Showing posts with label කතෝලික/ක්‍රිස්තියානි. Show all posts
Showing posts with label කතෝලික/ක්‍රිස්තියානි. Show all posts

Thursday, August 10, 2017

ආදම් සහ ඒවගෙන් අහල කියපන්



දැන් දෙවියන්වහන්සේ ආදම් සහ ඒවව මැව්වලුනේ. මවලා ඒදන් උයනට ගිහින් දැම්මලුනේ.(මැව්වෙ ඇයි කියල අහන්නත් එපා, ඔය උයන දැන් තියෙන්නෙ කොහෙද කියල අහන්නත් එපා)

දාලා කිව්වලුනේ "බොලාට සියලු සැප සම්පත් මම දීලා තියෙනවා. තොපිට ඕන දෙයක් කරන්න නිදහස තියෙනවා. හැබැයි අන්න අර උයන මැද තියෙන ගහේ ගෙඩි කන්න බෑ" කියල

ඊට පස්සෙ සරපයා (හෙවත් යක්ෂයා) ඇවිත් ඒවව පොළඹවලා ඒව ආදම්ව පොළඹවලා දෙන්නම එකතු වෙලා තහනම් ගහේ ගෙඩි කෑවලුනේ.

ඊට පස්සෙ දෙන්නටම හරි වැරැද්ද තේරෙන්න ගත්තලුනේ. තමා හෙළුවෙන් කියල තේරිලා කොළ අතු වලින් විළි වහගත්තලුනේ.(හරි වැරැද්ද තේරෙන්නේ ගෙඩි කෑවට පස්සේ නම් දෙවියන්ට අකීකරු වෙලා ගෙඩි කන එක වැරදියි කියලා ගෙඩි කන්න කලින් තේරුම්ගන්නේ කොහොමද වගේ ප්‍රශ්න අහන්න එපා. ඒක ගිහින් දෙවියන්ගෙන් අහපන්)

පස්සේ සීන් එක හොරා වගේ හොරෙන් බලාන හිටිය දෙවියන්වහන්සේට මලපැනලා උයනෙන් අරුන් දෙන්නව එලවල දැම්මලුනේ (මම උඹලට කන්න දෙනව නම් මම කියන විදියට මේ ගෙදර ඉන්න බැරි නම් දොට්ට බැහැලා පලයව්!)

ඕකනේ සාරාංශය. ඔයවගේ කතාවක්නේ කියන්නේ (ඇන්ටන් ජෝන්ස්ට එහෙම සිංදුවක් ගහනව නම් මරු කතන්දරේ)

හරි. මේකයි සීන් එක.

දැන් කතාව ඔහොම නම් දෙවියන්වහන්සේ මවල තියෙන්නෙ හරි වැරැද්දවත් මෙලෝ මගුලක්වත් නොතේරෙන පාවී පාවී කකා රිරී ඉන්න නිදහස් කැමැත්ත නැති වයින් කරල තිබ්බම ඔහේ ඇවිදින බෝනික්කො දෙන්නෙක් වගේ ඩබලක්නෙ.

කොටින්ම උන් දෙන්නට හිතන්න බැයි නම්, හරි වැරැද්ද තේරෙන්නෙත් නැත්නම්, නිදහස් කැමැත්තත් නැත්නම් උන් දෙන්නා සමාන වෙන්නේ යකෝ නිකම්ම නිකන් චිම්පන්සි දෙන්නෙක්ට, රිලව් දෙන්නෙක්ට, අස්සයො දෙන්නෙක්ට, කූඹි දෙන්නෙක්ට..නෙ. කොටින්ම නිකම්ම නිකන් සත්තු දෙන්නෙක්නෙ. මිනිස්සු දෙන්නෙක් නෙමේනෙ.

මොකද මනුස්සයා කියන්නේ, මනුස්සයා සත්තුන්ගෙන් වෙන් වෙන්නේ ඌට තමා, තමාගේ හැසිරීම් සහ තමා ජීවත් වන ලෝකය ගැන විචාර බුද්ධියෙන් හිතන්න පුළුවන් නිසානෙ සරලවම.

දැන් එහෙම බලපුවම,

සත්තු වගේ ඔහේ කකා රිරී හිටපු ආදම් සහ ඒවට බුද්ධිය ලබා දෙන තහනම් ගහේ ගෙඩි කන්න කිව්වේ කවුද?
කොටින්ම ඒ පාවි පාවි හිතන්න බැරි වහල්ලු වගේ හිටිය මුග්ධයො දෙන්නට බුද්ධිය ලබා දීලා උන් දෙන්නව නිදහස් කරන විදියට විදියට වැඩ කලේ කවුද?
ඒ සත්තු දෙන්නව මිනිස්සු කලේ කවුද?
ඒ අතින් බැලුවම මනුස්සයාගේ නිර්මාපකයා කවුද?

ඊළඟට,

මේවගේ හිතන්න බැරි පණතියෙන බෝනික්කො දෙන්නෙක් මවල මාරම විකාරරූපී ආතල් එකක් ගනිමින් හිටි දෙවියන් කියන එකාගෙ කැමැත්තට පුකට පයින් ගහලා මේ බෝනික්කෝ දෙන්නව හිතන්න පුළුවන් මිනිස්සු වෙන විදියට වැඩ කලේ යක්ෂයා නම්...

ඔය සීන් එකේදි දෙවියන්වහන්සේ සහ යක්ෂයාගේ හැසිරීම ගත්තම..

ඔය දෙන්නග්ගෙන් දුෂ්ඨයා කවුද?
කළු චරිතය කවුද?
මානසික රෝගී හැසිරීමක් පෙන්වපු එකා මොකාද?
වීරයා කවුද?
සුදු චරිතය කවුද?
සිරාම හැසිරීමක් පෙන්වපු එකා මොකාද?

ප්‍රශ්න ඕයි
ප්‍රශ්න !

