Showing posts with label ආදරය. Show all posts
Showing posts with label ආදරය. Show all posts
Thursday, December 28, 2017
ඇයි උඹ ළමයි හදන්නෙ නැත්තෙ?
යාලුවා – ඇයි උඹ ළමයි හදන්නෙ නැත්තෙ?
මම – ඇයි උඹ ළමයි හදන්නෙ?
යාලුවා – කවද හරි වයසට ගියාම උඹව බලාගන්නෙ කවුද?
මම – උඹ හිතනවද ඒක ළමයෙක් මේ ලෝකෙට බිහි කරන්න හොඳ හේතුවක් කියල?
යාලුවා – ඇයි ඒක හොඳ හේතුවක් නෙමේද?
මම – හොඳ නරක කෙසේවෙතත් ඒක ආත්මාර්ථකාමී හේතුවක්. උඹ කරන්නෙ ආයෝජනයක්
යාලුවා – එක අතකට ඔව්. ආයෝජනයක් තමා
මම – ආත්මාර්ථයෙන් කරන ආයෝජනයක්. උඹ උඹේ ආත්මාර්ථකාමී අරමුණක් වෙනුවෙන් ජීවිතයක් නිර්මාණය කරනවා. ඒක සදාචාරාත්මකද? දරුවෙක් කියන්නෙ රිටයර්මන්ට් ප්ලෑන් එකකටද?
යාලුවා – උඹට කවද හරි හිතෙයි ළමයෙක් හැදුවනම් හොඳයි කියල. උඹ පසුතැවෙයි
මම – මට එහෙම හිතෙන එකක් නෑ. ඒත් බැරි වෙලාවත් එහෙම හිතුනොත් දරුවෙක් අරගෙන හදාගන්න පුළුවන්නෙ. උඹට කවද හරි හිතුනොත් උඹ ළමයෙක් හදපු එක අපරාදෙ කියල. ජීවිත කාලයක් පුරා හදපු දරුවා ගැන උඹ පසුතැවුනොත්? උඹ එදාට මොකද කරන්නෙ?
යාලුවා - උඹට පොඩි එකෙක් හිනා වෙනව දකිද්දි ආස හිතෙන්නැද්ද? උඹේම කියල පොඩි එකෙක් හුරතල් කරන්න ආසාවක් ඇත්තෙම නැද්ද බං?
මම - උඹට පණ තියෙන බෝනික්කෙක් එක්ක සෙල්ලම් කරන්න ආසයි කියල මේ ජීවිතය කියන සටනට අරගල කරන්න තවත් ජීවිතයක් නිර්මාණය කරන එක සාධාරණයි කියල උඹ හිතනවද? ජීවිතය කියන්නෙ කට්ටක් බං. අපි දෙන්නම බලහං. මොන කට්ටක් කනවද කියල. ඇයි මේ දුක තවත් කෙනෙක්ට දෙන්නෙ?
යාලුවා - යකෝ, උඹේ පරම්පරාව ගෙනියන්නේ කවුද? උඹේ ගෑණි කැමතිද ළමයි නොහදා ඉන්න? අම්මලා තාත්තලා පව් නැද්ද?
මම - මට මගේ පරම්පරාව ගෙනියන්න කිසිම උවමනාවක් නෑ. මොකක්ද බං ඔය මහලොකු පරම්පරාව කියන්නෙ? අම්මලා තාත්තලාගේ ආසාව නිසාම මම මගේ ජීවිතේ තීරණ ගන්නෙ නෑ. මම ඒ අයට ඇහුම්කන් දෙනව. ඒ අය කියන හරි දේවල් අහනවා. හැබැයි ඒ අයගේ අදහස් හරි කියල ඒ අය පැහැදිළිව තහවුරු කරන වෙලාවල් වලදි විතරයි. හැමවෙලේම ඒ අය ගහන පදයට නටන්න මම පඹයෙක් නෙමේනෙ බං. කෙල්ල ගැන උඹ ඇහැව්වා නේද? මෙහෙමයි, උඹට වගේ නෙමේ මම කෙල්ලට මේ ගැන ඒ ටූ එසෙඩ් කියල තියෙන්නෙ. මෙච්චර සරල කාරණාවක්වත් තේරුම්ගන්න බැරි නම් ඒ කෙල්ල එක්ක මට මැරෙනකල් කොහෙත්ම එකට ජීවත් වෙන්න බෑ.
යාලුවා - ඒ කියන්නෙ කෙල්ල කැමතියි ළමයි නොහදා ඉන්න.
මම - ඔව්. දැන් එයා ඉන්නෙ මම කැමති වුනත් එයා කවදාවත් ළමයි හදන්න කැමති වෙන්නෙ නෑ කියන තැන.
යාලුවා - තොටම හරියන ගෑණි
මම - මචන්, ළමයි හදන එකේ සදාචාරාත්මක අවුලක් තියෙනවා. ඒක වෙනම දිගට කතා කරන්න ඕන මාතෘකාවක්. ඒ වගේම ප්රායෝගික අවුලකුත් තියෙනවා. යකෝ ළමයෙක් හදනවා කියන්නේ උඹට උඹව නැතුව යනවා කියන එකට. උඹේ මුළු ජීවිතය විතරක් නෙමේ උඹේ මුළු පැවැත්මම ඒ ළමයා වෙනුවෙන් කැප කරන්න වෙනවා අඩුම ගානේ අවුරුදු පහලවක් විස්සක්වත් යනකල්. උඹේ ස්වාධීනත්වය නැතුව යනවා, උඹට උඹ ආස දේ කරන්න තියා හිතන්නවත් වෙලාවක් නැතුව යනවා. හම්බ කරන සල්ලි වලින් බාගෙකටත් වඩා ළමයා වෙනුවෙන් වියදන් කරන්න වෙනවා. හරියටම බැලුවොත් ළමයෙක් හදනවා කියන්නේ අවුරුදු විසි පහක් විතර මාස් පතා පනස්දාහක් හැටදාහක් ගෙවන්න වෙන ලෝන් එකක් ගන්නව වගේ වැඩක්. වියදම ගැන විතරයි ඒ, ළමයාගේ ආරක්ෂාව ගැන සම්පූර්ණ වගකීම එන්නේ උඹට. උඹට සැනසිල්ලේ කෑම ටික කන්නවත් බැරුව යනවා. ළමයා ගැනමනේ ඔලුවේ තියෙන්නෙ, මූ කොහෙ යයිද කොහෙ වැටෙයිද කොහෙ ඇණ ගනියිද කියල. කැමති අය කැමැත්තෙන් ඒ කට්ට කයි. මට අවුලක් නෑ. ඒත් ඔය වගේ අමු කට්ටක් බලෙන් ඇඟේ දාගන්න මට පිස්සු නෑ බං. මට මගේ නිදහස ඕන. මට මගේ සැනසිල්ල ඕන. ජීවිතේ උවමනාවෙන්ම තවත් සංකීර්ණ කරගන්නෙ මගුලකටද? මේ තියෙන ප්රශ්න මදිවටයැ.
යාලුවා - ඉතින් බං ඕවා කලාම කවද හරි ඒවයේ ප්රතිපල තියෙනවනෙ.
මම - මොනවද ප්රතිපල? හැමෝම තමා දරුවො වෙනුවෙන් මේ කට්ට කන නිසා දරුවන්ගෙන් අම්බානට දේවල් බලාපොරොත්තු වෙනවා. දරුවාගේ ඉගෙනීම, විවාහය වගේ ජීවිතයේ වැදගත්ම දේවල් විතරක් නෙමේ දරුවාගේ හැසිරීමේ ඉඳල ආකල්ප දක්වාම තමන් කැමති විදියට දරුවා හැදෙයි වැඩකරයි කියලයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. මෙච්චර කට්ටක් කාලා හදන එකාවත් තමන්ගේ පදයට නටන හිතන්න බැරි පඹයෙක් කරන එකද මේකෙන් ලැබෙන ප්රතිපලේ? මොන මගුලක්ද? මොන දෙමාපියාද තමන්ගේ දරුවා හදන්නේ මනුෂ්යය සංහතියට යහපත් මනුස්සයෙක් බිහි කරන අරමුණින්? හැමෝම ළමයි හදන්නේ තමන්ගේ පුද්ගලික උවමනා එපාකම් ඉෂ්ඨ කරගන්න. තමන්ට ළඟා කරන්න බැරි වුන ජීවන ඉලක්ක දරුවා ලවා ළඟා කරගෙන ඒ මානසික ආතල් එක ගන්න. දරුවාට ඒවා කරගන්න බැරි වුනාම දෙමව්පියෝ හැසිරෙන විදිය පොඩ්ඩක් සමාජයට බැහැල බලහන්. මේක මහ විකාරයක්. පටලැවිලි ගොඩක්. මම මේ නාඩගමේ කොටස්කාරයෙක් වෙන්න කීයටවත් කැමති නෑ.
යාලුවා - උඹට තේරෙන්නෑ දෙමාපියන් දරුවන්ට තියෙන ආදරයේ වටිනාකම ගැන. ඒක කොයි තරම් උතුම් දෙයක්ද කියල උඹට තේරෙන්නෑ බං
මම - මචන්, ඔය උතුම්ය කියල කියන දේවල් තියෙනව නේද? අන්න ඒවලින් තමා වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන. මේ ලෝකයේ සර්වසම්පූර්ණ පරමාදර්ශී උතුම් මගුල් මුකුත්ම නෑ බං. හැමදේම අඩුපාඩු වලින් කුජීත බවින් පිරුන දේවල්. එනිසා ඔය උතුම් ලණුව කන්න එපා.
යාලුවා - මොකක්ද දැන් උඹ කියන්නෙ?
මම - උඹ කියන්නෙ දරුවො ගැන දෙමාපියන්ගේ තියෙන හැඟීම තර්කයටවත් බුද්ධියටවත් අහුවෙන්නැති පාලනය කරන්න බැරි බිඳලා දාන්නත් බැරි තරමේ ශක්තිමත් හැඟීමක් කියලනෙ. මොකකින් හරි මිනිස්සුන්ව හැඟීම් වලට ඔයතරම්ම වහල්ලු කරනවා නම් එතන ඇති පොයෙටික් මගුලක් නෑ බං. ඒ බැඳීමම හානිකර පට්ට ඇඩික්ෂන් එකක්. ඔය වගේ බුද්ධියතට අහුනොවන හැඟීම් වලටම වහල් වෙන බැඳීමක් නිර්මාණය කරගෙන ඒකට ඇඩික්ට් වෙයිද මොළයක් තියෙන මනුස්සයෙක්? ඔය කියන විදියට ඕක කුඩු ඇබ්බැහියටත් වඩා අන්තයිනෙ. මට කුඩුත් එපා ඔය වගේ ගොං බැඳීමුත් එපා.
යාලුවා - උඹේ ප්රශ්නය මොකක්ද දන්නවද? උඹ හිතනවා වැඩියි.
මම - උඹ දන්නවද උඹේ ප්රශ්නය මොකක්ද කියල? උඹ හිතන්නෙම නෑ.
යාලුවා – ඒ නැතත් අපි වර්ගයා බෝ කරන්න ඕන. ලෝකය පවත්වාගෙන යන්න ඕන
මම – ඇයි වර්ගයා බෝ කරන්නෙ? ඇයි ළමයි හදන්නෙ?
යාලුවා – ළමයි හදන්නෙ ඉතින් වර්ගයා බෝකරන්න
මම – ඒක හරි. මම අහන්නෙ ඇයි වර්ගයා බෝ කරන්න ඕන?
යාලුවා – ඉතින් වර්ගයා බෝ කරන්න නිසා…
මම - ඉතින් ඒක තමා බොල මම අහන්නේ අහවල් මගුලකටද වර්ගයා බෝ කරන්නෙ??
යාලුවා - හරි හරි උඹ ළමයි නොහදා හිටහං එහෙනම්. මං කියපුව ගැන හිතල බලහංකො පොඩ්ඩක්.
