Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts
Thursday, December 28, 2017
ඇයි උඹ ළමයි හදන්නෙ නැත්තෙ?
යාලුවා – ඇයි උඹ ළමයි හදන්නෙ නැත්තෙ?
මම – ඇයි උඹ ළමයි හදන්නෙ?
යාලුවා – කවද හරි වයසට ගියාම උඹව බලාගන්නෙ කවුද?
මම – උඹ හිතනවද ඒක ළමයෙක් මේ ලෝකෙට බිහි කරන්න හොඳ හේතුවක් කියල?
යාලුවා – ඇයි ඒක හොඳ හේතුවක් නෙමේද?
මම – හොඳ නරක කෙසේවෙතත් ඒක ආත්මාර්ථකාමී හේතුවක්. උඹ කරන්නෙ ආයෝජනයක්
යාලුවා – එක අතකට ඔව්. ආයෝජනයක් තමා
මම – ආත්මාර්ථයෙන් කරන ආයෝජනයක්. උඹ උඹේ ආත්මාර්ථකාමී අරමුණක් වෙනුවෙන් ජීවිතයක් නිර්මාණය කරනවා. ඒක සදාචාරාත්මකද? දරුවෙක් කියන්නෙ රිටයර්මන්ට් ප්ලෑන් එකකටද?
යාලුවා – උඹට කවද හරි හිතෙයි ළමයෙක් හැදුවනම් හොඳයි කියල. උඹ පසුතැවෙයි
මම – මට එහෙම හිතෙන එකක් නෑ. ඒත් බැරි වෙලාවත් එහෙම හිතුනොත් දරුවෙක් අරගෙන හදාගන්න පුළුවන්නෙ. උඹට කවද හරි හිතුනොත් උඹ ළමයෙක් හදපු එක අපරාදෙ කියල. ජීවිත කාලයක් පුරා හදපු දරුවා ගැන උඹ පසුතැවුනොත්? උඹ එදාට මොකද කරන්නෙ?
යාලුවා - උඹට පොඩි එකෙක් හිනා වෙනව දකිද්දි ආස හිතෙන්නැද්ද? උඹේම කියල පොඩි එකෙක් හුරතල් කරන්න ආසාවක් ඇත්තෙම නැද්ද බං?
මම - උඹට පණ තියෙන බෝනික්කෙක් එක්ක සෙල්ලම් කරන්න ආසයි කියල මේ ජීවිතය කියන සටනට අරගල කරන්න තවත් ජීවිතයක් නිර්මාණය කරන එක සාධාරණයි කියල උඹ හිතනවද? ජීවිතය කියන්නෙ කට්ටක් බං. අපි දෙන්නම බලහං. මොන කට්ටක් කනවද කියල. ඇයි මේ දුක තවත් කෙනෙක්ට දෙන්නෙ?
යාලුවා - යකෝ, උඹේ පරම්පරාව ගෙනියන්නේ කවුද? උඹේ ගෑණි කැමතිද ළමයි නොහදා ඉන්න? අම්මලා තාත්තලා පව් නැද්ද?
මම - මට මගේ පරම්පරාව ගෙනියන්න කිසිම උවමනාවක් නෑ. මොකක්ද බං ඔය මහලොකු පරම්පරාව කියන්නෙ? අම්මලා තාත්තලාගේ ආසාව නිසාම මම මගේ ජීවිතේ තීරණ ගන්නෙ නෑ. මම ඒ අයට ඇහුම්කන් දෙනව. ඒ අය කියන හරි දේවල් අහනවා. හැබැයි ඒ අයගේ අදහස් හරි කියල ඒ අය පැහැදිළිව තහවුරු කරන වෙලාවල් වලදි විතරයි. හැමවෙලේම ඒ අය ගහන පදයට නටන්න මම පඹයෙක් නෙමේනෙ බං. කෙල්ල ගැන උඹ ඇහැව්වා නේද? මෙහෙමයි, උඹට වගේ නෙමේ මම කෙල්ලට මේ ගැන ඒ ටූ එසෙඩ් කියල තියෙන්නෙ. මෙච්චර සරල කාරණාවක්වත් තේරුම්ගන්න බැරි නම් ඒ කෙල්ල එක්ක මට මැරෙනකල් කොහෙත්ම එකට ජීවත් වෙන්න බෑ.
යාලුවා - ඒ කියන්නෙ කෙල්ල කැමතියි ළමයි නොහදා ඉන්න.
මම - ඔව්. දැන් එයා ඉන්නෙ මම කැමති වුනත් එයා කවදාවත් ළමයි හදන්න කැමති වෙන්නෙ නෑ කියන තැන.
යාලුවා - තොටම හරියන ගෑණි
මම - මචන්, ළමයි හදන එකේ සදාචාරාත්මක අවුලක් තියෙනවා. ඒක වෙනම දිගට කතා කරන්න ඕන මාතෘකාවක්. ඒ වගේම ප්රායෝගික අවුලකුත් තියෙනවා. යකෝ ළමයෙක් හදනවා කියන්නේ උඹට උඹව නැතුව යනවා කියන එකට. උඹේ මුළු ජීවිතය විතරක් නෙමේ උඹේ මුළු පැවැත්මම ඒ ළමයා වෙනුවෙන් කැප කරන්න වෙනවා අඩුම ගානේ අවුරුදු පහලවක් විස්සක්වත් යනකල්. උඹේ ස්වාධීනත්වය නැතුව යනවා, උඹට උඹ ආස දේ කරන්න තියා හිතන්නවත් වෙලාවක් නැතුව යනවා. හම්බ කරන සල්ලි වලින් බාගෙකටත් වඩා ළමයා වෙනුවෙන් වියදන් කරන්න වෙනවා. හරියටම බැලුවොත් ළමයෙක් හදනවා කියන්නේ අවුරුදු විසි පහක් විතර මාස් පතා පනස්දාහක් හැටදාහක් ගෙවන්න වෙන ලෝන් එකක් ගන්නව වගේ වැඩක්. වියදම ගැන විතරයි ඒ, ළමයාගේ ආරක්ෂාව ගැන සම්පූර්ණ වගකීම එන්නේ උඹට. උඹට සැනසිල්ලේ කෑම ටික කන්නවත් බැරුව යනවා. ළමයා ගැනමනේ ඔලුවේ තියෙන්නෙ, මූ කොහෙ යයිද කොහෙ වැටෙයිද කොහෙ ඇණ ගනියිද කියල. කැමති අය කැමැත්තෙන් ඒ කට්ට කයි. මට අවුලක් නෑ. ඒත් ඔය වගේ අමු කට්ටක් බලෙන් ඇඟේ දාගන්න මට පිස්සු නෑ බං. මට මගේ නිදහස ඕන. මට මගේ සැනසිල්ල ඕන. ජීවිතේ උවමනාවෙන්ම තවත් සංකීර්ණ කරගන්නෙ මගුලකටද? මේ තියෙන ප්රශ්න මදිවටයැ.
