Saturday, September 2, 2017

එයාර් හොස්ටර්ස්ලාගේ ලොකු කම !


"ඔය ලංකාවේ ෆ්ලයිට් වල එයාර් හොස්ටර්ස්ලා හිතන් ඉන්නේ උන් ලෝකෙට ලොක්කො කියල. ඒත් කරන්නේ මහ ලොකු වැඩක් යැ? ප්ලේන් එක ඇතුලේ වේටර් කං කර කර එනවා ලොකු සීන් දාන්න. සුද්දො ආවම දෙන්නෙ දෙකට නැමිලා. ඔය හම්බකරන සල්ලි මහරෑට කොළඹ පාරක් අයිනේ හිටගෙන හිටියත් ගෑණුන්ට හොයන්න පුළුවන්" 


මේ ටික කාලයකට කලින් සයිබරයේ මම දැක්ක අදහසක්. එවෙලාවෙ ඒ ගැන මම පළකරපු අදහස බ්ලොග් පෝස්ට් එකක් විදියට දාන්න හිතුවා. පහත ඇත්තේ ඒ ගැන මගේ අදහසයි

පළවෙනි කරුණ - වේටර්කම යනු යම් වෘතියකට නිගරු කිරීමක් ලෙස සෘණාත්මකව භාවිතා කල හැකි වචනයක් නොවේ. වේටර් කෙනෙකුද ඉටු කරන යම් කාර්‍යක් ඇත. ඔහුටද/ඇයටද වගකීමක් ඇත. එම වෘතියටද ගරුත්වයක් ඇත. එනිසා වේටර් කෙනෙක්ය කියන වචනය නිගරු කිරීමක් ලෙස භාවිත කිරීම දැන්වත් නවත්වන්න.

දෙවනි කරුණ - සාමාන්‍යය වේටර්වරයෙකු මෙන් නොව ගුවන් සේවක/සේවිකාවන්ට තම රැකියාව හා බැඳුනු විශාල වගකීම් රාශියක් ඇත. හදිසි අවස්ථාවකදී ගුවන්යානයේ සිටිනා මඟීන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම ඇත්තේ ඔවුන් අතේය. ඒ සඳහා අතිවිශේෂ පුහුණුවක් ඔවුන් සතුය. ඔවුන්ගේ හැකියාව නිරතුරුවම පරීක්ශණයට භාජනය කරන්නේ එහි ඇති වැදගත්කම නිසාමය.

තුන්වෙනි කරුණ - ඔබ ගමන් කල ගුවන් යානයේ කාර්‍ය මණ්ඩලයෙන් ලැබුන සේවය ගැන සෑහීමකට පත් නොවේ නම් ඔබට එවෙලේම අදාල ගුවන් සේවකයන්ගේ නායකයාට ඒ බව වාචිකව හෝ ලිඛිතව පැමිණිලි කල හැක (මේ සඳහා අවශ්‍යය පෝරම ඔවුන් සතුව ඇත. ඉල්ලීමක් කොට ලබා ගැනීමට පුළුවන) නැත හොත් ඊමේල් මඟින් පැමිණිලි කල හැක. පැමිණිලි සම්බන්ධව අනිවාර්‍යෙන්ම සෑම ගුවන් සමාගමක්ම පියවර ගනු ඇත. ඒ පියවර ගැන ඔබව දැනුවත් කරනු ඇත.

හතරවෙනි කරුණ  - ශ්‍රීලාංකිකයාගේ ලක්ශණය මෙයයි. අදාල තැනදී කතා කිරීමට කොන්ද පණ නැති නිසා ගෙදර ඇවිත් එකතු වී බැණ සිත සතුටු කරගන්නා සේ දැන් බුකියට ඇවිත් බැණ වදියි. තමා ගෙවන මුදලට සරිලන සේවාවක් නොලැබුනා නම් කොන්ද පණ නැති නිවටයන්සේ තැන තැන කියවන්නේ නැතුව අදාල ස්ථානයේදීම තම අයිතීන් වෙනුවෙන් කතා කරන්නට සහ පැමිණිලි කරන්නට ඉගෙන ගන්න.එය බුකියේ කරන විවේචනයට වඩා වඩාත් පලදායක වේවි.

