"අහවල් හාමුදුරුවන්ගේ සුමදුර ධර්ම දේශනාව අහන්න අහවල් දවසේ අහවල් පන්සලට අහවල් වෙලාවට එන්න"
ගේ ඉස්සරහා තාප්පේ පෝස්ටරයක් අලවලාය.
සුමදුර විදියට බණ කියන්නේ කොහොමද? පෝස්ටරය දුටු සැනින් බණ්ඩාට සිතුනේය. බුදුන්වහන්සේ දේශනා කල, සමස්ථයක් වශයෙන් ගත් කල පැවැත්ම දෙස සෘණාත්මකව බලන්නට උගන්වන දර්ශනයක් සුමදුර විදියට දෙසන්නේ කොහොමද? චතුරාර්ය සත්‍යය තාලෙට ගය ගයා නට නටා කියනවාවත්ද?
එකත් අතකට සුමදුර ධර්ම දේශනා කිව්වාම බණ්ඩාට මතක් වුනේ දැන් දැන් දීප ව්‍යාප්තව තිබෙන 'ආතල් බණ' ට්‍රෙන්ඩ් එකය.
බණ්ඩාට තේරෙන විදියට බණ කියනවා කියා මේ දවස් වල බොහෝමයක් හාමුදුරුවන් වහන්සේලා කරන්නේ බණ අහන් ඉන්නා උපාසක උපාසිකාවන්ව චූන් කිරීමය. දෙපැත්ත කැපෙන විහිලු, ජීවන අත්දැකීම්, ආගිය කතා වැනි දේ ඇසුරෙන් පවුල් කෑමෙන් පටන්ගෙන ගැහැණු ළමුන් ඇඳුම් පැළඳුමෙන් සැරසිය යුතු ආකාරය දක්වා ඔවදන් දෙමින් අසන්නන් චූන් කිරීමය, බණ කීම ලෙස හැඳින්වෙන්නේ.
මේ ආකාරයෙන් වැඩියෙන්ම අසන්නන් චූන් කරනා හාමුදුරුවරුන්ට 'සුමදුර' ධර්ම කථික පට්ටම නිරායාසයෙන්ම හිමිවී නිතර නිතර රටවටා බණ වලට ආරාධනා ලැබෙන සෙලිබ්‍රිටි හාමුදුරු කෙනෙක් වීමේ භාග්‍යය උදා වේ. බුදුන්වහන්සේගේ දර්ශනය දේශනා කරනා බුද්ධ පුත්‍රයකුට වඩා වර්තමාන සුපර්ස්ටාර් භික්ෂූන් සමාන වන්නේ කඩමණ්ඩියක ඉඳගෙන නාකි ගෑණුන් හිනස්සනා ගොඩේ බයියෙකුටය.
බණ කීමෙන් අනෙක් අය චූන් කිරීමට ලක් කරන හාමුදුරුවන් බණ කියනා අතර ගාම්බීර ලෙස මඳහස පායි. බණ ඇසීමෙන් චූන් වීමට ලක්වන උපාසක උපාසිකාවන් බිම ඉඳගෙන චූ බරේ මෙන් ඇඹරි ඇඹරි හාමුදුරුවන්වහන්සේගේ මෝඩ ජෝක් වලට සිනාසෙයි. භික්කු භික්කුනී උපාසක උපාසිකා සිව්වනක් පිරිසටම ආතල්ය. චූන්ය. සතුටුය. කාටකාටත් සතුටු නම් ඉතින් බණ්ඩාටත් සතුටුය.
පෝස්ටරයේ සඳහන් පරිදි සුමදුර බණ ඇසීමට එන්න කියා ආරාධනා කර ඇත්තේ, වෙනත් වචන වලින් කියනවා නම් චූන් වෙලා යන්න එන්න කියා විය යුතුය. සතුටුය. අච්චරක් පීඩනයෙන් හෙම්බත් වී ඉන්නා මිනිසුන් මෙහෙමවත් චූන් කිරීම ගැන හාමුදුරුවන්වහන්සේලා මහින්ද දැක නිවන් දැකිය යුතු යැයි බණ්ඩාට සිතෙන්නේය.
