Showing posts with label සිංහලබුද්ධාගම. Show all posts
Showing posts with label සිංහලබුද්ධාගම. Show all posts
Tuesday, September 5, 2017
සිවුරුකරුවෝද මනුෂ්යයෝය
තරුණ හාමුදුරුනමක් තරුණියක්ව සිපගන්නවා වගේ පේන සිද්ධියක් ගැන වීඩියෝවක් ගැන සයිබරයේ කතා බහක් ඇති වෙලා තියෙනව දැක්කා. නමුත් වීඩියෝවේ පේන විදියට එතන මොකක්ද වෙන්නේ කියල පැහැදිළිව කියන්න බැහැ (මේ බ්ලොග් පෝස්ටුවත් එක්ක ඒ වීඩියෝවේ පල නොකරන්නේ ඒ නිසයි). මොක වුනත් මේ වීඩියෝව ගැන සයිබරයේ පලවෙලා තිබ්බ අදහස් නිසා මේ ටික ලියන්න තීරණය කලා.
වීඩියෝවේ සිද්ධ වෙන්නේ මොක වුනත් ඔය වගේ සිදුවීම් වලදි සමාජය ප්රතිචාර දක්වන්නේ එකම විදියට.
මේ වගේ දෙයක් දකිද්දි බෞද්ධයෙක්ට නම් තරහක්, කේන්තියක් එන්න පුළුවන්. මොකද ඒ අය මේ වීඩියෝවේ සිවුරක් ඇඳගෙන ඉන්න මනුස්සයාට මුළු ජීවිත කාලයටම ඔය විදියට හැසිරෙන එක සම්මතයෙන් තහනම් කරල තියෙන නිසා. (මේ හැසිරීම අපේ සංස්කෘතියේ සම්මත හැසිරීමක් නොවන බව ඇත්ත. නමුත් මේ වීඩියෝව ශෙයාර් වෙන්නේ මේ මනුස්සයා සිවුරක් ඇඳගෙන සිටීම කියන කරුණම හයිලයිට් කරගෙන). ඒත් මනුස්ස හැඟීම් ආගමික සංකල්ප වලින් ෆිල්ටර් නොවෙන මට මේක දැක්කාම මුලින්ම ආවේ කේන්තියක්වත් තරහක්වත් නෙමේ, අනුකම්පා සහගත හැඟීමක්
අපිත් ඔය වයසෙදි ඔය වගේ වැඩ කරල තියෙනව (ඔච්චර නෝන්ඩි වෙන්න හැමෝටම පේන්න නම් නෙමේ හැබැයි). ඒත් මේ කොල්ලට (භික්ෂුවට) ඒ කොල්ලා ඉන්න තත්වය අනුව ඒ වයසෙදි අපි වගේ ෆිල්ම් හෝල් එකකට යන්න , පාර්ක් එකකට යන්න , ඒසී බස් එකක අන්තිම සීට් එකේ මුල්ලට ගිහින් කෙල්ලෙක් එක්ක ඉඳගන්න , රූම් එකකට යන්න බැහැනෙ. ඉතින් හරි හෝ වැරදි මේ කොල්ලා ඒ අවස්ථාවේ පාලනය කරගන්න බැරි හැඟීම් වලට යටවෙලා ගත්ත තීරණය තමා මේ දැන් රටක් ලෝකයක් ඉස්සරහා දිග ඇරෙන්නෙ.
අපි කරපු දේවල්, අපි විඳපු අත්දැකීම්, අපි ලබපු ආදරය ලබන එක මේ මනුස්සයාට සමාජයෙන් අහිමි කරල. පොඩි කාලෙම සමාජයෙන් වෙන් වුන, සමාජයෙන් නියම කරන ලද වෙනස්ම ජීවන රටාවක් අනුගමනය කරන්න නියම කරල. සමාජයේ අනිත් මිනිස්සුන්ට වඩා දැඩි කොන්දේසි සහිත සංවෘත රාමුවක් අස්සේ ඒ මනුස්ස හැඟීම් බලෙන් කොටු කරල.
ඒකට හිලව් විදියට නිකං දෙන බත් පිඟාන ඇතුළු පැකේජයක් සමාජය විසින් දෙන බව ඇත්ත. නමුත් ඒක ඒ මනුස්සයා වැඩිහිටියෙක් විදියට ගත්ත තීරණයක් නෙමේ. නොතේරෙන වයසේ දරුවෙක්ව ඒ ජීවිතයට බලෙන් ඇදල දාන්නේ තේරෙන වයසේ ඉන්න අපි.
මේ වගේ දේවල් දැක්කාම බෞද්ධයන්ගේ ස්ටෑන්ඩර්ඩ් ප්රතිචාර විදියට එන්නේ "සිවුරු හරින්න පුළුවන්නෙ, ඇයි ශාසනයට අපහාස කරන්නේ, මුංට නම් හෙණ ගහනවා" වගේ කතාවල්. නමුත් මගේ පුද්ගලික අදහස තමා සිවුරු අරින එක ඔය කියන තරම් ලේසි වැඩක් නෙමේ කියන එක. එතනදිත් ඒ මනුස්සයට අපි දීලා තියෙන්නේ අමාරු තීරණයක්. අපි කොයිතරම් අසාධාරණද?
මම ඉස්කෝලේ යන කාලේ මට සිංහල උගන්නපු සර් සිවුර අතහරින භික්ෂුන් ගැන පන්තියේදී දවසක් කිව්වා මෙහෙම කතාවක්,
"වදාපු අම්මගෙන්, තාත්තගෙන් පවා වැඳුම් අරගෙන, මිනිස්සු පිනට දීපු දානෙ ටික කකා ඉඳල, කරදඬු මහත් වෙලා සිවුර අත අරිනවා කියන්නේ මහාම මහා කරුමක්කාර වැඩක්. ඒ වගේ කරුමක්කාරයෝ මැරිලා උපදිනවා ප්රේතයෝ වෙලා. ඊට පස්සේ උන් බලන් ඉන්නවා මිනිස්සු මලපහ කරනකන්. උන් කන්නේ ඒ මලපහ. ආන්න ඒ තරම් බරපතල දෙයක් තමයි සිවුර හරිනවා කියන එක"
ඔන්න ඔහොම කතාවක් තමා මට සිංහල උගන්නපු ගුරුදෙවියා කිව්වෙ..
කතාවෙ ඇත්ත නැත්ත පැත්තකින් තියමු. ඒත් මේ තරම්ම නැති වුනත් සමාජයේ සිවුර අත හරින්නන් ගැන තියෙන්නේ සෘණාත්මක ආකල්පයක්කියන එක රහසක් නෙමේ.
කොටින්ම සිවුරු අරින එක ලේසියි කියන කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් හිතන්න, එක දිගට අවුරුදු 25ක් 30ක් එකම රස්සාව කරලා එකපාරම ඒ රස්සාව අත ඇරලා වෙනම ජීවන ක්රමයක් තෝරගෙන වෙනම ජීවන රටාවකට හැඩගැහෙන එක ගිහියෙක්ට වුනත් කොයි තරම් අමාරු දෙයක්ද කියල.
ඒ අතින් බලපුවම, අපි මේ කුඩා ළමයිව මහණ කරලා ඒ අසරණයන්ව හිර කරන්නේ මර උගුලකට.
ඒ අසරණයන් වැඩිවියට පත් වුනාම හැකි සෑම පුංචි අවස්ථාවෙන් පවා ජීවිතය 'විඳින්න' දතකන එක, අපි වගේ වෙන්න හදන එක, අපි දකින්නේ මහා වැරැද්දක්, පාපකර්මයක් විදියට.
භික්ෂූන් ගිහියන් විදියට හැසිරෙන හැම අවස්ථාවකදිම ඒ අයට ඇඟිල්ල දික් කරන බෞද්ධයො මතක තියාගන්න ඕන කාරණය තමා භික්ෂුව දෙසට එක ඇඟිල්ලක් දික් වෙද්දි තමාගෙ පැත්තට ඇඟිලි හතරක් එල්ල වෙන බව.
බෞද්ධයන්ගේ ඒ චෝදනා සර්ව සාධාරණ වෙන්නේ භික්ෂූ ජීවිතය කියන්නේ වැඩිහිටියෙක් විසින් තේරුමක් ඇතුව යන්නා තීරණයක් වෙච්චි සමාජ ක්රමයක් ඇතුලෙ විතරයි. මොකද එහෙම තත්වයකදි, කෙනෙක් භික්ෂු ජීවිතය කියන්නෙ මොකක්ද කියල දැනගෙන කැමැත්තෙන් ඒකට ඇතුළත් වෙලා භික්ෂූන්ට සමාජයෙන් ලැබෙන වරප්රසාද විඳින ගමන් ගිහියන් විදියට හැසිරෙනව නම්, එතනදි ඒ අයට සාධාරණ චෝදනාවක් කරන්න පුළුවන්.
නමුත් හයක් හතරක් නොතේරෙන ළමයෙක්ව වැඩිහිටියන් විසින් භික්ෂු ජීවිතයට බලෙන් ඇතුල් කරලා ඒ ළමයා වැඩිහිටියෙක් වුනාම තමන් කියන විදියට හැසිරෙන්නේ නෑ කියන එක සාධාරණ චෝදනාවක් නෙමෙයි.
මට වයස අවුරුදු 30යි. මට පුළුවන් මගෙ කැමැත්තට අනුව කිසිම ප්රශ්නයක් නැතුව බාර් එකකින් අරක්කු බෝතලයක් අරගෙන මට තියෙන නිදහස පාවිච්චි කරලා ඒක රසවිඳින්න. ඒත් මගෙම වයසෙ ඉන්න තවත් අවුරුදු 30ක තරුණයෙක්ට මම කරන ඒ දේම කරන එක සමාජයෙන් තහනම් කරල. "උඹට ජීවිත කාලයටම අරක්කු බොන්න බැහැ.. කෙල්ලෙක්ගෙ අතින් අල්ලන්න බැහැ" කියල ඌට සමාජය කියන්නේ ඌ නොදරුවෙක් කාලෙ ඉඳලම. ඌටත් වැඩිහිටියෙක් වුනයින් පස්සෙ "නෑ මටත් අරක්කු බොන්න ඕන.." කියල හිතෙනවා නම් ඒක සාධාරණ නැද්ද?
ලොකුම වැරැද්ද, අරක්කු බොන එකද? (අරක්කු බොන එක වැරැද්දක්ම නෙමේනෙ). අම්මා තාත්තාගෙන් පවා වැඳුම් ලබල සිවුර අතහරින එක මාරම නෙගටිව් දෙයක් විදියට දකින සමාජයක් ඇතුලෙ ඉඳගෙන සිවුරු නොහරින එකද? සිවුරක් ඇඳගෙන අරක්කු බොන එකද? පොඩි කාලෙ ඉඳලම තෝ කවදාවත් අරක්කු බොන්න එපා, මේ විදියට හිටපිය කියල නියම කරන එකද?
මොළයක් තියෙන මනුස්සයෙක් නම් මේ ටිකෙන් ලොකුම වැරැද්ද මොකක්ද කියන තේරෙන්න ඕන. ඉතාම සරල කාරණයක්නෙ.
මේ මීනිස්සු ගෙවන්නේ අසරණ ජීවිත..
තවත් මිනිස්සු කොටසකගේ සමාජ ආර්ථික ගැටළු, මානසික ෆැන්ටසි, දේශපාලන අවශ්යතා වෙනුවෙන් හිලව් වෙන අසරණයෝ
විඳවන ජීවිත ජීවත් වෙලා, සමාජ චින්තනයම ආපස්සට අදින සංවිධානයක කොටස්කාරයෙක් වෙලා, රටටවත් ලෝකයටවත් අඩුමගානේ තමාටවත් වැඩකට නැති ජීවිතයක් ගත කරලා මැරිලා යනවා.
පව් !
අපි වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන මනුස්ස ප්රාණියෙක්ගේ අවශ්යතා සහ උවමනා... ආශාවල්... කහ රෙදි කෑල්ලකට වහලා දාන්න පුළුවන් නම්.. මේ තියෙනවාය කියන සසර දුකට, ඇලීමට හොඳම විසඳුම කහ රෙදිකෑලි වෙන්න ඕන නේද?
මොහොතක් හිතන්න.
Wednesday, August 30, 2017
පොහොය දින වල රට පුරා සියළු වෙළඳ සැල් වසනු !
ඉහත ලිපිය කියවන්න. කදුරුවෙල ජයන්ති විහාරයේ ධම්මපාල හිමිපානන්ගේ යෝජනාව කෙතරම් කාලෝචිත යෝජනාවක්ද සිතන්න. මෙම යෝජනාව එම ප්රදේශයට පමණක් සීමා නොකොට රට පුරා ක්රියාත්මක කල යුතු යෝජනාවක් නොවේද මිත්රවරුනි?
ලංකාවේ බහුතරයක් බෞද්ධයන්ය. පෝය යනු බෞද්ධයන්ගේ දිනයකි. පෝයට බෞද්ධයන් හැසිරිය යුත්තේ බෞද්ධයන් විදියටය. පෝයට අබෞද්ධ ක්රියාවල නිරතවිය නොහැක.
ඒ නිසා පෝය දවස් වලට අනෙක් සියලු අමතර වැඩවල නිරත වීම තහනම් කොට බාල, ළමා, වැඩිහිටි, ගැහැණු, පිරිමි, මහළු, අන්ධ, ගොළු, බීරි සියල්ලන්ටම පන්සල් යාමද අනිවාර්ය කල යුතුය. මන්ද හෙළයේ අනාගතය බාර ගැනීමට සිටින දරුවන් හරි මාර්ගයේ යැවීමට පෙර ඔවුන්ට මඟපෙන්වීමට සිටින වැඩිහිටියන් හරිමාර්ගයේ යැවිය යුතු නිසාය.
ඉන් නොනැවතී පෝදාට පන්සල් යාමට බාධාවන සියලු දේ රට පුරා තහනම් කොට සියලු දුරාචාර වලින් තොර දිනයක් සේ ගත කිරීමට සියලුම සිංහලබෞද්ධයින්ව පෙළඹවිය යුතුය.
ඒ සඳහා,
එදින බාර් වැසිය යුතුය, මස්කඩ වැසිය යුතුය, නිකන් කඩත් වැසිය යුතුය, Food City වැසිය යුතුය, බැංකු ඇරලා නම් ඒවත් වැසිය යුතුය, A.T.M මැෂිනුත් ක්රියා විරහිත කල යුතුය, විශේෂයෙන් පර සුද්දා හඳුන්වා දුන් ක්රිකට් මැච් බැලීම නැවැත්විය යුතුය, ක්රිකට් මැච් TV එකේ පෙන්වීම නැවැත්විය යුතුය, සංගීත සංදර්ශන තහනම් කල යුතුය, TV රේඩියෝ වල සින්දු ටෙලිනාට්යය චිත්රපට පෙන්වීම තහනම් කොට බණ සහ දහම් සාකච්ඡා පමණක් විකාශය කල යුතුය. පෙට්රල් ශෙඩ් වැසිය යුතුය, කොණ්ඩා කපන සැලූන් වැසිය යුතුය, පෙම්වතුන් පෙම්කිරීමට යොදා ගන්නා උද්යාන වැසිය යුතුය(ගෝල් ෆේස් ද ඇතුළුව), චිත්රපට ශාලා වැසිය යුතුය, සියලූම ලැගුම්හල් සහ හෝටල් වැසිය යුතුය, පෙම්වතුන්ට පෙම්කිරීම තහනම් කල යුතුය (ඔවුන් පෙම්කිරිමට බහුල ලෙස යොදාගන්නා දුරකථන සහ SMS පහසුකම් බ්ලොක් කල යුතුය), දේශපාලනය කතා කිරීම නැවැත්විය යුතුය. Facebook යාමට සහ වැල බැලීමට අප තරුණ පරපුර වැඩියෙන්ම යොදාගන්නා internet පහසුකම් බ්ලොක් කල යුතුය, කාන්තාවන්ට ඇඳීමට සිහළබෞද්ධ න්යායාචාරවරුන්ගේ අනුමැතිය සහිත dress code එකක් නිර්දේශ කල යුතුය. එය නොඇඳ ජංගි සේ කොට සායවල් සහ ඇඟට හිර ඩෙනිම් කලිසම් අඳින ගැහැණු ළමුන්ට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගත යුතුය.
එකී මෙකී නොකී ධර්මානුකූල නොවන සියලු දේ තහනම් කොට ධර්මානුකූල දේ පමණක් කල යුතු බවට සඳහන් කරමින් නීති සම්පාදනය කල යුතුය.
රෝගීන් වෙනුවෙන් රෝහල් පමණක් ක්රියාත්මක කල යුතුය. රෝහල් වලද මුළු රෝහලටම ඇසෙන අන්දමට පිරිත් දැමීම අනිවාර්ය කොට නීති ගෙන ආ යුතුය.
එදින සියල්ලන් බණ ඇසිය යුතුය, බණ කිව යුතුය. බණ දැමිය යුතුය. දහම් සාකච්ඡාවල නිරත වී දහම් දැනුම වැඩිකරගත යුතුය. සියලුම දෙනා එදින පන්සල් ගොස් ධර්මානුකූලව දවස ගත කල යුතුය.
අනෙක් ආගම් වල අයට සිය නිවෙස් වලට වී එළියට යන්නේ නැතිව විවේක සුවයෙන් ගත කල හැකිය. මේක බෞද්ධයින් බහුතරයක් ඉන්න රටක් නිසා ඔවුන් එයට එකට විය යුතුය (දැනටමත් පෝය දිනයන්හි යම් මට්ටමකට එය සිදුවන නිසා ලොකු ප්රශ්නයක් ඇති නොවනු ඇත)
හොඳින් කිව්වම තේරෙන්නේ නැත්නම් බලෙන් හරි අපේ රට ගොඩගත් යුතුය. පන්සල් යාම සහ ධර්මානුකූලව දවස ගත කිරීමට අමතර දේ කරන අයව අත් අඩංගුවට ගත යුතුය. දඩ ගැසිය යුතුය. හිරේ දැමිය යුතුය. දඬුවම් කල යුතුය.
දැන්ටමත් අප පමා වැඩිය. කලයුතු දේ තේරුම් ගෙන පිටකොන්ද ඇති සිහළුන් සේ දැන්වත් ක්රියාත්මක නොකල හොත් අපේ අනාගත පරපුර නිදහස්ව හිතන, අපේ යල් පැනගිය ආකල්ප පසෙකලා අනාගතයට ගැලපෙන සමාජයක් නිර්මාණය කිරීමට පෙළඹෙන, අපේ ජාතිය ආගමට ඇති ආලය පසෙකලා මනුෂ්යත්වයට මුල් තැන දෙන මිත්යාදෘෂ්ඨික කාලකණ්ණින් පිරිසක් බවට පත් වනු ඇත.
Thursday, January 19, 2017
මචන්, බුදු සසුන වෙනුවෙන් මහණ වෙන්න කැමතිද?
තමන්ගෙ ආගමේ ශාසනය රැකගන්නය කියල හයක් හතරක් නොතේරෙන පොඩි උන් මහණ කරනවට පක්ෂව කීබෝර්ඩ් එකෙන් කෑගහන උඹෙන් තමයි ඒ ප්රශ්නය අහන්නෙ..
