ප්‍රසිද්ධ නිරූපිකාවක් කොටට ඇඳගෙන බණ අහන්න ගිහින්ය. ගිහින් නිකන් ඉඳලා නෑය.
(ඔව් ඉතින් නිකන් ඉන්නයැ බණ ගෙදර යන්නේ, බණ අහන්නනේ)
බණ ඇසීම නැතිවීම කෙසේ වෙතත් බණ අහනවා වගේ ඉඳලා ෆොටෝ ගහලාය. ඒ ෆොටෝ ෆේස් බුක් දමලාය.
(ඔව් ඉතින්, ෆේස් බුක් දාන්න නෙමේ නම් ෆොටෝ ගන්නේ වෙන මක්කටයැ)
සුපුරුදු පරිදි ඉන්ටර්නෙට් එකේ අයියලා ඒ ගැන කතාවය. ඉතින් මේ ඒ කතාව ගැන මේ අයියාගේ කතාවය.
(අල්ලපු ගෙදර වැලේ වනපු ජංගියේ හිලක් තිබ්බත් ඉතින් උඹල ඉන්ටර්නෙට් එකේ කියෝ ගන්න එකනෙ කරන්නෙ)
ඉන්ටර්නෙට් එකේ සමහර අයියලාට (සහ අක්කලාට) අනුව කොටට හැඳ බණ ඇසීම නෝටි වැඩකි.
(බණ අහන්න නෙමේ, කොහොම කොටට ඇන්දත් නෝටි තමයි)
කොටට හැඳ බණ ඇසීමෙන් වටේ ඉන්න පිරිමින්ගේ කාමය ඇවිස්සේ.
(කාමය විතරක් නෙමේ. කකුල් දකින එකෙන් රාගය ඇවිස්සෙනවා. ඊට පස්සේ ඒ කකුළ් ගැන ආසාවක් ඇති වෙලා මෝහය ඇවිස්සෙනවා. ඊටත් පස්සේ ඒ කකුළ් තමාට ලබා ගන්න බැහැයි කියන කටුක සත්‍යය වැටහුනාම ද්වේෂය ඇතිවෙනවා)
කොටට හැඳ බණ ඇසීමෙන් ලංකාවේ බුද්ධ ශාසනය පිරිහේ.
(බුද්ධ ශාසනය පිරිහෙන මූලිකම හේතුව ගෑණු කොටට අඳින එක නෙව).
පුටුවක හිඳගෙන බණ ඇසීම ආනත්තරීය පාප කර්ම වලට විතරක් දෙවෙනි වන පවකි.
(බණ අහද්දි පශ්චාත්භාගයේ කොටසක් පොළවේ ගෑවෙන්න ඕන කියලා කොහේදෝ කියල තියෙනවලු. එතකොට පව් අ(ර්)ත් වෙලා පින් වැඩි වෙනවලු)
ඒ එක් පිරිසකි.
(ඔව්. ඒ අපේ එල්ලුම් ගහ ඉල්ලන එලකිරි බෞද්ධ සෙට් එක. ජය වේවා)
අනිත් අයියලා (සහ අක්කලා) සෙට් එකට අනුව කොටට හැඳීම වරදක් නොවේ.
(මොකක් කිව්වා..?)
ඒ අයියලාට අනුව කොටට ඇන්දාම සාරි කෑලි එල්ලාගෙන ඉන්නවාට වඩා ආකර්ෂණීයයි ලුය.
(උංගේ අම්මලට, ආච්චිඅම්මලට කොටට අන්දලා ආකර්ෂණීය කරගන්න කියහන්)
කොටට අඳින එක ගෑණුන්ගේ අයිතියක් ලුය.
(හැමෝ එක්කම නිදාගන්න එකත් අයිතියක් තමා)
කොටට අඳින එකෙන් ගෑණියෙක්ව මනින්න බෑ ලුය.
(ගවුමේ දිග පළල මැනලා තේරුම් ගන්න බැරි එකීලා කව්ද කියල නම් මැන ගන්න පුළුවං)
කොටට ඇන්දාම කේන්ති යන්නේ පසුගාමී චින්තනය නිසා ලුය.
(මොකක්ද දැං මුංගේ මහ ලොකු ඉදිරිගාමී චින්තනේ? බුකියේ පොර ටෝක් දීලා හොරෙන් ගල් බලන එකද?)
බණ අහන්න ආවනං බණ අහන්නෙ නැතුව කෙල්ලන්ගේ කකුළ් බලන පිරිමි වැරදි ලුය.
(බුදුබණ වුනත් පැයක් විතර අහං අහං ඉද්දි කම්මැලි වුනාම ඔය වටේ තියෙන ගලක් දෙකක් බැලෙන බව ජීවිතේට බණ අහල නැති මුං දනීවියැ)
කෙල්ලෙක් රෑ 12ට ජංගියක් ඇඳන් ගිහින් දූෂණය වුනත් ඒකිගේ වැරැද්දක් නැතිලුය.
(නෑ. ගෙදර ගොරෝ ගොරෝ නිදන් හිටපු මගෙයි වැරැද්ද)
ඒ අනිත් අයියලා සෙට් එකය.
(පශ්චාත් නූතනවාදී ඩොලර් කාක් සෙකියුලර් කොල්ලො ගහන අවජාතක පරයො ටික)
ඒ අයියලා සහ මේ අයියලා කිව්ව දේවල් ගැන ඒ අයියලාත් නොවන මේ අයියලාත් නොවන මම අයියා කියන දේ මේකය.
(ආ කියහංකො බලන්න)
ගෑණියෙක්, කෙල්ලෙක්, ආච්චි කෙනෙක් බැයි නම් ඕන මල යකෙක් කොටට හැඳීමේ කිසිම වරදක් නැත.
(උඹත් අරුන්ගේ පැත්තේ නේද?)
කොටට ඇඳීම හෝ සාරි ඇඳීම හෝ බ්ලව්ස් ඇදීම හෝ නිල් පාට ජොක්කු ඇඳිම හෝ බොම්බයිමොටයි කෑම ඕනෑම එකෙක්ගේ අයිතියකි. අන් අයට හානිකර නොවන වැඩ කලාට වටේ ඉන්නා උන් ඒ ගැන කරදර විය යුතු නැත.
(එහෙම කොහොමද අපේ සංස්කෘතිය රකින්නේ?)
ඒත් මෙහෙම දෙයක් තියෙනවාය.
(කොහොම දෙයක් ද?)
ඕනෙම කෙනෙක්ව බැලූ පමණින් උන් ගැන නිගමන වලට ඒම මිනිස් ස්වභාවයය. කොටින්ම සක්කරයා මිනිස් වෙසින් මේ ලෝකයට ආවොත් ඌත් එහෙම වෙනවාය.
(උඹ කොහොමද දන්නේ?)
ෆර්ස්ට් ඉම්ප්‍රෙෂන් කියල සිංහලෙන් කියන්නේ ඒකටය. බැලූ බැල්මට තම තමන්ගේ නැණ පමණින් එක එකා මැන ගැනීම අපි හැමෝම හැම දාම කරන දෙයකි.
(මමත් දැන් උඹවත් මැනගෙන එන්නේ. කියහංකො)
එනිසා මහදවාලේ හිරට හිරේ, කොටට කොටේ, ලිප්ස්ටික් තලියක් මූණේ අතුල්ලගෙන, මේකප් නාගෙන, කොණ්ඩ පාට කරගෙන කෙල්ලෙක් බැයි නම් කොල්ලෙක් බැයි නම් බල්ලෙක් හරි ඉඳියි නම් ඒකා/ඒකි/ඌ තමාගේ විරුද්ධ ලිංගික සෙට් එකේ ආකර්ශනය ගන්න තමාගේ ශරීරය යොදාගන්නා ජීවියෙක් කියලා නිගමනය කිරීම කිසීම වැරැද්දක් නැතිය.
(මොකක් කිව්වා?)
ඒත් එක්කම එක එක තැන් වලට ආවේණික සම්මත වුන ඇඳුම් පැළඳුම් තියෙනවාය.
(ඔව්, දැන් උදාහරණෙකට කුඹුරට බහින්නේ අමුඩේ ගහලම විතරනෙ අපි)
විශේෂයෙන්ම ආගමික ස්ථාන වලට ඇතුල් වෙද්දි සහ ආගමික වතාවත් වල යෙදෙද්දි අඳින්න ඕන සහ හැසිරෙන්න ඕන අන්දම ගැන ඒ ඒ ආගමිකයන් අතර සම්මුතීන් තියෙනවාය.
(ඔව් ඉතින්, ඒකනෙ මේ කියන්නෙ)
එනිසා ඒ සම්මුතීන් කඩ වෙන විදිහට ඇඳගෙන ඒ තැන් වලටම ගියොත් ඒ ආගමිකයෝ තැන් තැන් වල අහු මුළු ගානේ එහෙම යන එකා/එකී ගැන නරක කතා කිරීම අපේක්ෂා කල යුතු සරල සත්‍යකි. යථාර්තයකි.
(සත්‍යක්ද? යථාර්තයක්ද? දෙකෙං මොකක්ද?)
හරියට වෙඩින්ග් එකකට අමුඩයක් ගහගෙන ගියොත් එතන ඉන්නා උන් ඒ ගැන කතා වෙනවා වගේය. ඒ කතාවෙන්නේ ගැලපෙන්නේ නැති නිසාය. සම්මතයෙන් පිට නිසාය.
(කතා වීම කෙසේ වෙතත් අලුත්ම ස්ටයිල් එක කියලා හිතාගෙන ඕක ට්‍රෙන්ඩ් එකක් කරගනීද දංනෑ)
එහෙම සම්මත විදිහට යන්න බැයි නම් මේ ලියන මම අයියා වගේ ආගමික තැන් වලට නොයා සිටිය හැකිය.
(උඹත් පන්සලකට පල්ලියකට යන්නේ නැති කාලකණ්ණියෙක්ද?)
ඒ වගේම රෑ 12ට ජංගියක් ඇඳගෙන ගිහින් දූෂණය වුනොත් එතන වැරැද්දක් එහෙම ගිය ගෑණිගෙත් තියෙනවාය. ඒ අමු මෝඩකම වැරැද්දක් විදිහට සැලකෙනවා නම් පමණය. අමු මෝඩකම වැරැද්දක් නොවේ නම් කමක් නැතිය.
(උඹ දැන් කොයි පැත්තෙද කියහංකො)
අවසාන වශයෙන් කෙල්ලන්ගේ කකුල් නිසා බුද්ධ ශාසනය විනාශ වේය කියනා උන්ට කියන්න ඇත්තේ මේකය.
(මම එහෙම එකෙක්. දැං මොකක්ද කියන්නේ. ගේමද?)
