීම සහ ළමයි හැදීම


අපේ සමාජයේ ගොඩක් මිනිස්සුන්ට අනුව සෙක්ස් කියන්නේ නරක දෙයක්. නොකරම බැරි නිසා කල යුතු, විනෝදෙට නොකල යුතු, කරන්නේ කා එක්කද.. කවදාද.. කොහේදීද.. කොයි වෙලාවෙද කියන එක පවුලේ සැම එක්ව කරන ලද සැලසුමකට අනුව කල යුතු මාරම අමුතු කුණුහරපයක් !

ඉතින් ඒ නිසා මේ අය හැම වෙලේම කෑගගහ කියන දේ තමයි

"පඳුරු පඳුරු ගානේ බල්ලු බළල්ලු වගේ හැමිනෙන්න එපෝ ! එහෙම වුනොත් අපිත් සත්තු වගේ වෙනෝ! අපේ මනුස්ස බව අපිට නැති වෙනෝ.. බුදු සන්තෝ.. අන්න අරුන් දෙන්නා අර රූම් එකේ දොර වහගත්තෝ... දැන් ඉතින් රටම ඉවරෝ..." ..කියන කතාව

සෙක්ස් කියන එක තහනම් කරල, කූඩුවක දාලා, සීමා පනවල, කොන්දේසි දාලා, පූජනීය කරලා, කල් වැල්, නැකත්, පස් මහ බැලුම් බලලා අඟහරුට රොකට් එකක් යවන්න හොඳම වෙලාව තීරණය කරනවා වගේ හොඳ වෙලාවක් බලල, හැමිනෙන්න කලින් රටටම කියල කරන්න ඕන මාරම සීන් එකක් වෙච්චි මහා ලබ්බක් කරගන්නයි ඒ අයට ඕන.

ඒත් වැඩේ කියන්නෙ ඒ මිනිස්සුම බල්ලො බළල්ලු වගේ හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ළමයි නං හදනව......!!!

කිසිම කල්පනාවක්, හිතිල්ලක්, සහේතුක බවක්, සාධාරණබවක් නෑ. හැමිනෙන එක සත්තු වගේ නොකර මිනිස්සු වගේ කලාට හැමිනුනයින් පස්සෙ එළියට එන එක දිහා මිනිස්සු විදියට බලන්න කල්පනාවක් නෑ.

ඒ අයට තේරෙන්නෙ නෑ මිනිස්සු සහ සත්තු වෙන් වෙන ප්‍රධානම සාධකය කන එකවත්, හැමිනෙන එකවත් රෙන එකවත් නෙමේ.. තමන් සහ තමන් ජීවත් වන ලෝකය දිහා විමර්ෂනශීලී ඇසකින් බලල, තමන්ගේ ආකල්ප සහ ක්‍රියාකාරකම් තමන් වටා ජීවත් වන අනෙකුත් ජීවීන්ගේ යහපැවැත්මට බලපාන විදිය ගැන තර්කානුකූලව හිතල තමන්ගේ හැසිරීම් ඇගයීමට ලක් කරන්න.. තමන්ගේ හැසිරීම් වෙනස් කරගන්න තියෙන හැකියාවෙන් තමයි මිනිස්සු සත්තුන්ගෙන් වෙන් වෙන්නෙ කියල..

මේ ටික නොතේරෙන නිසා හැමිනෙන එකත් මැජික් එකක් කරගෙන දඟලනවා හරියට.......සත්තු වගේ

හරි නම් මැජික් එකක් වෙන්න ඕන, මහා ලොකු දෙයක් වෙන්න ඕන සෙක්ස් කරන එක නෙමේ. සෙක්ස් කිරීමේ ප්‍රතිඵලය වන ළමයි බිහි කිරීම නෙමේද?

මේ කතා කරන්නේ ළමයි කීදෙනෙක් හදනවද කියල තීරණය කරන එක ගැන නෙමේ. ඔය මනුස්ස සංහතිය පවත්වාගෙන යන්න ඕන නිසා.. අහසෙ පාවි පාවි ඉන්න භූතයෙක් බඩට දාගන්න ඕන නිසා.. කිය කිය ළමයි හදන්න ඕන කිව්වට හැමෝම මේ ලෝකෙට ගේන්නෙ තමන්ගේ අවශ්‍යතාවයට ඕන ළමයි ගාන විතරයි.

ඒ නිසා මම මේ කතා කරන්නේ තමන්ට ඕන ගානට ළමයි හදන එක ගැන නෙමේ...

සරලවම, එක දරුවෙක් හරි මේ ලෝකෙට ගේන්න තමා ගන්න තීරණය ගැන.

වැඩිහිටි ගෑණු මිනිස්සු කැමැත්තෙන් හැමිනෙන එක ගැන වද නොවී ඒක ගැන වද වෙන එක වඩා හොඳ නැද්ද?

සත්තු වගේ හරි නැතුව හරි සෙක්ස් කරන එකෙන් කාටවත් හානියක් නම් නෑ.

ඒත් සත්තු වගේ ඔහේ ළමයි හදන එකෙන්...?
 
 

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...