Thursday, December 15, 2016

ආගම් වලට උපහාස, අපහාස කිරීම ගැන

ආගමක් යනු කුමක්ද? මේ ප්‍රශ්නයට එක් පිලිතුරක් ඉදිරිපත් කිරීම අපහසුයි. 'ආගම' යන වචනයට විවධාකාර අර්ථ දැක්වීම් දිය හැකියි. ආගම යනු ස්වභාවදර්මය, ජීවිතයේ හෝ විශ්වයේ ස්වභාවය සහ එහි අරමුණ, සදාචාරය (හොඳ, නරක) ගැන කියැවෙන විශ්වාසයක් හෝ විශ්වාස මාලාවක එකතුවක් කියන එකයි මගේ අදහස. නැත්නම් මම ඉහත සදහන් කල කරුණු ගැන සත්‍යයන් යැයි පැවසෙන අදහස් මාලවන් (truth claims) කියා හදුන්වන්න පුලුවන්.

'ආගම' යන දෙයට කෙතරම් අර්ථදැක්වීම් ඉදිරිපත් කලත් ඒ සියලුම අර්ථ දැක්වීම් වලින් පැහැදිලිවන්නේ ආගම යනු මම ඉහත සඳහන් කල කරුණු ගැන කියැවෙන 'අදහස්' මාලාවක් බවයි. එනම් ආගම යනු යම් මාතෘකාවක් ගැන යම් කෙනෙක් හෝ යම් පිරිසක් එකඟවූ, පිලිගන්නා මතවාදයක්.

මිනිස් ඉතිහාසය පුරාම මෙවන් එකිනෙකට විරුද්ධ මත දරන ආගම් ඉතා විශාල සංඛ්‍යාවක් පැවතුනා. වර්තමානයේදීත් පවතිනවා. ඒ එක් එක් ආගම් සහ ඒවායින් කියැවෙන කරුණු/ඉගැන්වීම් දෙස බැලූ විට පෙනීයන්නේ ඒවා සෑම විටම එකිනෙකට විරුද්ධ අදහස් දරණ බවයි.

එක් මාතෘකාවක් ගැන, එකම කාරණයක් ගැන, එකහා සමාන කරුණක් ගැන එකිනෙකට විරුද්ධ අදහස් දෙකක් ඇත්නම්,

ඒ අදහස් දෙකෙන් එකක් පමණක් සත්‍යය විය යුතුයි. අනෙක අසත්‍යය විය යුතුයි. (හෝ)
ඒ අදහස් දෙකම අසත්‍යය විය යුතුයි.

නමුත් කිසිවිටෙකත් අදහස් දෙකම සත්‍යය වන්නේ නෑ.

මේ අනුව ලෝකයේ මෙතෙක් පැවතුන දහස් ගනනක් ආගම් ස්වභාවදර්මය, ජීවිතයේ හෝ විශ්වයේ ස්වභාවය සහ එහි අරමුණ, සදාචාරය (හොඳ, නරක) ගැන එකිනෙකට විරුද්ධ අදහස් ඉදිරිපත් කර ඇති නිසා,

ඒ ආගම් අතරින් එක් ආගමක් පමණක් සත්‍යය විය යුතුයි. (හෝ)

ඒ ආගම් සියල්ල අසත්‍යය විය යුතුයි.

නමුත් අද සමාජයේ පවතින පොදු සම්මුතියක් නම් මේ 'ආගම්' යන අදහස් මාලාවන් (සියල්ලම අසත්‍යය වන හෝ එකක් හැර අන් සියල්ල අසත්‍යය වන) විවේචනයෙන් සහ උපහාසයෙන් තොර, ඒවායින් ආරක්ශාවූ අදහස් ලෙස සැලකීමයි. මිනිසුන් විශාල සංඛ්‍යාවක් ආගම් අදහන මිනිසුන් වීම නිසා තමාගේ ආගම විවේචනයෙන් සහ උපහාසයෙන් ආරක්ශා කරගැනීමේ අරමුණින් අන් සියල්ලන්ගේ ආගම් වලටත් ඒ අයුරින්ම සැලකීමේ පොදු සම්මුතිය නිසා කල්යත්ම මේ 'ආගම්' කියන අදහස් මාලාවන් යම් පිරිසකගේ 'මතයන්' එකතුවක් යන කරුණ අමතකවී ගොස් මේ අදහස් 'ශුද්ධවූ අදහස්' අයුරින් දැකීම යන තත්වයටම අද පත්වී තිබෙනවා.

එනම් (එකක් හැර හෝ සියල්ලම) අසත්‍යය වන මතවාදයන් එකතුවක් විවේචනයෙන් සහ උපහාසයෙන් තොර මාතෘකා බවට පත්වී ඇත. අප රට වැනි විශාල වශයෙන් ආගමට නැබුරුවූ රටවලදී මේ අදහස් මාලාවන් සාකච්ඡාවටවත් විවෘත වන්නේ නෑ.

නමුත් කිසිම රටක කිසිම සමාජයක මිනිසුන් එදිනෙදා ජීවිතයේදී තම අනෙක් අදහස් දෙස මේ අයුරින් බැලීමට පෙලබෙන්නේ නෑ. දේශපාලනය, ක්‍රීඩා, කලාව, සංගීතය වැනි ඕනෑම මාතෘකාවක් විවේචනයට, ප්‍රශ්න කිරීමට, උපහාසයට විවෘතයි. කිසිම විශේෂ සැලකිල්ලක්, ගරුත්වයක් එම අදහස් වලට ලැබෙන්නේ නෑ. එය යම් මාතෘකාවක් ගැන යම් පුද්ගලයෙක්ගේ මතයක් පමණයි කියන එක ඕනෑම කෙනෙක්ට පැහැදිලියි. නමුත් මාතෘකාව ස්වභාවදර්මය, ජීවිතයේ හෝ විශ්වයේ අරමුණ, සදාචාරය ගැන කියැවෙන මාතෘකාවකට (ආගම කියන) වෙනස් කල විගසින් සාකච්ඡාව වෙනස් සවභාවයකට පත්වනවා. නීති රීති වලින් ආරක්ෂා වූ, සීමා සහිතව කතාකල යුතු, සාකච්ඡාවට බඳුන් නොකරනවා නම් වඩාත් හොඳ, ආකල්පයක් මිනිසුන්ගේ සිත් තුල නැගෙනවා. සාකච්ඡාව බොහෝවිට එතනින් අවසන් වනවා, ඉදිරියට ගෙන යාමක් සිදුවන්නේ නෑ. නමුත් ඇත්තටම බැලුවොත් සාකච්ඡා කරන්න තිබෙන වටිනාම මාතෘකාව ස්වභාවදර්මය, ජීවිතයේ හෝ විශ්වයේ අරමුණ, සදාචාරය නොවේද?