ඒත් බණ්ඩාට භික්ෂූන් වහන්සේලාව පෙන්නන්න බැරිය. ගෝඨාබයට ලසන්තව පෙන්නන්න බැරි තරම්ම පෙන්නන්න බැරිය (ආ.. එච්චරම නෑ.. මරන්න තරම් පරහක් නෑ). එයට හේතුව බණ්ඩා භික්ෂූන් වහන්සේලාව දකින්නේ ලාංකීය සමාජය වෙළා ගත් පිළිකාවක් විදියට නිසාය.
'අච්චරක් ප්‍රයෝජනවත් දේ මිනිස්සුන්ට කියා දෙන ආධ්‍යාත්මික ගුණවගාව වැඩි කරනා බුද්ධ පුත්‍රයන්ට පිළිකාවක්ය කියන්නේ මොන කාලකණ්ණියෙක්ද?'
රටට දැයට ආගමට ආදරය කරන බෞද්ධයෙක් කේන්තියෙන් බණ්ඩා ගැන එහෙම කියන්නට ඉඩ ඇත. කමක් නැත. සටහන කියවාගෙන යද්දි බණ්ඩා එසේ හිතන්නේ ඇයි කියා කාටකාටත් තේරෙනු ඇත.
බණ්ඩාට සිතෙන විදියට ඔය භික්ෂූන් වහන්සේලාගේ බණ වල එන 'බෞද්ධ දර්ශනයේ' කෑලි බෑලි ටික කවුරුත් ගනන් ගන්නේ නැති මෙලෝ යකෙක්ට වැඩක් නැති, ලොකු අකුරින් කොළ වල ලියා 'පොත් වහන්සේ' කියා කවරයක් දමා රාක්කයක තබා ලස්සනට අසුරා තැබීමට පමණක් සුදුසු ඉගැන්වීම් සෙට් එකකි.
බණ්ඩා එහෙම කියන්නේ කිසිම එකෙක් ඒ බෞද්ධ දර්ශනය නැමති එකෙන් ප්‍රයෝජනයක් ගන්නා බව පෙනෙන්නට නැති නිසාය. බණ කියන උන් සහ බණ අසන උන් බුද්ධ දර්ශනයෙන් ගන්නේ එකම ප්‍රයෝජනයකි. එනම් 'අපේ අහවල් එක මාරයි නේද' කියා උඩ දැමීමෙන් ලැබෙන ආතල් එක ගැනීම පමණකි.
බණ්ඩා බෞද්ධ දර්ශනය සමාන කරන්නේ කාය වර්ධන මධ්‍යස්ථානයකටය. සිංහලෙන් කියනවා නම් ජිම් එකකටය. ජිම් එක ඇතුළේ කවුරුත් නැත. ජිම් එකෙන් ප්‍රයෝජනයක් ගන්නා එකෙක් නැත. නමුත් ජිම් එක ඉදිරියේ එක් රැස් වුනු බතලයෝ රෑනක් එළියේ ඉඳගෙන ජිම් එකේ ගුණ වයයි. 'අනේ අපේ ගමේ ජිම් එක මාරයි නේ.. ඇඟ අඩු කරගන්නවා නම් මෙන්න ප්ලේස් එක. අනිත් ගම් වල ජිම් කැලේ! ' ගගා කයිවාරු ගසයි. නමුත් ජිම් එකේ මකුළු දැල් බැඳිලාය. ජිම් එකට ගිහින් ඇඟ හදාගත්ත එකෙක්ද නැත. කොච්චර හොඳ කිව්වත් ජිම් එකේ ගුණවැයුවත් ජිම් එක ඇතුලේ ඇති බඩු භාණ්ඩ වැඩක් ගන්න බැරි ඒවාද කියා බණ්ඩාට සිතෙනවාය. ජිම් එක ගැන පැතිරී ඇති හොඳ නාමය, ජිම් එක වටා එකතු වන මෝඩයන්ට කඩචෝරු අයිස්ක්‍රීම් විකුණා වෙනත් ප්‍රතිලාභ ගන්න බලා සිටි කපටි කෛරාටිකයන් විසින් කාලයකට ඉහත පැතිරවූ ටොම්බ පචයක් වෙන්න ඉඩක් නැද්දැයි කියාද සිතෙනවාය.
කොහොම හරි බණ කීමෙන් සහ ඇසීමෙන් වන පළමු ප්‍රයෝජනය, කාටවත් සත පහක පලක් නැති ඔය 'ජිම් වර්ණනාව'ය.