මම - හා. හැබැයි මීට කලින් අහපු නැති මුකුත් නම් උඹ කිව්වෙ නෑ. හැමෝම කියන කතා ටික තමා ඔය. මම කිව්ව ඒව ගැනත් හිතල බලහන් කැමති නම්. වෙන වෙලාවක මේ ගැන හිමීට වැඩිදුර කතා කරමු.
යාලුවා - හ්ම්..
මම - එල
Wednesday, October 25, 2017
අඩෝ.. උඹේ කෙල්ලව හදාගනින්
ලංකාවෙ ගොඩක් පිරිමි හිතන් ඉන්නෙ තමාගේ සහකාරිය තමන්ගේ මතවාද වල ප්රතිබිම්භයක් වෙන්න ඕන කියල.
ඒ අය තමන්ගේ සහකාරියව පාවිච්චි කරන්නේ තමන් කවුද කියන එක නිරූපනය කරන්න සහ තමන්ගේ අනන්යතාවය මොකක්ද කියන එක ලෝකෙට පෙන්නන්න.
තමන්ගේ සහකාරිය අඳින පළඳින විදියෙන් කෙල්ලෙක් අඳින්න පළඳින්න ඕන විදිය ගැන තමාගේ අදහස නිරූපනය වෙනවය, තමන්ගේ සහකාරිය හැසිරෙන විදියෙන් කෙල්ලෙක් හැසිරෙන්න ඕන විදිය ගැන තමාගේ අදහස නිරූපනය වෙනවය, තමන්ගේ සහකාරිය හිතන පතන විදියෙන් කෙල්ලෙක් හිතන්න ඕන විදිය ගැන තමන්ගේ අදහස නිරූපනය වෙනවය, තමන්ගේ සහකාරියගේ මතවාද වලින් තමන්ගේ මතවාද නිරූපනය වෙනවය,
කියලයි ඔය මිනිස්සු හිතන් ඉන්නෙ.
සමාජය ඉස්සරහා තමාගේ අනන්යතාවය ආරක්ෂා කරගන්න නිසා නීති දාලා ගහලා බැනලා හරි කෙල්ලව තමන්ට ඕන විදියට වෙනස් කරන්නයි බහුතරයක් කොල්ලො බලන්නෙ.
"ඒක එයාගේ කැමැත්ත.. එයා ඉන්නේ එයාගේ විදියට" කියල කියන්න ගටක් තියෙන කොල්ලො හොයාගන්න අමාරු වුනාට...
"අනිත් කෙල්ලන්ගෙන් මට වැඩක් නෑ.. මගේ කෙල්ල ඉන්න ඕන මට ඕන විදියට.. ඒකි අඳින්න ඕන මට ඕන විදියට.. ඒකි හැසිරෙන්න ඕන මට ඕන විදියට.. ඒකි කතා කරන්න ඕන මට ඕන විදියට.."
...කිය කිය තමන්ගේ කෙල්ලට ගෙම්බර් දාන එක මාර ලොකු වැඩක් කියල හිතාගෙන ඉන්න පෞරෂහීනයන්ගෙන් නම් කිසිම අඩුවක් නැහැ.
ඇය තුළින් තමන්ගේ අනන්යතාවය නිරූපනය වෙනවා කියලා හිතාගෙන ඇයව වෙනස් කරන්න තමාගේ අධිකාරී බලය පාවිච්චි කරන මේ පිරිමි තුල තමන්ගේ ක්රියාකලාපය නිසා පුද්ගලයෙකු වශයෙන් ඇයගේ අනන්යතාවයට වෙන දේ ගැන කිසිම හැඟීමක්වත් සංවේදිත්වයක්වත් නැහැ. තමන්ගේ සහකාරියගේ ආකල්ප, හැසිරීම් සහ වටිනාකම් තමාට දරා ගන්නට බැරි තරම් නොගැලපෙනවා නම් ඇයගේ අන්යතාවය මරා දැමීමට වඩා සබඳතාවය නවත්වන එකයි කරන්න ඕන කියල මේ අයට තේරෙන්නේ නැහැ. පුද්ගලයෙක්ගේ අනන්යතාවය මරලා දාලා දිගින් දිගටම ඒ මනුස්සයාව පාලනය කරන්න ගියාම ඒ මනුස්සයා තුළ හටගන්න වේදනාව, කලකිරීම සහ පීඩනය ගැන මොවුන්ට සහකම්පනයක් නැහැ.
ඕකෙම අනිත් පැත්ත තමයි,
තමාගේ සහකාරියගේ සිතුම් පැතුම් ආකල්ප තේරුම් අරගෙන ඇයගේ ස්වාධීනත්වයට ගරු කරන කොල්ලෙක් හම්බුනාම මේ වගේ හීනමානකාරයො "අඩෝ.. උඹේ කෙල්ලව හදාගනින්" කියල කෑගහන්නෙ.
මොකද මේ අයට අනුව කෙල්ලෙක් කියන්නේ තමාට ඕන විදියට "හදාගන්න" ඕන වහලෙක්.
මේ විදියට පීඩනයට පත් වෙලා ඉන්න තරුණියන්/ගැහැණුන් තමන්ගෙන්ම අහගන්න ඕන ප්රශ්නය තමයි,,
තමාව ස්වාධීන පුද්ගලයෙක් විදියට සලකන්නෙ නැති, තමන්ගේ අනන්යතාවයට ගරු කරන්නෙ නැති, තමන්ව තේරුම් ගන්නෙ නැති Control Freak කෙනෙක් විදියට හැසිරෙන එකෙක් එක්ක තමන් දිගින් දිගටම ඉන්නේ ඇයි?
කියන ප්රශ්නය.
ඉස්සෙල්ලා තමන් තමන්ටම ගරු කරන්න ඉගෙනගන්න. තමන් තමන්ගේ අනන්යතාවයට සහ නිදහසට ගරු කරන්නේ නැත්නම් වෙන කෙනෙක් ඒ දේවල් වලට ගරු කරයි කියල හිතන්න එපා. තමන් තමන්ගේ අනන්යතාවයට සහ නිදහසට ගරු කරනවා නම් වෙන කෙනෙක්ට ඒ දේවල් විනාශ කරන්න දෙන්නත් එපා.
කතාවක් තියෙනව සමාජයක/සංස්කෘතියක ප්රගතශීලීබව තීරණය කරන්න පුළුවන් හොඳම සාධකයක් තමා ඒ සමාජය කාන්තාවට සලකන ආකාරයෙන් කියල.
ඒ වගේම තමා, පුරුෂයෙක්ගේ පෞරෂයත්වය මැනගන්න පුළුවන් හොඳම සාධකයක් තමා තමන් තමාගේ ප්රේමවන්තියට/බිරිඳට සලකන විදිය කියන්නෙ.
කෙනෙක්ව පාලනය කරන්න කෙවිටක්/තුවක්කුවක් අතට ගත්ත ඕනම නරුමයෙක්ට පුළුවන්. නමුත් කෙනෙක්ව තේරුම් ගන්න, ඉවසන්න, ගරු කරන්න, අනිත් අය ඉස්සරහා ඒ කෙනා වෙනුවෙන් පෙනී ඉන්න නම් ලේසි පාසු කෙනෙක්ට බැහැ.
ඒකට මනා පෞරෂයක් තියෙන බුද්ධිමත් මනුස්සයෙක් වෙන්න ඕන.
ප/ලි -
1. ඊයේ පෙරෙදා දවස් ටිකේ බුකියේ මාතෘකාව වුන "මාර ඉස්කෝලයේ මාර ගුරුමාරුව" ගැන වෙච්චි කතා බහ අතර තුර අමනයන් පිරිසකගේ හැසිරීම නිසාය මේ සටහන ලියන්න තීරණය කලේ.
2. ආදර සබඳතා වලදී කොන්දේසි දැමිම දෙපාර්ශවයෙන්ම සිදුවන දෙයක් බව ඇත්ත වුනත් පොදුවේ අප සමාජයේ දක්නට ලැබෙන තත්වය ගැනය මේ සටහනෙන් කතා කරන්නේ. මෙහිම කනපිට සිද්ධ වෙන සිදුවීම් ඇති බව පුද්ගලිකවම දනිමි.
Tuesday, October 10, 2017
ලව් ඉලව් කර නොගැනීමට
පළමු අදහස් ප්රකාශ කිරීම - බුද්ධික තාඹුගල ශූරීන්
"...මම නම් පුද්ගලිකව විශ්වාස කරන්නෙ ආදරය කියන්නෙ හෙනම හෙන ගුප්ත, රොමෑන්ටික්, ෆට්ටන්දර විකසිත සීන් එකක් නෙමෙයි..
සාර්ථක ප්රේමයක් කියන්නෙ අනිවාර්යයෙන්ම මිත්රත්වයේ දිගුවක්.. අපි යාළුවන්ට හැම දේම කියනවා.. නමුත් පෙම්වතුන් හෝ පෙම්වතියන්ගෙන් බොහෝ දේ සඟවනවා.. මේක පට්ටම කුජීත වැඩක් මම හිතන්නෙ..
පෙම්වතුන් අතර මිතුරන් අතර ඇති තරමේවත් මානසික බැඳීමක් නැත්තම් දෙන්නම නොදන්නව වුණාට ඒ සබඳතාවය යන්නෙ හෙනම අවුල් ට්රැක් එකක.. මේ නිසා මෙම ප්රශ්නය අපි සාමාන්ය ජීවිතයේදී මිතුරන් සමග ක්රියා කරන හැටි ඇසුරෙන් විග්රහ කරන්ඩ පුළුවන් මම හිතන්නෙ..
අපි සාමාන්ය ජීවිතයේදී මිතුරන්ට නීති දානව ද? දාන අවස්ථා අතළොස්සක් තියෙන්ඩ පුළුවන්, නමුත් බොහෝ විට මිතුරන්ගේ මූලික ස්වරූපයන් වෙනස් කිරීමට බලපාන නීති දැමීමක් සිදු වන්නෙ නෑ.. මගේ හොඳම මිතුරිය මට කිව්වොත් "හැම මාසෙම පන්සල් පලයන්" කියල මම අනිවා කියන්නෙ "උඹ පන්සල රෝල් කරල ඔබාගනින් ____" කියල.. ඒක අහලා ඇයට අවශ්ය නම් "මේ යාළුකම හරි යන්නෙ නෑ" කියල අත ඇරල දැම්මැහැකි.. එහෙමත් නැතිනම් "මූ පන්සල් නොගියට හොඳ එකා" කියලා යාළුකම පවත්වාගත හැකි..
යාළුවන් සම්බන්ධයෙන් අප මේ තීරණ දෙකම ගන්නා විවිධ අවස්ථා තියෙනවා.. මේ අනුව පෙනෙන්නේ අප යාළුවන් තෝරා ගැනීමේ දී එක්කෝ සමාජයීය, මතවාදීමය හෝ වෙනත් ආකාරයේ සමානතාවයන් දැක ආසක්ත වෙනවා.. සමාන නැති උන් එක්ක යාළු වෙන්නෙ නෑ.. එහෙමත් නැතිනම් ඒවා සම්බන්ධ වෙනස්කම් තිබියදීත් පුද්ගලික ගති ලක්ෂණ හෝ වෙනත් හේතූන් නිසා ආසක්ත වී අර වෙනස්කම් ඉවසනවා..
මේ විදි දෙකෙන් කොයි එක හරි ද කියලා අපිට තීරණය කරන්ඩ බෑ.. මේ සම්බන්ධව එක එක්කෙනාගේ ආකල්ප විවිධයි.. නමුත් එබඳු වෙනස්කම් තිබියදී මිතුරු වී පසුව එම වෙනස්කම් දුරු කර ගැනීම සඳහා නීති දැමීම හෝ බලපෑම් කිරීම නම් අමුම කුජීතයි ..
එකම දේ එලෙස බලපෑම් කරන තුරු එම යාළුකම් පැවතීමට තියෙන ඉඩ අඩුයි, මොකද මේ ලෝකයේ කවුරුවත් කාවවත් පාලනය කිරීම සාර්ථක නැති නිසා.. එල්සේම එබඳු අවස්ථා වලදී විකල්ප යාළුවන් බොහෝ විට සිටින නිසා..