පස් වෙනි කරුණ - සමහරු ගුවන් සේවිකාවන් වේසියන් යනුවෙන් හඳුන්වන්නේ සහ ඔවුන් ගෙවනා ජීවින රටාව නරක ජීවන රටාවක් ලෙස හඳුන්වන්නේ එසේ හඳුන්වන අය තුල ඇති ලිංගික කුහකත්වය සහ ඊර්ෂ්‍යාව නිසාය. වසර ගාණක් මහන්සිවී ඉගෙනගෙන අධ්‍යාපන සහතික පත්‍ර ලබාගෙන ඉන් පසුද වසර ගණනක් සේවය කොට අත්දැකීම් ලබාගෙන රැකියාවෙන් ඉහළට ගොස් කෙනෙක් ලබනා වැටුපටත් වඩා ඉහළ පඩියක් ගුවන් සේවක සේවිකාවන් රැකියාවට සම්බන්ධ වී මාස දෙක තුනෙන් ලබා ගන්නවා වෙන්නට පුළුවනි. එහෙත් එය ඔවුන්ට ඊර්ෂ්‍යා කිරීමට කාරණයක් කර නොගන්න. යමෙක් ඔවුන්ව ගණිකාවන්ට සමාන කරයි නම් එයට හේතුව ඊර්ෂ්‍යාව සහ කුහකත්වය නොවේ නම් වෙන කුමක් ද?

අවසාන කරුණ - ඕනම කාර්‍ය මණ්ඩලයක් විදේශිකයන් ඉදිරියේ හොඳ සැලකිලි ලබා දෙන්නේ හමේ පාට නිසා නොව විදේශිකයන් ඔවුන්ගේ මේ අයිතින් දන්නා බව සේවකයන් දන්නා නිසාය. ඔවුන්ට හරිහමන් විදියට නොසැලකුවොත් වෙනදේ දන්නා නිසාය. ඔබ වැනි අයට මෙසේ සලකනවා නම් (එසේ කිරීම වැරැද්දක් වුවත්) එසේ කරනුයේ ඔබ ගෙන් අදාල සේවය ගැන ආයතනයට පැමිණිල්ලක් ඉදිරිපත් වීමට ඇති සම්භාවිතාවය අවම බව ඔවුන් දන්නා නිසාය.. එනිසා තම අයිතීන් පිළිබඳ දැනුවත් වගකීමකින් යුත් පාරිබෝගිකයෙක් වන්න. තම අයිතීන් වෙනුවෙන් කතා කරන්න. තමා ගෙවන මුදලට සරිලන සේවාවක් නොලැබේයයි තමා සිතනවා නම් ගුවන් සේවයේදී පමණක් නොව ඕනෑම තැනකදී ඉහළ නිලධාරීන්ට පැමිණිලිකරන්න පසුබට නොවන්න.

ස්තූතියි.

15 comments:

  1. //පස් වෙනි කරුණ - සමහරු ගුවන් සේවිකාවන් වේසියන් යනුවෙන් හඳුන්වන්නේ සහ ඔවුන් ගෙවනා ජීවින රටාව නරක ජීවන රටාවක් ලෙස හඳුන්වන්නේ එසේ හඳුන්වන අය තුල ඇති ලිංගික කුහකත්වය සහ ඊර්ෂ්‍යාව නිසාය. වසර ගාණක් මහන්සිවී ඉගෙනගෙන අධ්‍යාපන සහතික පත්‍ර ලබාගෙන ඉන් පසුද වසර ගණනක් සේවය කොට අත්දැකීම් ලබාගෙන රැකියාවෙන් ඉහළට ගොස් කෙනෙක් ලබනා වැටුපටත් වඩා ඉහළ පඩියක් ගුවන් සේවක සේවිකාවන් රැකියාවට සම්බන්ධ වී මාස දෙක තුනෙන් ලබා ගන්නවා වෙන්නට පුළුවනි. එහෙත් එය ඔවුන්ට ඊර්ෂ්‍යා කිරීමට කාරණයක් කර නොගන්න. යමෙක් ඔවුන්ව ගණිකාවන්ට සමාන කරයි නම් එයට හේතුව ඊර්ෂ්‍යාව සහ කුහකත්වය නොවේ නම් වෙන කුමක් ද?//

