Monday, August 1, 2016
හොඳටම රඟපාන්නෙ කව්ද?
හොඳටම රඟපාන්නෙ කව්ද?
දුලීකා මාරපන හොඳයි?? පිස්සුද බං ඒකි ඕවර් ඇක්ටින්ග්..
ජැක්සන් ඇන්තනි.. සමහර ඒවා හොඳයි.. ඒත් ඌත් ඕවර් ඇක්ටින්ග් නේද?
මේ ඒක නෙමේ. මම ආසම නිලිය චාන්දනී සෙනෙවිරත්න බං.
ලංකාවෙ හොඳට රඟපාන උන් එකෙක් නැද්ද කියලද අහන්නෙ?
ඇයි බං කමල් අද්දරාරච්චි ඉන්නෙ.. තව….මහේන්ද්‍ර පෙරේරා.. හැබැයි මහේන්ද්‍රගෙන් හරියට වැඩක් ගන්න අපේ උන්ට පුළුවන් වුනේ නෑ.. ඌට රඟපාන්න තරම් චිත්‍රපටි, උගේ හැකියාවට හරියන චරිත අපේ රටේ හැදෙන්නෙ නෑ.. ලංකාවෙ ඕල් ටයිම් ග්‍රේටස්ට් නම් ඉතින් ජෝ අබේවික්‍රම තමා ආයෙ කතා දෙකක් නෑ
මොකක්….ෂාරුක් ඛාන්? ඒ පාර ඉන්දියාවට ගියාද?.. ෂාරුක් උගෙ ඕඩියන්ස් එක කොර වෙලා යන්න රඟපාන්න දන්නවා
ඊළඟට සල්මාන්ද? ඌට රඟපාන්න බෑ බං. ඌ ගැන කතා නොකර ඉමු
ආමීර්.. වරදක් නෑ.. උගෙ චිත්‍රපට බලං හරි ඉන්න පුළුවන්
දැන් මම කියන විදියට කාටද හොඳටම රඟපාන්න පුළුවන් කියලද අහන්නෙ?
බලහන් රොබර්ට් ඩී නීරෝගෙ ටැක්සි ඩ්‍රයිවර්.. බ්රැන්ඩෝගෙ ගෝඩ් ෆාදර්.. ඩැනියෙල් ඩේ ලුවිස්ගේ දෙයාර් විල් බී බ්ලඩ්..ඇන්තනි හොප්කිස්ගෙ සයිලන්ස් ඔෆ් දි ලෑම්බ්ස්..අල් පචීනෝගේ සර්පිකෝ.. ඊළඟට උගෙම ඩෝග් ඩේ ආෆ්ටර්නූන්.. එතනින් ගියාම ඩස්ටින් හොෆ්මන්ගේ ලෙනී.. එතනින් ගියාම ජැක් නිකල්සන්ගේ…මොකක්??
මම සුද්දන්ට අදිනවා? නෑ යකෝ.. මම දැක්ක හොඳම ඇක්ටින් ඕවා තමයි
කරුමෙටද කොහෙද උන් ඔක්කොම සුද්දො
ඒකට මං මොනව කරන්නද බොල !
Subscribe to:
Post Comments (Atom)
බුදුන් මැරීම
“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...
-
“කලාකාරයෝ කියන්නේ හරිම සංවේදී මිනිස්සු” ඒ කලාකරුවන්ගේ මුවින් නිතරම පිටවන වදන් පෙළකි. "අපි කලාව විකුණනෙ නෑ, මම කලාව කරන්නේ ම...
-
මෙය නිතර ඇසෙන ප්රශ්නයකි. මුලින්ම තේරුම් ගත යුත්තේ ලෝකයේ තේරුමක් ඇති ප්‍රශ්න සහ තේරුමක් නැති ප්‍රශ්න යනුවෙන් ප්‍රශ්න වර්ග දෙකක් ඇති බව...
-
පොදුවේ මිනිස්සු අනිත් අය ගැන හිතන්න, අනිත් අයට උදව් කරන්න කැමති තමන්ගේ පැවැත්මට බලපෑමක් නොවන මට්ටමින් විතරයි. KFC එකට රෑ කෑමකට යන පවුලක...
-
මනුෂ්‍යයයෙකු සුළු දිය පහකරන්නේ සිට ගෙනද නැතිනම් ඉදගෙනද යන්න මත එම තැනැත්තාව උසස් හෝ පහත් ලෙස වෙන් කිරීම ඉතාමත් ප්‍රාථමික බෙදීමක් යැයි බ්ලොග්...
-
ලසිත් මාලිංග කියන්නේ වෘතිය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සිංහලෙන්ම කියනව නම් රස්සාවට ක්‍රිකට් ගහන මනුස්සයෙක්. ඒ මනුස්සයා (ඇතුළු රස්සාවට...
අපේ සිනමාවෙන් එහාට ගිහින් ලෝක සිනමාව ගැන හොයන්නෙ, නරඹන්නෙ හා නලු නිලියො ගැන දන්නෙ කීයෙන් කී දෙනාද?
ReplyDeleteඒක නම් ඇත්ත බං. ගොඩක් අය බැලුවොත් බලන්න ඇක්ෂන් ෆිල්ම්ස්ම විතරයි
Deleteවැඩිය ඕනෙ නෑ. ඔය හොලිවුඩ් සිනමාවෙ බොළඳ චිත්‍රපටියක ළමා නලුවෙකුගෙගෙ රඟපෑම් බලන්න. රඟපෑමක් කියල හිතෙන්නෙ නෑ. අපේ ප්‍රොෆෙෂනල් මහ නලුවෙකුට වැඩිය කිහිප ගුණයක් හොඳයි. මම හැමදාම තනියෙන් කල්පනා කරන දෙයක් ඕක.
ReplyDeleteහැබැයි බං අපෙත් හොඳ නළුවො නැතුවා නෙමෙයි. වැඩේ කියන්නෙ ඒගොල්ලන්ට ඒ දක්ෂතාවය පෙන්නන්න නිර්මාණ බිහි වෙන්නෙ නැති එක. අපේ චිත්‍රපටි වලට තියෙන මාකට් එක කුඩයි. මහේන්ද්‍ර පෙරේරා වගේ නළුවන්ගෙන් හරි ප්‍රයෝජනය ගත්තේ නෑ කියලයි මට නම් හිතෙන්නෙ
Deleteරොබර්ට් ඩී නීරෝගෙ ටැක්සි ඩ්‍රයිවර් හැදුවේ මචෝ මෙන්න මේක කොපි කරලා
ReplyDeleteහප්පට සිරි එහෙමද? කොහෙන් හරි හොයාගෙන බලන්න ඕන බං
Deleteමහේන්ද්‍ර තමයි මගෙත් එක. වාසනාවට ජය ශ්‍රී ඩබලත් එක්කම බුවාව හම්බ වෙලා තියෙනව. ලඟදි අහන්බෙන් බැලුව "ගොළු තාත්තා" 10/10 මචෝ. බලල නැතිනම් බලපන් "perfume - story of a murderer". 👊🏽
ReplyDelete"perfume - story of a murderer" - මේක නම් බලල තියෙනව. පට්ට ෆිලුම් එක
Delete