Showing posts with label කලාව. Show all posts
Showing posts with label කලාව. Show all posts
Monday, September 25, 2017
එන්න මිතුරනි, ඉරාජ් ගූ කනවා බලන්න එන්න
ඉරාජ් කියන පුද්ගලයා නිර්මාණකරුවෙක් විදියට වැටෙන්න තියෙන පහත්ම තැනට වැටිල ඉවරයි කියලයි මං මෙච්චර කල් හිතන් හිටියෙ. මම හිතන් ඉඳල තියෙනව වැරදියි.
අද ඉරාජ් "නිර්මාණකරුවෙක්ට වැටෙන්න පුළුවන් පහත්ම තැන" කියන ස්ටෑන්ඩර්ඩ් එක වෙනස් කලා. ඉරාජ් දැන් කාලයක් තිස්සේ එන්න එන්නම ඒ "පහත්ම තැන" කියන ස්ටෑන්ඩර්ඩ් එක තවත් වෙනස් කරමින් ඉන්නවා.
අපි හිතද්දි කලාකාරයෙක්ට මීටත් වඩා කුජීත වෙන්න බෑ කියල, ඉරාජ් කියනවා "නෑ නෑ පුළුවන්, මට ඊටත් වඩා කුජීත වෙන්න පුළුවන්" කියල.
ඉරාජ් තව දුරටත් ගීත නිර්මාණය කරන පුද්ගලයෙක් නෙමේ. කාලයක් ලංකාවේ සංගීත කලාවට අලුත්ම ශෛලයේ විඳින්න පුළුවන් නිර්මාණ ඉදිරිපත් කරපු නිර්මාණකරුවෙක්ගේ ඉඳල නිකම්ම නිකන් අවධාන ගණිකාවක් දක්වා ඉරාජ් පරිනාමය වෙලා.
"ක්ලික්" එකකින් නිර්මාණකරුවෙක්ට පොරක් වෙන්න පුළුවන් සිස්ටම් එකක් හැදිලා තියෙන බව අපිට පෙන්නන්නේ ඉරාජ්
"ක්ලික්" එකක් වෙනුවෙන්, "view" එකක් වෙනුවන්..
ඉරාජ් සමාජය ඉස්සරහට ඇවිත් මලපහ කරනවා, මලපහ අත් වල කකුල් වල ඔලුවේ ගාගනවා, තමාගේම මලපහ කකා උඩ පනිනවා, නටනවා..
වටේ ඉන්න මිනිස්සු නැවතිලා බලන් ඉන්නවා මේ වඳුරු නැටුම. නමුත් ඉරාජ් කියන පුද්ගලයගෙ අරමුණත් ඒකමයි. "මියුසික් වීඩියෝ" එකක් විදියට ඉරාජ් හඳුන්වන තමාගේ "ගූ කෑමේ" වීඩියෝ එක බලන මිනිස්සු ගොඩ වැඩි කරගන්න. මොන ක්‍රමේකින් හරි.
ඉරාජ්ගේ "ගූ වීඩියෝස්" බලලා බනින මිනිස්සුන්ට ඉරාජ් හිනා වෙනවා. තොපි කොච්චර බැන්නත් මේ පාරත් ගූ කාලා හරි මගේ වඳුරු නැටුම බලන්න මම තොපිව ගෙන්නගත්තනේ කියල.
ඉරාජ් කියන්නේ මේ සිස්ටම් එකේම තියෙන අවුල හොඳටම පෙන්නන මඩ පණුවෙක්.
නිර්මාණයක් මාර්කට් වීම මත ඒකේ සාර්ථක බාවය තීරණය වෙන සිස්ටම් එකක අවුල ඉරාජ්ගේ ගූ කන වීඩියෝ වලින් ඔප්පු වෙනවා.
මොනව වුනත් වෙල් ඩන් ඉරාජ්, අර "නිර්මාණකරුවෙක්ට වැටෙන්න පුළුවන් පහත්ම තැන" මොකක්ද කියල අපිට තාම තේරෙන්නෙ නෑ. අපි හිතන් ඉන්නෙ උඹ ඉන්නෙ ඒ තැන කියල. ඒත් උඹ පෙන්නනව ඒ තැන තියෙන්නේ තව පල්ලෙහයින් කියලා.