ශාසනය වෙනුවෙන්ය කියල තමාගෙ ජීවිතය ගැනවත් තීරණ ගන්න තරම් මෝරලා නැති පොඩි එකෙක්ව වැඩිහිටියන් එකතු වෙලා මහණ කරනවට උඹ එකඟ නම්,
ඇයි ඔය කියන ශාසනය රැකගන්න උඹට මහණ වෙන්න බැරි? කියන එක වලංගු ප්රශ්නයක්ය කියන එක උඹටම තේරෙනවා ඇති.
සමහර විට උඹ කියයි "දැන් මගෙ ජීවිතය යන පාරක් තියෙනව.. මට ඉලක්කයන්, බැඳීම් තියෙනව.. එනිසා මට මහණ වෙන්න බැරිය.. පරක්කු වැඩිය" කියල
දැන් කතාව එහෙම නම්, ඊළඟට එන ප්රශ්නය තමා තේරෙන වයසට ඇවිත් ඉන්න උඹට කරන්න බැරි වැඩක් ඇයි නොතේරෙන වයසෙ ඉන්න පොඩි එකෙක්ට කරන්න කියන්නෙ කියන එක.
දැන් හිතහං මෙහෙම
උඹ ඉපදෙද්දිම වෙනත් පාර්ශවයක් විසින් තීරණය කරනවා උඹ මේ ලෝකෙට ආපු දවසේ ඉඳලා ගත කරන්න ඕන ජීවන ක්රමය, ඒ උඹට උඹ ගැන තීරණ ගන්න තරම් තේරුමක් නැති වයසකදි. ඒ ජීවන ක්රමය උඹ වටා ඉන්න, උඹ දකින, උඹ ජීවත් වෙන සමාජයේ ඉන්න අනිත් මිනිස්සුන්ගේ ජීවන ක්රම වලට වඩා සංවෘතයි. කටුකයි. නිරසයි.
දැන් උඹ එන්න එන්න ලොකු මහත් වෙනව. උඹට එන්න එන්න අනිත් මිනිස්සු විඳින මානසික, ශාරීරික සැප පේනවා. වයසෙන් වැඩෙද්දිම අනිත් හැමෝටම වගේ උඹේ ආශාවල් වැඩෙනවා. ඕනෑ එපාකම් වැඩි වෙනවා. උඹ නව යොවුන් වයසට එද්දි උඹටත් යාන්තම් එනවා ආසාවල්, කෙල්ලෙක් එක්ක/කොල්ලෙක් එක්ක කතා කරන්න, තනි වෙන්න, විහිලු තහලු කරන්න, හිනා වෙන්න.. ඒ වයසේ ඉන්න නීරෝගී ළමයෙක් වෙච්චි උඹත් අනිත් උන් වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන මනුස්සයෙක් නිසා උඹටත් එනවා ආසාවක්, හැකි සෑම අවස්ථාවකම පුළු පුළුවන් විදියට ලාවට හරි, තමාටම හොරෙන් හරි ජීවිතය චූට්ටක් විඳින්න.
තව පැත්තකින් උඹට හැම වෙලේම මතක් වෙනවා උඹට තියෙන සීමා, මායිම්.. සමාජය උඹෙන් බලාපොරොත්තු වෙන දේවල්. බලාපොරොත්තුවෙන හැසිරීම් රටා.
උන් උඹව සෑහෙන උඩින් තියලා, ඉහටත් උඩින් උඹෙන් දේවල් බලාපොරොත්තු වෙනවා, උන්.
උඹව උඩින් තියලා උන් ඉල්ලන්නේ උඹව, උඹේ ජීවිතය..
නමුත් පොඩ්ඩක් කල්පනා කරල බැලුවම තේරෙනව උඹ නියෝජනය කරන්නේ උන්ගේ ජීවිත වල තියෙන දාහකුත් එකක් වෙච්චි ෆැන්ටසික ආශා වලින් එකක් විතරයි කියන එක
මේ කාරණය ගැන අවංකව හිතල බැලුවොත් තේරෙයි අම්මා තාත්තා සහෝදර සහෝදරියො එක්ක ගත කරන්න තිබ්බ උඹෙ ළමා කාලය විතරක් නෙමේ, සම වයසෙ යාලු මිත්රයො එක්ක කෙළිදෙලෙන් සතුටින් සිනහවෙන් ගත කරන්න තිබ්බ උඹේ නව යොවුන් වයස, පෙම්වතියක් එක්ක ආදර සුව විඳිමින් ගත කරන්න තිබ්බ උඹෙ වැඩිහිටි වයස.. මේ ඔක්කොම.. ඒ කියන්නෙ මව් තුරුලෙ හිටපු උඹෙ ජීවිතයම සමාජය විසින් උදුරගෙන උඹව උන්ගෙ දේශපාලන/ආගමික ප්රොජෙක්ට් එකක ඉත්තෙක් කරගෙන කියල
දැන් සමහර විට උඹ කියයි පොඩි කාලෙම මහණ කෙරුවට ඒ දරුවා වැඩිහිටියෙක් චුනාම කැමැත්තෙන්ම සිවුර අත ඇරලා සාමාන්යය ජීවිතයක් ගත කරන්න පුළුවන් නෙ කියල.
ආයෙත් නැවතිලා පොඩ්ඩක් හිතහන් සිවුර අත ඇරලා අයින් වෙන එක ලේසි දෙයක්ද කියන එක ගැන.
හාමුදුරු නමක් අමතක කරන්න, අවුරුදු 25ක් විතර එක දිගට කරපු ජොබ් එකක් එකපාර අත ඇරලා වෙනම ජීවන රටාවකට හැඩගැහෙන්න ගිහියෙක්ට කොච්චර අමාරුද?
අනික උඹ එහෙම කිව්වට උඹෙ හෘද සාක්ෂිය දන්නවා සිවුර අතහැරපු කෙනෙක් දිහා සමාජය කොයි තරම් සෘණාත්මක විදියටද බලන්නෙ කියන එක
"එහෙම බැලුවොත් පොඩි ළමයෙක්ව බලෙන් ඉස්කෝලෙ යවන්නත් බැහැ"
ඕක තමයි පොඩි උන්ව බලෙන් මහණ කරන එක වෙනුවෙන් පෙනී ඉන්න උඹේ අවසන් ප්රශ්නය. අන්තිම තුරුම්පුව
ඒත් උඹ හොඳාකාරවම දන්නවා පාසැල් අධ්යාපනයෙන් වෙන්නෙ දරුවෙක්ට අනාගතයෙදි තමාට කැමති වෘතියක් තෝර ගන්න මූලික අඩිතාලමක් දැමීම පමණක් බව. එහෙම තියාගෙන උඹට බැහැ පැවිදි ජීවිතයට ඇතුලත් කරන එක ඉස්කෝලෙ යාමට සමාන කරන්න. ඒකයි ඇත්ත කතාව.
අන්තිමට කියන්නෙ තියෙන්නෙ එක දෙයයි. කොයිතරම් හොඳ අරමුණකින් වුනත් මව් තුරුලෙ ඉන්න අහිංසක දරුවෙක්ව තමාගෙ අම්මගෙ ආදරය නැති වෙනත් වැඩිහිටියන්ගෙන් පිරුන අවකාශයකට අත ඇරල දානව කියන්නෙ මහා පව්කාර වැඩක්
ඒ නිසයි පොඩි දරුවෙක්ට ඒ දේ කරනවට පක්ෂව හඬනඟන උඹෙන් අන්තිමට අහන්නෙ

Thursday, December 15, 2016
ආගම් වලට උපහාස, අපහාස කිරීම ගැන
ආගමක් යනු කුමක්ද? මේ ප්රශ්නයට එක් පිලිතුරක් ඉදිරිපත් කිරීම අපහසුයි. 'ආගම' යන වචනයට විවධාකාර අර්ථ දැක්වීම් දිය හැකියි. ආගම යනු ස්වභාවදර්මය, ජීවිතයේ හෝ විශ්වයේ ස්වභාවය සහ එහි අරමුණ, සදාචාරය (හොඳ, නරක) ගැන කියැවෙන විශ්වාසයක් හෝ විශ්වාස මාලාවක එකතුවක් කියන එකයි මගේ අදහස. නැත්නම් මම ඉහත සදහන් කල කරුණු ගැන සත්යයන් යැයි පැවසෙන අදහස් මාලවන් (truth claims) කියා හදුන්වන්න පුලුවන්.
'ආගම' යන දෙයට කෙතරම් අර්ථදැක්වීම් ඉදිරිපත් කලත් ඒ සියලුම අර්ථ දැක්වීම් වලින් පැහැදිලිවන්නේ ආගම යනු මම ඉහත සඳහන් කල කරුණු ගැන කියැවෙන 'අදහස්' මාලාවක් බවයි. එනම් ආගම යනු යම් මාතෘකාවක් ගැන යම් කෙනෙක් හෝ යම් පිරිසක් එකඟවූ, පිලිගන්නා මතවාදයක්.
මිනිස් ඉතිහාසය පුරාම මෙවන් එකිනෙකට විරුද්ධ මත දරන ආගම් ඉතා විශාල සංඛ්යාවක් පැවතුනා. වර්තමානයේදීත් පවතිනවා. ඒ එක් එක් ආගම් සහ ඒවායින් කියැවෙන කරුණු/ඉගැන්වීම් දෙස බැලූ විට පෙනීයන්නේ ඒවා සෑම විටම එකිනෙකට විරුද්ධ අදහස් දරණ බවයි.
එක් මාතෘකාවක් ගැන, එකම කාරණයක් ගැන, එකහා සමාන කරුණක් ගැන එකිනෙකට විරුද්ධ අදහස් දෙකක් ඇත්නම්,
ඒ අදහස් දෙකෙන් එකක් පමණක් සත්යය විය යුතුයි. අනෙක අසත්යය විය යුතුයි. (හෝ)
ඒ අදහස් දෙකම අසත්යය විය යුතුයි.
නමුත් කිසිවිටෙකත් අදහස් දෙකම සත්යය වන්නේ නෑ.
මේ අනුව ලෝකයේ මෙතෙක් පැවතුන දහස් ගනනක් ආගම් ස්වභාවදර්මය, ජීවිතයේ හෝ විශ්වයේ ස්වභාවය සහ එහි අරමුණ, සදාචාරය (හොඳ, නරක) ගැන එකිනෙකට විරුද්ධ අදහස් ඉදිරිපත් කර ඇති නිසා,
ඒ ආගම් අතරින් එක් ආගමක් පමණක් සත්යය විය යුතුයි. (හෝ)
ඒ ආගම් සියල්ල අසත්යය විය යුතුයි.
නමුත් අද සමාජයේ පවතින පොදු සම්මුතියක් නම් මේ 'ආගම්' යන අදහස් මාලාවන් (සියල්ලම අසත්යය වන හෝ එකක් හැර අන් සියල්ල අසත්යය වන) විවේචනයෙන් සහ උපහාසයෙන් තොර, ඒවායින් ආරක්ශාවූ අදහස් ලෙස සැලකීමයි. මිනිසුන් විශාල සංඛ්යාවක් ආගම් අදහන මිනිසුන් වීම නිසා තමාගේ ආගම විවේචනයෙන් සහ උපහාසයෙන් ආරක්ශා කරගැනීමේ අරමුණින් අන් සියල්ලන්ගේ ආගම් වලටත් ඒ අයුරින්ම සැලකීමේ පොදු සම්මුතිය නිසා කල්යත්ම මේ 'ආගම්' කියන අදහස් මාලාවන් යම් පිරිසකගේ 'මතයන්' එකතුවක් යන කරුණ අමතකවී ගොස් මේ අදහස් 'ශුද්ධවූ අදහස්' අයුරින් දැකීම යන තත්වයටම අද පත්වී තිබෙනවා.
එනම් (එකක් හැර හෝ සියල්ලම) අසත්යය වන මතවාදයන් එකතුවක් විවේචනයෙන් සහ උපහාසයෙන් තොර මාතෘකා බවට පත්වී ඇත. අප රට වැනි විශාල වශයෙන් ආගමට නැබුරුවූ රටවලදී මේ අදහස් මාලාවන් සාකච්ඡාවටවත් විවෘත වන්නේ නෑ.
නමුත් කිසිම රටක කිසිම සමාජයක මිනිසුන් එදිනෙදා ජීවිතයේදී තම අනෙක් අදහස් දෙස මේ අයුරින් බැලීමට පෙලබෙන්නේ නෑ. දේශපාලනය, ක්රීඩා, කලාව, සංගීතය වැනි ඕනෑම මාතෘකාවක් විවේචනයට, ප්රශ්න කිරීමට, උපහාසයට විවෘතයි. කිසිම විශේෂ සැලකිල්ලක්, ගරුත්වයක් එම අදහස් වලට ලැබෙන්නේ නෑ. එය යම් මාතෘකාවක් ගැන යම් පුද්ගලයෙක්ගේ මතයක් පමණයි කියන එක ඕනෑම කෙනෙක්ට පැහැදිලියි. නමුත් මාතෘකාව ස්වභාවදර්මය, ජීවිතයේ හෝ විශ්වයේ අරමුණ, සදාචාරය ගැන කියැවෙන මාතෘකාවකට (ආගම කියන) වෙනස් කල විගසින් සාකච්ඡාව වෙනස් සවභාවයකට පත්වනවා. නීති රීති වලින් ආරක්ෂා වූ, සීමා සහිතව කතාකල යුතු, සාකච්ඡාවට බඳුන් නොකරනවා නම් වඩාත් හොඳ, ආකල්පයක් මිනිසුන්ගේ සිත් තුල නැගෙනවා. සාකච්ඡාව බොහෝවිට එතනින් අවසන් වනවා, ඉදිරියට ගෙන යාමක් සිදුවන්නේ නෑ. නමුත් ඇත්තටම බැලුවොත් සාකච්ඡා කරන්න තිබෙන වටිනාම මාතෘකාව ස්වභාවදර්මය, ජීවිතයේ හෝ විශ්වයේ අරමුණ, සදාචාරය නොවේද?
මනුශ්යයන් දෙදෙනෙක්ට සාකච්ඡා කල හැකි මාතෘකා වලින් උතුම්ම මාතෘකාව "හොඳ, නරක" , "හරි, වැරැද්ද", "සත්යය , අසත්යය" යන මාතෘකාව නොවේද ?
වටිනාම මාතෘකාව ගැන අදහස් ප්රකාශ කිරීමට වැට කඩොලු අපි විසින්ම දමාගෙන තිබෙන්නේ ඇයි? එක් එක් පුද්ගලයින්ගේ යම් මාතෘකාවන් ගැන තිබෙන අනෙක් අදහස් වලට තිබෙන සැලකිල්ලම නොවේද මේ මාතෘකාවටත් ලැබිය යුත්තේ ?
සෑම අවස්ථාවකදීම වගේ මේ මාතෘකාව ගැන කතා නොකිරීමට හෝ කතා කලත් විවේචනයෙන් හා උපහාසයෙන් තොරව වැට කඩොලු දමා කතා කිරීමට හේතුව නම් මිනිසුන් මේ මාතෘකාව ගැන කතා කරන විට අන් අවස්ථාවලදී දක්නට නොලැබෙන ආකාරයට සංවේදී වීමයි. වෙනත් අවස්ථාවලදී මෙන් විරුද්ධ මතයන් හෝ උපහාසයන් දරා ගැනීමේ හැකියාවක් මේ අවස්ථාවේදී දක්නට ලැබෙන්නේ නෑ. හේතුව කුමක්ද? පැහැදිලිවම ඔවුන් එම විරුද්ධ අදහස් දිහා බලන ආකාරය සහ එම අදහස් බාර ගන්නා විදිහ නිසයි මේ ගැටලුව ඇති වන්නේ. යම් හේතුවක් නිසා ඔවුන්ට තේරුම් ගැනීමට නොහැකිවනවා මේ කතා කරන්නේ තමාගේ මතයක් ගැන මිසක් තමා ගැන නොවන බව. එකග නොවෙන්නේ, ප්රශ්න කරන්නේ, උපහාසයට ලක් කරන්නේ පුද්ගලයෙක්ව නොව, අදහසක් බව.
ඇත්තටම මෙතන තිබෙන්නේ විවේචනය හා උපහාසය දිහා බලන විදිහේ ප්රශ්නයක්. පහත ලින්ක් එකේ එක් පරීක්ශනයක් ගැන සදහන් වනවා. එම පරීක්ශනයෙන් ලැබෙන එක් නිගමනයක් අප මේ කතා කරන විශයට අදාලයි. පහත ලින්ක් එකෙන් දැක්වෙන්නේ එම පරීක්ශනයයි.
http://srilankanatheists.wordpress.com/2013/05/16/294/
එම පරීක්ශනය ගැන කියවන විට ඔබට පෙනෙයි දුබුරු පාට ඇස් ඇති ලමුන් තමාට " දුබුරු පාට ඇස්" කියා අමතන විට එය අපහාසයක් ලෙස භාරගත් බව. එයට හේතුව නම් වෙනයම් කෙනෙක් විසින් ඔවුන්ගේ මනසට දැමූ ආකල්පයක් නිසා ඔවුන් එසේ තමාට 'දුබුරු පාට ඇස්" කියා වෙන කෙනෙක් ඇමතූ විට එය ඔවුන් විසින් අපහාසයක් ලෙස භාරගත් නිසයි. නමුත් ඒ කතාව කිසිම ලෙසක අපහාසයක් ලෙස භාරගත යුතු කතාවක් නොවේ. තේරුමක් රහිත කතාවක්. නමුත් එයින් පෙනීයන්නේ යමෙක් යම් දෙයක් භාරගන්නා විදිහ, හිතන විදිහ මෙවන් නිශ්ඵල ගැටලු ඇතිවීමට හේතුව බවයි. කෙනෙක් තමාට තරහ ඇති කරනයම් ප්රකාශයක් (offend) වන දෙයක් තෝරා ගත් විට එය කොතරම් තේරුමක් නැති දෙයක් වුනත් විශාල ප්රශ්න ඇති කරනවන්නක් බව පැහැදිලියි.
ආගම ගැන කතාකරන විටත් මේ දෙය මේ ආකාරයෙන්ම සිදුවනවා නොවේද ? මේ ගැටලුවට හේතුව මිනිසුන් විසින් මේ මාතෘකාව ගැන කතා කරන විට අර දුබුරු පාට ඇස් තිබූ ලමයින් ලෙස හැසිරීම නොවේද? ඔවුන් එය බාර ගත්තේ නැතිනම් ප්රශ්නයක් වෙන්නේ නෑ. එය බාර ගත යුතුත් නෑ, මොකද අය පුද්ගලිකව එල්ල කරන ප්රහාරයක් නොවේ, තම මතයන්ට එල්ල කරන ප්රහාරයක් නිසා. නමුත් කිසියම් හේතුවක් නිසා ඔවුන් අනෙක් මාතෘකාවලදී offend නොවීමටත් ආගම ගැන කතා කරන විට offend වීමටත් තෝරාගෙන තිබෙනවා, හරියට අර දුබුරු පාට ඇස් තිබෙන ලමයින් වගේ.
