Saturday, December 31, 2016

බොන්න එපා..හැලප අරන් දියන් !

වෙන රටවල වැඩිහිටියන්ට Don't drink and drive කියද්දි අපේ රටේ උදේ හවා කියන්නෙ "බොන්නම එපා!" කියල.

බොන්නම එපා කියනව වගේ නෙමේ, බීලා වාහන එලවන්න එපා කියන සංකල්පයෙන් ප්‍රකාශ වෙන්නෙ වැඩිහිටියන් විසින් වගකීමක් ඇතුව කටයුතු කරන්න මුල් බැහැ ගත්ත සමාජ ආකල්පයක්. හික්මීම කියන්නෙ ඒක මිසක තමා පරම සත්‍යය කියල හිතන් ඉන්න මොනයම් හෝ ආගමකින් හොඳ නරක ගැන ගහන කළු සුදු ඉරි තමාගෙ ජීවිතයට ඔහේ ආදේශ කරගන්න එක නෙමේ.

"බොන්න එපා..බොන්න එපා.. බොන සල්ලි වලින් අසරණ කාට හරි බිබික්කං අරන් දීපං.. කන්න නැති මනුස්සයෙක්ට හැලප අරන් දීපං"

හැම උත්සවයකදිම, හැම සැමරුමකදිම, හැම විශේෂ දිනයකදිම ගාථාව කියනව වගේ ඕක කියවනව.

අපේ රටේ බොන එකම නරක වැඩක්. නොකල යුතු දෙයක්. පාපයක්..

අපේ රටේ ඊනියා 'හොඳ' මනුස්සයෙක් වෙන්න අරක්කු ටිකක් කටේවත් නොතියන එක මූලික අවශ්‍යතාවයක්.

අපේ සමාජයේ බොහෝමයක් ආකල්ප වගේම ඔය ආකල්පයෙත් මූලය ආගමිකයි. ආගම සම්බන්ධ කරගන්නෙ නැතුව වැසිකිළියටවත් යන්න බැරි මිනිස්සු ආගම සම්බන්ධ කරනොගෙන හොඳ නරක තීරණය කරන්නෙ කොහොමද? ඒකයි ප්‍රශ්නය

ඉතින් අර ආගමෙන් කියල දීල තියෙන.. හොඳ නරකය කියල තමන් හිතන් ඉන්න දේවල් මුලු ජීවිතයටම.. හැමෝගෙම ජීවිත වලට එහෙමම ඇප්ලයි කරල දානවා

ඒ අනුව පදනම් වෙලා මතවාද හදාගන්නව. මිනිස්සු විනිශ්චය කරනවා. කොන් කරනව, හංවඩු ගහනව.

ගොඩක් අයට අනුව බොන උන් නොබොන උන්ගෙ නොබීමේ අයිතියට ගරු කරන්න ඕන. නමුත් නොබොන උන්ට තමන්ගෙ පාඩුවේ බොන උන්ගෙ අයිතියට ගරු කරන්න තරම් හික්මීමක් නැහැ. හැදියාවක් නැහැ.

බොන එක විතරක් නෙමේ, ඕනම දෙයක් සීමාවක් නැතුව.. ලිමිට් එකක් දන්නෙ නැතුව කරනව නම් ඒක නරකයි තමයි. වෙන්න ඕන තමාට සතුටක් හම්බවෙන ඒ මොක හරි වැඩේ සීමාව මොකක්ද කියන එක තීරණය කරගන්න පුළුවන් ජනතාවක් බවට පත් වෙන එක මිසක බොන එකටයි වැසිකිලි යන එකටයි, හැමිනෙන එකටයි, හැම දේකටමයි ආගමික හරි වැරදි ඇප්ලයි කරලා "තිත" තියන්න හදන එක නෙමේ.