නිරුවත් කකුළ් දෙකක් දැක්කාම සිල් බිඳගන්න මහලොකු ‘පින්වත්තු’ වෙච්චි උඹලට වඩා වැලක් බලලා අතේ ගහලා නිදාගන්න සාමාන්‍ය කොල්ලෙක් අවංකයි කියාය.
(නොදෝකින් තොගෙ හැකර කට ! ආයේ මගෙ බල්ලවත් එන්නෑ මේ බ්ලොග් එක පැත්ත පලාතෙ. ඔව්)
Wednesday, August 10, 2016
Tuesday, August 9, 2016
එන්න, සයිබර් බෝක්කුවට සෙට් වෙන්න !
ඉතිහාසයේ පළවෙනි වතාවට මිනිස්සු තොරතුරු තාක්ෂණය අතින්, සන්නිවේදනය අතින් අතිශය දියුණු තත්වයකට ඇවිත්. සැතපුම් දහස් ගාණක් ඈතින් ඉන්න ලක්ෂ ගාණක් මිනිස්සු එක මොහොතින් එක් රැස් වෙන විශ්ව ගම්මානයක් බවට පත් වෙච්චි යුගයකට ඇවිත්. සැබෑ ලෝකය සහ ඩිජිටල් ලෝකය නමැති ලෝක දෙකක් තුළ මාරුවෙන් මාරුවට ජීවත් වෙන මිනිස්සු සීමා සහිත සැබෑ ජීවිතයේ නැති අසීමිත නිදහසක් සීමා රහිත ඩිජිටල් ලෝකයක් තුළ භුක්ති විඳින්න පටන් අරන්.
සීමා රහිත ඩිජිටල් ලෝකයක සීමා රහිත නිදහසක් භුක්ති විඳින ගමන් ඔවුන් ඩිජිටල් ලෝකයක් තුළ වැරදි කරන්න අරගෙන. ඒ වැරදි කැමරා, ජනමාධ්‍යය, සමාජ ජාලා ඔස්සේ රූපමය විදිහට, හඬපට විදිහට, ඡායාරූප විදිහට, වචන විදිහට සයිබර්ගත වෙන්න අරගෙන.
ඒ අවකාශය තුළම කල්ලි ලෙස සංවිධානය වෙමින් ඒ වැරදි වලට දඬුවම් දෙන්න පටන් අරගෙන.
ඒ සියලුම දේවල් බොහෝ විට නැති කරන්න බැරි, වෙනස් කරන්න බැරි දත්ත විදිහට ගබඩාවෙන්න අරගෙන.
සමාජය විසින් සභ්‍යත්වය සහ ශිෂ්ඨත්වය කියන බැමි වලින් බැඳල තියෙන සැබෑ ජීවිතයේදී එළියට දාන්න බැරි අදහස් සයිබරය නම් වර්චුවල් රියැලටියේදී කිසිම බයක් සැකක් නැතුව නිදහස් කරල දාන්න මේ දෙපිරිසම පෙළඹිලා.
සැබෑ ජීවිතයේදී දැඩිලෙස විවේචනයට ලක් වෙන හැසිරීම් වල කිසිම බයක් සැකක් නැතුව සයිබරයේදී නිරත වෙන්නෙ ඒ අනුවයි.
සැබෑ ජීවිතයේදී එළියට දාන්න බැරි ආගම, වර්ගය, ලිංගිකත්වය වැනි දේ මත පදනම් වුන වෛරී අදහස් එළියට දාන්න සයිබරය තෝතැන්නක් කරගෙන. තමාගේ ඒ හිර වුන අසහනය මුදා හැරීමේ අරමුණින් මොබ් විදිහට කල්ලි ගැහිලා වර්චුවල් රියැලටියක් තුල අසස්සක් මුල්ලක් නෑර මිනිස් ගොදුරු හොය හොය සැරිසරන්න පටන් අරගෙන.
තමාගේ ජීවිතයේ සිද්ධ වුන වැරැද්දක්, අතපසුවීමක්, මෝඩකමක්, අවාසනාවන්ත සිද්ධියක් සිය කැමැත්තෙන් හරි නොදැනුවත්වම හරි සයිබයෙන් කෙළවර වුන ඒ වැරැද්දේ උරුමක්කාරයා හොය හොය යන්නේ වෘකයෙක් ගොදුරක් හොයා යනවා වගේ.
මහ පොළවෙදි කෙනෙක්ගේ මුහුණට කියන්න බැරුව හිර කරගෙන ඉන්න දේවල් වර්චුවල් රියැලටිය යොදාගෙන ඔවුන් නිදහස් කරගන්නවා. විශේෂයෙන්ම නළු නිළියන්, සැබෑ ජීවිතයේදී තමාගෙන් දුරස් වූ සමාජයේ කැපි පෙනන චරිත වටා රොක් වෙමින් සයිබරයේදී රිසි සේ තම සිතැඟි ඉෂ්ඨ කරගන්නවා.
කාලයකට පෙර තරුණ පිරිස් කණ්ඩායම් විදිහට හවසට ගමේ බෝක්කුවක් ළඟ එක් රැස් වෙලා එතැන පසුකර යන මිනිස්සුන්ට, කාන්තාවන්ට, තරුණියන්ට උසුළු විසුළු කලා වගේම ඒ අවශ්‍යතාවයම අද සමහර පිරිස් හවසට සයිබර් බෝක්කුවක කල්ලි ගැසී සිදු කරගන්නවා.
නමුත් සයිබර් බෝක්කුවෙන් මිනිස් ජීවිත වලට ඇතිකරන බලපෑම ලේසියෙන් නැති වෙලා යන එකක් නෙමේ.
සයිබරයේදී අදාල තැනැත්තා/තැනැත්තිය පීඩනයට පත් වෙන්නේ මුළු සමාජයක් ඉදිරියේ. ඔවුන් මුහුණ දෙන දේ දත්ත වශයෙන් ගබඩා වෙනවා. බොහෝ විට ජීවිත කාලයකටම. සයිබරයේ උසුළු විසුළු කරමින් ගන්නා සතුට මේ වෘක කල්ලි වලට තාවකාලික වුනත් පීඩනයට පත් වන පුද්ගලාගේ සැබෑ ජීවිතයට ඉන් ඇතිවන්නේ සුළුපටු බලපෑමක් නෙමේ.
පසුගිය වසරේදී මුහුණු පොතේ සිය ඡායාරූපයක් පල වූ වරදට(?) තමාගේ පාසැලේ විදුහල්පතිතුමා විසින් මුළු පාසැල ඉදිරියේම ප්‍රසිද්ධියේ අපහාස කරල දඬුවම් කිරීම නිසා ඇති වුන ලැජ්ජාව සහ සිත් තැවුල හේතුවෙන් සියදිවි හානිකරගත් අහිංසක පාසැල් ශිෂ්‍යාව වෙනූෂා පිළිබඳ මතකය මෙතනදි අවධි කරන්න කැමතියි. ඒ අවස්ථාවේදී ඒ අසරණ දැරියට සිදුකල අසාධාරණය වෙනුවෙන් විදුහල්පති තුමාට එරෙහිව සමාජජාලා වල ක්‍රියාකාරීන් මහා හඬක් නැඟූබවද ඔබට මතක ඇති.
අහිංසක වෙනූෂාව ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කරපු, ඇයට අපහාස කරපු විදුහල්පතිට විරුද්ධ වුන ඒ සයිබරයේම, ඒ සයිබර් ක්‍රියාකාරීන්ම මිනිස් ගොදුරු අල්ලාගෙන සයිබරය නම් වේදිකාවට නග්ගල.. සමාජයම ඉදිරියේ ලැජ්ජාවට පත් කරල, අපහාස කරල, මිනිස් හප බවට පත් කරන එක සැබෑම උත්ප්‍රාසයක් නෙමේද? සැබෑම කුහක කමක් නෙමේද?
ඔවුන් සහ ඒ නරුම විදුහල්පතිගේ හැසිරීම වෙනස් වන්නේ කුමකින් ද?
සයිබර් කල්ලි වල උසුළු විසුළු සහ අපහාස නිසා දිවිතොරගත් වෙනූෂාලා ගැන විදෙස් රටවලින් දැනටමත් වාර්තා වෙලා තියෙද්දි අපේ හැසිරීම් ගැන සහ අපේ හැසිරීම් වෙනත් මිනිස් ජීවිත වලට එල්ල කරන බලපෑම් ගැන මීට වඩා සෑහෙන වගකීමකින් කටයුතු කල යුතුයි.
සයිබරයේදී කල්ලි ගැහෙමින් අනිත් මිනිස්සුන්ව අපහාසයට ලක් කිරීම, ලජ්ජාවට පත් කිරීම විනෝදාංශයක් කරගත්, ඒත් හිතන්නට සිහි බුද්ධියක් තවමත් ඉතිරි වෙලා තියෙන අය තමාගේ ක්‍රියාකලාපය ගැන වරක් දෙවරක් නෙමේ සියවරක් සිතාබලන්න ඕනෙ.
මොකද තමාගේ පහත් වින්දනයේ මිල කවදා හරි අහිංසක මිනිස් ජීවිතකට ගෙවන්න සිද්ද වීමේ ඉඩක් තියෙන නිසා.
ඒවගේම තමාගේ හැසිරීම් නිසා අනිත් අයගේ ජීවිත වලට වෙන බලපෑමේ හරි වැරැද්ද ගැන සිතා බලන්න බුද්ධිය මුහුකුරා නොගිය මන්ද බුද්ධිකයන්ගේ මේ සයිබර් කල්ලිවාදයට එරෙහිව සියලුම සයිබර් ක්‍රියාකාරීන් පෙළ ගැසිය යුතුයි.
එහෙම නැතිනම් සයිබර් ක්‍රියාකාරීන් වෙච්චි අපට වෙන්නෙ මේ කාලකණ්ණි විනෝදය නිසා ආයේ නිවැරදි කරන්න බැති වැරැද්දක් වුනයින් පස්සෙ ඒ ගැන කවි, රචනා, සටහන් ලියන්න.
එනිසා සයිබරය නැමති දැලි පිහියෙන් සෙල්ලම් කරන මෙම වඳුරන්ට එරෙහිවීමේ වැදගත්කම පරක්කු වෙන්න කලින් සියල්ලන් තේරුම් ගත යුතුයි.

Monday, August 8, 2016
මචන්, මහින්ද අදහන්න එපා
මචං..
මම මේ ටික ලියන්නෙ උඹේ එක පෝස්ට් එකක් දැකල නෙමෙයි. කාලයක් තිස්සෙ උඹේ දැකපු හැසිරීම නිසා.
දේශපාලකයෙක්ට හරි දේශපාලන පක්ෂයකට හරි කඩේ යන එක තේරුම් ගන්න පුළුවන්. ඒත්, දේශපාලකයෙක්ව පශ්චාත්භාගය ඉරාගෙන "අදහන" එක තේරුම් ගන්න බැහැ. ඒක වස කැතයි.