මිනිසුන් තේරුම් ගත යුතුයි තමා යම් දෙයක් හරියි කියල සිතුව පමණින් අනෙක් අය එයට එකග විය යුතු නැති බව. මෙයට ආගම හොදයි කියා තමා සැලකීම සහ 'ආගම විවේචනයෙන්, උපහාසයෙන් තොර විය යුතුයි' කියන තමා දරණ මතයත් ඇතුලත් බව තේරුම් ගත යුතුයි. තමා එසේ සිතුව පමණින් අන් අය එසේ සිතන්න ඕනෙ කියල කියන්න බෑ.
නිදහසේ තම අදහස් ප්රකාශ කිරීමේ අයිතියට 'විවේචනය කිරීමේ අයිතිය සහ උපහාසයට ලක් කිරීමේ අයිතිය' ඇතුලත් බව අමතක නොකල යුතුයි. තමාට කේන්ති යන නිසා තවකෙක්ගේ අදහස් ප්රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට උත්සාහගන්නන් නොකියා කියන්නේ, තමාට තමාගේ හැඟීම් පාලනය කරගත නොහැකි නිසා අන් අය ඔවුන්ගේ කටවල් වසාගෙන සිටිය යුතු බව නොවේද? සමාජයක ජීවත් වන විට තම හැඟීම් පාලනය කරගත නොහැකි අය 'වැඩිහිටියන්' ලෙස හැදින්විය හැකිද?
මගේ මිත්ර කුමාර සංකල්ප විසින් ඉදිරිපත් කල අදහසක් පහත දැක්වේ.
අප සමාජය තුළ ඓහිකවාදී ස්ථාවරයට පහර වදින විවිධ මතයන් ඉදිරිපත් වීම සුලභ හා සාමාන්ය දෙයකි.. එලෙස ඉදිරිපත් වන මතයන් අතරින් කිහිපයක් වනුයේ,
1. රජය විසින් යම් ආගමකට ප්රමුඛස්ථානය දී සුරැකිය යුතුය.
2. රජය විසින් ආගම් විවේචනය කරන හා උපහාසයට ලක් කරන කාටූන්, පොත්පත්, නාට්යය වැනි මාධ්යයන් තහනම් කළ යුතු ය.
3. ඒ ඒ පාසල් ඒ ඒ ආගම් හා අනුබද්ධ විය යුතු ය.
4. සැමට බලපාන පොදු නීති යම් ආගමක නීති හා ගැටේ නම් ආගමික නීතින්ට මුල්තැන දිය යුතු ය. (උදා - 1/ හැදුනුම්පත සදහා ගනු ලබන ඡායාරූපය සදහා මුහුණ නිරාවරණය කළ සිටිය යුතු ය. නමුත්, ''ආගමික නිදහස'' යටතේ හිජාබයෙන් මුහුණු ආවරණය කරගෙන හැදුනුම්පත සදහා වන ඡායාරූපයට පෙනී සිටිය හැකි ය. 2/ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම පිළිබදව වන නීති රජයේ ඉඩම් තුල අනවසර ලෙස සෑදූ බුදුපිළිම වලට අදාල නොවේ.)
ඉහතින් සදහන් කළ මතයන් යුක්තිසහගත යැයි බොහෝ දෙනා පිළිගනු ලැබේ. අදේවවාදය (atheism) වැනි නිර්-ආගමික ස්ථාවරයක සිටින බොහෝඅය පවා මෙයින් එකක් කෙරෙහි හෝ අනුවේදනයක් ඇති අය වන්නට පුලුවණි. නමුත්, ඉහත සදහන් මතයන් ඇත්තටම සාධාරණීකරණය කර ඇති ඒවාද? ඒ පිළිබද විමසා බැලීම පිණිස පහත චිත්ත පර්යේෂණයේ නියැලෙන්න.
ඉහත වාක්යියන්ගේ "ආගම්" යන වචනය වෙනුවට "දේශපාලන පක්ෂ" යන යෙදුම ආදේශ කරන්න. එලෙස ආදේශ කළවිට අපට ලැබෙනුයේ,
1. රජය විසින් යම් දේශපාලන පක්ෂයකට ප්රමුඛස්ථානය දී සුරැකිය යුතු ය.
2. රජය විසින් දේශපාලන පක්ෂ විවේචනය කරන හා උපහාසයට ලක් කරන කාටූන්, පොත්පත්, නාට්යය වැනි මාධ්යයන් තහනම් කළ යුතු ය.
3. ඒ ඒ පාසල් ඒ ඒ දේශපාලන පක්ෂ හා අනුබද්ධ විය යුතු ය.
4. සැමට බලපාන පොදු නීති දේශපාලන පක්ෂයන්ගේ නීති හා ගැටේ නම් දේශපාලන පක්ෂ වල නීතින්ට මුල්තැන දිය යුතු ය.
ආගමික භක්තිකයින් ද ඇතුලු සෑම දෙනාම පාහේ මෙම වාක්යයන් හා එකග වීමට ඇති සම්භාවිතාවය ඉතා අල්ප ය. උදාහරණයක් ලෙස, විවේචනය යනු ප්රජතාන්ත්රික සමාජයක යහපත් අංගයකි. එමෙන්ම, උපහාසය යනු කථන නිදහසේ මූලික අංගයකි. එබැවින්, යම් දේශපාලන පක්ෂයක් කොතරම් කාරුණික පක්ෂයක් වුවත් එම පක්ෂය විවේචනයට හා උපහාසයට නිර්මුක්ත වන්නේ නැත. නමුත්, මෙම වාක්යන්ට එරෙහි වන අතරම මේ වාක්යය්න්ගේම ''ආගමික වර්ෂන්''' වලට එකග වීමේ හේතුව කුමක්ද?
සමහර කොටස් දරන මතයක් නම් ආගම විවේචනය සහ උපහාසයට ලක්කිරීම වැරැද්දක් නැති වුනත් 'අපහාසය' වැරදි දෙයක් බව. මෙහිදී නැගන ගැටලුව නම් විවේචනය, උපහාසය සහ අපහාසය වෙන් කරගන්නා මිම්මක් නොමැති වීමයි. දැඩි ආගම් භක්ත්කයෙක් ඔහුගේ ආගමට එකඟ නොවන ඕනෑම ප්රකාශයක් ඒ ආගමට කරන අපහාසයක් ලෙස භාරගැනීමට පුලුවන්. එවන් උදාහරණ ඉතිහාසයේ ඕනෑ තරම් දක්නවට ලැබුනු බව සියල්ලන් දන්නා දෙයක්. 'උපහාසය සහ අපහාසය' අතර වෙනස එක එක්කෙනා එක එක ආකාරයට මනින දෙයක්. එය පුද්ගලයා අනුව වෙනස් වනවා. එනිසා අන් අයගේ කතාකිරීමේ නිදහසට සහ අදහස් ප්රකාශ කිරීමේ නිදහසට ගරු කිරීම හැර වෙනත් විකල්පයක් නෑ.
ආගම් අදහන මිනිසුන් විසින් ඔවුන්ගේ ඇදහිලි සහ විශ්වාස වලට අනුව සමාජයන් පාලනය කිරීමට ගන්නා උත්සහය නවතන තුරු, ඔවුන්ගේ විශ්වාස සහ ඇදහිලි නිසා අන් අයගේ ජීවිත වලට වන බලපෑම නතරකරන තුරු, ඔවුන්ගේ විශ්වාසය සහ ඇදහිලි ඔවුන්ගේ පුද්ගලික ජීවිත වලට පමණක් සීමා කරගන්නා තුරු, "ආගම විවේචනයෙන් සහ උපහාසයෙන් ආරක්ශා වියයුතුයි" යන ප්රකාශය කිරීමටවත් ඔවුන්ට සදාචාත්මක අයිතියක් නෑ.
මිනිසුන් තමතමන්ගේ "ආගම්" පුද්ගලික අදහස් සහ සංකල්ප වශයෙන් පමණක් සලකනවා නම් ඒ ගැන විවේචන කිරීමේ ලොකු අවශ්යතාවයක් මතුවන්නේ නෑ. නමුත් ගැටලුව නම් මේ "ආගම" යන දෙය පුද්ගලික විශ්වාස වලට පමණක් සීමා නොවීමයි. මුලු සමාජයක් පාලනය වන රීති මෙන්ම අප රට වැනි සෙකියුලර් ක්රමයක් දක්නට නොලැබන රටවල නීති පවා මේ "ආගම" යන සංකල්පය මත ගොඩ නැගීම නිසා මෙය අනිවාර්යෙන්ම සාකච්ඡාවට, විවේචනයට, සහ උපහාසයට විවෘත විය යුතුයි. අන් සෑම අදහසක්, මාතෘකාවක් වගේම. ඕනෑම දෙයක් සමාජයේ ප්රසිද්ධියට , සමාජයේ ඉදිරියට, සමාජයට බලපාන දෙයක් බවට පත්වූ විට එයට එකම සැලකිල්ල ලැබිය යුතුයි. දේශපාලනය, සිනමාව, සංගීතය, ක්රීඩා සහ ආගම වැනි සියලුම දේ.
මීට කලින් වෙනත් තැනක මේ මාතෘකාව ගැනම කෙටියෙන් මම ඉදිරිපත් කල අදහසක් උපුටා දක්වමින් මේ සටහන අවසන් කරන්නම්.
"කෙනෙක්ට යම් විශ්වාසයක්, ආගමක් ඇදහීමට තිබෙන අයිතියට ගරු කරනවා, නමුත් ඔහුගේ එම විශ්වාසයට හෝ ආගමට ගරු කරන්නේ නෑ"
තවත් සරලව කියනවා නම්, ඉන්දියවෙ මිනිස්සු හරකට වදිනවා.එහෙම කොටසක් ඉන්නවා. මම ඔවුන්ගේ ඒ හරකට වදින්න තියෙන අයිතියට ගරු කරනවා. එයට කිසිම විරුද්ධත්වයක් නෑ. විරුද්ධ වෙන්න අයිතියකුත් නෑ මට බලපෑමක් නැති නිසා. නමුත් මම ඒ හරකට ගරු කරන්න යන්නේ නෑ අනෙක් අය හරකට වැන්දා කියල. මම හරකට "හරක්වහන්සේ" කියන්න යන්නෙත් නෑ. හරක එද්දි මගේ හිස්වැසුම ගලවන්නේ නෑ. මම හරකට කියන්නේ හරක කියල.හරකට සලකන්නේ හරකට වගේ. ඔවුන්ගේ විශ්වාසය ඔවුන්ගේ මිසක් මගේ නෙමේ. හරකට වැදල ඔවුන්වගේ හරකගේ මුත්රා ඔලුවෙ ගා ගන්න යන්නේ නෑ. හරකගේ මුත්රා ශුද්ධවූ මුත්රා කියල ඔලුවේ ගාගන්න එකාට මූ නම් නියම මෝඩයෙක් කියල හිනා වෙන්නත් මම පසුබට වෙන්නේ නෑ. මොකද මම හිතන විදිහට ඔහු කරන්නේ උපහාසයට, සිනහවට ලක් විය යුතු ක්රියාවක් නිසා."
ඔවුන්ට හරකා උතුම් උනාට මට ඌ හරකෙක්."--

Tuesday, December 13, 2016
හාමුදුරුවො බණ ටෝකින්ග්
අද පෝය
භික්ෂූන් විසින් ගිහියන්ට ජීවත් වෙන හැටි කියල දෙන දවස.
ඔය බණ, දේශනා, ඔවදන් අස්සෙ හැංගිලා තියෙන උත්ප්රාසය තමා මේක.
ඒ කිව්වෙ පූජකයන් හරි භික්ෂූන් හරි ගිහියන්ට පවුල් කන හැටි, ජීවත් වෙන හැටි කියල දෙන්න එන එක හරියට ජීවිතේට මූදක, වැවක, පූල් එකක බැහැපු නැති කෙනෙක් පිහිනුම් ක්රම ගැන උපදෙස් දෙනවා වගේ වැඩක් වීම.
ඒත් ඒ වගේ අයගෙන් උපදෙස් ගන්න කැමති අය ඉන්නවා නම් ඒකෙ කිසිම ප්රශ්නයක් නැහැ මොකද මනුස්සයෙක්ට මෝඩයෙක් වෙන්නත් අයිතිය තිබිය යුතු නිසා සහ මිනිස්සුන්ට මෝඩ වැඩ කිරීමට තියෙන අයිතිය වෙනුවන් අපි පෙනී සිටිය යුතු නිසා. මොකද හැමෝටම 'නිදහස්' මිනිස්සු වෙන්න කියලා බල කරන්න බැහැ. එනිසා කැමති අයට කැමති මහදැනමුත්තෙක්ගේ උපදෙස් අරගෙන ඒවා 'තමාගේ' ජීවිතය තුළ පිළිපදින්න පුළුවන්, අනිත් අයට හානියක් හරි බලපෑමක් හරි නොවන විදියට.
අවුල තියෙන්නේ තමා මහදැනමුත්තෝ කියල හිතාගෙන ඉන්න අය කිව්ව පළියට හැමෝටම ඒ පඬිවදන් අනුගමනය කරන්න කියලා බලකරන්න යන එකෙයි, සමාජයේ නීති සහ රීති වගේ දේවල් ඒ පඬිවදන් මත පදනම් වෙමින් හදන්න, පවත්වාගෙන යන්න හදන එකෙයි.
හරි නම් වෙන්න ඕන පණ්ඩිතයෙක්ගේ පඬිවදන් උපුටා දක්වමින් ඒ වදන් පණ්ඩිතයෙක්ගේ කටින් ආපු ඒවා නිසාම එහෙම කරන්න ඕනෑය කියන එක නෙමේ.. අවංක සංවාදයකින්, බුද්ධිමත් කරුණු දැක්වීම් වලින්, තර්කානුකූලව ඉදිරිපත් කෙරෙන විචාර වලින් නිගමන වලට එන එකයි (ඕක ඉතින් ලොවෙත් නොවෙන එකත් වෙනම කතාවක්)
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, යම් පූජකයෙක් හෝ භික්ෂුවක් යම් දෙයක් ගැන තමා පිළිගන්නවා (කියල කියන) ආගම හරි දර්ශනය තුළින් ඒ ඉගැන්වීම් හුවා දක්වමින් කතා කරන එක සාධාරණයි. මොකද ඒක ඔවුන්ගේ ජොබ් එක. ඔවුන්ගේ පැවැත්ම රඳාපවතින්නේ ඒ මත.
දැන් මෙහෙම උදාහරණයක් ගමු. මිනීමරන එකෙන් වැළකිය යුතුය, මිනීමැරුවොත් ඒකේ පළවිපාක මෙහෙමය කියලා ආගමික ඉගැන්වීම් හුවා දක්වමින් ඒවා තමාගේ අනුගාමිකයන්ට කියලා දෙන එක සාධාරණයි (මිනීමරන්න යන අයට පිරිත් නූල් බඳින එක ඉතින් වෙනම කතාවක්)
ඒත් ගෑණු අය කොටට අඳින්න හොඳ නැහැ, මොකද සංස්කෘතියට කෙළවෙන නිසා වගේ කතාවක් භික්ෂුවක් කියනවා නම් හරි නම් ඒක එච්චර සීරියස් ගන්න ඕන කතාවක් නෙමේ.
මොකද ගෑණු කොටට ඇඳීම හෝ නොඇඳීම කියන එක ගැන කතිකාවත ඇතිවෙන්න ඕන ආගමික පදනමකින් නෙමේ. ඒක ගැන කතිකාවත එන්නේ වෙනස් පදනමකින්. එතනදි භික්ෂුවගේ මතය සමාන වෙන්නේ තවත් එක් පුද්ගලයෙකුගේ මතයට පමණයි. (ඔන්න බුදුහාමුදුරුවො කියල තියෙනවා නම් කොටට අඳින්න එපා කියලා ඒ බණ පදය කටපාඩමින් ඇදලා අරින් එකත් වෙනම කතාවක්, ඒත් මම දැනුවත්ව එහෙම දෙයක් කියලා නෑ, බැරි වෙලාවත් එහෙම කියලා තියෙනවා නම් වෙන උදාහරණයක් ගමු ඈ)
තව එකක් ඔන්න ඔහේ කියලා දාන්නම්, අද බුදුබණ කියන එක පත්වෙලා තියෙන්නේ සමාජයේ තියෙන තවත් එක බොරු ෂෝ වලින් එකක් ගානට. බණ කියන උන් බණ කියන්නේත් බොරුවට, බණ අහන උන් බණ අහන්නේත් බොරුවට. කියන උන්වත් අහන උන්වත් දෙගොල්ලොම බණ පිළිපදින්නේ නැහැ. පිළිපදින්න උවමනාවකුත් නැහැ. කට්ටිය සෙට් වෙලා "අනේ අපේ බුදුන්ගේ දර්ශනය කොච්චර නම් සිරාද? මාරද?" බුදුබණ වෙනුවන් හයියෙන් සාධුකාරයක් දෙන්න බලන්න කිය කිය සාධුකාර දෙනවා. ආතල් එකක් ගන්නවා. එච්චරයි. (නේද?)
හරියට ජිම් එකක් ඉස්සරහට ගිහින් එළියට වෙලා "අනේ මේ ජිම් එක මාරයි. ව්යායාම කරන බඩු හෙම ඔක්කෝම ගානට තියෙනවා. නියමයි ඈ" කිය කිය එළියට වෙලා ඉන්නවා වගේ වැඩක්. ජිම් එක සිරා නිසා ජිම් එක ආරක්ෂා කරගන්න කිය කිය එළියේ ඉඳගෙන මරා ගන්නවා වගේ වැඩක්.
අන්තිමට බල්ද්දි ජිම් එක ඇතුලේ ව්යායාම කරන්න බල්ලෙක්වත් නෑ. මකුළුදැල් බැඳිලා, පාළුවට ගිහින්. කට්ටිය එළියේ ඉඳගෙන ජිම් එක ගැන ගුණ වයනවා. ඔන්න ඔහොම සීන් එකක් තමා අද වෙලා තියෙන්නෙ.
ගිහියෝ හාමුදුරුවරු වෙන්න හදද්දි හාමුදුරුවරු ගිහියෝ වෙන්න හදනවා.
මොනවා වුනත් හදිසියේ හරි බුදුන්වහන්සේ අද වෙන දේවල් දැක්කා නම්.. තමාගේ භික්ෂු ශාසනයේ ඈයෝ නිවන් මග සොයනවා වෙනුවට, තමන් සාර සංඛේය කල්ප බර ගානක් පට්ටම කට්ටක් කාලා හොයාගත්තු දර්ශනය ගිහියන්ට දේශනා කරනවා වෙනුවට, කොහේදෝ තියෙන රටවල්.. ජාතීන්.. සංස්කෘතීන් වලට 'ඇලිලා' මෝහයෙන් අන්ධ වෙලා සමහර ගිහියන්ටත් වඩා චාටර් තත්වයට වැටිලා ඉන්න හැටි දැක්කා නම්.. උන්වහන්සේ එතනම හාර්ට් ඇටෑක් එකක් හැදිලා ඔන් ද ස්පොට් පිරිනිවන් පාන එක නම් බුදුම ශුවර් බවත් කියන්නෝන (පොඩි විහිලුවක් විතරයි.. දෙන මැසේජ් එක ගන්න. කේන්ති යනවා නම් උපේක්ෂාව ප්රගුණ කරන්න.. ඒ ක්රමය සංකීර්ණ වැඩිනම් හොඳ හුස්මක් අරගෙන එකේ ඉඳලා දහයට ගනින්න)
නිදහස් චින්තනයේ සරණයි
2015 මාර්තු 10 ලියූ සටහනකි.
