Tuesday, December 13, 2016

හාමුදුරුවො බණ ටෝකින්ග්


අද පෝය

භික්ෂූන් විසින් ගිහියන්ට ජීවත් වෙන හැටි කියල දෙන දවස.

ඔය බණ, දේශනා, ඔවදන් අස්සෙ හැංගිලා තියෙන උත්ප්‍රාසය තමා මේක.

ඒ කිව්වෙ පූජකයන් හරි භික්ෂූන් හරි ගිහියන්ට පවුල් කන හැටි, ජීවත් වෙන හැටි කියල දෙන්න එන එක හරියට ජීවිතේට මූදක, වැවක, පූල් එකක බැහැපු නැති කෙනෙක් පිහිනුම් ක්‍රම ගැන උපදෙස් දෙනවා වගේ වැඩක් වීම.

ඒත් ඒ වගේ අයගෙන් උපදෙස් ගන්න කැමති අය ඉන්නවා නම් ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද මනුස්සයෙක්ට මෝඩයෙක් වෙන්නත් අයිතිය තිබිය යුතු නිසා සහ මිනිස්සුන්ට මෝඩ වැඩ කිරීමට තියෙන අයිතිය වෙනුවන් අපි පෙනී සිටිය යුතු නිසා. මොකද හැමෝටම 'නිදහස්' මිනිස්සු වෙන්න කියලා බල කරන්න බැහැ. එනිසා කැමති අයට කැමති මහදැනමුත්තෙක්ගේ උපදෙස් අරගෙන ඒවා 'තමාගේ' ජීවිතය තුළ පිළිපදින්න පුළුවන්, අනිත් අයට හානියක් හරි බලපෑමක් හරි නොවන විදියට.

අවුල තියෙන්නේ තමා මහදැනමුත්තෝ කියල හිතාගෙන ඉන්න අය කිව්ව පළියට හැමෝටම ඒ පඬිවදන් අනුගමනය කරන්න කියලා බලකරන්න යන එකෙයි, සමාජයේ නීති සහ රීති වගේ දේවල් ඒ පඬිවදන් මත පදනම් වෙමින් හදන්න, පවත්වාගෙන යන්න හදන එකෙයි.

හරි නම් වෙන්න ඕන පණ්ඩිතයෙක්ගේ පඬිවදන් උපුටා දක්වමින් ඒ වදන් පණ්ඩිතයෙක්ගේ කටින් ආපු ඒවා නිසාම එහෙම කරන්න ඕනෑය කියන එක නෙමේ.. අවංක සංවාදයකින්, බුද්ධිමත් කරුණු දැක්වීම් වලින්, තර්කානුකූලව ඉදිරිපත් කෙරෙන විචාර වලින් නිගමන වලට එන එකයි (ඕක ඉතින් ලොවෙත් නොවෙන එකත් වෙනම කතාවක්)

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, යම් පූජකයෙක් හෝ භික්ෂුවක් යම් දෙයක් ගැන තමා පිළිගන්නවා (කියල කියන) ආගම හරි දර්ශනය තුළින් ඒ ඉගැන්වීම් හුවා දක්වමින් කතා කරන එක සාධාරණයි. මොකද ඒක ඔවුන්ගේ ජොබ් එක. ඔවුන්ගේ පැවැත්ම රඳාපවතින්නේ ඒ මත.

දැන් මෙහෙම උදාහරණයක් ගමු. මිනීමරන එකෙන් වැළකිය යුතුය, මිනීමැරුවොත් ඒකේ පළවිපාක මෙහෙමය කියලා ආගමික ඉගැන්වීම් හුවා දක්වමින් ඒවා තමාගේ අනුගාමිකයන්ට කියලා දෙන එක සාධාරණයි (මිනීමරන්න යන අයට පිරිත් නූල් බඳින එක ඉතින් වෙනම කතාවක්)

ඒත් ගෑණු අය කොටට අඳින්න හොඳ නැහැ, මොකද සංස්කෘතියට කෙළවෙන නිසා වගේ කතාවක් භික්ෂුවක් කියනවා නම් හරි නම් ඒක එච්චර සීරියස් ගන්න ඕන කතාවක් නෙමේ.