බලමු ඉරාජ් උඹ කොතනින්ද නවතින්නෙ කියල.
දැන් නම් අප්පිරියයි බං, අප්පිරියයි.
Monday, August 28, 2017
වරෙව් මහතුනේ කුණු කය වළදන්ට
විනේ කටින උන්
විනේ කටින උන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම
වනේ නැතිව උන්
වනේ නැතිව උන් දුක දන්නේ කෝම
ගමේ ගැටව් කරබාගෙන උන්නාට
විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට
නෙළා ගනින් යැයි කප්රුක පිදුවාට
ඉණේ රෙද්දමයි හිටියේ හරහාට
ළැමේ කිරට මොරගානා පැටියන්ට
අනේ කවුද ඉන්නේ වේලක් දෙන්ට
ළිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට
වරෙව් මහතුනේ කුණු කය වළදන්ට
ප්‍රදීපා ධර්මදාස කියන්නේ ලංකාවේ ගායිකාවන්ගෙන් මම වැඩියෙන්ම ප්‍රිය කරන හඬට හිමිකම් කියන ගායිකාව. "සුපෙන් හැඟුම් ඔබෙන් එපා" ගීතය මුලින්ම අහපු මොහොතේ ඉඳලම මම ඇයගේ හඬත් එක්ක පෙමින් වෙලුනේ නිරායාසයෙන්මයි.
ප්‍රදීපාගේ අසමසම කටහඬත් සමඟ විශිෂ්ඨ පද රචනයක් සහ සංගීතයත් එක්ක මුසු වෙලා නිර්මාණය වුන මම ඉතාමත් ආදරය කරන ගීතයක් තමා "විනේ කටින උන්" ගීතය. මේ ගීතයේ පද රචනයේ තියෙන විශේෂත්වය තමයි අපි එච්චර සංවේදී නොවන අපේම සමාජයේ ජීවත් වෙන මිනිස් ජීවිතයක අප නොසිතන පැත්තක් ඉතාම සංවේදී විදියට ඉදිරිපත් කරල තිබීම.
මනුස්සයෙක්ගේ හැඟීම් මෙච්චර ලස්සනට ගීතයකට කැටි කරන්න පුළුවන් එක සුවිශේෂී හැකියාවක්. ඒ මනුස්සයාගේ හැඟීම් වෙනස්ම ජීවිතයක් ගෙවන කෙනෙක්ට පවා දැනෙන විදියට පදවැල් ගොතන්න පුළුවන් එක ඇත්තටම දක්ෂකමක්.
මේ සටහන ලියන්න හේතු වුනේ "ඇයි මේ වගේ හොඳ සින්දු අද හැදෙන්නෙ නැත්තේ" කියන හැඟීම ඔබට වගේම මටත් ඒ විදියටම එන නිසා.
ඔය "පරණ ඒවා හොඳයි, අලුත් ඒවා චාටර්" කියල හැම දේකටම කියන එක අපේ සංස්කෘතියේ කොටසක්. අනිත්වා කෙසේ වෙතත් නිර්මාණකරනය පැත්තෙන් ගත්තාම නම් ඒ කතාව සම්පූර්ණයෙන් ඇත්ත කියන එකයි මගේ හැඟීම.
මේ වගේ හිතට දැනෙන නිර්මාණ ගොඩක් වෙලාවට සිද්ධ වෙලා තියෙන්නෙ මීට අවුරුදු ගාණකට කලින්. ඒ කියන්නෙ අපි පහුකරල ආපු යුගයෙ.
වර්තමානය ගත්තොත් මේ වගේ නිර්මාණ සිද්ධ වෙන්නෙ නැතිම තරම්. මේ වගේ පදරචනයන් ලියන්න මිනිස්සු නැති තරම්.
මෑත කාලයේ නිර්මාණය වුන ගීත වලින් මගෙ හිතගත්ත පදරචනයන් නම් කරන්න වුනොත් ගීත දෙකතුනකට වඩා නම් කරන්න අමාරුයි. රූනිගේ 'සප්ත ස්වරයයි' , රයනිගේ 'චංචල දෑසේ', ශිහාන්ගේ 'හතර කේන්දරේ' වගේ ගීත කිහිපයක් ඇරෙන්න එහෙම නිර්මාණාත්මක බවින් සරු පද රචනයක් ඔලුවට එන්නෙ නෑ.
