Monday, July 4, 2016

මදුරු බැට් !



ඔය පින්තූරෙ තියෙන්නෙ අපේ ගෙදර තියෙන මදුරු බැට් එක. වැඩිය නෑ රුපියල් 800 යි. හතර අතේ වනන්න තියෙන්නෙ මදුරුවන්ට ඔන් ද ස්පොට් බඩු පැකට් වෙනවා "කිරිස්" "කිරිස්" ගාලා... මදුරු කරදරේ නිසා මලපැන්න වෙලාවල්වල මමත් මේකෙන් මදුරුවො සෑහෙන ප්‍රමාණයකට ස්වර්ගස්ථ වෙන්න මාර්ගය හදල දීලා තියෙනවා.

වැදුන ගමන් මදුරුවාව රෝස් පාන් වගේ රෝස්ම වෙලා යනව සැක තියාගන්න එපා බොරු නෙමේ මේ ගල් පැලෙන ඇත්ත.

නෑ නෑ... එහෙම කලා කියල තමාගේ ෆේස් බුක් සත්ව හිංසා කැම්පේන් වලට හානියක් වෙන්නෙ එහෙම නෑ. දඬු ලේන්නු වෙනුවන් කතා කරන්න.. පෙරහැරේ අලි වෙනුවෙන් හඬ නඟන්න.. දුක, වේදනාව, හැඟීම් දැනීම් තියෙන සත්තුන්ව ගෘහාශ්‍රිත සහ නොවන කියල දෙකොටසකට බෙදලා ඉන් එක ජාතියකගෙ මස් බඩේ තියාගෙන අනිත් ජාතිය වෙනුවෙන් කඳුළු සලන්න බැරි වෙන්නෙත් නෑ.

මදුරු බැට් එකෙන් මදුරුවො මරද්දි හෙන ආතලුත් එක්ක! (මස් කද්දි දිවට දැනෙන ආතල් එක වගෙම තමයි)

කුකුල් මස් කාලා ෆේස් බුක් ඇවිත් දඬුලේන්නු වෙනුවෙන් අඬලා.. දඬුලේන්නු මරපු උන්ව අල්ලලා දීලා යුක්තිය ඉෂ්ඨ කරන්න දායක වෙලා රෑට නිදාගන්න කලින් "මදුරු බැට්" එකෙන් මදුරුවන් දහ පාලොස් දෙනෙක්ට වැඩේ දීලම නින්දට යන්න පුළුවන්.

දැන් මේ දවස් වල ලොකු කතාවක් යනවනෙ සත්තු මරණ සීන් එක ගැන. එහෙම කියල මදුරු බැට් එක නොගෙන හෙම ඉන්නෙපා..

ඒක ගැනත් වචනයක් කියන්නම්කො

අපි මස් කන්න ආසයි.. මස් හරිම රසයි.. අපිට බෑ මස් කන එක නවත්තන්න.. ඒ අස්සෙ අපිට ඕන අපි හරි දේ කරන්නෙ කියල හිත හදාගන්නත්..!

දැන් ඕකනෙ ප්‍රශ්නෙ.

සරලව කියනව නම් තමා හොඳ මිනිහා වෙන්නනෙ ඕන

බය වෙන්න එපා. අන්තිමට මොන වැඩේ කලත් ඔයා කරන දේ "හරි" කියල තමා උත්තරේ එන්නෙ. හිතද්දි තර්කනය පොඩ්ඩක් ඩිස්මිස් කරන්න විතරයි තියෙන්නෙ.. ඔව් ඔව්.. තම තමා කැමති විදියට..

මම නම් හොඳ මිනිහෙක් නෙමේ. මම නම් නොම්බර එකේ කුහකයෙක්. මදුරු බැට් එකෙන්  මම මදුරුවො මරනව. කාලෙකට මස් කනවා.. ආයෙ වෙජිටේරියන් වෙනව.. ආයෙ වීගන් වෙනව.. ආයෙ මස් කනවා.. ආයෙ වෙජිටේරියන්..ආයෙ වීගන්..ඕක තමා මගේ චක්කරේ..