මනුශ්‍යයන් දෙදෙනෙක්ට සාකච්ඡා කල හැකි මාතෘකා වලින් උතුම්ම මාතෘකාව "හොඳ, නරක" , "හරි, වැරැද්ද", "සත්‍යය , අසත්‍යය" යන මාතෘකාව නොවේද ?

වටිනාම මාතෘකාව ගැන අදහස් ප්‍රකාශ කිරීමට වැට කඩොලු අපි විසින්ම දමාගෙන තිබෙන්නේ ඇයි? එක් එක් පුද්ගලයින්ගේ යම් මාතෘකාවන් ගැන තිබෙන අනෙක් අදහස් වලට තිබෙන සැලකිල්ලම නොවේද මේ මාතෘකාවටත් ලැබිය යුත්තේ ?

සෑම අවස්ථාවකදීම වගේ මේ මාතෘකාව ගැන කතා නොකිරීමට හෝ කතා කලත් විවේචනයෙන් හා උපහාසයෙන් තොරව වැට කඩොලු දමා කතා කිරීමට හේතුව නම් මිනිසුන් මේ මාතෘකාව ගැන කතා කරන විට අන් අවස්ථාවලදී දක්නට නොලැබෙන ආකාරයට සංවේදී වීමයි. වෙනත් අවස්ථාවලදී මෙන් විරුද්ධ මතයන් හෝ උපහාසයන් දරා ගැනීමේ හැකියාවක් මේ අවස්ථාවේදී දක්නට ලැබෙන්නේ නෑ. හේතුව කුමක්ද? පැහැදිලිවම ඔවුන් එම විරුද්ධ අදහස් දිහා බලන ආකාරය සහ එම අදහස් බාර ගන්නා විදිහ නිසයි මේ ගැටලුව ඇති වන්නේ. යම් හේතුවක් නිසා ඔවුන්ට තේරුම් ගැනීමට නොහැකිවනවා මේ කතා කරන්නේ තමාගේ මතයක් ගැන මිසක් තමා ගැන නොවන බව. එකග නොවෙන්නේ, ප්‍රශ්න කරන්නේ, උපහාසයට ලක් කරන්නේ පුද්ගලයෙක්ව නොව, අදහසක් බව.

ඇත්තටම මෙතන තිබෙන්නේ විවේචනය හා උපහාසය දිහා බලන විදිහේ ප්‍රශ්නයක්. පහත ලින්ක් එකේ එක් පරීක්ශනයක් ගැන සදහන් වනවා. එම පරීක්ශනයෙන් ලැබෙන එක් නිගමනයක් අප මේ කතා කරන විශයට අදාලයි. පහත ලින්ක් එකෙන් දැක්වෙන්නේ එම පරීක්ශනයයි.

http://srilankanatheists.wordpress.com/2013/05/16/294/

එම පරීක්ශනය ගැන කියවන විට ඔබට පෙනෙයි දුබුරු පාට ඇස් ඇති ලමුන් තමාට " දුබුරු පාට ඇස්" කියා අමතන විට එය අපහාසයක් ලෙස භාරගත් බව. එයට හේතුව නම් වෙනයම් කෙනෙක් විසින් ඔවුන්ගේ මනසට දැමූ ආකල්පයක් නිසා ඔවුන් එසේ තමාට 'දුබුරු පාට ඇස්" කියා වෙන කෙනෙක් ඇමතූ විට එය ඔවුන් විසින් අපහාසයක් ලෙස භාරගත් නිසයි. නමුත් ඒ කතාව කිසිම ලෙසක අපහාසයක් ලෙස භාරගත යුතු කතාවක් නොවේ. තේරුමක් රහිත කතාවක්. නමුත් එයින් පෙනීයන්නේ යමෙක් යම් දෙයක් භාරගන්නා විදිහ, හිතන විදිහ මෙවන් නිශ්ඵල ගැටලු ඇතිවීමට හේතුව බවයි. කෙනෙක් තමාට තරහ ඇති කරනයම් ප්‍රකාශයක් (offend) වන දෙයක් තෝරා ගත් විට එය කොතරම් තේරුමක් නැති දෙයක් වුනත් විශාල ප්‍රශ්න ඇති කරනවන්නක් බව පැහැදිලියි.

ආගම ගැන කතාකරන විටත් මේ දෙය මේ ආකාරයෙන්ම සිදුවනවා නොවේද ? මේ ගැටලුවට හේතුව මිනිසුන් විසින් මේ මාතෘකාව ගැන කතා කරන විට අර දුබුරු පාට ඇස් තිබූ ලමයින් ලෙස හැසිරීම නොවේද? ඔවුන් එය බාර ගත්තේ නැතිනම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එය බාර ගත යුතුත් නෑ, මොකද අය පුද්ගලිකව එල්ල කරන ප්‍රහාරයක් නොවේ, තම මතයන්ට එල්ල කරන ප්‍රහාරයක් නිසා. නමුත් කිසියම් හේතුවක් නිසා ඔවුන් අනෙක් මාතෘකාවලදී offend නොවීමටත් ආගම ගැන කතා කරන විට offend වීමටත් තෝරාගෙන තිබෙනවා, හරියට අර දුබුරු පාට ඇස් තිබෙන ලමයින් වගේ.