ඒ කැත මහින්ද නෙමේ, රනිල්, මෛත්‍රී, අනුරලාව දෙවිවරු කරගෙන ඇදහෙව්වත් එකයි.
උඹ බුදුන්ව හරි ජේසුස්ව හරි අල්ලාව හරි අදහනව නම් උඹ අදහන්නේ සංකල්පයක් මිසක, මනුස්සයෙක්ව නෙමේ. ආගමික නායකයෙක්ව ඇදහීමයි, අමු අමුවේ පණ පිටින් ඉන්න මනුස්සයෙක් අදහන එකයි එකක් නෙමේ මචන්, දෙකක්.
තව දෙයක් මචන්, මතක තියාගනින් උඹ අදහන්නේ නිකම්ම නිකන් මනුස්සයෙක්ව නෙමේ.. දේශපාලකයෙක්ව බව. බලය වෙනුවෙන් ඕනම ජඩ වැඩක් කරන්න ලෑස්ති අවස්ථාවාදියෙක්ව බව. මේ කතාව මහින්දට විතරක් නෙමේ, ඕනම දේශපාලකයෙක්ට පොදුයි.
දැන් උඹ හිතයි, ඕනම දේශපාලන පක්ෂයකට කඩේ යන මිනිස්සු ඉන්නවය කියල. කතාව ඇත්ත. නමුත් මචන්, මහින්ද වෙනුවෙන් හැදිල තියෙන මේ 'කල්ට්' හැසිරීම තමාගෙ වාසියට දේශපාලකයෙක්ට කඩේ යන මනුස්සයෙක්ව පෙන්නලා සාධාරණීයකරනය කරන්න බැහැ.
උඹ එකදිගට අන්ධ බැතිමතෙක් වගේ දේශපාලකයෙක් අදහන ගමන් ඒ හැසිරීම ප්‍රශ්න කරන අයගෙන් අහනව "රිදුනද?" කියල.
රිදෙන්න මචන් මම කාටවත් කඩේ යන්නේ නෑනෙ. රිදෙන මිනිස්සුත් ඇති. ඒත් මොහොතකටවත් හිතන්න එපා මේ 'කල්ට්' හැසිරීම නිසා ඔක්කොටම රිදෙනව කියල. මේ හැසිරීම දැකල නොරිදෙන, උඹේ හැසිරීමේ තියෙන අන්ධබව අමු අමුවෙන් දකින මධ්‍යස්ථ මිනිස්සු කොටසකුත් ඉන්න බව මතක තියා ගනින්.
අන්තිමට උඹට මේ ටික කියන්නම් මචන්.. අපි එක එකාට තියෙන්නෙ එක එක ආතල්. ඒ ආතල් ඔක්කොම තර්කයෙන් සාධාරණීයකරනය කරන්න බෑ. මේක උඹේ ආතල් එක වෙන්න ඇති..මහින්දව අදහන එක !
මේක ලියන්නෙ උඹේ යාතිකා දැකල එපා වීම නිසා මිසක උඹ එක්ක තියෙන පුද්ගලික තරහකට නෙමේ.
මට බෑ උඹේ වටිනාකම් වෙනස් කරන්න. එහෙම කරන්න ඕනත් නෑ. ඒත්, ඔය මහින්ද අදහන කල්ට් එකේ සමාජිකයෙකු වීම ගැන පුළුවන් නම් විතරක් ආයෙ හිතල බලහන්. මම එච්චරයි කියන්නෙ මචන්. ජය !

Saturday, August 6, 2016
කාලය මැවු වෙනසක අරුමේ
යාලුවෝ..
ඔය අකුරු තුන ඇහෙද්දි හිතට දැනෙන්නේ දුක මිශ්‍ර සතුටක්.
අතීතයේ මතක සටහන් හිතට සතුටක් සිනහවක් එක් කරද්දි... වර්තමානයේ යථාර්තය විසින් අපේ ජීවිත පත් කරල තියෙන තැන මතක් වෙද්දි දැනෙන්නේ දුකක්
මම එදා ඉඳලම තරයේ විශ්වාස කරපු දෙයක් තමයි, අපේ ජීවිත වල මිනිස්සු දෙකොටසක් ඉන්න බව. එක කොටසක් තමයි, අපි අඳුරන මිනිස්සු. ඉස්කෝලෙදි වේවා, රස්සාව කරන තැනදි වේවා, රස්සාවට යද්දි කෝච්චියෙදි වේවා අපට හමුවෙලා වෙන් වෙලා යන අය. ඉස්කෝලෙන් අවුට් වුනාම, රස්සාව කරන තැන මාරු වුනාම, යන කෝච්චිය මාරු කලාම.. ඉබේම නැති වෙලා යන සබඳකම් තමයි ඔවුන් එක්ක තියෙන්නෙ.
අනිත් කොටස තමයි යාලුවො කියන්නෙ.
යාලුවො අතර තියෙන්නේ හැඳුනුම්කමකට එහා ගිය බැඳීමක්. ඉස්කෝලෙන් එළියට ආවාය කියල,, රස්සාව තැන මාරු වුනාය කියල,, සමාජ මට්ටම් වෙනස් වුනාය කියල,, නැති වෙලා නොයන සබඳකමක්..
ඒකයි යාලුකම කියන්නෙ
ගොඩක් අය අඳුරන මිනිස්සුන්ව යාලුවෝ කියල පටලගන්නවා. ඔය දෙකොටසම එකක් කියල හිතනව. ඒ අයට අන්තිමේදි ඉතුරු වෙන්නෙ පසුතැවීමක් විතරයි.
ඒ වගේ මටත් හිටිය යාලුවො සෙට් එකක්. මිත්‍රත්වයෙන් එහා ගිය සහෝදර බැඳීමකින් බැඳුන මානුෂීය බැඳීමකුයි අපි අතරෙ තිබුනෙ.
ඉස්කෝලෙ කාලෙදි වගේම ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු ගාණක් ගතවෙනකල් නොබිඳී තිබ්බ යාලුකම ඒ විදියටම හැමදාම තියෙයි කියන එකයි අපේ බලාපොරොත්තුව වුනේ.. ඒ යාලු කමට එහා ගිය සහෝදරත්වයේ බැම්ම කිසිදාක බිඳිල යන එකක් නෑ කියන එකයි අපේ ප්‍රාර්ථනාව වුනේ.
අපි ඒ කාලෙ අනාගතය සැලසුම් කල හැටි තවමත් මතකයි. ගෙයක්, වාහනයක්, දරුවො එක්කෙනෙක් දෙන්නක් ඉන්න පුංචි පවුලක්, හොඳ ජොබ් එකක්..
..ඒ ඔක්කොම ඇතුලේ අපේ යාලුකමට සතියට සති දෙකකට සැරයක්වත් පුංචිම පුංචි ඉඩක්..!
නමුත්, වාසනාවකට හෝ අවාසනාවකට ඒ හීන හොයාගෙන යන අතරේ ඔක්කොටම කලින් ඇති වුන අපේ ඒ යාලුකමට තියෙන ඉඩ ඇහිරිලා ගිහින්.
ඉස්කෝලෙ කාලෙ උපරිම නිදහසක්, සැහැල්ලුවක් අත්විඳපු යාලුවෝ එක එක්කෙනා පවුල් වෙලා. වගකීම් දහසක් මැද්දෙ හිර වෙලා. දවසින් දවස ගෙවිල යන ජීවිතේ පවුල් ප්‍රශ්න, දරුවන්ගෙ වගකීම් අස්සෙ අසරණ වෙලා. ඉන් එහාට ලෝකය දිහා හැරිලා බලන්නවත් තියෙන ඉඩ නැති වෙලා ගිහින්. හැඳුනුම්කමකින් එහාට ගිය අපේ ඒ යාලුකමට අපේම ජීවිත අස්සේ ඉඩ ඇහිරිලා ගිහින්
ජීවිතය හොයාගෙන යන ගමනෙදි අපේම ජීවිත අපට නැති වෙලා.
යථාර්තය විසින් හීන කුඩුපට්ටම් කරල දාන්නේ මෙහෙම වෙන්නැති. හීන කොච්චර ලස්සන වුනත්, අවංක වුනත් යථාර්තය ගොඩක් වෙලාවට ඊට වෙනස්.
මේ කෙටි සටහනට අවසානයක් නැහැ. මොකද අපේ යාලුකමේ කතාව තවමත් අවසන් නැති නිසා. එනිසා මේ ගැනම වගේ ලියවුන අපි හැමෝම දන්න ගීතයක් සඳහන් කරමින් මේ සටහන මෙතනින් අවසන්(?) කරනවා.
"සුළගේ ලෙලෙනා මල් සේ දඟපා
අප පාසල් ගිය කාලයේ
යාලුවො අද නැත
වෙන අය එහි ඇත
කාලය මැවු වෙනසක අරුමේ"

Monday, August 1, 2016
අල්ලා ඌරෝ මැව්වේ ඇයි?
ලෝකයේ කොහේ හෝ ඉස්ලාමීය අන්තවාදීන් විසින් සිදුකරනා ම්ලේච්ඡ මිනිස් ඝාතන, පහර දීම් දෙස ආශාවෙන් බලා සිටින කොටසක් සිටියි. ඒ මුස්ලිම් ජනතා මත ජාතිවාදය පතුරවන, මුලු ලෝකයේම වෙසෙන බිලියන 1.6ක් වූ සියලු මුසල්මානුවන්ව එකම පාටපැන්සලින් පාට කොට අන්තවාදී ලේබලය ඇලවීමට බලන් සිටිනා කොටසයි.
මෙම මස් වැද්දන්ට නොතේරෙන කරුණ හෝ නොතේරෙනවා යයි බොරුවට පෙන්නන කරුණ නම් ලෝකයේම සිටිනා බිලියන ගණනක ජන කොට්ඨාශයක් ආගම පමණක් නොව, ඕනෑම කරුණක් සම්බන්ධව දරන්නේ එකම මතවාදයක්ය, ඇත්තේ එකම ආකල්පයක්ය කියා සිතීම තරම් අනුවණකමක් තවත් නොමැති බවයි.