මොකද ගෑණු කොටට ඇඳීම හෝ නොඇඳීම කියන එක ගැන කතිකාවත ඇතිවෙන්න ඕන ආගමික පදනමකින් නෙමේ. ඒක ගැන කතිකාවත එන්නේ වෙනස් පදනමකින්. එතනදි භික්ෂුවගේ මතය සමාන වෙන්නේ තවත් එක් පුද්ගලයෙකුගේ මතයට පමණයි. (ඔන්න බුදුහාමුදුරුවො කියල තියෙනවා නම් කොටට අඳින්න එපා කියලා ඒ බණ පදය කටපාඩමින් ඇදලා අරින් එකත් වෙනම කතාවක්, ඒත් මම දැනුවත්ව එහෙම දෙයක් කියලා නෑ, බැරි වෙලාවත් එහෙම කියලා තියෙනවා නම් වෙන උදාහරණයක් ගමු ඈ)

තව එකක් ඔන්න ඔහේ කියලා දාන්නම්, අද බුදුබණ කියන එක පත්වෙලා තියෙන්නේ සමාජයේ තියෙන තවත් එක බොරු ෂෝ වලින් එකක් ගානට. බණ කියන උන් බණ කියන්නේත් බොරුවට, බණ අහන උන් බණ අහන්නේත් බොරුවට. කියන උන්වත් අහන උන්වත් දෙගොල්ලොම බණ පිළිපදින්නේ නැහැ. පිළිපදින්න උවමනාවකුත් නැහැ. කට්ටිය සෙට් වෙලා "අනේ අපේ බුදුන්ගේ දර්ශනය කොච්චර නම් සිරාද? මාරද?" බුදුබණ වෙනුවන් හයියෙන් සාධුකාරයක් දෙන්න බලන්න කිය කිය සාධුකාර දෙනවා. ආතල් එකක් ගන්නවා. එච්චරයි. (නේද?)

හරියට ජිම් එකක් ඉස්සරහට ගිහින් එළියට වෙලා "අනේ මේ ජිම් එක මාරයි. ව්‍යායාම කරන බඩු හෙම ඔක්කෝම ගානට තියෙනවා. නියමයි ඈ" කිය කිය එළියට වෙලා ඉන්නවා වගේ වැඩක්. ජිම් එක සිරා නිසා ජිම් එක ආරක්ෂා කරගන්න කිය කිය එළියේ ඉඳගෙන මරා ගන්නවා වගේ වැඩක්.

අන්තිමට බල්ද්දි ජිම් එක ඇතුලේ ව්‍යායාම කරන්න බල්ලෙක්වත් නෑ. මකුළුදැල් බැඳිලා, පාළුවට ගිහින්. කට්ටිය එළියේ ඉඳගෙන ජිම් එක ගැන ගුණ වයනවා. ඔන්න ඔහොම සීන් එකක් තමා අද වෙලා තියෙන්නෙ.

ගිහියෝ හාමුදුරුවරු වෙන්න හදද්දි හාමුදුරුවරු ගිහියෝ වෙන්න හදනවා. 

මොනවා වුනත් හදිසියේ හරි බුදුන්වහන්සේ අද වෙන දේවල් දැක්කා නම්.. තමාගේ භික්ෂු ශාසනයේ ඈයෝ නිවන් මග සොයනවා වෙනුවට, තමන් සාර සංඛේය කල්ප බර ගානක් පට්ටම කට්ටක් කාලා හොයාගත්තු දර්ශනය ගිහියන්ට දේශනා කරනවා වෙනුවට, කොහේදෝ තියෙන රටවල්.. ජාතීන්.. සංස්කෘතීන් වලට 'ඇලිලා' මෝහයෙන් අන්ධ වෙලා සමහර ගිහියන්ටත් වඩා චාටර් තත්වයට වැටිලා ඉන්න හැටි දැක්කා නම්.. උන්වහන්සේ එතනම හාර්ට් ඇටෑක් එකක් හැදිලා ඔන් ද ස්පොට් පිරිනිවන් පාන එක නම් බුදුම ශුවර් බවත් කියන්නෝන (පොඩි විහිලුවක් විතරයි.. දෙන මැසේජ් එක ගන්න. කේන්ති යනවා නම් උපේක්ෂාව ප්‍රගුණ කරන්න.. ඒ ක්‍රමය සංකීර්ණ වැඩිනම් හොඳ හුස්මක් අරගෙන එකේ ඉඳලා දහයට ගනින්න)

නිදහස් චින්තනයේ සරණයි

2015 මාර්තු 10 ලියූ සටහනකි.

