Wednesday, December 6, 2017

බුදුන්ගේ ඇත්ත රූපය මොන වගේද?


 
 
යම් රූපයකින් බුදුන්ගේ හරි ජේසුස්ගේ හරි රූපය විකෘති වෙනවාය කියලා චෝදනා කරනවා නම් එතනදි අහන්න වෙන ප්‍රශ්නය තමයි එහෙනම් විකෘති නොවූ ප්‍රකෘති රූපය මොකක්ද කියන එක.

ඒ කාලයේ බණ කිව්ව ගෞතම බුදුන්ගේ සැබෑ රූපය මොන වගේද කියල හිතුවොත් මැදිවයසේ.. ඒ කියන්නේ අවුරුදු පනහක හැටක, තලත්තෑනි වෙච්චි, බාගෙට වැවුන සුදු රැවුලක් තියෙන, අව්වට අවපැහැ ගැන්වුන සමක් තියෙන, කුදු වෙච්චි, වයසට යමින් තියෙන මැදිවයසේ මනුස්සයෙක්ගේ රූපයක් තමා මැවෙන්නෙ.

නමුත් දැන් ගෞතම බුදුන්ගේ රූපය විදියට ඔහුගේ භක්තියන්ට මවල දීල තියෙන්නෙ ඒ විදියේ ස්වභාවික රූපයක් වෙනුවට අසාමාන්‍යය රූපයක්.

ඇත්තම කිව්වොත් දැන් බෞද්ධ බැතිමතුන් ගෞතම බුද්ධ කියල හිතේ මවාගෙන ඉන්නෙ උඩට කරල කොණ්ඩය බැඳගෙන ඉන්න, පැහැපත් සමක් තියෙන, චූටි නහයක් තියෙන, රෝස පාට තොල් තියෙන, සිහින් ශරීරයක් හිමි අවුරුදු දහසයක විතර තරුණියකගේ රූපයක්.

ජේසුස් ක්‍රිස්තුස් ගත්තත් කර්කශ පරිසරයක ජීවත් වුන යුදෙව් තරුණයෙක් වෙනුවට ඔහුගේ බැතිමතුන් හිතේ මවාගෙන ඉන්නෙ සිහින් නහයක් තියෙන, සියුමැලි පෙනුමක් තියෙන සුදු ජාතිකයෙක්ව.

ඔය ගෞතම බුද්ධ සහ ජේසුස් ‍ක්‍රිස්තුස් කියන චරිත දෙක ඇත්තටම ජීවත් වුන පුද්ගලයින් දෙදෙනෙක් නම්, ඔවුන්ගේ ඇත්ත රූපයට වෙනස් රූපයක් නිර්මාණය කිරීම ඔවුන්ට කරන අපහාසයක් නම්,

ඔවුන්ට ලොකුම අපහාසය කරන්නේ අවුරුදු දහසයක විතර ලිප්ස්ටික් ගාගෙන කොණ්ඩේ බැඳල ඉන්න කෙට්ටු තරුණියකගේ පින්තූරයි, රවුල වවාගත්ත කෙට්ටු සුදු ජාතිකයෙක්ගේ පින්තූරයි තමන්ගේ ගෙවල් වල සහ ආගමික සිද්ධස්ථාන වල ගහගෙන ඉන්න ඔවුන්ගේම බැතිමතුන් විසින්ම මිසක් වෙන කවුරුත් නෙමේ.

ගෞතම බුද්ධ සහ ජේසුස්ගේ රූප විකෘති කරලා අපහාස කරන්න එපාය කිය කිය ඒකම කරන ඔවුන් දෙපළගේ බැතිමතුන් එහෙම කිව්වට ඇත්තටම ඔවුන් එයින් අදහස් කරන්නේ,

"අපේ ආගමික නායකයාය කියල අපි හිතේ මවාගෙන ඉන්න රූපයට වඩා වෙනස් විදියේ රූපයක් අඳින්න තොපි කාටවත් අයිතියක් නෑ යකෝ.. අපේ ආතල් කුඩු කරන්න එපා යකෝ.. අපිට මල පනිනවා යකෝ.. අපිට අවුල් යකෝ.. දුකයි යකෝ.. ඇඬෙනවා යකෝ.. ආතල් කඩන්නෙපා යකෝ...." වගේ කතාවක්.

