කරුමෙකටද කොහෙද හම්බුන යාලුවෙක් ඉන්නවා. මූ යාලුවෙක් කිව්වට උගෙයි මගෙයි අතර තියෙන්නේ 'ඉට්ස් කම්ප්ලිකේටඩ්' මට්ටමේ යාලුකමක්.
මම ඌව ඇත්තට හම්බෙලා නෑ. දැකලා නැහැ. පෙනුම මොන වගේද කියලා දන්නේ නෑ. කොටින්ම උගේ නමවත් දන්නෙ නෑ.
මේක විසි එක්වන සියවසේ යාලුකමක්. අන්තර්ජාතික...නෙමේ.. අන්තර්ජාල යාලුකමක්.
කවදාවත් හම්බෙලා නැති, කවදාවත් හම්බවෙන්නෙත් නැති ඌ මගේ බොක්කක්. නිකම්ම නිකන් බොක්කක් නෙමෙයි බුදුම බුදු බොක්කක්.
හැමදාම උගෙයි මගෙයි කතාවල් (හෙවත් චැට්) ඉවර වෙන විදියේ පොඩි අවුලක් තිබ්බා. අවුල ඌට නෙමෙයි, මට.
අවුල තේරෙයි ඒ ඉවර වෙන විදිය කියෙව්වොත්,
මම - අඩෝ, මම කැපෙනවා එහෙනම්.
ඌ - එල මචෝ. පස්සෙ වෙලාවක චැටකට සෙට් වෙමු.
මම- අම්බානට බඩිගිනියි බන්, කෑවෙත් නෑ තාම. මම ගියා ඒනම්
ඌ - පල පල.. ගිහින් කාපන්.. ගෑණි උයපු කෑම
මම - ගෑණි නෙමේ යකෝ.. අම්මා.. අද මහ ගෙදර ඉන්නෙ
ඌ - කවුරු වුනත් එකයි යකෝ. කොච්චර පොර ටෝක් දුන්නත් කන්නේ ගෑණු උයන කෑම. ඇයි උඹට උඹ කන ඒවා උයාගන්න බැයිද?
මම - පල *ත්තෝ යන්න. මම කැපුනා. බඩිගිනියි
ඌ - එල. පස්සෙ සෙට් වෙමු.
ඌ - එල මචෝ. පස්සෙ වෙලාවක චැටකට සෙට් වෙමු.
මම- අම්බානට බඩිගිනියි බන්, කෑවෙත් නෑ තාම. මම ගියා ඒනම්
ඌ - පල පල.. ගිහින් කාපන්.. ගෑණි උයපු කෑම
මම - ගෑණි නෙමේ යකෝ.. අම්මා.. අද මහ ගෙදර ඉන්නෙ
ඌ - කවුරු වුනත් එකයි යකෝ. කොච්චර පොර ටෝක් දුන්නත් කන්නේ ගෑණු උයන කෑම. ඇයි උඹට උඹ කන ඒවා උයාගන්න බැයිද?
මම - පල *ත්තෝ යන්න. මම කැපුනා. බඩිගිනියි
ඌ - එල. පස්සෙ සෙට් වෙමු.
ඔන්න ඔය වගේ දෙබසකිනුයි කතාබහ අහවර වෙන්නේ හැමදාම වගේ.
"ගෑණි උයපු කෑම. අම්මා උයපු කෑම"
අවාසනාවට ඌ කියන්නේ ඇත්ත කතාවක්. ඇයි මට මම කන කෑම උයාගෙන කන්න බැරි? අඩුම ගානේ නෝනා මහත්තයා එක්ක කෑම උයන වැඩේ බෙදාගෙනවත් කරන්න බැරි?
මොකද ගෙදර ජීවත් වෙන්නේ අපි දෙන්නම.. අනිත් වැඩ කරන්නේත් අපි දෙන්නම.. ඇයි උයන එක විතරක් දෙන්නගෙන් එක්කෙනෙක් කරන්නේ?
අර මූසලයා මගේ ඔලුවට දාපු කතාව දැන් මාස ගානක් තිස්සේ ඔලුවේ වැඩ..
කෝමෙන් කෝම හරි අද ආවා වයිපරේ වැඩ ඇරිලා ගෙදර.. කිසි දවසක තේකක්වත් හදලා නැති, හදන්න දන්නේත් නැති මම තීරණය කලා වයිපරෙත් එක්ක උයන්න, එකට.. දෙන්නම එකතු වෙලා..
පැයක් විතර ගියා. දෙන්නට කන්න ජාති හතරයි බතුයි.
අද අර මගේ කාලකණ්ණි (හොඳම) යාලුවට පිං සිද්ධ වෙන්න තිබ්බා උයන්න පුරුදු වෙන එකේ පළවෙනි පියවර.
මටත් උයලා ඉවර වුනයින් පස්සේ දැනුනේ මාර සතුටක්.
අර ඇමරිකල් පිල්ම් වල පෙන්නන්නේ ජීවිතේ පලවෙනි පාරට ස්කයි ඩයිවින් කරලා පොළවට ලෑන්ඩ් කරපුවාම ඒ මිනිස්සු සතුටින් ඉපිළෙන හැටි..
අන්න ඒ වගේ සතුටක්.. ජීවිතේ පළවෙනි පාරට.. ගෙදරම තිබ්බ කුස්සියට ගිහින්.. මගේ ප්‍රියම්භිකාවියට උයන්න උදව් කල සතුට..
සතුට හොය හොය හතර අතේ දිව්වට ගෙදර කුස්සියෙත් තිබිලනේ යකෝ සතුට .
මෙච්චර කල් මම නොදැක්කට..
ඔව් ඉතින් දකින්න කුස්සිය පැත්ත පලාතෙ යන්න එපායැ.
මේ වගේ යාලුවෝ ආශ්‍රය කලාම වෙන්නේ මේ වගේ අනපේක්ෂිත දේවල් තමා. මේවා අපිට හොඳ පාඩම් !
ප/ලි - කුස්සියට ගොස් ප්‍රියම්භිකාවියට උයන්න උදව් වීම සහ ඊයේට යෙදුනු ලෝක කාන්තාදිනයද මොකක්ද අහවල් එක අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව සලකනු මැනවි.
No comments:
Post a Comment