Thursday, September 29, 2016
ෆේස් බුක් ලයික් වලින් ජීවිත බේරා ගැනීම
"ප්රාර්ථනාව බලසම්පන්නයි ඔබත් එක සිතින් ප්රාර්ථනා කරන්න"
තරුණියක් හදිසි අනතුරකට මුහුණ දීම නිසා එකතැන් වෙලා. ඇයගේ පින්තූරයක් එක්ක ශෙයාර් වෙන පෝස්ට් එකක උඩින් දාලා තිබ්බා ඔහොම. පුළුවන් තරම් ලයික් කරන්නලු, ශෙයාර් කරන්නලු, සුවය ප්රාර්ථනා කරන්නලු.. එතකොට ඇය ඉක්මනින් සුව වෙයිලු.
මේවට තමයි අධිසදාචාරවාදී දුහුල් සළු වලින් තමාගේ හෙළුව වහගන්න දතකන මැටි වහන්සේලාගේ සුචරිතවාදී ගොන් පාර්ට් කියන්නෙ
මීට ටික කාලයකට කලින් මුලින්ම මම දැක්කේ ඕකේ කතෝලික වර්ෂන් එක.
'මේ අසරණ දරුවා වෙනුවෙන් ලයික් කරන්න', 'ආමෙන් කියල ටයිප් කරන්න', 'පිළිකාව එක්ක සටන් කරන මේ දරුවාට ලයික් කීයක් ගන්න පුළුවන් වෙයිද?'
කිය කිය දෙවියන්ගේ අවධානය අරගෙන දෙන්න ෆේස් බුක් ලයික් බොත්තම පාවිච්චි කරන්න හදනවා මොළේ කළඳක් නැති මෝඩ මන්දබුද්ධිකයො ටිකක් වගේ.
දෙවියන්වහන්සේයි ජේසුයි දෙපැත්තට වෙලා ලැප් ටොප් දෙකක් ඇරගෙන ෆේස් බුක් එක දිහා බලන් ඉන්නව ඇති ලයික් ගාන ගණන් කර කර
චේතනාව හොඳ ඇති. ඒක ඇත්ත. නමුත් මේ විකාර වලින් කරන්නේ තමා කිසිම කෙනෙක්ට කිසිම විදියකට උදව්වක් නොකරන ගමන්.. උදව්වක් කලාය කියල හිත සනසගන්න එක. තමා විසින් තමාගේම පිටට තට්ටු කරගෙන 'උඹ මාර හොඳ මිනිහෙක්' කියල කියවගන්න එක.
හවසට ගෙදර ඇවිදින් ෆෑන් එක ඉස්සරහා වාඩි වෙලා ලැප් ටොප් එකත් දාගෙන ඒකේ ඉඳන් ලයික් බොත්තම ඔබ ඔබ, ශෙයාර් බොත්තම ඔබ ඔබ මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න ක්රමයක් තියෙනවා කියල කියන ෆේස් බුක් පෝස්ට් දකිද්දි කොච්චර නම් ආතල්ද?
කොච්චර නම් ලේසියිද මනුස්සයෙක්ව වැටිල ඉන්න තැනින් ගොඩ ගන්න.. ලයික් එකක් දාන්න විතරයි තියෙන්නෙ. ආමෙන් කියන්න විතරයි තියෙන්නෙ.. ප්රාර්ථනාවක් කරන්න විතරයි තියෙන්නෙ.
ඔන් ද ස්පොට් බඩු බනිස් වෙලා ඔක්කොම ලෙඩ රෝග සුවපත් වෙනවා, ලෙඩ්ඩු හොඳ වෙනවා, කොරු ඇවිදිනවා, අන්ධයන්ට පෙනීම ලැබෙනවා, පිළිකා සනීප වෙනවා.. හරිම ජොලි වැඩේ !
මනුස්සයෙක්ට කරන්න මීට වඩා බූරු වැඩ තවත් තියෙනවද?
කාටවත් සතපහක උදව්වක් නොකරම උදව් කලා කියල හිතාගෙන සැනසෙන එක.. එහෙම උන්ට කියන්න තියෙන්නේ අර මර්වින්තුමා කියපු කතාවම තමයි
"අනේ, තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්...."
ලයික් වලින් ජීවිත බේරගන්න හදන එඩිතර කරුණාබර දයාවන්ත ගොං යක්කු !
Thursday, September 22, 2016
අනිත්යය ; ඔච්චරම අවුල්ද?
හැමදේම අනිත්යයිය. එනිසා මේ ලෝකයේ තියෙන දේවල් ඵල රහිතය. මිනිස් අත්දැකීමට විවෘත සියලු රසයන්, සියලු හැඟීම් එනිසාම තේරුමක් නැතිය වගේ කතාවක් ගොඩක් අය අහල ඇති.
සමහර විට වැඩිහිටියෙක්ගෙන්, සමහරවිට භික්ෂුවකගෙන්, සමහර විට ලවුඩ්ස්පීකර් කටකින්, සමහර විට පොත පතකින්, හරි මොකෙන් හරි; අපේ සමාජයේ මිනිස්සු අහල තියෙන, ඔලුවල මුල් බස්සවල තියෙන ඒ මතය ඇතුලේම තියෙනව ලොකු අවුලක්.
හැමදේම අනිත්යය බව ඇත්ත. වෙනස්වන සුළු බවත් ඇත්ත. නැසෙන සුළු බවත් ඇත්ත.
ඒත් ඒ අනිත්යය බව නිසාම මිනිසාට විඳිය හැකි සියලු රසයන්, අත්දැකීම්, හැඟීම්, ඵල රහිතද? තේරුමක් නැද්ද?
රසවත් ආහාර වේලක් ගද්දි දැනෙන රසය ඵල රහිතයි, මොකද ඒ රසවත් බව අනිත්යය නිසා; දීර්ඝ කාලයක් කැපවීමෙන් තමා ජීවිතයේ ලබන ජයග්රහණයක සතුට ඵල රහිතයි, මොකද ඒ සතුට තාවකාලික නිසා; මිහිරි සංගීත නාදයක් කණවැකෙද්දි දැනෙන ඒ හැඟීම ඵල රහිතයි, මොකද ඒ හැඟීම තාවකාලික නිසා.
ඔහොම කතාවක් නෙ කියන්නෙ
ඔය සංකල්පය ගොඬනැගෙන්නෙම යමක වටිනාකමක් තිබෙන්නට නම් ඒ හැඟීම තාවකාලික නොවිය යුතුය කියන පදනම මත.
ඔය සංකල්පය ඇතුලෙම තියෙන්නෙ, තාවකාලිකත්වයට සීමා නොවූ, සදාකාලික වූ සැප බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තු වෙන සදාකාලික සැප නොලැබීයාම තුළින් හටගන්නා ඉච්ඡාභංගත්වයක්. ලෝක යථාර්තය, ඒ කියන්නෙ තාවකාලික බව ඒ අයුරින්ම බාර ගැනීමට තියෙන අසමත්කමක්.
ඇයි රසවත් ආහාරයක් අනුභව කරන කෙනෙක්ට දැනෙන ඒ රසවත්බව තේරුමක් තියෙන්න බැරි, ඒ රසවත් බව තාවකාලික වෙලා?
රසවත් බවේ තේරුමක් තියෙන්න, ඒ රසවත් බව සදාකාලික වෙන්නම ඕනද? රසවත් ආහාරයක් ගැනීමේ අත්දැකීම ඵල සහිත දෙයක් වෙන්න ඒ ආහාරය පුටුවක් උඩ ඉඳගෙන සදාකාලිකවම කකා ඉන්න ඕනද?
ඕකයි ඔතනදි නැඟෙන ප්රශ්නය.
නමුත් ඇත්තටම හිතල බැලුවොත්, යථාර්තය එක්ක ගනුදෙනු කරන්න මීට වඩා හොඳ සංකල්පීය දැක්මක් අපිට හදාගන්න බැයිද?
රසවත් කෑම එකක් කන එකෙන් ලැබෙන ඒ රසය තාවකාලික නිසාම තමයි එහි වටිනාකමක් තියෙන්නෙ.
තමාගේ ජීවිතයේ විඳිනා හැම සතුටකම පසුපස ඇති යථාර්තය, හෙවත් තාවකාලික බව නිසාම ඒ දේවල් වලට එකතු වන්නේ වටිනාකමක් මිසක අර්ථ ශුන්යය බවක් නෙමේ.
හිතන්න.
තමා තමාගේ දරුවාව වඩා ගන්නා අවසාන අවස්ථාවක් කවදා හෝ උදාවෙනවා. තමා තමාගේ මවගේ, පියාගේ කටහඬ අහන අවසාන අවස්ථාවක් තියෙනවා. තම බිරිඳගේ, සැමියාගේ සිනහව දකිනා අවසාන අවස්ථාවක් තියෙනවා.
අවසාන අවස්ථාව බවද නැද්ද කියා නොදැන, එහෙම අවස්ථාවක් ඇති බව ගැන අවබෝධයෙන් තම දරුවාව වඩා ගනිද්දි, සිප ගනිද්දි, ඒ මානුෂීය හැඟීමට එකතු වන්නේ අසීමිත වූ වටිනාකමක් නොවේද?
ඒ තාවකාලික බව නිසාම, සීමිත බව නිසාම, මිනිස් අත්දැකීම් වල වටිනාකම තව තවත් වැඩි නොවනවා නොවේද?
තම මව, පියා කවදා හෝ මියයන බවේ යථාර්තයට මුහුණ දීමට තියෙන හොඳම ක්රමය ඔහු සමඟ/ඇය සමඟ ඇති බැඳීම නැති කර ගැනීමද? එසේත් නැතිනම් ඔහුත් සමඟ/ඇයත් සමඟ ගතකිරීමට ඇති කෙටි කාලයේ ඇති අසීමිත වටිනාකම තේරුම්ගෙන, ඒ අනුව කටයුතු කොට කවදා හෝ ඔවුන් මියයාමේ යථාර්තයට බුද්ධිමත් මනුෂ්යයෙකු සේ මුහුණ දීම නොවේද?
මෙවන් මතවාද බොහෝමයකට තියෙන්නේ ආගමික මූලයන්.
සමහර ආගම් වල මිනිස් ජීවිතය අවසන් වීමෙන් පසු එළඹෙනවා යැයි කියන සදාකාලික ජීවිතයක් උදෙසා මේ ජීවිතයේ කලයුතු කැපකිරීම්, පනවා ගත යුතු සීමාවන් ගැන උගන්වනවා. ඒවා තම අනුගාමිකයින්ව මානසිකව සිරකූඩු වල දැමීමෙන් සදාකාලික වූ සැපතක බලාපොරොත්තුවක් ලබා දෙනවා. මරණින් පසු තියෙනවාය කියල ඔවුන් උපකල්පනය කරනා ජීවිතයක් වෙනුවෙන්, පවතින බව සැබවින්ම දන්නා මේ ජීවිතයේ අරුත නැති කරගන්නවා.
ඒ සදාකාලික සැපතක් බලාපොරොත්තුවෙන්.
තවත් ආගම් වල සදාකාලික සැපතක් නොලැබීමේ දුකෙන්, හෙවත් සැපත තාවකාලික වීමේ ඉච්ඡාභංගත්වයෙන් ස්වභාවික වූ මිනිස් හැඟීම් සෘණාත්මක ලෙස අර්ථ දක්වනවා.
මේ සියල්ල සදාකාලික වූ සැපත කියන සංකල්පය හා බැඳුනු මිනිස් වියරුවේ ප්රතිඵල.
නමුත් මරණින් පසු සදාකාලික සැපතක් සොයා යාම වෙනුවට, මේ ජීවිතය ගැන අවධානය යොමු කරන්නන් කවදා හෝ 'මේ ජීවිතයේ' ගැටළු වලට සැබෑ විසඳුම් සොයා ගනීවි.
මොකද ආගමික පසුබිමකින් එන ප්රශ්න බොහෝ විට වැඩි අවධානයක් යොමු කරන්නෙ මරණින් පස්සේ තියෙනවා ඇතියි කියල උපකල්පනය කරන ජීවිතයකදී ඇතිවිය 'හැකි' ප්රශ්න වලටයි.
ඔවුන්ගේ ප්රශ්නය මරණින් පසු ජීවිතයයි.
මරණින් පසු ජීවිත ගැන ඉගැන්වෙන ආගම් මොහොතකට පසෙක තැබුව හොත් තේරුම් යාවි,ප්රශ්නය වන්නේ මරණයවත්, මරණින් පසු ජීවිතයවත් නොව, මරණයට පෙර අප ගත කරනා අපගේ මේ ජීවිත බව. වටිනාකම ඇත්තේ මරණින් පසු එහා ලෝකයක නොව, මේ ලෝකයේ අපට ලැබී ඇති අප මේ ගත කරනා ජීවිත වල බව.
ප/ලි - ආගමික ඉගැන්වීම් පිළිබඳ මෙහි සඳහන් කරුණු පදනම් වන්නේ පොදු සමාජයේ ඒවා ගැන බහුලව භාවිතා වන අර්ථදැක්වීම් අනුව මිස, ඒ ඒ ආගම් වල නියම අර්ථදැක්වීම් යයි ඒ ඒ ආගමික බහුශ්රැතයන් අතර ඇතිවන ශාස්ත්රීය කතිකාවන් මත නොවන බව කරුණාවෙන් සලකන්න. මෙහි සඳහන් ආගමික ඉගැන්වීම් පිළිබඳ අර්ථ දැක්වීම් සාවද්යය යැයි යම් ආගමික බහුශ්රැත පඬිවරයෙක් සිතයි නම්, මා ඔහුට යෝජනා කරන්නේ එම තමන්ගේ ආගමේ නිවැරදි ඉගැන්වීම් පිළිබඳව තමන්ගේ ආගමිකයන්ව දැනුවත් කරන ලෙසය. ඒ පඬිතුමාගේ අර්ථ දැක්වීම පොදුවේ භාවිතා වන අර්ථ දැක්වීම බවට පත් වූ පසු ලියවෙන මෙවැනි සටහන් වල එම අර්ථ දැක්වීම ගැන ලියැවෙනු ඇත. මන්ද, මා උනන්දු යම් ආගමික පුස්කොල පොත් තුල ඇති දේවල සත්ය/අසත්යය භාවයට වඩා ඒ ආගමික ඉගැන්වීම් වල සමාජයේ භාවිතය ගැන නිසාය.
Monday, September 19, 2016
ගෝත්රිකයාගේ සිට ශිෂ්ඨයා දක්වා…
මනුස්සයා ගෝත්රිකයෙක්ව සිටි කාලයේ ඔහු ගස් ගල් වලට ඇට කෑලි වලට නොයේකුත් වටිනාකම් ආදේශ කරමින් වන්දනාමාන කලා.
තමාගේ ගෝත්රයේ නායකයන්ට, ගෝත්රයේ පූජකයා විදියට හිටපු මනුස්සයාට උතුම් බවක් ආදේශ කරලා වන්දනාමාන කලා.
ඒ මිනිසා සාපේක්ෂව නොදියුණු ගෝත්රිකයෙක්ව සිටි කාලයේ.
21වන සියවසට එළඹිලා තියෙන මිනිසා දැන් සදාචාරාත්මකව, විද්යාත්මකව, බුද්ධිමය ලෙස සෑහෙන දියුණුයි. එනිසා දැන් ඔවුන් හැසිරෙන්නේ බුද්ධිමත්ව. ක්රියාකරන්නේ තර්කානුකූලව.
ඔහු දැන් ආදි කාලයේ වගේ ගස් (බෝධිය), ගල් (මක්කම, දාගැබ්, ප්රතිමා, පිළිම), ඇට කෑලි (නොයෙකුත් ශාන්තුවරුන්ගේ ශරීර කොටස්, දන්ත ධාතු, කෙස්) වගේ දේවල් වලට වටිනාකම් ආදේශ කරමින් වන්දනාමාන කරන්නේ එහෙම නෑ. තමාගේ ගෝත්රයේ හෝ රටේ නායකයාට (උදාහරණ සඳහන් නොකරමි), පූජකයන්ට (භික්ෂූන්ට) උතුම් බවක් ආදේශ කරලා වන්දනාමාන කරන්නේ එහෙම නෑ. මොකද මිනිසා තුළ සිටි ඒ හැඟීම් වලට වහල් වුන ප්රාථමික ගෝත්රිකයා වෙනුවට දැන් ඉන්නේ මනසින් දියුණු ශිෂ්ඨයෙක් නිසා.
ඒ අතින් ශතවර්ෂ ගාණකදී මිනිසා ගෝත්රිකයාගේ ඉඳලා ශිෂ්ඨයා දක්වා ලබල තියෙන ඒ දියුණුව විශ්මිතයි.
ඒ විතරක් නෙමේ, ආදි කාලයේ සදාචාරය කියන දේ සීමා වුනේ තමාගේ ගෝත්රයට පමණයි. මිනිසුන්, ගැහැණුන්, ළමුන් මරන එක ඔවුන් වැරැද්දක් ලෙස සැලකුවේ ඒ මිනීමැරුම තමාගේ ගෝත්රය තුළ සිදුවන තාක් පමණයි. වෙනත් ගෝත්ර වල මිනිසුන්ව, ගැහැණුන්ව හෝ ළමුන්ව ඝාතනය කරන එක වැරැද්දක් ලෙස ඔවුන් දැක්කේ නෑ. සදාචාරය පදනම් වුනේ තමා අයත් ගෝත්රය මතයි.
ඔහොම තත්වයක් තිබුන එදා වගේ නෙමේ අද. උදාහරණයක් වශයෙන් ගත්තාම සුනිල් රත්නායක කියන මිනීමරු සෙබළා විසින් කුඩා දරුවෙක්ගේ ගෙළ කපලා මරා දාපු බව ප්රජාතන්ත්රවාදී රාමුවක් තුල සිද්ධ වුන නඩුවිභාගයකින් ඔප්පු වුනාම කිසිම මනුස්සයෙක් ඔහුගේ ඒ ක්රියාව සාධාරණීයකරනය කරන්න ඉදිරිපත් වුනේ නෑ.
මොකද ශිෂ්ඨත්වයට පා තබා තියෙන අපේ සදාචාරය ගැන අවබෝධය ගෝත්රය, දේශසීමා, හමේ පාට වැනි පටු සීමා මත පදනම් නොවන නිසා.
අපි ගෝත්රිකයාගේ සිට ශිෂ්ඨයා දක්වා පැමිණ ඇති නිසා.
ඒ විතරක් නෙමේ, ආදි කාලයේ ගෝත්රිකයා තමා අයත් රැහේ කෙනෙක්ට තමා නොදන්නා රෝගයක් එහෙම වැළඳුනාම ඒ කෙනාව රැහෙන් වෙන් කරනවා. කොන් කරනවා. නැත්නම් ගහලාම පන්නලා දානවා.