දැන් අපි බලන්ඩ ඕනෙ ප්ලේටොනික් සහ රොමෑන්ටික් සම්බන්ධතා අතර මහලොකු වෙනසක් තියෙනවද කියලා?
යම් වෙනස්කම් කිහිපයක් තියෙනවා.. එකක් නම් ප්රේම සබඳතා වල සාමාන්ය යාළුකමකට වඩා මනෝමය සමීපතාවක් තිබීම.. සාමාන්ය මිතු දමක වගේම නොගැලපෙනව නම් දමා ගසා යාමට හැකි වුවත් මෙහිදී එකිනෙකා අනෙකා තුළ කර ඇති මානසික ආයෝජනය වැඩි නිසා වෙන්ව යාමෙන් ඇති වන මානසික ගැටළු වැඩියි.. අනෙක් එක තමා දෙදෙනෙක් පෙම්වතුන් වූ වහාම සමාජ පෙළඹවීම වන්නේ හැකි ඉක්මනින් විවාහ වී දරුවන් සාදා මේන්ස්ට්රීම් එකේ ගමන් කිරීමටයි.. ඊට පෙර ඔවුන් වෙන් වී, වෙනත් අය සමග එක් වී, නැවත වෙන් වී, ආදී වශයෙන් සිදු වීම අප සමාජය ලොව වෙනත් විවෘත සමාජ එක්ක බලද්දි ඉවසන්නෙ අඩුවෙන්..
මේ නිසා බිඳී යාමකින් යම් සමාජ පීඩනයක් ද එල්ල වෙනවා.. මෙලෙස බිඳී ගියහොත් ඇති වන පීඩනය නිසා අකමැත්තෙන්, අසතුටෙන්, යටහත්කමින් ඉන්න පෙම්වතුන් හා පෙම්වතියන් අප දැක තිබෙනවා.. මගේ විශ්වාසය නම් එය ජාතික අෆරාඩයක් බවයි.."
දෙවන අදහස් ප්රකාශ කිරීම - ජේමිස් බණ්ඩා මහතා හෙවත් මමතුමා
".... බුද්ධික තාඹුගල කියන්නට තියෙන දෙයින් සෑහෙන කොටසක් කියල ඔහු නවත්තපු තැනින් කන්ටිනියු කරන්නම්.
..ආදරය කරද්දි මං හිතන විදියට එකිනෙකාගේ අනන්යතා සහ පෞරෂයන් තේරුම් ගන්න එක වැදගත්. ඒ පුද්ගලයාව ඒ පුද්ගලයා විදියට භාර අරගෙන ඉන් එහාට තමයි මේ ආදරය කියන ගනුදෙනුව සිද්ධ වෙන්න ඕන.
නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ අපි අපේ සහකරුවාගේ/කාරියගේ අනන්යතාව කපලා කොටලා ඔවුන්ගේ ආසාවල් වලට කෙළවල දාලා, ඔවුන්ගේ බලාපොරොත්තු අපිට ඕන විදියට වෙනස් කරල, ඔවුන්ගේ සැබෑ අනන්යතාවය විනාශ කරල, අපිට ඕන විදියට අපි කැමති ආකාරයේ අනන්යතාවයක් ඔවුන් තුළින් නිර්මාණය කරගන්න දඟලන එක. කොටින්ම අපිට මුලින්ම මුණ ගැහෙද්දි හිටපු කෙනාව වෙනස් කරල ඌව/ඒකිව අපේ කැමැත්තට අනුව වැඩ කරන හිතන පතන රොබෝ කෙනෙක් කරන්න හදන එක.
තමාගේ ඔලුවේ තියෙන අයිඩියල් සහකරුවෙක්/කාරියක්ව තමන්ට හම්බුන මනුස්සයා තුළින් නිර්මාණය කරගන්න හද හද දෙන්නාම ඔය විදියට අනිත් කෙනාගෙ අනන්යතාවය මරල දාලා අලුත් පුද්ගලයෙක් නිර්මාණය කරගන්න කරන මේ පොරය නිසයි ගොඩක් ආදර සබඳතාවල් වලට කෙළ වෙන්නෙ. (කෙළ වෙනවා කියන්නේ අවසාන වෙනවා නෙමේ. සතුට නැති වෙලා විඳීම වෙනුවට විඳවීම ඉස්මතු වෙනවා කියන එකට)
දැන් ඔහොම ටෝක් දුන්නට තමන්ගේ කොල්ලව/කෙල්ලව වෙනස් කරන්න දඟලන්න එපාය කියල, ඇත්තටම බැලුවොත් ඕක ප්රායෝගිකව ක්රියාත්මක කරද්දි පට්ට අමාරුයි. ඇයි? ඇයි ඉතින් තමන්ගේ සහකරුවා/කාරිය තමන් අකමැති මලමගුල් කරද්දි ඌ එක්ක/ඒකි එක්ක ඉන්නෙ කොහොමද?
එතනදි තමයි අදහස් හුවමාරුව කියන පට්ටම වැදගත් පාර්ට් එක එන්නෙ. තමාගේ සහකරුවා/කාරිය තුල තියෙන තමා කැමති දේ මොනවද අකමැති දේ මොනවද කියන එක ගැන ඉඳල හිටල දෙන්නට එකතු වෙලා කතා කරල ඒ ඒ දේවල් ගැන එකඟතා වලට එන එක වැදගත් දෙයක්. මේක කරන්න පට්ටම අමාරු වුනත්, මේක කරන්නම ඕන දීර්ඝ කාලයක් හොඳින් ඉන්න නම්. එකිනෙකාට සවන් දීලා, අනෙකාගේ අවශ්යතා තේරුම් ගැනීමයි මෙතනදි වෙන්න ඕන.
කොහොම කලත් මේ "වෙනස් කම්" කියන දේවල් නැත්තටම නැති වෙන්නෙ නං නෑ ලොවෙත්. එතනදි කරන්න වෙන්නේ තමාගේ සහකරුවාගේ/කාරියගේ හොඳ විදියට තමා දකින දේ වෙනුවෙන් ඔවුන්ගේ අඩුපාඩු ඉවසන එක. කතාවක් තියෙන්නෙ "අපි ආදරවන්තයා/ආදරවන්තිය විදියට තෝරගන්න ඕන අපිට ඉවසන්න පුළුවන් වැරදි තියෙන කෙනෙක්ව" කියල. ඒ මොකද අපි වැරදි/අඩුපාඩු විදියට දකින දේවල් නැති එකෙක් හොයාගන්න මේ ලෝකයේ කිසිම ජගතෙක්ට කිසිම විදියකට බෑ.
ඊළඟට, තමන්ගේ සහකරුවාට/කාරියට ඔවුන්ගේ ජීවිතය විඳින්න ඔවුන්ට තියෙන නිදහස අහිමි කරන්න තමන්ට කිසිසේත්ම අයිතියක් නැති බව නම් දෙන්නම තේරුම් ගන්න ඕනම දෙයක්. මේ නිදහස කියන එක තමා විසින් අනෙකාට "දෙන" දෙයක් නෙමේ. ඒක කොහොමත් හැමෝටම තිබිය යුතු දෙයක්.
හැම වෙලේම තමාගේ සහකරුවාට/කාරියට තමන්ගේ අදහස කියන්න. එකඟ වී හෝ නොවී තීරණය කිරීම ඔවුන්ට බාර දෙන්න. විධාන දෙන්න යන්න එපා. තමන් කියන දේට එකඟ වුනේ නෑ කියල, අවනත වුනේ නෑ කියල පළිගන්න එපා.
තමා කියන්නේ තමාගේ සහකරුවාගේ/කාරියගේ ජීවිතයේ එක කොටසක් බවත්, තමන්ගෙන් පිට ඔහුට/ඇයට තවත් ජීවිතයක් තියෙන බවත් තේරුම්ගන්න ඕන. මොකද තමන්ගේ සහකරුවා/කාරිය කියන්නේ පෙම්වතෙක් සහ පෙම්වතියක්වත් සැමියෙක් සහ බිරිඳක්වත් විතරක් නෙමේ. පුතෙක්, සහෝදරයෙක්, මිතුරෙක්, රාජකාරිකරන තැනදි සේවකයෙක්.. වගේ සෑහෙන භූමිකා රඟපාන්න වෙන ඔහුත් මනුස්සයෙක්. මේකෙ සහකාරියන්ට අදාලව අනිත් පැත්තත් එහෙමයි. ඒ නිසා තමා ගැන විතරක් තමාගේ සහකරුවා/කාරිය සිතිය යුතුය, තමාටම හැම වෙලේම මුල් තැන දිය යුතුය කියල හිතල ආත්මාර්ථකාමී මුග්ධයෙක් විදියට වැඩ කරන්න යන්න එපා.
මේ ඔක්කොම කරලත් දිගින් දිගටම තියෙන්නේ දෙන්නගේ වෙනස් කම් නම්, ඉතින් හොඳම දේ තමා අකමැත්තෙන් වුනත් එකිනෙකාට "ගුඩ් බායි" කියන එක. මොකද එකිනෙකාව රවට්ටගෙන අවුරුදු දෙකතුනක් ලව් කලත් බැඳලා මාස හය හතක් යද්දි තමන් හංගන් හිටිය තමාගේ සහකරුවා/කාරිය අකමැති පැත්ත එළියට එන එක අනිවාර්යයි.
ඊට පස්සෙ ඉතින් දෙන්නගෙම කසාද ජීවිතේට සොරි ඩොට් කොම්ම තමා..."
අදහස් දැක්වීම අහවරයි. අසා සිටි ඔබ සැමට ඉස්තූතියි.
ප/ලි -
1. මේ බණ කිව්වාට අපිත් ලව් කරන රහස සොයාගත් ශාස්තෲවරුන් නොවෙමු. අපි විසින්ම සහ අපි වටේ ඉන්නා උන් කන පරිප්පු දැක දිනෙන් දින ඉගෙනගෙන අපිත් අමාරුවෙන් අනුගමනය කරන කරුණු කාරනා කිහිපයක්ය මෙතනදි කියවන අය සමඟ බෙදා ගත්තේ.
2. බුද්ධික තාඹුලගේ අදහස් දැක්වීම දැනට වසර කිහිපයකට පෙර බුකියේ දැක මා විසින් සේව් කරගත් අදහසකි. කාලයකට පසු සේව් කරගත් තැනින් අද එය දුටු නිසා මගේ අදහස් සමඟින් අද මෙසේ මගේ ප්රොෆයිලයේ පළ කලෙමි.
Thursday, October 5, 2017
වැඩිහිටියන්ට ආදරය කුණුහරපයක්ද?
තමා ඉදිරියේ තමන්ගේ විවාහපත් දරුවන් පවා ඔවුන්ගේ සහකරුවන්/සහකාරියන් සමඟ ආදරයෙන් හැසිරීම අපේ වැඩිහිටි පරපුරට රුස්සන්නේ නැහැ.
තමන්ගේ විවාහපත් දරුවන් වුනත් එකිනෙකාට ළඟින් හිඳ ගැනීම, කරට අතදාගෙන සිටීම, එකෙක්ගේ ඔඩොක්කුවේ අනෙකා හිඳ ගැනීම, කම්මුල් සිපගැනීම තබා ඔලුව අතගෑමවත් තමන්ගේ ඉදිරියේ සිදු කිරීම ඔවුන් සලකන්නේ නිර්ලජ්ජිත හැසිරීමක් විදියටයි.
එකිනෙකා කෙරේ ලයාන්විත බවක් දැනවෙන විදියට හැසිරීම, ආදරය හැඟෙන අයුරින් හැසිරීම සිදුවිය යුත්තේ පුද්ගලික අවකාශයක පමණක් බවයි මේ වැඩිහිටි පරපුරේ අදහස. මලපහ කිරීම, සංසර්ගය කිරීම මෙන්ම ආදරය කිරීමද පුද්ගලික අවකාශයක පමණක් සිදුවිය යුතු බව සිතනා ඔවුන් සභාවක ආදරයෙන් හැසිරෙන යුවලක් දුටු විට එය හඳුන්වන්නේ නැහැදිච්ච හැසිරීමක් විදියට.