දැන් "..මල් සින්දු, බූට් සින්දු.." නමින් හැඳින්වෙන ගීත පොකුරු පිටින් හැදුනත් ඒවයෙත් තියෙන්නේ හරිම ලාමක පද රචනා බව අමුතුවෙන් කිව යුතු නැහැ.
ඒත් පහුවෙච්චි යුගයේ නිර්මාණ එක්ක සසඳලා අපි දැන් ඉන්න ගායකයින්ට දෙහි කැපුවට ඇත්තටම අවුල තියෙන්නේ ගායකයින්ට වඩා පදරචකයන්ගෙයි සංගීතවේදීන්ගෙයි කියලයි මට හිතෙන්නෙ.
ශෝදාපාළුවට ලක් වෙලා තියෙන්නෙ නිර්මාණාත්මක හැකියාව කියන එකයි මගේ මතය. ගායකයන්ගේ පැත්තෙන් ඒ අයට සිද්ධ වෙනවා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් හම්බෙන සින්දුවක් කියන්න. සින්දු ලියන්න, සංගීතය දාන්න හරි හමන් අය නැතිය කියල සින්දු කියන්නැතුව හිටියොත් අද කාලේ ගායකයන්ට කන්න අඳින්න දෙන්නෙ කවුද?
හතු පිපෙන්නා වගේ නිර්මාණ කරන්න පුළුවන් අවකාශයක් හැදුනම අන්තිමට එළියට එන ප්‍රතිඵල වල ගුණාත්මක බව අඩුවෙන එක ස්වභාවිකව සිද්ධ වෙන දෙයක්. නමුත් ගුණාත්මක බවක් නැත්තටම නැතුව ගිහින් වගේ පේනව නම් ඒක රසිකයන්ගේ අවාසනාව බව නොකියා බැහැ.
මම කියන්නෙ නෑ හැදෙන්න ඕන තේරුමක් තියෙන, හදවතටයි මොළයටයි දෙකටම දැනෙන සින්දු විතරයි කියල. මම කියන්නේ ඔය බස් සින්දු, මල් සින්දු, බූට් සින්දු අස්සේ එහෙම නිර්මාණත් බිහි වෙන්න ඕනය කියල.
මේවගේ නිර්මාණාත්මකව බංකොලොත් වුන කාලෙක අමරදේව මාස්ටර් ඉපදිලා හිටියත් අමරදේවගේ සින්දුත්
"මම ආදරේ කලා සිතින්
සැමදා නෑ වෙනස් කලේ
හැරදා මා දමා ගියේ
ඇයිද ප්‍රියේ......?"
වගේ තියෙයි ඉතින්. ඒකට අමරදේව කියලා මක් කරන්නද?
Tuesday, July 18, 2017
ඉරාජ්
කාලයක් තිබ්බා.
කෙල්ලෙක්ගේ තනකුයි, පුකකුයි, ජංගියකුයි නැතුවත් සින්දු හිට් කරගන්න පුළුවන් වුන.
මියුසික් වීඩියෝ එකට වඩා ඕඩියෝ එක බොක්කට වදින විදියේ සින්දු හැදුන.
සින්දුවෙන් ලැබෙන පණිවිඩිය මොකක්ද කියලා මිනිස්සුන්ට බලෙන් ඒත්තුගන්වන්න සිද්ධ
නොවුන.
එකපාරක් අහපු ගමන් වචන, තනුව මිනිස්සුන්ගේ ඔලුවේ හිටින විදියේ සින්දු හදන්න පුළුවන් මිනිස්සු හිටිය.
ඒ විදියේ "සිරා සින්දු" හදපු පොරක් හිටියා ඉස්සර.
ගොඩක් ඉස්සර.
පස්සේ ඌ නෙගටිව් මාර්කටින්ග් ඉගෙනගත්තා
මැරෙන එකේ අවුලක් නෑ.
පණපිටින් මැරෙන එකයි අවුල.
ඊටත් වඩා ලොකුම අවුල
තමන් මැරුනා කියල තමන් නොදන්න එක..
කෙල්ලෙක්ගේ තනකුයි, පුකකුයි, ජංගියකුයි නැතුවත් සින්දු හිට් කරගන්න පුළුවන් වුන.
