Thursday, April 28, 2016

රජතුමාට නිකමෙක් කුණුහරපෙන් බැනලා !

රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකට රටට ඇතුල් වෙන විදෙස් රටක නායකයෙක්ගෙ ඔලුවට තුවක්කුවකින් කෙළලා අරින එකෙක් අපිට වීරයෙක් වෙද්දි, අපේ රටේ 'හොඳ' ජනාධිපතිට කුණුහරපයක් කියන එකෙක් අපිට දුෂ්ඨයෙක් වෙනවා.

ඒක තමා අපේ ශිෂ්ඨත්වය, සභ්‍යත්වය.. හැදියාව

රජ්ජුරුවන්ට කුණුහරපෙන් බනිනවද එහෙම?

අපි දැනගන්න ඕන අපේ තැන ඉන්න

රජතුමා කොච්චර අවලම් වැඩ කලත්, ඒවාට අවලම් වැඩ කියන්න හොඳ නෑ...

රජතුමා කොච්චර පොන්න වැඩ කලත් ඒවාට පොන්න වැඩ කියන්න හොඳ නෑ.. නෑ..

රජතුමා ගමරාල කෙනෙක්ගේ භූමිකාවයි ජනාධිපතිතනතුරේ භූමිකාවයි තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති ගොං වහන්සේ කෙනෙක් වුනාට එතුමාට ගොං වහන්සේ කියන්න හොඳ නෑ. නෑ..නෑ..

රජතුමා රාජ්‍ය පාලනය සම්බන්ධ තීරණ පත්තරෙන් දැනගන්න, රටට වඩා පක්ෂය ලොකු කරගත්ත, පඹ ගාලක පැටලුන කොයිතරම් කාලකණ්ණි පිස්සු *කන්නෙක් වුනත් එතුමට එහෙම කියන්න හොඳ නෑ..නෑ.නෑ..නෑ

"රජතුමෙනි.. සොරි.. ගමරාළතුමෙනි.. ඔයා හරීම.. නරක සමනලයෙක් !"

පලාත් සභා මන්ත්‍රීකෙනෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්, ඇමති කෙනෙක් හෙම සාමාන්‍ය මනුස්සයෙක්ට කුණුහරපයෙන් ඔහොම කතා කලොත් එදාටත් ඔය ඉක්මනින්ම ඌවත් අල්ලලා හිරේ දායි මයෙ හිතේ..

ඒක නං මට ඉර හඳ වගේ විස්සාසයි

මොකද අපි ජීවත් වෙන්නෙ අශිෂ්ඨත්වය ඉදිරියේ අකුරටම නීතිය ක්‍රියාත්මක වෙන රටකනෙ...හා නැද්ද?

පොඩ්ඩක් නික..මට වගේ නිකන්ම නිකන් හිතල බලන්න.

වෙන වෙලාවට ක්‍රියාත්මක නොවෙන නීතියක් මෙවෙලේම අකුරට ක්රියාත්මක වෙන එකෙන් හිතෙන්නෙ නැද්ද මේක සාමාන්‍ය මනුස්සයෙක් සහ ජනාධිපති කෙනෙක් අතර ප්‍රශ්නයක් නෙමේ..

මහජනතාව සහ පාලකයො අතර ප්‍රශ්නයක් කියල..

මේකෙන් පාලකයා දෙන්නෙ මැසේජ් එකක්. ඒ මැසේජ් එක තමයි නීතිය කියන්නෙ ඌට ඕන වෙලාවට ඌට ඕන විදියට ඌට ඕන අයට විරුද්ධව පාවිච්චි කරන්න තියෙන අවියක් කියන එක..

ඒ අවිය නියම එල්ලයට නියම වෙලාවට ඉලක්ක වෙන්නෙ අනිත් පැත්තෙ සාමාන්‍ය මනුස්සයෙක් ඉද්දි විතරයි..

අනිත් පැත්තෙ ඉන්නේ වෙන එකෙක් නම්, ඒ කිව්වෙ බලය තියෙන එකෙක් නම්.. එතනදි නීතිය ක්‍රියාත්මක වීමේදී පොඩි කන්ඩිෂන් බලපානව.. කාලගුණ තත්වය, වාතයේ අර්ද්‍රතාවය, කාමර උෂ්ණත්වය.. ඔය  ඔක්කොම සලකලා බලලා හිත නොරිදෙන ඇඟ නොරිදෙන විදියට ඉස්පිරිතාල පහසුකම් හෙම එක්කයි ලාවට වගේ නීතිය ක්‍රියාත්මක කෙරෙන්නෙ.

ඔය බැනපු මනුස්සයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා.. ඔහොම බැන්නෙ වෙන කෙනෙක්ට නම්.. දවස් දෙක තුනකින් සීන් එක අමතක වෙලා ගිහින් මෛත්‍රීගේ ආණ්ඩුවට පැනලා ඇමතිකමකුත් ගන්න තිබ්බා..

කියනවට නිකන්.. නික...මට හිතන්න.. හිතල බලන්න

බොරුද කියල?

ප/ලි - 

එක,

රජීව් ගාන්ධි රටට පැමිණීමේ හරි වැරැද්ද වෙනම කාරණයකි. මිනිස්සු අකමැති නිසා රජීව් ගාන්ධිගේ ඔලුවට තුවක්කුවෙන් ගහන එක නිවැරදි නම්, හෙට රටෙන් බහුතරයක් මෛත්‍රීට අකමැති වුනොත් හෙට හවසට අරූම කුණුහරපෙන් වීඩියෝ එකක් ගහලා අප්ලෝඩ් කිරීම නිවැරදි විය යුතුය.

දෙක,

මේ සම්බන්ධව නීතිය කුමක්ද කියා දනිමි. නීතිය ඉදිරියේ තීරණය වෙන්නේ යමක හරි වැරැද්ද නොව යමක නීත්‍යානුකූලද නැද්ද පමණක් බවත් සඳහන් කරමින් සටහන අවසන් කරමි.

Wednesday, April 27, 2016

දෙබස්


පිං කාරයා - රැඩිකල් වෙන්න කියල අම්මව වුනත් වටේ යවන පො*නයො එක්ක කොහොමද බං අපි අපේ සංස්කෘතිය රැකගන්නෙ?

පව් කාරයා - රැඩිකල් වෙන්න හදන උන් එහෙමද ආයිබෝං? මම දන්න විදිහට බුදුහාමුදුරුවොත් ඒ කාලේ තිබ්බ සමාජ ක්‍රමයේ හැටියට සෑහෙන රැඩිකල් අදහස් තිබ්බ කෙනෙක්.. ඒ කියන්නෙ උඹ කියන විදියට බුදු හාමුදුරුවොත්... එක්කො ඕන්නෑ !@#$%^&*

-----

පිං කාරයා - උඹ දන්නවාද උඹ මේ විරුද්ධ වෙන්නේ අවුරුදු දෙදාස් පන්සීයක සාඩම්බර ඉතිහාසයක් තියෙන ප්‍රෞඪ ජාතියක අභිමානයට බව.

පව් කාරයා - නෑ බං. මම මේ විරුද්ධ වෙන්නේ ප්‍රෞඪ කියල කියන ඉතිහාසයක් කරේ තියාගෙන උදේ හවහ කයිවාරු ගැහිල්ල නිසාම තමාගෙ වර්තමානය නැතිකරගත්ත මෝඩයෝ ටිකකගේ මෝඩ ආතල් එකකට..

-----

පව් කාරයා - දරුවෙක් කුඩා කාලයේදී මහණ කිරීම ළමයාගේ අයිතිවාසකම් උල්ලංඝනය කිරීමකි.

පිං කාරයා - මේ කතාවට සම්පුර්ණ වශයෙන්ම විරුද්ධයි. දෙමාපියන් දරුවාගේ කැමැත්තෙන් මිසක අකමැත්තෙන් මහණ කිරීම සිදු කරන්නේ නැහැ.

පව් කාරයා - වයස අවුරුදු 18ට අඩු ළමයෙක්ට සිය කැමැත්තෙන් විවාහ විය හැකිද? බැයි නම් ඒ ඇයි?

පිං කාරයා - දැන් තියෙන නීතියේ හැටියට විවාහ වීම තහනම් වුවත් ඕනෑම අයෙක්ට තම අභිමතය පරිදි විවාහ විමට හැකි විය යුතුයි.දෙමාපිය කැමැත්තෙන් හෝ තමා ස්වකැමැත්ත පරිදි විවාහ විය හැකියි..ඔබ පවසන පරිදි දරුවන්ගේ ස්වකැමැත්තට වැට බැද ඇත්තේ කවුද?,ලාංකාවට සුද්දාගෙන් ආපු නිතිය නොවේද?

පව් කාරයා - නබි තුමා වයස අවුරුදු 9ක ළමයෙක්ව කැමැත්ත ඇතිව හෝ නැතිව විවාහ කර ගැනීම හරිද?

පිං කාරයා - ඔබලාට හැකි එකම දෙය නම් බොරුවක් අල්ලගෙන බුදු දහමට ගැරහීම පමණි.නමුත් බුදු දහම විද්‍යාවටවත් බොරු කියා ඔප්පු කරලීමට නොහැකි වන ලදී..බුදු දහම පිරිසිදු දහමකි කවුරුන් මොන තර්ක ගෙනාවත් බුදු දහම වැට්ටිය නොහැකි බව තරයේම මතක තබාගන්න.

පව් කාරයා - @#$%^&*()(*&^%$^*&*^

-----

පිං කාරයා - "ඇඟේ දුවන්නේ සිංහ ලේ. අන්තවාදීන් රටින් පන්නලා ආගම්භේද නැති රටක් හදන්න ඕනි ! මේක සිංහල රට !"

පව් කාරයා - "එහෙනම් ඔබතුමාත් සිංහ ලේ ටික අරං රටින් යන්නැයි ලෑස්තිය මහත්තයො?"

-----

පව් කාරයා - බුදු දහමට අනුව යුද්ධ කලාට කමක් නැද්ද?

පිං කාරයා - කමක් නෑ. මොකද බුදු දහමයි රාජ්‍යය පාලනයයි කියන්නෙ දෙකක්. බුදු හාමුදුරුවො කවදාවත් උන්වහන්සේ ගේ ධර්මයෙන් රාජ්‍යපාලනයට බාධා කලේ නෑ. අත දැම්මේ නෑ.

පව් කාරයා - අනේ ශෝයි. කොච්වර හො‍ඳඳ? එහෙනම් අපිත් බුදු හාමුදුරුවො කලා වගේම උන්වහන්සේගේ ධර්මය රාජ්‍යය පාලනයට ගාව නොගෙන ඉමුද? මොකද බුදු දහමයි රාජ්‍යය පාලනයයි කියන්නෙ දෙකක් නෙ.. නේද?