මටත් මස් කන එක නවත්තන්න මාර අමාරුයි (විශේෂයෙන් ෂොට් එකක් හෙම දාද්දි බයිට් ඕන වෙද්දි)

ඒක වෙනම කතාවක්.. මම කියන්න ගියෙ මේ කරුමෙකටද කොහෙද මම මේවා ගැන හිතද්දි මගේ ආසාවල් පැත්තක තියල හිතන්නෙ. ඉතින් අර සූත්තරේ දැම්මාම ඕගොල්ලන්ට වගේ නෙමේ, මට එන්නේ "උඹ මහා කුහකයෙක්.. කොච්චර තර්ක කලත් මස් කන එක වැරදියි බූරුවො" වගේ උත්තරයක්.

කමක් නෑ.. මම හැරෙන්න අනිත් ඔක්කොම හොඳ මිනිස්සුනෙ.ඒ මදෑ. අන්තිමට හැමෝම කරන්නේ තමා 'හරි' කියල හිතන දේ කියල උත්තරේ එනවනෙ.

මම නම් මම වැරදියි කියල හිතන.. මම වැරදියි කියල දන්න දේවලුත් කරනවා ඕන තරම්. ඒකයි මම කිව්වෙ මම නොම්බර එකේ කුහකයෙක් කියල (ඕකට සිංහලෙන් කියන්නෙ hypocrite කියල)

උඹල හොඳ මිනිස්සුනෙ. එච්චරයි ඕන.

ගන්න.. මදුරු කරදරේට මදුරු බැට්..
කන්න.. දිවට රසට ඕන මසක් ! ආ.. වැරදුනා.. ගෘහාශ්‍රිත සත්තු සහ නම් කරන ලද සතුන් හැර ඕන මසක් !

තෙරුවන් සරණයි. (සියලු සත්වයෝ නිදුක් වෙත්වා)

ප/ලි -

[1]. කරුමෙ කිව්වෙ මට මම ගැන එහෙම හිතෙන එක. නැත්නම් උඹල වගේ හිත හදාගෙන මස් ටික කන්න තිබ්බා

[2]ආ.. තව එකක් අපේ ගෙදර හතර මායමට "හරක් මස්" වද්දගන්නෙත් නෑ. තාත්තා කැමති නෑ. අකමැති හේතුව දන්නෙ උන්දැම තමා

14 comments:

  1. මෙතන ඇත්තටම තියෙන්නෙ political correctness එක ගැන ප්‍රශ්ණයක්. තවදුරටත් නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න බැරි තරමට ඕක ඔඩුදුවා ගිහින් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. political correctness එක ගැන ප්‍රශ්ණයක් කිව්වෙ? පොඩ්ඩක් පැහැදිළි කලානං :)

      Delete
    2. ඒක මෙහෙමයි. දැන් අපි ටික ටික අන්තවාදයක් කරා ඇදෙමින් තියෙනවා අපට නොදැනිම. අපි පොඩි කාලෙ පංසලේ බුද්ධ පූජාව හොරෙන් කෑවා , කාගෙ හරි වත්තකට පැනලා කුරුම්බා හොරෙන් කැඩුවා කිව්වොත්, එතකොට වඳුරු මස් කෑවා කිව්වොත්, මාලු ඇල්ලුවා කිව්වොත් ඒවා නිකම්ම කොලුකම් හැටියට ගනං ගන්නෙ. කවුරුවත් ඕක පස්සෙ පන්නන්නෙ නෑ. නමුත් දැන් උඹ ඕක Facebook එකේ දැම්මයි කියහංකො. උඹට වදිනව ගල්මුල් වගේම මල් පොකුරුත්. ඒක එතනින් ඉවර නෑන් දැන් අවුරුද්දකට පස්සෙ උඹ post එකක් share කරනවා කියහංකො චීනෙ බල්ලො කන උත්සවේට විරුද්දව. ඔන්න කෙල වෙන තැන. එතකොට අනිත් උන් උඹට කියනවා උඹ එහෙම කිව්වට උඹ පොඩි කාලෙ මාලු ඇල්ලුවා නේද? මාලුව සතෙක් නෙවෙයිද? ඔන්න ඔය වගෙ. අන්න කර්මය පස්සෙන් එනවා. Karma is a bitch කියන්නෙ ඕකට.

