Showing posts with label සත්ව (අවි)හිංසාව. Show all posts
Showing posts with label සත්ව (අවි)හිංසාව. Show all posts
Monday, July 4, 2016
මදුරු බැට් !
ඔය පින්තූරෙ තියෙන්නෙ අපේ ගෙදර තියෙන මදුරු බැට් එක. වැඩිය නෑ රුපියල් 800 යි. හතර අතේ වනන්න තියෙන්නෙ මදුරුවන්ට ඔන් ද ස්පොට් බඩු පැකට් වෙනවා "කිරිස්" "කිරිස්" ගාලා... මදුරු කරදරේ නිසා මලපැන්න වෙලාවල්වල මමත් මේකෙන් මදුරුවො සෑහෙන ප්‍රමාණයකට ස්වර්ගස්ථ වෙන්න මාර්ගය හදල දීලා තියෙනවා.
වැදුන ගමන් මදුරුවාව රෝස් පාන් වගේ රෝස්ම වෙලා යනව සැක තියාගන්න එපා බොරු නෙමේ මේ ගල් පැලෙන ඇත්ත.
නෑ නෑ... එහෙම කලා කියල තමාගේ ෆේස් බුක් සත්ව හිංසා කැම්පේන් වලට හානියක් වෙන්නෙ එහෙම නෑ. දඬු ලේන්නු වෙනුවන් කතා කරන්න.. පෙරහැරේ අලි වෙනුවෙන් හඬ නඟන්න.. දුක, වේදනාව, හැඟීම් දැනීම් තියෙන සත්තුන්ව ගෘහාශ්‍රිත සහ නොවන කියල දෙකොටසකට බෙදලා ඉන් එක ජාතියකගෙ මස් බඩේ තියාගෙන අනිත් ජාතිය වෙනුවෙන් කඳුළු සලන්න බැරි වෙන්නෙත් නෑ.
මදුරු බැට් එකෙන් මදුරුවො මරද්දි හෙන ආතලුත් එක්ක! (මස් කද්දි දිවට දැනෙන ආතල් එක වගෙම තමයි)
කුකුල් මස් කාලා ෆේස් බුක් ඇවිත් දඬුලේන්නු වෙනුවෙන් අඬලා.. දඬුලේන්නු මරපු උන්ව අල්ලලා දීලා යුක්තිය ඉෂ්ඨ කරන්න දායක වෙලා රෑට නිදාගන්න කලින් "මදුරු බැට්" එකෙන් මදුරුවන් දහ පාලොස් දෙනෙක්ට වැඩේ දීලම නින්දට යන්න පුළුවන්.
දැන් මේ දවස් වල ලොකු කතාවක් යනවනෙ සත්තු මරණ සීන් එක ගැන. එහෙම කියල මදුරු බැට් එක නොගෙන හෙම ඉන්නෙපා..
ඒක ගැනත් වචනයක් කියන්නම්කො
අපි මස් කන්න ආසයි.. මස් හරිම රසයි.. අපිට බෑ මස් කන එක නවත්තන්න.. ඒ අස්සෙ අපිට ඕන අපි හරි දේ කරන්නෙ කියල හිත හදාගන්නත්..!
දැන් ඕකනෙ ප්‍රශ්නෙ.
සරලව කියනව නම් තමා හොඳ මිනිහා වෙන්නනෙ ඕන
බය වෙන්න එපා. අන්තිමට මොන වැඩේ කලත් ඔයා කරන දේ "හරි" කියල තමා උත්තරේ එන්නෙ. හිතද්දි තර්කනය පොඩ්ඩක් ඩිස්මිස් කරන්න විතරයි තියෙන්නෙ.. ඔව් ඔව්.. තම තමා කැමති විදියට..
මම නම් හොඳ මිනිහෙක් නෙමේ. මම නම් නොම්බර එකේ කුහකයෙක්. මදුරු බැට් එකෙන් මම මදුරුවො මරනව. කාලෙකට මස් කනවා.. ආයෙ වෙජිටේරියන් වෙනව.. ආයෙ වීගන් වෙනව.. ආයෙ මස් කනවා.. ආයෙ වෙජිටේරියන්..ආයෙ වීගන්..ඕක තමා මගේ චක්කරේ..