    එකඟ නොවෙමි... පයිලට් කෙනෙක් ආශ්‍රය කර බලන්න ඔබට උත්තරය ලැබේවි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අත්දැකීම හෝ ඔබ දන්නා දේ බෙදාගන්න. එවිට මම මගේ අදහස කියන්නම්

      Delete
  2. සමහරු ගුවන් සේවිකාවන් වේසියන් යනුවෙන් හඳුන්වන්නේ සහ ඔවුන් ගෙවනා ජීවින රටාව නරක ජීවන රටාවක් ලෙස හඳුන්වන්නේ එසේ හඳුන්වන අය තුල ඇති ලිංගික කුහකත්වය සහ ඊර්ෂ්‍යාව නිසාය.////////++++++++++++

    ReplyDelete
    Replies
    1. ඊර්ෂ්‍යාව නිසාය......උඹට වගේ....

      උඹ කවුද මේගැන මොනවත් කියන්න ...
      කිව්වත් කවුද ගණන් ගන්නේ .......

      කෝලන් නොකර පල ආවා මෙතන වැදගත් කතාවලට හොටදාන්න ..කොට්ටෝරුවා !

      Delete
  3. 1. හරියට හරි එක්කඟයි. හරියට කරන හැම රැකියාවකම විශාල වටිනාකමක් තියෙනවා.

    2. සාමාන්යෙන් ශ්‍රීලන්කන් සුරක්ෂිත ගුවන් සේවයක් නිසා එවැනි අත්දැකීම් ඇති මගියෝ සැහෙන අඩු ඇති. සාමාන්යෙන් සේෆ්ටි ඩෙමොන්ස්ට්‍රට් කරනවා නේද ෆ්ලයිට් එකේ ? ශ්‍රීලන්කන් එකේ නම් සමහර වෙලාවට සේෆ්ටි ඩෙමොන්ස්ට්‍රට් කරන්නෙත් නැති අවස්ථා දැකල තිබෙනවා. මෑතකදී ගින්නක් ඇතිවෙලා නම් කිසිවෙකුට අනතුරක් නොවී වලක්වා ගන්න ශ්‍රීලන්කන් ගුවන්සේවක මණ්ඩලය සමත් වුනා.

    3. ශ්‍රීලන්කන් වැනි ඉහල සිට පහලට දුෂිත, ගුවන් සේවිකාවන් සමාගම් සභාපති ගේ සහ දේශපාලකයන්ගේ අන්තඃපුර ලලනාවන් ලෙස තබාගැනීමට ඉඩදෙන, අතිශය පාඩු ලබන ගුවන් සමාගමකට සේවය ගැන පැමිණිලි කිරීමන් පලක් වෙවියයි සිතන්නට අමාරුයි.

    4. පරිගොගිකයන්ට ඒ ගැන විශ්වාසයක් නැති නිසි පැමිණිලි නොකරන්නේ. ඔබට අවශ්‍ය නම් කරලා බලන්න වෙන්නේ මොකද කියල. සමාජජාල වලට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. ඒ නිසා සමාජ ජාල වල තමන් මුහුණ දුන් අපහසුතාවයන් අන් අයට දැනුවත් කිරීම හොද දෙයක්. අදාළ ගුවන් සමාගමේ සමාජජාල පිටු වල බොහෝ නරක දේ තිබේ නම් මගීන් අඩු වෙනවා. ඒක සමාගමට නරකයි. හැබැයි ශ්‍රීලන්කන් කියන්නේ මහජන මුදල් කාබාසිනියා කරන ආයතනයක් නිසා පාඩු ලැබීම ඔවුනට ගැටළුවක් නැතුව ඇති. එත් සමාජ ජාල වල මේවා එලිවීම පාරිබෝහිකයන්ට හොදයි. එතකොට පුළුවන් ඕනේ නම් වෙන ගුවන් සේවෙක යන්න.