මිනිසුන් තේරුම් ගත යුතුයි තමා යම් දෙයක් හරියි කියල සිතුව පමණින් අනෙක් අය එයට එකග විය යුතු නැති බව. මෙයට ආගම හොදයි කියා තමා සැලකීම සහ 'ආගම විවේචනයෙන්, උපහාසයෙන් තොර විය යුතුයි' කියන තමා දරණ මතයත් ඇතුලත් බව තේරුම් ගත යුතුයි. තමා එසේ සිතුව පමණින් අන් අය එසේ සිතන්න ඕනෙ කියල කියන්න බෑ.

නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට 'විවේචනය කිරීමේ අයිතිය සහ උපහාසයට ලක් කිරීමේ අයිතිය' ඇතුලත් බව අමතක නොකල යුතුයි. තමාට කේන්ති යන නිසා තවකෙක්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට උත්සාහගන්නන් නොකියා කියන්නේ, තමාට තමාගේ හැඟීම් පාලනය කරගත නොහැකි නිසා අන් අය ඔවුන්ගේ කටවල් වසාගෙන සිටිය යුතු බව නොවේද? සමාජයක ජීවත් වන විට තම හැඟීම් පාලනය කරගත නොහැකි අය 'වැඩිහිටියන්' ලෙස හැදින්විය හැකිද?



මගේ මිත්‍ර කුමාර සංකල්ප විසින් ඉදිරිපත් කල අදහසක් පහත දැක්වේ.

අප සමාජය තුළ ඓහිකවාදී ස්ථාවරයට පහර වදින විවිධ මතයන් ඉදිරිපත් වීම සුලභ හා සාමාන්ය දෙයකි.. එලෙස ඉදිරිපත් වන මතයන් අතරින් කිහිපයක් වනුයේ,
1. රජය විසින් යම් ආගමකට ප්‍රමුඛස්ථානය දී සුරැකිය යුතුය.
2. රජය විසින් ආගම් විවේචනය කරන හා උපහාසයට ලක් කරන කාටූන්, පොත්පත්, නාට්‍යය වැනි මාධ්‍යයන් තහනම් කළ යුතු ය.
3. ඒ ඒ පාසල් ඒ ඒ ආගම් හා අනුබද්ධ විය යුතු ය.
4. සැමට බලපාන පොදු නීති යම් ආගමක නීති හා ගැටේ නම් ආගමික නීතින්ට මුල්තැන දිය යුතු ය. (උදා - 1/ හැදුනුම්පත සදහා ගනු ලබන ඡායාරූපය සදහා මුහුණ නිරාවරණය කළ සිටිය යුතු ය. නමුත්, ''ආගමික නිදහස'' යටතේ හිජාබයෙන් මුහුණු ආවරණය කරගෙන හැදුනුම්පත සදහා වන ඡායාරූපයට පෙනී සිටිය හැකි ය. 2/ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම පිළිබදව වන නීති රජයේ ඉඩම් තුල අනවසර ලෙස සෑදූ බුදුපිළිම වලට අදාල නොවේ.)
ඉහතින් සදහන් කළ මතයන් යුක්තිසහගත යැයි බොහෝ දෙනා පිළිගනු ලැබේ. අදේවවාදය (atheism) වැනි නිර්-ආගමික ස්ථාවරයක සිටින බොහෝඅය පවා මෙයින් එකක් කෙරෙහි හෝ අනුවේදනයක් ඇති අය වන්නට පුලුවණි. නමුත්, ඉහත සදහන් මතයන් ඇත්තටම සාධාරණීකරණය කර ඇති ඒවාද? ඒ පිළිබද විමසා බැලීම පිණිස පහත චිත්ත පර්යේෂණයේ නියැලෙන්න.
ඉහත වාක්යියන්ගේ "ආගම්" යන වචනය වෙනුවට "දේශපාලන පක්ෂ" යන යෙදුම ආදේශ කරන්න. එලෙස ආදේශ කළවිට අපට ලැබෙනුයේ,
1. රජය විසින් යම් දේශපාලන පක්ෂයකට ප්‍රමුඛස්ථානය දී සුරැකිය යුතු ය.
2. රජය විසින් දේශපාලන පක්ෂ විවේචනය කරන හා උපහාසයට ලක් කරන කාටූන්, පොත්පත්, නාට්‍යය වැනි මාධ්‍යයන් තහනම් කළ යුතු ය.
3. ඒ ඒ පාසල් ඒ ඒ දේශපාලන පක්ෂ හා අනුබද්ධ විය යුතු ය.
4. සැමට බලපාන පොදු නීති දේශපාලන පක්ෂයන්ගේ නීති හා ගැටේ නම් දේශපාලන පක්ෂ වල නීතින්ට මුල්තැන දිය යුතු ය.
ආගමික භක්තිකයින් ද ඇතුලු සෑම දෙනාම පාහේ මෙම වාක්‍යයන් හා එකග වීමට ඇති සම්භාවිතාවය ඉතා අල්ප ය. උදාහරණයක් ලෙස, විවේචනය යනු ප්‍රජතාන්ත්‍රික සමාජයක යහපත් අංගයකි. එමෙන්ම, උපහාසය යනු කථන නිදහසේ මූලික අංගයකි. එබැවින්, යම් දේශපාලන පක්ෂයක් කොතරම් කාරුණික පක්ෂයක් වුවත් එම පක්ෂය විවේචනයට හා උපහාසයට නිර්මුක්ත වන්නේ නැත. නමුත්, මෙම වාක්‍යන්ට එරෙහි වන අතරම මේ වාක්‍යය්න්ගේම ''ආගමික වර්ෂන්''' වලට එකග වීමේ හේතුව කුමක්ද?

