සමාන්තර විශ්වයක එක්තරා රටක් තියෙනවලු. ඒ රටේ තියෙනවලු අවුරුදු ගාණක් තිස්සේ ඒ රටේ ජීවත් වුන ජනකොටසක් තුල මුල් බැසගත්ත දහමක්. මේක එසේ මෙසේ දහමක් නෙමේලු. ශාක පැළටි දිහා අවිහිංසාවෙන් බලන්න උගන්වන පාරිසරික දහමක්ලු. ඒ රටේ ජීවත් වෙච්චි මිනිස්සු ඒ දහමට කියන්නේ
"කංකුන් දහම".. කියලලු
මේ දහමේ ඉගැන්වෙන විදියට කංකුන් වැවීම සහ කංකුන් කැපීම කියන්නේ මනුස්සයෙක්ට කරන්න පුලුවන් නරකම වැඩක්ලු. කොටින්ම මැරුනයින් පස්සේ මහා දුක් වේදනාවන් වලට මූණපාන්න සිද්ධ වෙන විදියේ බරපතල වැරැද්දක්ලු.
දැන් සීන් එක එහෙම වුනාට සමාන්තර විශ්වයක තියෙන මේ රටේ බොහෝමයක් මිනිස්සු කංකුන් කනවලු. උයලා කනවලු, තෙල්දාලා කනවලු, උදේට කනවලු, දවල්ට කනවලු, රෑට කනවලු, අරක්කු බොද්දි බයිට් එකට ගන්නවලු (අර අහවල් දහමට අනුව බොන එකත් නරක දෙයක් වුනාට මෙතනට අදාල නැති නිසා ඒ කාරණාව මෙන්ෂන් කරන්නෙ නෑ).. කොටින්ම කංකුන් නොකන ජීවිතයක් ගැන හිතන්නවත් බැරි තරමටම කංකුන් කනවලු. ඒ මිනිස්සු ඒ තරම්ම කංකුන් රසට වහ වැටිලාලු ඉන්නෙ. කංකුන් පෝෂ්‍යයදායි ආහාරයක් නිසා කංකුන් නැතුව බෑ බෑ කිය කිය කංකුන්ම කනවලු.
ඔය මිනිස්සු කංකුන් කන අතරේ අර කලින් කිව්ව පාරිසරික දහමෙන් ඔලුව කුරුවල් කරගත්තෙ නැති මිනිස්සු අහනවලු මෙහෙම ප්‍රශ්නයක්..
"යකුනේ, තොපි කංකුන් වවන්න එපා.. කපන්න එපා.. ඒක හරි නරකායි කිය කිය කංකුන්මනේ කන්නේ? මොකක්ද ඒකෙ තේරුම අපිට තේරෙන්නෑනේ.. කංකුන් නොකා හිටියොත් කංකුන් වවන උන්, කපන උන් කංකුන් වවන්නේ කපන්නේ නෑනේ"..කියල.
ඔහොම ඇහැව්වාම අර පාරිසරික දහමෙන් ඔලුව කුරුවල් කරගත්තු සෙට් එක කියනවලු
"අයියෝ ඕකවත් තේරෙන්නැද්ද අනේ..? අපි කංකුන් කෑවට අපි කන්නේ කඩේ තියෙන ඒවානේ.. අපි වෙනුවෙන් වැව්ව කංකුන්වත් අපි වෙනුවෙන් කැපුව කංකුන්වත් නෙමේ නේ.. උන් වවන නිසානේ අපි කන්නේ..ඔය දැනටමත් වවල, කපල වෙලඳපොලේ තට්ටුවල තියෙන කංකුන් ඉතින් දැනටමත් වගා කරල ඉවරයිනේ, ඉතින් අපි ඕක ගත්ත නොගත්ත කියල අලුතින් ඒ කංකු වලට වෙන්න දෙයන් නෑනෙ.. මා වෙනුවෙන් නොකැපූ නොවැවූ කංකුන් කෑවට කමක් නෑ කියලනේ අනේ තියෙන්නේ.." කියල.
දැන් මේක මාරම හරුපයක් කියල ඔය පාරිසරික සෙට් එකට නොතේරුනාට මොළේ කළඳක් හරි තියෙන ඕනම ගොනෙක්ට තේරෙනවලු. සරලවම කියනව නම්..