යාලුවා - ඉතින් බං ඕවා කලාම කවද හරි ඒවයේ ප්රතිපල තියෙනවනෙ.
මම - මොනවද ප්රතිපල? හැමෝම තමා දරුවො වෙනුවෙන් මේ කට්ට කන නිසා දරුවන්ගෙන් අම්බානට දේවල් බලාපොරොත්තු වෙනවා. දරුවාගේ ඉගෙනීම, විවාහය වගේ ජීවිතයේ වැදගත්ම දේවල් විතරක් නෙමේ දරුවාගේ හැසිරීමේ ඉඳල ආකල්ප දක්වාම තමන් කැමති විදියට දරුවා හැදෙයි වැඩකරයි කියලයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. මෙච්චර කට්ටක් කාලා හදන එකාවත් තමන්ගේ පදයට නටන හිතන්න බැරි පඹයෙක් කරන එකද මේකෙන් ලැබෙන ප්රතිපලේ? මොන මගුලක්ද? මොන දෙමාපියාද තමන්ගේ දරුවා හදන්නේ මනුෂ්යය සංහතියට යහපත් මනුස්සයෙක් බිහි කරන අරමුණින්? හැමෝම ළමයි හදන්නේ තමන්ගේ පුද්ගලික උවමනා එපාකම් ඉෂ්ඨ කරගන්න. තමන්ට ළඟා කරන්න බැරි වුන ජීවන ඉලක්ක දරුවා ලවා ළඟා කරගෙන ඒ මානසික ආතල් එක ගන්න. දරුවාට ඒවා කරගන්න බැරි වුනාම දෙමව්පියෝ හැසිරෙන විදිය පොඩ්ඩක් සමාජයට බැහැල බලහන්. මේක මහ විකාරයක්. පටලැවිලි ගොඩක්. මම මේ නාඩගමේ කොටස්කාරයෙක් වෙන්න කීයටවත් කැමති නෑ.
යාලුවා - උඹට තේරෙන්නෑ දෙමාපියන් දරුවන්ට තියෙන ආදරයේ වටිනාකම ගැන. ඒක කොයි තරම් උතුම් දෙයක්ද කියල උඹට තේරෙන්නෑ බං
මම - මචන්, ඔය උතුම්ය කියල කියන දේවල් තියෙනව නේද? අන්න ඒවලින් තමා වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන. මේ ලෝකයේ සර්වසම්පූර්ණ පරමාදර්ශී උතුම් මගුල් මුකුත්ම නෑ බං. හැමදේම අඩුපාඩු වලින් කුජීත බවින් පිරුන දේවල්. එනිසා ඔය උතුම් ලණුව කන්න එපා.
යාලුවා - මොකක්ද දැන් උඹ කියන්නෙ?
මම - උඹ කියන්නෙ දරුවො ගැන දෙමාපියන්ගේ තියෙන හැඟීම තර්කයටවත් බුද්ධියටවත් අහුවෙන්නැති පාලනය කරන්න බැරි බිඳලා දාන්නත් බැරි තරමේ ශක්තිමත් හැඟීමක් කියලනෙ. මොකකින් හරි මිනිස්සුන්ව හැඟීම් වලට ඔයතරම්ම වහල්ලු කරනවා නම් එතන ඇති පොයෙටික් මගුලක් නෑ බං. ඒ බැඳීමම හානිකර පට්ට ඇඩික්ෂන් එකක්. ඔය වගේ බුද්ධියතට අහුනොවන හැඟීම් වලටම වහල් වෙන බැඳීමක් නිර්මාණය කරගෙන ඒකට ඇඩික්ට් වෙයිද මොළයක් තියෙන මනුස්සයෙක්? ඔය කියන විදියට ඕක කුඩු ඇබ්බැහියටත් වඩා අන්තයිනෙ. මට කුඩුත් එපා ඔය වගේ ගොං බැඳීමුත් එපා.
යාලුවා - උඹේ ප්රශ්නය මොකක්ද දන්නවද? උඹ හිතනවා වැඩියි.
මම - උඹ දන්නවද උඹේ ප්රශ්නය මොකක්ද කියල? උඹ හිතන්නෙම නෑ.
යාලුවා – ඒ නැතත් අපි වර්ගයා බෝ කරන්න ඕන. ලෝකය පවත්වාගෙන යන්න ඕන
මම – ඇයි වර්ගයා බෝ කරන්නෙ? ඇයි ළමයි හදන්නෙ?
යාලුවා – ළමයි හදන්නෙ ඉතින් වර්ගයා බෝකරන්න
මම – ඒක හරි. මම අහන්නෙ ඇයි වර්ගයා බෝ කරන්න ඕන?
යාලුවා – ඉතින් වර්ගයා බෝ කරන්න නිසා…
මම - ඉතින් ඒක තමා බොල මම අහන්නේ අහවල් මගුලකටද වර්ගයා බෝ කරන්නෙ??
යාලුවා - හරි හරි උඹ ළමයි නොහදා හිටහං එහෙනම්. මං කියපුව ගැන හිතල බලහංකො පොඩ්ඩක්.
මම - හා. හැබැයි මීට කලින් අහපු නැති මුකුත් නම් උඹ කිව්වෙ නෑ. හැමෝම කියන කතා ටික තමා ඔය. මම කිව්ව ඒව ගැනත් හිතල බලහන් කැමති නම්. වෙන වෙලාවක මේ ගැන හිමීට වැඩිදුර කතා කරමු.
යාලුවා - හ්ම්..
මම - එල
Wednesday, October 25, 2017
අඩෝ.. උඹේ කෙල්ලව හදාගනින්
ලංකාවෙ ගොඩක් පිරිමි හිතන් ඉන්නෙ තමාගේ සහකාරිය තමන්ගේ මතවාද වල ප්රතිබිම්භයක් වෙන්න ඕන කියල.