දෙවනි එක ප්‍රයෝජනයක් නෙමේය. දෙවෙනි එක තමයිය, පිළිකාව.
බණ කියනවා කියා අතිමහත් බහුතරයක් භික්ෂූන් කරන්නේ ලාංකීය සමාජයේ ඇති කල් ඉකුත් වී කුණු ගඳ ගහනා අදහස් තව තවත් සමාජගත කිරීමය. බෞද්ධ භික්ෂූන් තරම් ලාංකීය සමාජයට පසුගාමී අදහස් සංවිධානාත්මකව පොම්ප කරනා පිරිසක් තවත් නැති තරම්ය.
කෙල්ලෝ ඇඳුම් ඇඳිය යුතු ආකාරයේ සිට, පවුල් කන්නේ කොහොමද කියන එකේ සිට, ළමයි කීයක් හැදිය යුතුද වැනි ප්‍රශ්න වල සිට එකී මෙකී නොකී හැම ඉලව්වක් ගැනම තියෙන පසුගාමීම අදහස් කිසිදා වෙනස් නොවිය යුතු පරම සත්‍යයන් ලෙස ගෞරවාන්විත අධිකාරීමය ස්ථානයක හිඳ උගන්වයි. පියවරෙන් පියවර ආකල්පමය වශයෙන්, සදාචාරාත්මක වශයෙන් ඉදිරියට යා යුතු සමාජයක දෙකකුල් වලට ඇණ ගසා එක තැන සිර කර තැබීමට වගකිව යුතු පාර්ශව වලින් ඉදිරියෙන්ම සිටිනා පිරිස, බණ්ඩාට අනුව නම් මේ භික්ෂූ පරපුරය.
අයනු ආයනු කියන වයසේදීම ලෞකික සමාජයෙන් වෙන්කෙරෙනු ලැබ, එකම ජාතියේ පොත් ටිකක් ගිරව් මෙන් කටපාඩම් කොටගෙන අවසනයේ මිනිසුන්ට පවුල් කෑමේ සිට සමාජ ව්‍යුහයන් ගොඩනඟා ගැනීම දක්වා මෙහෙම බණ දෙසන්නේ කොහොමද කියා බණ්ඩාට තේරෙන්නේ නැත. මොකද මේ අය දන්නා දර්ශනයක් තියෙනවාද? දේශපාලන විද්‍යාවක් තියෙනවාද, පවුල් උපදේශනයක් හදාරා තියෙනවාද? මනෝ විද්‍යාවක් හදාරා තියෙනවාද? බණ්ඩා දන්න විදියට නම් ඔය එකෙක්වත් ඔය එකක්වත් හදාරා නැත.
'දැන් උඹත් ඔය මගුල් ගැනම ලියන්නේ උඹත් ඕවා හදාරලා උපාධි ගහලයැ'
කෙනෙක් එසේ අසන්නට පුලුවන. බණ්ඩාට කියන්න තියෙන්නේ ඒ අහන එකා එහෙම අහන එකම තමා වෙනස කියාය. බණ්ඩාද ඔය මගුල් ඉගෙනගෙන නැත. බණ්ඩා කියන්නේද බණ්ඩාට හිතෙන දේය. 'එහෙනම් උඹෙයි උන්ගෙයි වෙනස මොකක්ද?' අර ඩයල් එක නැවතත් අසනු ඇත.
බණ්ඩා වැනි උන් තමන් කියනා දේ පරම සත්‍යයන් කියා කියන්නේ නැත. කිසිදා වෙනස් නොවන අකාලික මගුල් කියා කියන්නෙත් නැත. බණ්ඩා වැනි උන් කියනා ඕනම දෙයක් ප්‍රශ්න කිරීම් වලට විවෘතය. විවේචනයට විවෘතය. උපහාසයට විවෘතය. බණ්ඩා හෝ එවැනි තවත් එකෙක් යම් අදහසක් කිව්ව, ලිව්ව විට 'ඕක වෙන්න බෑනෙ.. ඔය කතාවෙ මෙන්න මේ වැරදි තියෙනවානෙ' කියා අසන, බලන, කියවන උන් ඕනෑ තරම් කියනවාය. අන්න ඒකය වෙනස.
ඒ වෙනස ඉතාම වැදගත් වෙනසක්ය. අර තට්ට වහන්සේලා කියනා ඉලව් බණ වලට වඩා අවුල, ඒ බණ හිස් මුදුනින් පිළිගැනීමය.