ඒත් ඉතින් කාගෙවත් ඔලුවේ මවාගෙන ඉන්න ෆැන්ටසි චිත්‍ර සහ ෆැන්ටයි ලෝක කඩන්න එපා කියල වටේ ඉන්න අනිත් මිනිස්සුන්ගෙන් ඉල්ලන එක සාධාරණ කතාවක් නෙමේ, කාගෙවත් ක්‍රියාවල් වලින් තමාගේ ආගම ඇදහීමේ සහ ආගමික වතාවත් වල නිරත විමේ අයිතියට අභියෝග නොවනතාක්.

ඒ නිසා මේ වගේ දේවල් වලදි මම පුද්ගලිකව යෝජනා කරන දේ තමා මේ වගේ අදහසක් අනුගමනය කරන්න කියන එක,

"ඔයාගෙ ආගමික නායකයාගේ විකෘති කරන ලද රූපයක් කියල ඔයා හිතන රූපයක් දැක්කොත්, මලපන්නගන්න එපා, ඔෆෙන්ඩ් වෙන්න එපා. උපේක්ෂාවෙන් ඒ දෙස බලන්න. මෛත්‍රී කරන්න. ප්‍රේම කරන්න. සමාව දෙන්න. තේරුම් ගන්න. ඉවසන්න. ඔබට සැනසීම ලැබෙනු ඇති"

ඒ මම කිව්වෙ ඉතින් ඔය දෙපිරිසගෙ ආගමික නායකයන් විසින් ඒ අයට කරන්නය කියල කියපු දේම තමයි. ඒකෙ වැරැද්දක් නෑනෙ නේද? :)

.
.
.

ප/ලි - අල්ලා සහ නබිගේ රූප මොනම ආකාරයට නිර්මාණය කලත් එයට ඉස්ලාම් භක්තිකයන් විසින් විරුද්ධ වෙන නිසා තමන්ගේ ආගමික නායකයන්ගේ රූප "විකෘති කිරීමේ" චෝදනාව ඉස්ලාම් භක්තිකයන්ගෙන් එල්ල වීමක් සිද්ධ වෙන්නෙ නෑ. මොනව විදියට නිර්මාණය කලත් ඒකට ඉස්ලාම් භක්තිකයන් විරුද්ධ වීම ගැන වෙනම කතා කල යුතුයි.

19 comments:

  1. බුදු පිලිම/චිත්‍ර හිස කෙස් සහිතව නිර්මාණය කිරීමට හේතුව මොකක්ද? සැරියුත් මුගලන් පිලිම/චිත්‍ර හිස මුඩු කරල නේද ?

    ReplyDelete
    Replies
    1. ඒ ග්‍රීක ආභාසය (Hellenistic art) නිසා. සාන්චි පිලිම බලන්න. සිවුරත් ග්‍රීක චිතොන් වලට සමානයි.

      Delete
    2. පස්සෙ කාලෙකදි ස්ටෑන්ඩර්ඩ් හැදෙනවනෙ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියල. ඒ අනුව තමයි ඔය කෙස් අඳින්නෙ...

      Delete
  2. තමුසෙගේ මොලේ වැඩියි,
    ඒකයි ඔය හැම ප්‍රශ්ණයක්ම.
    ඔය මොලේ බරට ඔයාගේ හදවත තැලිලා රොටිය වගේ වෙලා.
    මොළය කියන්නේ විශාල ශක්තියක් වැයවන අවයවයක්.
    ඉතින් මොලයට අවශ්‍ය අපලවා පුළුවන් තරම් රස කෑම කවා ගන්න.
    ඉතින් සත්‍යාවබෝධය ලබන්න නම් අපි මොලය ගලවලා විසිකරන්න ඕනේ.

    බුදුහාමුදුරුවන්ට නම් මොලේ නෑ.ඒනිසා එතුමගේ හදවත විශාලයි.
    මොලේ තියෙනවා නම් දේවදත්ත වගේ අය ලඟට ගන්නවද?