ඒ අය තමන්ගේ සහකාරියව පාවිච්චි කරන්නේ තමන් කවුද කියන එක නිරූපනය කරන්න සහ තමන්ගේ අනන්යතාවය මොකක්ද කියන එක ලෝකෙට පෙන්නන්න.
තමන්ගේ සහකාරිය අඳින පළඳින විදියෙන් කෙල්ලෙක් අඳින්න පළඳින්න ඕන විදිය ගැන තමාගේ අදහස නිරූපනය වෙනවය, තමන්ගේ සහකාරිය හැසිරෙන විදියෙන් කෙල්ලෙක් හැසිරෙන්න ඕන විදිය ගැන තමාගේ අදහස නිරූපනය වෙනවය, තමන්ගේ සහකාරිය හිතන පතන විදියෙන් කෙල්ලෙක් හිතන්න ඕන විදිය ගැන තමන්ගේ අදහස නිරූපනය වෙනවය, තමන්ගේ සහකාරියගේ මතවාද වලින් තමන්ගේ මතවාද නිරූපනය වෙනවය,
කියලයි ඔය මිනිස්සු හිතන් ඉන්නෙ.
සමාජය ඉස්සරහා තමාගේ අනන්යතාවය ආරක්ෂා කරගන්න නිසා නීති දාලා ගහලා බැනලා හරි කෙල්ලව තමන්ට ඕන විදියට වෙනස් කරන්නයි බහුතරයක් කොල්ලො බලන්නෙ.
"ඒක එයාගේ කැමැත්ත.. එයා ඉන්නේ එයාගේ විදියට" කියල කියන්න ගටක් තියෙන කොල්ලො හොයාගන්න අමාරු වුනාට...
"අනිත් කෙල්ලන්ගෙන් මට වැඩක් නෑ.. මගේ කෙල්ල ඉන්න ඕන මට ඕන විදියට.. ඒකි අඳින්න ඕන මට ඕන විදියට.. ඒකි හැසිරෙන්න ඕන මට ඕන විදියට.. ඒකි කතා කරන්න ඕන මට ඕන විදියට.."
...කිය කිය තමන්ගේ කෙල්ලට ගෙම්බර් දාන එක මාර ලොකු වැඩක් කියල හිතාගෙන ඉන්න පෞරෂහීනයන්ගෙන් නම් කිසිම අඩුවක් නැහැ.
ඇය තුළින් තමන්ගේ අනන්යතාවය නිරූපනය වෙනවා කියලා හිතාගෙන ඇයව වෙනස් කරන්න තමාගේ අධිකාරී බලය පාවිච්චි කරන මේ පිරිමි තුල තමන්ගේ ක්රියාකලාපය නිසා පුද්ගලයෙකු වශයෙන් ඇයගේ අනන්යතාවයට වෙන දේ ගැන කිසිම හැඟීමක්වත් සංවේදිත්වයක්වත් නැහැ. තමන්ගේ සහකාරියගේ ආකල්ප, හැසිරීම් සහ වටිනාකම් තමාට දරා ගන්නට බැරි තරම් නොගැලපෙනවා නම් ඇයගේ අන්යතාවය මරා දැමීමට වඩා සබඳතාවය නවත්වන එකයි කරන්න ඕන කියල මේ අයට තේරෙන්නේ නැහැ. පුද්ගලයෙක්ගේ අනන්යතාවය මරලා දාලා දිගින් දිගටම ඒ මනුස්සයාව පාලනය කරන්න ගියාම ඒ මනුස්සයා තුළ හටගන්න වේදනාව, කලකිරීම සහ පීඩනය ගැන මොවුන්ට සහකම්පනයක් නැහැ.
ඕකෙම අනිත් පැත්ත තමයි,
තමාගේ සහකාරියගේ සිතුම් පැතුම් ආකල්ප තේරුම් අරගෙන ඇයගේ ස්වාධීනත්වයට ගරු කරන කොල්ලෙක් හම්බුනාම මේ වගේ හීනමානකාරයො "අඩෝ.. උඹේ කෙල්ලව හදාගනින්" කියල කෑගහන්නෙ.
මොකද මේ අයට අනුව කෙල්ලෙක් කියන්නේ තමාට ඕන විදියට "හදාගන්න" ඕන වහලෙක්.
මේ විදියට පීඩනයට පත් වෙලා ඉන්න තරුණියන්/ගැහැණුන් තමන්ගෙන්ම අහගන්න ඕන ප්රශ්නය තමයි,,
තමාව ස්වාධීන පුද්ගලයෙක් විදියට සලකන්නෙ නැති, තමන්ගේ අනන්යතාවයට ගරු කරන්නෙ නැති, තමන්ව තේරුම් ගන්නෙ නැති Control Freak කෙනෙක් විදියට හැසිරෙන එකෙක් එක්ක තමන් දිගින් දිගටම ඉන්නේ ඇයි?
කියන ප්රශ්නය.
ඉස්සෙල්ලා තමන් තමන්ටම ගරු කරන්න ඉගෙනගන්න. තමන් තමන්ගේ අනන්යතාවයට සහ නිදහසට ගරු කරන්නේ නැත්නම් වෙන කෙනෙක් ඒ දේවල් වලට ගරු කරයි කියල හිතන්න එපා. තමන් තමන්ගේ අනන්යතාවයට සහ නිදහසට ගරු කරනවා නම් වෙන කෙනෙක්ට ඒ දේවල් විනාශ කරන්න දෙන්නත් එපා.
කතාවක් තියෙනව සමාජයක/සංස්කෘතියක ප්රගතශීලීබව තීරණය කරන්න පුළුවන් හොඳම සාධකයක් තමා ඒ සමාජය කාන්තාවට සලකන ආකාරයෙන් කියල.
ඒ වගේම තමා, පුරුෂයෙක්ගේ පෞරෂයත්වය මැනගන්න පුළුවන් හොඳම සාධකයක් තමා තමන් තමාගේ ප්රේමවන්තියට/බිරිඳට සලකන විදිය කියන්නෙ.
කෙනෙක්ව පාලනය කරන්න කෙවිටක්/තුවක්කුවක් අතට ගත්ත ඕනම නරුමයෙක්ට පුළුවන්. නමුත් කෙනෙක්ව තේරුම් ගන්න, ඉවසන්න, ගරු කරන්න, අනිත් අය ඉස්සරහා ඒ කෙනා වෙනුවෙන් පෙනී ඉන්න නම් ලේසි පාසු කෙනෙක්ට බැහැ.