මොකද ගෝත්රිකයාට ලෙඩ රෝග පිළිබඳ අවබෝධයක් තිබුනේ නැති නිසා.
වර්තමාන තත්වය එහෙම නෙමෙයි. වර්තමානය තොරතුරු තාක්ෂණය සතර දිග්භාගයේ පැතිරුන යුගයක්. මේ යුගයේ මිනිසා ඒ තාක්ෂණය යොදාගෙන මිනිසාට හානිකර ලෙඩ රෝග පිළිබඳ දැනුම ලබා ගන්නවා. බෝ වෙන අයුරු, ලෙඩ රෝගයක් වැළඳුන විට නිසි ක්රියාමාර්ග ගන්නා අයුරු ඉගෙනගන්නවා.
හදිසියේ කුඩා ළමයෙක්ගේ පියාට එහෙම එච්.අයි.වී රෝගය වගේ හැදුනා කියල දරුවාව කොන් කරන්න එහෙම යන්නෙ නෑ. දරුවාගේ අයිතිවාසකම් නැති කරන්න එහෙම යන්නෙ නෑ. කොන් කරනවා වෙනුවට කරන්නේ දරුවාව වැළඳගන්න එක. මොකද ශිෂ්ඨත්වයට සමගාමීව ඔහු ලැබූ දියුණුව සහ අවබෝධය නිසා.
දැන් කොහේවත්, විශේෂයෙන් අපේ රටේ එහෙම ගෝත්රිකයෝ විදියට හිතන, වැඩකරන මිනිස්සු එහෙම නෑ.
අපේ රටේ ඉන්නේ ශිෂ්ඨ විදියට වැඩ කරන ශිෂ්ඨයෝ. වසර දහස් ගණනකට කලින් ජීවත් වුන ගෝත්රිකයෝ විදියට වැඩ කරන ගෝත්රිකයෝ නෙමේ.
ඔන්න ඔහොමයි අපි ගෝත්රිකයාගේ සිට ශිෂ්ඨයා දක්වා පරිනාමය වෙලා තියෙන්නේ.
ඒ වෙනස ගැන අපි ආඩම්බර වෙන්න ඕන. ඒ වෙනසට අපි ගරු කරන්න ඕන
අපි තේරුමක් ඇතුවම ආඩම්බර වෙන්නේ ඒ නිසයි මිතුරනි. අපගේ ශිෂ්ඨකම ලෝකයටම පෙන්නන්න උදේ හවහ අපි ගැනම කයිවාරුගහ ගන්නේ ඒනිසයි.
අපි ගැන ආඩම්බරයි නම් ශෙයාර් කරන්න මිතුරනි. ආඩම්බරයි නම් ශෙයාර් කරන්න.
Monday, August 22, 2016
සිංහලබෞද්ධයාගේ හෙළුව
උපතින් කවුරුත් බ්රහ්මයෙක්වත් වසලයෙක්වත් වෙන්නේ නෑ, උපතින් කවුරුත් උසස්වත් පහත්වත් වෙන්නෙ නෑ, කෙනෙක්ගෙ ක්රියාවෙනුයි ඒක තීරණය වෙන්නෙ කියලා බුදුහාමුදුරුවො ඉගැන්නුවලු.
ඒත් බුදුන්ටත් වඩා බෞද්ධ ලංකාවෙ සමහර සිංහලබෞද්ධයෝ හිතාගෙන ඉන්නෙ ඒගොල්ලන්ට උපතින් හම්බුන සිංහලකමයි බෞද්ධකමයි නිසාම ඒ අයට රටේ වෙන ජාතීන් ආගම් වල මිනිස්සුන්ට වඩා උසස් තැනක්, විශේෂ වරප්රසාද හම්බෙනව කියල
ඒ අතින් මේගොල්ලො වැඩියෙන් සමාන වෙන්නෙ සුදුඅධිපතිවාදීන්ට (White Suprimict) මිසක බුදුන්ගේ අනුගාමිකයන්ට නෙමේ
මේ සිංහල බෞද්ධ 'ස්ටේටස්' එක සමාජයෙනුයි සංස්කෘතිය්නුයි ඉබේම උරුම වෙනව මිසක කවුරුත් ඒක මහන්සි වෙලා ලබා ගන්න දෙයක් නෙමේ.
ඒක අහම්බයක් මිසක මහන්සි වෙලා ලබා ගන්නා තත්වයක් නෙමේ.
මේ නිකන් හම්වෙන ස්ටේටස් එකෙන් මේගොල්ලෝ උරුම කරගන්නවා තමා වැදගත්ය කියන හැඟීමක් (sense of importance)
තමා ඉන්නේ තමාගේ රටේය..වැඩි අයිතිය මටය, මේ ඉන්නේ තමාගේ බිමේය..වැඩි අයිතිය මටය, මේ බිමේ අයිතිකාරයෝ තමාගේ පරපුරය.. වැඩි අයිතිය මටය
මේකයි ඔවුන්ගේ මානසිකත්වය
මේ අය මේකට ඇබ්බැහි වෙන්නේ මත්ලෝලියෙක් මත්කුඩු වලට ඇබ්බැහි වෙනව වගේ. මේ නිකන් ලැබෙන ආතල් එක තමාගේ අනන්යතාවයේම කොටසක් කරගන්නව ඒක නැතුව පොළවෙ පය ගහල ජීවත් වෙන්න බෑ වගේ.
මේ වැදගත්කම නැතුව යනවා කියන එක හරි මේ වැදගත්කම වෙන කෙනෙක්ටත් ලැබෙනවා කියන එක හරි මේ මීනිස්සුන්ව වෙව්ළලා, දාඩිය දාලා, කලන්තේ දාලා වැටෙනව වගේ දෙයක්
හන්දියේ කඩේ තම්බියායි, තමාගේ ගෙදරට යන පාරේ පදිංචි වෙලා ඉන්න දෙමළයි, තමාගේ ගේ ඉස්සරහින් ඉරිදට පල්ලි යන කතෝලිකයොයි... තමාට 'සමානයෝය' කියලා හිතන එකත් මේ අයට ලොකු අවුලක්, තර්ජනයක්, වින්නැහියක් !
සිංහල බෞද්ධයා සහ ඒ ලේබලය රහිත අය එක සමාන ලෝකයක උදේට නැගිටලා තමාගේ දින චරියාවේ යෙදෙන එක ගැන මේ අයට හිතන්නවත් බැ.
ඒ විතරක් නෙමේ, තමාගේ අණසකට යටත් නොවිය යුතු ගැහැණියක්, තමාගෙ පදයට නටන්නේ නැති බිරිඳක්, තමා දැක්කාම ඇඹරිලා බිම බලාගන්නෙ නැති කෙල්ලෙක්, තමාට අභියෝගයක් කරන්න පුළුවන් පෞරෂයක් තියෙන ස්තියක් කියන මේ ඔක්කෝම මේ "සිංහල බෞද්ධ පිරිමියා" තුළ තියෙන භීතිකා..
ඒ නිසයි සිංහල බෞද්ධ 'දෙයක්ය' කියන ලේබලය ඇලවුන ඕනම දෙයකට එල්ල වෙන මතවාදීමය අභියෝගයක් හරි, සිංහල බෞද්ධ කියලා කියවෙන ඕනම දෙයක පැවැත්මට එල්ල වෙන තර්ජයක් හරි, සිංහල බෞද්ධ කියලා කියන දෙයක 'වෙනසක් ගැන' කියවෙන යෝජනාවක් හරි ඉස්සරහා මොවුන් කඩු කිණිසි අතට අරගෙන මර ලතෝනි දෙන්න පෙළඹෙන්නෙ.
මොකද ඒ ඔක්කොම "තමාගෙ", "තමාට" කෙළවන්න එන, "තමාගේ" වැදගත් කියන හැඟීමට (sense of importance)එකට කෙළවන්න එන දේවල් විදියට පේන නිසා
මෙහෙම එන යෝජනා, වෙනස්කම්, අභියොග තර්කානුකූල කාලීන දේවල් වුනත් ඔවුන් ඒවා එක හෙළා ප්රතික්ශේප කාරනව, මොකද.. ඔවුන්ට අනුව එතන සිද්ධ වෙන්නේ සිංහල බෞද්ධ කියන පැකේජයටම කෙරෙන අභියෝගයක් නිසා, හෙවත් තමන්ට කරන අභියෝගයක් නිසා
උදාහරණයක් ගමු
ඔය "සිංහල බෞද්ධ පිරිමියෙක්" ඉඩමක් මිලදී ගන්න ගියාම ඔහු කීයටවත් මුල් තැන දෙයිද හැමවෙලේම ලවුඩ්ස්පීකරෙන් බණ, පිරිත් දාන පන්සලක එහා පැත්තේ ඉඩමක් මිලදි ගන්න?
වෙන ඉඩමක් ගන්න හැකියව තියෙද්දි කණ පැලෙන්න ලවුඩ්ස්පීකර් දාන පන්සලක අල්ලපු වැටේ ඉඩමක් සල්ලිදීලා ගනියිද?
පොඩි එකාගෙ විභාගෙ? අසනීප වුන වයසක අම්මගේ විවේකය? මහන්සි වෙලා ඇවිත් පොඩ්ඩක් උදේ වෙනකල් නිවාඩු දවසේ නිදාගන්න තියන උවමනාව?
මේ ඔක්කෝම හැම මනුස්සයෙක්ටම මගේ මෙයාටත් තියෙනව
ඒ නිසා කරන්නේ වෙන තැනකින් ඉඩමක් අරගෙන ඒ ඉඩමේ ඉඳන් පන්සලේ ලවුඩ්ස්පීකරේ දාන එකට සහය දිදී කඩුව අතට ගන්න එක !
අන්න ඒකයි සිංහල බෞද්ධ පිරිමියාගේ මතවාදී නපුංසක කම
අන්න ඒ නිසයි ඒ වගේ අය එක්ක කවදාවත් අවංක සංවාදයක යෙදෙන්න බැරි
ඒ අයගේ උවමනාව මනුස්සයෝ විදිහට එකිනෙකාට සහයෝගයෙන් අන්යන්ගේ අවශ්යතා තේරුම් අරගෙන එකිනෙකාගේ සුභසිද්ධියට නිදහසට අයිතීන්ට ගරුකරන සමාජයක් බිහි කරම එකවත් ඒ වෙනුවෙන් කටයුතු කරන එක නෙමේ
තමාගේව අනිත් ජාතීන් ඉස්සරහ පොරක් බවට පත් කරන තමාගේ ප්රියතම අධිපතිමතවාදය වෙනුවෙන් පෙනී ඉන්න එක, ඒක ආරක්ෂා කරන එක, ඒ වෙනුවෙන් කඩුකිණිසි හරි අතට ගන්න එක
මේ පිස්සු ඉහට ගහපු අය 'කොහේවත් යන' දෙමළෙක්, තම්බියෙක්, ගෑණියෙක්, මානව අයිතිවාසකමක්, නිදහසක් වෙනුවෙන් තමාගේ 'පොර' ආතල් එක නැති කරගන්න කවදාවත් කැමති වෙන්නේ නෑ
ටික දවසකට කලින් සමලිංගික්ත්වය ගැන සංවාදයකදි මගේ මිත්රයෙක් කියපු උපහාසාත්මක කතාවක් මේ..
ප්රශ්නය - ලංකාවේ සමලිංගික විවාහ නිතීගත කලාම සිංහල බෞද්ධයාට නැතුව යන්නේ මොකක්ද?
පිළිතුර - ආතල් එක යකෝ ආතල් එක !
ඕක තමා සිංහලබෞද්ධ(තනිවචනයකි) මානසිකත්වයකින් පෙළෙන අය ඉන්න තත්වයේ සාරාංශය
ඕක තමා සිංහලබෞද්ධයාගේ හෙළුව
මතවාදී නපුංසකකම
ආතල් එක
සහ
මාන්නය
ඔවුන් දකින ලෝකයේ තියෙන සිංහලබෞද්ධ නොවන සියලූම දේ ඔන්න ඔය මාන්නයට යටයි
ඒකයි ඔවුන් සමඟ කවදාවත් සාර්ථක අවංක සංවාදයක යෙදෙන්නවත්, ඔවුන් සමඟ අත්වැල් බැඳගෙන යහපත් සමාජයක්වත් ගොඬනගන්න බැරි..
ප/ලි - ඉහත සටහනේ සිංහලබෞද්ධයා යනුවෙන් සියලුම සිංහල බෞද්ධයන් ගැන අදහස් නොකරන බවත් සිංහලබෞද්ධ(තනිවචනයකි) යනුවෙන් සයිබරයේ පොදුවේ භාවිතා වන කුලකයක් පමණක් අදහස් කරන බවත් සලකන්න.
Wednesday, August 10, 2016
කොටට ඇඳගෙන බණ ඇසීම
ප්රසිද්ධ නිරූපිකාවක් කොටට ඇඳගෙන බණ අහන්න ගිහින්ය. ගිහින් නිකන් ඉඳලා නෑය.
(ඔව් ඉතින් නිකන් ඉන්නයැ බණ ගෙදර යන්නේ, බණ අහන්නනේ)
බණ ඇසීම නැතිවීම කෙසේ වෙතත් බණ අහනවා වගේ ඉඳලා ෆොටෝ ගහලාය. ඒ ෆොටෝ ෆේස් බුක් දමලාය.
(ඔව් ඉතින්, ෆේස් බුක් දාන්න නෙමේ නම් ෆොටෝ ගන්නේ වෙන මක්කටයැ)
සුපුරුදු පරිදි ඉන්ටර්නෙට් එකේ අයියලා ඒ ගැන කතාවය. ඉතින් මේ ඒ කතාව ගැන මේ අයියාගේ කතාවය.
(අල්ලපු ගෙදර වැලේ වනපු ජංගියේ හිලක් තිබ්බත් ඉතින් උඹල ඉන්ටර්නෙට් එකේ කියෝ ගන්න එකනෙ කරන්නෙ)
ඉන්ටර්නෙට් එකේ සමහර අයියලාට (සහ අක්කලාට) අනුව කොටට හැඳ බණ ඇසීම නෝටි වැඩකි.
(බණ අහන්න නෙමේ, කොහොම කොටට ඇන්දත් නෝටි තමයි)
කොටට හැඳ බණ ඇසීමෙන් වටේ ඉන්න පිරිමින්ගේ කාමය ඇවිස්සේ.
(කාමය විතරක් නෙමේ. කකුල් දකින එකෙන් රාගය ඇවිස්සෙනවා. ඊට පස්සේ ඒ කකුළ් ගැන ආසාවක් ඇති වෙලා මෝහය ඇවිස්සෙනවා. ඊටත් පස්සේ ඒ කකුළ් තමාට ලබා ගන්න බැහැයි කියන කටුක සත්යය වැටහුනාම ද්වේෂය ඇතිවෙනවා)
කොටට හැඳ බණ ඇසීමෙන් ලංකාවේ බුද්ධ ශාසනය පිරිහේ.
(බුද්ධ ශාසනය පිරිහෙන මූලිකම හේතුව ගෑණු කොටට අඳින එක නෙව).
පුටුවක හිඳගෙන බණ ඇසීම ආනත්තරීය පාප කර්ම වලට විතරක් දෙවෙනි වන පවකි.
(බණ අහද්දි පශ්චාත්භාගයේ කොටසක් පොළවේ ගෑවෙන්න ඕන කියලා කොහේදෝ කියල තියෙනවලු. එතකොට පව් අ(ර්)ත් වෙලා පින් වැඩි වෙනවලු)
ඒ එක් පිරිසකි.
(ඔව්. ඒ අපේ එල්ලුම් ගහ ඉල්ලන එලකිරි බෞද්ධ සෙට් එක. ජය වේවා)
අනිත් අයියලා (සහ අක්කලා) සෙට් එකට අනුව කොටට හැඳීම වරදක් නොවේ.
(මොකක් කිව්වා..?)
ඒ අයියලාට අනුව කොටට ඇන්දාම සාරි කෑලි එල්ලාගෙන ඉන්නවාට වඩා ආකර්ෂණීයයි ලුය.
(උංගේ අම්මලට, ආච්චිඅම්මලට කොටට අන්දලා ආකර්ෂණීය කරගන්න කියහන්)
කොටට අඳින එක ගෑණුන්ගේ අයිතියක් ලුය.
(හැමෝ එක්කම නිදාගන්න එකත් අයිතියක් තමා)
කොටට අඳින එකෙන් ගෑණියෙක්ව මනින්න බෑ ලුය.
(ගවුමේ දිග පළල මැනලා තේරුම් ගන්න බැරි එකීලා කව්ද කියල නම් මැන ගන්න පුළුවං)
කොටට ඇන්දාම කේන්ති යන්නේ පසුගාමී චින්තනය නිසා ලුය.
(මොකක්ද දැං මුංගේ මහ ලොකු ඉදිරිගාමී චින්තනේ? බුකියේ පොර ටෝක් දීලා හොරෙන් ගල් බලන එකද?)
බණ අහන්න ආවනං බණ අහන්නෙ නැතුව කෙල්ලන්ගේ කකුළ් බලන පිරිමි වැරදි ලුය.
(බුදුබණ වුනත් පැයක් විතර අහං අහං ඉද්දි කම්මැලි වුනාම ඔය වටේ තියෙන ගලක් දෙකක් බැලෙන බව ජීවිතේට බණ අහල නැති මුං දනීවියැ)
කෙල්ලෙක් රෑ 12ට ජංගියක් ඇඳන් ගිහින් දූෂණය වුනත් ඒකිගේ වැරැද්දක් නැතිලුය.
(නෑ. ගෙදර ගොරෝ ගොරෝ නිදන් හිටපු මගෙයි වැරැද්ද)
ඒ අනිත් අයියලා සෙට් එකය.
(පශ්චාත් නූතනවාදී ඩොලර් කාක් සෙකියුලර් කොල්ලො ගහන අවජාතක පරයො ටික)
ඒ අයියලා සහ මේ අයියලා කිව්ව දේවල් ගැන ඒ අයියලාත් නොවන මේ අයියලාත් නොවන මම අයියා කියන දේ මේකය.
(ආ කියහංකො බලන්න)
ගෑණියෙක්, කෙල්ලෙක්, ආච්චි කෙනෙක් බැයි නම් ඕන මල යකෙක් කොටට හැඳීමේ කිසිම වරදක් නැත.
(උඹත් අරුන්ගේ පැත්තේ නේද?)
කොටට ඇඳීම හෝ සාරි ඇඳීම හෝ බ්ලව්ස් ඇදීම හෝ නිල් පාට ජොක්කු ඇඳිම හෝ බොම්බයිමොටයි කෑම ඕනෑම එකෙක්ගේ අයිතියකි. අන් අයට හානිකර නොවන වැඩ කලාට වටේ ඉන්නා උන් ඒ ගැන කරදර විය යුතු නැත.
(එහෙම කොහොමද අපේ සංස්කෘතිය රකින්නේ?)
ඒත් මෙහෙම දෙයක් තියෙනවාය.
(කොහොම දෙයක් ද?)
ඕනෙම කෙනෙක්ව බැලූ පමණින් උන් ගැන නිගමන වලට ඒම මිනිස් ස්වභාවයය. කොටින්ම සක්කරයා මිනිස් වෙසින් මේ ලෝකයට ආවොත් ඌත් එහෙම වෙනවාය.
