Tuesday, September 12, 2017
විල් යූ මැරී මී ?
ඉස්කෝලෙ යන උනුත් බඳින්නම බලාගෙන යාලුවෙන රටක..
යාලු වෙලා මාසයක් යන්නත් කලින් දෙපැත්තේ දෙමව්පියන් හම්බෙලා බඳින්න අවසර ඉල්ලන රටක..
අතින් අල්ලන්නත් කලින් බඳින්න පුළුවන්ද කියලා දැනගන්න කේන්දර ගලපන රටක..
කවදහරි හරි මාවම බඳියි කියන දැඩි විශ්වාස නිසාම කෙල්ල කොල්ල ඉස්සරහ කකුල් දෙක ඈත් කරන රටක..
ලව් කරපු කොල්ලා/කෙල්ල බඳින්නෙ නැතුව අත ඇරියොත් පොළවේ හැපි හැපී අඬ අඬ ජීවිත කාලකණ්ණි කරගන්න රටක..
බඳින්නේ නැතුව අතරමඟ සම්බන්ධයක් නැවතුනාම දෙන්නාම වෛරක්කායයෝ වෙලා නවතින ආකල්ප තියෙන මිනිස්සු ජීවත් වෙන රටක..
බඳින්න දුන්න බලාපොරොත්තු කඩ උනාම කෝච්චියට බෙල්ල තියන රටක..
බඳිනවා කියලා බැන්දේ නැති වුනාම පිහිපාරවල් ඇනලා තමාගේ සහකරුවා/කාරිය ඝාතනය කරන රටක..
මැරේජ් ප්‍රපෝසල් එකක් කියන එක 'සර්ප්‍රයිස් එකක්' වෙන්නෙ කොහොමද කියලා පුළුවන් මොකෙක් හරි මට කියල දෙනවකො ඕයි !
Subscribe to:
Post Comments (Atom)
බුදුන් මැරීම
“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...
-
“කලාකාරයෝ කියන්නේ හරිම සංවේදී මිනිස්සු” ඒ කලාකරුවන්ගේ මුවින් නිතරම පිටවන වදන් පෙළකි. "අපි කලාව විකුණනෙ නෑ, මම කලාව කරන්නේ ම...
-
මෙය නිතර ඇසෙන ප්රශ්නයකි. මුලින්ම තේරුම් ගත යුත්තේ ලෝකයේ තේරුමක් ඇති ප්‍රශ්න සහ තේරුමක් නැති ප්‍රශ්න යනුවෙන් ප්‍රශ්න වර්ග දෙකක් ඇති බව...
-
පොදුවේ මිනිස්සු අනිත් අය ගැන හිතන්න, අනිත් අයට උදව් කරන්න කැමති තමන්ගේ පැවැත්මට බලපෑමක් නොවන මට්ටමින් විතරයි. KFC එකට රෑ කෑමකට යන පවුලක...
-
මනුෂ්යයයෙකු සුළු දිය පහකරන්නේ සිට ගෙනද නැතිනම් ඉදගෙනද යන්න මත එම තැනැත්තාව උසස් හෝ පහත් ලෙස වෙන් කිරීම ඉතාමත් ප්රාථමික බෙදීමක් යැයි බ්ලොග්...
-
ලසිත් මාලිංග කියන්නේ වෘතිය මට්ටමේ ක්රිකට් ක්රීඩකයෙක්. සිංහලෙන්ම කියනව නම් රස්සාවට ක්රිකට් ගහන මනුස්සයෙක්. ඒ මනුස්සයා (ඇතුළු රස්සාවට...
මටත් මේක තේරුම්කරල දෙනවකො ඕයි..!! 👍🏽
ReplyDeleteප්‍රශ්න බං, ප්‍රශ්න :D
Deleteහැමෝම් ඔය වගේ නෑනෙ ඔයි... සමාජෙ වෙනස්නෙ ඔයි
ReplyDeleteගොඩක් උන් ඔහොමයි ඕයි.. කෝමත් ලංකාවේ සංස්කෘතියට අනුව නම් ලව් කරන දෙන්නෙක් බඳිනවා කියන එක උන් දෙන්නට පුදුමයක් නෙමේ ඕයි ;)
Deleteකොල්ලන්ටයි කෙල්ලන්ටයි කියලා ඉස්කෝල වෙන වෙනම තියෙන රටක
ReplyDeleteකාන්තා නේවාසිකාගාර පිරිමි නේවාසිකාගාර කියල සරසවි නේවාසිකාගාර තියන රටක
ගෑනු බඩු මිසක් තමන් සමාන ජීවීන්ය කියල නොහිතන රටක
බස්සෙකේදිත් ලිංගික අසහනය සංසිඳවා ගන්න ජැක් ගහන රටක
පිරිමියෙකුට සහ ගෑනියෙකුට ලිංගික සම්බන්ධතාවලින් තොර යාලුකමක් තියෙන්න බෑ කියල විශ්වාස කරන රටක
තනි මවක් ලෙස දරුවෙක් හදාගෙන රස්සාවක් කරගෙන ඉන්න ගෑනු මනුස්සයෙකුට නිදහසක් නැතිරටක
වේස ගෑනු මිස වේස පිරිමි නැති රටක
ගෑනු වෙලා උපදින්නෙ පවුකරලයි කියලත් කියන රටක
දුවලට වඩා පුතාලට සලකන රටක
පිරිමි විතරක් නෙමේ ගෑනුත් මේව හරියි කියල හිතන රටක
ලැයිස්තුව නං තව දිගයි හලෝ...
ඕකත් පුදුම වෙන්න දෙයක්ද
මරු බං !
Deleteඇනෝ - ඔබ කවුද ප්‍රියේ?
හෙහ් හෙහ්.. අපි වගේ දූපත් මානසිකයොන්ට ඔව්ව තේරෙන්නෙ නෑ බංස්.. ඉන්ටර්නැෂානල් කෙල්ලො එකට හිටියට, අරව මේව කොරාට මොකද බඳින්න කැමති වෙන්නෙ නෑ ලු ලේසියකට..
ReplyDeleteහරීම අමාරුවෙන් දණ ගහල තමා කැමැත්ත ගන්නෝන. ඔව් :D
Deleteමේවා දැවෙන ප්‍රශ්න බං!
ReplyDeleteනැත්තං නැත්තං :D
Delete:D
ReplyDelete