ඒකට මනා පෞරෂයක් තියෙන බුද්ධිමත් මනුස්සයෙක් වෙන්න ඕන.
ප/ලි -
1. ඊයේ පෙරෙදා දවස් ටිකේ බුකියේ මාතෘකාව වුන "මාර ඉස්කෝලයේ මාර ගුරුමාරුව" ගැන වෙච්චි කතා බහ අතර තුර අමනයන් පිරිසකගේ හැසිරීම නිසාය මේ සටහන ලියන්න තීරණය කලේ.
2. ආදර සබඳතා වලදී කොන්දේසි දැමිම දෙපාර්ශවයෙන්ම සිදුවන දෙයක් බව ඇත්ත වුනත් පොදුවේ අප සමාජයේ දක්නට ලැබෙන තත්වය ගැනය මේ සටහනෙන් කතා කරන්නේ. මෙහිම කනපිට සිද්ධ වෙන සිදුවීම් ඇති බව පුද්ගලිකවම දනිමි.
Friday, October 20, 2017
පහත් තැනින් යයි ගලා ජලේ
තමාට වඩා පහළින් ඉන්න මිනිස්සුන්ට පාර්ට් දාන අයමයි තමාට වඩා ඉහළින් ඉන්න අය ඉස්සරහා ලේසියෙන් දෙකට නැමෙන්නෙ.
ඔය ඉහළ, පහළ බව වෙන් කරගන්නෙ ජාතිය, සමාජ මට්ටම, රස්සාව,ලිංගිකත්වය, අධ්යාපන මට්ටම වගේ නිර්ණායක මත පදනම් වෙලා.
ඔය විදියට සමාජයේ තමා ඉන්න තැනක් තීරණය කරල අනෙක් මිනිස්සුන්ව තමා ඉන්න ඒ තැනට පහළ සහ ඉහළ කියල වෙන් කරන මේ අය ඒ අනුව කවුරු ඉස්සරහ තමා පෙනේ පුප්පනවද කවුරු ඉස්සරහ නැට්ට කකුල් දෙක අස්සෙ ගහගන්නවද කියන එක තීරණය කරනව.
මම දැකල තියෙන විදියට ඔතනින් තමාට වඩා පහළින් ඉන්න අය ඉස්සරහා සැර දාන අයම තමයි කිසිම ලැජ්ජාවක් නැතුව වැඩියෙන්ම තමන්ගෙ ලොක්කන්ට ගොට්ට අල්ලන්නෙ. ලොක්කන්ගෙ සපත්තු ලෙවකන්නෙ.
තමාට වඩා පහළින් ඉන්න අයට පාර්ට් නොදාන, ඒ අයටත් තමා හා සමසේ සලකන ගොඩක් අයට මාරම අමාරුයි තමාට වඩා ඉහළින් ඉන්න අය ඉස්සරහා දෙකට නැමෙන්න.
මොකද ඒ අයගේ ඇස් වලින් ඔය නිර්ණායක අනුව මිනිස්සුන්ගේ ඉහළ පහළ බව තීරණය නොවන නිසා. ඒ අය හැමෝමව දකින්නේ මිනිස්සු විදියට නිසා.
ජාතිය නිසා, ආගම නිසා, සමාජ මට්ටම නිසා, රස්සාව නිසා කෙනෙක්ව පහත් කියල දකින්නැති කෙනෙක් ඒවා නිසාම කෙනෙක්ව උසස් කියල දකින්නෙ කොහොමද?
වෙන කෙනෙක් මත ආධිපත්යය පතුරවන එකෙන් තෘප්තියක් ලබන එක ගල් යුගයේ වනචාරියෙක්ව හිටිය කාලෙ ඉඳලම අපේ ඇඟේ තිබ්බ දෙයක්. තාම ඒ වනචාරී අශිෂ්ඨ ආශාවට යට වෙලා 'පොඩි මිනිස්සුන්ට' සැර දාන එක ඇත්තටම බැලුවොත් මාරම දුර්වලකමක්.
එදිනෙදා දවස ගෙවද්දි ආශ්රය කරන්න හම්බෙන්නේ ඔය වගේ වනචාරීන් දෙතුන් දෙනෙක් විතරක් නම් නෙමේ. බහුතරයක් මිනිස්සු තාම එහෙමයි.
උස් තැන් දැක්කම හැකිලෙනවා. මිටි තැන් දැක්කම පුප්පනවා.
තමාගේ වනචාරී ආශාවල් බුද්ධියෙන් පාලනය කරගන්න තරම් පෞරෂයක් නැති ශිෂ්ඨත්වයට එළඹිලා නැති සත්තු !
Monday, July 17, 2017
ඩිවෝස් එක හෙට නෙමේ අද
"පුතේ, පවුල් ජීවිතේ කියන්නෙම ප්රශ්න තමා.
කවදාවත් විසඳෙන්නෙ නැති ප්රශ්න තියෙද්දිත්
දිගටම එකට ඉන්න එකයි පවුල් ජීවිතේ කියන්නෙ" ....
අවුරුදු ගාණකට කලින් මම ඩිවෝස් වෙන්න තීරණය කල වෙලාවෙ
හැම වැඩිහිටියෙක්ම වගේ මට කිව්ව කතාව ඕක.
ගොඩක් දෙනා හිතන් ඉන්න විදියට කොච්චර ප්රශ්න ආවත් එකට ඉන්න එකයි වැඩේ.
මැරෙන කල් වෙන් නොවී එකට ඉන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් නැහැ.
අපේ ආච්චිල සීයල, අම්මල තාත්තල, ඒ කියන්නෙ අපේ වැඩිහිටි පරපුර තම තමන්ගේ ජීවන සගයා එක්ක එකට හිටිය කාල සීමාව ගැන කයිවාරු ගහන්නේ මාරම ආසාවෙන්.
"අපි බැන්දේ මේ වයසෙදි.. අපි නම් දැන් කාලෙ උන් වගේ පොඩි දේවල් අල්ලගෙන දික්කසාද වෙන්න හැදුවෙ නෑ.. මරාගෙන හරි එකට හිටියා.. නැත්තන් මෙච්චර අවුරුදු ගාණක් පවුල් කන්න පුළුවන් වෙයිද?"