එකම ත්‍රිපිටකය පිළිගන්නවා යයි කියනා බෞද්ධයන් අතරද ආගම හා සම්බන්ධව ඇත්තේ විවිධ කියවීම්ය. ඔවුන් සිය එදිනෙදා ජීවිතයට ආගම සම්බන්ධ කරගන්නා අයුරු සහ ආගමික ඉගැන්වීම් අදාල කරගන්නේ එකිනෙකාට වෙනස් අන්දමිනි. ලාංකික බෞද්ධයන්ගෙන් කොටසක් සිංහලබුද්ධාගම ලෙස තමාගේම ආගමක් නිර්මාණය කොටගෙන ජාතිවාදි ක්‍රියා වල නිරත වන අතරතුර ඔවුන්ව ප්‍රශ්න කරනා බෞද්ධයන්ද මෙරට සිටියි. එසේ නම් ලොව වටා විවිධ රටවල් පුරා ජීවත් වන බිලියන 1.6ක මුස්ලිම් ජනතාව තුළ ඔවුන්ගේ ආගම පිළිබඳ ඇති වෙනස්කම් ගැන අමුතුවෙන් සඳහන් කල යුතු නැත.
සමහර මුසල්මානුවන් ඉස්ලාම් දහම ගැන තමා තුළ ඇති කියවීම, තමා දකිනා සිරිත් විරිත් අනුගමනය කිරීමේ නිදහස තමා සතුවිය යුතු බව විශ්වාස කරනා අතර තවත් සමහරු ඉස්ලාම් දහම ගැන තමා තුළ ඇති කියවීම සමාජය මත කෙසේ හෝ බලෙන් පැටවිය යුතු යැයි සිතයි.
ඒ පිරිස අතුරෙන්, තම අරමුණ ඉටු කරගැන්මට අවිගත්තෝය, අප ඉස්ලාමීය අන්තවාදීන් ලෙස හඳුන්වන්නේ (බොකෝ හරාම්/අයිසිස්).
එසේ පෙනුනද ඉහත පළමු පිරිස ඉස්ලාම් දහමට යම් පිරිසක් ලබාදෙන අර්ථකතනය අනුව සම්පාදනය වුන යම් නීති පද්ධතියක් තමා වෙත ආණ්ඩුවෙන් බලපවත්වනවාට කැමැත්තක් නැත. (ලංකාවේ සියලු මුසල්මානුවන් රැවුල වවන්නේ නැති අතර, සියලු මුස්ලිම් ගැහැණුන් බුර්කා අඳින්නේ නැත. ලංකාවේ මුස්ලිම් පිරිමින්ට රැවුල වැවීම අනිවාර්‍ය කොට, ගැහැණුන්ට බුර්කාව ඇඳීම අනිවාර්‍ය කෙරෙන නීති ගෙන ඒමට යෝජනාවක් ගෙන ආවොත්, ඊට වැඩිම විරෝධතාවය එල්ල වන්නේ මුස්ලිම් සමාජයෙන් බවට මා හට සැකයක් නැත, හරියට පන්සිල් පද පහ අනුව පදනම් වෙමින් ලංකාවේ මත්පැන් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ගියහොත් ඊට මුලින්ම විරුද්ධ වන්නේ බෞද්ධයන් ලෙසින්මය)
මෙම දෙකොටස අතරින් වැඩිම බලයක්, සංවිධානාත්මක ශක්තියක් සහ හඬක් ඇත්තේ ඉස්ලාමීය අන්තවාදීන්ටය. එනිසා ලංකාවේ ඔලමොට්ටල සිංහලබෞද්ධ ජාතිවාදීන් පමණක් නොව, ලොව පුරා ජනතාවද මුළු මුස්ලිම් ප්‍රජාවම බොකෝ හරාම් වැනි ත්‍රස්ථ සංවිධාන වල මිම්මෙන් මනින්නට පටන් ගෙන ඇත.
ලොව පුරා පැතිර සිටින බිලියන 1.6ක් වූ මුස්ලිම් ජනතාව හා බැඳී ඇති මෙම ගැටළුවට ඇති විසඳුමේ වැඩි කාර්‍යභාරයක් පැවරී ඇත්තේ මුස්ලිම් ජනයා තුළින්ම නැගී ආ යුතු හඬටය.
ගැටළුව නම්, බොහෝ රටවල ඉස්ලාම් අන්තවාදයට.. ඉස්ලාම් මූලධර්මවාදයට එරෙහිව අදහස් ප්‍රකාශ කරන්නන්ට ඒ කාර්‍යයේ නියැලීමට සිදුව ඇත්තේ තම ජීවිතය පරදුවට තබා වීමය.
එසේ තම ජීවිතය පරදුවට තබා, දහසක් කම්කොටොළු මැද, හැකි කුඩා අවස්ථාවේදී පවා සැබෑ වෙනසක් උදෙසා අවංකව කටයුතු කරන මෙම පිරිස මතය මේ විසඳුමේ වැඩි බරක් පැටව ඇත්තේ.
සියලු මුසල්මානුවන්ව අයිසිස්/තලෙයිබාන් පාට පැන්සලෙන් පාට කිරීමෙන් වන්නේ ලංකාව ඇතුළු ලොව පුරා පැතිර සිටිනා මේ පිරිස තව තවත් නිහඬ කරවීමයි, තව තවත් ඔවුන්ව පීඩනයට පත් වීමයි. කල යුත්තේ ජාතිවාදී ගෝත්‍රික ආතල් වෙනුවෙන් සියලු මුසල්මානුවන් එකම කෝවක දමා හංවඩු ගැසීම නොව, මුස්ලිම් සමාජයේ සිටිනා සැබෑ මිතුරන් හඳුනාගෙන ඔවුන්ව තව තවත් දිරි ගැන්වීමය.
මෙසේ අන්තවාදී ක්‍රියා යම් ජාතියක් ඉලක්ක කොට දිගින් දිගටම සිදු කිරීමෙන් ඒ ජාතියේ තරුණ පිරිස් තව තවත් අන්තවාදී ක්‍රියා/කල්ලි වෙත ඇදෙන බව තේරුම් ගැනීමටම සිංහලබෞද්ධ ජාතිවාදීන්ට නොහැකි වුවාට මොළේ කළඳක් ඇති ඕනෑම මනුස්සයෙකුට හැකිය.
මේ මස්වැද්දන්ට අවශ්‍ය වී තිබෙන්නේ ලාංකීය මුස්ලිම් ජනයාද බොකෝ හරාම්/අයිසිස් ත්‍රස්ථ සංවිධාන වල ම්ලේච්ඡයන්ට සමාන අන්තවාදීන් ලෙස හංවඩු ගැසීම මඟින් ලාංකික මුස්ලිම් ජනතාවටද අප සැලකිය යුත්තේ බොකෝ හරාම් ත්‍රස්ථයන් අප හමුවට පැමිණිය හොත් ඔවුනට සැලකිය යුතු ආකාරයෙන්මය යන මන්ධබුද්ධික ආකල්පය සමාජගත කිරීමය.
ලේ පිපාසයෙන් පෙළෙන මේ දඩ බල්ලන්ගෙන් ඇසීමට ඇති ප්‍රශ්නය මෙයයි.
මුළු ලොවේම සිටිනා බිලියන 1.6ක් වන මුස්ලිම් ජනතාව ඉස්ලාම් දහම සේ සලකන්නේ බොකෝ හරාම් ත්‍රස්තයන් දකිනා ඉස්ලාම් දහමම නම් අද වන තෙක් ලොවක් ඉතිරිව තිබෙන්නේ කෙසේද යන පැනයයි.
ඉස්ලාම් දහම යුද්ධයේ දහමක් යැයි සිතා ඉස්ලාම් දහම වෙනුවෙන් යුධ ප්‍රකාශ කිරීම සේම ඉස්ලාම් දහම යුද්ධයේ දහමක් යැයි සිතා ඉස්ලාම් දහමට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමද එකසේම හානිකරය.
මොවුන්ට, තියෙනවාය කියනා ප්‍රශ්නයට ඔවුන් ඉදිරිපත් කරනා විසඳුම් මොනවා දැයි ඇසුවහොත් ඔවුන්ට දීමට පිළිතුරක් තබා අදහසක්වත් නොමැත.
එක්කෝ, සියලූම මුසල්මානුවන් සමූල ඝාතනය කල යුතුය.
එක්කෝ, සියලූම මුසල්මානුවන්ට දිගින් දිගටම තාඩන පීඩන කල යුතුය,
නැතහොත්, මුසල්මානුවන්ගේ ජනගහනය පරයන සේ තරඟයට ලමයි හැදිය යුතුය.
නැතහොත් මේ ප්‍රශ්නයට වෙනත් විසඳුමක් සෙවීම උදෙසා බුද්ධිමය කතිකාවතක් ඇතිකරගත යුතුය.
ඒ වෙනුවෙන් අප සහෝදර මුස්ලිම් ජනතාවගේ සහය ලබා ගත යුතුය. මුස්ලිම් පමණක් නොව කුමන වේශයෙන් ආවද අන්තවාදය හෙළා දැකිය යුතුය.
ඒ සඳහා අප කරා සංවාදයට, සාකච්ඡාවට, විචාරයට පැමිණෙන සහෝදර මුස්ලිම් ජනතාවගෙන් අවංක සංවාදයක එළඹෙනවා වෙනුවට "අල්ලා ඌරෝ මැව්වේ ඇයි" වැනි ප්‍රශ්න ඇසීමෙන් නම් පලක් නැත
හොඳටම රඟපාන්නෙ කව්ද?
හොඳටම රඟපාන්නෙ කව්ද?
දුලීකා මාරපන හොඳයි?? පිස්සුද බං ඒකි ඕවර් ඇක්ටින්ග්..
ජැක්සන් ඇන්තනි.. සමහර ඒවා හොඳයි.. ඒත් ඌත් ඕවර් ඇක්ටින්ග් නේද?
මේ ඒක නෙමේ. මම ආසම නිලිය චාන්දනී සෙනෙවිරත්න බං.
ලංකාවෙ හොඳට රඟපාන උන් එකෙක් නැද්ද කියලද අහන්නෙ?
ඇයි බං කමල් අද්දරාරච්චි ඉන්නෙ.. තව….මහේන්ද්‍ර පෙරේරා.. හැබැයි මහේන්ද්‍රගෙන් හරියට වැඩක් ගන්න අපේ උන්ට පුළුවන් වුනේ නෑ.. ඌට රඟපාන්න තරම් චිත්‍රපටි, උගේ හැකියාවට හරියන චරිත අපේ රටේ හැදෙන්නෙ නෑ.. ලංකාවෙ ඕල් ටයිම් ග්‍රේටස්ට් නම් ඉතින් ජෝ අබේවික්‍රම තමා ආයෙ කතා දෙකක් නෑ
මොකක්….ෂාරුක් ඛාන්? ඒ පාර ඉන්දියාවට ගියාද?.. ෂාරුක් උගෙ ඕඩියන්ස් එක කොර වෙලා යන්න රඟපාන්න දන්නවා
ඊළඟට සල්මාන්ද? ඌට රඟපාන්න බෑ බං. ඌ ගැන කතා නොකර ඉමු
ආමීර්.. වරදක් නෑ.. උගෙ චිත්‍රපට බලං හරි ඉන්න පුළුවන්
දැන් මම කියන විදියට කාටද හොඳටම රඟපාන්න පුළුවන් කියලද අහන්නෙ?
