Friday, October 20, 2017

පහත් තැනින් යයි ගලා ජලේ



තමාට වඩා පහළින් ඉන්න මිනිස්සුන්ට පාර්ට් දාන අයමයි තමාට වඩා ඉහළින් ඉන්න අය ඉස්සරහා ලේසියෙන් දෙකට නැමෙන්නෙ.

ඔය ඉහළ, පහළ බව වෙන් කරගන්නෙ ජාතිය, සමාජ මට්ටම, රස්සාව,ලිංගිකත්වය, අධ්‍යාපන මට්ටම වගේ නිර්ණායක මත පදනම් වෙලා.

ඔය විදියට සමාජයේ තමා ඉන්න තැනක් තීරණය කරල අනෙක් මිනිස්සුන්ව තමා ඉන්න ඒ තැනට පහළ සහ ඉහළ කියල වෙන් කරන මේ අය ඒ අනුව කවුරු ඉස්සරහ තමා පෙනේ පුප්පනවද කවුරු ඉස්සරහ නැට්ට කකුල් දෙක අස්සෙ ගහගන්නවද කියන එක තීරණය කරනව.

මම දැකල තියෙන විදියට ඔතනින් තමාට වඩා පහළින් ඉන්න අය ඉස්සරහා සැර දාන අයම තමයි කිසිම ලැජ්ජාවක් නැතුව වැඩියෙන්ම තමන්ගෙ ලොක්කන්ට ගොට්ට අල්ලන්නෙ. ලොක්කන්ගෙ සපත්තු ලෙවකන්නෙ.

තමාට වඩා පහළින් ඉන්න අයට පාර්ට් නොදාන, ඒ අයටත් තමා හා සමසේ සලකන ගොඩක් අයට මාරම අමාරුයි තමාට වඩා ඉහළින් ඉන්න අය ඉස්සරහා දෙකට නැමෙන්න.

මොකද ඒ අයගේ ඇස් වලින් ඔය නිර්ණායක අනුව මිනිස්සුන්ගේ ඉහළ පහළ බව තීරණය නොවන නිසා. ඒ අය හැමෝමව දකින්නේ මිනිස්සු විදියට නිසා.



ජාතිය නිසා, ආගම නිසා, සමාජ මට්ටම නිසා, රස්සාව නිසා කෙනෙක්ව පහත් කියල දකින්නැති කෙනෙක් ඒවා නිසාම කෙනෙක්ව උසස් කියල දකින්නෙ කොහොමද?

වෙන කෙනෙක් මත ආධිපත්‍යය පතුරවන එකෙන් තෘප්තියක් ලබන එක ගල් යුගයේ වනචාරියෙක්ව හිටිය කාලෙ ඉඳලම අපේ ඇඟේ තිබ්බ දෙයක්. තාම ඒ වනචාරී අශිෂ්ඨ ආශාවට යට වෙලා 'පොඩි මිනිස්සුන්ට' සැර දාන එක ඇත්තටම බැලුවොත් මාරම දුර්වලකමක්.

එදිනෙදා දවස ගෙවද්දි ආශ්‍රය කරන්න හම්බෙන්නේ ඔය වගේ වනචාරීන් දෙතුන් දෙනෙක් විතරක් නම් නෙමේ. බහුතරයක් මිනිස්සු තාම එහෙමයි.

උස් තැන් දැක්කම හැකිලෙනවා. මිටි තැන් දැක්කම පුප්පනවා.

තමාගේ වනචාරී ආශාවල් බුද්ධියෙන් පාලනය කරගන්න තරම් පෞරෂයක් නැති ශිෂ්ඨත්වයට එළඹිලා නැති සත්තු !


13 comments:

  1. අද තියෙන තත්ත්වය තරාතිරම ලැබිල තියෙන්නෙ සසරේ කරපු පින්වල විපාක හැටියට. ඒක යොදාගෙන අන් අයව මට්ටු කරන අයට මීලඟ බව වල ලැබෙන්නේ තිරිසන් ආත්ම හෝ මිනිස් භවයක් නම් සමාජයේ පහත් තත්ත්වයේ ආත්ම. හැමෝටම එක වාගේ සලකමින් නිහතමානී වුනොත් ඊලඟ භව සුභ වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ++++
      කුල ගැනත්, ලස්සන ගැනත්, මේ කතාවම මම අහල තියනව.

      Delete
    2. ඉයන්. මම අහල තියෙනව ප්‍රේමදාස මහත්තයත් මල් වට්ටියක් එක්කම පිස්තෝලයකුත් අරං ගියා කියල.