ඇත්ත.
ගොඩක් වෙලාවට පුදුම කට්ටක් කාගෙන, දත විකාගෙන, තොල හපාගෙන, පුක ඉරාගෙන අවුරුදු ගාණක් ගත කරපු ජීවිතයකට අන්තිමට කියන්න තියෙන්නේ "මම මෙච්චර කාලයක් මේක ඉවසගෙන හිටියා.." කියන එක විතරයි.
ඔය විදියට හිතන ඈයෝ කියන්නෙ ආදර/විවාහ/මිනිස් සම්බන්ධතාවයක වටිනාකම තීරණය වෙන්නෙ ඒ සම්බන්ධතාවය පැවතිච්ච කාල සීමාව මත කියල. ඒ කියන්නෙ පැවැත්ම දිගයි නම් වැඩේ හරි.
පට්ටම සාර්ථකයි !
සුද්දො පොඩ්ඩ බැරි වෙද්දි ඩිවෝස් වෙනව..
ඒත් අපි කට්ට කාගෙන හිතෙන් දුක් විඳ විඳ අවුරුදු තිහ හතලිහ පවුල් ජීවිත ගත කරනව කියන එක අපේ පැත්තෙන් සාර්ථකත්වයේ ලක්ෂණයක් කියලයි ගොඩක් අය කියන්නෙ
ඒත් දික්කසාදය කෙනෙක්ගේ ජීවිතේ නොමැකෙන කළු පැල්ලමක් විදියට දකින, ලොකුම පරාජයක් විදියට දකින, ආර්ථිකව හරි මානසිකව හරි තමාගේ සහකරුවාගෙන් තොරව පැවැත්මක් ගැන හිතන්න බැරි තත්වයක් අස්සෙ විඳවන ජීවිත වල කූඩු වෙලා ලෝකෙට පේන්න හිනා වෙන ජීවිත සාර්ථකයි කියල හිතන්න පුළුවන්ද?
දේපල නිසා එකට ඉන්න...
දරුවො නිසා එකට ඉන්න සිද්ධ වෙලා තියෙන
දෙමව්පියන් නිසා එකට ඉන්න..
වෙන් වෙන්න තියෙන ලජ්ජාව නිසා එකට ඉන්න..
තමාගේ සහකරුවා නැතුව ජීවත් වෙන්න බැරි නිසා එකට ඉන්න..මිනිස්සු කොච්චර ඉන්නවද?
මට හිතෙන විදියට ඒවල වරදක් කියන්න බෑ.
එක එක මනුස්සයට
එකිනෙකාගෙන් වෙනස් නොයෙකුත් හේතු තියෙන්න පුළුවන්.
ඒත්, ආදරය..සතුට..නිදහස..විඳීම හොයන ජීවිත වලට
ඒ වගේ අය තමන්ගේ කුණුවෙච්චි ලෝක අස්සෙ ඉඳගෙන ඇඟිල්ල දික් කරන එකේ තියෙන කුහක කම ගැන කතා නොකර බෑ.
මම දන්න මගේ සමහර යාලුවෝ ගෑණි එක්ක ජීවත් වෙන්නෙ වර්තමානයේ නෙමේ.. අතීතයේ..
ඒ කියන්නෙ උන් බැඳල හිටියට හිතින් ජීවත් වෙන්නෙ අවුරුදු ගාණකට කලින් යාලුවෙලා හිටිය කෙල්ල එක්ක.
ඒ මතකය එක්ක.
තමන්ගේ ජීවිතයේ අසතුට වහගන්නේ අතීතයට ගිහින්.
ඒ ජීවිත වලට වර්තමානයක්වත් අනාගතයක්වත් නෑ.
අතීතයේ හිර වෙලා අතීතයේම ජීවත් වෙලා අතීතයේම මැරිලා ගිහින්.
තමාගේ හොඳම යාලුවා ඇත්ත ජීවිතයේදී මිනිහා එක්ක මරා ගන්න බව දැන දැන උන් දෙන්නා ෆේස් බුක් එකේ දාන ෆොටෝ එකකට "ලව්ලි කපල්" කියල හාට් එකක් දාන්න ගොඩක් දෙනෙක්ට පුළුවන් උනාට උන් දෙන්නා දික්කසාද වෙන එක ගැන ධනාත්මක විදියට කතා කරන්න ඒ අය ලෑස්ති නෑ.
එහෙම තත්වයක් තිබ්බ බව දැන දැනත් දික්කසාදය දකින්නේ ඒ ජීවිතයේ වැටුන තැනක් විදියට.
කිය කිය හිටපු කතාවට ආයෙම ආවොත්, ගොඩක් දෙනා හිතන්නේ.. ගොඩක් දෙනාට හිතන්න පුරුදු කරල තියෙන්නෙ ආදර සම්බන්ධතාවයකට කෙළවෙන්නෙ 'වෙන්වීම' කියන පොයින්ට් එකේදි කියල.
ආදර සම්බන්ධතාවයකට කෙළවෙනවා කියන්නෙ දෙන්නා වෙන්වීම කියල ගොඩක් අය හිතන් හිටියට ඇත්තට එහෙම නෙමේ කියලයි මට හිතෙන්නෙ. දෙන්නාගෙම හරි දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ හරි හිතේ දිගින් දිගටම අසතුට පැලපදියම් වෙන එකයි කෙළවීම පටන් ගන්න මොහොත.
එතනදියි රිලේෂන්ශිප් එකකට කෙළවෙන්නෙ.
ඕකෙ අන්තිම ප්රතිපලය තමා වෙන් වෙන එක.
කෙල්ලට/කොල්ලට බූට් එක තියද්දි, දික්කසාද වෙද්දි රිලේෂන් එකට කෙළ වෙලා ගොඩක් කල්.
අපි ඔය වෙන් වෙන පොයින්ට් එක මාරම නෙගටිව් දෙයක් විදියට දැක්කට ඇත්තටම ඒක පට්ටම පොසිටිව් දෙයක්.
නිදහස් වීමක්.. අලුත් ජීවිතයකට අඩිය තියන්න අවස්ථාවක් ලැබීමක්.. ගත වුන කාලයේ ලැබුන අත්දැකීම් එක්ක තමන්ට තමන්වම එක්ස්ප්ලෝර් කරන්න අවස්ථාවක් ලැබීමක්..
වෙන් වෙන්න ගන්න තීරණයම පට්ට ධනාත්මක පියවරක්.