(උඹ කොහොමද දන්නේ?)
ෆර්ස්ට් ඉම්ප්රෙෂන් කියල සිංහලෙන් කියන්නේ ඒකටය. බැලූ බැල්මට තම තමන්ගේ නැණ පමණින් එක එකා මැන ගැනීම අපි හැමෝම හැම දාම කරන දෙයකි.
(මමත් දැන් උඹවත් මැනගෙන එන්නේ. කියහංකො)
එනිසා මහදවාලේ හිරට හිරේ, කොටට කොටේ, ලිප්ස්ටික් තලියක් මූණේ අතුල්ලගෙන, මේකප් නාගෙන, කොණ්ඩ පාට කරගෙන කෙල්ලෙක් බැයි නම් කොල්ලෙක් බැයි නම් බල්ලෙක් හරි ඉඳියි නම් ඒකා/ඒකි/ඌ තමාගේ විරුද්ධ ලිංගික සෙට් එකේ ආකර්ශනය ගන්න තමාගේ ශරීරය යොදාගන්නා ජීවියෙක් කියලා නිගමනය කිරීම කිසීම වැරැද්දක් නැතිය.
(මොකක් කිව්වා?)
ඒත් එක්කම එක එක තැන් වලට ආවේණික සම්මත වුන ඇඳුම් පැළඳුම් තියෙනවාය.
(ඔව්, දැන් උදාහරණෙකට කුඹුරට බහින්නේ අමුඩේ ගහලම විතරනෙ අපි)
විශේෂයෙන්ම ආගමික ස්ථාන වලට ඇතුල් වෙද්දි සහ ආගමික වතාවත් වල යෙදෙද්දි අඳින්න ඕන සහ හැසිරෙන්න ඕන අන්දම ගැන ඒ ඒ ආගමිකයන් අතර සම්මුතීන් තියෙනවාය.
(ඔව් ඉතින්, ඒකනෙ මේ කියන්නෙ)
එනිසා ඒ සම්මුතීන් කඩ වෙන විදිහට ඇඳගෙන ඒ තැන් වලටම ගියොත් ඒ ආගමිකයෝ තැන් තැන් වල අහු මුළු ගානේ එහෙම යන එකා/එකී ගැන නරක කතා කිරීම අපේක්ෂා කල යුතු සරල සත්යකි. යථාර්තයකි.
(සත්යක්ද? යථාර්තයක්ද? දෙකෙං මොකක්ද?)
හරියට වෙඩින්ග් එකකට අමුඩයක් ගහගෙන ගියොත් එතන ඉන්නා උන් ඒ ගැන කතා වෙනවා වගේය. ඒ කතාවෙන්නේ ගැලපෙන්නේ නැති නිසාය. සම්මතයෙන් පිට නිසාය.
(කතා වීම කෙසේ වෙතත් අලුත්ම ස්ටයිල් එක කියලා හිතාගෙන ඕක ට්රෙන්ඩ් එකක් කරගනීද දංනෑ)
එහෙම සම්මත විදිහට යන්න බැයි නම් මේ ලියන මම අයියා වගේ ආගමික තැන් වලට නොයා සිටිය හැකිය.
(උඹත් පන්සලකට පල්ලියකට යන්නේ නැති කාලකණ්ණියෙක්ද?)
ඒ වගේම රෑ 12ට ජංගියක් ඇඳගෙන ගිහින් දූෂණය වුනොත් එතන වැරැද්දක් එහෙම ගිය ගෑණිගෙත් තියෙනවාය. ඒ අමු මෝඩකම වැරැද්දක් විදිහට සැලකෙනවා නම් පමණය. අමු මෝඩකම වැරැද්දක් නොවේ නම් කමක් නැතිය.
(උඹ දැන් කොයි පැත්තෙද කියහංකො)
අවසාන වශයෙන් කෙල්ලන්ගේ කකුල් නිසා බුද්ධ ශාසනය විනාශ වේය කියනා උන්ට කියන්න ඇත්තේ මේකය.
(මම එහෙම එකෙක්. දැං මොකක්ද කියන්නේ. ගේමද?)
නිරුවත් කකුළ් දෙකක් දැක්කාම සිල් බිඳගන්න මහලොකු ‘පින්වත්තු’ වෙච්චි උඹලට වඩා වැලක් බලලා අතේ ගහලා නිදාගන්න සාමාන්ය කොල්ලෙක් අවංකයි කියාය.
(නොදෝකින් තොගෙ හැකර කට ! ආයේ මගෙ බල්ලවත් එන්නෑ මේ බ්ලොග් එක පැත්ත පලාතෙ. ඔව්)

Tuesday, May 10, 2016
බුදුන් මැරීම
“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න”
මෙය ප්රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැලකෙන සංකේතාත්මක ප්රකාශයකි.
නොයෙක් පුද්ගලයින් වෙනස් ආකාරයෙන් අර්ථ දැක්වුවද, මගේ අදහස අනුව මින් කියවෙන්නේ විමුක්තිය සොයා යන ගමනේ අතර මඟ බුදුන් නැමති ප්රතිරූපය ඔබට හමුවුනොත්, තමාගේ ගමනට බාධාවක් කර නොගෙන එයද අත හැර දැමිය යුතු බවය.
“If You Meet the Buddha on the Road, Kill Him.”
ඇලීමේ ආනිසංස දේශනා කල බුදුන් වහන්සේගේ අනුගාමිකයෝ තම එදිනෙදා ජීවිතයේ ලෞකික සැපසම්පත් වලට අමතරව ‘බුද්ධ’ යන සංකල්පය සමඟද තදින්ම ඇලී සිටිති. බුදුන්වහන්සේ යන සංකල්පය ඔවුන් යොදා ගන්නේ ඇලීමෙන් මිදීමට මාර්ගයක් ලෙස නොව, ආශාවෙන් මත්වී මෝහයෙන් අන්ධ වී තව තවත් ඇලීමට හේතුවක් ලෙසය.
බුදුන්වහන්සේගේ අනුගාමිකයන්ය කියා ගන්නා සමහර පිරිස්, සිංහලබුද්ධාගම නැමති ආගම සමඟ ඇලීම කෙතරම්ද යත්, එය ආගමික වියරුවක් දක්වා වර්ධනය වී ඇත. ඔවුන්ගේ සහ දේවවාදී අනුගාමිකයන්ගෙ හැසිරීම්, ආකල්ප වල වෙනසක් සොයා ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇත.
බුදුදහමෙන් තම හැසිරීම් සහ ආකල්ප සාධාරණීයකරනය කල නොහැකි තරමටම බුදුන්ගේ දර්ශනයෙන් ඈත් වී ඇති ඔවුන්, ඒ සඳහා වෙනත් ආගමික ඉගැන්වීම් වල සරණ පතා දුවති. වෙනත් ආගම් වල අන්තවාදී පිරිස් වල හැසිරීම් උපුටා දක්වති.
වෙනත් ආගමික අන්තවාදීන්ට සහ ආගමික ඉගැන්වීම් වලට ඇඟිල්ල දිගු කරමින් තමාගේ අබෞද්ධ හැසිරීම් සාධාරණීයකරනය කරති.
තමන් වහන්සේ දෙසූ දහම පවා අත්හළ යුතු බව බුදුරදුන් ඉගැන්වූවා යයි මා අසා තිබේ. තමන් වහන්සේ දෙසූ ධර්මය සසරින් එතරවීම පිණිස පහුරක් මෙන් යොදා ගැනීම මිස, කර තබා ගෙන යෑම නො කළ යුතු බව බුදුරදුන්ගේ ඉගැන්වීම බව සඳහන්ය.
“ධර්මය කියන්නේ පහුරක් පමණය. ගඟින් එගොඩ ගිය පසු පහුර බිම තැබිය යුතුය”
නමුත් තමා බුදුන් සරණ ගිය උන්ය කියා ගන්නා බෞද්ධ අනුගාමිකයන් අද කරන්නේ මීට හාත්පස වෙනස් දෙයකි.
ඔවුහු ගඟින් එගොඩ වීම පසෙක ලා, එහා ඉවුර සහ ඟග දෙස බලමින් මෙහා ඉවුරේම සිට පහුර කර තබාගෙන පහුරේ ගුණ වයති. පහුරට මල්මාලා දමමින් සුවඳ දුම් අල්ලමින් පහුරටම වන්දනාමාන කරති.
පහුර යොදාගෙන ගඟින් එගොඩ වීමට උත්සාහ කිරීම වෙනුවට, ගඟින් එගොඩ වීමට ඇති පහුර’ම මෙහා ඉවුරේ සිරවී සිටීමට තවත් හේතුවක් කරගෙනය.
ගෞතම බුදුන් නම් විශිෂ්ඨ දර්ශනවාදියාගේ ඉගැන්වීම් ආගමික රාමුවකට කොටු කිරීමේ ප්රතිපලය මෙයයි.
ඉන් සිදු වී ඇත්තේ ඔහුගේ ඉගැන්වීම් වල හරය සහ ගැඹුර ග්රහනය කර ගැනීමට තියෙන හැකියාව මොට වී ඔහුගේ ඉගැන්වීම් වල සැබෑ අරුත මඟ හැරීයාමය.
අවසානයේ සිදුව ඇත්තේ ගෞතම බුදුන් නම් ඒ විශිෂ්ඨ දර්ශනවාදියාව මල්මාලා වලින් සරසා හඳුන්කූරු සුවඳ දුම් පිරි කාමරයක සිර කොට, පුද පූජා පැවැත්වීමට තිබෙන තවත් ආගමික සංකේතයක් බවට පත් වී තිබීමය.
වර්තමාන ලෝකයට බුදුදහම මඟින් උකහා ගත යුතු යමක් වේද එය තේරුම් ගත හැක්කේ ආගමික ඇදහිල්ලෙන් නැඟෙන අන්ධ භක්තියෙන් නොව ගෞතම බුදුන්වහන්සේගේ දර්ශනය විමර්ෂණාත්මක බුද්ධියෙන් විමසීමෙන්ය.
සුවඳ දුම් පිරි බුදුකුටියකට සිරකරනු ලැබුව වැඳුම් පිදුම් කිරීමට ඇති ආගමික සංකේතයක් බවට පත් වී සිටින ගෞතම බුදුන්ව ඉන් නිදහස් කොට ඔහුගේ මුවින් නික්මුන ඉගැන්වීම් ඔස්සේ අප බුද්ධිය මෙහෙයවීම වැදගත් වන්නේ එබැවිනි.
ප/ලි - 2016 ජනවාරි 25 දින ලියූ පැරණි සටහනකි
Friday, May 6, 2016
කල කම් පල දීම
"එදා සරත් ෆොන්සේකාව බිම ඇදගෙන ගිය මේජර් සුමිත් තමන්ගේම ගෙදර තමන්ගේම බාල්කයක් ඔලුවට කඩන් වැටිලා රෝහලේ. කලකම් පල දෙනවා කියන්නෙ මේවාට තමයි"
ඔය බුකියෙ ශෙයාර් වුන පෝස්ටුවක්.
ඒ කියන්නෙ බාල්කය කඩන් වැටුනෙ සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්ත නිසාද? බැරි වෙලාවත් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්තෙ නැත්තන් බාල්කෙ කඩන් වැටෙන්නෙ නැද්ද? එහෙම නැත්තන් එදා මේ මේජර් කෙනෙක් වෙනුවට වෙන මේජර් කෙනෙක් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්තා නම් බාල්කෙ වැටෙන්නෙ ඒ මේජර්ගෙ ඔලුවටද? ඔය සිද්ධි දෙකේ සම්බන්ධයක් ඇත්තටම තියෙනවද?
පැටලිලි ගොඩයි.
මේක පැහැදිළිවම ඉතාම පහත් දේශපාලන ඇරියස් කවර් කරගන්න හදපු පෝස්ට් එකක් වුනාට මේකට පදනම් වෙච්චි චින්තනය අපේ සමාජයට අලුත් දෙයක් නෙමේ.
"ඇස් පනාපිට කලකම් පලදීමේ" තියරිය.. අර දිට්ඨදම්මවේදනීය කර්මයද මොකක්ද කියන්නෙ.. අන්න ඒක..
ආගමිකව ගත්තාම ඔය තියරියෙ හරි වැරැද්ද මොක වුනත් ඔහොම අදහසක් අපේ සමාජයේ මුල් බැසගෙන තියෙන බව රහසක් නෙමේ.
කෙනෙක්ට ස්වභාවික විපතක්, අවාසනාවන්ත සිද්ධියක්, අභාග්යයක්, කරදරයක් වුනාම.. ඒ කෙනාගේ ජීවිතය හරි ජීවිතයේ යම් ක්රියාවකට හරි ඒ සිද්ධිය සම්බන්ධ කරල සතුටු වෙන එක... එහෙම නැත්නම් "මේක උනේ අරක නිසාය","මෙහෙම වුනේ එදා අරෙහෙම කල නිසාය" කියල හිතන එක...
එතනින් කියවෙන්නෙ යම් අවාසනාවන්ත තත්වයකට මුහුණ දෙන්න ඒ අය සුදුසුය කියන හැඟීමක්. යම් කෙනෙක්ට යම් අභාග්යයක් වුනාම ඒ දෙය සිද්ධ වුන එක සාධාරණය වගේ සිතිවිල්ලක්.
සමහර අවස්ථා වලදි කුඩා දරුවන්ට පවා කරදර වුනාම දෙමාපියන්ගෙ වැරදි වලට ඒක සම්බන්ධ කරනවා දැකලා ඇති
"ඕකුන්ට ඔහොම වුනේ මහ උන්ගෙ වැරදි නිසා","දෙමව්පියන්ගෙ කරුම ළමයින්ට කරගහන්න වෙලා"
මොන පදනමකින් ආවත් ඒ සිතිවිල්ල හරිම අමානුෂිකයි.
මේ කතාවෙ තවත් පැත්තක් තියෙනව
වසර 2012 දී ඉන්දියාවේ දිල්ලි නගරයේ සිද්ධ වුන ජ්යෝති සිං ගේ සමූහ දූෂණය ගමු. එතනදි සිද්ධ වුනේ බස් රථයක් තුල ගමන් කල යුවලක තරුණයාට පහර දීලා මිනිසුන් හය දෙනෙක් විසින් තරුණියව සමූහ දූෂණයට ලක් කරල ඇයව මරල දාපු එක.
මේ වගේ සිද්ධි වලදි තරුණිය ගැන ඇති වෙන කණගාටුව නිසා ඇහෙන්න පුළුවන් කතා පොඩ්ඩක් හිතන්න
"ඕකුන්ට හෙණ ගහන්න ඕන.. ආත්ම ගාණක් ඔය කල විදියටම ඔය තිරිසන්නු දූෂණය වෙලා මැරෙන්න ඕන"
ඔතනදි එන්නෙත් අර කලින් අදහසෙම අනිත් එක. කරපු වැරැද්දකට අනාගතයෙ දඬුවම් ලැබිය යුතුය කියන එක.
ඒත් ඒ චින්තනයට අනුවම අනිත් පැත්තට හිතල බැලුවොත්, දූෂණය වෙච්චි තරුණිය දූෂණය වුනේ මීට පෙර ආත්මයක/භවයකදි ඇය විසින්ම සිද්ද කරල තියෙන මේ වගේම මහා දරුණු අපරාධයක ප්රතිපලයක් විදියට වෙන්න ඕන. ඒකත් කලකම් පලදීමක් වෙන්න ඕන. මේ අයගෙ චින්තනයට අනුව ගත්තොත් "මෙහෙම වුනේ එදා වෙන කෙනෙක්ට අරෙහෙම කල නිසාය" කියල සතුටු වෙන්නයි වෙන්නෙ හරියටම බැලුවොත්.
ඒකයි ඔය චින්තනයේ අවුල.
මනුස්සයෙක්ට දුකක්, කරදරයක්, අකරතැබ්බයක් වුනාම ඒක ඒ මනුස්සයාගේ වැරදි කියල තමන් හිතන් ඉන්න දේවල් වලට සම්බන්ධ කරල සතුටු වෙන එක ඇතුලේ හැංගිලා තියෙන අමානුෂික ඇත්ත ඕකයි.
මීට පස්සෙ ආගමික පදනමකින් ආවත්.. ඔය වගේ සිතිවිලි ඔලුවට එද්දි දෙපාරක් ආයෙමත් හිතන්න.
මොකද ඔය විදියට හිතන්න ගියොත් මේ ලෝකේ දුක් විඳින හැම කෙනෙක්ම, දුක් විඳින හැම අවස්ථාවක් ගැනම මනුස්සයො විදියට අපට කණගාටුවෙන්න..දුක් වෙන්න.. ඉඩක් ඉතිරි වෙන එකක් නැති වෙයි
Wednesday, April 27, 2016
දෙබස්
පිං කාරයා - රැඩිකල් වෙන්න කියල අම්මව වුනත් වටේ යවන පො*නයො එක්ක කොහොමද බං අපි අපේ සංස්කෘතිය රැකගන්නෙ?
පව් කාරයා - රැඩිකල් වෙන්න හදන උන් එහෙමද ආයිබෝං? මම දන්න විදිහට බුදුහාමුදුරුවොත් ඒ කාලේ තිබ්බ සමාජ ක්රමයේ හැටියට සෑහෙන රැඩිකල් අදහස් තිබ්බ කෙනෙක්.. ඒ කියන්නෙ උඹ කියන විදියට බුදු හාමුදුරුවොත්... එක්කො ඕන්නෑ !@#$%^&*
-----
පිං කාරයා - උඹ දන්නවාද උඹ මේ විරුද්ධ වෙන්නේ අවුරුදු දෙදාස් පන්සීයක සාඩම්බර ඉතිහාසයක් තියෙන ප්රෞඪ ජාතියක අභිමානයට බව.
පව් කාරයා - නෑ බං. මම මේ විරුද්ධ වෙන්නේ ප්රෞඪ කියල කියන ඉතිහාසයක් කරේ තියාගෙන උදේ හවහ කයිවාරු ගැහිල්ල නිසාම තමාගෙ වර්තමානය නැතිකරගත්ත මෝඩයෝ ටිකකගේ මෝඩ ආතල් එකකට..
-----
පව් කාරයා - දරුවෙක් කුඩා කාලයේදී මහණ කිරීම ළමයාගේ අයිතිවාසකම් උල්ලංඝනය කිරීමකි.
පිං කාරයා - මේ කතාවට සම්පුර්ණ වශයෙන්ම විරුද්ධයි. දෙමාපියන් දරුවාගේ කැමැත්තෙන් මිසක අකමැත්තෙන් මහණ කිරීම සිදු කරන්නේ නැහැ.
පව් කාරයා - වයස අවුරුදු 18ට අඩු ළමයෙක්ට සිය කැමැත්තෙන් විවාහ විය හැකිද? බැයි නම් ඒ ඇයි?