15 comments:

  1. පරිණතභාවය ♥♥♥ රිදෙන තැන් උපරිම රිදෙන්න ලියනවා.. ජයෙන් ජය සහෝදරයා..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන්

      Delete
  2. මට උන ඇත්තම සිද්දියක් කියන්නම්.
    මම ඩිවොස් වෙලා ඉන්නෙ, ඒක මගෙ පව්ද්ගලික කාරනාවක්.
    ළඟකදි අපේ පොඩි උත්සවයකට ආවා මහන කෙනෙක් (රෙදි නෙවෙයි).
    හිටපු කෂ්ටිය හෝගාල වඳිනවා පොර කකා. මම වැන්දෙ නෑ.
    ඉතින් වටේ කට්ටිය අහනව අයියා ආගමේද අරකද මේකද ඒවත් වෙනම කතා.
    ඉතින් ටික වෙලාවක් යනකොට මේ පොඩි නම එක්ක මූනට මූන සෙට් වෙලා ආව ගිය විස්තර කතා කරන්න ගත්තා හමුවුන මුල්ම දවස නිසා.
    සාදු : මේ මහත්මය ලංකාවෙ කොයි පලාතෙද?
    මම : ආ, මම xxx. සාදු.
    සාදු : එතකොට මෙහෙට ඇවිත් කොච්චර කල්ද
    මම : දැනට අවු xx විතර වෙනවා
    සාදු : එතකොට නෝන මහත්තය? ලමයි එහෙම ඉන්නවද ඒ අයත් මෙහෙමද ඉන්නෙ ?
    මම : නෑ සාදු මම තනියම ඉන්නෙ?
    සාදු : අනේ ඇයි ඒ අයත් මෙහෙට ගෙන්න ගන්න එපැයි මහත්මයා
    (මට දැන් මලේ හොඳම එක )
    මම : නෑ සාදු මම ඩිවෝස් වෙලා ඉන්නෙ.
    සාදු : අනේ හපොයි, කොච්චර කල්ද, එතකොට දරුවො? දැන් කොහෙද ඒ ඇත්තො ඉන්නෙ?
    මම: ඒ ගොල්ලත් මේ කිට්ටුවම ඉන්නව සාදු.
    සාදු: මහත්මය දවසක මට ඒ අයව මුන ගස්සවන්ඩ, එහෙම හොඳ නෑනෙව, ඔය දෙපලව මම කොහොම හරි ආයෙමත් එකතු කරනවා.
    (මට දැන් මල නෑ, හිනා, මූ වැල වලට ආස පොරක්ද කොහෙද )
    මේ පොස්ට් එකේ ලියවිල තියෙන් ගොඩක් දෙවල් මගේ හිතට ආව මූට කියන්න. ඒත් ඉතින් මම නොවැන්දට වටේ ඉන්න උන්ට මූට වඳින්නත්,
    උන්ට මෝඩ වෙන්නත් තියෙන අයිතියට ගරු කරල, නෑ සාදු අවශ්‍ය නෑ කියල මම නිහඬ උනා.

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඒ වගේ වෙලාවට නිශ්ශබ්දව ඉන්න එකයි වඩාත් සුදුසු. මනුස්සයෙක් ජීවිත කාලයක් තිස්සෙ තියාගෙන ඉන්න අදහස්, ආකල්ප.. එක සංවාදයකින් වෙනස් කරන්න බැහැ.

      මේ තියෙන්නෙ මම දික්කසාදය ගැන ලියපු කෙටි සටහනක්. වෙලාවක් ඇත්නම් කියවන්න :)
      http://magewalpal.blogspot.com/2016/07/blog-post_97.html

      Delete
    2. @ AnonymousDecember 13, 2016 at 12:50 PM

      හාමුදුරු කෙනෙකුට සාදු කියලා කථා කල තෝ අමු මැට්ටෙක් බව පෙනෙනවා. සාදුලා ඉන්නේ හින්දු ආගමේ. තොපි බුද්ධාගම ගැන මූලික දැනුමක්වත් නැතුව එනවා පඬි ටෝක් දාන්න.

      ඒ හාමුදුරුවෝ උත්සාහ කලේ තොගේ පිට ගිය තෝ පිට යන නිසා තෝව අතහැරිය ගෑනිව ආපහු එකතු කරලා තොට ආපහු අනාගතයක් හදලා දෙන්න. පවුල් ජීවිත ගොඩනැගීම බුද්ධ දේශනාවට එකඟයි. තොපි වගේ මෝඩ හැත්ත ඒවා දන්නේ නැතුව මේ වගේ ගොන් කථා කියන්න එපා. තොගේ මෝඩකම තමයි පෙනෙන්නේ.