ඔය මොහොත සමාජය කියන තරම්ම නෙගටිව්ද?
ට්රයි කරන්න පුලුවන් උපරිමේටම ට්රයි කරල, බැරිම තැන මිනිස්සු වගේ වෙන් වෙන්න තීරණය කරන එක ඔය තරම් කුජීත දෙයක්ද?
ප්රශ්නෙ වෙලා තියෙන්නෙ.. මිනිස්සුන්ගේ ජීවිත වල ආඩම්බර වෙන්න ඕන මොනවටද, ලජ්ජා වෙන්න ඕන මොනවටද කියන එක තීරණය කරන්නෙ සමාජය.
ඒ කියන්නේ මිනිහෙක්ගේ ආඩම්බරය සහ ලජ්ජාව (pride and shame) තීරණය කරන නිර්ණායක නියම කරන්නේ සමාජය විසින්.
ඒ අනුවයි සමාජය කියන්නේ "අවුරුදු හත අටක ලව් අෆෙයාර් එකක් නවත්තන එක... දික්කසාද වෙන එක ජීවිතයේ අසාර්ථක ලැජ්ජා වෙන්න ඕන කාරණයක්" කියල
නමුත් සමාජයෙන් දීල තියෙන නිර්ණායක ප්රශ්න කරල..
ඒවයේ තියෙන ගොබ්බ කම තේරුම් අරගෙන ඒවට පයින් ගහල දාලා..
තමන්ගේ වටේ ඉන්න උන් තමන් ගැන හිතන දේ අනුව තමන්ගේ පුද්ගලික තීරණ නොගන්න මට්ටමට එන්න පුළුවන් නම්..
ඔය ඔක්කොමල්ලට මැද ඇඟිල්ල පෙන්නලා විඳවන ජීවිතයක් වෙනුවට විඳින ජීවිතයක් හොයාගෙන යන්න පුළුවන්කම ලැබෙයි
අසතුට වෙනුවට සතුට හොයාගෙන යන්න පුළුවන් වෙයි.
ඒකට ඉතින් ගට තියෙන්න ඕන.
"මම අනිත් අය මම ගැන හිතන දේ ගනන් ගන්න කෙනෙක් නෙමේ"
කියල ෆේස් බුක් එකේ බොරුවට එක එක පේජ් කාරයෝ හදපු ෆොටෝ ශෙයාර් කරල විතරක් නම් ඒ දේ කරන්න මේ කපේදි පුළුවන් වෙන එකක් නෑ.

Thursday, September 22, 2016
සියදිවිනසා ගන්නා නූගත් මෝඩයෝ !
සියදිවිනසා ගැනීම කිසිම වෙලාවක මෝඩකමකට, නූගත්කමකට ලඝු කරන්න එපා.
පළවෙනි දේ තමයි කෙනෙක් සියදිවි නසාගත්තාම ඒ කෙනාව ගොන් වැස්සියෙක්, මෝඩියෙක්, කාලකණ්ණියෙක්, ඉපදුනාට පොළවටත් බරක්, මැරිච්ච එකමයි හොඳ වගේ අපහාසාත්මක ලේබල් අලවල "පොඩි කාලේ ඉඳලා දුක් විඳලා හදපු දෙමව්පියෝ" පව් කියලා දැම්මාම ඒක හරිම සිත්ගන්නා සුළුයි. හැමෝම ඒ අසරණ දෙමව්පියන්ගේ දුක වෙනුවෙන් පෙනී ඉන්න හරිම කැමතියි. අපි හරි හොඳ මිනිස්සුනෙ නේද?
කෙනෙක් තමාගේ ජීවිතය නැති කරගන්න පෙළඹෙන හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. මොකක් හරි හේතුවක් නිසා ඇති වුන දරාගත නොහැකි අධික වේදනාව, තනිකම, පාළුව, තමාගේ දුක බෙදගන්න කියාගන්න කවුරුත් නැති එක, තමා දැඩිලෙස ආදරය කරන කෙනෙක් විසින් ප්රතික්ෂේප කරනු ලැබීම, සමාජය/දෙමාපියන් ගෙන් ප්රතික්ෂේප කරනු ලැබීම, සමාජයට මුහුණ දීමට තියෙන භය, තමා කරන ලද යම් ක්රියාවක් නිසා ඇති වෙච්චි වරදකාරී හැඟීම්, ඉච්ඡාභංගත්වයට පත් වීම, ලිංගික හෝ මානසික අපයෝජනයට ලක් විම(sexual or emotional abuse), රැවටීමට ලක් වීම, කිසිදා නොදැනුන කිසිදා පහනොවනවා කියල හිතෙන අසරණකමක් දැනීම..
මිනිස්සුන්ට උදේ නැගිටින්න, වැඩට යන්න, මහන්සි වෙන්න, සතුටු වෙන්න.. කෙළින්ම කියනව නම් "මිනිස්සුන්ට ජීවත් වෙන්න" අරමුණක් ලබා දෙනවා නොයෙක් දේවල්. සමහරුන්ට තමාගේ ආදරවන්තයා/ආදරවන්තිය.. සමහරුන්ට තමන්ගේ දෙමව්පියන්.. සමහරුන්ට තමන්ගේ රැකියාවේ අනාගතය.. සමහරුන්ට මුදල් හම්බකිරීම.. සමහරුන්ට සමාජයේ කීර්ති නාමයක් ඇති කර ගන්න එක.. තවත් සමහරුන්ට තමාගේ බිරිඳ, දරුවන්, තමාගේ පවුල.....
ඔය වගේ තමන්ගේ ජීවිතයට අරමුණක් එක් කල දේවල් එක පාරම හෙණ ගහන්නා වගේ නැති වෙලා ගියාම.. ඒවගේ මොහොතකදි තව දුරටත් ජීවත් වෙන්න හේතුවක් හිතාගන්න බැරුව අන්ත අසරණ අඩියට වැටෙන එක මෝඩ කම විදියටවත්, නූගත්කම විදියටවත් හඳුන්වන්න එපා. මනුස්ස හැඟීම් ඒවගේ සිල්ලර විදියට විවේචනය කරන්න එපා.