    5. හැමෝම ගැන සහතික දෙන්න යන්න එපා. ඔය කියන අත්දැකීම් ලබපු විදේශිකයෝ නම් ඉන්නවා. හැබැයි හැම කෙනාම එසේය කියන්නත් බෑ. ඕක පුද්ගලානුබද්ධ දෙයක්. හැබැයි ශ්‍රීලංකික මගීන්ට නම් දන්නා තරමට අත්දැකීම් ලැබෙන්නේ නැත.

    6. කොටි ගණන් පාඩු පිට දුවනා අකාර්යක්ෂම ගුවන් සේවයක සේවාව ගැන පැමිණිලි කිරීමෙන් පලක් ලැබීමට ඇති ඉඩ සැහෙන අඩුයි. බැගේජ් එකක් වුනත් විසිකරලා දානවා කිසි වගකීමක් නෑ. කලින් දවසක් කොටුවේ ටිකට් ඔෆිස් එකෙන් ඇහුව වන්-වර්ල්ඩ් කමයි ටිකක් එකක් ගන්න. ඒ අය දන්නේ නෑ කොහොමද එක කරන්න පුළුවන් කියල. සේවා සැපයීම අතින් ශ්‍රීලන්කන් සැහෙන පහලින් ඉන්නේ. හැබැයි ශ්‍රීලන්කන් සුරක්ෂිත භාවය නම් ඉහලයි කියන එක පිළිගන්නවා.

    ReplyDelete
    Replies
    1. පහුගිය ආණ්ඩුව කාලයේදී ශ්‍රීලංකන් ආයතනය අන්ත දූෂිත තත්වයට පත් වුන බව ඇත්ත. ඒත් වෙනස් කම් වුනේ ඉහළ පරිපාලන නිලධාරී තනතුරු වල. ආයතනයේ පැමිණිලි ලබා ගැනීම වැනි ක්‍රියාපටිපාටීන් වලට එයින් බලපෑමක් වුනේ නැහැ. පැමිණිල්ලක් කලොත් ඒ ගැන සොයා බලා ක්‍රියාත්මක වන බව වගකීමෙන් කියන්න කැමතියි. එය එසේවන බව මම දන්නා කරුණක්. ඒකයි.

      Delete
  4. බොහෝ දේට එකඟවුනත් හමේ පාටෙ ප්‍රශ්නෙ තියෙනව​. ඒත් දුඹුරු පාට වුනත් ඌ වෙන රටක බව දැනගත්තොත් ආයෙ හරි යනව​. මේක අපේ උන් ගෙ හීනමානෙත් එක්ක තියෙන දෙයක් ශ්‍රී ලංකන් එයා විතරක් නෙවෙයි බොහෝ ලොකුයි කියන තැන්වල එහෙමයි.
    උදාහරනෙකට අපේ නොතේරෙන පොඩි දරුවෙක් අතින් වෙන අත් වැරැද්දක් සහ ඊට වඩා වැඩුනු විදේශිකයෙකුගෙන් වෙන දෙයක් හමුවෙ ආයතන කාර්‍යමණ්ඩලවල ප්‍රතිචාර බලන්න​.

    ReplyDelete
    Replies
    1. ළමය පයින් ගැහුවා කියල ළමයට පයින් ගහපු අපේ දොස්තර මහත්තය ගැනද ඔය කියන්නේ ? :D