පිං කාරයා - අම්මට හු*න්න කැ* හම්බයා. තොපි හිතුවා මදි එන්.ජී.ඕ සල්ලි අරන් බුදු දහම විනාශ කරන්න එන්න. බුදු දහම රාජ්‍ය පාලනයෙන් වෙන් කරන්න හදන උන් අවජාතක කාලකණ්ණියො යකෝ... දැනගනියව් !! පට්ට ගහනවා තෝව ඇහේ ඉඳන්.. පරයා..

පව් කාරයා - ඒ කියන්නේ බුදු දහම රාජ්‍යය පාලනයට ගාව ගන්න ඕනෑ නෑය කියලා හිතන උන් එහෙම උන් ද? එතකොට උඹ කියන විදියට බුදු හාමුදුරුවොත්..... එක්කො ඕන්නෑ.. @#$%^&*()(*&^%

-----

ඔන්න ඕමයි උනේ ;)

Tuesday, April 26, 2016

වීරයා මැරිලා..පිය සටහන් මැකිලා..

දක්ෂතාවය යනු එකකි. තවෙකෙක්ට ඊර්ෂ්‍යා කිරීම යනු එකකි.

අද්විතීයත්වය යනු එකකි. තවෙකෙක්ගේ සාර්ථකත්වය නොරිස්සීම තවත් එකකි.

අසමසම වීම යනු එකකි. තවකෙක් ගේ වෙනස් අදහස් දරා ගැනීමට නොහැකි බව තවත් එකකි.

අසාහය වීම යනු එකකි. විවේචන ඉදිරියේ මාන්නයෙන් ඔලුව ඉදිමුවා ගත් උද්දච්ඡ බක පණ්ඩිතයකු සේ හැසිරීම තවත් එකකි.

ඕනම අයකුගේ දක්ෂතාවය ඇගයීමට අප පසුබට නොවන්නේ අප තුළ කුහකත්වයක් නොමැති නිසාද දක්ෂයා දක්ෂයා ලෙස හඳුනා ගෙන ඒ සත්‍යට මුහුණ දීමට අපට හැකියාව  ඇති නිසාද විය හැකිය.

අප මහා දක්ෂයෝ නොවිය හැක, අද්වීතීයයෝ නොවිය හැක, අසමසමයෝ නොවිය හැක, අසාහයයෝ නොවිය හැක. අප එසේ යැයි අප විසින් අපව හඳුන්වා ගන්නේද නැත.

එහෙත් අන් අයගේ විවේචන දරා ගැනීමට නොහැකි, අන් අයගේ හැකියාවට ඊර්ෂ්‍යා කරන, අන් අයගේ කකුළෙන් අදින අසමසම හැකියාවකින් යුක්ත වූවෙක් සිටියි නම් ඇත්තටම එය මහත් අවාසනාවකි. ඔහුගේ හැකියාවට වඩා ඒ නොහැකියාව ගැඹුරුය. එම අඩුව ඔහුගේ දක්ෂතාවය ලැබීමේ වාසනාවට වඩා අවාසනාවක්ය.

මේ කියන්නේ සිය ලේඛන හැකියාවෙන්, ත්‍රීව විචාරයන්ගෙන්, නොසැලෙන විවේචනයන්ගෙන් සයිබරය ආලෝකවත් කල සයිබර් ක්‍රියාකාරිකයකු ගැනය. බ්ලොග් රචකයකු ගැනය. බ්ලොග් කලාව ආලෝකමත් කල බ්ලොග් සංස්කෘතියේ පුරෝගාමියෙක් ගැනය.

අප ඒ කාලයේ පටන් ඔහුගේ ලිවිලි රස වින්දෙමු. ඔහුගෙන් ඉගෙන ගත්තෙමු. ඔහු තුළින් ලිවීමට ප්‍රබෝධයක් ලදිමු.

ඒ කාලය තුළද ඔහු තුළ දක්නට තිබූ ඔහුගේ හැකියාවටත් වඩා ලොකු ඉගෝව නොසලකා හැරියෙමු. ඒ වෙන කිසිවක් නිසා නොව, ඔහු ප්‍රකට කල දක්ෂතාවයට අප ඇලුම් කල නිසාවෙනි.

නමුත් දැන් බ්ලොග් ලිවීමට නැවතීමේ තිත තබා ඇති ඔහු මුහුණු පොතේ තම සැබෑ ප්‍රොෆයිලයෙන් සැරිසරමින් එකල ඔහු කලාක් මෙන් වර්තමානයේ සයිබරයේ ක්‍රියාකාරීවන ක්‍රියාකාරීන්ව හෑල්ලුවට ලක් කිරීම දිගින් දිගටම කරන ආකාරයක් දක්නට ලැබුනි.

කාලයක් තියුණු ලෙස ඔහුගේ අදහස් ප්‍රකාශනයේ නිදහස භාවිත කරමින් බ්ලොග් ලියූ ඔහු හිටිහැටියේම යම් හේතුවක් නිසා සිය බ්ලොග් අඩවිය මකා දැමූ බව දන්නෝ දනිති. එය ඔහුගේ නිදහසය. ඒ සියල්ල අපට ප්‍රශ්නයක් නැත. නමුත්, දැන් ඔහු අන් අයගේ අදහස් ප්‍රකාශනය මහත් ප්‍රශ්නයක් කරගෙන ඇත. ගැටළුව ඇත්තේ එතනය.

ඔහු තව දුරටත් සයිබරයේ ක්‍රියාකාරී නොවීම ඔහුගේ තීරණයකි. අප එයට ගරු කල යුතුය. විටින් විට ආපසු ලියන්නැයි අහිංසක ඉල්ලීම්ද කලද ඔහු ලිවීම නැවැත්වීමට ගත් තීරණය අප ප්‍රශ්නයක් කර ගත්තේ නැත.

ඒවගේම අපගේ ලිවීම ඔහුට ප්‍රශ්නයක් කර නොගත යුතු බවද අකමැත්තෙන් වුවද සඳහන් කල යුතුය.

මන්ද, කලක් සයිබර් ලේඛනයේ පුරෝගාමියෙකු වූ ඔහුට නොවැටහුනාට නිහඬව සිටීමට වඩා හැකි පමණින් හඬක් නැඟීම, කතා කිරීම, ලිවීම, බංකුවේ එහා පැත්තේ හිඳගෙන සිටිනා නාඳුනන මිනිසා සමඟ සංවාදයක යෙදීම වටිනා බැවිනි.

සංවාදය, සාකච්ඡාව, අදහස් හුවමාරුව සහ හිංසාව අතර තේරීමක් ඇති යුගයක පළමු විකල්පයට යාම දෙවැන්න වැළකීමට සුදුසුම ක්‍රමය වන බැවිනි.

ඒ සාකච්ඡා සිදුවන්නේ ඒසී කාමරයක ටයි කෝට් දමාගෙනද, තේ කඩයක ප්ලේන්ටියක් රස විඳින ගමන්ද.. ඒ අදහස් ලියවෙන්නේ සිගරට් කොළයකද, නිකන් පොත් පිංචකද, සයිබරය තුළද, සිළුමිණ පත්තරේටද කියන එක එතරම් වැදගත් නොවන්නේ එබැවිනි.


ප/ලි - පළමුව, 

අදාල පුද්ගලයා කවුරුන්ද යන්න දන්නෝ දනිති. මෙහිදී ඔහුගේ නම සඳහන් නොකලේ සයිබරයේ ඔහු පතල නමින් පැමිණ මේ සටහනට ප්‍රතිචාර දැක්වීමට නොහැකි බව දන්නා නිසා ඉන්  ඔහුට වන අසාධාරණය ගැන සිතා මිසක වෙන හේතුවක් නිසා නොවේ. 

දෙවනුව,

මේ ලියා තිබෙන්නේ මගේ අතිජාත මිත්‍රයා මාලොන් සමරේ ගැන නම් නොවේය. ඌ එදත් මගේ බොක්කය, අදත් මගේ බොක්කය, හෙටත් මගේ බොක්කය. මේ කියන්නේ කවුරුන් ගැනද කියා දන්නෝ දනිති. කරුණාකර නොදන්නෝ එක එකා ඈඳාගෙන උපකල්පනයන් නොකරන්න.

Monday, April 25, 2016

ආරාධනා



හවස් යාමයේ හිතුනා සින්දුවක් අහන්න.. තනියෙම ඉන්න නිස්කලංක වෙලාවක මුලින්ම ඔළුවට එන්නෙ ගෙදර තියෙන එකම එක සීඩී එකක් !

"සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා.. 
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා.. සිටිනවා..."

ඒ කටහඬ..ඒ ගායනය.. ඒ සංගීතය..

ෂාහ්.. සින්දු කියන්නෙ ඒවලට අප්පා...

ඒ සංගීතයට පුළුවන් අමිහිරි තනිකමට මිහිරියාවක් එක් කරන්න

"හදාගන්න ඕනි ප්ලේන්ටියක්.." මගෙ හිත මටම කියා ගත්තා

හිත එක තැනක තියා ගන්න පුළුවන් කාටද? සින්දුව අහන ගමන් ප්ලේන්ටිය හදන අතරේ සුපුරුදු පරිදි කල්පනාවෙ අතරමං වෙනවා

"පරණ දේවල් වලට පරණ නිසාම හොඳයි කියන එක ලෙඩක්. ඒකෙන් වෙන්නෙ ඇත්තටම හොඳ පරණ දේවල් වලට හොඳයි කියන එකේ තියෙන වටිනාකම නැතුව යන එක. බොහෝමයක් පරණ සින්දු, ඇත්තටම හොඳයි.."

"රසය සාපේක්ෂයි.. හොඳ සාපේක්ෂයි"

මගෙ හිත මා එක්කම තර්ක කරනවා

"රසය සාපේක්ෂයි.. ඇත්ත. ඒත් හැමෝටම ඇති මේක හොඳටම හොඳයි කියල කියන්න පුළුවන් ගීත"

"ඔව්, යමක් විඳින්න ඒක සාපේක්ෂ වෙන එක ප්‍රශ්නයක් නෙමේ"

මගෙ හිතත් එක්ක මම ම කරන මේ කතාව ඉවර වෙන කතාවක් නම් නෙමේ

ප්ලේන්ටිය හරි.. දැන් අඩු එක දෙයයි..

පත්තු කරගත්තා සිගරට් එකත්.. දිගා වුනා පුටුව දිගේ

"මින්දද හීසර වැදී සැළෙන හද, 
නංවන දුක්‌ ගී ඔබට ඇසෙනවද, 
නන්දන මල් අතුරා ඇති යහනට, 
කන්ද කපා පායන් රන් පුන් සඳ"

සමහර ගීත අහද්දි අපට දැනෙනවා පරිපූර්ණත්වයක් ගැන හැඟීමක්. ඒ කියන්නේ මේ ගීතය මීට වඩා හොඳ වෙන්න විදියක් නැහැයි කියන හැඟීම. අංගසම්පූර්ණයි කියන හැඟීම...