වැඩිවියට පැමිණ විවාහපත් දරුවන් ගැන එසේ සිතනා ඔවුන්, එම දරුවන් කුඩා කාලයේදී ඔවුන් ඉදිරියේ හැසිරෙනේද ඒ ආකාරයටයි. තම දරුවන් ඉදිරියේ එකිනෙකාට කිසිම ආකාරයක ආදරය ප්රකාශ කෙරෙන අන්දමට නොහැසිරීමට වගබලා ගන්නේ එයින් තම කුඩා දරුවන් නරක් වේය යන හැඟීම නිසා.
දරුවන් ඉදිරියේ සහ ප්රසිද්ධියේ ආදරය දැනවෙන පරිදි හැසිරීමෙන් වැලකුණත් මේ වැඩිහිටියන්ට අනුව තම දරුවන් ඉදිරියේ වාද කිරීම, බැන ගැනීම සහ රණ්ඩු කිරීම නම් සාමාන්යය දෙයක්. විවාහපත් දරුවන් තමා ඉදිරියේ රණ්ඩු සරුවල් කිරීමද ඔවුන් සලකන්නේ සාමාන්යය දෙයක්, පවුල් ජීවිතයේ කොටසක්, ඉවසිය හැකි දෙයක් වශයෙනුයි.
මේ ආකල්පය දරන දෙමාපියන් යටතේ හැදී වැඩෙන කුඩා දරුවන් දකින්නේ එකිනෙකා කෙරේ ආදරය දක්වන්නට මැලිවන, නමුත් එකිනෙකා සමඟ රණ්ඩු සරුවල් කිරීමට මැලි නොවන මව්පියන් දෙදෙනෙක්. දරුවෙක්ට වඩාත් ධනාත්මක බලපෑමක් සිදු කරනු ඇත්තේ දෙමාපියන් එකිනෙකා කෙරේ ආදරයෙන් සිටිනු දැකීමෙන් බවත්, තම දෙමාපියන් එකිනෙකා සමඟ රණ්ඩු සරුවල් කරගැනීම පමණක් දැකීමෙන් දරුවාට අයහපත් බලපෑමක් සිදු කරන බවත් තේරුම් ගැනීමට ඔවුන්ට දැනුමක් නැහැ.
මහ රෑ අන්ධකාරයේ කාමරයේ දොරගුළු දමාගෙන ආදරය නොකරන්න. සිර කොට ඇති ආදරය නිදහස් කරන්න. තම දරුවන්, දෙමාපියන්, පවුල ඉදිරියට ආදරය ගෙන එන්න. ආදරය කිරීම කුණුහරපයක් විදියට නොදකින්න.
තම සහකරුවා/සහකාරිය කෙරේ ආදරය දැක්වීම තම දරුවන් හා දෙමාපියන් ඉදිරියේ සිදු නොකල යුතු කුණුහරපයක් නොවේ. පුද්ගලික අවකාශයට සීමාකල යුත්තේ ආදරය දැක්වීම නොව, එකිනෙකා හා ගැටෙන අවස්ථාය.
එනිසා ගැටීමට දොරගුළු දමන්න. ආදරය අගුළු හැර නිදහස් කරන්න.

"ලව් කරන්න ඕන්නම් උඹල කාමරේට ගිහින් දොර වහගෙන කරගනින්"

Tuesday, September 12, 2017
විල් යූ මැරී මී ?
ඉස්කෝලෙ යන උනුත් බඳින්නම බලාගෙන යාලුවෙන රටක..
යාලු වෙලා මාසයක් යන්නත් කලින් දෙපැත්තේ දෙමව්පියන් හම්බෙලා බඳින්න අවසර ඉල්ලන රටක..
අතින් අල්ලන්නත් කලින් බඳින්න පුළුවන්ද කියලා දැනගන්න කේන්දර ගලපන රටක..
කවදහරි හරි මාවම බඳියි කියන දැඩි විශ්වාස නිසාම කෙල්ල කොල්ල ඉස්සරහ කකුල් දෙක ඈත් කරන රටක..
ලව් කරපු කොල්ලා/කෙල්ල බඳින්නෙ නැතුව අත ඇරියොත් පොළවේ හැපි හැපී අඬ අඬ ජීවිත කාලකණ්ණි කරගන්න රටක..
බඳින්නේ නැතුව අතරමඟ සම්බන්ධයක් නැවතුනාම දෙන්නාම වෛරක්කායයෝ වෙලා නවතින ආකල්ප තියෙන මිනිස්සු ජීවත් වෙන රටක..
බඳින්න දුන්න බලාපොරොත්තු කඩ උනාම කෝච්චියට බෙල්ල තියන රටක..
බඳිනවා කියලා බැන්දේ නැති වුනාම පිහිපාරවල් ඇනලා තමාගේ සහකරුවා/කාරිය ඝාතනය කරන රටක..
මැරේජ් ප්රපෝසල් එකක් කියන එක 'සර්ප්රයිස් එකක්' වෙන්නෙ කොහොමද කියලා පුළුවන් මොකෙක් හරි මට කියල දෙනවකො ඕයි !
Sunday, July 30, 2017
ආදරය විඳවන මිනිස්සු
අපට තියෙන්නේ ආදරය නිසා විනාශ වෙන, වෛරය නිසා රැකෙන සංස්කෘතියක්ය. අප ජීවත් වන්නේ ආදරයට වැටකඩොළු නොදමා සංස්කෘතිය ආරක්ෂා කර ගන්නට බැරි බව සිතනා සමාජයකය.
ආදරය කිරීමෙන් විනාශ වී යා හැකි සදාචාරයක් රැකීමට නිසා ආදරයේ බෙල්ල මුලින්ම කපලා යන්නට උරචක්රමාලයක් සංස්කෘතිය විසින්ම පළඳා ඇත්තේ ඒ නිසාය.
සංස්කෘතිය විසින් ආදරයට ඒ උරචක්රමාලය දමන්නේ ආදරයේ උපන්ගෙයි සිටමය.
ඒ මිනිස් සිතකට දැනෙනා ආදරය ප්රකාශ කිරීමේ නිදහස ලිංගිකත්වය මත බෙදා වෙන්කිරීමෙනි. පුරුෂ ලිංගික ශරීරයකට හිමිවන ආදරය ප්රකාශ කිරීමේ නිදහස ස්ත්රී ලිංගික ශරීරයකට අහිමි කිරීමෙනි.
අප සංස්කෘතිය තුළ ස්ත්රී ශරීරයකට දැනෙන ආදරය පිරිමියෙක් වෙත ප්රකාශ කිරීම තරමක් ‘අසාමාන්ය’ ගනයට වැටෙන වැඩක්ය. තරුණියක් තමාට දැනෙන ආදරය ප්රකාශ කිරීම වෙනුවට ඇය තමා වෙත ආදරය ඉල්ලාගෙන තරුණයෙක් එන තෙක් නිහඬව බලාගෙන සිටිය යුතුය.
තමාගෙන් ආදරය පතාගෙන එන පළමු තරුණයක් කිහිප දෙනාගෙන් කෙනෙක් තමාගේ ජීවන සහකාරයා ලෙස තෝරාගැනීම හැර වෙනත් විකල්පයක් තරුණියකට නැත. ඇරත්, ආදර සබඳතාවයක් නැවැත්වීම හෙවත් බූට් තැබීමද පුරුෂ ලිංගික මනසකින් සිතනා සමාජය සමාන කරන්නේ ද්රෝහිකමකටය.
තරුණයන් දෙතුන් දෙනෙකුට වඩා ආදරය කල තරුණියකට ඉබේම ‘අතින් අත ගිය බඩුවක්’ වැනි ලේබලයක් වදින නිසා කුමන හෝ අත්තක හැකි ඉක්මනින් එල්ලීමටය තරුණියකට සිදුවන්නේ.
කාලයක් ආශ්රය කිරීමෙන් එකිනෙකා හඳුනාගෙන සබඳතාවයේ අනාගතය ගැන තීරණය කිරීම අපේ සංස්කෘතිය නොවේ. පිරිමි යෝජනාවකින් පටන් ගන්නා ආදර සබඳතාවය සෘජුවම විවාහය ඉලක්ක කරගෙන සිදුවිය යුත්තකි.
ඔවුන් එකිනෙකාගේ ගැලපීම් නොගැලපීම් හඳුනා ගැනීම පසෙක තබා මුලින්ම කල යුත්තේ අනාගතයේ සිදුවීමට නියමිත විවාහයකට දෙපාර්ශවයේ දෙමාපියන්ගේ අවසරය පැතීමය.
එතැන් පටන් ආදරවන්තයන් හමුවන සෑම අවස්ථාවක්ම පාහේ දෙමාපිය අවසරය ඇතුව සිදුවිය යුතුය. දෙමාපියන්ගේ අවසරය ඇති හෝ නැති ආදර සබඳතා වල දෙමාපිය දැනුවත්කමින් තොරව සිදුවන හමුවීම් වැටෙන්නේ අසම්මත හැසිරීම් ගනයටය.
සතියකට වරක් දෙවරක් වැඩිම වුනොත් පැය දෙකකට තුනකට සීමා වන එම අසම්මත හමුවීම් බොහෝ විට සිදුවන්නේ චිත්රපට ශාලාවක් තුළය. නැතහොත් මල්වත්තක, බස් හෝල්ට් එකක, බස් රථයක පසුපස සීට් එකකය.

එහිදී සිදුවන කතාබහද සීමා වන්නේ විවාහ මංගල උත්සවය සැලසුම් කරන්නට, නොගැලපෙන කේන්දර, දෑවැදි, දෙමාපිය ප්රශ්න සාකච්ඡා කිරීමටය. එකිනෙකා හඳුනා ගැනීමක්, විවාහයෙන් පසු ජීවිතය සැලසුම් කිරීමට ඉඩක් හෝ කාලයක් ආදරවන්තයන් සතුවන්නේ නැත.
එපමණක් නොව, තරුණ යුවලකට තම ප්රියයාගේ අතින් පවා අල්ලන්නට වෙන්නේ මුලු සමාජයටම හොරෙන්ය. සමාජයේ වැඩිහිටියන්ගේ, සිකියුරිටි ගාඩ්ලගේ රැවුම් ගෙරවීම් වලට යටත්වය. කම්මුල් සිපගැනීමක් පවා වැටෙන්නේ සමාජය විසින් නැහැදිච්ච යයි සම්මත හැසිරීමකටය.
අප සමාජයට අනුව අත් පටලවාගෙන ආදරය විඳිනා යුවලක් යනු සදාචාරයට කෙළවන අසික්කිත ජීවීන් දෙදෙනෙකි. පන්සල්, පල්ලි, නිදහස් චතුරශ්රයන් වැනි පරම ශුද්ධ වූ දේ ඔවුන්ගෙන් රැකගත යුතු යැයි සමාජය සිතන්නේ ඒ නිසාය.

අපේ සංස්කෘතියේ ආදරයට පුද්ගලිකත්වයක් නැත. ආදරය තුළ ලිංගිකත්වයට ඉඩක් නැත. අප සංස්කෘතිය හොයන්නේ සුදු සළුවකින් එතූ ආදරයකි. පතන්නේ රාගයෙන් තොර ප්රේමයකි.
ඒ ආදරය තුළ ඉඩම් ගනුදෙනු, කේන්දර, පට්ටම් වලට ඉඩ තිබුනද සිපගැනීම්, වැළඳගැනීම් වලට ඉඩ නැත.
අප සංස්කෘතියට අනුව තමාගේ ආදරවන්තයා සමඟ ලිංගික ක්රියාවල යෙදෙන්නේ වල් බැල්ලියන්ය. තම ආදරවන්තියව කාමරයකට එක්කන් යන්නේ ඇයට ආදරය නොකරන ගණිකාවක් සේ ඇයට සලකන සල්ලාලයන්ය.