බලහන් රොබර්ට් ඩී නීරෝගෙ ටැක්සි ඩ්‍රයිවර්.. බ්රැන්ඩෝගෙ ගෝඩ් ෆාදර්.. ඩැනියෙල් ඩේ ලුවිස්ගේ දෙයාර් විල් බී බ්ලඩ්..ඇන්තනි හොප්කිස්ගෙ සයිලන්ස් ඔෆ් දි ලෑම්බ්ස්..අල් පචීනෝගේ සර්පිකෝ.. ඊළඟට උගෙම ඩෝග් ඩේ ආෆ්ටර්නූන්.. එතනින් ගියාම ඩස්ටින් හොෆ්මන්ගේ ලෙනී.. එතනින් ගියාම ජැක් නිකල්සන්ගේ…මොකක්??
මම සුද්දන්ට අදිනවා? නෑ යකෝ.. මම දැක්ක හොඳම ඇක්ටින් ඕවා තමයි
කරුමෙටද කොහෙද උන් ඔක්කොම සුද්දො
ඒකට මං මොනව කරන්නද බොල !
Thursday, July 28, 2016
ඉන්ටර්නැෂනල් ගොඩයො
සාමාන්‍යය කටවහරින් "පොෂ්" සහ "ගොඩේ" කියල හඳුන්වන කණ්ඩායම් දෙකක් ඉන්නෙ..
ඔතනින් ගොඩ දෙනෙක් තමන්ව "ගොඩේ" කියලා හදුන්ව ගන්න කැමති නෑ. ඒත් "පොශ්" කියලා තමන්ව හදුන්වා ගන්න කණ්ඩායම විසින්, තමා "පොශ්" ය කියලා ඒ අය අදුන්ව ගන්න චර්යාව වෙන්කර හදුනා ගන්න අවශ්‍ය නිසා, තමන් "පොශ්" වෙද්දි තමන්ගේ චර්යාවෙන් පිට පිරිසව "ගොඩේ" කියලා හදුන්වනවා.
ෆේස් බුක් එකේ ඉන්න උඹලා අපි වගේ "පොශ්" පොරවල්ට නම් ආයේ ඉතින් අමුතුවෙන් ඔය "පොශ්" සෙට් එක ගැන අමුතුවෙන් හදුන්වන්න දෙයක් නෑ මම හිතන්නේ.
ඔය බැරිස්ටා එකේ ඉදගෙන, බාගයක් කාපු පැස්ටා එකයි, බීපු කැපචීනෝ එකයි, කියවන තඩි පොතයි පැත්තකින් අහුවෙන විදිහට සෙල්ෆි එකක් ගහලා "විශින් වර්ල්ඩ් පීස් විත් බණ්ඩා ඇන්ඩ් 33 අදර්ස් ඇට් බැර්ස්ටා" කියලා දාන්නේ. ඊට පස්සේ ගොඩ කාලෙකින් හම්බුන යාළුවව බදාගෙන "ෆීල්න් ඩ්‍රන්ක් විත් නවම් ඇන්ඩ් 54 අතර්ස් ඇට් ටැප් හවුස්, ඩච් හොස්පිටල් කියලා දාන්නේ. ඊටත් පස්සේ හස්බන්ඩ්ට වැදලා වැදලා මතක් කරලා ගත්තු පර්ෆියුම් එකයි කාර්ඩ් එකයි වත්තෙන් කඩා ගත්තු ඇන්තූරියම් මල් දෙකේ ෆොටෝ එකයි දාලා "ෆීලිං ලවුඩ් විත් හබී ඇන්ඩ් 128 අදර්ස්" කියලා දාන්නේ.
"ක්‍රි කොස් ඇන්ඩ් සම්බල්" දවල්ට කන්නේ.. කැඩිච්ච ඉන්ග්‍රිස් වලින් දවස පුරා යාළුවෝ එක්ක කතා කරන්නේ...
ඔය කොයිතරම් තමන් සාමාන්‍යය සමාජයෙන් වෙනස් කියලා පෙන්වන්න හැදුවත්, මේ අයගෙත්.. ඒගොල්ලන්ටම අනුව "ඊයා ගොඩේඩේඩේ..ඒඒඒ" කියලා හදුවන කණ්ඩායමත් අතරේ වැඩි වෙනසක් නෑ කියලයි පුද්ගලික අත්දැකීම් වලින් මටනම් හිතෙන්නේ.
දවස පුරා කඩ්ඩෙන් කතා කරන තැන් වල වැඩ කරන මිනිස්සු තුළත් ලංකාවෙ අමු ගොඩේ කියල හඳුන්වන ලක්ෂණ තියෙන බව මම අත්දැකීමෙන් දන්නවා. මේ මිනිස්සු දියුණුයි කියල තමාවම හඳුන්ව ගත්තට සමාජීය අතින් ගැමියන්ට සමානයි. චින්තනයේ වැඩි වෙනසක් නැහැ. ඕන නම් එක පිරිසක් ඉරිදා පොළෙන් බඩු ගද්දි අනිත් පිරිස ෆුඩ් සිටියෙන් බඩු ගනියි. එක පිරිසක් 'සැලූන්' එකෙන් කොණ්ඩේ කපද්දි අනිත් පිරිස 'සැලෝන්' එකෙන් කොණ්ඩේ කපයි.
ආර්ථික මට්ටමෙන් වෙනස් වුනාට ගුණදර්ම, සාරධර්ම අතින් වෙනසක් නැහැ.
අනිත් මනුස්සයාගේ අයිතීන්ට ගරු කරන එක, නිදහසට ගරු කරන එක, අනිත් කෙනාගේ පුද්ගලික ජීවිතය තුළ තමාට තියෙන සීමාව වගේ මූලික සදාචාරයන් ගැන හාංකවිසියක දැනුමක් නැහැ. ඒවා රකින්න උවමනාවක් නැහැ. තේරුමක් නැහැ.
නම ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙන කම්පැනියක වැඩ කලාට, ටයි පොලු දාගෙන හිටියට, දවස තිස්සේ මූණ පුරා මේක් අප් උලාගෙන පුකවල් හිර වෙන්න කලිසම් ඇඳං හිටියට ඇතුලාන්තයෙන් මේ අය බහුතරයක් හැසිරෙන්නේ "ඊයා ගොඩේඩේඩේ" ගැමියො වගේ. නූතනත්වය කියන තමාට නොතේරෙන පරිසරයකට අත ඇරලා දාපුවම ඒ වෙනස එක්ක කටයුතු කරන්න ඕන විදිය හිතා ගන්න බැරි "ඊයා ගොඩේඩේඩේ" ගැමියො ටිකක් වගේ.
ඔව්.. මේ කතා කරන්නෙ ඕපාදූප කියන දේ ගැන.. අනිත් මනුස්සයාගේ පුද්ගලික අවකාශයට බලෙන් රිංගලා ඒකෙන් ආතල් එකක් ගන්න එක ගැන
"...අරයා මෙයා එක්ක නිදාගන්න එක..මෙයා අරයා එක්ක කලින් යාළු වෙලා හිටිය එක.. වැඩ ඇරිලා අරයා මෙයාගේ කාර් එකට නැග්ග එක... අරයා යාලු වෙලා ඉඳල තියෙන කොල්ලො ගාන.. අරයාගේ පවුලේ ප්‍රශ්න.. අරයා ගේ සායේ කොට.. බ්ලවුස් එකේ දිග.. විදලා තියෙන කරාබු ගාන.. ටැටූ ගහල තියෙන ගාන සහ තැන්..."
ටයි පොලු දාගත්ත නූතන අබිලිංලා සහ දයාවතීලා ගේ දිනචරියාවේ ප්‍රධානම කොටසක් වෙලා තියෙන්නේ අනෙකාගේ පුද්ගලිකත්වයට බලෙන් හොට දාලා ඒ රහස් කාමර වල තියෙන දේ බලලා අනිත් අයට කියලා වින්දනයක් ලබන එක.
කොච්චර ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගියත් ඒ සෝ කෝල්ඩ් ගොඩේ කම නැති කරන්න බැරි වෙලා තියෙනව.
මඩේ ළගින ඌරෙක් ලෝකෙම තියෙන කුණු වලින් රසයක් විඳිනව වගේ මේ පිරිසත් අනුන්ගේ ජීවිත වල තියෙන කුණුවලින් රසයක් විඳිනව.
ටයිපොලු දාගෙන.. මේකප් උලාගෙන අනිත් මිනිස්සුන්ගෙ පුද්ගලික ජීවිත වලට එබිකම් කරල ඒ අයගෙ පුද්ගලිකත්වය තමාගෙ වටිනාකම් වලින් මැනල තැන් තැන් වල එක එක්කෙනා එක්ක කියවන එක තරම් ආතල් එකක් මේ මිනිස්සුන්ට තවත් නැහැ.
කොච්ච්චරම උත්සාහ කලත් කූඩැල්ලාව මෙට්ටේ තියන්න බෑ කියන කතාවෙ වගේ බාහිර පෙනුමෙන්, යන වාහනයෙන්, පාවිච්චි කරන ෆෝන් එකෙන්, ගෙදර ඉන්නා බල්ලාගේ වර්ගයෙන් කොච්චර නූතන වුනත් ඒ අයගේ මනස අස්සේ තවම ජීවත් වෙන සමාජීය වශයෙන් "ඊයා ගොඩේඩේඩේ" ගැමියාව පාලනය කරන්න ඒ නූතනත්වයට නොහැකි වෙලා තියෙනවා.
මේ අය කොච්චර පොෂ් වෙන්න හැදුවත්.. නූතන වෙන්න හැදුවත්.. ඔලු අස්සේ හිර වෙලා ඉන්නෙ ඔහොම සතෙක්. මේ අයව පොෂ් කියල හඳුන්වනවට වඩා ගැලපෙන්නෙ "පොෂ් ගොඩයො" කියල.. එහෙම නැත්තම් "ඉන්ටර්නැෂනල් ගොඩයො" කියල හඳුන්වන එක..

Tuesday, July 26, 2016
මුරලිගේ අයිතිය වෙනුවන්
මුරලි මගෙ ප්‍රියතම ක්‍රීඩකයෙක් නෙමේ. ඇත්තම කියන්නම් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ මම අකමැතිම ක්‍රීඩකයෙක් මුරලි.. නෑ... එහෙම නෙමේ.. ලංකාවෙ කණ්ඩායමෙන් මම අකමැතිම මනුස්සයෙක් මුරලි. මම සචින් තෙන්දුල්කාර්ට වඩා බ්‍රෙන්ඩන් මැකලම්ට කැමතියි වගේ, මුරලිට වඩා මම චමින්ද වාස්ට කැමතියි. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් ලංකාවෙ කණ්ඩායම වෙනුවෙන් මෙච්චර කඩුළු ගත්ත, ලෝක පූජිත අග්‍රගන්‍ය ක්‍රීඩකයා වෙච්චි මුරලිට අකමැති ඇයි කියල. ඒක අකමැත්තක් කියල හඳුන්වනවට වඩා විශේෂ කැමැත්තක් නැති කමක් කියල හැඳින්වුවොත් හරි.