      Delete
    3. ඉයන් - ඔහොම හිතන එකේ අවුල තමා උපතින් හරි අහම්බෙන් හරි තමාට ලැබෙන දේවල් තමාට ලැබිය යුතු දේවල් කියලා හිතෙන එක. ඒ කියන්නේ ඒ දේවල් ලැබෙන්නේ පෙර ආත්මයේදී හරි "තමා කරපු" දේවල් වල ප්‍රතිපල විදියටනෙ එතකොට. ඒ කියන්නේ මේ ලෝකේ දුක් විඳින, අසාධාරණයට ලක් වෙන, පීඩාවට පත් වෙන මිනිස්සු එහෙම වෙන්නෙ ඒ අය "ගිය ආත්මේ කල නරක හෝ නොකල හොඳ" නිසා කියලයි එතනින් කියවෙන්නෙ. ඒ කියන්නෙ ඒ අනුව ගත්තම ඒ මිනිස්සු දුක් විඳිය යුතුයි. කොටින්ම ඒ අය දුක් විඳින එක සාධාරණයි. ඒක මහා අමානුෂික චින්තනයක් විදියටයි මම දකින්නේ.

      ඒ වගේම තමා ඔහොම හිතුවම සමාජයේ ඉන්න පීඩිතයන් ගැන "අපිට" තියෙන වගකීම සහ ගිල්ට් එකෙන් යම් තරමකට අපි නිදහස් වෙනවා. මොකද ඒ අය දුක් විඳින්නේ "අපේ සිස්ටම්" එකේ අවුලක් නිසා නෙමේ, ඒ අයගේම කරුමෙ නිසා කියන ආකල්පය සමාජ ගත වෙන නිසා.

      මොකක් හරි වුනාම "ඒ මනුස්සයාගේ කරුමෙ තමා" කියනවට වඩා "ඇයි එහෙම වුනේ? මොකක්ද එතන වුන වැරැද්ද? ඇයි ඒ මනුස්සයා ඒ තත්වයට පත් වුනේ.." කියල හිතන එක ධනාත්මක නැද්ද?

      Delete
  2. හැමෝටම ගරු කියන එකනම් දැන් හුඟක් වැඩියි.
    අවුරුදු 10කට ඉස්සර වුනත් මේතරම් කිව්වෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඕනම මනුස්සයෙක්/දෙයක්/සංකල්පයක් පොඩ්ඩක් උස්සලා තියල දුන්නම ඒක ඉස්සරහා දනින් වැටෙන එක අපේ ජාන වලින්ම එන දෙයක්ද කියලත් හිතෙනව

      Delete
  3. මචං විශේෂයෙන්ම ලංකාවේ සිංහල බෞද්ද ජාතිය කියන්නෙ අයිස් යුගයටත් කලින් හිටිය මස් වැද්දන් කිව්වොත් හරියටම හරි. අර ප්‍රා ජේ කිව්ව කතාව හරියටම හරි. අවුරුදු 10කට කලින් නෙමෙයි ප්‍රා ජේ මහත්තයෝ ෆේස් බුක් එන්න කලින් ගරු කෙසේ වෙතත් එක එක වාදී වර්ග කථා ගොඩක් අවම මට්ටමක තිබුනෙ. ෆේස් බුක් එකත් සිංහල බෞද්ද වඳුරන් අතට පත් උනාට පස්සෙ තමයි මේ ඔක්කොම උනේ.

    මම ලංකාවේ අන්තිමට වැඩ කලේ අන්තර්ජාතික බැංකුවක. අපේ මැනේජර් පොල්ගහට යන්න තියෙන ටාගට් එක අපිට දෙන්නෙ තරු අල්ලන්න. අපි තරු ඇල්ලුවහම මැනේජර් කරන්නෙ කන්ට්‍රි ක්‍රෙඩිට් හෙඩ් ගෙ වෘෂණ මිරිකන එක.

    අපේ ජාතිය කවදාවත්ම නැගිටින්නෙ නැති හේතුව තමන් උසස්, අනික පහත් කියල සලකන එක. දැන් මේවා නිතරම අහන්න දකින්න ලැබෙන නිසා හරි හෝ වැරදි ඔක්කොම සාමාන්‍ය විදිහට අපේ ලේ නහර දිගේ දුවල ඉවරයි.

    උබ සැලකිල්ලෙන් මේ දේවල් ගැන බැලුවොත් මේ ඔක්කොම දේවල් බොහොම සුක්ෂම විදිහට මේ සිංහල බ්ලොග් ලෝකයේ ලොකුවට වෙනව.

    හැබැයි මේව එක්ස්පොස් කලොත් බඩු බනිස් කරනම තැනට වැඩ කරන කපටි සක්කිලියො ටිකකුත් මෙතනම ඉන්නව.