අපි ඕනම කෙනෙක්ට දරා ගැනීමේ සීමාවක් තියෙනවා. ඒ සීමා පුද්ගලයා අනුව එක එක තැන් වල පිහිටල ඇති. මරණය කියන්නෙ මේ ලෝකයේ තියෙන නරකම දෙයවත්.. ජීවිතය කියන්නෙ මේ ලෝකයේ තියෙන හොඳම දෙයවත් නෙමේ..
ගොඩක් වෙලාවට සියදිවි හානිකරගන්න අය ඒ මොහොතේ විඳින දැඩි වේදනාව අවසන් කිරීමේ ක්රමයක් විදියට තමාගේ ජීවිතය නැති කරගන්න පෙළඹෙනවා. මොකද ඔවුන් හිතනවා මේ වේදනාව කවදාවත් ඉවර වෙන එකක් නෑ, මට මේ වේදනාව දරාගන්න බෑ, මේක නිසා ඇති වෙන ලැජ්ජාවට මට මූණ දෙන්න බෑ කියල.
අපි හැමෝටම ජීවිතේ ගත කරන්න අරමුණු තියෙනවා, බලාපොරොත්තු තියෙනවා, ආශාවල් තියෙනවා, උවමනාවල් තියෙනවා. නමුත් ඉච්ඡාභංගත්වයට ලක් වුන කෙනෙක්ට ඔය කිසිදෙයක් නැහැ. ඒ කෙනාට තමාගේ ජිවිතය ගෙනියන්න අරමුණක් නැති වෙනවා පමණක් නොවේ ඔහුට/ඇයට ඉතිරි වන්නේ අධික වේදනාවක් පමණයි.
ඇත්තටම සියදිවිනසා ගන්න තරම් මානසිකව වැටිලා ඉන්න කෙනෙක්ට දෙමව්පියන් විදියට, යහලුවන් විදියට, නෑදෑයන් විදියට අත්වැලක් වෙන එක.. සහයක් වෙන එක.. ඒ තත්වයෙන් ගොඩ එන්න උදව්වක් වෙන එකයි කරන්න ඕන..
මේ සටහනික් කරන්නේ සියදිවි නසා ගැනීම සාධාරණීයකරනය කරන එක නෙමේ, සියදිවි නසාගන්න හිතන.. සියදිවිනසාගත්ත.. කෙනෙක්ව තේරුම්ගත යුතු බව සහ සමාජයක් විදියට ඒ මනුස්සයෝ ගැන තියෙන ආකල්පයේ ලොකු වැරැද්දක් තියෙන නිසයි මේ සටහන ලියවෙන්නේ.
කෙනෙක් හිතන්න පුළුවන් ඕවද ප්රශ්න, මාත් බූට් කාලා තියෙනවා, මාත් බඳින්න කලින් බඩ වුනා, මටත් රස්සාව නැති වුනා, මගෙන් පෙම්වතිය හදිසියේ මැරුනා, අපේ ආදරයටත් ගෙවල් වලින් අකමැති වුනා කියල..
ඒත් මිනිස්සු කියන්නේ වතුර වගේ ඔක්කෝමල්ලා සෙල්සියස් අංශක 0දී ඝන වෙලා සෙල්සියස් අංශක 100දී නටන තත්වයට පත් වෙන දෙයක් නෙමේ. එක එක්කෙනා එක එක සිද්ධි, දේවල්, අත්දැකීම් වලට මුහුණ දෙන විදිය, ප්රතිචාර දක්වන විදිය වෙනස්. මිනිස්සු ඔක්කෝමල්ලාව එක කෝවක දාලා මැනලා ඔවුන්ව විනිශ්චය කරන එක මෝඩ වැඩක්. ඒ එක්කම කියන්න ඕන අපි හැමෝටම.. ඔව්.. අපි හැමෝටම.. සිය දිවි නසා ගැනීම කියන දේ හොඳම සහ එකම විකල්පය වෙන අවස්ථා ඕන තරම් තියෙන්න පුළුවන්. අපි ඒ තත්වයන් වලට මුහුණ නොදෙන්න තරම් වාසනාවන්තයි දැනට. නමුත් තව දුරටත් ජීවත් වෙන්න අරමුණක් හේතුවක් හොයාගන්න බැරුව මනුස්සයෙක්ට වැටෙන්න පුළුවන් අන්ත අසරණ අඩියටම වැටිලා ජීවිතය නැති කරගත්ත කෙනෙක්ව ගෙදර කම්පියුටරේ දාගෙන ෆෑන් එක එහා පැත්තේ ඉඳගෙන තේකක් බිබී ආතල් එකේ ඉඳගෙන විනිශ්චය කරන්න එපා..
කරන්න ඕන තේරුම් ගැනීම මිසක විනිශ්චය කිරීම නෙමේ..
අපි වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන දුක, සතුට, කඳුළු, සිනහව, බලාපොරොත්තු වලින් පිරුන මනුස්සයෙක්ගේ මුළු ජීවිත කාලයක් එක මොහොතින් විනිශ්චය කරන්න එපා..
ඒක මහා අමානුෂික පහත් වැඩක්..
ජීවිතේට වැරදි කරල නැති කෙනෙක් ඉන්නව නම්.. ඒ වැරදි වලට මූණ දෙන විදිය දන්නේ නැතුව මෝඩ වැඩ කරලා නැති කෙනෙක් ඉන්නවා නම්.. ඉස්සරහට ඇවිත්.. අසරණ බවේ අන්ත අඩියට වැටිලා මියගියයින් පස්සෙත් සමාජයේ අපවාදයට ලක් වෙන මේ මිනිස්සුන්ට පළවෙනි ගල ගහන්න !
ප/ලි - දුකාගේ අඩවියේ පලවූ මේ ලිපිය මෙම සටහනට උත්තේජනයක් විය.
Saturday, August 6, 2016
කාලය මැවු වෙනසක අරුමේ
යාලුවෝ..
ඔය අකුරු තුන ඇහෙද්දි හිතට දැනෙන්නේ දුක මිශ්ර සතුටක්.