පිං කාරයා - දැන් තියෙන නීතියේ හැටියට විවාහ වීම තහනම් වුවත් ඕනෑම අයෙක්ට තම අභිමතය පරිදි විවාහ විමට හැකි විය යුතුයි.දෙමාපිය කැමැත්තෙන් හෝ තමා ස්වකැමැත්ත පරිදි විවාහ විය හැකියි..ඔබ පවසන පරිදි දරුවන්ගේ ස්වකැමැත්තට වැට බැද ඇත්තේ කවුද?,ලාංකාවට සුද්දාගෙන් ආපු නිතිය නොවේද?
පව් කාරයා - නබි තුමා වයස අවුරුදු 9ක ළමයෙක්ව කැමැත්ත ඇතිව හෝ නැතිව විවාහ කර ගැනීම හරිද?
පිං කාරයා - ඔබලාට හැකි එකම දෙය නම් බොරුවක් අල්ලගෙන බුදු දහමට ගැරහීම පමණි.නමුත් බුදු දහම විද්යාවටවත් බොරු කියා ඔප්පු කරලීමට නොහැකි වන ලදී..බුදු දහම පිරිසිදු දහමකි කවුරුන් මොන තර්ක ගෙනාවත් බුදු දහම වැට්ටිය නොහැකි බව තරයේම මතක තබාගන්න.
පව් කාරයා - @#$%^&*()(*&^%$^*&*^
-----
පිං කාරයා - "ඇඟේ දුවන්නේ සිංහ ලේ. අන්තවාදීන් රටින් පන්නලා ආගම්භේද නැති රටක් හදන්න ඕනි ! මේක සිංහල රට !"
පව් කාරයා - "එහෙනම් ඔබතුමාත් සිංහ ලේ ටික අරං රටින් යන්නැයි ලෑස්තිය මහත්තයො?"
-----
පව් කාරයා - බුදු දහමට අනුව යුද්ධ කලාට කමක් නැද්ද?
පිං කාරයා - කමක් නෑ. මොකද බුදු දහමයි රාජ්යය පාලනයයි කියන්නෙ දෙකක්. බුදු හාමුදුරුවො කවදාවත් උන්වහන්සේ ගේ ධර්මයෙන් රාජ්යපාලනයට බාධා කලේ නෑ. අත දැම්මේ නෑ.
පව් කාරයා - අනේ ශෝයි. කොච්වර හොඳඳ? එහෙනම් අපිත් බුදු හාමුදුරුවො කලා වගේම උන්වහන්සේගේ ධර්මය රාජ්යය පාලනයට ගාව නොගෙන ඉමුද? මොකද බුදු දහමයි රාජ්යය පාලනයයි කියන්නෙ දෙකක් නෙ.. නේද?
පිං කාරයා - අම්මට හු*න්න කැ* හම්බයා. තොපි හිතුවා මදි එන්.ජී.ඕ සල්ලි අරන් බුදු දහම විනාශ කරන්න එන්න. බුදු දහම රාජ්ය පාලනයෙන් වෙන් කරන්න හදන උන් අවජාතක කාලකණ්ණියො යකෝ... දැනගනියව් !! පට්ට ගහනවා තෝව ඇහේ ඉඳන්.. පරයා..
පව් කාරයා - ඒ කියන්නේ බුදු දහම රාජ්යය පාලනයට ගාව ගන්න ඕනෑ නෑය කියලා හිතන උන් එහෙම උන් ද? එතකොට උඹ කියන විදියට බුදු හාමුදුරුවොත්..... එක්කො ඕන්නෑ.. @#$%^&*()(*&^%
-----
ඔන්න ඕමයි උනේ ;)
Thursday, April 21, 2016
ඇඳ ළඟ බණ පිරිත් ගීතිකා යාතිකා
"ශුද්ධාත්මෙනි.. ශුද්ධාත්මෙනි.. වඩින් ශුද්ධාත්මෙනි...."
ඒ මීට සති කිහිපයකට කලින් පාස්කු දවස් වල පල්ලියේ ගීතිකා දාලා තිබ්බ හැටි. ගමටම ඇහෙන්න.
අද පෝය.. එකෙම අනිත් එක.. ගමටම ඇහෙන්න බණ/පිරිත් දාලා.
මේක දැන් පන්සල්, පල්ලි, මුස්ලිම් පල්ලි ඔක්කෝටම පොදු කාරණාවක් වෙලා.

මේ ගැන ඒ අයගෙන් ප්රශ්න කලොත් ඕකට සාධාරණ උත්තරයක් තියෙයි කියල හිතන්න අමාරුයි. මොකද ගොන් තකතීරු වැඩක් බුද්ධිමත් උත්තරයකින් සාධාරණීයකරනය කරන්න බැහැනෙ. පිරිත් බණ, ගීතිකා යාතිකා අහන්න කැමති අයට ඒ සිද්ධස්ථාන ඇතුලට ගිහින් ඒවා අහන්න පුළුවන්කම තියෙද්දි ඇයි තම තමන්ගෙ ගෙවල් වලට වෙලා ඉන්න ගමේ අනෙක් මිනිස්සුන්ට තමාගේ ආගමික වතාවත් බලෙන් අස්සවන්නේ කියන එකට දෙන්න බුද්ධිමත් උත්තරයක් තියෙයිද?
ඕකෙන් යම් මට්ටමකට තමාගේ ආගමික අධිකාරී බලය පෙන්නන බව ඇත්ත. ඒත් මේ ලවුඩ්ස්පීකර් රෝගය දැන් අපේ සංස්කෘතික ලක්ෂණයක් වෙලා කියලයි පේන්නේ. ආගමික යාතිකා ගමටම ඇස්සවීම ඒකේ එක කොටසක් විතරයි.
ඊයේ උදේ බස් එකේ ගමනක් යන්න වුනා. බස් එකේ දාලා ටීවී එකක්. ටීවී එකේ සංගීත ප්රසංගයක්. සංගීතයට කෙල්ලෝ නටනවා. (ඇත්තටම ඒවට නැටුම් කියන්න බැහැ. ව්යායාම කරනවා කිව්ව නම් වඩාත් නිවැරදියි) මහ දවල් පිච්චෙන තරමට රස්නෙ, බස් එකේ කට කපලා සෙනඟ, පාර පුරා ට්රැෆික් එක, ඒ අස්සේ බස් එක දෙවනත් වෙලා කණ පැලෙන්න සංගීතය. අන්තිමට බස් එකෙන් බහිද්දි ඔලු කැක්කුම හැදිලා බහින්න වුනේ.
බස් එකේ ගියත්, විවාහ උත්සවයක් වුනත්, මොකක් හරි සැමරුම් උත්සවයක් වුනත් රතිඤ්ඤ දාලා, බෙර ගහලා රටටම ලෝකෙටම ඇහෙන්න සමරන සංස්කෘතියක් අපට තියෙන්නෙ.
අනිත් මනුස්සයාට බලෙන් සින්දු අස්සවන, බලෙන් බණ අස්සවන, බලෙන් ගීතිකා අස්සවන, අපේ සතුට සහ භක්තිවන්තකම අනිත් මනුස්සයාට බලෙන් පෙන්නන සමාජක්රමයක ජීවත් වෙන මිනිස්සු අපි
පොඩ්ඩක් හිතන්න තමන් නිදාගන්න යදද්දි අල්ලපු ගෙදර මනුස්සයා කණ ළඟට ඇවිත් සින්දු කියනවා කියල, නැත්නම් පන්සලේ හාමුදුරුවෝ ඇඳ ගාව ඉඳගෙන මහ හයියෙන් කණට කරල පිරිත් කියනවාය කියලා.. අන්න ඒ වගේ දෙයක් අනුමත කිරීමක් තමයි අපි මේ සමාජයක් වශයෙන් කරන්නෙ
අලුත උපන් බිළිඳෙක්, විවේකය අවශ්ය වයසක මවක් පියෙක්, නින්ද අවශ්ය රෝගියෙක්, මහන්සි වෙලා රාජකාරි කරලා පහුවදා උදේ ආපහු වැඩට යන්න උදෙන්ම නැගිටින්න බලාපොරොත්තුවෙන් නින්දට යන මනුස්සයෙක්...
මේ හැමෝගෙම සාමාන්යය ජීවිත අවුල් වියවුල් කිරීමක් කරන්නේ ඔවුන්ගේ ජීවිත අස්සට බලෙන් රිංගන්න යාමෙන්.
මනුස්සයෙක්ට පුද්ගලික අවකාශයක් (Personal Space) තියෙනවා, තියාගන්න අයිතියක් තියෙනවා කියන එක තේරුම් ගත යුතුයි ශිෂ්ඨ සමාජයක ජීවත් වෙන ශිෂ්ඨ මිනිස්සු විදියට
තමාගේ ආතල් බලෙන් අනිත් මිනිස්සුන්ගෙ ඇඟේ ගහන එක සංස්කෘතික ලක්ෂණයක් වෙලා තියෙනවනම් එතන පැහැදිළිවම අවුලක් තියෙනවා. එතනින් පෙනෙන්නේ අනිත් මනුස්සයාගේ ජීවිතයට තමාට අතදාන්න පුළුවන් සීමාව ගැන සමාජයක් විදියට අපේ තියෙන අනවබෝධය. වෙනත් මනුස්සයෙක්ගේ නිදහසට ගරුකිරීමක් ඒ නිදහස තේරුම් ගැනීමක් ගැන සමාජයක් වශයෙන් අපේ තියෙන නොසැලකිල්ල.
ඔලුව කැක්කුමක් හැදිලා ඇඳට වෙලා නිදාගෙන ඉද්දි ගෙදර කවුරු හරි ටීවී එක සද්දෙන් දැම්මොත් ඒක අඩු කරන්න කියලා කේන්තියෙන් කෑගහන අපි සමාජයක් විදියට මේ සමූහ වශයෙන් කරන ශබ්ද දූෂණයක් ඉවසන්න පුරුදු වෙලා. එහෙම ශබ්ද දූෂණය කරන එක සාමාන්යය දෙයක් වෙලා තියෙනව වගේම ඒක ඉවසන එක සාමාන්යකරණය වෙලා තියෙන එකත් පැහැදිළි අවුලක්.
අනෙකාගේ නිදහසට ගරු කරන, අනෙකාට බාධාවක් නොවී ජීවත් වෙන්න දන්න ශිෂ්ඨ මිනිසුන් බවට අපේ ඊළඟ පරම්පරාවවත් පත් කරන්න නම් මේවා වෙනස් විය යුතු දේවල් කියන අදහසවත් මේ පරම්පරාව මෙහෙයවන වැඩිහිටියන්ගේ සිත්වල ඇති වෙන්න ඕන
Tuesday, April 19, 2016
බුදුන් ; ගැහැණියක් නොවන්නේ ඇයි?
මෙය නිතර ඇසෙන ප්රශ්නයකි.
මුලින්ම තේරුම් ගත යුත්තේ ලෝකයේ තේරුමක් ඇති ප්රශ්න සහ තේරුමක් නැති ප්රශ්න යනුවෙන් ප්රශ්න වර්ග දෙකක් ඇති බවයි. මෙවැනි ප්රශ්න වැටෙන්නේ ඉන් දෙවැනි කොටසටය. එනම් තේරුමක් නැති ප්රශ්න ගනයටය.
මිනිස් ඉතිහාසයේ මුල පටන් පිරිමියාට යටත්ව අඩු අයිතිවාසකම් ලැබූ ගැහැණියට සම අයිතිවාසකම් ලැබීම ගැන කතිකාවත් ඇති වී තිබෙන වර්තමානයේ ලෝකයේ ප්රධාන ආගමක් වන බුදුදහම තුල ගැහැණියට ලබා දී ඇති තත්වය ගැන කියවෙන මෙවන් ප්රශ්න සාකච්ඡා කිරීම තේරුමක් නැති දෙයකි.
වෙනත් වචන වලින් කියනවා නම් ඉස්ලාම් ආගමේ ගැහැණියට දී ඇති තැන, කතෝලික/ක්රිස්තියානි ආගම් වල ගැහැණියට දී ඇති තැන සාකච්ඡා කිරීම තේරුමක් ඇතත් බුදුදහම තුළ ගැහැණියට ඇති තැන ගැන සාකච්ඡා කිරීම තේරුමක් නැත.
කොටින්ම බුදු දහම ගැන කොහෙත්ම ප්රශ්න නොකරන තරමට හොඳය. ප්රශ්න කරනවා නම් ඒ අය අනාදිමත් කාලයක සිට පැවත එන බුදුදහම හා බැඳුන අපගේ සංස්කෘතියට හා පුරුෂාධිපත්යයට එරෙහිව කුමන්ත්රණය කරනා බටහිර එන්.ජී.ඕ වලින් මූල්ය ආධාර ලබන ස්තීවාදීන් වැනි සමාජයේ මිනිසුන්ගේ මනස දූෂණය කරනා කාලකණ්ණි බටහිර ගැත්තන්ය.
පෙරළා ප්රශ්න ඇසීම බටහිරින් පැමිණි පරයන්ගේ ලක්ෂණයකි. බටහිර රටවල ජනමාධ්යවේදීන් විසින් දේශපාලකයන් ප්රශ්න කරයි. ජනතාව විසින් ජනමාධ්ය සහ පාලකයන් දෙකම ප්රශ්න කරයි. මාධ්ය, ජනතාව පාලකයන් සියල්ලන් එකතු වී ආගම්/දර්ශනයන් ප්රශ්න කරයි. පරයන්ගේ හැටි එහෙමය. ගරු කල යුතු දේ නොකල යුතු දේ උන් නොදනිති.
අපේ කම යනු ගරුකටයුතු අයවලුන් කියනා ඕනෑම දෙයක් එහෙයි කියා පිළිගැනීමය. අපේ කම යනු රජවරුන් වැනි පාලකයන් අපගේම මුදල් වලින් ගත් වාහන වලින් රූං ගා යද්දි උන්ට ඉඩදී කාණු වලට බැසීමය. අපේ සිරිත හාමුදුරුවරු බණ කියද්දී අසා හිඳ අවසනදී සාධු කාර දීම මිස ප්රශ්න ඇසීම නොවේ. ධර්ම සාකච්ඡාවලදී ප්රශ්න ඇසුවත් පිළිතුරු දීමට පහසු ෆුල් ටොස් ප්රශ්න පමණක් යොමු කල යුතුය (සැ;යු - ක්රමය නොදන්නා අය දොරමඬලාව රූපවාහිනි වැඩසටහන මෙහෙයවන්නා නිරීක්ෂණය කොට ඉගෙන ගන්න)
මා මේ පුල පුලා කියන්නේ එක දෙයකි. එනම් බුදුදහම ඉලක්ක කරමින් අමාරු ප්රශ්න නොඇසිය යුතුය. අසනවා නම් ඒ අසන්නේ කාලකණ්ණි නැහැදිච්ච අමනයන්ය.
එසේ ප්රශ්න නොඅසා සිටින්නට නොදත් කාලකණ්ණි නැහැදිච්ච අමනයන් සිටියි නම් මේ පිළිතුර ඔවුන් වෙතය..
"ගැහැණියකට බුදු විය නොහැක්කේ ඇයි?"
පෙර කී පරිද්දෙන් මෙවැනි ප්රශ්න මොළේ කලඳක් ඇති අය අසනා ප්රශ්න නොවේ.
බුදුවීමට සැපිරිය යුතු ප්රධාන කාරණා අතරට පුරුෂ ලිඟුවක් තිබීම සහ යෝනියක් හා/හෝ තන් දෙකක් නොතිබීම යන කාරණා ඇතුලත් විය යුතු බව ඕනෑම මොළයක් තිබෙනා අයෙක් දන්නා කරුණකි.
බුදුවීමට පෙරුම් පිරීමට හෙවත් බුදුකමට ඇප්ලයි කිරීමට මූලික ලෙස පුරුෂ ලිංගයක් තිබේ දැයි පරීක්ෂාකර බැලිය යුතු බව නොදත් මුග්ධයන් විසින් ස්ත්රීන්ට වාසි සහගත තත්වයන් ඇති කිරීමේ අරමුණින් "ගෑණියෙක්ට ගෑණියෙක් වීම නිසාම බුදුවෙන්න බැරි ඇයි?" වැනි තේරුමක් නැති ප්රශ්න අසයි (එම වාක්යයේ 'තේරුමක් නැති ප්රශ්න' වාක්ය ඛංඩය වැදගත්ය. අවධානය යොමු කරන්න).
අප කියන ආකාරයට සිටීමට එකඟ වන ගැහැණුන්ට මෙපමණ කාලයක් තිස්සේ ඉතාම වටිනා 'ගෙදර බුදුන්' පට්ටමක් ලබා දීමට අපි කටයුතු කලෙමු.
ගැහැණුන් එයින් සෑහීමකට පත් වීමට ඉගෙන ගත යුතුය. ගෙදර බුදුන් පට්ටම ලබා දුන් පසු මොවුන් හදන්නේ තුන්ලොවටම බුදුවන්නට නොහැක්කේ ඇයි කියා අසන්නටය. ලද දෙයින් සතුටු වීම උතුම් ගුණාංගයක් බව කුඩා කල සිටම අපගේ වැඩිහිටියන් අපට ඉගැන්වූ කාරණයකි. එවැනි ගුණාංගයක් වත් නොමැති ගැහැණුන් කෙසේ බුදුවන්නද?
ගැහැණියකගේ වගකීම ගෙදරට වී ළමයෙක් හදාගෙන, බතක් උයාගෙන, ගෙදර වැඩක් පලක් කරගෙන සිටිනු විනා බුදුවීමට යාම නොවේ.
සමාජයේ සිටිය යුතු ආකාරය, හැසිරිය යුතු ආකාරය මෙපමණ කාලයක් තිස්සේ යස අගේට අප ගැහැණුන්ට කියා දුන්නා සේ බුදුවීමෙන් පසුව සත්ය අවබෝධ කරගෙන සත්ය දේශනා කිරීමද පිරිමි අපටම කල හැකිය. ගැහැණුන්ට තියෙන්නේ අප අවබෝධ කරගෙන දේශනා කරන දේවල් දරුවන් නලවමින් පිළිගැනීමය ( සැ; යු - මේ අදහස තේරුම් ගැනීමට අපහසු අයෙක් වේ නම්, ගැහැණුන්ට යනු දරුවන් බිහිකිරීමටම සිටිනා යන්ත්ර ලෙස සලකන ඉස්ලාමීය අන්තවාදී අදහස වෙත අවධානය යොමු කොට තේරුම් ගැනීමට උත්සාහ කරන්න)
බල්ලන් මෙලොවට එන්නේ බව් බව් ගාමින් මිනිසුන්ව ආරක්ෂා කිරීමටය, ඔටුවන් මෙලොවට එන්නේ කාන්තාරයේ ඇවිදිමින් මිනිසුන්ට ප්රවාහනය සැපයීමටය, අලින් මෙලොවට එන්නේ දන්ත ධාතුව වඩම්මමින් පෙරහැරේ යාමටය, හරක් මෙලොවට එන්නේ ජීවිත කාලයේම මිනිසුන්ට බැලමෙහෙවරකම් කොට ජීවිත අවසානයේ 'අනේ අපේ කිරි අම්මා' කියා මිනිසුන්ගෙන් අසා ගැනීමටය (මේ තත්වය ගෙදර බුදුන් පට්ටමට සමාන වන අයුරු මෙනෙහි කරන්න), කුකුලන් මෙලොවට එන්නේ රෝස් චිකන් එකක් වී මිනිස් දිවට රසය සැපයීමටය.. ඒ අයුරින් ගැහැණිය මේලෝකයට එන්නේ දරුවන් බිහිකරමින් දරුවන් ආදරය කිරීමට මිසක බුදු වීමට නොවේ.