ඒ අතින් ගත් කල ආදරවන්තයන්ට තම තමන් එකිනෙකා හා කොපමණ අදහස් අතින් ගැලපෙනවාද, ලිංගික වශයෙන් ගැලපෙනවාද කියා දැනගැන්මට ක්රමයක් නැත.
මන්ද, ආදරය යනු විඳින්නට තේරුම් ගන්නට තිබෙන දෙයක් නොව සීමා මායිම් වැටකඩොළු වලට සිරවී විඳවන්නට ඇති දෙයක් බවට අප සංස්කෘතිය පත් කොට ඇති නිසාය.
ඒ අතින් විවාහය යනු හොඳ අතට හැරේ යැයි සිතමින් තම ජීවිත ඇපයට තබා අල්ලන්නට සිදුවන ඔට්ටුවකි.
එකිනෙකා ඇසුරු කොට තේරුම් ගැනීමට නිදහස අහිමි වූ ආදරවන්තයන් එකිනෙකා සැබවින්ම හඳුනාගන්නේ විවාහ වූ පසුය.
මන්ද විවාහයට පෙර අපට එකිනෙකා මානසිකව සහ ලිංගිකව හඳුනා ගන්නට තිබෙන අයිතිය සමාජය සහ සංස්කෘතිය විසින් අහිමි කරනු ලැබූ නිසාය. එවිට තම සහකරුවාව/සහකාරියව හඳුනාගන්නා ඔවුන් සැබවින්ම දකින්නේ තමා ප්රේමවන්තයන්ව සිටි කාලයේ දුටු චරිතය නොවේ.
අවසනයේ අපට උරුම වන්නේ නිරස, දුක්ඛිත, එකෙන්කා නුරුස්සන විවාහ ජීවිතයන්ය. ඒවා ගෙවන්නේ බොහෝ විට දරුවන්, දෙමාපියන්, සමාජය, රැකියා වැනි දේ හේතුකොටගෙන මිස තම සහකරුවා/සහකාරිය ගැන සිතේ තිබෙනා ආදරයක් මුල් කොටගෙන නොවේ.
සැබවින්ම අපේ සමාජය, සංස්කෘතිය තුළ ආදරයට ඉඩක් නැත. විවාහයට පෙරත් නැත. පසුත් නැත.
මෙපමණ සීමා සහිතව සිදුවන නොගැලපෙන විවාහයන් වලදී පවා සමාජය විසින් දික්කසාදයටවත් පිළිගැනීමක් නැත. අප සමාජය දික්කසාදය පවා සලකන්නේ මිනිස් ජීවිතයක ආපසු හැරවිය නොහැකි පරාජයක් ලෙසය. නොමැකිය හැකි කළු සලකුණක් ලෙසය.
අපේ සංස්කෘතිය මෙයයි. අපේ සංස්කෘතිය තුළ ආදරයට දී තිබෙන තැන මෙයයි. අප සංස්කෘතිය විසින් ආදරය මත පළඳා ඇති උරචක්රමාලය මෙයයි.
ප්රසිද්ධියේ වෛර කිරීමට වඩා ආදරය කිරීමට ඉඩ ලැබෙන දිනයක් උදාවන තුරු, කුඩා දරුවන් ඉදිරියේ කුණුහරප කියමින් රණ්ඩු වීමට වඩා එකිනෙකා සිප වැළඳ ගැනීම පිළිගන්නා වැඩිහිටි සමාජයක් බිහිවන තුරු මිනිසුන් වශයෙන් අපට ආදරය සැබවින්ම විඳීමට ඉඩක් නොලැබෙනු ඇත. ආදරයට ඉඩ නැති වෛරයට ඉඩ ඇති සංස්කෘතියකින් කුමන පලක්ද?
ආදරය කිරීමට නිදහසක් නැතිනම්, ආදරය විඳීමට නිදහසක් නැතිනම්’ලෝකෙන්ම උතුම්ම එක’ නැමති ලේබලය ඇලවූ සංස්කෘතියක් වුවද ආරක්ෂා කිරීමෙන් පලක් නැත.
Monday, August 29, 2016
කෙටිම ආදර කතාව
"පැටියො මම ඔයාට මුළු ලෝකෙටම වඩා ආදරෙයි, හැම දේකටම වඩා... අපිව වෙන් කරන්න කාටවත් බෑ කෙල්ලෙ.. දැන් එහෙනම් පරිස්සමින් ගෙදර යන්න මගෙ පණ. ආ.. පොඩ්ඩක් ඉන්න. ඊළඟ දවසෙ හම්බෙන්න එද්දි මතක් කරල ඔයාගෙ කේන්දර කොපිය අරන් එන්න හරිද? අපේ අම්මගෙන් වදේ ඕක ගේන්න කියල ගැලපෙනවද කියල බලන්න. බායි කෙල්ලෙ.. අයි ලව් යූ"
ඔන්න ඔහොමයි වෙන්නෙ..
Friday, August 12, 2016
අප්සරා
ඔහු ඉදිරියේ වූ පෙප්සි වීදුරුවෙන් බාගයක්වත් ඔහු අවසන් කර තිබුනේ නැත.
"බොන්නෙ නැද්ද?"
මා ඇසුවේ ඔහුට පෙප්සි පොවන්නට තිබුන උවමනාවකට නොවන බව දත්තේ මම පමණකැයි නොසිතමි. මා ඉදිරියේ හිඳගෙන සිටිනා ආගන්තුකයා හා සමඟ කෙසේ හෝ කතාබහක් ආරම්භ කල යුතුව ඇත. ඒ වගකීම තිබුනේ මා මතය. මන්ද මේ හමුවීම, නාඳුනන තරුණයන් දෙදෙනෙකු වන අපගේ හමුවීම මගේ ආරාධනයෙන් සිදුවූවක් බැවිනි.
මම අමාරුවෙන් වචන ගලපමින් යමක් කියන්නට උත්සාහ කලෙමි. නමුත් මගේ ඔලුව කිසිදා නොදැනුන බරකින් වසාගෙන තිබුනි. ගලපාගත යුතුය, වචනයක්.. කුමක් හෝ... වචනයක්.
මට ඇසීමට දාහක් දේ තිබෙන බව හැඟුනද යමක් කල්පනා කරගත නොහැක්කා සේය.
"උඹ කවද්ද අප්සරා එක්ක මේ සම්බන්දෙ පටන් ගත්තෙ?"
තවමත් බාගයකට වඩා පිරී තිබුන පෙප්සි වීදුරුවෙන් උගුරක් ඔහු පානය කලේය.
පෙප්සි? අප්සරා ආස ස්ප්රයිට් වලට.. අපි දෙන්නා හැමදාම බිව්වේ ස්ප්රයිට්.. ඒ අප්සරා ආස නිසා
මම මටම කියා ගත්තෙමි,
"උඹ දන්නවනෙ කතාව දැනටමත්. අප්සරා මට කිව්ව උඹට හැමදේම කිව්වයි කියල. උඹ එක්ක සම්බන්ධෙ නවත්තන්න සති දෙක තුනකට කලින් තමයි මම අප්සරාගෙන් යාලු වෙන්න ඇහැව්වෙ"
මේ අවලමාට ගාණක් නැතුව කියාගෙන කියාගෙන යන හැටි. මගෙ අප්සරාව.. මගේම අප්සරාව මගෙන් උදුරගෙන..!
මා සිතේ තිබුන දුක, කෝපයකින් සහ වෛරයකින් වැසී යයි. මොහු මේ ප්රශ්නය සැහැල්ලුවට ගෙන ඇත්තා සේ අප්සරාවද සැහැල්ලුවට ගෙන විය යුතුය. පර බල්ලා! අප්සරාට මා කලාක් මෙන් කිසිවෙකුත් කෙදිනකවත් ආදරේ නොකරනු ඇත. අප්සරා එය නොදන්නවා වුනාට එය මට සහතිකය.
අප්සරා මගේ.. ඒකි මගේම විතරයි
කෝපය ඉවසාගෙන ආපු කාරණාවට බැස්සෙමි. මේවෙලෙ කලබල වීම නුවණට හුරු නැත. අප්සරාගේ කැමැත්ත මා වෙත නැවත ලබා ගත් පසු මූ ගැන මට බලාගත ඇහැකිය.
"මං උඹට කෙළින්ම කියන්නම්. මම අද උඹට එන්න කිව්වෙ මේකෙ දෙකෙන් එකක් බේරගන්න. කොටින්ම දෙකෙන් එකක් නෑ. තියෙන්නෙ එකයි. අප්සරා මගෙ කෙල්ල. අපි ලව් කරන්න අරං දැන් අවුරුදු හතරකටත් වැඩියි. මුලින්ම ඒලෙවල් ක්ලාස් යද්දි අපි දෙන්නා යාලු වුනේ. උඹ දන්නව ඇතිනෙ. ඔය ජොබට යන්න කලින් මම කිව්වා අප්සරාට. ඒත් මම ඒකිව විශ්වාස කරලයි යැව්වෙ. ඒත් ඒකි ඒ විශ්වාසය කැඩුවා. කැඩුව නෙමේ කඩන්න සිද්ධ වුනා. මොකද උඹ ඒකිව රවට්ටගෙන. මගෙ අහිංසක කෙල්ලව රවට්ටගෙන. මචන්, මටයි අප්සරාටයි හිටිය විදියට ඉන්න දියන්. අපි මේ ප්රශ්නය දුර දිග යවන්නෙ නැතුව ගොඩින් බේර ගමු"
මම එක හුස්මට කියාගෙන කියාගෙන ගියෙමි. අවසන් වචන ටික පිටවුනේ වෙව්ලන ස්වරූපයකිනි. කේන්තිය නිසාද දුක නිසාද මම නොදනිමි.
මගේ අප්සරාව වෙන එකෙක්ගෙන් මට ඉල්ලන්න වෙලා.. අවන්හලේ ජනේලයෙන් පිටත අහස බැලුවෙමි. වළාකුළු නැති හවස් අහස..අවට පරිසරයට එක් කලේ මූසල කාලකණ්ණි බවකි.
අප්සරා මගේ ! මගෙ හිත ඇතුලෙන් ඇගේ නම දෝංකාර දෙයි
ක්ෂණයකින් මගේ හිත අතීතයට දිව යයි. මම අප්සරාව දුටු පළමු මොහොත. මගේ ජීවිතයේ මම ආසම මොහොත..! අප්සරා මට කැමැත්ත දුන් දවස..මම අප්සරාට මුලින්ම අර දුන්න පෙන්ඩන්ට් එක..මම අප්සරාට පළමු හාදුව දුන්න මොහොත.. ඊට මාස ගාණකට පස්සෙ මුලු ලෝකයෙන්ම වෙන්ව අප දෙදෙනා තනි වූ හැටි.. එතනදි අප්සරා ඇගේ හැමදේම මා වෙනුවෙන් පූජා කල හැටි.. ඇය මගේම වුන හැටි..ඉන් සතියකට විතර පස්සෙ අප්සරාගෙයි මගෙයි පළවෙනි රණ්ඩුව.. ඉන් පසු මම අප්සරාව මඟ හැරුන හැටි.. මම පළවෙනි වතාවට අප්සරාට අත උස්සපු දවස.. මම ඇයව අත් හරින බවට තර්ජනය කල හැටි..අප්සරා හඬමින් මගෙ පස්සෙන් ආපු හැටි.. මම යාලුවන් එක්ක වෙනම ලෝක වල විනෝද වෙද්දි ඇය තනි වූ හැටි..
මගෙ ඔලුව පුපුරන්න වගේ දැන් නම් ! කෙසේ හෝ මතකයන්ගෙන් මිදිය යුතුව ඇත. මේ මගේම අප්සරාව නැවත මගේම කරගන්න තියෙන මගේ අන්තිම අවස්ථාව විය හැකිය.
මම ඔහුගේ මුහුණ බැලුවෙමි. ඔහු තවමත් නිහඬවය
"මොකද දැන් උඹ කරන්නෙ? කතා කරහන්. උඹ කැමතිද මේ ප්රශ්නෙ ගොඩින් බේරගන්න?"
