අපේ රටේ සාමාන්‍යය ජන විඤ්ඤාණය, බලය සහ වෘතිය ගරුත්වය හමුවේ ක්‍රියාකරන හැටි ගැන නිරීක්ෂණය කරන්න තියෙන හොඳම වෘතීන් දෙක තමයි පොලිසිය සහ වෛද්‍යය වෘතිය.
මේ දෙකන් එක පිරිසක්, අනෙකා මත බලය පතුරවන්න නීතිමය වරප්‍රසාදයක් තමන්ට හම්බවෙලා තියෙනවාය කියල හිතන් ඉන්න අතරෙ අනෙක් පිරිස, තමාගේ වෘතිය හේතුවෙන් දැඩි ගෞරවයට පාත්‍ර වීම නිසාම තමන් අමුතු සත්ව කොට්ටාශයක් කියල හිතන් ඉන්නව.
අපේ රටේ ඔය කියන 'සාමාන්‍යය මනුස්සයාට' බලය සහ දැඩි වෘතිය ගරුත්වය හිමිවුනාම ඔවුන් හැසිරෙන විදියෙ හරස්කඩක් තමයි අපිට වර්තමාන පොලිසියේ සහ වෛද්‍යයවරුන්ගේ හැසිරීම හරහා දකින්න තියෙන්නෙ
නැතුව, පොලිසිය සහ වෛද්‍යවරුන් කියන්නෙ ලාංකීය සමාජයට පිටසක්වලින් පහල වුන සතුන් කොටසක් නෙමේ.
අපිට මොවුන් මේ පෙන්වමින් ඉන්නෙ අපේම සමාජයේ වටිනාකම්, ආකල්ප වල අවසාන ප්‍රථිපලය විදියට පෙරිල එළියට එන්නෙ නිර්ලජ්ජිත, ආත්මාර්ථකාමී, හැඟීමක් දැනීමක් නැති කුණුවෙච්චි මිනිස්සු කියන එක.
මේක තමා සමාජයක් විදියට අපි මුහුණදීල තියෙන ඛේදවාචකය. මේ විදියේ නරුම හැසිරීම් වල මූලයන් තේරුම් ගන්න නම් අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ අපේම වටිනාකම් අපෙන්ම ප්‍රශ්න කරගන්න එක විතරයි.
Subscribe to:
Post Comments (Atom)
බුදුන් මැරීම
“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...

-
“කලාකාරයෝ කියන්නේ හරිම සංවේදී මිනිස්සු” ඒ කලාකරුවන්ගේ මුවින් නිතරම පිටවන වදන් පෙළකි. "අපි කලාව විකුණනෙ නෑ, මම කලාව කරන්නේ ම...
-
මනුෂ්‍යයයෙකු සුළු දිය පහකරන්නේ සිට ගෙනද නැතිනම් ඉදගෙනද යන්න මත එම තැනැත්තාව උසස් හෝ පහත් ලෙස වෙන් කිරීම ඉතාමත් ප්‍රාථමික බෙදීමක් යැයි බ්ලොග්...
-
මෙය නිතර ඇසෙන ප්රශ්නයකි. මුලින්ම තේරුම් ගත යුත්තේ ලෝකයේ තේරුමක් ඇති ප්‍රශ්න සහ තේරුමක් නැති ප්‍රශ්න යනුවෙන් ප්‍රශ්න වර්ග දෙකක් ඇති බව...
-
පොදුවේ මිනිස්සු අනිත් අය ගැන හිතන්න, අනිත් අයට උදව් කරන්න කැමති තමන්ගේ පැවැත්මට බලපෑමක් නොවන මට්ටමින් විතරයි. KFC එකට රෑ කෑමකට යන පවුලක...
-
ලසිත් මාලිංග කියන්නේ වෘතිය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සිංහලෙන්ම කියනව නම් රස්සාවට ක්‍රිකට් ගහන මනුස්සයෙක්. ඒ මනුස්සයා (ඇතුළු රස්සාවට...
සහතික ඇත්ත!
ReplyDeleteඔය දෙකටම අයිති කුලකය තමයි ලෝයර්ල ටික
ReplyDeleteඅනිවා ඇත්ත අයියා ගොඩක් වෛද්ය වරුන් හරිම කුහකයි . එයාල හිතන් ඉන්නේ එයාලා නැත්තන් බෑ වගේ. සෑම රැකියාවක්ම වැදගත්. හැම රැකියාවකටම ගරු කරමු.
ReplyDelete100%ක් එකඟයි
Delete