පරිපූර්ණ කිසිවක් නැති ලෝකයක, පරිපූර්ණත්වය ගැන සංකල්පයම විකාරයක්. ඒත්, ඒ සංකල්පය විකාරයක් නොවෙන්නෙ කලාව කියන තැනදි විතරයි කියල මට හිතෙනවා

හැමවිදියකම පරිපූර්ණත්වය ගැන තියෙන සංකල්ප, යෝජනා වලට වෛර කරන මම ගීතයක තියෙන පරිපූර්ණත්වයට ආදරෙයි.. මට ඉවසන්න පුළුවන් ඒ පරිපූර්ණත්වය විතරයි

ඒ හඬවල් වලට.. ඒ සංගීතයට තියෙනවා මනුස්ස හදවතක් වෙනම ලෝකයකට ගෙනියන්න හැකියාවක්..

ප්ලේන්ටිය.. සිගරට් එක.. අමරදේවගේ කටහඬ.. කේමදාසගේ සංගීතය.. හැන්දෑව.. තනිකම..

"කවුද කියන්නෙ දිව්‍යලෝකයෙ යන්න මැරෙන්නම ඕන කියල?" මම මටම කියාගන්නව

නිවී හැනහිල්ලේ තනියෙම, තමාට අනුව පරිපූර්ණ ගීයක් අහද්දි දැනෙන හැඟීම.. වචනයෙන් විස්තර කරන්න බෑ..

"ජීවිතයේ තනිමංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න
ආ...රා..ධ..නා
ආ...රා..ධ..නා"

ඔව්

ඒ හැඟීම....

චචනයෙන් විස්තර කරන්න බෑ

Saturday, April 23, 2016

Islam is so beautiful, u will not understand !


A friend of mine once told me this,
"Islam is so beautiful.. u will not understand ! Take some time and read the authentic books u will understand !"
I replied,
"..Is it so beautiful that once I become a Muslim I will justify stoning a human being to death ?
Is it so beautiful that once I become a Muslim I will try to justify A grown man having sex with a 9 year old child?
Is it so beautiful that once I become a Muslim I will believe that every one who disagree with me will go to hell and suffer for eternity and be perfectly okay with it ?
Is it so beautiful that once I become a Muslim I will think that Women are inferior to men ?
Is it so beautiful that once I become a Muslim I will deny the right of others to have sex, get married and love each other just because their sexual orientation is different from mine?
Is it so beautiful that once I become a Muslim I will live my life according to a book written by someone else?
Is it so beautiful that once I become a Muslim I will cease my reasoning and honest thinking and sacrifice it for faith, which by
definition believing things without evidence ?
Is it so beautiful that once I become a Muslim I will trust some one else’s judgement than my own ?
Is it so beautiful that once I become a Muslim I will think it is right to strike the woman I love just because she happened to disagree with me?
Is it so beautiful that once I become a Muslim I will respect a book, a land, or a concept more than I respect emotions of sentient creatures ?
Is it so beautiful that once I become a Muslim I will think killing animals for food it ethical and perfectly fine ?
Is it so beautiful that once I become a Muslim I will accept that I’m just a puppet of a divine experiment, and I have to obey, follow and worship a divine being unconditionally to gain eternal happiness ?
Is it so beautiful that once I become a Muslim I would understand that even if I obeyed your God my consciousness will exist for eternity because even the thought of it horrifies me. And I will have to be fine with it ? Because that will be denial of my right to end my existence.
Is it so beautiful that once I become a Muslim I will lose the thing I value mostly in my whole fucking existence, My FREEDOM ??
Why do you say Islam is so beautiful. Yes, I don't understand.
Thanks but no thanks Bro..I'm fine just the way I am"

අල්ලා නමඳින්න පාර වැසීම


ඕනෑම පුද්ගලයෙක්ට තමන් කැමති ආගමක් ඇදහීමට නිදහස තිබිය යුතුය. ඒ වෙනකෙක්ගේ නිදහසට
බාධාවක් නොවන අයුරින්ය. පුද්ගලයෙකුට ආගමක් ඇදහීමට සහ තමන් කැමති ආගමික වතාවත්වල යෙදීමට ඇති අයිතියට සමාන අයිතියක් තවත් පුද්ගලයෙකුට ආගමක් නොඇදහීමට සහ ආගමික වතාවත් වලින් වෙන්ව සිටීමටද ඇත.

මීට දවස් කිහිපයකට පෙර යම් පිරිසක් විසින් සිය ආගමික වතාවත් පාරක් මැදට පැමිණ සිදු කිරීම නිසා එම සිද්ධියේ හරි වැරැද්ද ගැන කතිකාවතක් ඇති විය.

එම පිරිස මුස්ලිම් පිරිසකි. දැනගන්නට තිබෙන පරිදි පුද්ගලික අවකාශයක කල නොහැකි ජුම්මා නැමදුම නමින් හඳුන්වන ඉස්ලාම් ආගමික නැමදුමක යෙදීමට පල්ලියේ ඉඩ මදි වීමය මේ සිද්ධියට හේතු වී ඇත්තේ.

පිරිස මුස්ලිම් වීම, ජුම්මා නැමදුම පල්ලියේම සිදුකල යුතුවීම, පල්ලියේ ඉඩමදි වීම යන කාරණා මෙහිදී අනදාලය.

යම් පිරිසකට තමන්ගේ ආගමික වතාවත් වල යෙදීමේ යම් ගැටළුවක් හෝ අපහසුතාවයක් තිබේ නම් එය ඔවුන්ගේ ප්‍රශ්නයකි. එය ඔවුන් විසඳා ගත යුත්තේ අනෙක් මිනිසුන්ට බාධාවක් නොවන අයුරිනි. මෙහිදී මෙම පිරිස තෝරාගෙන තිබෙන්නේ තනිකරම ආත්මාර්ථකාමි විසඳුමකි. මන්ද, ඔවුන් මුහුණ දුන් ප්‍රශ්නය විසඳා ගන්නට කියා මොවුන් කර ඇත්තේ ප්‍රශ්නය විසඳීම නොව, අහක සිටිනා මිනිසුන් මතද සිය ප්‍රශ්නය පැතිරවීමය.

ආගමික වතාවත් හේතුවෙන් මේ රටේ මිනිසුන්ගේ ජනජීවිතයට සැලකිය යුතු මට්ටමක බාධාවක් ඇති වූ පළමු අවස්ථාව මෙය නොවේ.

අපට කොහේ ගියත් ආගමය. ඔක්කෝටම වඩා ලොකු ආගමය. අනෙකාගේ නිදහසටත් වඩා ලොකු අපේ ආගමික ආතල් එකය. ඒ අපේ හැටිය. එනිසා අපට මේ මුස්ලිම් පිරිස වෙත පමණක් ඇඟිල්ල දිගු කල නොහැකිය. සිද්ධි වශයෙන් එළියට පැමිණියද මේවා සංස්කෘතික කාරණාය. අපේ දුර්වලකම්ය.

කෑමේ බීමේ සිට ජනතාව පාලකයන් පත් කර ගැනීම දක්වාද පාලකයන් ජනතාව පාලනය කිරීම දක්වාද අපට වැදගත් එකිනෙකාගේ ආගම්ය. ඕනම දෙයක් ආගමික සළුවකින් ඔතා පැමිණේ නම් අපි ඕනම පරිප්පුවක් කන්න සූදානම්ය.

"අරගොල්ලොත් කරන්නෙ.. අපි විතරයැ?"

සියල්ලන් තමන්ගේ ඒ විකාරරූපී ක්‍රියා සාධාරණීයකරනය කරන්නේ එසේය. කවුරුන් හෝ ඒවා ප්‍රශ්න කල විට කරන්නේ වෙනකෙක් වෙත ඇඟිල්ල දිගු කිරීමය. හොරෙන් සීනි කෑ සහෝදරයන් දෙදෙනෙක්ගෙන් මව ප්‍රශ්න කරද්දි වරදින් බේරීමට යයි සිතා එකෙක් එනෙකාට ඇඟිල්ල දිගු කරන්නාක් මෙනි.

මෙම සිද්ධියට පක්ෂව අදහස් දක්වන්නන්ගේ ප්‍රධානතම තර්කය නම් පෙරහැරවල්, දන්සැල්, තොරණ් වලට පාරවල් අවහිර වන බවද එනිසා මෙවැනි සිද්ධි නොසලකා හැරිය යුතුබවය.

එම කතාව සම්පූර්ණයෙන්ම සත්‍යක් නොවේ. කිසියම් අවස්ථාවක පාරක් වැසීමට උවමනා නම් අදාල පාර්ශව නීතිය ඉදිරියට ගොස් නීත්යේ අවසරය ලබා ගත යුතුය. යමක් නීත්‍යානුකූලව කරන්නේ එසේය. අනෙක, පෙරහැරවල් තියෙන්නේ අවුරුද්දට සැරයක් පමණි. පාරවල් මැද තොරණ් ගසන්නේ නැත.

එමහින් කෙරෙන්නේ බෞද්ධයන්ගේ ක්‍රියා මත සුදුහුණු ගෑමක් නොවේ. කවුරු කලද වැරැද්ද වැරැද්දමය. කිසිම හේතුවක් නැතිව බෞද්ධ ආතල් එකක් නිසා නුවර පාරක් දවස් 365ම වසාගෙන සිටින බව මෙහිදී අපට අමතක කල නොහැක.

පෙර සඳහන් කලා සේ ආගමික වතාවත් වල යෙදීම වරදක් නොවුවද තමන්ගේ ආගමික විශ්වාසයන් හෝ ඇදහිලි හෝ වතාවත් නිසා ජනසමාජයක එදිනෙදා කටයුතු වලට බාධාවක් වනවා නම්, එය ගැටළුවකි.

හැමදාම වැරදි කරමින් නිදහසට කාරණා ලෙස අනෙක් අයගේ වැරදි දැක්වීම රටක් වශයෙන් සිදුකලා දැන් ඇතිය. මුස්ලිම් රටවල සියලු දේට වඩා ආගමික වතාවත් වලට මුල් තැන දෙන බව අපි දනිමු. මෙහිදී මා මිත්‍රයෙක් පැවසුවේ එරටවල් වලදී පාරවල් අවහිර කරගෙන යාතිකා කරන අවස්ථාද ඇති බවයි.

වුන දේ වෙලා ඉවරය. නීතිය විසින්ද එම අවස්ථාවේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. කෙසේ හෝ මෙවන් දේ නැවත සිදුනොවන බවටද සිදුවුවහොත් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක විය යුතු බවද පැහැදිළි කරුණකි.

රටක් වශයෙන්, ජාතීන් වශයෙන් ආගමේ සීමා, වෙනත් මිනිසුන්ගේ ජීවිත වලට බාධා කිරීමේ සීමා ගැන අවබෝධයක් ඇති කරගැනීම වැදගත්ය.

