ශිෂ්ඨාචාරගත ලෝකය විසින් කුකුල්ලු, නයි වැනි සතුන් එකිනෙකා කොටවා නැරඹීමෙන් සතුටු වීම, ඔට්ටු දැමීම මහා ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙස සලකයි.
ඒ ශිෂ්ඨාචාරගත ලෝකයම ලණුවකින් වටකරන ලද කවයක් මැදට දැමූ මිනිසුන් දෙන්නෙක් එකිනෙකාට පහර දී අනෙකා ශාරීරිකව අඩපන කරන ක්‍රියාවකට 'ක්‍රීඩාව' කියා නමක් තබා මහා ඉහළින් උනන්දුවෙන් පිළිගනියි. කවුරුන් කාට පහරදී ජයගනීද ඇස් දල්වාගෙන බලාසිටියි.
එයත් එක අතකින් ආච්චිගේ ශිෂ්ඨත්වයකි.
===
ආගම, වාර්ගික/කණ්ඩායම් හැඟීම වැනි දේවලට හිලවු වශයෙන් ඇති හොඳම විකල්ප කලාව සහ ක්‍රීඩාව බව සැබවකි. ආවේග පිට කිරීමේ ක්‍රමයක් ලෙස කලාව, ක්‍රීඩාව ප්‍රයෝජනවත් වුනත් ක්‍රීඩාවෙන් මූලික ලෙසම සිදුවන්නේ ජනයා මුලා කොට තමන්ගේම සැබෑ ගැටළු සහ වැදගත් දේ වලින් ඉවතට යොමු කිරීමය.
එදිනෙදා ජීවිතයේ මුහුණ දීමට සිදුවන ගැටළු වලින්, අසාධාරණකම් වලින් දැඩි ලෙස තැලීමට පීඩාවට පත්වන මිනිසුන්ට එයින් ගැලවී සැනසීමක් ලැබීමට ක්‍රීඩාව වැනි යමක් ප්‍රයෝජනවත් වේය කියා කෙනෙක්ට තර්ක කල හැක. නමුත් ගැටළු වලින්, අසාධාරණකම් වලින් පීඩාවට පත් මිනිසුන් ජන මාධ්‍යය විසින් හැකි හැම ආකාරයකින්ම උත්කර්ෂවත් කෙරෙන ක්‍රීඩාව වැනි විනෝදකාමී, ඔවුන් ජීවත් වන තත්වයනට සාපේක්ෂව අර්ථශුන්‍යය දෙයක් පසුපස උන්මාදයෙන් දිව යාම වෙනුවට කල යුත්තේ තමාට මුහුණ දීමට සිදුව ඇති අසාධාරණකම් හා පීඩනයන්ගෙන් මිදෙන්නේ කෙසේද වැනි වැදගත් දේ වලට අවධානය යොමු කිරීම නොවේද කියා තවත් කෙනෙක්ට තර්ක කල හැක.
බලය සහ බලය විසින් හසුරුවනු ලබන මාධ්‍යය විසින් මිනිසුන්ගේ අවධානය හැකි තරම් නොවැදගත් දේ වෙත ඉලක්ක කොට ඔවුන් ඇන්දීමෙන් වාසි ලබන්නේ කවුරුන්ද යන්න මේ විගඩම් දෙස මොහොතක් නැවතී සිතා බලන ඕනෑම කෙනෙකුට ප්‍රෙහේලිකාවක් නොවිය යුතුය. ක්‍රීඩාව හෝ ජ්‍යෝතිශය හෝ ඊයේ ඉපදුන සය නිවුන් දරු උපත හෝ හෝ කිම් කාඩේෂියන්ගේ පශ්චාත්භාගයේ අලුත්ම සෙල්ෆිය දෙස හෝ තත්පර නමයෙන් මීටර් සියයක් පසු කල මිනිසා දෙස හෝ කට ඇරගෙන සිනාසිසී බලාගෙන සිටිනා පීඩනයෙන් මිරිකී ජීවත් වන මිනිසුන් කොටසක් ගැන කුමක් නම් කීමට ඉතිරිව ඇත්ද?
ඒ අතින් ගත් කල ක්‍රීඩාවෙන් වෙන්නේ හොඳකට වඩා නරකකි. එය භාවිත වන්නේ ජනයා මහත් ලොල් වූ ඔවුන්ව ඇන්දවීමට පාවිච්චි කෙරෙන අවියක් ලෙසය.