මිනිස්සු කංකුං පරිබෝජනය කරන නිසානෙ කංකුං වලට මාකට් එකක් හැදිලා ඉල්ලුමට සරිලන සැපයුමක් හැදිල තියෙන්නෙ. ගොවියා කංකුං වවන්නෙ ඒවා විකුනන්න පුලුවන් බව දන්න නිසානෙ. කංකුං පරිබෝජනය කරන කට්ටිය තව වැඩි උනොත්, තව තව ගොවියෝ වැඩි වැඩියෙන් කංකුං වවන්න පෙලඹෙනවානෙ. කංකුං පරිබෝජනය කරන කට්ටිය අඩු උනොත්, විකුනාගන්න අමාරු නිසා ගොවීන් කංකුං වවන එක අඩු කරනවානෙ. ඒ කියන්නෙ කංකුං මාකට් එක පාලණය කිරීම සම්පූර්නයෙන් තියෙන්නෙ පාරිභෝගිකයාගෙ අතේනෙ. එක එක පුද්ගලයා හරි, ටික ටික කංකුං පරිබෝජනයෙන් ඉවත් වෙනවා නම්, ටික ටික කංකුං වැවීම අඩුවෙනවානෙ.
කවුරුවත් කංකුං මාලුවක් කන්න හිතුනාම කංකුං ගොවියා මුනගැහිල කංකුන් ඕඩරයක් දාලා කංකුන් වැවෙනකන් ඉන්නෙ නෑනෙ. කඩේට ගිහිල්ලා කඩේ ඒ වෙලාවෙ තියෙන "දැනටමත් වවල, කපල" තියෙන ඒවා තමයිනෙ ගන්නෙ. එහෙම ගන්න අයගෙන් තමයි කංකුං මාකට් එක හැදෙන්නෙ.
ඕකනේ කතාව.
දැන් සීන්ස් එක එහෙම වුනාට ඔය රටේ මිනිස්සුන්ට තේරෙන්නෑලු කංකුං වැවීම කියන්නෙ ගොවියෙකුට කරන්න පුලුවන් නරකම වැඩක් නම්; කවුරු උනත් කංකුං වැවීම අවුල් කියල හිතනවා නම්; ආර්ථික හේතු නිසා මිනිසුන් කංකුං වැවීමට පොලඹවන කංකුං මාකට් එක නැති කරන්න, හෝ අඩු කරන්න ඔබට කරන්න පුලුවන් සුලුම දේ තමන්ගේ පෞද්ගලික කංකුං පරිබෝජනය නැවැත්වීම හෝ අඩු කිරීම කියල. ඒ සුලුම දේ වත් නොකර, කංකුං වැවීම නිසා පරිසරයට වෙන හානි, හා ගොවීන් කංකුං වැවීම කොච්චර වැරදි වැඩක්ද, වගේ පාරිසරික ටෝක් ඉෂු කිරීම පට්ටම මෝල් ගොන් විහිලුවක් කියල.
ඔය සරල හේතු-පල සම්බන්ධය තේරුම් ගන්න බැරුව ඉන්න සමාන්තර විශ්වයක තියෙන ඒ රටේ මිනිස්සු කලින් කිව්ව අර පාරිසරික දහමේම තියෙන මාරම ගැඹුරු හේතු-පල සීන් ගැන දාර ටෝක් ඉෂූ කරනවලු. ඒවායේ ගැඹුර ගැන සෙට් වෙලා සාකච්ඡා කරනවලු. ඒ වගේ ගැඹුරු සීන්ස් තියෙන දහමක් තමාට තියෙන එක ගැන මාරම ප්‍රවුඩ් වෙනවලු.
ඔය නරිනාටක බලන් ඉන්න ඔය රටේම ඉන්න මොළේ කුරුවල් නොවිච්චි මිනිස්සුන්ට මේ සීන්ස් දැකලා පශ්චාත්භාගයෙන්ම හොඳටම හිනාලු.
පෝස්ට් එක ඉවරයිලු.
කියෙව්වට ස්තූතියිලු.
.
.
.
.
.
කවුරුවත් කංකුං මාලුවක් කන්න හිතුනාම කංකුං ගොවියා මුනගැහිල කංකුන් ඕඩරයක් දාලා කංකුන් වැවෙනකන් ඉන්නෙ නෑනෙ. කඩේට ගිහිල්ලා කඩේ ඒ වෙලාවෙ තියෙන "දැනටමත් වවල, කපල" තියෙන ඒවා තමයිනෙ ගන්නෙ. එහෙම ගන්න අයගෙන් තමයි කංකුං මාකට් එක හැදෙන්නෙ
ReplyDeleteමේක තමයි.... පට්ටම ...සරලම ...ඇත්තම.....කතාව....
http://www.divaina.com/2010/11/05/feature03.html
ReplyDeletehttp://sundaramathaka.blogspot.com/2013/06/blog-post_20.html?m=1
ReplyDeleteපට්ට.. රිටිගල ජයසේන මේ ටිකේ බුකියේ නිහඬයි නේද? :)
ReplyDeleteමෑන් එනවා යනවා..
DeleteAththatama oya kiyanne kankuyn ganada,ehema nathnam chicken ganada?
ReplyDeleteNa Beef gana
Deleteකංකුන් ගැන විතරමයි :P
Deleteමං ආස නෑ කංකුං වලට වෙලාවට..