බොහෝ දෙනා කතා කරන ආගමික සහජීවනය යනු කුමක්ද කියා මා හරියටම දන්නේ නැත. කුමක් වුවද ආගමික සහජීවනය යනු "මම වැරදි කරද්දි උඹ සද්ද නැතුව හිටිං උඹ වැරදි කරද්දි මම සද්ද නැතුව ඉන්නම්" යනුවෙන් එකිනෙකා සමඟ සම්මුති වලට එළඹීම නොවේ.

Friday, April 22, 2016

ලයික් දැමිල්ල



අනේ ඔය යන ගමන් මටත් ලයික් එකක් දාගෙන යන්න.. ලයික්..ලයික්..ලායි..ක්..ලා..ආ...ආ..ඊ..ඊඊඊ...ක්

අප සියල්ලන් දන්නා වත්පොතේ 'ලයික්' බොත්තමෙන් සිදුකරන්නේ යම් පෝස්ටුවකට හෝ ඡායාරූපයකට අපගේ කැමැත්ත පළකිරීම වුවද ඒ කැමැත්ත පළකිරීමට තිබෙන ලයික් බොත්තමේ තේරුම් බොහෝමයකි. පහත ඇත්තේ ඉන් කිහිපයකි. පාඨකයන් සතුව වෙනත් තේරුම් ඇත්නම් කමෙන්ට් තීරුවේ සඳහන් කිරීමට මැලි නොවන්න.

අනංග ලයික් - තමා ප්‍රිය කරන ගැහැණු ළමයාට ඇති කැමැත්ත ඇගේ මූණට ගොස් පැවසිමට කොන්ද පණ නැති කෙනෙක් වේ නම් ඇය පෝස්ට්/ෆොටෝ එකක් දමනා තුරු ගල්ඉබ්බෙක් සේ බලා හිඳ පෝස්ට් එක දැමූ පළමු තත්පරයේම දමනා ලයික් අනංග ලයික් නම් වේ. තමා යමෙකුට හිතෙන් ලව් කරනා බව හැඟවීමට මෙම ලයික් වර්ගය යොදාගත හැක.

බලෙන් ලයික් - මේ වර්ගය බොහෝ විට භාවිතා කරන්නේ ගැහැණු ළමුන්ය. තමාගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කල පසු එවෙලේම ලොග් අවුට් වී ගෙදර ඉන්නා අනිත් උන්ව ඇදගෙන විත් උන්ට කියා බලෙන් දමා ගන්නා ලයික් වර්ගය 'බලෙන් ලයික්' නමින් හඳුන්වයි. මීට අමතරව දුරකථන ඇමතුම් මඟින් සහ ෆේස් බුක් මැසේජ් මඟින් තම මිතුරු මිතුරියන්ගෙන් බලකොට මෙම ලයික් වර්ගය ලබා ගත හැක.

පණ්ඩිත ලයික් - මෙලෝ යකෙකුට නොතේරෙන මහප්‍රාණ පෝස්ට් එකක් දුටු විට එය ඔබට තේරෙන බව සියල්ලන්ට පසක් කර දී ඔබ මහා පඬියෙකු බව අන් අයට හැඟවීමට මෙම ලයික් වර්ගය යොදාගත හැක. (අවැසි නම් '100%ක් එකඟයි සහෝ' වැනි කමෙන්ටුවක් දැමීමෙන් ඔබගේ පඬිකම වඩාත් තහවුරුවේ)

මිත්‍රශීලී ලයික් - මෙම ලයික් වර්ගය තමා යමෙක් ගැන ඇති කුළුපග බව හැඟවීමට යොදාගතහැක. තමාගේ යාලුපිට් එක වැඩි කර ගැනීමට නම් මිතුරා දමන ඕනෑම මන්දබුද්ධික පෝස්ටුවකට හෝ සඟ දැමූ රිලාමොටෙකු සේ සිටින ඕනෑම ෆොටෝ එකකට වුවද නොපැකිල ලයික් කිරීමට අමතක නොකරන්න.

රැල්ලට යන ලයික් - යම් පෝස්ට් එකක් බුකියේ හැමෝම හිටු කියා ශෙයාර් කිරීම නිසා හෝ හිටු කියා ලයික් කිරීම නිසා තමාද ලයික් කිරීම මේ නමින් හඳුන්වනු ලැබේ.

අනේ සුවීට් ලයික් - බල්ලෝ/පූසෝ/හූනෝ/හැකරැල්ලෝ/මීමින්නෝ/මල්/පාසි/පෙඳ වැනි ෆොටෝ වලට කෙල්ලන් දමනා ලයික් මේ නමින් හැඳින්වේ.

පැණි ලයික් - සාමාන්‍ය ගැහැණු නමකින් හෝ 'මෝඩ එළුච්චි' වැනි නමකින් ඇති ප්‍රරොෆයිලයකින් අප්ලෝඩ් වන ඕනෑම පෝස්ට් එකක් හෝ නාද්දි, කද්දි, බොද්දි, රෙද්දි ගසා දමන ඕනෑම ෆොටෝ එකක් වටා ඇඹලයෝ සේ රොක් වෙමින් දමන ලයික් පැණි ලයික් නම් වේ.

බලු ලයික් - තමා සමඟ ඇති ප්‍රේම සම්බන්ධය නවතා දැමූ එක්ස්-පෙම්වතිය පසුපස බල්ලෙක් සේ යන පොරක් නම්, ඒ කෙල්ලගේ ෆොටෝ වලට ලයික් දමා 'කවදාවත් නැ අපි හමු වන්නේ ..මට යන්නට බැ මතකෙන් ඔබගේ ' යන පණිවිඩිය ලබා දීමට බලු ලයික් වර්ගය භාවිත කල හැක.

අමතක නැති ලයික් - තමා කාලයක් හමුනොවූ මිතුරෙක්ට ඔහු/ඇය ගැන තවමත් තමාට අමතක නැති බව හැඟවීමට මෙම ලයික් වර්ගය ප්‍රයෝජනවත් වේ.

අපි ගේම නෑ ලයික් - කාලයක් තිස්සේ බුකියේ මරාගත්ත සතුරෙක් වේ නම්, හෝ හිත යටින් තරහා බුකියේ යමෙක් වේ නම් ඔහුගේ පෝස්ට් වලට ලයික් දමා ශේප් න්‍යාය අනුගමනය කිරීමෙන් "අපි ගේම නෑ" යන මැසේජ් එක දීම උදෙසා මේ ලයික් වර්ගය භාවිතා වේ.

උඹට එකයි මට එකයි ලයික් - මෙම ලයික් වර්ගය වැටෙන්නේ සහයෝගයෙන් ගසා ගන්නා නොනිල ' පිටකසා ගැනීම්' නැමැති ගිවිසුම් යටතටය. උඹ මගේ ඒවට ලයික් දාහන්, මම උඹේ ඒවට ලයික් දාන්නම්.. යනු ඒ ගිවිසුම වේ. දෙතුන් වතාවක් ක්‍රියාත්මක කල පසු දිගටම පවත්වාගෙන යා හැක

කට උත්තර නැති ලයික් - බුකියේ ඇතිවන විධද්ද, අතිපණ්ඩිත, බරපතල සංවාද වලදි අනෙකා විසින් තමාට කටඋත්තර නැති වන සේ දිග හෑල්ලක් කොටා පෝස්ට් එකක් දැමූ විට "මම ලයික් එකක් දැම්මා. පස්සේ උත්තර දෙන්නම්" කියා සොයා ගත නොහැකි සේ අතුරුදන්වී සිය ආත්මගරුත්වය බේරා ගැනීම උදෙසා මෙම ලයික් වර්ගය භාවිත කල හැක.

හැමෝටම ලයික් - කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව හැමෝගෙම හැම මළදානෙටම ලයික් දැමිල්ල 'හැමෝටම ලයික්' නමින් හැඳින්වේ.

සිරා ලයික් - මේ සියල්ලටම අමතරව තමා යම් දෙයක් ඉගෙනගත්, සැමට ප්‍රයෝජනවත්, මින් පෙර නොසිතූ අලුත් අදහසක්, හිතට වැදුන සිරා පෝස්ට් වලට දමන ලයික් හඳුන්වන්නේ මේ නමිනි

මෙහි සඳහන් වන්නේ ලයික් දැමීම මිස ලයික් ගැනීම ගැන නොවේ. ලයික් ගැනීම මීට වඩා සෑහෙන සංකීර්ණය. එය පසුවටය. ;)

Thursday, April 21, 2016

ඇඳ ළඟ බණ පිරිත් ගීතිකා යාතිකා

"ශුද්ධාත්මෙනි.. ශුද්ධාත්මෙනි.. වඩින් ශුද්ධාත්මෙනි...."

ඒ මීට සති කිහිපයකට කලින් පාස්කු දවස් වල පල්ලියේ ගීතිකා දාලා තිබ්බ හැටි. ගමටම ඇහෙන්න. 

අද පෝය.. එකෙම අනිත් එක.. ගමටම ඇහෙන්න බණ/පිරිත් දාලා.

මේක දැන් පන්සල්, පල්ලි, මුස්ලිම් පල්ලි ඔක්කෝටම පොදු කාරණාවක් වෙලා.