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක තේරුම් ගන්න මොළය ගලවලා අයින් කරන්න වෙයි මයෙ හිතේ

      Delete
  3. ලංකාවේ පළවෙන බුද්ධාගම් පොත් වල සිදුහත්ලා ඛුදුන්ලා Indianකාරයින් වගේ උනාට තායිවාන් පොත්වල චීන්නුවගේ ය.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු දෙවියන්ව නිර්මාණය කරන්නේ තමන්ගේ ස්වරූපයෙන්ය කියල කතාවක් තියෙනවනෙ

      Delete
  4. බුදු හාමුදුරුවන්ගෙ චිත්‍රයක් හෝ පිලිමයක් උන්වහන්සේ පිරිනිවන් පාලා වසර සිය ගනනක් යන තුරු තිබුනේ නෑ කියනවනේ.

    ඉතින් ඊට පසු යුගයේ මිනිසුන් බුද්ධ රූපය නිර්මානය කරන්න ඇත්තේ නර සීහ ගාථා වල තියෙන ලක්ෂන එකතු කරලා. කෙනෙකුගේ රූපය උපමා ඇසුරින් වර්නනා කරන කොට කෙනෙක් ඒ උපමා එකතු කරල රූපයක් ගොඩ නැගුවොත් මොකක් හැදෙයිද?
    ඒ තරම්ම අන්තයට නොයා ඒත් ඒ විස්තර වන ආකාරයේ සම්මත රූපයක් තමයි ගොඩ නගල තියෙන්නේ.
    අනික ඉතින් ඉන්දියානු චිත්‍රවල ඉන්දියන් කාරයෙක් වගේ ඉන්න බුදු හාමුදුරුවෝ චීන චිත්‍ර වල චීනෙක් වගෙයි. තායි ඒවායේ තායි මිනිසෙකුගේ රූපය තමයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. උඩ රසියකට දාපු කමෙන්ට් එකම තමා ඔයාටත් :)

      Delete
  5. ඕක අලුතෙන් කියන ඔන නෑනේ. ක්වුරුත් ඕක දන්නවා, දැන් උදාහරණයක් හැටියට ජේසුස් නත්තල් දවසෙ ඉපදුනෙ නැති බව ඓතිහාසික සත්‍යයක්. ඒ වගේම 21 සියවස පටන් ගට්ටෙ 2001 බව හැමෝම දන්නවා. ඒත් මිනිස්සු සමාජ සම්මුතීන් තුල යම් යම් දේවල් සමරන්නෙ භක්තිය වගේ දේවල් පෙරදැරි කරගෙන. බුදු පිලිමයෙන් නිර්මාණය කරන්නෙ බුදු හාමුදුරුවොම නෙවෙයි. ඔහු වදාල ධර්මයේ තියන ෂාන්තිය මෛතිර්ය වගේ ගුණ. ඒ නිසා හැම රටේම බුදු පිලිමයට ආවේනික සම්ප්‍රදායික මිම්මක් තියන්වා.ඒවා නීති පොත් වල ලියන්නෙ නෑ, බහුතරය පිලිගන්න තරමට ශාන්ත රසයක් ගෙනෙන පිලිමයක්.
    ඔය රූපේ හරියටම අඹන එකයි ඒකට වඳින එකයි පට්ට ඔල මොට්ටල වැඩක්. කෘතියක සංකේතාර්ථය තමා වැදගත්. අපේ ගේ ලඟින් යන ඔම්පි ආතාගේ වගේ මූණක් අඹලා මේ බුදු හාමුදුරුවො කිව්වට බැතිමතෙක්ට පහන් හැඟීමක් ඇති වෙන්නෙ නෑ. ඒක් කරන එකා ඕන කමින්ම කරන්නෙ කාලය නාස්ති කරලා අර මිනිසුන්ගේ හිත රිද්දන එකෙන් ආතල් ගැනීම.
    ඒ නිසා ඒ ඒ බනිස් වල තියන ඒ ඒ කෙහෙල් ගෙඩි මිරිකන්නැතුව තමන්ගේ කෙහෙල් ගෙඩිය ඕන විදියකට උල් කරලා පාට දාගන ඒකට වැන්දත් කමක් නෑ. මෙතන නෝන්ඩිඅ දාන්නේ බුදු හාමුදුරුවන්ට කියලා පැහැදිලියි, ජේසුව ත් මේකට ගේන්නේ බUද්ධ් විරෝධී හෙලුව වහගන්න.
    මේ වගේ වැඩක් කරලා ගුටි කන්න බලාගන ඉන්න කට්ටියක් ඉන්නවා. ඒකෙන් "බUද්ධයෝ ප්‍රචණ්ඩයෝ" කියන මතයක් සමාජගහ කෙරෙනවා.
    ඔයා ඕන කෙහෙම්මලක් බුදු රූපය කියලා පෙන්නුවට කමක් නෑ. හැබැයි ඉතින් වඳින්න හිතෙන්නේ නෑනේ. අවුකන පිලිමය වගේ තැනකට් ගියාම මතුවන නිහඬ භාවයන් විඳින්න ඔය් වගේ සත 72 තර්ක වලින් බෑ. ඔයාට රිලවෙක් වෙලා අවුකන බුදුපිලිමේ සිරස් පතට බෙට්ටක් දාන්න හිතෙනව ඇති. ඒත් අපි දන්නවා පිලිමේ මොකද්ද, බෙට්ට මොකක්ද ඒක දැම්ම එකා මොකාද කියලා.
    අවුලක් නෑ තව කියන්න.

