කතරගම වන්දනාවේ යමින් හිටි බස් එකක් ත්‍රීවීල් එකක ගැටිල මාරක රිය අනතුරක් වුනාය කියල නිවුස් වල දැක්කා.
ඒ එක්කම මට මතක් වුනේ මම කතරගම ගිය අන්තිම වතාවෙ ඔය වගේම අනතුරක් ගැන මගේ නැන්දා කියපු දෙයක්
"කතරගම යද්දි කට වරද්ද ගන්න හොඳ නෑ.. අනිවාර්‍යෙන් ඔය කට්ටිය කට වරද්දගන්න ඇති ඔහොම දෙයක් වෙන්න"
මට ඒ කතාව ඇහුනම මතක් වුනේ ඔය කාරණාව ගැන උපුල් ශාන්ත සන්නස්ගල කිව්ව කතාවක්. මට මතක විදියට මෙන්න මෙහෙම දෙයක් ඔහු කිව්වේ..
"කඳුකර පලාතක බස් එකක මිනිස්සු පිරිසක් වන්දනා ගමනක යනව කියල හිතන්න. එකපාරම නොහිතූ විදියට බස් එක අනතුරකට ලක් වෙලා බස් එක පෙරලෙනවා හෙලකට.. දැන් මෙහෙම පෙරලෙද්දි බස් එකේ මිනිස්සු පොඩි වෙලා, චප්ප වෙලා මැරෙනවා කියල හිතන්න. ඔය අතරේ බස් එකේ හිටිය පොඩි ළමයෙක් ජනේලයකින් එළියට විසිවෙලා පඳුරක හිර වෙනවා. ඒ නිසා ඒ ළමයාගේ ජීවිතය බේරගන්න ලැබෙනවා. ඔය සිද්ධිය ගැන අහන අය කියයි කට වරද්ද ගත්ත හින්දයි ඔය අනතුර වුනේ.. ළමයාගේ පිනට ළමයා බේරුනාය කියල...."
".. දැන් ආයෙම හිතන්න ඔය පලාතටම යනව කියල ජම්බෝල පිරිච්ච ලොරියක්. ඒ ලොරියත් කලින් බස් එක වගේම අනතුරට ලක් වෙලා අර හෙලින්ම පෙරලෙනව. දැන් මෙහෙම පෙරලෙද්දි ලොරියෙ තිබ්බ ජම්බෝල ගෙඩි ටික පොඩි වෙලා, චප්ප වෙලා විනාශ වෙලා යනව කියල හිතන්න. ඒත් මේ පාර ළමයෙක් වෙනුවට ජම්බෝල ගෙඩියක් ජනේලයෙන් එළියට විසිවෙලා පඳුරක හිරවෙනවා කියල හිතන්න..
දැන් ඒ අනිත් ජම්බෝල ගෙඩි විනාස වුනේ ඒවා වන්දනා ගමන යන අතරතුර කට වරද්ද ගත්ත නිසාද. අනිත් ජම්බෝල ගෙඩිය බේරුනේ ඒ ජම්බෝල ගෙඩියෙ පින නිසාද?"
ඔන්න ඕකයි කතාව
Subscribe to:
Post Comments (Atom)
බුදුන් මැරීම
“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...
-
“කලාකාරයෝ කියන්නේ හරිම සංවේදී මිනිස්සු” ඒ කලාකරුවන්ගේ මුවින් නිතරම පිටවන වදන් පෙළකි. "අපි කලාව විකුණනෙ නෑ, මම කලාව කරන්නේ ම...
-
මෙය නිතර ඇසෙන ප්රශ්නයකි. මුලින්ම තේරුම් ගත යුත්තේ ලෝකයේ තේරුමක් ඇති ප්රශ්න සහ තේරුමක් නැති ප්රශ්න යනුවෙන් ප්රශ්න වර්ග දෙකක් ඇති බව...
-
ලසිත් මාලිංග කියන්නේ වෘතිය මට්ටමේ ක්රිකට් ක්රීඩකයෙක්. සිංහලෙන්ම කියනව නම් රස්සාවට ක්රිකට් ගහන මනුස්සයෙක්. ඒ මනුස්සයා (ඇතුළු රස්සාවට...
-
පොදුවේ මිනිස්සු අනිත් අය ගැන හිතන්න, අනිත් අයට උදව් කරන්න කැමති තමන්ගේ පැවැත්මට බලපෑමක් නොවන මට්ටමින් විතරයි. KFC එකට රෑ කෑමකට යන පවුලක...
-
මනුෂ්යයයෙකු සුළු දිය පහකරන්නේ සිට ගෙනද නැතිනම් ඉදගෙනද යන්න මත එම තැනැත්තාව උසස් හෝ පහත් ලෙස වෙන් කිරීම ඉතාමත් ප්රාථමික බෙදීමක් යැයි බ්ලොග්...
අතාර්කික විශ්වාස සමග තාර්කිකව තර්ක කල නොහැක. ඔයවගේ දේවල් වීස්වාස කල හැකි අය අපි කියන කිසි දේකින් එය අඩු කරන්නේ නැත. විස්වාසය පදනමක් නැතිව ගොඩ නැගී ඇති නිසා එය බිඳ හෙලිය නොහැක
ReplyDelete