      Delete
    3. මුහුණු පොත කියන වර්චුවල් රියැලිටියෙදි හැමදේම/හැම කෙනාවම විනිශ්චයට ලක් වෙනව කියන එක නම් ඇත්ත. එතනදි මිනිස්සුන්ගෙ අදහස්, හැසිරීම් සැබෑ ලෝකයට වඩා සෘජු ප්‍රශ්න කිරීමට ලක් වෙනව.

      කර්මය නම් උඹ කියල තියෙන අර්ථයෙන් ක්‍රියා කරනවද කියන එක ප්‍රශ්නයක්. ඒක කොහොමත් වෙනම කතාවක්.

      නමුත් කුකුල් මස් කකා පෙරහැරේ අලි ගෙනියන එකට කඳුළු සලද්දි කුකුල්මස් කන එක ප්‍රශ්න කෙරෙන එක සාධාරණයි. නමුත් ඒ ප්‍රශ්න කිරීම කර්මය කියල හඳුන්වන එක නිවැරදිද කියන එක ප්‍රශ්නයක්

      Delete
  2. //සත්ව අවිහිංසාවාදීන්ට කුකුළා සතෙකු බව අමතකව ඇත.....,ඌරා සතෙකු බව අමතකව ඇත....,එළුවා සතෙකු බව අමතකව ඇත....,හරකා බාගෙට සතෙකි....,
    එහෙත් මුවාද , මීමින්නාද , ඉත්තෑවාද සත්තුය...උන් නොමැරිය යුතුය...ජීවත් වීමට අයිතිය ඇත්තේ මුන්ටය.....
    කොහොම උනත් අර කව්ද කියල තිබ්බ වගේ රසම සතා ඉත්තෑවාය...ඊලඟ ගෝනය...//

    මගේ මුහුනු පොතේ සටහනක්...

    ReplyDelete
    Replies
    1. මම නම්ඕ කැමති ඕක ජීවත්වීමේ අයිතිය කියනවට වඩා ජීවත් වන්නන්ගේ සදාචාරය කියල හඳුන්වන්න

      Delete
  3. සතුන් කෑමට මරණ එක නෙමෙයි නවත්වන්න ඕනෙ. කෑලෑ සතුන් (වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති ) මරණ එක සහ මසට ඇති කරන සතුන් අනවශ්‍ය විදිහට වේදනාකාරීව මැරීමයි නවත්වන්න ඕනෙ.
    ඒ සඳහා දඩයම් කිරීම තහනම් සතුන් මරන්නන්ට දඬුවම් කිරීම හා ගොවිපලවල ඇති කරන සතුන් සඳහා නවීන කර්ම භාවිතාකරන ඝාතනාගාර හඳුන්වාදීම කල යුතුයි

    ReplyDelete
    Replies
    1. සතුන් කෑමට මරණ එකේ හරි වැරැද්දයි විනෝදයට මරණ එකේ හරි වැරැද්දයි වෙන වෙනම කතා කරන්න ඕන. මම නම් දෙකටම විරුද්ධයි. මේ ගැන ඇති තරම් ලියල තියෙන නිසා දැන් ලියලම ඇති වෙලා වගේ දැනෙන්නෙ

      Delete
  4. කුමන මානව ක්‍රියාකාරිත්වය වුනත්, සත්ව ඝාතනයක් සඳහා හේතුවක් වෙන්න පුළුවන්. ගහකින් කොස් ගෙඩියක් කැඩුවත් බිම ඉන්න කුඩා සත්තු මැරෙන්න පුලුවන් කොස් ගෙඩිය වැටීම නිසා. නමුත් මෙතනදී චේතනාව සතුන් මැරීම නොවන නිසා අකුසලයක් නැහැ. ඇඟේ වහපු මදුරුවට පහරක් එල්ල කිරීම සිල් අරගෙන ඉන්න අයගෙනුත් සිදුවෙනවා. එතැනදී නම් අකුසලයක් වෙනවා.