කකුලේ වේදනාකාරී වනයක් බවට පත් වූ තුවාලයක් ඇත්නම් මුලින්ම කල යුත්තේ තුවාලයට පිළියම් යෙදීම ගැන අවධානය යොමු කිරීම මිස දුමෙන් වතුරින් මත් වී වෙනම සිහින ලෝකයක අතරමන් වීම නොවේ. එසේ කලාය කියා අවධානය වෙනතකට යොමු වී සුළු මොහොතකට සනීපයක් දැනුනද සිදුවන්නේ තුවාලය දිනෙන් දින උඩු දිවීම පමණි.
====
බර්ට්‍රන්ඩ් රසල්ගෙන් ගෙන් උපුටා ගත් අදහසකින් සටහන අවසන් කරමි
"අතිමහත් බහුතරයක් මිනිසුන් සහ ගැහැණුන් සිය ජීවිත ගත කරන්නේ තමන් සිටිනා තත්වයන් සහ තමන් ජීවත් වන ලෝකය ගැන සිතා බැලීමකින් හෝ විවේචනාත්මක ඇසකින් බැලීමකින් තොරවය.
සමාජයේ යම් තත්වයක ඉබේම උපත ලබන ඔවුන් තමන්ට එදිනෙදා ජීවිතයේ මුහුණ දීමට සිදුවන දේ බාර ගන්නේ තමන්ට ආසන්නම මොහොතේ ඇති අවශ්‍යතා වලට ඔබ්බෙන් සිදුවන දේ ගැන සිතීමට උනන්දුවක් හෝ ආයාසයක් නොදරමිනි.
වනාන්තරයක ජීවත් වන තිරිසන් සතකු තම ඉවෙන් මෙහෙයවනු ලබනවා සේ තමන්ගේ ජීවිත වල වර්තමාන මොහොතේ තෘප්තියක් සොයනා ඔවුන් දූරදර්ශීබවෙන් සහ ප්‍රමාණවත් උත්සාහයකින් තමන්ගේ මුළු ජීවන තත්වයම වෙනස් කර ගත හැකි බව ගැන කිසිදු සැලකිල්ලක් හෝ උනන්දුවක් දක්වන්නේ නැත."
Subscribe to:
Post Comments (Atom)
බුදුන් මැරීම
“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...


-
මනුෂ්‍යයයෙකු සුළු දිය පහකරන්නේ සිට ගෙනද නැතිනම් ඉදගෙනද යන්න මත එම තැනැත්තාව උසස් හෝ පහත් ලෙස වෙන් කිරීම ඉතාමත් ප්‍රාථමික බෙදීමක් යැයි බ්ලොග්...
-
ලංකාවෙ ගොඩක් පිරිමි හිතන් ඉන්නෙ තමාගේ සහකාරිය තමන්ගේ මතවාද වල ප්‍රතිබිම්භයක් වෙන්න ඕන කියල. ඒ අය තමන්ගේ සහකාරියව පාවිච්චි කරන්නේ තමන් ...
-
ලසිත් මාලිංග කියන්නේ වෘතිය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සිංහලෙන්ම කියනව නම් රස්සාවට ක්‍රිකට් ගහන මනුස්සයෙක්. ඒ මනුස්සයා (ඇතුළු රස්සාවට...
-
මෙය නිතර ඇසෙන ප්රශ්නයකි. මුලින්ම තේරුම් ගත යුත්තේ ලෝකයේ තේරුමක් ඇති ප්‍රශ්න සහ තේරුමක් නැති ප්‍රශ්න යනුවෙන් ප්‍රශ්න වර්ග දෙකක් ඇති බව...
-
"ඔය ලංකාවේ ෆ්ලයිට් වල එයාර් හොස්ටර්ස්ලා හිතන් ඉන්නේ උන් ලෝකෙට ලොක්කො කියල. ඒත් කරන්නේ මහ ලොකු වැඩක් යැ? ප්ලේන් එක ඇතුලේ වේටර් කං කර...

නියමයි!
ReplyDeleteස්තූතියි
Deleteඔබගේ තාර්කික හැකියාව “අනගිභවනීයයි“ !
ReplyDeleteඑකඟයි. හැබැයි තුවාලෙට බෙහෙත් දානවා වගේම වේදනා නාශක දෙන්නත් සිද්දවෙනවා. ඒත් ේදනා නාශක වලින් තුවාලය සුවපත් කරන්න බැරි බව නම් සත්‍යයක්.
ReplyDeleteකමෙන්ටුවට ස්තූතියි
Deleteඇත්ත
ReplyDelete(Y)
Delete