අවසානයේ ඔහු නැවතත් සිය හඬ අවදි කලේය
"මචං, මට උඹත් එක්ක කිසිම අවුලක් නෑ. උඹත් කොල්ලෙක් මමත් කොල්ලෙක්. අනික උඹ මේක මෙහෙම ෆේස් ටු ෆේස් කතා කරල බේරගන්න එන්නයි කියල කිව්වම මට පුදුම හිතුන. අප්සරා උඹ ගැන කියල තිබ්බ ඒවත් එක්ක. මොකද උඹ හැම වෙලේම ඒකි දිහා වෙන කොල්ලෙක් බැලුවත් ගේමලු නේද?"
ඔහු කතා කරන්නේ මඳ සිනහවකින් මුව පුරවාගෙනය.
"මට අප්සරා හැමදේම කිව්වා මුල ඉඳලම. උඹල යාලු වෙච්චි එකේ ඉඳල උඹල උඹ ඒකිට සලකපු හැටි, ලව් කරපු හැටි, ගෙවල් එක්ක කේස් දාගත්ත හැටි, උඹ ඒකිට ගහපු හැටි, නීති දාපු හැටි ඔක්කොම.. ඒව විතරක් නෙමේ.. උඹ දැන් මහලොකුවට වටේ කිය කිය යන්නෙ උඹ ඒකි එක්ක නිදාගත්තයි කියල. ඒකත් අප්සරා මට කියලයි තියෙන්නෙ"
මගේ ඇඟ කිළිපොලායනු දැනුනි. මම ගහන්න සිටි අවසන් තුරුම්පුව ඔහුම මා ඉදිරියේ දෙකේ කොළේට දැමුවේය.
"මට ඒ කිසි දේකින් වැඩක් නෑ. ඒකිව දැක්කම මට ආස හිතුන. මම දවස් තුන හතරක් කතාබහ කලා.. මම ඒකිගෙන් යාලු වෙන්න ඇහැව්වා. එච්චරයි. ඒකි හිටියේ ප්රශ්න ගොඩක. උඹ ඒ ප්රශ්න වලට ඒකිට සහනයක් වෙනව වෙනුවට, උඹත් ඒ ප්රශ්න වලින් එකක් වෙලයි ඉඳල තියෙන්නෙ. උඹ ඒකිට නීති දාලා, බැඳලා අමුතු සතෙක් විදියට තියන් ඉන්න හදල තියෙන්නෙ. කල් යන්න යන්න උඹ ඒකිව ගනන් අරන් නැහැ. ඒකි උඹේ පස්සෙන් ආවත්. අපි එකට වැඩ කරන නිසා කතා කරන්න හම්බෙන හැම වෙලේම කිව්වෙ ප්රශ්නමයි. මම කලේ ඇහුම්කන් දෙන එක. උඹ කොල්ලො කීදෙනෙක් එක්ක ගේම් දාගෙන තියෙනවද ඒකි නිසා. කිසිම හේතුවක් නැතුව. ඒත් දැන් උඹ මගෙන් ඒකිව ඉල්ලන්න ඇවිත්. මොකද උඹ දන්නවා සතෙක් වගේ වැඩ කරල මේ ප්රශ්නේ මා එක්ක විසඳගන්න උඹට බෑ කියල.."
ඔහු කියාගෙන කියාගෙන ගියේය.
මම ආවේ මූට කතා කරල ප්රශ්නෙ බේරගන්න. මූ කරන්න හදන්නෙ මට තෙල ගහන එක.
"අනේ මචන් ප්ලීස්, තේරුම් ගනින්. මට ඒකි නැතුව ජීවත් වෙන්න බෑ. මගෙ අතින් වැරදි වුනා තමයි. ඒත් මම ඒකිට එදා කිව්වා ඒ ඔක්කොම හදාගන්නවා කියල"
ඔහු හිස වැනුවේ මං කියනා කිසිම දෙයක් ඔහුට වැදගත්කමක් නැතුවා සේය.
"මං යනව. උඹට ඕන නම් අප්සරා එක්ක හම්බෙලා ආයෙ අන්තිම වතාවට කතා කරහන්. මට අවුලක් නෑ. "
"මං කතා කරල වැඩක් නෑ. මං කියන්න තියෙන හැම දේම කිව්වා. ඒකි හිත වෙනස් කරන්නේ නෑ.. උඹටම විතරයි මේක විසඳන්න පුළුවන්. උඹත් කොල්ලෙක් නේද? පොඩ්ඩක් හිතහන් උඹ මේ කරන වැඩේ ගැන"
ඔහු පුටුවෙන් නැගිට්ටේය. අපේ කතාව මෙතනින් ඉවරද? අප්සරාගෙයි මගෙයි කතාව මෙතනින් ඉවරද??
මම කෝපය, දුක මිශ්ර හැඟීමෙන් ඔහුට අවසාන වචනය කිව්වේ ආයාචනාත්මක ස්වරයෙනි. මේ තරම් අසරණ බවක් මගේ මුළු ජීවිතයටම දැනී නැත.
"මචං මට ඒකිව නැතුව ගියේ උඹ නිසා"
"නෑ මචන්, උඹට ඒකිව නැතුව ගියේ උඹ නිසා"
ඔහුගේ පෙප්සි වීදුරුව හිස්ව ඇත.
අප්සරා ආස පෙප්සි වලට නෙමේ, ස්ප්රයිට් වලට.
මෙපමණ වෙලා එළියට පනින්න වැර දරමින් සිටි කඳුළු බිඳුව අවසානයේ මා දෙනෙතින් මිදි පොළෝ තලය සිපගත්තේය.
Saturday, July 23, 2016
දික්කසාදය ; ඔච්චරටම අවුල්ද?
"මුං දෙන්න දික්කසාද වුනා මදිවට එකට ස්ටේජ් නැගලා දරුවන්ටත් ලැජ්ජ කරනවා"
අතුල සමිතා දෙපල වෙන්වීමෙන් පස්සෙ මුලින්ම ස්ටේජ් නැගපු දවස් වල මගේ නැදෑකෙනෙක් කියපු කතාවක්. ඇයට පුළුවන් කමක් තිබ්බෙ නැහැ දික්කසාද වුන අතුල සමිතා එකම වේදිකාවක නැගලා මිනිස්සු විදියට හිනා වෙලා ඉන්න එක තේරුම් ගන්න.
මොකද, අපේ රටේ දික්කසාදය කියන්නෙම කුණුහරපයක්. අසාර්ථකත්වයේ සංකේතයක්. දික්කසාදයක් සිද්ධ වුනාම ඒක සලකන්නේ අදාල මනුස්සයාගේ ජීවිතයේ මකන්න බැරි කළු පැල්ලමක් විදියට. මොකක් හරි හේතුවක් නිසා දික්ක්සාද වුනාම එතනින් එහාට ඉතුරු වෙන්නේ ජම්මන්ත වෛරක්කාරයෝ දෙන්නෙක් මිසක තේරුම් ගැනීමන් ක්රියාකරන මනුස්සයො දෙන්නෙක් නෙමේ.
"ඔය දියුණුයි කියන රටවල දික්කසාද හරිම වැඩියි. ඒකට අපේ සංස්කෘතිය.. අපි ඉන්නෙ උන්ට වඩා සෑහෙන ඉස්සරහින්"
ඔය වගේ කතා පදනම් වෙන්නෙ දික්කසාදයෙන් විවාහ ජීවිතයක සාර්ථකත්වය මනින්න පුළුවන්ය කියන සිතිවිල්ල මත. ඇත්තටම දික්කසාද වීම හෝ නොවීම කියන කාරණය මත එහෙම සාර්ථකත්වය මනින්න පුළුවන්ද?
අපේ වගේ රටවල තවමත් ගැහැණිය කියන්නෙ පුරුෂයා මත යැපෙන්නෙක්. පුරුෂයා කියන්නෙ හැම වෙලේම වගේ නොඉඳුල් ගෑණියෙක් බලාපොරොත්තු වෙන කෙනෙක්. දික්කසාදයකින් අවසන් වුන විවාහයකින් පස්සෙ තමාට යැපෙන්න තවත් පිරිමියෙක් හොයාගන්න තියෙන අපහසුකම, සමාජ අපවාදයට මුහුණ දෙන්නට තියෙන නොහැකියාව, දරුවන්ගේ ප්රශ්න වැනි නොයෙකුත් දේ නිසා දික්කසාදයට නොයා ජීවිතය විඳවමින් දුක් කම්කටොලු රාශියක් දරාගෙන නිකන්ම කාලයට ගෙවිල යන ජීවිත කීයෙන් කීයක් අපේ රටේ විතරක්ම තියෙනවයි කියලද?
දික්කසාදය කියන සංකල්පය ඇතුලෙම තියෙන්නෙ එක්කෙනෙක්ට අනිකා නැතුව ජීවත් වෙන්න තියෙන හැකියාව පිළිබිඹු කිරීමක්. එතන තියෙන්නෙ වැඩිහිටියෙක් විදියට තමාගේ ජීවිතය ගැන ඇගයීමේ හැකියාවක්.. සත්යයට මුහුණදීමේ හැකියාවක්.. මහ පොළව මත පය ගහල ජීවත් වෙන්න තමාට හැකි බව කියවෙන පුද්ගලයෙකුගේ ආත්ම ශක්තියේ ප්රකාශනයක් වගේම පුද්ගලයෙක් විදියට පෙන්නුම් කරනා ස්වාධීනත්වයක්..
ඒ අතින් බලද්දි දුක්ඛිත කසාද ජීවිත අස්සෙ හිර වෙලා ඉන්න අපේ ස්වාධීනත්වය ගැන ප්රශ්නයක් ඉතිරි වෙනවා.
වෙන රටවල අවුරුදු 16-18 ගත වෙද්දිම සුළු හරි රැකියාවක් කරමින් ස්වාධීන ජීවිත වලට පය තබන තරුණ පරපුරකට සාපේක්ෂව අපේ රටේ ඉන්නෙ ඒ වයසෙදි අම්මගෙන් සල්ලි ඉල්ලගෙන පියාගෙන් අවසර අරගෙන තමාගෙ වැඩ කරගන්න සිද්ධ වෙලා තියෙන දෙමව්පියන් මත යැපෙන තරුණ පරපුරක්. කොටින්ම මෙතනදි විවාහය, පවුල් ජීවිතය පමණක් නෙමේ දික්කසාදය පවා තීරණය වීමේ මූලික භූමිකාවක් දෙමාපියන් රඟපානවා.
ඒ අතින් අපි ස්වාධීන නැහැ. ඉතින් ස්වාධීන තීරණ ගන්න විදියක් නැහැ අපි යැපෙන්නො... විවාහයෙන් පස්සෙත් එකිනෙකාගෙන් තොර පැවැත්මක් ගැන හිතන්නවත් බැරි යැපෙන්නො !
ඉතින් ඔහොම කුජීත සිස්ටම් එකක් අස්සෙ ඉඳගෙන තමයි අපි දික්කසාද රේට් එකෙන් අපේ සාර්ථකත්වය කියවන්න හදන්නෙ. නමුත් ඒ කියවීම අස්සෙ අපි අපිවම රවට්ටා ගන්න බව තමයි ඒක අස්සෙ හැංගිලා තියෙන ඇත්ත කතාව !

Monday, July 11, 2016
බූට් කෑමේ නිවැරදි ක්රමය
කෙල්ලෙක් කොල්ලෙක්ට බූට් එකක් තිබ්බොත් හෙවත් ආදර සබඳතාවයකට නැවතීමේ තිත තිබ්බොත් ගොඩක් අය ඒක සලකන්නෙ මහා සහගහන අපරාධයක් විදියට.
කොල්ලෙක් කෙල්ලෙක්ට බූට් එකක් තිබ්බත් එහෙමයි.