සමහර කොටස් දරන මතයක් නම් ආගම විවේචනය සහ උපහාසයට ලක්කිරීම වැරැද්දක් නැති වුනත් 'අපහාසය' වැරදි දෙයක් බව. මෙහිදී නැගන ගැටලුව නම් විවේචනය, උපහාසය සහ අපහාසය වෙන් කරගන්නා මිම්මක් නොමැති වීමයි. දැඩි ආගම් භක්ත්කයෙක් ඔහුගේ ආගමට එකඟ නොවන ඕනෑම ප්‍රකාශයක් ඒ ආගමට කරන අපහාසයක් ලෙස භාරගැනීමට පුලුවන්. එවන් උදාහරණ ඉතිහාසයේ ඕනෑ තරම් දක්නවට ලැබුනු බව සියල්ලන් දන්නා දෙයක්. 'උපහාසය සහ අපහාසය' අතර වෙනස එක එක්කෙනා එක එක ආකාරයට මනින දෙයක්. එය පුද්ගලයා අනුව වෙනස් වනවා. එනිසා අන් අයගේ කතාකිරීමේ නිදහසට සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කිරීම හැර වෙනත් විකල්පයක් නෑ.

ආගම් අදහන මිනිසුන් විසින් ඔවුන්ගේ ඇදහිලි සහ විශ්වාස වලට අනුව සමාජයන් පාලනය කිරීමට ගන්නා උත්සහය නවතන තුරු, ඔවුන්ගේ විශ්වාස සහ ඇදහිලි නිසා අන් අයගේ ජීවිත වලට වන බලපෑම නතරකරන තුරු, ඔවුන්ගේ විශ්වාසය සහ ඇදහිලි ඔවුන්ගේ පුද්ගලික ජීවිත වලට පමණක් සීමා කරගන්නා තුරු, "ආගම විවේචනයෙන් සහ උපහාසයෙන් ආරක්ශා වියයුතුයි" යන ප්‍රකාශය කිරීමටවත් ඔවුන්ට සදාචාත්මක අයිතියක් නෑ.

මිනිසුන් තමතමන්ගේ "ආගම්" පුද්ගලික අදහස් සහ සංකල්ප වශයෙන් පමණක් සලකනවා නම් ඒ ගැන විවේචන කිරීමේ ලොකු අවශ්‍යතාවයක් මතුවන්නේ නෑ. නමුත් ගැටලුව නම් මේ "ආගම" යන දෙය පුද්ගලික විශ්වාස වලට පමණක් සීමා නොවීමයි. මුලු සමාජයක් පාලනය වන රීති මෙන්ම අප රට වැනි සෙකියුලර් ක්‍රමයක් දක්නට නොලැබන රටවල නීති පවා මේ "ආගම" යන සංකල්පය මත ගොඩ නැගීම නිසා මෙය අනිවාර්යෙන්ම සාකච්ඡාවට, විවේචනයට, සහ උපහාසයට විවෘත විය යුතුයි. අන් සෑම අදහසක්, මාතෘකාවක් වගේම. ඕනෑම දෙයක් සමාජයේ ප්‍රසිද්ධියට , සමාජයේ ඉදිරියට, සමාජයට බලපාන දෙයක් බවට පත්වූ විට එයට එකම සැලකිල්ල ලැබිය යුතුයි. දේශපාලනය, සිනමාව, සංගීතය, ක්‍රීඩා සහ ආගම වැනි සියලුම දේ.

මීට කලින් වෙනත් තැනක මේ මාතෘකාව ගැනම කෙටියෙන් මම ඉදිරිපත් කල අදහසක් උපුටා දක්වමින් මේ සටහන අවසන් කරන්නම්.

"කෙනෙක්ට යම් විශ්වාසයක්, ආගමක් ඇදහීමට තිබෙන අයිතියට ගරු කරනවා, නමුත් ඔහුගේ එම විශ්වාසයට හෝ ආගමට ගරු කරන්නේ නෑ"

තවත් සරලව කියනවා නම්, ඉන්දියවෙ මිනිස්සු හරකට වදිනවා.එහෙම කොටසක් ඉන්නවා. මම ඔවුන්ගේ ඒ හරකට වදින්න තියෙන අයිතියට ගරු කරනවා. එයට කිසිම විරුද්ධත්වයක් නෑ. විරුද්ධ වෙන්න අයිතියකුත් නෑ මට බලපෑමක් නැති නිසා. නමුත් මම ඒ හරකට ගරු කරන්න යන්නේ නෑ අනෙක් අය හරකට වැන්දා කියල. මම හරකට "හරක්වහන්සේ" කියන්න යන්නෙත් නෑ. හරක එද්දි මගේ හිස්වැසුම ගලවන්නේ නෑ. මම හරකට කියන්නේ හරක කියල.හරකට සලකන්නේ හරකට වගේ. ඔවුන්ගේ විශ්වාසය ඔවුන්ගේ මිසක් මගේ නෙමේ. හරකට වැදල ඔවුන්වගේ හරකගේ මුත්‍රා ඔලුවෙ ගා ගන්න යන්නේ නෑ. හරකගේ මු‍ත්‍රා ශුද්ධවූ මුත්‍රා කියල ඔලුවේ ගාගන්න එකාට මූ නම් නියම මෝඩයෙක් කියල හිනා වෙන්නත් මම පසුබට වෙන්නේ නෑ. මොකද මම හිතන විදිහට ඔහු කරන්නේ උපහාසයට, සිනහවට ලක් විය යුතු ක්‍රියාවක් නිසා."

