Monday, April 2, 2018

මල්ලිගේ පාටිය


අපේ නෑදෑ කෙනෙක් වෙන මල්ලි කෙනෙක් එයාගෙ ගෙදර තියෙන පාටියකට ඉන්වයිට් කලා.

මොකක් හරි සීන් එකක් සමරනව වෙන්න ඇති. ලබන සතියෙලු පාටිය තියෙන්නෙ. පාටිය මහා ඉහළින් ගන්නවලු මල්ලිටයි මල්ලිගෙ පවුලෙ අයටයි තියෙන සතුට නිසා. ගෙදරටම ඇවිත් අනිවාර්යෙන්ම ඔක්කොටම එන්න කියලා කිව්වලු.

නිවාඩු දවසක් හින්දා වෙනසකටත් එක්ක කියල යන්නයි මුලින්ම කල්පනා කලේ. ඒත් පාටිය ඕගනයිස් කරල තියෙන විදිය දැනගත්තමයි තේරුනේ මල්ලි හෙණම කුජීත පොරක් කියල. මාරම කොන්දේසි ටිකක් තමයි මලයා දාලා තියෙන්නෙ පාටියට එන උන්ට..

මල්ලි අපිව හොඳට අඳුරනවා වුනාට පාටියට යද්දි හොඳම ඇඳුම් ඇඳගෙන යන්න ඕනලු. මම කිව්වා මගෙ තියෙන කළු ෂර්ට් එකයි කළු කළිසමයි අඳින්නම්, ඒ කිට් එක හොඳයිනෙ කියල. බෑලු, ඒක මදිලු. ඉක්මනටම ගිහින් අලුතෙන් ඇඳුමක් ගන්නලු. කලිසමයි ෂර්ට් එකයි විතරක් මදිලු. කෝට් එකක් ඇඳලා ටයි එකකුත් දාන්න ඕනලු. පාටියට එන අනිත් උනුත් එහෙමලු ඇඳගෙන එන්නෙ. ඉතින් නිකන් ෂර්ට් එකයි කලිසමයි විතරක් ඇඳගෙන ගිහින් මල්ලිගෙ පවුලටයි අපේ පවුලටයි දෙකටම ලැජ්ජා කරන්න එපාලු.

(හෑ......???)

ඒ විතරක් නම් මදෑ. ගෙදරින් කියනවා මල්ලි පාටියට අපිට ඉන්වයිට් කලාට ඌට සල්ලි දෙන්නත් ඕනලු (මොකක් කිව්වා..???). කාලයක් ළඟින්ම ආශ්‍රය කරපු නිසා අඩුම ගානේ රුපියල් තුන්දහක්වත් හාරදහක්වත් දෙන්නලු. නංගි රුපියල් පන්දහක් දෙනවලු. තාත්තා රුපියල් දහදාහක් දෙනවලු ළඟම නෑයො නිසා.

සල්ලි දුන්නෙ නැත්නම් තරහ වෙයිලු. සමහර විට ගෙදරට ඇතුල් වෙන තැන සල්ලි දාන්න ලියුම් කවරත් තියල තියෙයිලු.

මොන විලිලැජ්ජ නැති වැඩක්ද යකෝ මේ..? මූ රෙද්දක් ඇඳගෙනද පාටිය දවසට ඉන්නේ? ගෙදරට මිනිස්සුන්ට එන්න කියලා උන්ගෙන් සල්ලි බලාපොරොත්තු වෙන්න??

මම මගේ පාඩුවේ ඉද්දි ඌමයි මට පාටියට ඉන්වයිට් කලේ. දැන් ඒ යකාට මම සල්ලි ගෙවන්න ඕන ඌම දාන්න තීරණය කරපු පාටියට ඌ වියදම් කරපු එක බැලන්ස් කරන්න.

මොන හු..! යකෝ මමයැ ඌට පාටි දාන්න කිව්වෙ?

තමාගේ ගෙදර පාටියක් දාන්න තීරණය කරලා පාටියට එන මිනිස්සුන්ගෙන් වියදම පියවගන්න සල්ලි බලාපොරොත්තුවෙන එක. අඩුවෙන් දුන්නොත් හරි, නොදුන්නොත් හරි තරහා වෙන එක. මුගෙ පාටියෙදි කන බොන ඒවයේ වියදම පියවන්න ඕනද බං එතකොට අපි? ඔයිට වඩා හොඳයිනෙ ඇතුල් වෙන තැන ටිකට් කැඩුවා නම්.