මටත් මස් කන එක නවත්තන්න මාර අමාරුයි (විශේෂයෙන් ෂොට් එකක් හෙම දාද්දි බයිට් ඕන වෙද්දි)
ඒක වෙනම කතාවක්.. මම කියන්න ගියෙ මේ කරුමෙකටද කොහෙද මම මේවා ගැන හිතද්දි මගේ ආසාවල් පැත්තක තියල හිතන්නෙ. ඉතින් අර සූත්තරේ දැම්මාම ඕගොල්ලන්ට වගේ නෙමේ, මට එන්නේ "උඹ මහා කුහකයෙක්.. කොච්චර තර්ක කලත් මස් කන එක වැරදියි බූරුවො" වගේ උත්තරයක්.
කමක් නෑ.. මම හැරෙන්න අනිත් ඔක්කොම හොඳ මිනිස්සුනෙ.ඒ මදෑ. අන්තිමට හැමෝම කරන්නේ තමා 'හරි' කියල හිතන දේ කියල උත්තරේ එනවනෙ.
මම නම් මම වැරදියි කියල හිතන.. මම වැරදියි කියල දන්න දේවලුත් කරනවා ඕන තරම්. ඒකයි මම කිව්වෙ මම නොම්බර එකේ කුහකයෙක් කියල (ඕකට සිංහලෙන් කියන්නෙ hypocrite කියල)
උඹල හොඳ මිනිස්සුනෙ. එච්චරයි ඕන.
ගන්න.. මදුරු කරදරේට මදුරු බැට්..
කන්න.. දිවට රසට ඕන මසක් ! ආ.. වැරදුනා.. ගෘහාශ්‍රිත සත්තු සහ නම් කරන ලද සතුන් හැර ඕන මසක් !
තෙරුවන් සරණයි. (සියලු සත්වයෝ නිදුක් වෙත්වා)
ප/ලි -
[1]. කරුමෙ කිව්වෙ මට මම ගැන එහෙම හිතෙන එක. නැත්නම් උඹල වගේ හිත හදාගෙන මස් ටික කන්න තිබ්බා
[2]ආ.. තව එකක් අපේ ගෙදර හතර මායමට "හරක් මස්" වද්දගන්නෙත් නෑ. තාත්තා කැමති නෑ. අකමැති හේතුව දන්නෙ උන්දැම තමා
Subscribe to:
Posts (Atom)
බුදුන් මැරීම
“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...

-
“කලාකාරයෝ කියන්නේ හරිම සංවේදී මිනිස්සු” ඒ කලාකරුවන්ගේ මුවින් නිතරම පිටවන වදන් පෙළකි. "අපි කලාව විකුණනෙ නෑ, මම කලාව කරන්නේ ම...
-
මෙය නිතර ඇසෙන ප්රශ්නයකි. මුලින්ම තේරුම් ගත යුත්තේ ලෝකයේ තේරුමක් ඇති ප්රශ්න සහ තේරුමක් නැති ප්රශ්න යනුවෙන් ප්රශ්න වර්ග දෙකක් ඇති බව...
-
මනුෂ්යයයෙකු සුළු දිය පහකරන්නේ සිට ගෙනද නැතිනම් ඉදගෙනද යන්න මත එම තැනැත්තාව උසස් හෝ පහත් ලෙස වෙන් කිරීම ඉතාමත් ප්රාථමික බෙදීමක් යැයි බ්ලොග්...
-
පොදුවේ මිනිස්සු අනිත් අය ගැන හිතන්න, අනිත් අයට උදව් කරන්න කැමති තමන්ගේ පැවැත්මට බලපෑමක් නොවන මට්ටමින් විතරයි. KFC එකට රෑ කෑමකට යන පවුලක...
-
ලසිත් මාලිංග කියන්නේ වෘතිය මට්ටමේ ක්රිකට් ක්රීඩකයෙක්. සිංහලෙන්ම කියනව නම් රස්සාවට ක්රිකට් ගහන මනුස්සයෙක්. ඒ මනුස්සයා (ඇතුළු රස්සාවට...