ReplyDeleteබොරු කියන්න ඕන්නෑනෙ. මං නම් කංකුන් වල රහට ආසයි.
Deleteහුඟක් අය කංකුන් වලට ආසයි... මං ආස නැහැ ඉතින්.. ඔයාගේ පොස්ට් ඒක කාලීනයි.. කංකුන් නැතුව ලංකාවට අනවශ්‍ය අතහැරලා දාන්න අවශ්‍ය ඕනම දෙයක් එතනට රීප්ලේස් කලාම
Deleteහැම සදාචාරාත්මක ප්‍රශ්නයකටම ආගමික පොතක් පෙරළල හරි වැරැද්ද හොයන අයට නම් මේ වගේ දේවල් වලට තියෙන්නේ ආගමික උත්තර. ඒ අය කරන්නේ "මේ දේ හරිද වැරදිද?" කියල කල්පනා කරනව වෙනුවට "මේ දේ හරිද වැරදිද කියල මොකක්ද මගේ ආගමේ කියන්නෙ?" කියල කල්පනා කරල තමාගේ ආගමේ කියන ඒ උත්තරෙන් සෑහීමකට පත් වෙන එක.
Deleteමම නම් මස් පිණිස සතුන් මරන එකට මතවාදීමය වශයෙන් විරුද්ධ අනාගමික පදනමකින් මිසක් ආගමික පදනමකින් නෙමේ
හැම කෙනෙක්ම පෞද්ගලිකව කංකුන් පාවිච්චිය නතර කලවිට කංකුන් වැවීම නතර වෙනවා නම්
ReplyDeleteරටක මත්කුඩු වෙළදාම නතර කරන්න නම් නීති අවශ්‍ය නෑ. හැමෝම පෙෘද්ගලිකව එයින් වැලකුනාම ඇතිනේද?
රටක පොලිතින් පාවිච්චිය නතර කරන්න නම් නීති අවශ්‍ය නෑ. හැමෝම පෙෘද්ගලිකව එයින් වැලකුනාම ඇතිනේද?
රටක ස්ත්‍රී දූෂණ නතර කරන්න නම් නීති අවශ්‍ය නෑ. හැම ගෑනියෙක්ම @$@$ ඉබ්බෙක් දාගත්තහම ඇතිනේද?
කරුණාකරලා ඔය ලොජික් එක කේලාම් කීම, ඕපාදූප සෙවීම, අරක්කු බීම, මිනීමැරීම වගේ දේවල් වලට ඇප්ලයි කරලා බලන්න. අවුල තේරෙයි.
Deleteඋදේ පාන්දරින්ම අවදි වෙච්ච නිරාගමික තුමා තාත්තගෙ සොහොන පැත්තෙ ගියේ මලක් තියල ඉටි පන්දමක් පත්තු කරලා එන්න.
ReplyDeleteඈත තියද්දිම දැක්ක කවුදෝ සෙට් එකක් සොහොන ළඟ ඉන්නවා. ළං වෙලා බැළුවම තමයි සීන් එක දැක්කෙ. කොළු ගැටව් තුන් දෙනෙක් උදේ පාන්දරම සොහොන උඩ "පර-පර" ගාල රෙනවා.
එකෙක් සොහොනෙ කකුල් දාන පැත්තෙ ඉඳගෙන බීඩි කූරක් එහෙම අදින ගමන් ආතල් එකේ සින්දුවකුත් මුමුණ මුමුණ රෙනවා. තව එකෙක් සොහොන ඉස්මත්තෙ තියෙන කුරුසෙ දෙබල උඩ වාඩි වෙලා සොහොනෙ මූණ තියෙන හරියට ගූ වැටෙන විදිහට රෙනවා. අනිත් එකා රීල ඉවර වෙලා නැගිටලා සොහොන් කොතේ නම තියෙන හරිය තෙමෙන්න හුජ්ජ කරනවා.
නිරාගමික තුමා යක්‍ෂාවේස වුනා.
"තොපි මොකද යකෝ ඔය කරන්නෙ? තොපිට දෙයියන් ගෙ හාල් කැවිලද?"
කොළු ගැටව් තුන් දෙනා ගැස්සිල ගියා. අර බීඩියක් ගහ ගහ හිටපු එකා ඉඳගෙන ඉන්න ගමන් ම පොඩි හිනාවක් එහෙම දාල "උදේම හන්දියෙ කඩෙන් බිත්තර කොත්තු තුනක් කෑව අයියා. බඩ පොඩ්ඩක් අවුල් වගේ. ආයෙ ගෙදර දුවන්න වෙලාවක් නෑ. එහෙම්මම මෙතන වැඩේට සෙට් වුනා. වටේටම කැලේනෙ අයියා, මෙතන තමයි පොඩ්ඩක් එළිමහන තියෙන්නෙ. කැලේ රෙන්න ගිහිං පුකට කූඩැල්ලෙක් එහෙම ගියොත් සුනාමි කේස් නෙ" කිව්වා.