මියුසික් වීඩියෝ එකට වඩා ඕඩියෝ එක බොක්කට වදින විදියේ සින්දු හැදුන.
සින්දුවෙන් ලැබෙන පණිවිඩිය මොකක්ද කියලා මිනිස්සුන්ට බලෙන් ඒත්තුගන්වන්න සිද්ධ
නොවුන.
එකපාරක් අහපු ගමන් වචන, තනුව මිනිස්සුන්ගේ ඔලුවේ හිටින විදියේ සින්දු හදන්න පුළුවන් මිනිස්සු හිටිය.
ඒ විදියේ "සිරා සින්දු" හදපු පොරක් හිටියා ඉස්සර.
ගොඩක් ඉස්සර.
පස්සේ ඌ නෙගටිව් මාර්කටින්ග් ඉගෙනගත්තා
මැරෙන එකේ අවුලක් නෑ.
පණපිටින් මැරෙන එකයි අවුල.
ඊටත් වඩා ලොකුම අවුල
තමන් මැරුනා කියල තමන් නොදන්න එක..
Monday, August 1, 2016
හොඳටම රඟපාන්නෙ කව්ද?
හොඳටම රඟපාන්නෙ කව්ද?
දුලීකා මාරපන හොඳයි?? පිස්සුද බං ඒකි ඕවර් ඇක්ටින්ග්..
ජැක්සන් ඇන්තනි.. සමහර ඒවා හොඳයි.. ඒත් ඌත් ඕවර් ඇක්ටින්ග් නේද?
මේ ඒක නෙමේ. මම ආසම නිලිය චාන්දනී සෙනෙවිරත්න බං.
ලංකාවෙ හොඳට රඟපාන උන් එකෙක් නැද්ද කියලද අහන්නෙ?
ඇයි බං කමල් අද්දරාරච්චි ඉන්නෙ.. තව….මහේන්ද්‍ර පෙරේරා.. හැබැයි මහේන්ද්‍රගෙන් හරියට වැඩක් ගන්න අපේ උන්ට පුළුවන් වුනේ නෑ.. ඌට රඟපාන්න තරම් චිත්‍රපටි, උගේ හැකියාවට හරියන චරිත අපේ රටේ හැදෙන්නෙ නෑ.. ලංකාවෙ ඕල් ටයිම් ග්‍රේටස්ට් නම් ඉතින් ජෝ අබේවික්‍රම තමා ආයෙ කතා දෙකක් නෑ
මොකක්….ෂාරුක් ඛාන්? ඒ පාර ඉන්දියාවට ගියාද?.. ෂාරුක් උගෙ ඕඩියන්ස් එක කොර වෙලා යන්න රඟපාන්න දන්නවා
ඊළඟට සල්මාන්ද? ඌට රඟපාන්න බෑ බං. ඌ ගැන කතා නොකර ඉමු
ආමීර්.. වරදක් නෑ.. උගෙ චිත්‍රපට බලං හරි ඉන්න පුළුවන්
දැන් මම කියන විදියට කාටද හොඳටම රඟපාන්න පුළුවන් කියලද අහන්නෙ?
බලහන් රොබර්ට් ඩී නීරෝගෙ ටැක්සි ඩ්‍රයිවර්.. බ්රැන්ඩෝගෙ ගෝඩ් ෆාදර්.. ඩැනියෙල් ඩේ ලුවිස්ගේ දෙයාර් විල් බී බ්ලඩ්..ඇන්තනි හොප්කිස්ගෙ සයිලන්ස් ඔෆ් දි ලෑම්බ්ස්..අල් පචීනෝගේ සර්පිකෝ.. ඊළඟට උගෙම ඩෝග් ඩේ ආෆ්ටර්නූන්.. එතනින් ගියාම ඩස්ටින් හොෆ්මන්ගේ ලෙනී.. එතනින් ගියාම ජැක් නිකල්සන්ගේ…මොකක්??
මම සුද්දන්ට අදිනවා? නෑ යකෝ.. මම දැක්ක හොඳම ඇක්ටින් ඕවා තමයි
කරුමෙටද කොහෙද උන් ඔක්කොම සුද්දො
ඒකට මං මොනව කරන්නද බොල !