මුරලිගෙ කඩුළු ටික අයින් කරල.. දක්ෂතාවය අයින් කරල ගත්තම මහත්මා ගතියෙන් යුක්ත ක්‍රීඩකයෙක් මම දැක්කෙ නෑ
මම දැක්කේ පිටිය මැද කඩුළු පිපාසයෙන් පෙළෙන මනුස්සයෙක්ව. ඒ කඩුළු පිපාසය ලංකාවෙ කණ්ඩායමේ වාසියට වැඩකලාට ඔහුගේ හැසිරීම, විනය පොඩ්ඩක් උවමනාවෙන් බැලුවොත් එතන හිටියෙ නැහැදිච්ච අමනුස්සයෙක්. ඒ මම දැක්ක හැටි
මුරලිගෙ පන්දුවකට ලබුන උඩපන්දුවක් බැරි වෙලා හරි අත ඇරුනොත් මුරලි පන්දුව දාද්දි හදාගන්න යක්ෂ මූණම තමාගේ කණ්ඩායමේ සගයා වෙත එල්ල කරන්නේ පෙනන විදියට පරුෂ වචනයෙන් බැන වදිමින්.
එහෙම හැසිරීමක් පෙන්නන, එහෙම විනයක් නැති කෙනෙක් මගේ ඇහින් විශිෂ්ඨයෙක් නෙමේ. ක්‍රීඩාවෙ විශිෂ්ඨයෙක් වෙනව කියන්නෙ පිත්ත හතර අතට වනන එකවත්, පන්දුව කඩුල්ල දිහාට යවන එකවත් විතරක් නෙමේ.. ඉන් සෑහෙන එහාට ගිය දෙයක්, මම හිතන විදියට.
මුරලිගේ ඒ ඇටිටියුඩ් එක ලංකාවෙ වාසියට වැඩ කලේ ඔහු පන්දු යවන්නෙක් නිසා කියලයි මට හිතෙන්නෙ. බැරි වෙලාවත් ඔහු පිතිකරුවෙක් වුනා නම් අපට දකින්න හම්බෙන්නෙ ඉනිමෙ අන්තිම බෝලෙට පුළුවන් තරම් ලකුණු ගන්න බලනවා වෙනුවට තමාගෙ ශතකය වෙනුවන් එකක් දාන සචින් තෙන්දුල්කාර් කෙනෙක්. සචින්ගෙ තිබ්බ ආත්මාර්ථකාමිබව මුරලිගෙන් මම දැක්කා, තමාගෙ වැරදි ගැන පමණක් කියමින් අනික් කණ්ඩායමේ හොඳක් කිසිම විටෙක කියන්න කට ඇරෙන්නෙ නැති රිකී පොන්ටින්ග් ගේ තියෙන කුහක කම මුරලිගෙන් මම දැක්කා, ඒකයි මගේ නිරීක්ෂණය.
මුරලිගෙ කුහක කම කිව්වෙ මේකට..මතක විදියට මුරලි කඩුළු 400 ගත්ත දවසෙ හරි මුරලිගෙ අන්තිම තරඟෙදි හරි (හරියටම මතක නෑ) පැවතුන උත්සවයේදී මුරලි ස්තූති කරපු අයගෙ නම් ලිස්ට් එකේ අර්ජුන රණතුංගව මඟ හැරුනේ හිතාමතාද වැරදිලාද කියල මම දන්නෙ නෑ. නමුත් ඒක වැරදීමක් වුනත්, ඒක ලොකු වැරැද්දක්. අර්ජුනගෙ නම අමතක වෙන්න තරම් මුරලි බබෙක් නොවන බව මම හිතන නිසායි, මම කියන්නෙ එවෙලෙ ඒ සඳහන් කිරීම අමතක කල එක මහා කුහක කමක් කියල. මුරලිට අර්ජුනගෙ නම අමතක වෙන්න විදියක් හිතාගන්න පුළුවන්ද?
දැන් මම මුරලි ගැන මෙහෙම කිව්වට.. ඕස්ට්‍රේලියාව නෙමේ වෙන ඕනම රටක් වෙනුවන් තමාගෙ සේවය කැමති ආකාරයකට දෙන්න මුරලිට තියෙන අයිතිය නොදැක ඉන්න හේතුවක් නැහැ. මොකද ක්‍රීඩකයෙක් කණ්ඩායමකට ක්‍රීඩා කිරීම, වෙනයම් විදියකින් සේවය ලබා දීම ඇතුලේ තියෙන යථාර්තය සහ ඒ ක්‍රීඩකයා ඇතුලෙ හැංගිලා ඉන්න මනුස්සයාගෙ අයිතිවාසකම් වෙනුවෙන් පෙනී ඉන්න ඒ කෙනා මගේ ප්‍රියතම ක්‍රීඩකයා නොවිය යුතු නිසා.
කතාව ඒකයි. මුරලි මගේ ප්‍රියතම ක්‍රීඩකයා නොවුනට.. ඔහු වෙනුවෙන් පෙනී ඉන්නෙ ඒකයි.

Saturday, July 23, 2016
දික්කසාදය ; ඔච්චරටම අවුල්ද?
"මුං දෙන්න දික්කසාද වුනා මදිවට එකට ස්ටේජ් නැගලා දරුවන්ටත් ලැජ්ජ කරනවා"
අතුල සමිතා දෙපල වෙන්වීමෙන් පස්සෙ මුලින්ම ස්ටේජ් නැගපු දවස් වල මගේ නැදෑකෙනෙක් කියපු කතාවක්. ඇයට පුළුවන් කමක් තිබ්බෙ නැහැ දික්කසාද වුන අතුල සමිතා එකම වේදිකාවක නැගලා මිනිස්සු විදියට හිනා වෙලා ඉන්න එක තේරුම් ගන්න.
මොකද, අපේ රටේ දික්කසාදය කියන්නෙම කුණුහරපයක්. අසාර්ථකත්වයේ සංකේතයක්. දික්කසාදයක් සිද්ධ වුනාම ඒක සලකන්නේ අදාල මනුස්සයාගේ ජීවිතයේ මකන්න බැරි කළු පැල්ලමක් විදියට. මොකක් හරි හේතුවක් නිසා දික්ක්සාද වුනාම එතනින් එහාට ඉතුරු වෙන්නේ ජම්මන්ත වෛරක්කාරයෝ දෙන්නෙක් මිසක තේරුම් ගැනීමන් ක්‍රියාකරන මනුස්සයො දෙන්නෙක් නෙමේ.
"ඔය දියුණුයි කියන රටවල දික්කසාද හරිම වැඩියි. ඒකට අපේ සංස්කෘතිය.. අපි ඉන්නෙ උන්ට වඩා සෑහෙන ඉස්සරහින්"
ඔය වගේ කතා පදනම් වෙන්නෙ දික්කසාදයෙන් විවාහ ජීවිතයක සාර්ථකත්වය මනින්න පුළුවන්ය කියන සිතිවිල්ල මත. ඇත්තටම දික්කසාද වීම හෝ නොවීම කියන කාරණය මත එහෙම සාර්ථකත්වය මනින්න පුළුවන්ද?
අපේ වගේ රටවල තවමත් ගැහැණිය කියන්නෙ පුරුෂයා මත යැපෙන්නෙක්. පුරුෂයා කියන්නෙ හැම වෙලේම වගේ නොඉඳුල් ගෑණියෙක් බලාපොරොත්තු වෙන කෙනෙක්. දික්කසාදයකින් අවසන් වුන විවාහයකින් පස්සෙ තමාට යැපෙන්න තවත් පිරිමියෙක් හොයාගන්න තියෙන අපහසුකම, සමාජ අපවාදයට මුහුණ දෙන්නට තියෙන නොහැකියාව, දරුවන්ගේ ප්‍රශ්න වැනි නොයෙකුත් දේ නිසා දික්කසාදයට නොයා ජීවිතය විඳවමින් දුක් කම්කටොලු රාශියක් දරාගෙන නිකන්ම කාලයට ගෙවිල යන ජීවිත කීයෙන් කීයක් අපේ රටේ විතරක්ම තියෙනවයි කියලද?
දික්කසාදය කියන සංකල්පය ඇතුලෙම තියෙන්නෙ එක්කෙනෙක්ට අනිකා නැතුව ජීවත් වෙන්න තියෙන හැකියාව පිළිබිඹු කිරීමක්. එතන තියෙන්නෙ වැඩිහිටියෙක් විදියට තමාගේ ජීවිතය ගැන ඇගයීමේ හැකියාවක්.. සත්‍යයට මුහුණදීමේ හැකියාවක්.. මහ පොළව මත පය ගහල ජීවත් වෙන්න තමාට හැකි බව කියවෙන පුද්ගලයෙකුගේ ආත්ම ශක්තියේ ප්‍රකාශනයක් වගේම පුද්ගලයෙක් විදියට පෙන්නුම් කරනා ස්වාධීනත්වයක්..
ඒ අතින් බලද්දි දුක්ඛිත කසාද ජීවිත අස්සෙ හිර වෙලා ඉන්න අපේ ස්වාධීනත්වය ගැන ප්‍රශ්නයක් ඉතිරි වෙනවා.
වෙන රටවල අවුරුදු 16-18 ගත වෙද්දිම සුළු හරි රැකියාවක් කරමින් ස්වාධීන ජීවිත වලට පය තබන තරුණ පරපුරකට සාපේක්ෂව අපේ රටේ ඉන්නෙ ඒ වයසෙදි අම්මගෙන් සල්ලි ඉල්ලගෙන පියාගෙන් අවසර අරගෙන තමාගෙ වැඩ කරගන්න සිද්ධ වෙලා තියෙන දෙමව්පියන් මත යැපෙන තරුණ පරපුරක්. කොටින්ම මෙතනදි විවාහය, පවුල් ජීවිතය පමණක් නෙමේ දික්කසාදය පවා තීරණය වීමේ මූලික භූමිකාවක් දෙමාපියන් රඟපානවා.
ඒ අතින් අපි ස්වාධීන නැහැ. ඉතින් ස්වාධීන තීරණ ගන්න විදියක් නැහැ අපි යැපෙන්නො... විවාහයෙන් පස්සෙත් එකිනෙකාගෙන් තොර පැවැත්මක් ගැන හිතන්නවත් බැරි යැපෙන්නො !