    ReplyDelete
    Replies
    1. අනිවා තව කියනවා. දිගටම මේ පැත්තේ එන්න ඒවාට බනින්න :P

      Delete
  6. බුදුන්ගෙ ඇත්ත ස්වරූපය මොනවගෙද කියන එක ගැන උන්වහන්සෙ බොහොම පැහැදිලිව කියල තියෙනවා වක්කලි හාමුදුරුවන්ට. මේ දුගඳ හමන කුණුවෙන සරීරය කියලයි (කින්තේ වක්කලී දුග්ගන්ධේන යනාදී වශයෙන්)උන් වහන්සෙ තමුන්ගෙ වියපත් සරීරය හඳුන්වන්න. තව තැනෙක අබලන් වෙච්ච කරත්තයකට තමුන්ගෙ සරීරය සමාන කරනවා . යො ධම්මං පස්ස්සති සො මං පස්සති කියල ධර්මය දකින්නා මා දකින්නේය කියලත් කියල තියෙනවා. ඉතින් කවුරු කොහොම ඇන්දත් නෙළුවත් ඒකෙන් ප්‍රශ්නයක් නෑ උතුම් පුද්ගලයෙකුට අපහාස නොවෙන විදිහට. බොහොමයක් පිලිම අතීත කලාකරුවා නෙළුවෙ උන්වහන්සේගෙ ගුණ ඉස්මතුවෙන විදිහටයි. දු‍ටු අයට පහන් හැඟුම් ඇතිවෙන විදිහටයි ..ඒකෙ වරදක් නෑ. මම ඇස් පියාගෙන දකින රූපය අර අපරිමිත කරුණාව මයිත්‍රිය පෙන්වන රූපයයි..

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ආතල් එක ඔයාට ආතල් නම් අවුලක් නැත

      Delete
  7. Pilima kalawa indiyawata awe Alexender the great akramanayata passe.kala karuwa Alexender wa dakke lokaye inna weeraya hatiyata.samahara wiythunge mathaya budu ruwata athulath kara aththe Alexender ge shareera lakshana bawa.mata nam moka unath dharmaye mata therena eka witharai wadagath.

    ReplyDelete
  8. මිනිසා තමන්ගේ රුවට සමානව දෙවියන් නිර්මාණය කරගනී. දර්නයක් පසුකාලීනව ආගමක් බවට පත්වුනහම එහෙම වෙනව.

    ReplyDelete
  9. ඔය ගැන හොදම විග්‍රහය කලේ සිරි සමන්තබද්‍ර ස්වාමින් වහන්ස‍ෙ

    ReplyDelete
    Replies
    1. සමන්තබද්‍ර මේ ගැන කියනවා මට අහන්න ලැබුනේ නෑ

      Delete
    2. සමන්ත බද්ද්‍ර කියන්නෙ මිත්‍යා දුශ්ටික කෙනෙක්. සංග රත්නයෙ කොටස් කරුවෙක් නෙවේ

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...