කට්ට කාලා කාලා අමාරුවෙන් යාලු කරගෙන, ගෙදර ඈයන්ගෙන් ගේම ඉල්ල ඉල්ල අමාරුවෙන් කරගෙන ගිහින්, අතේ තියෙන තුට්ටු දෙක හිඳෙනකන්ම වියදන් කරල, හීන දාහක් තියන් කරපු ප්රේමවන්තයා/ප්රේමවන්තිය එකපාරම බූට් එක තිබ්බොත් එහෙම දේකට කොහොමද මූණ දෙන්නෙ?
ගොඩක් අය වරද්දගන්න තැනක් තමා මේක. මගේ දැනීමේ හැටියට ගොඩක් අය බූට් එක කන්නේ මෙහෙමයි..
අපේ කොල්ලො (හැමෝම නෙමේ) කරන්නේ මුලින්ම කෙල්ලව ශේප් කරගෙන ආයෙ යාලු කරගන්න උත්සාහ කරන එක. අන්තිමට ඕක කෙල්ලට වාතයක් වෙන තත්වයටම පත්වෙනවා. කොටින්ම කියනවා නම් කෙල්ල පස්සෙන් බල්ලෙක් වගේ නැට්ට වන වන වැඳ වැඳ යන තත්වයටම පත්වෙනවා. ඒකත් හරි ගියේ නැති වුනාම ඕකෙ ඊලඟ ලෙවල් එක තමා ගේම ඉල්ලීමේ ලෙවල් එක. මරාගෙන මැරෙන්න සූදානම් වෙන පලිගැනීමේ ලෙවල් එක. යාලුවෝ දමා තමා එක දවසක් හරි ආදරේ කරපු ඒ කෙල්ලව චාටර් කරන ලෙවල් එක. මඩ ගහන, නම කැත කරන, තමාගේ සහ ඇගේ ලිංගික ජීවිතය ගැන අනිත් අයට කිය කිය, ඇගේ අලුත් පෙම්වතාගේ ජීවිතයට තර්ජනය කර කර, වෙඩින් ගන්න දෙන්නේ නෑ කියල තර්ජනය කරන ලෙවල් එක. ෆොටෝ තියෙනව නම් ඒව දාල කෙල්ලගේ නමින් ෆේක් අකවුන්ට් එකක් හදල ඒකෙන් මෝඩ චූන් ගන්න ලෙවල් එක. ෆේස් බුක් එකේ බූට් ස්ටේට්ස්, බූට් ෆොටෝස් දමමින් අන් අයගේ අනුකම්පාව සහ අවධානය හිඟාකන ලෙවල් එක...
ඊට පස්සේ ආයෙ කවදාවත් ලව් කරන්නේ නෑ, කෑලි දාගන්නේ නෑ, දාගත්තත් සිරා කරන්නේ නෑ කියල තමා තමාටම පොරොන්දු වෙනවා.අන්තිමට මාස දෙක තුනක්, අවුරුද්දක් ගිහින් කෙල්ල අමතක වුනාම වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙනවා.අවුරුදු කිහිපයක් ගිහින් ඒ කෙල්ලව බැඳල ඒකි එක්ක පාරෙ යද්දි අර පරණ කෙල්ලව මුහුණට මුහුණ හම්බුනාම පොලව පලාගෙන යන්ඩ හිතෙනවා තමා වැඩවල හැටියට ඒ කෙල්ලගෙ මූණවත් කෙලින් බලන්න බැරි නිසා.ලමයෙක් දෙන්නෙක් හම්බෙලා තාත්තෙක් වුන දවසට අර පරණ නැට්ට වනපු සීන් මතක් වෙද්දි තමාට තමා ගැනම ලැජ්ජ හිතිල අනේ මම වගේ ගොනෙක් කියල හිතෙන තත්වයටම පත්වෙනවා.
ඕක තමයි බොහෝ අය බූට් එක කන විදිහ.
මේ කට්ටිය සහ මේ තත්වයට පත්වෙන්න ඉන්න කට්ටියට (ඉදිරියේදී බූට් කන්න ඉන්න කට්ටියට) බූට් තැබීමේ අයිතිය ගැන මගේ අදහස් ඉදිරිපත් කරන එකයි මේ සටහනේ අරමුණ.
බූට් එකක් තියන එක හෙවත් ආදර සම්බන්ධයකට නැවතීමේ තිත තියන එක ඔයතරම් වැරදි දෙයක්ද?
වැඩිවියට පැමිනුණ දින සිට නොයෙකුත් හේතු නිසා තරුණ තරුණියන් අතර ඇතිවන ආදර සම්බන්ධකම් සෑම විටම විවාහයෙන් කෙලවර වෙන්නේ නෑ, එහෙම වෙන්න ඕනත් නෑ...
..ආකර්ශනය නිසා හරි වෙනයම් හේතුවක් නිසා හරි ඇතිවන මේ සම්බන්ධතා බිඳ වැටීම සාමාන්ය දෙයක්. තරුණයෙක් සහ තරුණියක් ආදර සම්බන්ධතාවක් පටන් ගත්තයින් පස්සෙ එකිනෙකා තේරුම් ගැනීම සිදුවනවා. මේකට අනිවාර්යෙන් කාලය ගතවනවා. එහෙම කාලය ගතවූවායින් පස්සෙත් කෙනෙක් සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට බැරි වුනත්, තමාගේ අවශ්යතා, උවමනා, සහ වටිනාකම් වලට තම සහකරුවා හෝ සහකාරිය ගැලපෙනවාද නැද්ද යන්න තීරණය කිරීම සම්බන්ධතාවය පවත්වාගෙන යන දෙදෙනාගේම අයිතියක්. ගොඩක් වෙලාවට මේ තීරණය හිහෝ නිරායාසයෙන් හරි නොදැනුවත්වම හරි සිදුවන්නේ. මුල් කාලයේ ආදරයෙන් තේරුම් ගැනීමෙන් ගෙන ගිය සම්බන්ධතාවය කල්යත්ම වෙනත් ස්වභාවයකට පත් වෙන්න පුළුවන්. මේ තත්වයට වුනාම තමාගෙ උවමනා සහ වටිනාකම් වලට නොගැලපෙන කෙනෙක් සමඟ අනුකම්පාව නිසා හෝ සමාජය ඉදිරියේ පත්වන ලජ්ජාව නිසා හෝ දිගටම සිටීම තමාට මෙන්ම තම සහකරුවා/සහකාරියටත් කරන අසාධාරණයක් නෙමේද? එහෙම ඉන්න යුවලක් විවාහ ජීවිතයට ඇතුලත් වුනොත් ඒ සම්බන්ධතාවය සාර්ථක වෙන්න වඩා අසාර්ථක වීමට හැකියාව ඉතා වැඩි ඉඩක් තිබෙනවා නේද? එය විවාහයෙන් පසු තමා බිහි කරන ලමයින්ට කරන අසාධාරණයක් නෙමේද?
ආදර සම්බන්ධතාවයේ යම් අවස්ථාවක තම සහකරුවාට/සහකාරියට ඇති ආදරය, ආකර්ශනය නැති වී ගොස් ඒකාකාරී, නිරස ස්වභාවයකට පත්වුනහොත් ඒ බව තම සහකරුවාට/සහකාරියට දැනුම් දී තීරණයක් ගැනීම වැඩිහිටියක් විදිහට කල යුතු වගකීමක් මිසක වැරැද්දක් නෙමේ. තම වෙනස් කම්, නොගැලපීම් සාකච්ඡාවෙන් විසඳා ගැනීමට උත්සාහ කිරීමෙන් පසුව හෝ එසේ නොමැතිව හෝ සම්බන්ධයට නැවතීමේ තිත තැබීම දෙදෙනාගේම අයිතියක්.
මගේ පුද්ගලික අදහස නම් සහකාරියක් විසින් ප්රේම සම්බන්ධයක් නැවතීමට තීරණයක් ගෙන ඒ ගැන කතා කිරීමට හෝ අකමැති නම් එයත් ඇයගේ අයිතියක් බවයි. කෙනෙක් සමග දිගටම සම්බන්ධතාවය ගෙනයාමට අකමැති වීමම ප්රමාණවත් විය යුතුයි ඒ සම්බන්ධය නැවතීම සඳහා. නැතුව තමාගේ තීරණයට හේතු ඉදිරිපත් කිරීම හෝ වග උත්තර බැදීම බලෙන් කරන්නට යෑම තේරුමක් නැති දෙයක් විදිහටයි මම දකින්නේ. මෙහිදී සමාජය විසින් මේ දෙස බලන විදිහ අනුමත කල නොහැකියි. උදාහරණයක් විදිහට සම්බන්ධය නැවැත්වූ තරුණිය ටික කාලයකට පසු වෙනත් පොහොසත් තරුණයෙක් හෝ වඩා කඩවසම් තරුණයෙක් සමඟ හෝ ආදර සම්බන්ධයක් පටන් ගත්තොත් සැමදෙනා ඇය දෙස බලන්නේ වපර ඇසින්. නමුත් සිදු වුනේ මම කලින් සඳහන් කල දෙය නොවේද? ඇයගේ අවශ්යතාව, උවමනාව, සහ වටිනාකම් වලට ගැලපෙන කෙනෙක් ඇය විසින් තෝරාගනු ලැබුවා. තමාගේ ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගැනීම ඇයගේ අයිතියක් පැහැදිලිවම.
ඒ අවස්ථාවේ තමා කැපකල කාලය, ශ්රමය, මුදල්, තම සිහින වැනිදේ තමාට අහිමි වූ නිසා ලොකු නාස්තියක් අපරාදයක් ලෙස පෙනුනත් දීර්ඝ කාලීනව සිතා බැලීමේදී සිදුවුනේ ඉතාම හොඳ දෙයක් බව සක්සුදක් සේ පැහැදිලියි. මෙවන් අවස්ථාවල හැකිතර්ම් බුද්ධියෙන් කටයුතු කිරීමයි කල යුත්තේ. ජීවිතයට හොඳ අත්දැකීමක් කර ගැනීමයි කල යුත්තේ.මගෙ අදහස නම් අදාල තරුණයා සතුටු විය යුතුයි තරුණිය ඒ තීරණය ගැනීම ගැන. නැතහොත් විවාහයෙන් පසු තමාට සැපිරීමට නොහැකි ඇයගේ ආශාවල්, අවශ්යතා නිසා දෙදෙනාගේම ජීවිත මෙන්ම දරුවන්ගේ ජීවිතද අපායක් වීමට තිබුන අනාගතය අර තරුණියගේ තීරණය හේතුවෙන් වැලකී ගිය නිසා. සිදු වූයේ බූට් තැබීමක් හෝ අවමන් කිරීමක් නොව දෙදෙනා හෝ දෙදෙනාගෙන් එක් අයෙක් විසින් අනෙකා තේරුම් ගෙන වැඩිහිටියෙක් සේ ගත් තීරණයක්. ඉතින් මෙවන් අවස්ථාවක කල යුතු වන්නේ දෙදෙනාම වැඩිහිටියන් විදියට හැසිරීමයි.
හදවතින් තීරණ ගැනීම කියා දෙයක් නෑ. සෑම විටම ජීවිතයේ තීරණ බුද්ධිමත්ම ගැනීමට උත්සාහ කල යුතුයි. හදවතින් තීරණ ගැනීම යනු බුද්ධිය පාවිච්චි කරන්නෙ නැතුව හැඟිම් වලට වහල් වී ගන්නා අනුවණ තීරණ හැඳින්වීමට මිනිසුන් සාදාගත් නමක් විතරයි
ජීවිතයේ යාථාර්තයට මුහුණ දීමට වැඩිහිටියන් ලෙස අපි සියල්ලන් සූදානම් විය යුතුයි. ඒක කරන්න බැරි කෙනෙක් ආදර සම්බන්ධයක් පවත්වාගෙන යාමට, විවාහ වීමට, දරුවන් බිහි කිරීමට සුදුසු කෙනෙක් නෙමේ.