ඔවුන්ට හරකා උතුම් උනාට මට ඌ හරකෙක්."--

Saturday, August 20, 2016

තරිඳු මල්ලිගේ කථාව

“අ…..අ… අයියේ.. ව.. වතු.. වතුර.. ටික.ක් බො..මුද?”
හැතැම්ම දෙකක් පමණ බයිසිකලය පදිමින් මා හමුවීමටම පැමිණි තරිදු මල්ලි සිය කටහඬ අවදි කලේ එලෙසය.
කුඩා වියේදි කෙළිලොල් දඩබ්බරයෙකු වූ ඔහුගෙන් අද දිස්වන්නේ බයාදු අවිශ්වාසසහගත පෙනුමකි. ඔහු විටින් විට කතා කරන විට ගොත ගසයි.
.
.
.
මා හා සැළකිය යුතු වයස් පරතරයක් ඇති තරිඳු මල්ලි, මගේ පියාගේ පැත්තෙන් නෑදෑයකු විය. කුඩා කල නෑදෑ කොල්ලෝ කුරුට්ටන්ගෙන් මුරණ්ඩුම දරුවා වූයේ ඔහුය. අප අතරින් වැඩිහිටියන්ට වැඩියෙන්ම කරදරයක් වූයේද ඔහුය.
විටෙක ඔහු ජනේලයක වීදුරුවක් බිදියි, තවත් විටක ආය කටුවක් නවා එයට සබන් කැබැල්ලක් රදවා ඇලෙන් මාළුන් අල්ලයි, තව විටෙක පොඩි එකෙකු සමඟ පොර බඳියි. ඔහු ගැන නිතරම කුමක් හෝ පැමිණිල්ලකි.
“මූ නං යකෙක්.. ඇට්ටරයෙක්”
සියලු වැඩිහිටියන් තරිඳු මල්ලිව හැඳින්වූයේ එලෙසින්ය.
මේ දැඟලිල්ල නිසාම ඔහුව යහපත් කීකරු දරුවෙකු කිරීම උදෙසා, තරිඳු මල්ලිව අසාමාන්‍යය ලෙස සිර කොට, නීති දමා, නිරතුරුව තම ඇස් මට්ටමේ තබා ගැනීමට ඔහුගේ දෙමාපියෝ කටයුතු කළහ. ඔහුගේ පියා විසින් පනවන මේ අසාමාන්‍යය නීති අනෙකුත් වැඩිහිටියන්ගේ විවේචනයටද ලක් වූයේ වරක් දෙවරක් නොවේ.
වෙලාවට නැගිටීම, නින්දට යාම මෙන්ම වෙලාවට පාඩම් කිරීමද ඔහුට අනිවාර්‍ය කෙරුනු දෙවල් විය. සෙල්ලම් කිරීමට ඉඩ ලැබුනේ ඉතාම සීමා සහිත කාලයක් පමණි.
බැතිමත් කතොලිකයන් වූ ඔහුගේ මාපියන් ඉරිදාට පල්ලි යාම, දිනපතා යච්නා කිරීම අනිවාර්‍ය කොට තිබුනි.
කෙසේ හෝ, වයසින් වැඩෙත්ම අප එකිනෙකාට වෙන් වන්නට සිදු විය. සියල්ලන්ගෙන් ඈත් වූ මට තරිඳු මල්ලි ගැන ඉඳ හිට හෝ අහන්න ලැබුනේ මගේ අම්මාගෙනි.
“දැන් තරිඳු හරිම හොඳයිලු. පල්ලියෙමලු.. උඹලව තමා බලෙන්වත් පල්ලියකට යවා ගන්න බැරි. අච්චර දඟලපු ළමයා දැන් ශාන්තුවරයෙක් වගේ නිමිලලු. උඹල ඒ ළමය දිහාවත් බලල හැදියන්”
මම පල්ලි නොයන හැම අවස්ථාවකම, ආගමික කටයුත්තක් මඟ හරිනා හැම අවස්ථාවකම අම්මාගෙන් බැණුම් පිට බැණුම් අසන්න වූයේ තරිඳු මල්ලිගේ හොඳ සමඟ මගේ නරක සැසඳීමෙනි. කාලයක් තිස්සේ නොදුටු තරිඳු මල්ලි ගැන අම්මාගෙන් අහපු බැණුම් නිසාම තරහක් ඇති වු අවස්ථා නැතුවා නොවේ.
වසර ගණනක් එකිනෙකාගෙන් වෙන් වී සිටි මට, තරිඳු මල්ලි මීට මාස කීපයකට පමණ පෙර නෑදෑ කෙනෙකුගේ අවමඟුලකදී හමුවූයේ අහම්බෙනි.
වෙනදාට එක තැනක ඉඳගෙන ඉන්න බැරි තරිඳු මල්ලි මුළු ගැන්වී, කාගේවත් මූණවත් බලා කතා නොකරන යටහත් පහත් චරිතයක් බවට පත් වි තිබීම අප සැම පුදුමයට පත් කරනු ලැබීය.
“ඉතින් මල්ලි, කොහොමද?”
“ඉ..ඉ..ඉන්.. ඉන්නව.. අ..අයියෙ”
පෙර මෙන් නොව, තරිඳු මල්ලි දැන් කතා කරන විට ගොත ගසන බව අම්මා මට කියා තිබ්බද ඔහුත් සමඟ කතා කරන තුරු ඒ ගැන මගේ මතකයේ තිබුනේ නැත.
ඔහු කතා කලේ ඉතාම අපහසුවෙනි, වචන එළියට නොඑන අවස්ථාවලදි ඔහු ඇස් පියා ගනිමින් කථා කිරීමට උත්සාහ ගත්තේය.
“මල්ලි දැන් පල්ලියේමලු නේද?”
“නෑ.. නෑ අයියෙ.. ඉස්ස්ස්සර ගි..යා. දැන් වැඩිය යන්නෙ නෑ..”
“කවුද ෆාදර් කෙනෙක් එක්ක ෆිට් එකේ හිටියලු නේද?
“ආ..පෝ.. මිමිනිහ… අඅ..න්තිමට මමල වදයක් වුනා”
“ඒ මොකෝ”
“නීති… දා…න්න ආවා අයියේ. ඕ..න එකටයි එ…පා එකටයි ඔක්කෝටම. දැන් මං පල්ලි යන්නේ නෑ”
“එහෙමද?”
“අයියේ, මං පොඩි දෙයක් අහන්නද? ඔයා ආගම ගැන දන්නවනෙ”