ගෙදරින් කියනවා සල්ලි දුන්නෙ නැත්නම් මා එක්ක තරහ වෙයිලු. මම සල්ලි දුන්නෙ නෑ කියල දැනගත්තොත් නෑදෑයො හැමෝම මා ගැන අමුතුවට හිතයිලු. ආයෙම මට පවුලෙ කිසිම පාටියකට ඉන්වයිට් කරන එකක් නෑලු මම සල්ලි නොදෙන නිසා.

අන්තිමේදි මම කිව්වා මොන විකාරයක්ද මේ... මම එන්නෙ නෑ එහෙනම් ඕගොල්ලො ගිහින් එන්න කියලා.

මෙන්න යකෝ ගෙදර උන් එතකොට කියාපි, මට පාටියට යන්නැතුව ඉන්නත් බෑලු. යන්නම ඕනලු. ඉන්වයිට් කරපු පාටියට ආවෙ නැත්නම් ඒත් තරහ වෙයිලු.

පැත්තකට වෙලා පාඩුවේ හිටිය මට මාරම මරාලයක්නෙ බන් පාත් වෙලා තියෙන්නෙ. මාසෙකට මේ වගේ පාටි තුනක් විතර සෙට් වුනොත් මරුවට තියෙයි.

උගෙ ආච්චිට හාල් ගරන්න කියල මම තීරණය කලා ඔය ඉලව්වට නොයා ඉන්න. ඔය වගේ රෙද්දවල් වලට ඉස්සරහට ඉන්වයිට් ලැබුනොත්, ඒත් නොයා ඉන්න. ආයෙම සල්ලි ගෙවල පාටි වලට යෑම මෙතකින් ඉවරයි.

උන්ගෙ නාඩගම් උන් නටාගත්තදෙන්. ඔය විලිලැජ්ජ නැති මීහරක් නැටුම් වල කොටස් කාරයෙක් වෙන්න මම මීහරකෙක් නෙමේනෙ.

අන්තිමට තමා දැනගත්තෙ මල්ලි පාටිය දාන්න හේතුව මොකක්ද කියල.

ඌ උගෙ කෙල්ල එක්ක හැමිනෙන්න ආණ්ඩුවෙන් සංසර්ග සහතිකේ ගන්නේ එදාටලු. ඒකලු මේ මහ ඉහළින් සමරන්නේ.. ලක්ෂ 20ක් විතර වියදම් කරලලු තියෙන්නේ දැනටම..

තූ නොදකින් මේ වගේ හරකෙක් ! හිනා යන්නැද්ද කියහල්ලකො?

6 comments:

  1. කරන එවුන්ටයි සහබාගීවෙන එවුන්ටයි දෙගොල්ලටම මල වදයක් වුනත් ඔහේ කරනවා, පුලුවන් ගාණටත් වඩා වියදමුත් කරනවා

    ReplyDelete
    Replies
    1. නිර්මාණය කරන ලද අවශ්‍යතා බන්

      Delete
  2. Replies
    1. ෆේස් බුක් එකේ අකවුන්ට් එකේ දැම්මා ටික දවසකට කලින්. එතනින් වෙන්න ඇති දකින්න ඇත්තෙ

      Delete
  3. ඕවා මචං සංවර්ධනය වෙච්චි රටවල මිනිස්සු පාටි දාන විදිහ..උන්ගේ බර්ත් ඩේ පාටිවලට රෙස්ටූරන්ට් එකට ගියාම තම තමන්ගෙ බිල තම තම්න් ගෙවන්න ඕනේ...බොන්න ඕනෙ නම් තමුන් ගෙනියන්න ඕනේ

    උඹලගේ.මලයත් සංවර්ධනය වෙච්චි රටක හුලග වැදිච්චි එකෙක් වෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. හම්මෝ බන් කාලෙකින්. කොහෙද අතුරුදන් වෙලා හිටියෙ?

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...