Monday, June 27, 2016
කලාකරුවා නම් වූ යාචකයා
“කලාකාරයෝ කියන්නේ හරිම සංවේදී මිනිස්සු”
ඒ කලාකරුවන්ගේ මුවින් නිතරම පිටවන වදන් පෙළකි.
"අපි කලාව විකුණනෙ නෑ, මම කලාව කරන්නේ මුදලට නෙමේ, කලාව විකුණලා බඩගෝස්තරය රැකගන්න හදන මිනිස්සු නෙමේ අපි"
ඒ කලාව ගැන කතා කරද්දි ඔවුන් කියන කතාය.
බහුතරයක් කලාකරුවන් තමාව හඳුන්වාගන්න කැමති එසේය. සමාජය ඉදිරියේ තමාගේ ප්‍රතිරූපය හෙවත් තමාගේ ඉමේජ් එක හදාගන්න කැමති එසේය.
ඔවුන්ගේ කැමැත්ත තමන් සමාන්‍යයන්ගෙන් වෙනස් අමුතුම මිනිස්සුන් කණ්ඩායමක් විදියට හඳුන්වා ගැනීමටය. තමාගේ වෘතිය සමාජයේ අනිත් මිනිස්සුන්ගේ වෘතීන්ගෙන් වෙනස්, වෙනම තලයක වෘතියක් විදියට හඳුන්වා ගැනීමටය.
ඒහෙත් බොහෝ වෙලාවට ඔවුන් හදාගන්නට හදන ඔය ‘අමුතු’ ස්ටේටස් එක ඇතුළේ ඇත්තේ ව්‍යාජතවයක් මිසක යථාර්තයක් නොවේ.
කලාකරුවා කියන සංවේදී අමුතු මනුස්සයා රකින ඒ තත්වය හෙවත් ස්ටෑන්ඩර්ඩ්
එකට කෙළවෙලා යන්නේ, ඔහුත් අනිත් මිනිසුන් සේම මුදලට වැඩ කරන කෙනෙක් කියන යථාර්තය පිළිගන්න සිද්ධ වුවහොත්ය.
කලාකරුවා යනු ඔබ අප වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන, අපේම සමාජයේ ජීවත් වෙන, අපිටම තියෙන අවශ්‍යතා තියෙන, දවස ගානේ අපිම මූණ දෙන ප්‍රශ්න වලට මූණ දෙන, අපි වගේම නිකම්ම නිකන් මනුස්සයෙක් යන යථාර්තය කලාකරුවා සඟවන්නට තනන්නේ එබැවිනි.
කලාකරුවා නම් සංවේදී මිනිසා යන බෝඩ් ලෑල්ල පිටුපස සැඟව ඇති අමිහිරි යථාර්තය එයයි.
තමන්වම සහ සමාජයම රවට්ටගන්නා කලාකාරයො බොහෝමයක් දෙනා පත්වෙලා තියෙන තත්වය මොනවගේද?
ඔවුන් බොහෝමයක් දෙනා ජීවිතේ අන්තිම කාලය ගත කරන්නේ අතේ පිච්චියක් නැති හිඟන්නො බවට පත් වී තමා කල ‘සේවය’ වෙනුවෙන් සමාජයෙන් හිඟමන් යදිමිනි.
ඔවුන්ට ඒ ඉරණමට මූණ දෙන්න වන්නේ තමාගේ හැකියාවට නිසි මිලක් නියම කරගන්න හැටි නොදැන, තමාට හැකි කාලයේ උපයන මුදල් නිසි ලෙස කලමණාකරනය කරන්නෙ නැතිව නැති නාස්ති කරගත්ත නිසා මිසක, ඔවුන් මුදලට තමාගේ හැකියාවන් විකුණන එක ප්‍රතික්ෂේප කරපු උතුම් මිනිස්සු නිසා නොවේ.
මේ ප්‍රවණතාවයේ වෙනසක් දකින්න හැක, වර්තමානයේදී. අතීතයට සාපේක්ෂව.