      Delete
  5. ඇත්ත, නමුත් කතාවේ දෙපැත්තක් තිබෙනවා. උදාහරණයක් වශයෙන් ලංකාවේ ඉඳන් එංගලන්තෙට යන ෆ්ලයිට් වල සැලකිල්ල හොඳයි. මට නම් වරදක් කියන්න දෙයක් සිදුවෙලා නැහැ. ඒකෙත් සමහර වෙලාවට බ්‍රිතාන්‍ය ගමන් බලප්ත්රය් තියෙන නිසාද කියන්න දන්නේ නැහැ. සමහර විවේචන මමත් අහලා තිබෙනවා. නමුත් කටාර් වගේ එයාර් ලයින් වල ඩුබායි වගේ අතරමැද දක්වා යන ලංකාවේ මගීන්ට එච්චර හොඳට සලකන්නේ නැහැ. හැබැයි ඒකෙත් දෙපැත්තක් තියනවා. සමහර මගින් හරියට හැසිරෙන්නෙත් නැහැ. මම අත්දැකපු දෙයක් තමයි එංගලන්තේ වුනත් ඉන්න ආසියාතික අය තමන්ගේ පාට අයට දෙන කස්ටමර් සර්විස් එක අඩුයි කියන එක. හැබැයි මට එහෙම කලොත් රිටර්න් එකක් නම් අනිවාර්යෙන් දෙනවා. එක්කෝ කියනවා මූණටම නැතනම් පැමිණිල්ලක් එවෙලේම කරනවා.

    ReplyDelete
    Replies
    1. පැමිණිලි කිරීම තමයි වැදගත්ම දේ. මේ සටහනේ අරමුණ වුනෙත් ඒ කාරණය හයිලයිට් කරන එක.

      Delete
    2. අජිත්

      මේ සම්බන්ධයෙන් ලංකා-ඊ-නිව්ස් ආයතනය පියවර ගන්නවා. කරුණාකර ලංකා-ඊනිව්ස් ආයතනයට පැමිණිලි කරන්න. එහි සේවය කරන ප්‍රියන්ති ජයසිංහ මෙබඳු සිද්ධීන් වලට එරෙහිව ක්‍රියා කරයි. ඇය ඔබේ ළඟම මිතුරියක් නේද?

      Delete
    3. එහෙම කෙනක් ගැන දන්නේ නැහැ අනේ.

      Delete
    4. අජිත් - මොකක්ද බං මේ ඇනෝ කමෙන්ට් වල තේරුම? ඇනෝ කමෙන්ට් ගැන අජිත්ගේ අදහස මොකක්ද? බ්ලොක් කරල දාන්නද?

      Delete
    5. ඕක ඔය නෙළුම් යාය සම්මාන උළෙලේ අන්තිම එකට රාජිත (මගේ ආරාධනයක් නොවේ) එහෙම ආවට පස්සේ සරසා මම සල්ලි හොරකම් කරා බජට් දුන්නේ නැහැ කියා හෙන ඇනෝ කොමෙන්ට් ව්‍යාපාරයක් අරන් ගියා. ඒ අතරේම ලංකානිව්ස්වෙබ් එක චන්දිම ඇතුළු කට්ටියටත් ඒ චෝදනාම කලා. මගේ කාර්යය වුනේ තවත් අයෙකු සමග බ්ලොග් තේරීම. සංවිධානය ඒ අයගේ. පස්සේ කවුරුහරි ඊනිව්ස් එකට සරසා ගැන මඩ පාරක් යවලා. සරසා ගේ ගෝලයෝ හිතන්නේ මම කියල. මට එහෙම කරන්න තරම් ලොකු උවමනාවක් නැහැ. මට මඩ ගහන නිසා මම කලේ ඒ බ්ලොග් එකට නොගිය එක. කියවන්නේ නැතුව හිටියම ඉවරයිනේ. ඔය ජයසිංහ නමත් ඒ ඊනිව්ස් ලිපියේ තිබ්බ එකක්. මොකාද කියලවත් මම දන්නේ නැහැ. හැබැයි ඒකෙන් පස්සේ සරසා බ්ලොගය නැවැත්වුවා කියල ප්‍රා කිව්වා. සරසා ලයි මේ කට්ටියයි මට මඩ ගහන්නේ නෙළුම් යායේ මම සංස්කාරක වෙලා හිටි නිසා කියල මම හිතන්නේ. කොහොමත් දැනට මම අයින් වෙලා ඉන්නේ. ඇනෝ වහන නොවහන එක ඔයාගේ තීරණයක්. ස්තූතියි ඇහුවට. මම මෙතැන පිළිතුරක් දීලා තියෙනවා.
      https://kolambagamaya.blogspot.co.uk/2017/08/blog-post.html
      http://kolambagamaya.blogspot.com/2017/08/blog-post_16.html

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...