Saturday, September 16, 2017

බුක්ෆෙයාර් ආතල්



මේ දවස් වල හැමෝම කතාවෙන කූඹියෝ ටෙලිනාට්‍යයේ දෙවන කොටසේ ජෙහාන් කියනවා මෙහෙම කතාවක්.

"සුපර්මාකට් වලින් බඩු ගන්න එක වෙනම ආතල් එකක් බං..දැන් උඹ හිතපං.. අපිට කොහෙද ඔය පොඩි කාලෙ වගේ පුංචි රෝද තියෙන කරත්තයක් තල්ලු කරගෙන විවිධ බාධක මැද්දෙන් මෙහේම කප කප යන්න පුළුවන් වෙන්නෙ?....මං දැකල තියෙනව සමහර එවුන් එහෙම යන අතරෙ.... බ්ර්බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....ගාල කටින් සද්දෙකුත් දානව. අනිත් එක උඹ හිතපං.. අපිට කවදාවත් ගන්න බැරි බඩුවක් ළඟට ලං වෙලා.. ඒකෙ ගාන බලන්න... ඒක අතට අරං බලන්ඩ.. ඒකෙ සුවඳ බලන්ඩ.. ඒක අතගාල බලන්ඩ.. අපිට ඒ බඩුව ගන්න බැරි වුනාට එකෙ සම්පූර්ණ ආතල් එක අපිට ගන්න පුළුවන් වෙනව. අනිත් එක..උඹ හිතපං නිකං වෙන කඩේකට ගියාට අපි යන වාහනේ පේන්නෑනෙ.. ඒවුනාට බං සුපර්මාකට් එකේදි තමයි ලොකු වීදුරු දාල තියෙන හින්ද ඇතුලෙ ඉන්න එවුන්ට අපි යන වාහනෙත් පේන්නෙ. ඒක වෙනම ආතල් එකක් !"

මට මතකයි මම පොඩි එකා දවස් වල කාලයක් හැමදාම හවසට අර අමුතු මියුසික් එකක් දාගෙන ගිය වෝල්ස් අයිස්ක්‍රීම් කාර්ට් එක. අම්මගෙන් වැඳල වැඳල සල්ලි කීයක් හරි ඉල්ලගෙන වෝල්ස් අයිස්ක්‍රීම් එකක් කනවා කියන්නෙ ඉතින් ඒ කාලෙ හැටියට කියල නිමකරන්න බැරි සතුටක්. සාමාන්‍යයෙන් අම්මා අරන් දෙන්නෙ රුපියල් දහයට පහලවට තිබ්බ අයිස්ක්‍රීම් එකක්. රුපියල් 32 ට තිබ්බ අයිස්ක්‍රීම් එක තමයි මම බලාපොරොත්තු වුන හොඳම අයිස්ක්‍රීම් එක. අම්මා ඒක අරන් දුන්නා කියන්නෙ ඉතින් රජ මඟුල් වගේ තමා.

කොහේ හරි ගමනක් ගිහින් ගෙදර එන ගමන් මහන්සිය නිවා ගන්න කඩේකට එක්කන් ගිහින් අම්මා අරන් දෙන අයිස්ක්‍රීම් එක වගේ නෙමේ වෝල්ස් අයිස්ක්‍රීම් එක.

හවස ගෙදර කම්මැලිකමේ ඉද්දි ඇහෙන අර මියුසික් එක.. අර පාට පාට කාර්ට් එක..

එතන තියෙන්නෙ අර ජෙහාන් කිව්ව වගේ වෙනම ආතල් එකක් !

ඔය වගේම අමුතු ආතල් එකක් තමයි අර ඇත්තටම පොෂ් සහ වෙන්ඩ පොෂ් සමහර ගෑණු කියන්නෙ "මගෙ හොබී එක ෂොපිං කරන එක මෙයා" කියල. ඒ කතාව හරියටම හරි. සමහරුන්ගේ හොබී එක ෂොපිං කිරිල්ල. ඒ කියන්නෙ ඒ අය ෂොපිං යන්නේ ඇඳුමක් ගැනීමේ අවශ්‍යතාවය ඉෂ්ඨ කරගන්න නෙමේ. ඒ අයගේ අවශ්‍යතාවය තමා ෂොපිං කරන ප්‍රෝසෙස් එක විඳින එක. ඒ අයගේ ආතල් එක තියෙන්නෙ එතන.