    ඊට අමතරව ලංකාවේ තියෙන්නෙ අපි ආශ්‍රය කරන මිනිස්සු ගැන බිරිඳ ස්වාමියා දෙමව්පියන් යන ඔක්කොම දැනගන්න ඕන. ඊට අමතරව උන් කරන රැකියාව අනුව උන් කියනව ඒකා ආශ්‍රය කරන්න එපා අරූව ආශ්‍රය කරපං කියල.

    ඒත් මේ රටේ කකුස්සි හෝදන එකාත් ඔෆිස් ක්ලීන් කරන එකාත් සුපර් මාකට් එකේ ඉන්න එකාත් දොස්තරත් එක සමානයි. එන්ඩ් ඔෆ් ද ඩේ හැමෝම හොඳට කාල බීල හොලිඩේ ගිහිං එනව.

    මේ ඔක්කොම උබල අපිට තේරුම් ගන්න පුළුවන් උනාට ෆේස් බුක් එකයි ස්මාර්ට් ෆෝන් එකක් තියෙන වඳුරන්ට තේරුම් කරන්ට බැහැ.

    ඔහොම යමු. කොහොමත් උන්ට යුද්දෙ නැතුව පාළුවෙන් ඉන්නෙ. ආයෙමත් යුද්දයක් පටන්ගත්තහම අපි ටීවී බලල මළමිනී වලින් ස්කෝර් කරමු.

    මොකද අපි ප්‍රවුඩ් සිංහල බුඩිස්ට් නේ...

    😂😂😂😂😂😂😂😂

    ReplyDelete
    Replies
    1. බුඩිස්ට් සිංහලයෙක් උනානං ඔය ලෙඩේ නැති වෙයි මගෙ හිතේ.

      Delete
    2. ටික්කා - උඹ කියන කතාව හරි. දොස්තරගෙ ඉඳන් පොලිස්කාරයා පවා ඉන්නේ තමන් ලෝකෙට ලොක්කො කියල හිතාගෙන.

      //උබ සැලකිල්ලෙන් මේ දේවල් ගැන බැලුවොත් මේ ඔක්කොම දේවල් බොහොම සුක්ෂම විදිහට මේ සිංහල බ්ලොග් ලෝකයේ ලොකුවට වෙනව.

      හැබැයි මේව එක්ස්පොස් කලොත් බඩු බනිස් කරනම තැනට වැඩ කරන කපටි සක්කිලියො ටිකකුත් මෙතනම ඉන්නව.//

      සිංහල බ්ලොග් ලෝකයේ සංස්කෘතිය ගැන නම් මට එච්චර පැහැදීමක් නැහැ. මම ඒක කියන්න බයත් නැහැ. ඒ ගැන වෙනම බ්ලොග් පෝස්ටුවක් ලියන්න හිතුනත් නොලියා ඉන්නේ බුකියේ වැඩියෙන්ම සැරිසරන මට බ්ලොග් ලෝකය ගැන එහෙම විවේචනයක් කරන්න දැනුම මදිදෝ කියල සැකයක් තියෙන නිසා.

      Delete
    3. උබට මතකද සාරස කියන බ්ලොගර් ට උන දේ..? උපහාසය විඳගන්න බැරි ඇවුන් අන්තිමට කලේ සාරස කියන උගත් මනුස්සයව ස්ත්‍රීදුෂකයෙක් කරල මේ සිංහල බ්ලොග් එකෙන් අයින් කල එක. මේ දෙයම හෙට උබට මට කරයි. මේ දේවල් කරපු එකා මේ බ්ලොග් අවකාශේ සැරිසරන්නේ කවදාවත් පව් නොකරපු එකෙක් විදිහට. මම කාටවත් බය නැහැ. බය කියන දෙය මම අඳුරන්නෙත් නැහැ. ඔය පුද්ගලයා උබේ බ්ලොග් එකේ කමෙන්ට් කරන්නෙ පට්ට බුද්දිමතෙක් විදිහට. සුද්ද සිංහලෙන් කියනවනම්ඌ මේ බ්ලොග් එකෙන් අතුගාල දාන්න ඕන මිනිහෙක්.

      Delete
    4. ටික්කා කවුද බන් ඒ කෙලින් කියාපන්කො අපටත් දැනගන්න

      Delete
    5. ඔබ තුමාත් තමන්ගෙ නමින් ඇවිල්ල කතා කලොත් මම A ඉඳල Z වෙනකං කියන්නං. මගෙ ඇත්ත නම ජෙහාන් කියන නමට ගොඩක් කිට්ටුයි. එත් මම %&* නෙමෙයි. මොකද එක සැරයක් මාව හතරවෙනි තට්ටුවට එක්කරගෙන ගිහිං මගේ ඔලුවට ෂොපින් බැග් එකක් දාල කන් දෙකට 240v අල්ලපු මනුස්සයෙක්. අපි මම බොහොම අහිංසක මිනිස්සු මචං :D

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...