    බොරු සිල්, හොර උපාසක කම්, බොරු සදාචාරය පෙන්වීම නම්, මිනීමැරීමටත් වඩා පව්කාර වැඩක්.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ මේ ගැන සාකච්ඡා කරනව නම් ආගමික පදනමින් බැහැරවයි සාකච්ඡා කරන්න ඕන. මොකද ආගමික සූත්තර දැම්මොත් සාකච්ඡා කරන්න දෙයක් ඉතුරු වෙන්නෙ නැති නිසා.

      Delete
  5. බොන ගමන් මස් කට්ටක් හප හපා හිතන්න ඕනේ ප්‍රශ්නයක් තමයි......

    ඕකත් එක්තරා විදිහකට ලෝක දැක්ම පිලිබද ප්‍රශ්ණයක් වගේ.....

    මුලු ලෝකේම තියේන්නේ තමුන්ට සැප විදින්නයි කියලා හිතාගෙන වැඩ කරන් කොට සතෙක්ගේ ජීවීතේ කියන්නේ එච්චර හිතන්න දෙයක් නෙවෙයි...

    ඒත් තමුනුත් ලෝකේම කොටසක් විතරයි කියලා හිතුවම අනෙක් සතාටත් තමන්ට ඒ ලෝකේ තියෙන අයිතියම තියෙනවා කියලා හිතෙනවා...ඒතකොට අපිට වගේම ඒ සතාගේ ජීවීතයටත් වටිනාකමක් දෙන්න වෙනවා

    ඔය දෙකෙන් මං නං කැමති දෙවෙනි එකට.......මං හිතනවා එහෙම හිතුවම මට සතුටින් ඉන්න පුලුවන් කියලා.....ඇත්තම කිව්ව්වොත් මට සතුටින් ඉන්න ඕනා හින්දා මං අනිත් අයගේ සතුටට බධා නොකරනවා වගේ වැඩක් ඒක. ඒ උනාට මගේ සතුටට බධා කරන්න ආවොත් ඉතින් මේ තියරි වල ව්‍යාතිරේක තියෙන බව ත් ඉතින් කියන්නම ඕනේ නෑනේ....

    ReplyDelete
    Replies
    1. ඔය "තමාගෙ සතුට" කතාව අපේ මිත්‍ර රිටිගල ජයසේන කිහිපවාරයක් කියනව මම අහල තියෙනව. අපි කෙනෙක් වෙනුවෙන් දිවිපිදුවත් එතන අන්තිමේදි මුල් වෙලා තියෙන්නෙ ඔය තමාගෙ සතුට කියන එක. ඒ අතින් බැලුවම පරාර්ථකාමි ක්‍රියා කියල දෙයක් තියෙනවද කියන ප්‍රශ්නෙත් මතුවෙනව. මොනව වුනත් උ‍ඹ කියල තියෙන කතාව නම් හරි..

      Delete
  6. ඕනෑම දෙයක් තහනම් කලහම හොරෙන් කරන්ටම හිතෙනව. මෙහේ වල් ඌරු මස් විකුනන්නත් තියෙනව. වෙන්බ්ලි පැත්තට ගියහම රෙස්ටෝරන්ට් එකටම ගිහිල්ල මුව මස් කෑල්ලක් එක්ක බියර් එකක් ගහල එන්ට පුළුවන්. ඔතන තියෙන්නෙ බන් සිස්ටම් එකෙයි තියරියෙයි තියෙන අවුලක්. බිස්නස් එකට කැලේ සත්තුටිකට කැලේ ඉන්න දීල ෆාර්ම් වල වල් ඌරො මුවෝ ඇතිකලානම්?

    ReplyDelete
    Replies
    1. කොච්චර කිව්වත් මස් වල රහට පොඩි කාලෙ ඉඳල පුරුදු වෙලා ඉන්න අපිට මස් කන එක අත අරින එක ලේසි වැඩක් නෙමේ බං

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...