තට්ටු දෙක තුනක ඒසී කරපු ඇඳුම් සාප්පුවකට වාහනයක ගිහින්, සඟ දාගෙන වාහනෙන් බැහැල, කඩේ ඇතුලෙ පැය ගාණක් ඇවිද ඇවිද ඇඳුම්..හෑන්ඩ්බෑග් අතගගා බල බල, ෆිට් ඕන් කරල හැඩ බල බල අන්තිමේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් බිල ගෙවල වාහනේම ගෙදර එන ප්‍රෝසෙස් එකෙන් ඒ අය ගන්නව අර ජෙහාන් කිව්ව වගේ වෙනම ආතල් එකක් !

සමහර විට ඒ ගේන ඇඳුමක් මාස ගාණක් යනකන් අඳින්නේ නැති වෙන්න පුළුවන්.. මාස ගාණ නෙමේ කවදාවත්ම අඳින්නෙ නැති වෙන්න පුළුවන්.. ඒත් ඒක අදාලම නෑ, මොකද ඒ අයට ආතල් එක තියෙන්නේ ඇඳුම අඳින එකටත් වඩා ෂොපිං කිරිල්ලෙ.

දැන් පොඩ්ඩ පොඩ්ඩ තේරෙනව ඇති මේ වහෙන් ඔරෝ කියන්න යන්නෙ මොකක් ගැනද කියල. ඔව් බං මේ කියන්නෙ මේ දවස් වල ජයටම යන පොත් ප්‍රදර්ශනේ ගැන තමා.

ඔය පොත් ප්‍රදර්ශනේට කියවන්න නිසා පොත් ගන්නම යන පිරිසක් ඉන්න බව ඇත්ත. ඒ බව මුලින්ම කියල ඉන්න ඕන. නමුත් මට හිතෙන්නෙ නම්, ඔය පොත් ප්‍රදර්ශනේට යන අයගෙන් අතිමහත් බහුතරයක් යන්නෙ අර ජෙහාන් කිව්ව වගේ "පොත් ප්‍රදර්ශනේ ඇතුලෙ තියෙන ආතල් එක" ගන්න.

අවුරුද්දට සැරයක් එන මහා පොත් ප්‍රදර්ශනයක්.. හැමජාතියේම පොත් එකම තැනක.. යාලුවො එක්ක සෙට් වෙලා ගිහින් අයිස්ක්‍රීම් එකක් කාලා.. බීම එකක් බීලා.. නූඩ්ල්ස් එකක් කාලා.. ඇවිදලා කරලා.. සෙල්ෆි ගහලා.. ගහන සෙල්ෆි බුකියේ අප්ලෝඩ් කරලා.. පොත් තෝරලා.. පොත් ගොඩක් එකතු කරගෙන.. ඒවයේ ෆොටෝ ගහලා.. ඒ ෆොටෝ බුකියේ අප්ලෝඩ් කරලා... මීට කලින් හම්බුනේ නැති සයිබර් යාලුවන්ව ඇත්තට දැකගෙන.. ඒ අය එක්කත් සුහද වෙලා ෆොටෝ එකක් හෙම ගහලා... ඔය ගන්න අත්දැකීමත් අමුතුම ආතල් එකක් !

කොටින්ම මමත් ගිය අවුරුද්දෙ ඔය ආතල් එක ඔහොමම ගත්තා. ඒකේ රසය වින්දා.