මේ ගැන ඒ අයගෙන් ප්‍රශ්න කලොත් ඕකට සාධාරණ උත්තරයක් තියෙයි කියල හිතන්න අමාරුයි. මොකද ගොන් තකතීරු වැඩක් බුද්ධිමත් උත්තරයකින් සාධාරණීයකරනය කරන්න බැහැනෙ. පිරිත් බණ, ගීතිකා යාතිකා අහන්න කැමති අයට ඒ සිද්ධස්ථාන ඇතුලට ගිහින් ඒවා අහන්න පුළුවන්කම තියෙද්දි ඇයි තම තමන්ගෙ ගෙවල් වලට වෙලා ඉන්න ගමේ අනෙක් මිනිස්සුන්ට තමාගේ ආගමික වතාවත් බලෙන් අස්සවන්නේ කියන එකට දෙන්න බුද්ධිමත් උත්තරයක් තියෙයිද?
ඕකෙන් යම් මට්ටමකට තමාගේ ආගමික අධිකාරී බලය පෙන්නන බව ඇත්ත. ඒත් මේ ලවුඩ්ස්පීකර් රෝගය දැන් අපේ සංස්කෘතික ලක්ෂණයක් වෙලා කියලයි පේන්නේ. ආගමික යාතිකා ගමටම ඇස්සවීම ඒකේ එක කොටසක් විතරයි.
ඊයේ උදේ බස් එකේ ගමනක් යන්න වුනා. බස් එකේ දාලා ටීවී එකක්. ටීවී එකේ සංගීත ප්‍රසංගයක්. සංගීතයට කෙල්ලෝ නටනවා. (ඇත්තටම ඒවට නැටුම් කියන්න බැහැ. ව්‍යායාම කරනවා කිව්ව නම් වඩාත් නිවැරදියි) මහ දවල් පිච්චෙන තරමට රස්නෙ, බස් එකේ කට කපලා සෙනඟ, පාර පුරා ට්‍රැෆික් එක, ඒ අස්සේ බස් එක දෙවනත් වෙලා කණ පැලෙන්න සංගීතය. අන්තිමට බස් එකෙන් බහිද්දි ඔලු කැක්කුම හැදිලා බහින්න වුනේ.
බස් එකේ ගියත්, විවාහ උත්සවයක් වුනත්, මොකක් හරි සැමරුම් උත්සවයක් වුනත් රතිඤ්ඤ දාලා, බෙර ගහලා රටටම ලෝකෙටම ඇහෙන්න සමරන සංස්කෘතියක් අපට තියෙන්නෙ.
අනිත් මනුස්සයාට බලෙන් සින්දු අස්සවන, බලෙන් බණ අස්සවන, බලෙන් ගීතිකා අස්සවන, අපේ සතුට සහ භක්තිවන්තකම අනිත් මනුස්සයාට බලෙන් පෙන්නන සමාජක්‍රමයක ජීවත් වෙන මිනිස්සු අපි
පොඩ්ඩක් හිතන්න තමන් නිදාගන්න යදද්දි අල්ලපු ගෙදර මනුස්සයා කණ ළඟට ඇවිත් සින්දු කියනවා කියල, නැත්නම් පන්සලේ හාමුදුරුවෝ ඇඳ ගාව ඉඳගෙන මහ හයියෙන් කණට කරල පිරිත් කියනවාය කියලා.. අන්න ඒ වගේ දෙයක් අනුමත කිරීමක් තමයි අපි මේ සමාජයක් වශයෙන් කරන්නෙ
අලුත උපන් බිළිඳෙක්, විවේකය අවශ්‍ය වයසක මවක් පියෙක්, නින්ද අවශ්‍ය රෝගියෙක්, මහන්සි වෙලා රාජකාරි කරලා පහුවදා උදේ ආපහු වැඩට යන්න උදෙන්ම නැගිටින්න බලාපොරොත්තුවෙන් නින්දට යන මනුස්සයෙක්...
මේ හැමෝගෙම සාමාන්‍යය ජීවිත අවුල් වියවුල් කිරීමක් කරන්නේ ඔවුන්ගේ ජීවිත අස්සට බලෙන් රිංගන්න යාමෙන්.
මනුස්සයෙක්ට පුද්ගලික අවකාශයක් (Personal Space) තියෙනවා, තියාගන්න අයිතියක් තියෙනවා කියන එක තේරුම් ගත යුතුයි ශිෂ්ඨ සමාජයක ජීවත් වෙන ශිෂ්ඨ මිනිස්සු විදියට
තමාගේ ආතල් බලෙන් අනිත් මිනිස්සුන්ගෙ ඇඟේ ගහන එක සංස්කෘතික ලක්ෂණයක් වෙලා තියෙනවනම් එතන පැහැදිළිවම අවුලක් තියෙනවා. එතනින් පෙනෙන්නේ අනිත් මනුස්සයාගේ ජීවිතයට තමාට අතදාන්න පුළුවන් සීමාව ගැන සමාජයක් විදියට අපේ තියෙන අනවබෝධය. වෙනත් මනුස්සයෙක්ගේ නිදහසට ගරුකිරීමක් ඒ නිදහස තේරුම් ගැනීමක් ගැන සමාජයක් වශයෙන් අපේ තියෙන නොසැලකිල්ල.
ඔලුව කැක්කුමක් හැදිලා ඇඳට වෙලා නිදාගෙන ඉද්දි ගෙදර කවුරු හරි ටීවී එක සද්දෙන් දැම්මොත් ඒක අඩු කරන්න කියලා කේන්තියෙන් කෑගහන අපි සමාජයක් විදියට මේ සමූහ වශයෙන් කරන ශබ්ද දූෂණයක් ඉවසන්න පුරුදු වෙලා. එහෙම ශබ්ද දූෂණය කරන එක සාමාන්‍යය දෙයක් වෙලා තියෙනව වගේම ඒක ඉවසන එක සාමාන්‍යකරණය වෙලා තියෙන එකත් පැහැදිළි අවුලක්.
අනෙකාගේ නිදහසට ගරු කරන, අනෙකාට බාධාවක් නොවී ජීවත් වෙන්න දන්න ශිෂ්ඨ මිනිසුන් බවට අපේ ඊළඟ පරම්පරාවවත් පත් කරන්න නම් මේවා වෙනස් විය යුතු දේවල් කියන අදහසවත් මේ පරම්පරාව මෙහෙයවන වැඩිහිටියන්ගේ සිත්වල ඇති වෙන්න ඕන

Wednesday, April 20, 2016

යාලුවෝ - I කොටස

කසුන්, ධනුෂ්ක, ලහිරු..මගේ මිතුරන් නොවේ.

අප අතරේ තිබුනේ මිතුදමට එහා ගිය බැඳීමකි. ඒ බැඳීම කෙසේ හඳුන්වන්නටද කියා එදා දැන නොසිටියෙමි. අදටත් නොදනිමි.

'එකම ජාතියෙ පිස්සො එකට සෙට් වෙනව බං'.

අපි අපි ගැන හිතුවේ එහෙමය.

දුකේදීත් සැපේදීත් අපට හිටියේ අප විතරය. අපෙන් එකෙකුගේ ගෙදරක තියෙන බණකට, මරණයකට, දානයකට, උත්සවයකට කලින් දා අප පස් දෙනාම ඒ ගෙදරය. ගෙදර අස්සක් මුල්ලක් නෑර සුද්ද පවිත්‍ර කිරීම, වත්ත උදළු ගෑම, කුණු එකතැනක ගොඩ ගහල පිච්චීම, තීන්ත ගෑම, ඔක්කෝම වැඩ කලේ අප අපම මිසක වෙන කවුරුවත් නොවේ.

හවස්යාමේ ඇඟේ පතේ මහන්සිය ඇරගත්තේ අපම අමාරුවෙන් සල්ලි එකතු කරල ගන්නා ගල් බෝතලයයි බයිට් එකටයි පින් සිද්ධ වන්නටය.

"තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න කුමරියෙ ඔබෙ සුවඳ මා ලඟින්"

පළමු වීදුරුව හිස් වන්නටත් මත්තෙන් ඒ ඇහැන්නේ දනා ගේ හඬයි. වික්ටර්, ටී.ම්, ගෙන් පටන්ගෙන කපුගේ, ක්ලැරන්ස් හරහා සාජ්ජය අවසන් වන්නේ ජිප්සීස්, ඇන්ටන් ජෝන්ස්ගෙනි.

එකල අප ජීවිත කැරකුනේ පාසල, නිවස, පොත, කෙල්ලෝ හා බෝතලය වටාය. ඉන් එහාට අපට ජීවිතයක් නොවීය.

මම මතකය ඔස්සේ අතීතයට ගමන් කරමි.

බස් ස්ටෑන්ඩ් එක..තෝසේ කඩේ..පන්තියේ අන්තිම පේළිය..

මම නැවතී ඔරලෝසුව දෙස බැලුවෙමි. උපකාරක පන්තිය අහවර වන්නේ දවල් 2.30 ටය. නමුත් තවමත් අපට නිවෙස් බලා පිටත් වීමට වෙලාව නොවේ.

"හැබැයි කස්සෝ අදත් උඹ කෙල්ල එක්ක කතා කලේ නැත්තන් තොගෙ අඬු කඩනව තුන්දෙනාම එකතුවෙලා"

"හරි හරි. අද අනිවා කතා කරනව. ඇණයක් නොවී හිටින්. ඒකිගේ ක්ලාස් ඇරෙනවනේ පහමාර වෙද්දි. තව ටික වෙලාවයිනෙ"

පැය තුනකට වැඩි කාලයක් චාටර් කකා රස්තියාදු වෙන්නට සිද්ධ වෙලා තියෙන්නේ කසුන්ගේ ප්‍රථම ප්‍රේමය වෙන්නට නියමිත 'ඇය' එන තුරු බලා හිඳින්නටයි.

වෙලාව 4.21යි. තව පැයකටත් වඩා තියෙනව. මගුල !

"මචන් දනා, අතේ සල්ලි ඉතුරු වෙලා නැද්ද. තව සිගරට් එකක් ගහන්න"

"නෑ බන්, ගෙදර යන්න ගානට තියෙන්නෙ. ලයියා උඹ ගාව තියෙනවද?"

"කීයක් අඩුද? ඉඳා.. ඉක්මනට අරන් වරෙන්"

මේ ටියුෂන් නගරයේ අප සිව්දෙනා කරක් ගසා නැති තැනක් නැති තරම්ය, ලබා නොමැති අත්දැකීමක් නැති තරම්ය. පාසැලයි පන්තියයි අතර දෝලනය වූ අපේ ජීවිත එකිනෙකාගෙන් තොරව ගත වූ වෙලාවක් නැති තරම්ය.

"සුදු පරවි රෑන සේ පියාසලා
පාසැල(ටියුෂන්) නිමවී යොවුන් කුමරියන්"


"කස්සා, අන්න කෑල්ල එනවා. යමං යමං"

කස්සා ඉස්සරහ දොරින් බස් එකට ගොඩවිය. ලයියා, දනා, සහ මම පිටිපස්සෙන් ගොඩවී හැකි තරම් බස් එකේ ඉස්සරහට තල්ලු වෙවී ඇවිත් නැවතුනේ බසයේ මැද හරියේය.

"දනා, අද නම් කස්සා කෙල්ල එක්ක කතා කරයි වගේ. ඌ කෙල්ල ළඟමයි ඉන්නෙ බං. පට්ට ඈ"

ලයියාගේ සතුට කෙල්ල ඌට වැටෙන්න යනව වගේනෙ බොල !

අප ආදරය සොයා අත පතා පස්සෙන් ගිය කෙල්ලන් ගණන අපටවත් නොගිණිය හැකි තරම්ය. ඒවායින් බොහෝමයක් වයසේ වැරැද්දට විනෝදය නිසා වුන දේවල් වුවද හදවතට දැනුන ගැටිස්සියෝ සිටියේ නැතුවාද නොවේ. කෙසේ හෝ අප අතරෙන් මුලින්ම ජයග්‍රහණය කරන්නට යන්නේ කසුන්ය. අප අතරෙන් මුලින්ම පෙම්වතකු වන්නට යන්නේ කසුන්ය...

"කතා කරහන් යකෝ"

ලයියා කසුන්ට හැකි තරම් කට ඇරගෙන කියන්නේ ගොළු භාෂාවෙනි.

කෙල්ල බසයේ හිටගෙන ජනේලයෙන් ඉවත බලාගෙනය. කසුන් හරියටම ඇයගේ පසුපසය.

"අද නම් වැඩේ හරි", මම සිතුවෙමි.