ඉතින් ඔහොම කුජීත සිස්ටම් එකක් අස්සෙ ඉඳගෙන තමයි අපි දික්කසාද රේට් එකෙන් අපේ සාර්ථකත්වය කියවන්න හදන්නෙ. නමුත් ඒ කියවීම අස්සෙ අපි අපිවම රවට්ටා ගන්න බව තමයි ඒක අස්සෙ හැංගිලා තියෙන ඇත්ත කතාව !

Monday, July 11, 2016
බූට් කෑමේ නිවැරදි ක්‍රමය
කෙල්ලෙක් කොල්ලෙක්ට බූට් එකක් තිබ්බොත් හෙවත් ආදර සබඳතාවයකට නැවතීමේ තිත තිබ්බොත් ගොඩක් අය ඒක සලකන්නෙ මහා සහගහන අපරාධයක් විදියට.
කොල්ලෙක් කෙල්ලෙක්ට බූට් එකක් තිබ්බත් එහෙමයි.
කට්ට කාලා කාලා අමාරුවෙන් යාලු කරගෙන, ගෙදර ඈයන්ගෙන් ගේම ඉල්ල ඉල්ල අමාරුවෙන් කරගෙන ගිහින්, අතේ තියෙන තුට්ටු දෙක හිඳෙනකන්ම වියදන් කරල, හීන දාහක් තියන් කරපු ප්‍රේමවන්තයා/ප්‍රේමවන්තිය එකපාරම බූට් එක තිබ්බොත් එහෙම දේකට කොහොමද මූණ දෙන්නෙ?
ගොඩක් අය වරද්දගන්න තැනක් තමා මේක. මගේ දැනීමේ හැටියට ගොඩක් අය බූට් එක කන්නේ මෙහෙමයි..
අපේ කොල්ලො (හැමෝම නෙමේ) කරන්නේ මුලින්ම කෙල්ලව ශේප් කරගෙන ආයෙ යාලු කරගන්න උත්සාහ කරන එක. අන්තිමට ඕක කෙල්ලට වාතයක් වෙන තත්වයටම පත්වෙනවා. කොටින්ම කියනවා නම් කෙල්ල පස්සෙන් බල්ලෙක් වගේ නැට්ට වන වන වැඳ වැඳ යන තත්වයටම පත්වෙනවා. ඒකත් හරි ගියේ නැති වුනාම ඕකෙ ඊලඟ ලෙවල් එක තමා ගේම ඉල්ලීමේ ලෙවල් එක. මරාගෙන මැරෙන්න සූදානම් වෙන පලිගැනීමේ ලෙවල් එක. යාලුවෝ දමා තමා එක දවසක් හරි ආදරේ කරපු ඒ කෙල්ලව චාටර් කරන ලෙවල් එක. මඩ ගහන, නම කැත කරන, තමාගේ සහ ඇගේ ලිංගික ජීවිතය ගැන අනිත් අයට කිය කිය, ඇගේ අලුත් පෙම්වතාගේ ජීවිතයට තර්ජනය කර කර, වෙඩින් ගන්න දෙන්නේ නෑ කියල තර්ජනය කරන ලෙවල් එක. ෆොටෝ තියෙනව නම් ඒව දාල කෙල්ලගේ නමින් ෆේක් අකවුන්ට් එකක් හදල ඒකෙන් මෝඩ චූන් ගන්න ලෙවල් එක. ෆේස් බුක් එකේ බූට් ස්ටේට්ස්, බූට් ෆොටෝස් දමමින් අන් අයගේ අනුකම්පාව සහ අවධානය හිඟාකන ලෙවල් එක...
ඊට පස්සේ ආයෙ කවදාවත් ලව් කරන්නේ නෑ, කෑලි දාගන්නේ නෑ, දාගත්තත් සිරා කරන්නේ නෑ කියල තමා තමාටම පොරොන්දු වෙනවා.අන්තිමට මාස දෙක තුනක්, අවුරුද්දක් ගිහින් කෙල්ල අමතක වුනාම වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙනවා.අවුරුදු කිහිපයක් ගිහින් ඒ කෙල්ලව බැඳල ඒකි එක්ක පාරෙ යද්දි අර පරණ කෙල්ලව මුහුණට මුහුණ හම්බුනාම පොලව පලාගෙන යන්ඩ හිතෙනවා තමා වැඩවල හැටියට ඒ කෙල්ලගෙ මූණවත් කෙලින් බලන්න බැරි නිසා.ලමයෙක් දෙන්නෙක් හම්බෙලා තාත්තෙක් වුන දවසට අර පරණ නැට්ට වනපු සීන් මතක් වෙද්දි තමාට තමා ගැනම ලැජ්ජ හිතිල අනේ මම වගේ ගොනෙක් කියල හිතෙන තත්වයටම පත්වෙනවා.
ඕක තමයි බොහෝ අය බූට් එක කන විදිහ.
මේ කට්ටිය සහ මේ තත්වයට පත්වෙන්න ඉන්න කට්ටියට (ඉදිරියේදී බූට් කන්න ඉන්න කට්ටියට) බූට් තැබීමේ අයිතිය ගැන මගේ අදහස් ඉදිරිපත් කරන එකයි මේ සටහනේ අරමුණ.
බූට් එකක් තියන එක හෙවත් ආදර සම්බන්ධයකට නැවතීමේ තිත තියන එක ඔයතරම් වැරදි දෙයක්ද?
වැඩිවියට පැමිනුණ දින සිට නොයෙකුත් හේතු නිසා තරුණ තරුණියන් අතර ඇතිවන ආදර සම්බන්ධකම් සෑම විටම විවාහයෙන් කෙලවර වෙන්නේ නෑ, එහෙම වෙන්න ඕනත් නෑ...
..ආකර්ශනය නිසා හරි වෙනයම් හේතුවක් නිසා හරි ඇතිවන මේ සම්බන්ධතා බිඳ වැටීම සාමාන්‍ය දෙයක්. තරුණයෙක් සහ තරුණියක් ආදර සම්බන්ධතාවක් පටන් ගත්තයින් පස්සෙ එකිනෙකා තේරුම් ගැනීම සිදුවනවා. මේකට අනිවාර්‍යෙන් කාලය ගතවනවා. එහෙම කාලය ගතවූවායින් පස්සෙත් කෙනෙක් සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට බැරි වුනත්, තමාගේ අවශ්‍යතා, උවමනා, සහ වටිනාකම් වලට තම සහකරුවා හෝ සහකාරිය ගැලපෙනවාද නැද්ද යන්න තීරණය කිරීම සම්බන්ධතාවය පවත්වාගෙන යන දෙදෙනාගේම අයිතියක්. ගොඩක් වෙලාවට මේ තීරණය හිහෝ නිරායාසයෙන් හරි නොදැනුවත්වම හරි සිදුවන්නේ. මුල් කාලයේ ආදරයෙන් තේරුම් ගැනීමෙන් ගෙන ගිය සම්බන්ධතාවය කල්යත්ම වෙනත් ස්වභාවයකට පත් වෙන්න පුළුවන්. මේ තත්වයට වුනාම තමාගෙ උවමනා සහ වටිනාකම් වලට නොගැලපෙන කෙනෙක් සමඟ අනුකම්පාව නිසා හෝ සමාජය ඉදිරියේ පත්වන ලජ්ජාව නිසා හෝ දිගටම සිටීම තමාට මෙන්ම තම සහකරුවා/සහකාරියටත් කරන අසාධාරණයක් නෙමේද? එහෙම ඉන්න යුවලක් විවාහ ජීවිතයට ඇතුලත් වුනොත් ඒ සම්බන්ධතාවය සාර්ථක වෙන්න වඩා අසාර්ථක වීමට හැකියාව ඉතා වැඩි ඉඩක් තිබෙනවා නේද? එය විවාහයෙන් පසු තමා බිහි කරන ලමයින්ට කරන අසාධාරණයක් නෙමේද?
ආදර සම්බන්ධතාවයේ යම් අවස්ථාවක තම සහකරුවාට/සහකාරියට ඇති ආදරය, ආකර්ශනය නැති වී ගොස් ඒකාකාරී, නිරස ස්වභාවයකට පත්වුනහොත් ඒ බව තම සහකරුවාට/සහකාරියට දැනුම් දී තීරණයක් ගැනීම වැඩිහිටියක් විදිහට කල යුතු වගකීමක් මිසක වැරැද්දක් නෙමේ. තම වෙනස් කම්, නොගැලපීම් සාකච්ඡාවෙන් විසඳා ගැනීමට උත්සාහ කිරීමෙන් පසුව හෝ එසේ නොමැතිව හෝ සම්බන්ධයට නැවතීමේ තිත තැබීම දෙදෙනාගේම අයිතියක්.
මගේ පුද්ගලික අදහස නම් සහකාරියක් විසින් ප්‍රේම සම්බන්ධයක් නැවතීමට තීරණයක් ගෙන ඒ ගැන කතා කිරීමට හෝ අකමැති නම් එයත් ඇයගේ අයිතියක් බවයි. කෙනෙක් සමග දිගටම සම්බන්ධතාවය ගෙනයාමට අකමැති වීමම ප්‍රමාණවත් විය යුතුයි ඒ සම්බන්ධය නැවතීම සඳහා. නැතුව තමාගේ තීරණයට හේතු ඉදිරිපත් කිරීම හෝ වග උත්තර බැදීම බලෙන් කරන්නට යෑම තේරුමක් නැති දෙයක් විදිහටයි මම දකින්නේ. මෙහිදී සමාජය විසින් මේ දෙස බලන විදිහ අනුමත කල නොහැකියි. උදාහරණයක් විදිහට සම්බන්ධය නැවැත්වූ තරුණිය ටික කාලයකට පසු වෙනත් පොහොසත් තරුණයෙක් හෝ වඩා කඩවසම් තරුණයෙක් සමඟ හෝ ආදර සම්බන්ධයක් පටන් ගත්තොත් සැමදෙනා ඇය දෙස බලන්නේ වපර ඇසින්. නමුත් සිදු වුනේ මම කලින් සඳහන් කල දෙය නොවේද? ඇයගේ අවශ්යතාව, උවමනාව, සහ වටිනාකම් වලට ගැලපෙන කෙනෙක් ඇය විසින් තෝරාගනු ලැබුවා. තමාගේ ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගැනීම ඇයගේ අයිතියක් පැහැදිලිවම.