"යුරෝපීය ගෑනුන්ට ගැළපෙන දේවල් අපේ රටේ මේ ආසියාතික ගෑනුන්ට ගැළපෙන්නෙ නෑ. අපේ රටේ ගෑනුන්ට ඡන්ද බලේ ලැබුණොත් ගෙදර තියෙන සාමය සමාදානය නැතිභංග වෙලාම යාවි. එයාල ගෙදර රණ්ඩුකාරියන් බවට පත්වේවි. මං කැමැති නෑ ඔය මෝඩ වැඩේට. ගැහැණිය ඉන්න ඕන ළමයි බලාගන්න, පවුල ආරක්ෂා කරගන්න. ඡන්ද බලය දීලා දේශපාලනයට ගත්තොත් වෙන්නේ පවුල් සංස්ථාව බිඳ වැටෙන එක"
ඒ කියන්නේ මම නොව, දැනුම් තේරුම් ඇති අපගේ ජාතික වීරයෙක් වන සර් පොන්නම්බලම් රාමනාදන්ය. එතුමා එසේ කියා තිබියදී පව් කියා අප ගැහැණුන්ට ඡන්ද බලය ලබා දී තිබෙද්දිත්, ඒත් මදි කියා ඇයි අපට බුදුවෙන්න බැරි කියා අසන්නේ ගැහැණුන්ගේ තියෙන ආත්මාර්ථකාමය නිසාය. (සැ;යු - ඔක්කොම ගැහැණුන් බුදුවෙන්න පෙරුම් පුරන්න ගත්තොත් මෙලොව ළමයි බිහිවීම නැවතී මිනිස් ජාතිය වඳවී යාමේ තර්ජනයට මුහුණ පෑ හැක)
ගැහැණු නම් දරුවන්ය, දරුවන් නම් ගැහැණුය. ඒ සම්බන්ධය ගසට පොත්ත මෙනි. (සැ:යු - කැමැත්තෙන් දරුවන් නොහදනා ගැහැණුන් මේ ලෝ තලයේ නැත) ඒ හැටිය. එදත් එහෙමය අදත් එහෙමය. හෙටත් එහෙමය. ධර්මතා කියන්නේ ඒවාටය.
පිරිමියාට දරුවන් බිහි කල නොහැකිය. දරුවන් බිහි කල හැක්කේ ගැහැණුන්ටය. ඒ අනුව ගැහැණුන්ට බුදුවිය නොහැකිය. පිරිමින්ට හිටගෙන මුත්රා කල හැක, ගැහැණියට නොහැක. ඒ අනුව ගැහැණුන්ට බුදුවිය නොහැක. (සැ;යු - ඒ බෞද්ධ අපේ ලොජික්ය)
එම නිසා කොච්චර සාර සංඛේය කල්ප කාලයක් පෙරුම් පිරුවද, සිත කොච්චර දමනය කරගත්තද අදාල පුද්ගලයා කාන්තාවක් නම් බුදුවීම උදෙසා ආපසු හැරී ගොස් පිරිමි ආත්මයක් ලබා ගෙන ආ යුතුය. (සැ:යු - සිත හරියටම දමනය කර ගත හැක්කේ පුරුෂ ලිඟු ඇත්තන්ට පමණි)
ප/ලි - මේ තේරුමක් නැති ප්රශ්න ඇසීම මෙයින් නැවතිය යුතුය. මෙවන් තේරුමක් නැති දේ ගැන සටහන් ලිවීමට ගත කරන වටිනා කාලය ගිහියන්ටත් වඩා අන්ත විදියට පිස්සු බල්ලන් සේ හැසිරෙන භික්ෂූන් වහන්සේලාගේ ක්රියා සාධාරණීය කරනය කිරීමට යෙදවූවා නම් මීට වඩා ප්රයෝජනවත්ය. දැන් මොකෙක් හෝ පැමිණ "පිරිමියාට පමණක් බුදුවිය හැකි බුදුදහමේ නිර්මාතෘ වන බුදුන්වහන්සේ විසින් භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට එකවර අවසර නොදුන්නේ ඇයි?" වැනි ප්රශ්නයක් ඇසුවොත් නාථ දෙවියන්ගේ ආධාරයෙන් ලිපිනය සොයා ගෙන විත් අපි බෞද්ධයන් වශයෙන් විෂ ඝෝර සරපයා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියා සරපයාට මෙත් වඩනා ආකාරයට දෙකේ දෙකේ පොල්ලක් රැගන මෙත්වැඩීමට අකමැත්තෙන් වුවද සිදුවන බව සඳහන් කරමු.
තෙරුවන් සරණයි
සියලු සත්වයෝ නිදුක් වෙත්වා*
*කොන්දේසි සහිතයි
Tuesday, April 12, 2016
බුදුපිළිමේ බලේ
අපේ ගමේ පන්සලට පොඩ්ඩක් එහායින් පොරවල් සෙට් එකක් පටන් ගත්තා යාතිකා මධ්යස්තානයක්.
අර යොහෝවාද මොකක්ද කියන්නෙ. අන්න එහෙම කට්ටියක්. (දැන් මගෙන් අහන්න එපා ඇයි උන් ඔතනම ඕක පටන් ගත්තෙ කියල. වැස්සකටවත් පන්සලකට පල්ලියකට යන්නෙ නැති අහිංසකයෙක් වෙච්චි මට ඕවා කොහෙ තිබ්බත් එකයි)
දවසින් දවස ඕකට එකා දෙන්නා ගානේ සෙනඟ වැඩිවෙන්න ගත්තා ගමේ අයට නොදැනිම.
මාසයක් දෙකක් යද්දි පූජාවට, යාතිකා සීන් වලට එහෙම සහභාගිවෙන්න සෑහෙන පිරිසක් එක් රොක් වුනා එතැනට.
පන්සලේ දායක සභාව ප්රමුඛ ගමේ ඈයොන්ට මේක බලන් ඉද්දි ඉතින් ඇහේ කටු අනින්නාවගේ
"ගමේ කවදාවත් සිද්ද වුන දේවල්ද මේ වෙන්නේ?"
කෝමෙන් කෝම හරි බෞද්ධ ඇත්තො ටික එකතු වෙලා මාර ගේමක් දුන්නා මේක වහලා දාන්න. හරි ගියේ නෑ.
ගහන්න තියෙන හැම ගැටේම ගහලා අන්තිමට හරිනොගිය පාර කට්ටිය එකතුවෙලා කරන්න තීරණය කලා නියම වැඩක්,
හරියටම යාතිකා මධ්යස්ථානයට අඩි විස්සක් විතර එහායින් වංගුවේ ඉන්දුවා වීදුරුකූඩුවකින් වට කරපු චූටි බුදු පිළිමයක් !
"ගේම නං ගේම"
මම අහලා තියෙනවා බල්ලෝ තමාගේ ඒරියා එක සලකුණු කරන්න ඒ ඒරියා එක වටේට චූ කරනව කියල.
මේක ඒ සීන් ඒකේ හොඳම එක.
තොපි යාතිකා කලාට කමක් නෑ. ඒත් මතක තියා ගනියව් මේ ඒරියා එක තාම අපේ ..කියන මැසේජ් එකයි දෙන්නේ ඒ බුදු පිළිමයෙන්
බලන්න, බැතිමතුන්ගේ හිතේ ශ්රද්ධාව, මෛත්රිය, කරුණාව වඩවනවට අමතරව තව කොච්චර නම් දේවල් බුදු පිළිමයකට කරන්න පුළුවන්ද කියල..
බුදුපිළිමේ බලේ තමා බලේ..!

Friday, April 8, 2016
පව් අසරණයො
සමහර අය හිතන් ඉන්නවා
බුදුදහම කියන්නේ
තමා දකින දේ පාලනය කිරීමය කියල
නමුත්
බුදුදහම කියන්නේ
තමා දකින දේ
පාලනය කිරීම නොව
තමාගේ සිත පාලනය කරගන්න එකය
සිත දමනය කරගන්න එකය කියල
ඒගොල්ලන්ට තේරෙන්නෙ නැහැ
සිත පාලනය කරගන්නව වෙනුවට
ඒ ගොල්ලො කරන්න හදන්නෙ
ඇහැට පේන දේ
පාලනය කරන එක
ඒක බුදුදහමේ ක්රමය නෙමේ
තලෙයිබාන් ක්රමය කියල
ඒගොල්ලො දන්නෙ නැහැ
හිතේ තියෙන වනචරකම
පාලනය කරගන්න බැරි නිසා
ඒගොල්ලො හදන්නේ
ඇහැ දකින දේ පාලනය කරන්න
ගෑණුන්ගෙ කකුල්
කලවා
බුරි
වහන්න දඟලනවා
තමාගෙ වනචරකමට
තමා තුළම තියෙන
බය නිසා
මේ වගේ අයගේ
සිල්වන්තකම
ගෑණු බුරියක් නිසා
කුඩු වෙලා යන
බිත්තරයක් වගේ
දුර්වලයි
බුදුන්ටත් වඩා බෞද්ධ
මේ අයගේ සිල්වන්තකමට
කෙළවෙලා යන්නේ
ගෑණු ශරීර නිසා
එනිසා
නිවන්දකින්න නම්
හිත දමනය කරගන්න කලින්
ගෑණු තහනම් කරල
ඉන්න ඕන
ඒකයි ඔවුන්ගෙ
තලෙයිබාන් බුද්ධාගම
ගෑණු කකුල් දැක්කම
ධාතු පහවෙන
ඔවුන්ගේ අසරණකමට
මක්කරන්නද
පව්
අසරණයො
Wednesday, April 6, 2016
මෙරු
ජීවිතයේ අවසානය, අවසානයම කියල පිළිගන්න අපේ හිතේ තියෙන නොකැමැත්ත කොයිතරම් බලවත්ද කියන එකට මරණින් පස්සේ මොන විදියකින් හරි තියෙන පැවැත්මක් ගැන අවුරුදු දහස් දසදහස් ගණනක් තිස්සේ අපි තුළ තිබ්බ විශ්වාසයට වඩා තවත් සාක්කියක් ඕනද?
මිනිස් බුද්ධියෙන්, තර්කයෙන්, විද්යාවෙන් එල්ල කෙරෙන මරුපහරවල් ඉදිරියේ වැටි වැටී හරි ආගමික විශ්වාස තවමත් නොසැලී, නොවැටී තියෙන්නේ අපේ සිතේ ඉතිරි වෙලා තියෙන මේ බලාපොරොත්තුව නිසා කියල කවුරු හරි කිව්වොතින්
ඔබ මොකක්ද දෙන උත්තරය?
ජීවිතයේදී කියපු කරපු හොඳ දේවල් වලට කවදා හරි හොඳ ප්රිතිඵලයක් මරණින් පස්සෙ වෙනම ලෝකෙකදි හරි වෙනම ජීවිතයකදි හරි ලැබෙයි…. ජීවිතයේදී නරක කියපු කරපු මිනිස්සුන්ට කවදා හරි ඒවායේ විපාක මරණින් පස්සෙ වෙනම ලෝකෙකදි හරි වෙනම ජීවිතයකදි හරි ලැබෙයි,
තවත් ලෝකයක්.. තවත් ජීවිතයක්.. ගැන
තියෙන ඒ බලාපොරොත්තුව….!
සුළු පටු එකක් නෙමේ.
ඒ වෙනුවෙන් කීදාහක් මිනිස්සු ජීවත් වෙන්න ඇද්ද? කීදාහක් මිනිස්සු සටන් කරන්න ඇද්ද? එකිනෙකා මරාගන්න ඇද්ද? ජීවිත පූජා කරන්න ඇද්ද?
මිනිස්සු කැමති වෙයිද කිසිම කෙනෙක් කිසිම විදියකින් කවදා හරි ඒ බලාපොරොත්තුව තමාගෙන් උදුරගන්නවට?
ඒ බලාපොරොත්තුව මායාවක් විතරක් නම්.. ඒ බලාපොරොත්තුව මිත්යාවක් විතරක් නම්..??
මොනව වුනත්.. මරණින් පස්සේ තියෙනවාය කියලා ‘බලාපොරොත්තුවෙන’ මේ ජීවිතයට.. පැවැත්මට.. අනික් හැම දේකටම වගේ නියම වෙලා තියෙනවා මිලක්.. කරන්න සිද්ධ වෙලා තියෙනවා කැප කිරීමක්
එක එක ආගම් වල, එක එක විශ්වාසයන්ට අනුව නියම කරනවා එක එක ජීවන ක්රම.. ඒවා එකිනෙකින් පරස්පරවිරෝධී වෙනකොට එකිනෙක අතර ගැටීම වළක්වන්න බැහැ..
ඒ නිසයි ඒ ගැටීමේ ප්රතිඵල විදියට ලක්ෂ ගණනින් මිනීකඳු ගොඩ ගැහිල තියෙන්නෙ. ලේ ගංගා ගලල තියෙන්නෙ.
අවුරුදු දස දහස් ගණනක් මුළුල්ලේ බලාපොරොත්තුවේ ‘මිල’ මනුස්සයා ගෙව්වේ එහෙමයි.
මරණින් පස්සේ තියෙන.. තියෙනවාය කියලා හිතන ඒ ආලෝකය පස්සේ මෙරු රැළක් වගේ දුවනවා.. බලාපොරොත්තුවෙන් !
අපි මොහොතකට එමු ඔබයි මමයි ජීවත් වෙන සැබෑ ලෝකයට
මේ මට ටික කාලයකට කලින් යාලුවෙක් කියපු කතාවක්
"යාලුවගේ ගමේ හිටපු වයසක අම්මා කෙනෙක් පන්සලට ගිහින් කාලෙකට කලින් නැති වුන ඇගේ සැමියාට පිං පතල පන්සලට දානයක් දෙන්න හිතාගෙන. එහෙම ගිය ඇයට පන්සලේ හාමුදුරුවෝ කියල තියෙනවා පන්සලට දානේ එපා, සිමෙන්ති කොට්ට දෙක තුනක් ගෙනල්ලා දෙන්න කියල. වයසක අම්මා ඒකට කැමති වෙලා නෑ. ගෙදර දානේ උයලා බෙදාගෙන ඇවිත් හාමුදුරුවෝ කීපනමකට පූජා කරලා වැඳලා යනවා වගේ සතුටක් සිමෙන්ති කොට්ට කීපයක් ගෙනත් දුන්නාම වයසක අම්මා කෙනෙක්ට නොලැබෙන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. බේරෙන්න බැරි තැන හාමුදුරුවෝ වයසක අම්මට කියල සිමෙන්ති කොට්ට ගේන්නේ නැතුව ඒ වෙනුවට දානේ ගෙනාවොත් ඒ වයසක අම්මා මැරුණ දවසක ඇයට පිං දෙන්නෙ නෑ කියල"
ජීවිතේ සැඳෑ සමය ගත කරන, මරණින් පස්සේ ජීවිතය යහපත් කරගන්න එක තමාට ඉතිරි වෙලා තියෙන එකම බලාපොරොත්තුව වෙච්චි වයසක මනුස්සයෙක්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන එක කොයි තරම් නම් ලේසිද?
මේ වයසක මිනිස්සු මරණින් එහා ජීවිතයට ගෙනියන්න පින් රැස්කරගන්න දඟලන්නේ හරියට විභාගයක් අතලඟ කලබලෙන් පාඩම් කරන පොඩි ළමයි ටිකක් වගේ
මේ පින් පොරයට මිලක් නියම කෙරෙන (ආගමික) ව්යපාර ඒ වටා ගොඬගැහෙන්නේ ඒකේ ප්රතිඵලයක් විදියට
අහවල් උත්තමයාගේ ගහක්, ප්රතිමාවක්, විහාරයක් වඳින්න කියල කවුරු හරි කියන වචනයක් පිළිගෙන අල්ලපු රටට බුරුතු පිටින් පොරකකා අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරගෙන යන්නේ මේ පින් අකවුන්ට් එක වැඩි කරගන්නයි
අපි කවුද ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තුව ප්රශ්න කරන්න? කෙනෙක්ට එහෙම අහන්න පුළුවන්
ඒ ගමන්ම තවත් කෙනෙක්ට අහන්න පුළුවන් හදි හූනියම්, අංජනම් බැලිලි, වශී ගුරුකම් විතරක් නෙමේ මිනිස්සු රවට්ටන ව්යාපාර සහ මේ පිං විකිණීම අතර වෙනසක් තියෙනවද කියලත්
මිනිසාව මෙපමණ කල් ජීවත් කරවපු බලාපොරොත්තුව සහ අන්ධ විශ්වාසය අතර වෙනස හරි හැටි තේරුම් බේරුම් කරගන්නකම් ඔය දෙකේම මිල අපිට මිනිස් හැඟීම් වලින්, ලේ ගංගා වලින්, මිනී කඳු වලින් ගෙවන්න වේවි.
මගේ ප්රියතම ඉංග්රීසි කතා මාලාවක කියවෙන මේ කතාවෙන් සටහන අවසන් කරන්නම්
“The ontological fallacy of expecting a light at the end of the tunnel, well, that’s what the preacher sells, same as a shrink. See, the preacher, he encourages your capacity for illusion. Then he tells you it’s a fucking virtue. Always a buck to be had doing that, and it’s such a desperate sense of entitlement, isn’t it?” – Rust Cohle ; True Detective
Subscribe to:
Posts (Atom)
බුදුන් මැරීම
“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...
-
“කලාකාරයෝ කියන්නේ හරිම සංවේදී මිනිස්සු” ඒ කලාකරුවන්ගේ මුවින් නිතරම පිටවන වදන් පෙළකි. "අපි කලාව විකුණනෙ නෑ, මම කලාව කරන්නේ ම...
-
මෙය නිතර ඇසෙන ප්රශ්නයකි. මුලින්ම තේරුම් ගත යුත්තේ ලෝකයේ තේරුමක් ඇති ප්රශ්න සහ තේරුමක් නැති ප්රශ්න යනුවෙන් ප්රශ්න වර්ග දෙකක් ඇති බව...
-
ලසිත් මාලිංග කියන්නේ වෘතිය මට්ටමේ ක්රිකට් ක්රීඩකයෙක්. සිංහලෙන්ම කියනව නම් රස්සාවට ක්රිකට් ගහන මනුස්සයෙක්. ඒ මනුස්සයා (ඇතුළු රස්සාවට...
-
පොදුවේ මිනිස්සු අනිත් අය ගැන හිතන්න, අනිත් අයට උදව් කරන්න කැමති තමන්ගේ පැවැත්මට බලපෑමක් නොවන මට්ටමින් විතරයි. KFC එකට රෑ කෑමකට යන පවුලක...
-
මනුෂ්යයයෙකු සුළු දිය පහකරන්නේ සිට ගෙනද නැතිනම් ඉදගෙනද යන්න මත එම තැනැත්තාව උසස් හෝ පහත් ලෙස වෙන් කිරීම ඉතාමත් ප්රාථමික බෙදීමක් යැයි බ්ලොග්...