"අඩේ අරූ මොකක්ද කියන්න හදනව නේද අපිට"

"ඔව් ඔව්"

"ඇහැන්නේ නෑ යකෝ, හයියෙන් කියහන්"

අපි කෑගැසුවේ සද්දේ නොඇහෙන්න ගොළු බාසාවෙනි.

කස්සා තටඹයි..

"කියහන් යකෝ"

කසුන්ගේ මුවින් නික්මෙන්නේ කුමක්ද කියා අපට තේරෙන්නේ නැත.

මූ මොකක් කිව්වත් අනිවා කෙල්ලට ඕක ඇහෙනවා. ඇයි යකෝ අපි ඉන්නේ බස් එකේ මැද්දේ, මුගේ කට තියෙන්නේ කෙල්ලගේ කණ ළඟ !

අවසානයේ කසුන් රහසින්, බසයටම ඇහෙන සේ අපට ඔහුගේ ජාතික ප්‍රශ්නය ඉදිරිපත් කලේය

"මචන්, සිගරට් ගඳ එනවද දන්නෑ"

"ගොන් හරකා"

අප තුන්දෙනාම අත් ඔලුවේ ගසා ගතිමු.

මතුසම්බන්ධයි....

Tuesday, April 19, 2016

බුදුන් ; ගැහැණියක් නොවන්නේ ඇයි?



මෙය නිතර ඇසෙන ප්‍රශ්නයකි.

මුලින්ම තේරුම් ගත යුත්තේ ලෝකයේ තේරුමක් ඇති ප්‍රශ්න සහ තේරුමක් නැති ප්‍රශ්න යනුවෙන් ප්‍රශ්න වර්ග දෙකක් ඇති බවයි. මෙවැනි ප්‍රශ්න වැටෙන්නේ ඉන් දෙවැනි කොටසටය. එනම් තේරුමක් නැති ප්‍රශ්න ගනයටය.

මිනිස් ඉතිහාසයේ මුල පටන් පිරිමියාට යටත්ව අඩු අයිතිවාසකම් ලැබූ ගැහැණියට සම අයිතිවාසකම් ලැබීම ගැන කතිකාවත් ඇති වී තිබෙන වර්තමානයේ ලෝකයේ ප්‍රධාන ආගමක් වන බුදුදහම තුල ගැහැණියට ලබා දී ඇති තත්වය ගැන කියවෙන මෙවන් ප්‍රශ්න සාකච්ඡා කිරීම තේරුමක් නැති දෙයකි.

වෙනත් වචන වලින් කියනවා නම් ඉස්ලාම් ආගමේ ගැහැණියට දී ඇති තැන, කතෝලික/ක්‍රිස්තියානි ආගම් වල ගැහැණියට දී ඇති තැන සාකච්ඡා කිරීම තේරුමක් ඇතත් බුදුදහම තුළ ගැහැණියට ඇති තැන ගැන සාකච්ඡා කිරීම තේරුමක් නැත.

කොටින්ම බුදු දහම ගැන කොහෙත්ම ප්‍රශ්න නොකරන තරමට හොඳය. ප්‍රශ්න කරනවා නම් ඒ අය අනාදිමත් කාලයක සිට පැවත එන බුදුදහම හා බැඳුන අපගේ සංස්කෘතියට හා පුරුෂාධිපත්‍යයට එරෙහිව කුමන්ත්‍රණය කරනා බටහිර එන්.ජී.ඕ වලින් මූල්‍ය ආධාර ලබන ස්‍තීවාදීන් වැනි සමාජයේ මිනිසුන්ගේ මනස දූෂණය කරනා කාලකණ්ණි බටහිර ගැත්තන්ය.

පෙරළා ප්‍රශ්න ඇසීම බටහිරින් පැමිණි පරයන්ගේ ලක්ෂණයකි. බටහිර රටවල ජනමාධ්‍යවේදීන් විසින් දේශපාලකයන් ප්‍රශ්න කරයි. ජනතාව විසින් ජනමාධ්‍ය සහ පාලකයන් දෙකම ප්‍රශ්න කරයි. මාධ්‍ය, ජනතාව පාලකයන් සියල්ලන් එකතු වී ආගම්/දර්ශනයන් ප්‍රශ්න කරයි. පරයන්ගේ හැටි එහෙමය. ගරු කල යුතු දේ නොකල යුතු දේ උන් නොදනිති.

අපේ කම යනු ගරුකටයුතු අයවලුන් කියනා ඕනෑම දෙයක් එහෙයි කියා පිළිගැනීමය. අපේ කම යනු රජවරුන් වැනි පාලකයන් අපගේම මුදල් වලින් ගත් වාහන වලින් රූං ගා යද්දි උන්ට ඉඩදී කාණු වලට බැසීමය. අපේ සිරිත හාමුදුරුවරු බණ කියද්දී අසා හිඳ අවසනදී සාධු කාර දීම මිස ප්‍රශ්න ඇසීම නොවේ. ධර්ම සාකච්ඡාවලදී ප්‍රශ්න ඇසුවත් පිළිතුරු දීමට පහසු ෆුල් ටොස් ප්‍රශ්න පමණක් යොමු කල යුතුය (සැ;යු - ක්‍රමය නොදන්නා අය දොරමඬලාව රූපවාහිනි වැඩසටහන මෙහෙයවන්නා නිරීක්ෂණය කොට ඉගෙන ගන්න)

මා මේ පුල පුලා කියන්නේ එක දෙයකි. එනම් බුදුදහම ඉලක්ක කරමින් අමාරු ප්‍රශ්න නොඇසිය යුතුය. අසනවා නම් ඒ අසන්නේ කාලකණ්ණි නැහැදිච්ච අමනයන්ය.

එසේ ප්‍රශ්න නොඅසා සිටින්නට නොදත් කාලකණ්ණි නැහැදිච්ච අමනයන් සිටියි නම් මේ පිළිතුර ඔවුන් වෙතය..

"ගැහැණියකට බුදු විය නොහැක්කේ ඇයි?"

පෙර කී පරිද්දෙන් මෙවැනි ප්‍රශ්න මොළේ කලඳක් ඇති අය අසනා ප්‍රශ්න නොවේ.

බුදුවීමට සැපිරිය යුතු ප්‍රධාන කාරණා අතරට පුරුෂ ලිඟුවක් තිබීම සහ යෝනියක් හා/හෝ තන් දෙකක් නොතිබීම යන කාරණා ඇතුලත් විය යුතු බව ඕනෑම මොළයක් තිබෙනා අයෙක් දන්නා කරුණකි.

බුදුවීමට පෙරුම් පිරීමට හෙවත් බුදුකමට ඇප්ලයි කිරීමට මූලික ලෙස පුරුෂ ලිංගයක් තිබේ දැයි පරීක්ෂාකර බැලිය යුතු බව නොදත් මුග්ධයන් විසින් ස්ත්රීන්ට වාසි සහගත තත්වයන් ඇති කිරීමේ අරමුණින් "ගෑණියෙක්ට ගෑණියෙක් වීම නිසාම බුදුවෙන්න බැරි ඇයි?" වැනි තේරුමක් නැති ප්‍රශ්න අසයි (එම වාක්‍යයේ 'තේරුමක් නැති ප්‍රශ්න' වාක්‍ය ඛංඩය වැදගත්ය. අවධානය යොමු කරන්න).

අප කියන ආකාරයට සිටීමට එකඟ වන ගැහැණුන්ට මෙපමණ කාලයක් තිස්සේ ඉතාම වටිනා 'ගෙදර බුදුන්' පට්ටමක් ලබා දීමට අපි කටයුතු කලෙමු.

ගැහැණුන් එයින් සෑහීමකට පත් වීමට ඉගෙන ගත යුතුය. ගෙදර බුදුන් පට්ටම ලබා දුන් පසු මොවුන් හදන්නේ තුන්ලොවටම බුදුවන්නට නොහැක්කේ ඇයි කියා අසන්නටය. ලද දෙයින් සතුටු වීම උතුම් ගුණාංගයක් බව කුඩා කල සිටම අපගේ වැඩිහිටියන් අපට ඉගැන්වූ කාරණයකි. එවැනි ගුණාංගයක් වත් නොමැති ගැහැණුන් කෙසේ බුදුවන්නද?

ගැහැණියකගේ වගකීම ගෙදරට වී ළමයෙක් හදාගෙන, බතක් උයාගෙන, ගෙදර වැඩක් පලක් කරගෙන සිටිනු විනා බුදුවීමට යාම නොවේ.

සමාජයේ සිටිය යුතු ආකාරය, හැසිරිය යුතු ආකාරය මෙපමණ කාලයක් තිස්සේ යස අගේට අප ගැහැණුන්ට කියා දුන්නා සේ බුදුවීමෙන් පසුව සත්‍ය අවබෝධ කරගෙන සත්‍ය දේශනා කිරීමද පිරිමි අපටම කල හැකිය. ගැහැණුන්ට තියෙන්නේ අප අවබෝධ කරගෙන දේශනා කරන දේවල් දරුවන් නලවමින් පිළිගැනීමය ( සැ; යු - මේ අදහස තේරුම් ගැනීමට අපහසු අයෙක් වේ නම්, ගැහැණුන්ට යනු දරුවන් බිහිකිරීමටම සිටිනා යන්ත්‍ර ලෙස සලකන ඉස්ලාමීය අන්තවාදී අදහස  වෙත අවධානය යොමු කොට තේරුම් ගැනීමට උත්සාහ කරන්න)

බල්ලන් මෙලොවට එන්නේ බව් බව් ගාමින් මිනිසුන්ව ආරක්ෂා කිරීමටය, ඔටුවන් මෙලොවට එන්නේ කාන්තාරයේ ඇවිදිමින් මිනිසුන්ට ප්‍රවාහනය සැපයීමටය, අලින් මෙලොවට එන්නේ දන්ත ධාතුව වඩම්මමින් පෙරහැරේ යාමටය, හරක් මෙලොවට එන්නේ ජීවිත කාලයේම මිනිසුන්ට බැලමෙහෙවරකම් කොට ජීවිත අවසානයේ 'අනේ අපේ කිරි අම්මා' කියා මිනිසුන්ගෙන් අසා ගැනීමටය (මේ තත්වය ගෙදර බුදුන් පට්ටමට සමාන වන අයුරු මෙනෙහි කරන්න), කුකුලන් මෙලොවට එන්නේ රෝස් චිකන් එකක් වී මිනිස් දිවට රසය සැපයීමටය.. ඒ අයුරින් ගැහැණිය මේලෝකයට එන්නේ දරුවන් බිහිකරමින් දරුවන් ආදරය කිරීමට මිසක බුදු වීමට නොවේ.