“ගොඩක් දන්නෑ මල්ලි, ටිකක් දන්නවා”
“අයියේ මට නින්ද යන්නෙ නෑ අයියෙ. බයයි.
‘මට දැන් කෙල්ලො ගැන එක එක ඒවා හිතෙනවා අයියෙ”
නව යොවුන් වියේ මුවවිට ආදරය පහුරු ගාමින් සිටින මේ ගැටයා තම දැඩි ආගමික විශ්වාසයන් සහ හිත කිති කවන ආදර හැඟුමන් සමඟ අරගලයක යෙදී සිටියි.
“බයිබලයේ තියෙනවනෙ කෙල්ලෙක් දිහා නරක විදියට බැලුවත් එකයි, එයා එක්ක නිදා ගත්තත් එකයි කියල. ඉතින් මම ටීවී බලන්නෙත් නෑ ඒනිසා. කොහේවත් යන්නෙත් නෑ. කොටට ඇන්ද කෙල්ලො දකිද්දි මට කේන්තියි”
“මට බයයි අයියේ… මට එහෙම දේවල් හිතුන නිසා මං අපායේ යයි කියල”
මේ නව යොවුන් ගැටයා තමන්ගේ අත්දැකීම විස්තර කරනා විට ඔහුගේ අතැඟිලි මිටි ගැන්වේ, ඇස් විශාල වේ.
එදා දඩබ්බර ඇට්ටරයා මේ තරම් බියසුලු ගොත පුද්ගලයෙකු බවට පත් වූයේ ඇයි?
“අනේ අයියෙ. මට නින්ද යන්නේ නෑ.
මම ආසයි මැරුනයින් පස්සෙ මුකුත් නැත්තන්. ඇයි, අපි අතින් වැරදි වෙලා බැරිවෙලා හරි අපායට ගියොත්,, සදාකාලයටම පිච්චි පිච්චි.. දුක් විඳින්න වෙනවා. අයියේ.. සදාකාලයටම”
මා දැන සිටි දඟකාර ගැටයා වෙනුවට දැන් සිටින්නේ බයාදු, ගොතගසන, පෞරෂ හීනභාවයෙන් පෙළෙන තරුණයෙකි
"මල්ලි වෙලාවක එන්න අපි කතා කරමු”
ඔහුට හැකි විදියකින් මට පුළුවන් උපරිමයෙන් උදව්වක් ඇත්නම් කිරීමට ඒ මොහොතේ ඉටා ගත්තෙමි
.
.
.
.
“ආ අයියේ කෝප්පේ” තරිදු මගේ දැහැන බිඳියි
“මල්ලි, මොකෝ තත්ත්වේ? මොකද හිතන්නේ මම කිව්ව බයිබල් පාඨ ගැන?”
“ඔ..ඔව් අයියේ.. හිතුවා ගොඩක් හිතුවා”
“මට එ..එදා ඉඳල ඔලුවට මා..ර නිදහසක් දැනුනේ. ඒකයි මම අදත් ආවේ පොඩ්ඩක් කතා කරන්න. මට නින්දත් ගියා”
මා නිසා ඔහුට දැනුන වෙනස ගැන ගොත ගසමින් හෝ ඔහු දිළිසෙන දෙනෙත් වලින් සිනහමුසු මුහුණුන් කියන අයුරු දුටු මට එතරම් සතුටක් දැනුන දවසක් මතක් කල නොහැකිය.
“බය වෙන්න එපා මල්ලි. ඕව ඔක්කෝම එක එක අරමුණු නිසා මිනිස්සු ගොතපු කතා. අනික, මම කිව්ව වගේ හැම ආගමකම ඔය අපාය ගැන උගන්නනවා. එහෙම බය වෙන්න ගියොත් අපිට හැම ආගමකම අපාය ගැන බය වෙන්න ඕනනෙ”
ඔහුට අවශ්‍ය වූයේ ඔහු තැතිගැත්මට පත් කල, ඔහුගේ නින්ද අහිමි කල, කොටින්ම ඔහුව සාමාන්‍යය ජීවිතයෙන් නැති කල “අපාය” ගොතන ලද මිත්‍යාවක් බව නැවත නැවතත් තහවුරු කර ගැනීමටය.
හමුවීම් කීපයක් තුල ඔහුට විද්‍යාවෙන් ගත් උදාහරණ ඇසුරෙන් ආගමික මිථ්‍යාවන් ගැන හැකිතරම් පහදා දී අපාය පිළිබඳ බය කෙමින් කෙමින් අඩු කරන්නට මට හැකි වුනි.
.
.
.
.
“අයියේ මම ගිහින් එන්නද?”
සිනාමුසු මුහුණ, නිදහස ලැබූ පරවියෙක්ගේ සතුට
“හරි මල්ලි”
“අහසේ දෙවියෝ නෑ. මතකනෙ?" මේ දිනවල තරුණයන් අතර ජනප්‍රිය වදන් කිහිපය මා විහිලුවෙන් මෙන් ඔහුට පැවසුවෙමි.
ඔහු සිනාසෙයි
“ඇයි? දෙවියෝ නෑ කියලා හිතන්න බයද?”
“ද..දන්නවා.. අ..යියේ.. ඇත්ත .. මොක..ක්ද කියල.. ඒ..ත්.. ඒක.. කියන්..න්න.. බ්බ්බ්..බ්..බ..ය..යි….තා..ම”
දෙවියන් ගැන විශ්වාසය නැති වුවද තවමත් ඔහු දෙවියන්ට එරෙහි යමක් පැවසීමට පවා බියක් දක්වයි
තරිදු වැඩියෙන්ම ගොත ගසන්නේ දෙවියන් නැතැයි කියා සිතන විටය.
බයිබලයට අනුව ශුද්ධාත්මයානන් වහන්සේගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම කිසිදා සමාව නොලැබෙන පාපයයි.
අහසේ දෙවියෝ නැති ලෝකයක ජීවත් වූවා නම් අද තරිඳු මල්ලි කුමන විදියේ තරුණයෙක් වන්නට තිබුනාද? කුඩා ළමයින්ට අපාය ගැන කියා බිය වැද්දීම කොතරම් අනුවණකමක් දැයි මට සිහිවෙන්නේ තරිඳු මල්ලි නිසාය.