මේ කියන්නෙ ඒකෙ කිසිම විදියක වැරැද්දක් තියෙනව කියල නෙමේ. කාටවත් හානියක් නැති අහිංසක ආතල් එකක්නෙ. ඔය ගන්න පොත් පහලවෙන් විස්සෙන් අඩුම තරමෙ එක පොතක තුන්කාලක්වත් කියවනවා නම් ඒකත් වටිනවානෙ.

මම කොහොමවත් කියන්නෙ නෑ පොත් ප්‍රදර්ශනේට යන්න ඕන කියවන්න බලාගෙනම පොත් ගන්න උන් විතරය.. සල්ලි දීලා ගන්න පොත් කියවන්නෙ නැති උන් බොරු ෂෝ කාරයොය කියල. ඒ වගේ "දොරමඬලා" ටෝක් දාන්න තරම් මොළේ අමාරුවක් තවම නෑ.

ඒත් ඉතින් පොත් ගැනිල්ල අස්සෙ හැංගිලා තියෙන ඇත්ත කතාව ඕක කියලයි මට හිතෙන්නෙ. ඒ කිව්වෙ "පොත් ගැනීමේ ආතල් එක" ගැන.

හැබැයි ආතල් එකක් අස්සෙ හැංගිලා තියෙන ඇත්ත මොකක්ද කියල දැනගත්තාය කියල ආතල් එක ගන්න බැරි වෙන්නෙත් නෑ. එනිසා ආතල් එක ගනිල්ලා.

ගිය අවුරුද්දෙ පොත් ප්‍රදර්ශනේ ආතල් එක ගත්ත නිසා මේ පාර පොත් ගන්න යන්න මට අදහසක් නැහැ.

ඒත් යන උන් යමල්ලා.. ගිහින් පොත් ගනිල්ලා.. සෙල්ෆි ගහපල්ලා.. ඒවා බුකියේ අප්ලෝඩ් කරහල්ලා..'පොත් ප්‍රදර්ශනේ' කියන ඉවෙන්ට් එකට ගිහින් ඒ ෆන් එක ගනිල්ලා.

අර ජෙහාන් ගොයිය කිව්ව වගේ.. සුපර්මාකට් එකේ වගේම, වෝල්ස් අයිස්ක්‍රීම් කාර්ට් එකේ වගේම, විනෝදාංශයට ෂොපිං කිරිල්ල්ලෙ වගේම

පොත් ප්‍රදර්ශනේ ඇතුලෙ තියෙන්නෙත් විඳින්න වටින වෙනම ආතල් එකක් ! :)

8 comments:

  1. ඇත්තටම බං ලංකාවේ මිනිස්සුනම් හරිම වෙනස් ජාතියක්. මෙහේ මිනිස්සු නිවාඩු දවසට ෂොපින් යන්නෙ පුළුවන් තරං සැහැල්ලු ඇඳුමෙන්. ඉක්මනට බඩු ටික අරගෙන එන්න. ඇඳුම් නං 90% විතර ඔන් ලයින් ඕඩර් කරනව. ඒ කාලය ඉතුරු කරගන්න.

    ඒත් ලංකාවේ ඇවුන් කිට මරල සන් ග්ලාස් ටී ෂර්ට් එකේ එල්ලගෙන පැය ගානක් චාටර් වෙලා සෙල්ෆි ගහගෙන අත්දෙක වන වන එනව. ගෑනු පාර්ශවයත් ඔහොම්මම තමයි. ගොඩක් වෙලාවට ලංකාවේ අය ෂොපින් කරන්නෙ එකම එක බඩුවක් ගන්න. එක්කො එක ෂර්ට් එකක් ඩෙනිමක් බ්ලවුස් එකක් වගේ දෙයකට දවසම නාස්ති කරල සමහරක්විට හොයපු දේ නෑ කියලම හිස් අතින් ඇවිල්ල තවත් දවසක් කනව. (ගෙදර ට කන්න බොන්න අවශ්‍ය කරන ඒව ඇරෙන්න)

    දැන් දැන් පොත් ප්‍රදර්ශනයත් නිකං කානිවල් එකක් වගේ.