"යුරෝපීය ගෑනුන්ට ගැළපෙන දේවල් අපේ රටේ මේ ආසියාතික ගෑනුන්ට ගැළපෙන්නෙ නෑ. අපේ රටේ ගෑනුන්ට ඡන්ද බලේ ලැබුණොත් ගෙදර තියෙන සාමය සමාදානය නැතිභංග වෙලාම යාවි. එයාල ගෙදර රණ්ඩුකාරියන් බවට පත්වේවි. මං කැමැති නෑ ඔය මෝඩ වැඩේට. ගැහැණිය ඉන්න ඕන ළමයි බලාගන්න, පවුල ආරක්ෂා කරගන්න. ඡන්ද බලය දීලා දේශපාලනයට ගත්තොත් වෙන්නේ පවුල් සංස්ථාව බිඳ වැටෙන එක"

ඒ කියන්නේ මම නොව, දැනුම් තේරුම් ඇති අපගේ ජාතික වීරයෙක් වන සර් පොන්නම්බලම් රාමනාදන්ය. එතුමා එසේ කියා තිබියදී පව් කියා අප ගැහැණුන්ට ඡන්ද බලය ලබා දී තිබෙද්දිත්, ඒත් මදි කියා ඇයි අපට බුදුවෙන්න බැරි කියා අසන්නේ ගැහැණුන්ගේ තියෙන ආත්මාර්ථකාමය නිසාය. (සැ;යු - ඔක්කොම ගැහැණුන් බුදුවෙන්න පෙරුම් පුරන්න ගත්තොත් මෙලොව ළමයි බිහිවීම නැවතී මිනිස් ජාතිය වඳවී යාමේ තර්ජනයට මුහුණ පෑ හැක)

ගැහැණු නම් දරුවන්ය, දරුවන් නම් ගැහැණුය. ඒ සම්බන්ධය ගසට පොත්ත මෙනි. (සැ:යු - කැමැත්තෙන් දරුවන් නොහදනා ගැහැණුන් මේ ලෝ තලයේ නැත) ඒ හැටිය. එදත් එහෙමය අදත් එහෙමය. හෙටත් එහෙමය. ධර්මතා කියන්නේ ඒවාටය.

පිරිමියාට දරුවන් බිහි කල නොහැකිය. දරුවන් බිහි කල හැක්කේ ගැහැණුන්ටය. ඒ අනුව ගැහැණුන්ට බුදුවිය නොහැකිය. පිරිමින්ට හිටගෙන මුත්‍රා කල හැක, ගැහැණියට නොහැක. ඒ අනුව ගැහැණුන්ට බුදුවිය නොහැක. (සැ;යු - ඒ බෞද්ධ අපේ ලොජික්ය)

එම නිසා කොච්චර සාර සංඛේය කල්ප කාලයක් පෙරුම් පිරුවද, සිත කොච්චර දමනය කරගත්තද අදාල පුද්ගලයා කාන්තාවක් නම් බුදුවීම උදෙසා ආපසු හැරී ගොස් පිරිමි ආත්මයක් ලබා ගෙන ආ යුතුය. (සැ:යු - සිත හරියටම දමනය කර ගත හැක්කේ පුරුෂ ලිඟු ඇත්තන්ට පමණි)



ප/ලි - මේ තේරුමක් නැති ප්‍රශ්න ඇසීම මෙයින් නැවතිය යුතුය. මෙවන් තේරුමක් නැති දේ ගැන සටහන් ලිවීමට ගත කරන වටිනා කාලය ගිහියන්ටත් වඩා අන්ත විදියට පිස්සු බල්ලන් සේ හැසිරෙන භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියා සාධාරණීය කරනය කිරීමට යෙදවූවා නම් මීට වඩා ප්‍රයෝජනවත්ය. දැන් මොකෙක් හෝ පැමිණ "පිරිමියාට පමණක් බුදුවිය හැකි බුදුදහමේ නිර්මාතෘ වන බුදුන්වහන්සේ විසින් භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට එකවර අවසර නොදුන්නේ ඇයි?" වැනි ප්‍රශ්නයක් ඇසුවොත් නාථ දෙවියන්ගේ ආධාරයෙන් ලිපිනය සොයා ගෙන විත් අපි බෞද්ධයන් වශයෙන් විෂ ඝෝර සරපයා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියා සරපයාට මෙත් වඩනා ආකාරයට දෙකේ දෙකේ පොල්ලක් රැගන මෙත්වැඩීමට අකමැත්තෙන් වුවද සිදුවන බව සඳහන් කරමු.

තෙරුවන් සරණයි
සියලු සත්වයෝ නිදුක් වෙත්වා*


*කොන්දේසි සහිතයි

Monday, April 18, 2016

රැඩිකල් කවි ලියන හැටි

අද කියන්න යන්නෙ රැඩිකල් කවි ලියන විදිහ.. ඔව් යකෝ, එහෙම කවි ජාතියකුත් තියෙනවා.. ලියන විදියකුත් තියෙනව.. රැඩිකල් කවියෙක් වෙන්න ඕන නං කට වහගෙන අහගං..

කී පොයින්ට්ස් දෙක තුනයි තියෙන්නෙ.. අල්ලගත්තොත් හරි.. වැඩේ ගොඩ.

හ්ම්හු.. හරි... පටන් ගමු අද පාඩම..

"රැඩිකල් කවි ලියනා ආකාරය"

මුලින්ම අර එළිසමය, මාත්‍රාද මොනවද ඒවා.. අලංකාර යෙදීම් අරවා මේවා ඔක්කොම අමතක කරන්න ඕන, ඔව් බං මමත් ඒව මොනවද කියල දන්නෑ.. ඒත් මටත් පුළුවන් රැඩිකල් කවි ලියන්න.. හිටිං කො කියන්න වදේ

ඒ ටික අමතක කරල ඊට පස්සෙ තියෙන්නෙ මාතෘකාව තෝරගන්න එක

මෙතනදි ඔප්ෂන් දෙකක් තියෙනව

ඔප්ෂන් නම්බර් වන් - තමා ජීවිතේට සතපහකට ගනන් ගන්නෙ නැති චරිතයක් තෝරගන්න එක.. සමාජයෙම ඉන්න.. හ්ම්.. හිඟන්නෙක්.. කොන්දොස්තර කෙනෙක්.. එහෙම නැත්නම්., සපත්තු මහන එකෙක්.. කට්ට අව්වේ සුවිප් ටිකට් විකුණන එකෙක්

හැබැයි සැබෑ ජීවිතයේදී උඹට ඔය කවිය ලියන්න තෝරගන්න චරිතය ගැන පොඩි හරි හැඟීමක් තියෙනව නම්.. වැඩේ හරි යන්නෙ නෑ.. හරිනෙ? ගොට් ඉට්?.. ඇයි? ඇයි කියල අහන්නෙ? දන්නෙ නැති උන් ගැන ලියද්දි තමා ඩෝ පරිකල්පනය උච්ඡතම අවස්ථාවට ගිහින් රැඩිකල් කම එළියට එන්නෙ..

ඊළඟට ඔප්ෂන් නම්බර් ටූ - මේක රහසක්.. වැඩිය කවුරුත් දන්නෑ.. මම කලින් කිව්ව චරිතත් හොඳයි.. ඒත් මේක හොඳා...ආ..ආආ..යි.. තෝරගනින් මේ ලෝකෙ වැඩියෙන්ම මාර්කට් වෙන, වැඩියෙන්ම මාර්කට් කරන්න ලේසිම දේ..

නෑ ඕයි.. කොකා කෝලා.. බෙන්ස් කාර්.. නෙමේ බං..

"ගැහැණිය".. ඔව් ඔව්.. "ගෑණි" අන්න ඒකි.. ඒකිව තෝරගනින්.. ඊට පස්සෙ තියෙන්නෙ ලේසි ස්ටෙප් ටික..

...දැන් උඹ කොහෙන් හරි වල් පත්තරයක් කියෝලා හරි හොඳ කුණුහරප ටිකක් ඉගෙනගන්න ඕන (අනෙ ඉතින් උඹල කුණුහරප දන්නෙම නෑනෙ නේද).. මෙතන තියෙන රහස් දෙක තමයි..

එක, ගෑණි.. දෙක, කුණුහරප

දැන් තියෙන්නෙ ලියන්න..

සිනාරියෝ එක විදියට මිනිහෙක් ඇරලා ගියාට පස්සෙ ඇඳ උඩ වැතිරිලා  දාඩිය පෙරාගෙන ඉන්න ගෑණියෙක් බිත්තියේ යන මකුළුවෙක් දිහා බලාගෙන උගේ කකුල් ගනන් කරන සීන් එකක්..වගේ අමුතු මගුලක් තෝර ගනින්

ඒ වගේ මොකක් හරි සීන් එකක් තෝරගෙන.. අර කලින් හොයාගත්ත කුණුහරප වචන දාහන්

"අඳුරේ පව් කරන දනා එළියෙ රවන ළඳුනේ??"

පිස්සුද යකෝ... එහෙම හරි යන්නෙ නෑ. කෝ කුණුහරප? උඹට ඕන රචකයෙක් වෙන්නද 'රැඩිකල්' රචකයෙක් වෙන්නද? උදාහරණයකට මෙහෙම ගනින්

"නාඳුනන ලිඟුවක්
ඇගේ ආත්මය
පොඩි කර
කීතු කීතු වලට 
ඉරා කොටා 
හප කර
බාගෙට අළු වුන 
සිගරට් දුමක් මැද
කර වෙන්න 
අත ඇර
ගිහින්
ඇයයි
ඇගේ යෝනියයි
තවම තනියෙම
අඳුරු කුටිය තුළ
ඇගේ තනියට
කවුළුවෙන් එන
සිසිල පමණයි
බිත්තියේ යන
මකුළුවා පමණයි
ඔව් මම
වේස ගෑණි
ඒත්
පුරුෂ ලිඟු වලින්
අඳුරේදී තලා දැමූ
මගේ පිවිතුරු බව
එළිය වැටුන පසු 
සොයනු එපා
අඳුරේදී ඇති ලිඟු
එළියේදී නැතිවන
කාලකණ්ණි
පොන්නයිනේ"

ඔය තියෙන්නෙ එක උදාහරණයක්.. බලහන් යොදාගෙන තියෙන වචන.. ඒ වචන පුළුවන් තරම් රිපීට් කරන්න ඕන

ලිඟුවක්, ආත්මය, යෝනිය, සිගරට්, අඳුර, වේස ගෑණි.. තේරෙනවනෙ මම කියන එක.

තව එකක්.. උඹ කෝම හරි ලියන කවිය (වගේ එක). ඉවර වුනාම.. කියවන එකා කියවලා ඉවර වුනයින් පස්සෙ.. ඒ කියෝපු එකාට තේරෙන්නෙ නැත්නම් ඒ කවියෙන් (වගේ එකෙන්) උඹ මොකක්ද කියන්න උත්සාහ කලේ කියල.. වැඩේ හරි..