ඇත්ත. ජීවිතය විඳින්න බොන්නම ඕන නැහැ තමයි. නමුත් ඒක සමහරුන්ට ජීවිතය විඳින තවත් එක ක්‍රමයක්. වෙනත් කෙනෙක්ට දැනෙන ඒ අවශ්‍යතාවය තේරුම් අරගෙන ඒ නිදහසට ගරු කරන්න කෙනෙක් තුළ අපි හිතනවට වඩා විනයක් තියෙන්න ඕන

ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් කියනව වගේ ඉන්න ටික කාලෙ ජීවිතය විඳින්න එක එක මිනිහා එක එක ක්‍රම හදාගන්නව. ඉඳල හිටල අඩියක් ගහන එක එයින් එකක්.

වෙන කෙනෙක්ගෙ ආතල් එකෙන් තමාට හානියක් නැත්නම්, බලපෑමක් නැත්නම්.. කවුරු හරි තමාට කරදරයක්, හානියක් නොවෙන විදියට උගෙ ආතල් එක ගන්නව නම් අහක ඉන්න කවුරුත් ඒක ගැන වදවෙන්න බණ දෙසන්න ඕන නැහැ.

තමා නොබී ඉද්දි එක එකා ඇවිත් "බීපං බීපං" කියල දෙසන එක වගේම තමයි මනුස්සයෙක් මොකක් හරි සමරන්න හරි මොන හේතුවකට හරි අඩියක්හ ගහන්න හදදදි "බොන්න එපා යකෝ බොන්න එපා යකෝ " කිය කිය කියවන එක

ආයෙම කියන්නම්, නොබොන එකාට නොබොන්න අයිතියක් තියෙනව වගේ තමා. බොන එකාට බොන්නත් අයිතියක් තියෙන්න ඕන කන් කරච්චලයක් නැතුව.

කතාව ඒ තරම්ම සරලයි. බොන්න ඕන උන් නොබොන උන්ට කරදරයක් නොබී බීපං. නොබොන උන් බොන උන්ට බණ දෙසන්නෙ නැතුව තම තමාගෙ ආගමක් දහමක් අදහගෙන ඉඳපල්ල

එච්චරයි. පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න. ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්

5 comments:

  1. මේ කතාව මට දුරස්තයි. බොන්න එපා කියල කවුරු හෝ තව එකෙකුට කියනවා මතක ඇති කාලෙකින් ඇහිලා නෑ.

    ReplyDelete
    Replies
    1. රසික ඉන්නෙ ලංකාවෙ නෙමේනෙ. එනිසා වෙන්න ඇති

      Delete
  2. ඔය වගේ ප්‍රශ්න කලාතුරකින් ආවත් (මට ලංකාවේ හිටියේ 99% කනබොන යාලුවෝ. ඔය වගේ එකෙකුත් හිටිය 🤣) මෙහෙදි නම් දැන් අවුරුදු දෙකකට කලින් වෙනකන් ඔය ප්‍රශ්නය නිසා මළ කරදරයක් උනේ. වැඩ කරන තැන ගොඩක්ම පකිස්තාන් මිනිස්සු නිසාත් උන්ට බැලමෙහෙකන් කරන බුද්දාගමේ සිට ඉස්ලාම් ආගම වැළදගත් අයවළුන් සමග වැඩ කිරීමේදී හැම විනාඩි පහකටම සැරයක් මට ඇවිත් කියන්නෙ "බ්‍රදර්. බොන එක නවත්තපන්. එක දවසක් අපි එක්ක පල්ලියට වරෙන්. උබ එදාම 100% පිරිසිදු මිනිහෙක් වෙනවා" කියන බයිල.