උදාහරණයකට භාතිය සන්තුෂ් ගමු. දශකයකට වැඩි කාලයක් පුරා එකම තත්වයෙන් ඔවුන් තමාගේ ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් රඳවාගෙන ඉන්නේ ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවට වගේම ඔවුන්ගේ සාර්ථක කලමණාකරනය නිසාය. සරලවම කියනව නම් ඔවුන් හොඳ කලාකරුවන්ට අමතරව හොඳ බිස්නස්කාරයන් වීම නිසාය. (මේ කතා කරන්නේ මාර්කට් එක හරියට කියවලා වැඩ කරපු විදියේ කළු සුදු බව ගැන නොවේ, භාතිය සන්තුෂ්ව අතීත කලාකාරයන්ට සමාන කරනවත් නොවේ)
‘කලාකරුවා’ යනු තවත් එක් වෘතියක් මිසක පූජ්‍ය පක්ෂය මෙන් සමාජයෙන් නඩත්තු කල යුතු පිරිසක් නොවේ. කලාකරුවාට වගේම කලා නිර්මාණයකට පැහැදිළිවම මිලක් තිබේ. එය සැවොම දන්නා කතාවක්, ඔය යථාර්තය කොළේ වහල යටගහන්න හදන්නේ කලාකරුවාම මිසක වෙන කවුරුත් නොවේ.
ඒ යථාර්තය අපි පිළිගත යුතුය. ඒ යථාර්තය කලාකරුවා පිළිගන්න යුතුය.
තමා කරන්නේ “සේවයක්ය” කියන බේගලේ පැත්තකින් තබා තමා කලමණාකරනය කරගන්න තමා වගකීම කලාකරුවා ගත යුතුය
තමාගේ වෘතිය, වෘතියක් විදියට පිළිඅරගෙන, එය මනා සැලසුමක් තියාගෙන හරියට කලමණාකරනය කරගන්න සමත් වුන දවසට කලාකරුවාට මේ සමාජයේ පැවත්මක් තිබෙනු ඇත.
ඒ වගකීම අරන්, ඒ අනුව වැඩ කරන්න ගතහොත්, කලාකරුවා කියන කෙනාට මීට වඩා ගෞරවාන්විත තැනක් සමාජයේ හිමිවනු ඇත.
එහෙම දවසකදි ජීවිතයේ අන්තිම කාලයේදී සමාජයෙන් හිඟා නොකා ගෞරවයෙන් හිස කෙළින් තියාගෙන අවසන් ගමන් යන්න පුළුවන් වනු ඇත.
Monday, April 25, 2016
ආරාධනා
හවස් යාමයේ හිතුනා සින්දුවක් අහන්න.. තනියෙම ඉන්න නිස්කලංක වෙලාවක මුලින්ම ඔළුවට එන්නෙ ගෙදර තියෙන එකම එක සීඩී එකක් !
"සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා..
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා.. සිටිනවා..."
ඒ කටහඬ..ඒ ගායනය.. ඒ සංගීතය..
ෂාහ්.. සින්දු කියන්නෙ ඒවලට අප්පා...
ඒ සංගීතයට පුළුවන් අමිහිරි තනිකමට මිහිරියාවක් එක් කරන්න
"හදාගන්න ඕනි ප්ලේන්ටියක්.." මගෙ හිත මටම කියා ගත්තා
හිත එක තැනක තියා ගන්න පුළුවන් කාටද? සින්දුව අහන ගමන් ප්ලේන්ටිය හදන අතරේ සුපුරුදු පරිදි කල්පනාවෙ අතරමං වෙනවා
"පරණ දේවල් වලට පරණ නිසාම හොඳයි කියන එක ලෙඩක්. ඒකෙන් වෙන්නෙ ඇත්තටම හොඳ පරණ දේවල් වලට හොඳයි කියන එකේ තියෙන වටිනාකම නැතුව යන එක. බොහෝමයක් පරණ සින්දු, ඇත්තටම හොඳයි.."
"රසය සාපේක්ෂයි.. හොඳ සාපේක්ෂයි"
මගෙ හිත මා එක්කම තර්ක කරනවා
"රසය සාපේක්ෂයි.. ඇත්ත. ඒත් හැමෝටම ඇති මේක හොඳටම හොඳයි කියල කියන්න පුළුවන් ගීත"
"ඔව්, යමක් විඳින්න ඒක සාපේක්ෂ වෙන එක ප්‍රශ්නයක් නෙමේ"
මගෙ හිතත් එක්ක මම ම කරන මේ කතාව ඉවර වෙන කතාවක් නම් නෙමේ
ප්ලේන්ටිය හරි.. දැන් අඩු එක දෙයයි..