බණ්ඩා වැනි උන් ලියන දේවල් ප්‍රශ්න කිරීමට ලක්වන විදියටම, බණ වාරයක් අවසනයේදී හාමුදුරුවන්ගෙන් උපාසක උපාසිකාවන් ප්‍රශ්න කරන දවසක් උදා වුනොත්, එතැනම ප්‍රශ්නය විසඳී අවසන්ය. එසේ නොවීම නිසාය මේ භික්ෂූ වයිරසය සමාජයේ ඔලු දිගින් දිගටම විනාශ කරමින් සිටින්නේ.
මේ බණ සුපර්ස්ටාර්ලා දැන් කරන්නේ බුදු වදන පතුරවන බුද්ධ පුත්‍රයන්ගේ කාර්යභාරයක් නොවේ. කල් ඉකුත්වී එක තැන පල් වෙන ආකල්ප රැකීම තම රැකියාව කරගත් සංස්කෘතික හමුදාවක් ලෙසය, මුන් කටයුතු කරන්නේ.
බණ්ඩාට ඇති පරහ එයයි.
ඕනෑම රටක, සමාජයක, සංස්කෘතියක ආකල්ප නිර්වචනය කිරීමේ පුරෝගාමීන් ලෙස පූජ්‍යය පක්ෂය කටයුතු කරයිද, ඒ සමාජය එක තැනම පල් වන ප්‍රගතශීලී බවින් තොර අනුගත වීමම උත්කර්ෂවත් කරනා ලෝකය සමඟ ඉදිරියට නොයන පසුගාමී සමාජයක් වනු ඇති බව බණ්ඩාගේ හැඟීමයි.
මේවා නොතේරෙන කල් බණ්ඩාගේ ගේ ඉස්සරහා ගසා ඇති පෝස්ටරය වගේ පෝස්ටර් බලා සුදුවතින් සැරසී පන්සල් ගොස්, අහවල් හාමුදුරුවන්ගේ සුමදුර බණ ශ්‍රවණය කොට, බණ අසන්නට පෙර තිබූ මැටි ඔලුවම රැගෙන ආපසු ගෙදර යන චූන් වූ මැට්ටන් පිරිසකගෙන් අපේ සමාජය සමන්විත වනු ඇති බව බණ්ඩාට සිතෙන්නේය.
.
.
.
- ජේමිස් බණ්ඩා

Mamath mulumaninma obe adahas walata ekangayi! Aduwakata thiyenne undala thaman nodanna rajya palanayatath angili gahana hati sandahan noweemayi!
ReplyDelete//එයට හේතුව බණ්ඩා භික්ෂූන් වහන්සේලාව දකින්නේ ලාංකීය සමාජය වෙළා ගත් පිළිකාවක් විදියට නිසාය.// සහතික ඇත්ත!
ReplyDelete///බණ්ඩා වැනි උන් ලියන දේවල් ප්‍රශ්න කිරීමට ලක්වන විදියටම, බණ වාරයක් අවසනයේදී හාමුදුරුවන්ගෙන් උපාසක උපාසිකාවන් ප්‍රශ්න කරන දවසක් උදා වුනොත්, එතැනම ප්‍රශ්නය විසඳී අවසන්ය. ///
ReplyDelete+++++++++++++++++++++++++++++++++++++
// දෙපැත්ත කැපෙන විහිලු, ජීවන අත්දැකීම්, ආගිය කතා වැනි දේ ඇසුරෙන් පවුල් කෑමෙන් පටන්ගෙන ගැහැණු ළමුන් ඇඳුම් පැළඳුමෙන් සැරසිය යුතු ආකාරය දක්වා ඔවදන් දෙමින් අසන්නන් චූන් කිරීමය, බණ කීම ලෙස හැඳින්වෙන්නේ.// ඒ බණ අහල සෝවාන් වෙලා හිස කෙලින් තියාගෙන බිම බලාගෙන ඇවිදින අනුන්ටත් එහෙම වෙන්න උපදෙස් දෙන අපි වගේ උන්ට පෙර පව් නිසා එහෙම වෙන්න බැරි එක ගැන කණගාටු වෙන උපාසක උන්දලාත් ඉන්නවා හිටන්.. :))))
ReplyDelete