Saturday, March 26, 2016

අද මහ සිකුරාදා

ලොව පුරා කතෝලිකයන් සිය ශාස්තෲවරයා වන ජේසුස්වහන්සේගේ කුරුසපත් වීම සමරණ දිනය. උන්වහන්සේ මනුෂ්‍ය සංහතියේ පාප උදෙසා සිය කැමැත්තෙන් වධ වේදනාවට ලක් වෙලා මරණයට පත් වුනාය කියන සිද්ධිය සමරණ දවස.
මනුෂ්‍යයාගේ නිර්මාපකයා කියන සියලු බලැති දෙවියන්වහන්සේට මනුෂ්‍යයාගේ පාප උදෙසා මිනිස් බිලි පූජාවක් නැතුව සමාව දෙන්න නොහැකි ඇයි කියන එක ලොව පුරා බිලියන 2.4ක් කතෝලිකයන්ගෙන් කීදෙනෙක්ට හිතෙනවද කියන එක හිතන්න වටින දෙයක්.
සානුකම්පාවෙන් අසීමිත දෙවිකෙනෙක්ට කල හැකි උතුම්ම ක්‍රියාව වන්දියක් රහිතව සමාව දීම නොවේද කියන එක මෙතනදි අහන්න පුළුවන් සාධාරණ ප්‍රශ්නයක්
සෑම ආගමක් වගේම බයිබලය මූලික කරගෙන නිර්මාණය වූ ඒබ්‍රහමික ආගම් නිසා ඒ ඒ කාල වල තිබ්බ සදාචාරාත්මක සම්මුතීන් ධනාත්මක ලෙස පරිනාමයට ලක් වුනා. 'ඒක දෙවි' (monotheism) සංකල්පය ඔස්සේ ගොඬනැගුන ඒබ්‍ර්හමික ආගම් වලට පෙර කාලයේ පැවතුන polytheism හෙවත් බහු දේවවාදී පේගන් ආගම් වල සම්ප්‍රදාය වුනේ ඔවුන් අදහන දෙවිවරුන් වෙනුවෙන් 'මිනිස්' බිලි පූජා ලබා දෙන එක. බයිබලයේ පැරණි ගිවිසුමේදී එය 'සතුන්' බිලි පූජා විදියට ලබා දෙන ආකාරයට වෙනස් වුනා.
මොනවා වුනත් ක්‍රිස්තියානි ආගම ගොඬනගන්න මොවුන්ට ඒ කාලයේ සදාචාරාත්මක වටිනාකම් අනුව උවමනා වුනා බිලි පූජා වලින් උතුම්ම බිලි පූජාව හෙවත් පරම කැපකිරීමක්(Ultimate sacrifice) වටා ක්‍රිස්තියානියේ(හෝ කතෝලික) පදනම ගොඬගන්න
ඒ අනුවයි මනුෂ්‍ය වේශයෙන් පැමිණි දෙවියන් මිනිසා වෙනුවෙන් 'බිලිපූජාවක්' විදියට පූජා වෙන සංකල්පය නිර්මාණය වෙන්නෙ
අපි වර්තමානය ගැන කතා කලොත් ඇත්ත කතාව තමයි, කතෝලිකයන් මේ සමරන්නේ මනුෂ්‍ය බිලි පූජාවක් බව.. ඔවුන් සමරන්නේ කෙනෙක්ගේ රුධිරය ගලා යෑමක් බව. ඇත්තටම මෙතනදි ඔවුන් ජේසුස් වෙනුවෙන් කණගාටු වුනාට ඇත්තටම ඔය රුධියෙන් පිරුනු මිනිස් බිලිපූජාව නැතුව ඔවුන්ට ආගමක් ඉතිරි වෙන්නේ නෑ.
මේ සංකල්පය වර්තමාන සදාචාරාත්මක රාමුවල් තුලට දාලා බැලුවම පෙනෙන්නේ අතිශය පිළිකුල් සහගත අමානුෂික සම්ප්‍රදායක්.
මනුෂ්‍යෙක්ගේ ලේ මතින් බිහි වුන සංකල්පයක්, බිලි පූජාවක් ලෙස මනුෂ්‍යයෙක් වධබන්ධනයට ලක් කොට මරණයට පත් කිරීමේ සිද්ධියක් උත්කර්ෂවත් කිරීමක්, ඒ මනුස්සයාගේ ලේ සංකේතාත්මකව පානය කිරීමක්..
මේ සියලූම වතාවත් 21වන ශතවර්ෂයට නොගැලපෙන කල් ඉකුත් වූ පේගන් සම්ප්‍රාදයන් ලෙසයි පෙනෙන්නෙ
නමුත් කතෝලික/ක්‍රිස්තියානි අනුගාමිකයන්ට ඔය කාරණා කිසිදා ප්‍රශ්නයක් වුනේ නෑ. වෙන්නෙත් නෑ.
හරියට වතිකානුව තුළ සිදුවී වතිකානුව විසින්ම සඟවා පසුව හෙළිවූ කුඩා දරුවන් ලිංගිකව අපයෝජනය කිරීම් වතිකානුව සමඟ ගනුදෙනු කිරීමේදී ඔවුන්ට ප්‍රශ්නයක් නොවනවා වගේ.
[ජේසුස් ගැන නිර්මාණය වුන චිත්‍ර්පට සියල්ල අතරින් අතිශය හිංසාකාරී චිත්‍රපටය වන Passion of the Christ චිත්‍රපටය කතෝලිකයන් තදින් වැළඳගෙන මිලියන ගණන් ආදායම් වාර්තා තැබීම පසුපස ඇති ලේ පිපාසිත මානසිකත්වත ගැන වෙනම අවධානය යොමු කිරීම වටිනවා]
ඔවුන්ගේ ඉල්ලුමට අනුව සැපයුම ලැබෙනවා නම්, එතනින් එහාට සදාචාරයක්, සාධාරණයක් කතෝලිකයන්ටවත්/ක්‍රිස්තියානින්ටවත් ඕන නෑ
අවශ්‍ය වන්නේ ඉල්ලුමට අනුව සැපයුම ලැබීම පමණයි

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...