පත්තු කරගත්තා සිගරට් එකත්.. දිගා වුනා පුටුව දිගේ
"මින්දද හීසර වැදී සැළෙන හද,
නංවන දුක් ගී ඔබට ඇසෙනවද,
නන්දන මල් අතුරා ඇති යහනට,
කන්ද කපා පායන් රන් පුන් සඳ"
සමහර ගීත අහද්දි අපට දැනෙනවා පරිපූර්ණත්වයක් ගැන හැඟීමක්. ඒ කියන්නේ මේ ගීතය මීට වඩා හොඳ වෙන්න විදියක් නැහැයි කියන හැඟීම. අංගසම්පූර්ණයි කියන හැඟීම...
පරිපූර්ණ කිසිවක් නැති ලෝකයක, පරිපූර්ණත්වය ගැන සංකල්පයම විකාරයක්. ඒත්, ඒ සංකල්පය විකාරයක් නොවෙන්නෙ කලාව කියන තැනදි විතරයි කියල මට හිතෙනවා
හැමවිදියකම පරිපූර්ණත්වය ගැන තියෙන සංකල්ප, යෝජනා වලට වෛර කරන මම ගීතයක තියෙන පරිපූර්ණත්වයට ආදරෙයි.. මට ඉවසන්න පුළුවන් ඒ පරිපූර්ණත්වය විතරයි
ඒ හඬවල් වලට.. ඒ සංගීතයට තියෙනවා මනුස්ස හදවතක් වෙනම ලෝකයකට ගෙනියන්න හැකියාවක්..
ප්ලේන්ටිය.. සිගරට් එක.. අමරදේවගේ කටහඬ.. කේමදාසගේ සංගීතය.. හැන්දෑව.. තනිකම..
"කවුද කියන්නෙ දිව්‍යලෝකයෙ යන්න මැරෙන්නම ඕන කියල?" මම මටම කියාගන්නව
නිවී හැනහිල්ලේ තනියෙම, තමාට අනුව පරිපූර්ණ ගීයක් අහද්දි දැනෙන හැඟීම.. වචනයෙන් විස්තර කරන්න බෑ..
"ජීවිතයේ තනිමංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න
ආ...රා..ධ..නා
ආ...රා..ධ..නා"
ඔව්
ඒ
ඒ හැඟීම....
චචනයෙන් විස්තර කරන්න බෑ
Subscribe to:
Posts (Atom)
බුදුන් මැරීම
“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...
-
“කලාකාරයෝ කියන්නේ හරිම සංවේදී මිනිස්සු” ඒ කලාකරුවන්ගේ මුවින් නිතරම පිටවන වදන් පෙළකි. "අපි කලාව විකුණනෙ නෑ, මම කලාව කරන්නේ ම...
-
මෙය නිතර ඇසෙන ප්රශ්නයකි. මුලින්ම තේරුම් ගත යුත්තේ ලෝකයේ තේරුමක් ඇති ප්‍රශ්න සහ තේරුමක් නැති ප්‍රශ්න යනුවෙන් ප්‍රශ්න වර්ග දෙකක් ඇති බව...
-
ලසිත් මාලිංග කියන්නේ වෘතිය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සිංහලෙන්ම කියනව නම් රස්සාවට ක්‍රිකට් ගහන මනුස්සයෙක්. ඒ මනුස්සයා (ඇතුළු රස්සාවට...
-
පොදුවේ මිනිස්සු අනිත් අය ගැන හිතන්න, අනිත් අයට උදව් කරන්න කැමති තමන්ගේ පැවැත්මට බලපෑමක් නොවන මට්ටමින් විතරයි. KFC එකට රෑ කෑමකට යන පවුලක...
-
මනුෂ්‍යයයෙකු සුළු දිය පහකරන්නේ සිට ගෙනද නැතිනම් ඉදගෙනද යන්න මත එම තැනැත්තාව උසස් හෝ පහත් ලෙස වෙන් කිරීම ඉතාමත් ප්‍රාථමික බෙදීමක් යැයි බ්ලොග්...



