Tuesday, June 28, 2016

පිරිමිකමේ අභියෝගය !

අපි නොකිය හිටියට ඔය සෝ කෝල්ඩ් "පිරිමිකම" කියන ස්ටේටස් එක රැකගෙන ඉන්න එක ගෑණුන්ට තියෙන "ගෙදර බුදුන් අම්මා" ස්ටේටස් එක රැකගෙන ඉන්නව තරම්ම අමාරු වැඩක්. ඒ තරමටම සුදුසුකම් සපුරාගෙන ඉන්න ඕන "නියම පිරිමියෙක්" කියන ලේබලය රැකගෙන ඉන්න.

හිතවතෙකුගෙ මරණගෙදරකදි ඇහෙන් වැටෙන කඳුළක් පිටකරගන්න, සංවේදී අවස්ථාවකදි ඒ හැඟීම පිටකරන්න.. විඳින්න, අනතුරක් දැනෙන අවස්ථාවකදි ඉදිරියට එන්න. ගහකට තාප්පයකට නගින්න, හදිසි වලියකදි පෙරමුණ ගන්න..

ඒ ඔක්කොටම වඩා කෙල්ලෙක් වගේ නොවෙන්න..

"මොකද බං අඬන්නෙ... කෙල්ලෙක් වගේ", "අපෝ බං ගහකටවත් නැගගන්න බැරිද? පිරිමියෙක්ද?", "මොකද බං හැංගෙන්නෙ. පිරිමියෙක් නේද?", "බීහං යකෝ.. ගෑණියෙක් වගේ කොකා කෝලා බිබී ඉන්නෙ නැතුව", "නියම පිරිමියෙක් නම් සිගරට් බොන්නෙ නෑ"

පුරුෂලිඟුවක හිමිකාර බවට කරන අහියෝගයක් තුළින් මොළයේ ක්‍රියාකාරීතවය අඩපන කරලා, ඕනම බුද්ධිමතෙක්ට කියලා ඕනම ගොං වැඩක් කරගන්න හිතන තරම්ම අමාරු වෙන එකක් නෑ.

පිරිමිකමේ මහා පවුරට එල්ල වෙන පරම අභියෝගය තමා මෙන්න මේ වචන කිහිපය..

"...පොන්නයෙක් වෙන්නෙ නැතුව !..."

ඔය වචන කිහිපයට පිරිමි මොළයකට කරන්න පුළුවන් බලපෑම සුළුපටු නෑ.

"නෑ නෑ..මම පොන්නයෙක් නෙමේ..මම පිරිමියෙක්.. මගෙ පිරිමිබව ඔප්පු කරන්න මොකක්ද මම කරන්න ඕන !"....ඕක තමා හිත ඇතුලෙන් නැඟෙන පිරිමි කම රැකගැනීමේ උවමනාවේ දෝංකාරය

ගැහැණියකට වගේම පිරිමියාටත් ඒ ජෙන්ඩර් රෝල් එක රඟපාන්න සමාජයෙන් නියම කරන එක පොදුයි. එක අතකට ඔය 'නියම පිරිමිකම' කියන ජෙන්ඩර් රෝල් එක සමාජයෙන් ඔටුන්නක් වගේ පැළැන්දෙව්වට ඒක සමාන වෙන්නෙ ඔටුන්නකට වඩා අං තට්ටුවකට..

"පැනහං බං... අනිත් උන්ට පුළුවන් නම් උඹ ඇයි වටෙන් එන්නෙ? පැනහං යකෝ.. පොන්නයෙක් වෙන්නෙ නැතුව"

මොකද කරන්නෙ?

"හරි මචං මං පොන්නයෙක්. නිකන් පැනලා අඬු කඩාගන්න මට ඕන නැහැ. මම පොන්නයෙක් වගේ වටෙන් එන්නම්"

ද?

නැත්නම් පිරිමිකම ඔප්පු කිරීමේ අභියෝගය බාර අරගෙන වටෙන් යන්නෙ නැතුව වල උඩින් පනිනවද?

මොකද කරන්නේ?

ඕකයි පිරිමිකමේ අභියෝගය.. ඕකයි තේරීම..!

ඔබේ පිරිමිකම අභියෝගයට ලක් වුනාම මොකක්ද තෝරාගන්නා තේරීම. මොහොතක් හිතල බලන්න.

7 comments:

  1. //හරි මචං මං පොන්නයෙක්. නිකන් පැනලා අඬු කඩාගන්න මට ඕන නැහැ. මම පොන්නයෙක් වගේ වටෙන් එන්නම්"//

    ReplyDelete
    Replies
    1. ඔහොම කියන්න නියම ගටක් තියෙන "පිරිමියෙක්" වෙන්නෝන :P :P

      Delete
  2. ඔක්කොටම ඉස්සෙල්ලම පිරිමියෙක් වගේ උඹේ පෝස්ට් එකේ අකුරු තව කට්ටයක් ලොකු කරපංකො අපි වගේ වයසක ඩයලුත් මේවා බලන නිසා. :D small > medium > large

    ඇත්තෙන්ම කිව්වොත් මම පොඩිකාලෙ අඬන්න බයයි පිරිමි කම නිසා. දැන් ඒකෙ ගානක් නෑ. කඳුලක් ආවට පිරිමිකම නැතිවෙයි කියලා හිතෙන්නෙ නෑ. ඒ කියන්නෙ දැන් දැන් පිරිමින්ටත් දුක දැනෙන බවටත්, ඇස් තෙත් වෙන බවත් ඉස්සරට වඩා මිනිස්සු පිළිගන්නවා.

    ඒ වගේම "පිරිමිකම" ‍රැකගන්න ඉස්සර වගේ ගොං වැඩ කරන්නෙවත් ගොං අභියෝග බාරගන්නෙවත් නෑ. There's nothing to prove now.

    උඹ අහල තියෙනවද Kenny Rogers ගෙ Coward of the County සින්දුව? අහල නැත්නම් ඩවුන්ලෝඩ් කරගෙන අහපං. මට ඒක මතක් වුනා මොකක්දෝ හේතුවකට.

    Promise me son not to do the things I've done
    Walk away from trouble when you can
    It don't mean you're weak
    if you turn the other cheek
    .......
    Son you don't have to fight to be a man

    ReplyDelete
  3. Replies
    1. @Dude

      රිප්ලයි එක පරක්කු උනාට සමාවෙයන් පොඩ්ඩක් බිසී වුනා. සින්දුව අහල බලන්නම් මචන් :)

      Delete
  4. සිරා ම සිරා බ්ලොග් පෝස්ට් . .
    මම පට්ට ලයික් මේ ලියලා තියෙන සරල පැහැදිලි සහ බොක්කට දැනෙන ස්ටයිල් එකට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුකා :)

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...