      Delete
    3. AnonymousDecember 14, 2016 at 9:29 AM
      ඇනෝ, මෙ සිද්ධිය උනේ මීට අවුරුද්දකට විතර කලින්.
      ඒ හාමුදුරුවොන්ගෙ පැටිගිරිය සේරම දන්නවා මම දැන්.
      ඒක මෙතන ලිව්වොත් ඔයාට දුවන්න වෙන්නෙ.
      කොහොම උනත් ඔය ඇනෝ මහත්මය තව තවත් බන භාවනා කරල සිත සන්සුන් කර ගන්න.
      සුවපත් වේවා

      Delete
    4. උඹේ ඔලමොට්ටල කමට මම දුවන්නේ මොකටද. ඉස්සෙල්ලාම උඹයි නාගත්තේ. උඹේ දික්කසාදේ අපිට අදාළ නැහැනේ. හාමුදුරුවෝ හොඳ නැත්නම් වෙන හාමුදුරු කෙනෙක් ලඟට පලයන්. බුදුහාමුදුරුවොත් එක ගුරුවරයෙක් හොඳ නෑ කියලා හිතුනම වෙන ගුරුවරයෙක් හොයාගෙන ගියා. නමුත් අර නරක ගුරුවරයා විවේචනය කළේ නැහැ. උඹලා වගේ මැට්ටෝ තමයි එහෙම කරන්නේ. විවේචනය කරන්න කලින් හිතපන් හරියට පවුල් ජීවිතයක්වත් ගෙනියාගන්න බැරිවුණ උඹ කොහොමද බුද්ධාගම විවේචනය කරන්නේ. මැට්ටා.

      Delete
  3. //////බණ කියන උන් බණ කියන්නේත් බොරුවට, බණ අහන උන් බණ අහන්නේත් බොරුවට/////////

    සහතික ඇත්ත ඕයි.....මුන් දෙගොල්ලොම ඇවිත් ඔය දෙකම නොකරන අපිට බනිනවා. මචං අපිට ඇත්තයි, බොරුවයි එකසිය ගානට පැටලිලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එකඟයි.. බෞද්ධ දර්ශනයට අනුව ජීවත් 'නොවීම' සිංහලබුද්ධාගමේ ප්‍රධානම ලක්ෂණයක්

      Delete
    2. මේක කියවල බකස් ගැවුන.

      Delete
  4. Aththatama superb bana tika!Bohoma pahadiliyi!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මේව තමා නිරා-බණ

      Delete
  5. පවුල් ජීවිතය ගැන හාමුදුරුවරු උපදෙස් දෙන්නේ ක්‍රම දෙකක් අනුව. එකක් තමයි පවුල් ජීවිතයක් ගතකල බුදුහාමුදුරුවන් විසින් තම අත්දැකීම් ඔස්සේ කල දේශනා. අනික එදිනෙදා සමාජයේ පවුල් සංස්ථා තුළ ඇතිවන අර්බුද, බුද්ධිමත් පුද්ගලයන් වශයෙන් නිරීක්ෂණය කිරීම සහ විශ්ලේෂණය කිරීම.

    මොකද හාමුදුරු වරුන්ට විතරක් මෙහෙම කියන්නේ? යේසුස් වහන්සේ පවුල් කාරයෙක් නෙවෙයිනේ. සමහර කතෝලික නිකාය වල පූජා ප්‍රසාදීන් වහන්සේලා විවාහකයන් නෙවෙයිනේ. නමුත් ඒ අය පවුල් කෑම ගැන දෙන උපදෙස් මිනිස්සු පිළිගන්නවනේ.

    තමුසෙලා වගේ මජර ගොන් නාම්බන්ට නහය විදලා ලනුවක් දාලා ඇදගෙන ගිහින් ලෝක ධර්මය සහ යථාර්ථය උගන්නන්න කෙනෙක් නැති එක ගැනයි දුක.

    ගොනා වුනාට මේ විදිහට ප්‍රසිද්ධියේ උම්බෑ කියන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ඔහේ උම්බෑ කියලනේ.

      Delete
  6. එයාලට විවාහ දිවියේ අවුල් ගැන අත් දැකීම් නෑ කියන්නේ ඇයි, ගොඩක් පවුල් අවුල් ඇති උපාසිකාවෝ සැනසීම ලබා ගන්නේ පන්සලෙන් තමයි, ගැටළු සහිත අය හඳුනගන්න එයාලට හොඳට ඉව තියනවා. ඔයි කොළුකාරයෝ හැරුනාම අනිත අය සේරමලා ඒ සේවය ලබා දෙනවා, ඕව ප්‍රසිද්දියේ කියලා උපාසක මහත්තුරුන්ට ලජ්ජා කරන්න හොඳ නැති නිසා වෙන බයිලා කියනවා, අපි ඒවාට සාදු සාදු කියනවා.

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...