    මම නම් අවුරුදු 10කින් විතර පොතක් සල්ලි වලට අරං නැහැ. කියවන්න තියෙන ඔක්කොම අන්තර්ජාලයේ තියෙන නිසා. ඇඳුමක් උනත් ගන්න එක බ්‍රෑන්ඩඩ් එකක් ගන්නව අවුරුදු තුන හතරකට ම ඕකේ නිසා. මෙහෙත් සිංහල පොත් ප්‍රදර්ශන එකකට මට එකෙක් කතා කළා. මම ගියේ නැත්තෙ ලංකාවේ වගේම මෙහෙත් එතනට ලංකාවේ ඇවුන් එන්නෙ තමන්ගෙ ඒත් තමන්ට ඇත්තටම නැති පඩ ෂෝ එක පෙන්වන්න.

    මම නම් මේ වගේ නන්දන වින්දන බලල ෆුල් ආතල් එකක් ගන්නව. පව් බං. කොච්චර උනත් මිනිස්සුනේ..!! 😂😂😂😂

    ReplyDelete
    Replies
    1. මටත් සීන් එක ඕකම තමයි මචන්. කියවන ඔක්කොම කියවන්නෙ ඉන්ටර්නෙට් එකෙන්. ඕනම දෙයක් තියෙනවනෙ. ගූගල් සහ යූටියුබ් තමා. පොත් කියවෙන්නෙ නැතිම තරම් බං.

      Delete
  2. ඔක්කොම එක තැනකදී ගන්න, බලන්න, සසඳන්න පුළුවන් නිසා මම කැමතියි ඒ ඉවෙන්ට් එකට. නමුත් සෙල්ෆි ගැනිල්ලයි, ස්ටේටස් දැමිල්ලයි නම් මගේ අතින් වෙන්නේ නැත්තේ මට එහි ආතල් එකක් නැති නිසා. මම කමතිවෙන්නේ පොත් යායක් මැද්දේ අතරමන් වෙන්න. කියවන්නම නෙවෙයි, අල්ලලා බලන්න සමහර වෙලාවට. ඒ මම ආතල් ගන්න විදිය.. කොහොම උනත් මේපාර නම් යන්න බැරි උනා අය්යෝ!

    ReplyDelete
    Replies
    1. බයි සේක්ෂුවල් සුරාන්තය =ලිඛිතා ලේකිකා ඔබ විසින් රච්ත පොත ඔය පොත් ඔය පොත් ප්‍රදර්ශනයේ කුමන කුටියන් ලබාගත් හැකිද

      Delete
    2. ඇනෝ කමෙන්ට්ස් බ්ලොක් කලා. එක එක්කෙනාට පහර ගහන්න නම් ඇනෝ කමෙන්ට්ස් වැඩියෙන්ම භාවිතා වෙන්නේ, මගේ බ්ලොග් එකට එහෙම කමෙන්ට් ඕනම නැහැ. කියන දෙයක් ෆේක් හරි කමක් නෑ අනන්‍යයතාවයක් තියෙන අකවුන්ට් එකකින් ඇවිත් කියහල්ලා.

      Delete
  3. ඉස්සර නම් ගියා. පොත් ගන්නම නෙමේ. පොත් ගන්න එන ගෑල් ළමයි බලන්නත් එක්ක. දැන් ඒවා බෑනේ ඒ නිසා යන්නේ නෑ ;)

    ReplyDelete
    Replies
    1. කෙල්ලො බලන්න ඔච්චරම කට්ටක් කන්න හිතෙන්නෙ නෑ බං. අනික කෙල්ලො දිහා තේරෙන්න බලන්න මම කැමතිම නෑ. අපි බලනවා කියල තේරුනාම උන් උඩ යනවා. ඒ නිසා සමහර පට්ට ලස්සන කෙල්ලො දිහා පවා අමාරුවෙන් නොබලම ඉන්නවා. මාන්නෙ තමා ඉතින්. කොල්ලො බලන්න තියෙන ආසාවට වඩා මට ඒ මාන්නෙ ලොකු ඇති. ;)

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...