අතීතයේ මතක සටහන් හිතට සතුටක් සිනහවක් එක් කරද්දි... වර්තමානයේ යථාර්තය විසින් අපේ ජීවිත පත් කරල තියෙන තැන මතක් වෙද්දි දැනෙන්නේ දුකක්
මම එදා ඉඳලම තරයේ විශ්වාස කරපු දෙයක් තමයි, අපේ ජීවිත වල මිනිස්සු දෙකොටසක් ඉන්න බව. එක කොටසක් තමයි, අපි අඳුරන මිනිස්සු. ඉස්කෝලෙදි වේවා, රස්සාව කරන තැනදි වේවා, රස්සාවට යද්දි කෝච්චියෙදි වේවා අපට හමුවෙලා වෙන් වෙලා යන අය. ඉස්කෝලෙන් අවුට් වුනාම, රස්සාව කරන තැන මාරු වුනාම, යන කෝච්චිය මාරු කලාම.. ඉබේම නැති වෙලා යන සබඳකම් තමයි ඔවුන් එක්ක තියෙන්නෙ.
අනිත් කොටස තමයි යාලුවො කියන්නෙ.
යාලුවො අතර තියෙන්නේ හැඳුනුම්කමකට එහා ගිය බැඳීමක්. ඉස්කෝලෙන් එළියට ආවාය කියල,, රස්සාව තැන මාරු වුනාය කියල,, සමාජ මට්ටම් වෙනස් වුනාය කියල,, නැති වෙලා නොයන සබඳකමක්..
ඒකයි යාලුකම කියන්නෙ
ගොඩක් අය අඳුරන මිනිස්සුන්ව යාලුවෝ කියල පටලගන්නවා. ඔය දෙකොටසම එකක් කියල හිතනව. ඒ අයට අන්තිමේදි ඉතුරු වෙන්නෙ පසුතැවීමක් විතරයි.
ඒ වගේ මටත් හිටිය යාලුවො සෙට් එකක්. මිත්රත්වයෙන් එහා ගිය සහෝදර බැඳීමකින් බැඳුන මානුෂීය බැඳීමකුයි අපි අතරෙ තිබුනෙ.
ඉස්කෝලෙ කාලෙදි වගේම ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු ගාණක් ගතවෙනකල් නොබිඳී තිබ්බ යාලුකම ඒ විදියටම හැමදාම තියෙයි කියන එකයි අපේ බලාපොරොත්තුව වුනේ.. ඒ යාලු කමට එහා ගිය සහෝදරත්වයේ බැම්ම කිසිදාක බිඳිල යන එකක් නෑ කියන එකයි අපේ ප්රාර්ථනාව වුනේ.
අපි ඒ කාලෙ අනාගතය සැලසුම් කල හැටි තවමත් මතකයි. ගෙයක්, වාහනයක්, දරුවො එක්කෙනෙක් දෙන්නක් ඉන්න පුංචි පවුලක්, හොඳ ජොබ් එකක්..
..ඒ ඔක්කොම ඇතුලේ අපේ යාලුකමට සතියට සති දෙකකට සැරයක්වත් පුංචිම පුංචි ඉඩක්..!
නමුත්, වාසනාවකට හෝ අවාසනාවකට ඒ හීන හොයාගෙන යන අතරේ ඔක්කොටම කලින් ඇති වුන අපේ ඒ යාලුකමට තියෙන ඉඩ ඇහිරිලා ගිහින්.
ඉස්කෝලෙ කාලෙ උපරිම නිදහසක්, සැහැල්ලුවක් අත්විඳපු යාලුවෝ එක එක්කෙනා පවුල් වෙලා. වගකීම් දහසක් මැද්දෙ හිර වෙලා. දවසින් දවස ගෙවිල යන ජීවිතේ පවුල් ප්රශ්න, දරුවන්ගෙ වගකීම් අස්සෙ අසරණ වෙලා. ඉන් එහාට ලෝකය දිහා හැරිලා බලන්නවත් තියෙන ඉඩ නැති වෙලා ගිහින්. හැඳුනුම්කමකින් එහාට ගිය අපේ ඒ යාලුකමට අපේම ජීවිත අස්සේ ඉඩ ඇහිරිලා ගිහින්
ජීවිතය හොයාගෙන යන ගමනෙදි අපේම ජීවිත අපට නැති වෙලා.
යථාර්තය විසින් හීන කුඩුපට්ටම් කරල දාන්නේ මෙහෙම වෙන්නැති. හීන කොච්චර ලස්සන වුනත්, අවංක වුනත් යථාර්තය ගොඩක් වෙලාවට ඊට වෙනස්.
මේ කෙටි සටහනට අවසානයක් නැහැ. මොකද අපේ යාලුකමේ කතාව තවමත් අවසන් නැති නිසා. එනිසා මේ ගැනම වගේ ලියවුන අපි හැමෝම දන්න ගීතයක් සඳහන් කරමින් මේ සටහන මෙතනින් අවසන්(?) කරනවා.
"සුළගේ ලෙලෙනා මල් සේ දඟපා
අප පාසල් ගිය කාලයේ
යාලුවො අද නැත
වෙන අය එහි ඇත
කාලය මැවු වෙනසක අරුමේ"

Subscribe to:
Posts (Atom)
බුදුන් මැරීම
“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...
-
“කලාකාරයෝ කියන්නේ හරිම සංවේදී මිනිස්සු” ඒ කලාකරුවන්ගේ මුවින් නිතරම පිටවන වදන් පෙළකි. "අපි කලාව විකුණනෙ නෑ, මම කලාව කරන්නේ ම...
-
මෙය නිතර ඇසෙන ප්රශ්නයකි. මුලින්ම තේරුම් ගත යුත්තේ ලෝකයේ තේරුමක් ඇති ප්රශ්න සහ තේරුමක් නැති ප්රශ්න යනුවෙන් ප්රශ්න වර්ග දෙකක් ඇති බව...
-
ලසිත් මාලිංග කියන්නේ වෘතිය මට්ටමේ ක්රිකට් ක්රීඩකයෙක්. සිංහලෙන්ම කියනව නම් රස්සාවට ක්රිකට් ගහන මනුස්සයෙක්. ඒ මනුස්සයා (ඇතුළු රස්සාවට...
-
පොදුවේ මිනිස්සු අනිත් අය ගැන හිතන්න, අනිත් අයට උදව් කරන්න කැමති තමන්ගේ පැවැත්මට බලපෑමක් නොවන මට්ටමින් විතරයි. KFC එකට රෑ කෑමකට යන පවුලක...
-
මනුෂ්යයයෙකු සුළු දිය පහකරන්නේ සිට ගෙනද නැතිනම් ඉදගෙනද යන්න මත එම තැනැත්තාව උසස් හෝ පහත් ලෙස වෙන් කිරීම ඉතාමත් ප්රාථමික බෙදීමක් යැයි බ්ලොග්...