අපේ ගෙවල් පැත්තේ හෙණ මැරෑටි කොල්ලෙක් හිටියා.
මුගේ වැඩේම උගෙම මල්ලිට හැම වෙලේම නක්කලේ දාන එක, කෝචොක් දාන එක, ගහන එක.
ඉතින් මල්ලි දුවගෙන දුවගෙන ගිහින් හැම වෙලේම අම්මගේ ඇඟේ තමා එල්ලෙන්නෙ.
"අනේ අම්මේ, අයියා මට ගහනවනේ" කිය කිය.
ඉතින් මේ මැරෑටි කොලුවට මල්ලිව පේන්න බෑ. අම්මව පේන්නත් බෑ. ඇයි, මූ බයයි මල්ලිගේ කේලං අහලා අම්මා මූට අම්බානට නෙළයි කියල.
ඉතින් මූ අම්මා එක්කත් ගේම. මොකද මල්ලිගේ පැත්ත අරං අම්මා මූට බනින නිසා.
"අනේ බොල තෝ වගේ පොන්නයෙක්. හැමදේම අම්මටම ගිහින් කිය කිය අම්මගේ රෙද්ද අස්සෙම හැංගෙනවා"
මල්ලිට ඌ කියන්නෙ එහෙම.
පස්සෙ පස්සෙ වයස යද්දි මල්ලි ඇඟින් පතින් ලොකු වෙලා මූට වඩා සෑහෙන හැඩි දැඩි උස මහත තරුණයෙක් වුනා.
දැන් මූ මල්ලි ඉස්සරහා පදිරි. කලින් වගේ මූට මල්ලිට පාර්ට් දාන්න විදියක් නෑ.
මල්ලි කාරයා කරන්නේ පරණ සීන් අල්ලලා මූට කෙළින එක. පරණ ඒවයේ රිටර්න් එක මූට දෙන එක.
සරලවම කියනවා නම් උගේ බේත් ඌටම දෙන එක.
මොකද මල්ලි තමා දැන් පොර වෙලා ඉන්නෙ.
ඉතින් අර අසරණ වුන මැරෑටි කොල්ලා කරන්නේ බොරු අහිංසක මූණක් දාගෙන මල්ලි ඉස්සරහා හොඳ බබා වෙන්න හදන එක.
දවසක් මල්ලිට මලම පැනලා මූට නෙලලා කණේ පාරක් ආයේ චූ යන්නම.
අනේ ඉතින් මු කරලා තියෙන්නේ අර මල්ලි කලින් කලා වගේම අම්මා ළඟට ගිහින්.
"අනේ අම්මේ, මල්ලි මට ගහනවනේ. හරිම අසාධාරණයිනේ. අම්මවත් මේක බේරලා මට සැනසිල්ලෙ ඉන්න හදල දෙන්නකෝ"
කියල අම්මගේ ඇඟේ එල්ලිලා හොටු පෙර පෙර අඬන එක.
කලින් මූ මල්ලිට පාර්ට් දාද්දි මල්ලි අම්මගේ ඇඟේ මල්ලි එල්ලෙද්දි මූ මල්ලිට "පොන්නයා" කිව්ව හැටිවත් "අපේ ප්‍රශ්න අපි විසඳගමු" කිව්ව හැටිවත්, මල්ලිගේ කේලම් අහන නිසා අම්මා එක්ක ගේමෙන් හිටිය හැටිවත් මූට දැන් මතක නෑ.
දැන් ඉතින් මේ අසරණ මැරෑටියට අම්මගේම පිහිට තමයි.
ඒත් ගමේ උන් නම් කියන්නේ මූට හොඳ වැඩේ කියල.
මොකද ගමේම උන් දන්නවා මූ පොඩි කාලේ පාර්ට් දැම්මට පොල්කට්ටක් පිරෙන්න චූ කරගන්න තරම්වත් හයියක් නැති හුජ්ජ කොල්ලෙක් කියල.
දැන් මූ අම්මගෙ රෙද්ද අස්සෙ රිංගන්න දඟලනව දැක්කම ගමේ උන් නම් කියන්නෙ
"පව් ඉතින්, කාගෙ වුනත් අසරණ දරුවෙක්නෙ"
කියල තමා.

All in a nutshell!
ReplyDelete:)
Deleteහා හා හා නාමල් මල්ලි ගෙ ට්විටර් එක දැකල මමත් ට්විටර් එකේ නාමල් මල්ලිව ෆලෝ කරන්න ගත්ත කාල බීල ඉන්න වෙලාවක ජෝක්ස් ටිකක් කියවන්න.
ReplyDeleteපව් අප්ප. කාගෙ උනත් අම්මෙක් ගෙ ළමයෙක් නේ..!!
😜😜😜😜
තාත්තගෙම පුතා බං.
Deleteබේබි පවු බං. කොහොම හිටපු උන්ද අම්මපා...
ReplyDeleteකියල වැඩක් නෑ.
Deleteරිමාන්ඩ් හිටපු එකාට ඕවා දාන්න අන්තර් ජාල පහසුකම් ආපු හැටිත් අහලා කියපන්කෝ
ReplyDeleteඅපි ඒ ප්රශ්නය පොලිස් මාධ්‍යය ප්‍රකාශකතුමාට යොමු කරමු ;)
Deleteඅන්න පුතේ sarcasm
ReplyDeleteඒක පට්ට
Ela
Deleteරහ කතාව
ReplyDeleteපව් අසරණයා....දුකයි...:(
ReplyDelete