    හැබැයි ඔය කියන පකිස්තාන් හෝ සිංහල හෝ හැම දෙනාම පුර්ණ කාලීන හෝ අර්ධ පුර්ණ කාලීනව ගංජා, LSD, කොකේන් හෝ හෙරොයින් වලට ඔෆිෂලි ඇබ්බැහි වූ අය. ඒත් මම උන්ට කිව්වේ "මම බොන ජාතිය මේ රටේ ඕනෑම තැනක බොන්න පුළුවන්, හැබැයි උබලගේ ආගමේ නාමයෙන් පිරිසිදු වූ උබල ගහන දේවල් ගහල ඔලුව විකාර කරගන්න තරම් මට පිස්සුවක් නැත කියලාය. තත්වය දරුණුම වූ නිසා සියල්ලන් සමගම ආශ්‍රය නතර කරන ලදී.

    කළු මිතුරු මිතුරියන් මට සිටියද ඔවුන්ගෙන් සැලකියයුතු පිරිසක් මත්පැන් වගේම මට දිරවන්නේ නැති ගංජා පානයට ඇබ්බැහි වී සිටියත් අද වෙනකං අපි හමුවූ කිසිම දිනක ආගම හෝ උවුන් උරණ ගංජා මට දික්කොරලවත් ආගම් ගැන කථා කොට නොමැත. කණ බොන එක හොඳට කොරනවා ඇර බයිලා කතා කරන්නේ නැත.

    ඒ වගේම ඉතා සැහෙන සුදු යහළු යෙහෙලියන් දිටියද ඔවුන් අද වෙනකං ආගම කණ බොන එක ගැන කතාවක් නැති උනත් බොන වෙලාවට හොඳටම බී ආයෙ ගෙදෙට්ටම ගෙනල්ලම දාල දුක සැපත් අහලාම යන්නේය.

    අද වෙනකං කිසි කරදරයක් නැත්තේය.

    වෙනස සැපය 🙃

    සුභ අළුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  3. වෙන මොකක්ද ඔය ඉරිසියාවනේ

    ReplyDelete
  4. මට බොන අයත් එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ, නමුත් ඔය කතාවේ ලංකාවයි පිට රටවලුයි සංසන්දනය කරන එකේ අවුලක් තියනවා.

    තමන්ට හොඳ ආදායමක් තියන කෙනෙක් විනෝදෙට බොන එකයි, දවසේ වැඩ ඇරිලා ගෙදර යන කෙනෙක් එදා දවසෙන් ලැබුණු ආදායමෙන් බොන එකයි වෙනස්. දෙවැනි සිදුවීමේදී බීම සඳහා වැය වෙන්නේ එම පුද්ගලයාගේ පවුලේ එදිනෙදා වියදමට යොදාගන්න තිබෙන මුදල්. තමන් උපයපු මුදලින් තමන්ට බොන්න නිදහස තියනවා තමයි, එහෙම නම් කසාද නොබැඳ ළමයි නොහද බොන්න ඕන. නැත්නම් දෙන්නම එකතු වෙලා උපයලා, දෙන්නම එකතු වෙලා බොන්න ඕන.

    ඔය විදියට පවුල ගැන නොහිතා බොන එක ලංකාවේ සුලභයි වගේම, අපේ ගොඩක් අය යම් කිසි කෙනෙක් බොනවා කිවුවම හිතින් මවාගන්න ප්‍රතිරූපය තමයි ඒක. ඒ නිසා ඒකට විරුද්ධව මත ප්‍රකාශය වෙනවා. නමුත් පිට රටකදී උනත් තමන්ගෙන් වෙන්න තියන යුතුකම් මග ඇරලා යමෙක් බොනවා නම්, ඔහුගේ/ඇයගේ මිතුරන් ඔහුට/අයට උපදෙස් ලබා දෙනවා, මම දන්නා තරමට.

    ලංකාවේදීත්, සියලු යුතුකම් ඉටු කරලා ජොලියට බොන අයට නම්, කවුරුවත් මුකුත් කියන්නේ නැහැ. මගේ ගොඩක් මිතුරියන්ගේ සැමියන් ඒ කැටගරි එකේ, නමුත් කවුරුවත් ඔවුන්ට දොස් කියන්නේ නැහැ.

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...