"යකෝ මේ මගේ තාත්ත ගෙ සොහොන"
"ඉතිං අපිට පුකෙයි? ඒ ඔයාගෙ තාත්ත වුනාට අපේ තාත්ත නෙවෙයි නෙ. අපිට පොර නිකම්ම නිකං ඕල්ඩ් මෑන්ස් කෙනෙක් විතරයි"
"යකුනේ තොපි ඔය රෙන්නෙ මගේ තාත්ත ගෙ මිනිය උඩට"
"ඉතින් බොස් තාත්තට අවුලක් නෑනෙ අපි රිව්ව කියල. පොර දැන් නෑනෙ? අපි පොර ජීවත් වෙල ඉද්දි පොර ගෙ කටට රෙන්න ආවෙ නෑනෙ?"
"ඒ වුනාට ඔතන මගේ තාත්ත....."
"පිස්සුද දොරේ? ඔතන ඇති තාත්තෙක් නෑ. ඔතන තියෙන්නෙ ඇටකටු ටිකක් විතරයි"
දෙබල උඩ වාඩි වෙලා රිරී හිටපු එකා දෙබලෙන් බැහැල නිරාගමික තුමා ළඟට ආව.
"නිකං මෙතන පිස්සු කෙලින්න එපා ලොක්කා. ඔයා නිකං මෙතන ඇටකටු ටිකක් වල දාගෙන ඒවට පහන් පත්තු කරනවා. ඒ වගේද අපේ සරමෙ රෙවුන නං? මේක මානුෂීය අවශ්‍යතාවයක්"
"අනිත් එක ඔයාට ෂුවර් ද ඔය මෙතන වල දාල ඉන්නෙ ඔයාගෙම තාත්තද කියල?" සොහොන් කොතට හුජ්ජ කර කර හිටපු එකා දෙපාරක් ගස්සල ඇතුළට දාගන්න ගමන් ඇහුව. "කොහෙද ඉතින් ඔයා ඕකට ඩී.එන්.ඒ. ටෙස්ට් එකක්වත් කරන්න දෙන්නෙ නෑනෙ"
"වල් පරයෝ මගේ තාත්තට අපහාස කරන්න මම තොපිට ඉඩ තියන්නෙ නෑ"
"ලොක්කා නිකං ගෝත්‍රික ටෝක් දෙන්න එපා. ඒ ඔයාගෙ තාත්ට වුනාත අපේ තාත්ත නෙවෙයි. ඔයාගෙ ගරු කිරීම ඔයා තියාගන්න. ඔයා කියන්නෙ අපිට සරමෙ රෙන්න කියලද?"
"ඒ වුනාට *ත්තිගෙ පුතෝ මේක මගේ ඉඩම. තොපි කොහොමද මේක අස්සෙ රෙන්නෙ?"
"පිස්සුද ඕයි මේක බෙදා වෙන් කල පස් ගොඩක්"
ඔයවගේ ප්‍රශ්ණ වලට බුද්ධාගමේ හොඳ උත්තරයක් තියෙනවා.
ReplyDeleteකර්මය යනු (දෙවියන් වහන්සේ තැනූ) යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයක් නොවේ.
කර්මය හැම විටම සාධාරණ වියයුතු නෑ.
සමහරවිට කර්මය හැක් කරන්න පුළුවන්.
ඒ වගේම.
කොයිතරම් පින් කලත් අනිත්‍ය දුක්ඛ(අතෘප්තිකර) අනාත්ම කියන ගුන වෙනස් වෙන්නෙත් නෑ
පැහැදිලියි. කර්මය ගැන ඔයා කියන කාරණය පොදුවේ කතා කලොත්, කර්මය කියන සංකල්පයෙන් යුක්තිය, සදාචාරය, සාධාරණත්වය ඉටු නොවේ නම්.. එය ලෝක ස්වභාවයක් පමණක් නම්.. යුක්තිය, සදාචාරය, සාධාරණත්වය හෙබි මිනිස් සමාජයක් ගොඬනගන්න උත්සාහ කරනා අය මෙවැනි කාරණා ගැන කතා කරද්දි කර්මය නැමති සංකල්ප අන්තර්ගත ආගමික පොත් පොඩ්ඩකට පැත්තකින් තියල එන්න වෙනවා. මේ වගේ ප්‍රශ්න වලට ආගමික පදනමකින් එහා ගිය පදනමක් මත ඉඳගෙන පිළිතුරු හොයන්න වෙනවා. ඒකම තමා අපි වගේ අය මේ යුනිකෝඩ් කොට කොට කියන්නෙ
Delete