මෙවන් අවස්ථා මෙන්ම ජීවිතයේ අනෙක් සෑම අවස්ථාවකදීම මුහුණ දෙන්නට සිදුවන මිහිරි සහ අමිහිරි අත්දැකීම් තුලින් පන්නරයක් ලබාගෙන ජීවිතය ජය ගැනීමට අධිෂ්ඨාන කරගැනීමයි කල යුත්තේ. පසු කාලයේදී තමාට තමා ගැනම ලජ්ජාවන අයුරින් එවන් අවස්ථා වලදී හැසිරීම නොවේ.
- වසර දෙකකට පමණ පෙර ලියූ පැරණි සටහනකි.

Thursday, May 5, 2016
ඔයා මට ඇත්තටම ආදරෙයිද?
“ඔයා මට ඇත්තටම ආදරෙයිද?”
ඇය මගෙන් අහනවා. ඇය බලාපොරොත්තු වෙන පිළිතුර මම දන්න නිසා ඒ පිළිතුරෙන් මම ඇයව සනසනවා
“ඔව්, මම ඔයාට ඇත්තටම ආදරෙයි”
ඇය මඳ සිනහවක් නඟමින් මට තුරුළු වෙනවා.
මම ඇයට ආදරෙයි. ඇය ගැන මගේ හිතේ තියෙන හැඟීමට ආදරය කියල කියන්න මම කැමතියි.
ඒත්, මොකක්ද මේ ඇත්තම ආදරය?
පොහොසත් පවුලක තරුණියක් තමාගේ විවාහක සැමියා ඉඳිද්දි අහම්බෙන් හමුවෙන දුප්පත් කොල්ලෙක් එක්ක ආදරයෙන් වෙළෙනවා. ඇයගේ පොහොසත් සැමියා නොදුටු ඇයගේ ජීවිතයේ තිබුන ලොකු හිඩසක් ඒ දුප්පත් තරුණයා පුරවනවා. ඇය තමාගේ නීත්යානුකූල සැමියාට පිටුපාලා ඇයගේ ජීවිතය, ආත්මය ඔහුට පූජා කරනවා.
ඒ තරුණියගේ කතාව,
දුප්පත් තරුණයෙක්ට හමුවෙනවා තරුණියක්ව. ඔහු දැනගන්නවා ඇය සිත් තැවුලෙන් ඉන්න බව. ඒ සිත්තැවුලට ඔහු මොහොතකදී සුවයක් ලබාදෙනවා. තාවකාලිකව වුනත්, අවංකවම. පසුව ඔහු දැනගන්නවා ඇය විවාහපත් බිරිඳක් බව. ඇයට ආදර බර සැමියෙක් සිටිනා බව. සහ, ඇයගේ සැමියා තරුණ ධනවතෙක් බව. ඒත් ඔහු ඒක ඇය ගැන ඔහු තුළ ඇතිවන ආදරයට බාධාවක් කරගන්නේ නෑ. ඔහු මොහොතින් මොහොත ඇයත් සමඟ ආදරයෙන් වෙළෙනවා.
ඒ තරුණයාගේ කතාව.
ඒ තරුණයා සහ තරුණිය අතර ඇතිවෙන මානුෂීය බැඳීම ඇත්තම ආදරයද? අපේ ඔලුවේ නිර්මාණය වෙලා තියෙන සැබෑ ආදරය කියන ආකෘතියට ඔවුන්ගේ සබඳතාවය පෑහෙයි ද?
බොහෝ වෙලාවට ඔය වගේ ජීවිත වලට අපි අලවන්නේ ‘සැබෑ පෙම්වතුන්’ වගේ ලේබලයක් නෙමේ. ඒ වෙනුවට ‘වනචරකම’, ‘සල්ලි වලට තියෙන කෑදරකම’ වගේ ලේබලයක් අලවයි. නැත්නම් ‘වේසියෙක්’, ‘සල්ලාලයෙක්’, ‘අවස්ථාවාදියෙක්’ වගේ ලේබල වලින් අපි ඔවුන්ට දමල ගහයි.
මොකද, අපි හැම කෙනාගෙම ඔලු අස්සේ තියෙනව කවුරු හරි විසින් මවලා දීලා අපේ ඔලුවල තැන්පත් කරපු සැබෑ ආදරය කියල සංකල්පයක්.
අපි කරන්නේ අපේ ඔලුවේ තියෙන මේ සැබෑ ආදරය කියන ආකෘතිය හැම තැනම හොයන එක. අපි එකිනෙකා අත්දකින ආදරය, ජීවිතයේදී අපි අනික් මිනිස්සුන් තුළින් දකින ආදරය, මේ සැබෑ ආදරය කියන සංකල්පයත් එක්ක සසඳලා බලන එක.
ඒ අනුවයි ඒ තරුණයාගේ සහ තරුණියගේ ආදරයට කවදාවත් අපි සැබෑ ආදරය කියන්නේ නැත්තේ. මොකද ඔවුන්ගේ ආදරය, අපි දකින ආදරයේ ආකෘතියට වඩා සෑහෙන දුරස් නිසා.
ඒත්, අපි මහපොළවෙදි ප්රතික්ෂේප කරන ඒ මානුෂීය සම්බන්ධය අපි සිනමාවේදී ආදරයෙන් වැළඳගත්තා.
ඔය කිව්ව තරුණයා සහ තරුණිය සිනමාවේදී අපට හමුවුන දෙදෙනෙක්. එතනදි ලෝකයම ඔවුන්ගේ ආදරය දෑත් දිගුකරල පිළිගත්තා. ඔවුන් වෙනුවෙන් කඳුළු සැලුවා.
සිනමා තිරයේදී අපට හමුවුන ඒ තරුණයාගේ නම ජැක්.. තරුණියගේ නම රෝස්..
සිනමා තිරයක දිග හැරුන ඔවුන්ගේ ආදරයට බොහෝ දෙනා ආදරය කලත් මහ පොළවේදී ඒ ආදරය “සැබෑ ආදරය” කියලා අපි හිතන් ඉන්න සංකල්පය ළඟින්වත් තියයිද? අපි ආදරය කියන මිනිස් හැඟීමම කොච්චර සීමා දාලා, කොන්දේසි දාලා හිර කරලද?
අපි කිසිම වෙලාවක, ආදරයෙන් සැනසෙන්න..තෘප්තිමත් වෙන්න කැමති නෑ. අපිට ආදරය මදි.
ඒ හින්දා අපි ආදරයට කොන්දේසි දාලා, සීමා මායිම් දාලා, කපලා, කොටලා, මොඩිෆයි කරලා හදනවා ආකෘතියක්. අපි ඒකට අලවනවා ලේබලයක්,
සැබෑ ආදරය !
ආදරය ඉස්සරහින් “සැබෑ” කියල වචනයක් අපි තියන්නේ ඇයි?
ආදරයට නිකම්ම නිකන් ආදරය වෙන්න බැයිද?
හැම දේකම කොලිටියක් හොයන අපි ආදරයෙත් කොලිටියක් හොයනවා
ආදරය කියන හැඟීමට අපි කැමති අකමැති විදියට අර්ථ දැක්වීම් දීලා ඒ හැඟීම සින්නක්කරව ලියා ගන්න හදනවා. ඒක අයිතිකරගන්න හදනවා. ඒකේ හිමි, අහිමිකරුවන් තීරණය කරන්න හදනවා
“මල්සරා හී විදින්නේ ප්රේමවන්තයන්ට විතරලු
වනචරයන්ට විදින්නේ නෑලු”
ඔය කොහේදිද මංදා කණට වැටුන කථාවක්,
ඒ කතාවට අනුව ප්රේමවන්තයන්ට වනචරයන් වෙන්න බෑ, වනචරයන්ට ප්රේමවන්තයින් වෙන්න බෑ. වනචරයෙක් වුනොත් ඔහු ප්රේමවන්තයෙක් නෙමේ. ඒකයි අපි ප්රේමවන්තයාට, හදලා දීලා තියෙන රාමුව.
සමහරු සැබෑ ආදරය කියන සංකල්පය කොච්ච්ර ඔවුන්ගෙන්ම ඈත් කරගන්නවද කියනව නම්, ඒ තුල ඔවුන් රාගයටත් ඉඩක් දෙන්නේ නෑ.
රාගය විතරක් නෙමේ, වෛරය, ඉරිසියාව, කෝපය, සෙනෙහස, ආත්මාර්ථය.. මේ ඔක්කෝම හැඟීම් වල එකතුවක් වෙච්චි ආදරය පරම පිවිතුරු ෆැන්ටසියක් එක්ක සසඳන්න යන එකම උමතුවක් නෙමේද?
සැබෑ ආදරය කියන පරම පිවිතුරු සංකල්පය පස්සේ මිනිස්සු දුවනවා, හැම දෙයක්ම පස්සේ දුවන විදියටම. ඔවුන් බයයි තමා හොයන, දැන් තමාට ලැබෙන, තමා සැබෑ ආදරය කියලා හිතාගෙන ඉන්න ඒ ‘ආදරය’ සැබෑම ආදරය නෙමෙයිද කියල.
“ඔයා මට ඇත්තටම ආදරෙයිද?”
ඇය මගෙන් අහනවා,
“දන්නෑ. මොකද, මම දන්නෑ ඇත්තම ආදරය කියන්නේ මොකක්ද කියල”
ඒකයි මගේ උත්තරය. ඒත්,
සැබෑ ආදරය කියන සංකල්පය විසින් මට අවංකවෙන්න තියෙන අයිතිය නැති කරලා.
ඒ නිසාම සැබෑවට ආදරේද කියන ප්රශ්නයට මට දෙන්න තියෙන්නේ බොරු උත්තරයක්,
“ඔව්, මම ඇත්තටම ඔයාට ආදරෙයි”
Sunday, March 27, 2016
පණුවාටත් ඊරිසියයි මම
යාළු කරගෙන
ලස්සනම ලස්සන කෙල්ලෙක්ව
කැතම කැත කොල්ලෙක්
හොඳ ඇපල් කන්නෙම පණුවො !
අච්චර කැත පණුවා
යාළු කරගත්තා කෙල්ලව
පණුවෙක්ටත් කුඩා උඹව
ලස්සන කෙල්ලෙක්ට පෙනෙයිද?
බැරි වුනා උඹට
පණුවෙක්වත් තරම් වත් වෙන්නට
"ඵල ඇති රුකටමලු ගල් ගහන්නේ"
කතාව මතකද?
ගනිං මචන් ගල..
ගහපන් මචන් ගහට
හූල්ලපන් මචන් බලාගෙන
පණුවාටත් කරපන් මචන් ඊරිසියාව
Subscribe to:
Posts (Atom)
බුදුන් මැරීම
“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...
-
“කලාකාරයෝ කියන්නේ හරිම සංවේදී මිනිස්සු” ඒ කලාකරුවන්ගේ මුවින් නිතරම පිටවන වදන් පෙළකි. "අපි කලාව විකුණනෙ නෑ, මම කලාව කරන්නේ ම...
-
මෙය නිතර ඇසෙන ප්රශ්නයකි. මුලින්ම තේරුම් ගත යුත්තේ ලෝකයේ තේරුමක් ඇති ප්රශ්න සහ තේරුමක් නැති ප්රශ්න යනුවෙන් ප්රශ්න වර්ග දෙකක් ඇති බව...
-
ලසිත් මාලිංග කියන්නේ වෘතිය මට්ටමේ ක්රිකට් ක්රීඩකයෙක්. සිංහලෙන්ම කියනව නම් රස්සාවට ක්රිකට් ගහන මනුස්සයෙක්. ඒ මනුස්සයා (ඇතුළු රස්සාවට...
-
පොදුවේ මිනිස්සු අනිත් අය ගැන හිතන්න, අනිත් අයට උදව් කරන්න කැමති තමන්ගේ පැවැත්මට බලපෑමක් නොවන මට්ටමින් විතරයි. KFC එකට රෑ කෑමකට යන පවුලක...
-
මනුෂ්යයයෙකු සුළු දිය පහකරන්නේ සිට ගෙනද නැතිනම් ඉදගෙනද යන්න මත එම තැනැත්තාව උසස් හෝ පහත් ලෙස වෙන් කිරීම ඉතාමත් ප්රාථමික බෙදීමක් යැයි බ්ලොග්...