ඒ අවස්ථාවේ තමා කැපකල කාලය, ශ්‍රමය, මුදල්, තම සිහින වැනිදේ තමාට අහිමි වූ නිසා ලොකු නාස්තියක් අපරාදයක් ලෙස පෙනුනත් දීර්ඝ කාලීනව සිතා බැලීමේදී සිදුවුනේ ඉතාම හොඳ දෙයක් බව සක්සුදක් සේ පැහැදිලියි. මෙවන් අවස්ථාවල හැකිතර්ම් බුද්ධියෙන් කටයුතු කිරීමයි කල යුත්තේ. ජීවිතයට හොඳ අත්දැකීමක් කර ගැනීමයි කල යුත්තේ.මගෙ අදහස නම් අදාල තරුණයා සතුටු විය යුතුයි තරුණිය ඒ තීරණය ගැනීම ගැන. නැතහොත් විවාහයෙන් පසු තමාට සැපිරීමට නොහැකි ඇයගේ ආශාවල්, අවශ්යතා නිසා දෙදෙනාගේම ජීවිත මෙන්ම දරුවන්ගේ ජීවිතද අපායක් වීමට තිබුන අනාගතය අර තරුණියගේ තීරණය හේතුවෙන් වැලකී ගිය නිසා. සිදු වූයේ බූට් තැබීමක් හෝ අවමන් කිරීමක් නොව දෙදෙනා හෝ දෙදෙනාගෙන් එක් අයෙක් විසින් අනෙකා තේරුම් ගෙන වැඩිහිටියෙක් සේ ගත් තීරණයක්. ඉතින් මෙවන් අවස්ථාවක කල යුතු වන්නේ දෙදෙනාම වැඩිහිටියන් විදියට හැසිරීමයි.
හදවතින් තීරණ ගැනීම කියා දෙයක් නෑ. සෑම විටම ජීවිතයේ තීරණ බුද්ධිමත්ම ගැනීමට උත්සාහ කල යුතුයි. හදවතින් තීරණ ගැනීම යනු බුද්ධිය පාවිච්චි කරන්නෙ නැතුව හැඟිම් වලට වහල් වී ගන්නා අනුවණ තීරණ හැඳින්වීමට මිනිසුන් සාදාගත් නමක් විතරයි
ජීවිතයේ යාථාර්තයට මුහුණ දීමට වැඩිහිටියන් ලෙස අපි සියල්ලන් සූදානම් විය යුතුයි. ඒක කරන්න බැරි කෙනෙක් ආදර සම්බන්ධයක් පවත්වාගෙන යාමට, විවාහ වීමට, දරුවන් බිහි කිරීමට සුදුසු කෙනෙක් නෙමේ.
මෙවන් අවස්ථා මෙන්ම ජීවිතයේ අනෙක් සෑම අවස්ථාවකදීම මුහුණ දෙන්නට සිදුවන මිහිරි සහ අමිහිරි අත්දැකීම් තුලින් පන්නරයක් ලබාගෙන ජීවිතය ජය ගැනීමට අධිෂ්ඨාන කරගැනීමයි කල යුත්තේ. පසු කාලයේදී තමාට තමා ගැනම ලජ්ජාවන අයුරින් එවන් අවස්ථා වලදී හැසිරීම නොවේ.
- වසර දෙකකට පමණ පෙර ලියූ පැරණි සටහනකි.

Monday, July 4, 2016
මදුරු බැට් !
ඔය පින්තූරෙ තියෙන්නෙ අපේ ගෙදර තියෙන මදුරු බැට් එක. වැඩිය නෑ රුපියල් 800 යි. හතර අතේ වනන්න තියෙන්නෙ මදුරුවන්ට ඔන් ද ස්පොට් බඩු පැකට් වෙනවා "කිරිස්" "කිරිස්" ගාලා... මදුරු කරදරේ නිසා මලපැන්න වෙලාවල්වල මමත් මේකෙන් මදුරුවො සෑහෙන ප්‍රමාණයකට ස්වර්ගස්ථ වෙන්න මාර්ගය හදල දීලා තියෙනවා.
වැදුන ගමන් මදුරුවාව රෝස් පාන් වගේ රෝස්ම වෙලා යනව සැක තියාගන්න එපා බොරු නෙමේ මේ ගල් පැලෙන ඇත්ත.
නෑ නෑ... එහෙම කලා කියල තමාගේ ෆේස් බුක් සත්ව හිංසා කැම්පේන් වලට හානියක් වෙන්නෙ එහෙම නෑ. දඬු ලේන්නු වෙනුවන් කතා කරන්න.. පෙරහැරේ අලි වෙනුවෙන් හඬ නඟන්න.. දුක, වේදනාව, හැඟීම් දැනීම් තියෙන සත්තුන්ව ගෘහාශ්‍රිත සහ නොවන කියල දෙකොටසකට බෙදලා ඉන් එක ජාතියකගෙ මස් බඩේ තියාගෙන අනිත් ජාතිය වෙනුවෙන් කඳුළු සලන්න බැරි වෙන්නෙත් නෑ.
මදුරු බැට් එකෙන් මදුරුවො මරද්දි හෙන ආතලුත් එක්ක! (මස් කද්දි දිවට දැනෙන ආතල් එක වගෙම තමයි)
කුකුල් මස් කාලා ෆේස් බුක් ඇවිත් දඬුලේන්නු වෙනුවෙන් අඬලා.. දඬුලේන්නු මරපු උන්ව අල්ලලා දීලා යුක්තිය ඉෂ්ඨ කරන්න දායක වෙලා රෑට නිදාගන්න කලින් "මදුරු බැට්" එකෙන් මදුරුවන් දහ පාලොස් දෙනෙක්ට වැඩේ දීලම නින්දට යන්න පුළුවන්.
දැන් මේ දවස් වල ලොකු කතාවක් යනවනෙ සත්තු මරණ සීන් එක ගැන. එහෙම කියල මදුරු බැට් එක නොගෙන හෙම ඉන්නෙපා..
ඒක ගැනත් වචනයක් කියන්නම්කො
අපි මස් කන්න ආසයි.. මස් හරිම රසයි.. අපිට බෑ මස් කන එක නවත්තන්න.. ඒ අස්සෙ අපිට ඕන අපි හරි දේ කරන්නෙ කියල හිත හදාගන්නත්..!
දැන් ඕකනෙ ප්‍රශ්නෙ.
සරලව කියනව නම් තමා හොඳ මිනිහා වෙන්නනෙ ඕන
බය වෙන්න එපා. අන්තිමට මොන වැඩේ කලත් ඔයා කරන දේ "හරි" කියල තමා උත්තරේ එන්නෙ. හිතද්දි තර්කනය පොඩ්ඩක් ඩිස්මිස් කරන්න විතරයි තියෙන්නෙ.. ඔව් ඔව්.. තම තමා කැමති විදියට..
මම නම් හොඳ මිනිහෙක් නෙමේ. මම නම් නොම්බර එකේ කුහකයෙක්. මදුරු බැට් එකෙන් මම මදුරුවො මරනව. කාලෙකට මස් කනවා.. ආයෙ වෙජිටේරියන් වෙනව.. ආයෙ වීගන් වෙනව.. ආයෙ මස් කනවා.. ආයෙ වෙජිටේරියන්..ආයෙ වීගන්..ඕක තමා මගේ චක්කරේ..
මටත් මස් කන එක නවත්තන්න මාර අමාරුයි (විශේෂයෙන් ෂොට් එකක් හෙම දාද්දි බයිට් ඕන වෙද්දි)
ඒක වෙනම කතාවක්.. මම කියන්න ගියෙ මේ කරුමෙකටද කොහෙද මම මේවා ගැන හිතද්දි මගේ ආසාවල් පැත්තක තියල හිතන්නෙ. ඉතින් අර සූත්තරේ දැම්මාම ඕගොල්ලන්ට වගේ නෙමේ, මට එන්නේ "උඹ මහා කුහකයෙක්.. කොච්චර තර්ක කලත් මස් කන එක වැරදියි බූරුවො" වගේ උත්තරයක්.
කමක් නෑ.. මම හැරෙන්න අනිත් ඔක්කොම හොඳ මිනිස්සුනෙ.ඒ මදෑ. අන්තිමට හැමෝම කරන්නේ තමා 'හරි' කියල හිතන දේ කියල උත්තරේ එනවනෙ.
මම නම් මම වැරදියි කියල හිතන.. මම වැරදියි කියල දන්න දේවලුත් කරනවා ඕන තරම්. ඒකයි මම කිව්වෙ මම නොම්බර එකේ කුහකයෙක් කියල (ඕකට සිංහලෙන් කියන්නෙ hypocrite කියල)
උඹල හොඳ මිනිස්සුනෙ. එච්චරයි ඕන.
ගන්න.. මදුරු කරදරේට මදුරු බැට්..
කන්න.. දිවට රසට ඕන මසක් ! ආ.. වැරදුනා.. ගෘහාශ්‍රිත සත්තු සහ නම් කරන ලද සතුන් හැර ඕන මසක් !
තෙරුවන් සරණයි. (සියලු සත්වයෝ නිදුක් වෙත්වා)
ප/ලි -
[1]. කරුමෙ කිව්වෙ මට මම ගැන එහෙම හිතෙන එක. නැත්නම් උඹල වගේ හිත හදාගෙන මස් ටික කන්න තිබ්බා
[2]ආ.. තව එකක් අපේ ගෙදර හතර මායමට "හරක් මස්" වද්දගන්නෙත් නෑ. තාත්තා කැමති නෑ. අකමැති හේතුව දන්නෙ උන්දැම තමා
Subscribe to:
Posts (Atom)
බුදුන් මැරීම
“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...
-
“කලාකාරයෝ කියන්නේ හරිම සංවේදී මිනිස්සු” ඒ කලාකරුවන්ගේ මුවින් නිතරම පිටවන වදන් පෙළකි. "අපි කලාව විකුණනෙ නෑ, මම කලාව කරන්නේ ම...
-
මෙය නිතර ඇසෙන ප්රශ්නයකි. මුලින්ම තේරුම් ගත යුත්තේ ලෝකයේ තේරුමක් ඇති ප්‍රශ්න සහ තේරුමක් නැති ප්‍රශ්න යනුවෙන් ප්‍රශ්න වර්ග දෙකක් ඇති බව...
-
ලසිත් මාලිංග කියන්නේ වෘතිය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සිංහලෙන්ම කියනව නම් රස්සාවට ක්‍රිකට් ගහන මනුස්සයෙක්. ඒ මනුස්සයා (ඇතුළු රස්සාවට...
-
පොදුවේ මිනිස්සු අනිත් අය ගැන හිතන්න, අනිත් අයට උදව් කරන්න කැමති තමන්ගේ පැවැත්මට බලපෑමක් නොවන මට්ටමින් විතරයි. KFC එකට රෑ කෑමකට යන පවුලක...
-
මනුෂ්‍යයයෙකු සුළු දිය පහකරන්නේ සිට ගෙනද නැතිනම් ඉදගෙනද යන්න මත එම තැනැත්තාව උසස් හෝ පහත් ලෙස වෙන් කිරීම ඉතාමත් ප්‍රාථමික බෙදීමක් යැයි බ්ලොග්...