ඒ කිව්වෙ හරකො.. කියවන එකාට මේ ලියල තියෙන්නෙ මොන මලදානයක්ද කියල තේරෙන්නෙ නැත්නම් වැඩේ හරි.

සුපිරි රැඩිකල් කවියෙක් උඹ !

කරල බලහන්.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. ජය !

මෙන්න මේ වගේ අඩනිරුවත් ෆොටෝ එකකුත් දැම්ම නම් ටොප්

Sunday, April 17, 2016

බඩුව



"මචන් අපේ අමිලයා ශානිකා එක්ක යාලුවෙලා. ඕකි කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක යාලු වෙලා අතින් අත ගිය එකියක්. ඕකි කඩාගෙන ඉන්නෙ ශුවර්. අමිලයට පිස්සුද බන් ඔය වගෙ බඩුවක් එක්ක යාලු වෙන්න?"

කාලයකට කලින් ඇහිච්ච කතාවක්.

බඩුව, වේසි, ගණිකාව.. මේ වචන පාවිච්චි කරල නැති කෙනෙක් මේ සටහන කියවන අය අතර නැහැයි කියල ඔට්ටුවක් උනත් අල්ලන්න බැරි කමක් නැහැ.

ලේ, ඇට, මස්, නහර වගේම සතුට, කඳුළ, දුක, බලාපොරොත්තු වලින් නිර්මාණය වුන මනුස්සයෙක්ට බඩුව වගේ වචනයකින් ආමන්ත්‍රණය කරද්දිම ඒ මනුස්සයාව අමානුෂීකකරණයට (dehumanize) ලක් වනවා. ඒ වගේ වචනයකින් ප්‍රකාශ කෙරෙන්නේ මනුෂ්‍යයෙකු ගැන හැඟීමක් වෙනුවට මෙවලමක් ගැන හැඟීමක්.

සමාජයෙන්ම නිර්ණය කරන මේ 'හොඳ කෙල්ල' කියන චරිතයෙන් 'බඩුව' වෙනස් වෙන්නේ කොහොමද කියන එක හිතල බලන්න වටින කාරණයක්.

ගැහැණියකගේ ගෞරවය සහ අවමානය තීරණය කෙරෙන ඔය අන්ත දෙක වෙන් කෙරෙන්නේ කොහොමද කියන එකට තියෙන්නේ සංකීර්ණ පැහැදිළි කිරීමක් නෙමේ.

ස්ත්‍රියගේ භූමිකාව විදියට සමාජය විසින් නිර්ණය කරන රාමුවට මෙපිටින් සිටින ගැහැණුන් හොඳ ගැහැණුන් වෙද්දි ඒ රාමුවට එපිටින් සිටින ගැහැණුන් නිතැතින්ම බඩු බවට පත් වෙනවා

අපේ සමාජයෙන් පිළිගන්නා හොඳ කෙල්ල කියල හඳුන්වන චරිතය මොනවගේ කෙනෙක්ද?

අපේ සමාජය හොඳ කෙල්ලෙක් විදියට හඳුන්වන්නේ හිමීට කතා කරන, අතින් කටවහගෙන හිනාවෙන, කකුළ් දෙක ලං කරල ඉඳගන්න, පොත් ටික පපුවට තුරුළු කරන් බිම බලාගෙන ඇවිදින, අත් දෙක බැඳගෙන රිටක් කෙළින් හිටෝලා වගේ බස් හෝල්ට් එකේ හිටගෙන ඉන්න, කොල්ලෙක්ගෙ උදව්වක් නැතුව මල් පෝච්චියක්වත් තනියෙම උස්ස ගන්න බැරි, උඹ බං කියන්නෙත් කුණුහරපයි කියලා හිතාගෙන ඉන්න, 'පුක' කිව්වත් අයියෝ ඌයි ගාන, විහිලුවක් කලාම කටවහගෙන චූ බරේ වගේ දෙපැත්තට ඇඹරි ඇඹරි බයිට් වෙන, එකට එක කියන්නෙ නැති, හයියෙන් කතා කරන්නෙ නැති, හයියෙන් හිනා වෙන්නෙ නැති, වයස 18 පැන්නයින් පස්සෙත් හැම දේටම තාත්තගෙයි කොල්ලගෙයි මිනිහගෙයි අවසර ඉල්ලන, තමාට ඕන දේ කරන්න කලින් 'අරයා මොනවා කියයිද, මෙයා මොනවා හිතයිද, ගමේ අය මොනවා නොකියයිද' කිය කිය කල්පනා කරන, ජීවිතේට පුරුෂ ලිංගයක් අල්ලලා තියා දැකලවත් නැති, කොල්ලෝ එක්ක යාලුවෙලා රවුම් ගහන්නෙ නැති, රූම් යන්නෙ නැති, බයික් පදින්නේ නැති, රෑ පාටි වලට යන්නේ නැති, ටැටූ ගහල නැති, බියර් අරක්කු සිගරට් බොනව තියා ඒවයේ ග‍ඳවත් ඉවසන්න බැරි, කොටට අඳින්නේ නැති, වැඩිය කොල්ලෝ ආශ්‍රය කරන්නෙ නැති, යාලුවෝ එක්ක ට්‍රිප් යන්නේ නැති, හවස හයෙන් පස්සෙ ගෙදරින් එළියට බහින්නේ නැති..අර සමාජයෙන් දුන්න 'කෙල්ල' ගේ චරිතය රඟපාන හිරේ වැටිච්චි "ගැහැණු" මනුස්සයෙක්ට..

අන්න එහෙම කෙනෙක්ට තමයි අපේ සමාජයේ පිරිමියා 'හොඳ කෙල්ලෙක්' කියන ගෞරව නාමය පිරිනමන්නෙ.

පිරිමියාගේ ඔලුවේ ජීවත් වෙන ඒ ෆැන්ටසික ගැහැණිය කියන භූමිකාවට පයින් ගහපු ගමන් ගෑණියෙක්ගේ හොඳ නමට කෙළ වෙලා යනව. මොකද පිරිමින්ට අනුව ගැහැණියකට අයිතියක් නෑ තමාගේ ඔලුවේ තියෙන ඒ ෆැන්ටසිය කුඩු කරන්න. ඒ ගැහැණිත තමාගේ ජීවිතේ නැති කෙනෙක් වුනත්.

ඒත් ඇත්තටම බඩුවක් වෙලා පාවිච්චියට ලක් වෙලා තියෙන්නේ කවුද කියන එකත් හිතල බලන්න වටින කාරණයක්

තමන්ව වෙන පුද්ගලයෙක්ට පාවිච්චි කරන්න දෙන ගැහැණියක්? විවාහයට පෙර තමාගේ කන්‍යාභාවය අහිමි කරගත්ත ගැහැණියක්? තමාගේ පියාට, සැමියාට අවනත නැති ගැහැණියක්? විවාහ නොවී වෙනත් පිරිමියෙක් එක්ක එකට ජීවත් වෙන ගැහැණියක්? මුදල් වලට තමාගේ ශරීරය, වටිනාකම, ආත්මගරුත්වය විකුණන ගැහැණියක්?

දිගින් දිගටම හිතාගෙන යද්දි තේරෙනව මේක මහා අවුලක් ජාලයක් බව.

ඇත්තටම පිරිමියා ඉස්සරහා පාවිච්චි වෙන්නෙ කවුද?

තමා කැමති පිරිමියෙක් එක්ක තමා කැමති විදියට යහන්ගතවන ගැහැණියක්ද , තමාගෙ පියා තෝරලා දෙන තමා අකමැති පිරිමියෙක් එක්ක නිදාගන්න ගැහැණියද? ජීවිතේ එක එක කාලයන්ගේ පියා/සැමියා වේශයෙන් එන පිරිමි අනසක ඉදිරියේ යටත් වෙලා ඒ අයට ඕන විදියට පාවිච්චි වෙන ගැහැණියද බඩුව, එහෙම නැත්නම් තමාගේ ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන තමාගේ තීරණ ස්වාධීනව ගන්නා ගැහැණියද?

මුදලට තමාගේ ගැණුම්කරුවා ඉස්සරහා තමාගේ ශරීරය පාවිච්චියට ලක් කරන්න ඉඩ දෙන කාන්තාව වේසියක් වෙලා, මාසෙ අන්තිමට හම්බෙන පඩියක් වෙනුවෙන් මාසය පුරා අසීමිත විදියට පාවිච්චි වෙන, ආත්මගරුත්වය බලලට දාලා නිවාඩුවක් ගන්න පවා තම ආයතනයේ ප්‍රධානියා ඉදිරියේ නැමෙන, ප්‍රමෝෂන් එකේ ඉඳලා සියලුම දේට ඔහුට *ක දෙන මිනිසුන් පාවිච්චියට ලක් වෙන බඩු නොවන්නේ කොහොමද?

ඔය බඩුව, වේසිය කියන වචන කිසිම තේරුමක් නැති හිස් වචන වෙන්නේ ඒ නිසයි.

ඔය වචනය අස්සෙම තියෙන්නේ සමාජය විසින් කාන්තාව පාලනය කරන්නට දාපු නාස් ලණුවක්
නමුත් නියම පෞරෂයක් තියෙන පුද්ගලයෙක්ට අනෙකාට අපහාස කිරීම තුළින් ඒ කෙනාව පාලනය කරන්න තටඹන්න අවශ්‍ය වෙන්නේ නෑ. හේතුව, කෙනෙක්ගේ නිදහස ඉදිරියේ ඒ පුද්ගලයාගේ පෞරෂයට හානියක් නොවන නිසා

මේ විදියට හිතන ගොඩක් පිරිමි හිතන්නෙ තමාගෙ අණසකට අවනත නොවන ගැහැණියක් කියන්නේ තමාගේ පිරිමිකමට අභියෝගයක් කියල. ඒ නිසයි මොන ක්‍රමයකින් හරි ස්වාධීන, නිදහස් ගෑණුන්ව මෙල්ල කරන්න හදන්නෙ

ඒ අතින් කාන්තාවකට බඩුව, වේසිය කියල කියන්නේ කිසිම පෞරෂයක් නැති නපුංසකයො. ස්වාධීන කාන්තාවක් ඉදිරියේ බිඳ වැටෙන පෞරෂයක් තියෙන කෙනෙක්ගේ මහා ලොකු පිරිමිකම මොකක්ද?

මේ ගැන වත්පොතේ මිතුරියක් කියල තිබ්බා ලස්සන කතාවක්

"අපේ සමාජයෙ පිරිමියාට කිසිම ලැජ්ජාවක් නැතුව කාන්තාවකට බඩුව, වේසිය කියන්න පුළුවන්. ඒත් ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්නේ සෑහෙන අමාරුවෙන් ලැජ්ජාවෙන්"

බඩුව, වේසිය කියල අපේ සමාජයේ බහුලව භාවිතා කෙරෙන මේ වචන දෙකේ පුරුෂ ලිංගික පද මොනවද? එහෙම ඒවා තියෙනව නම් ඒවා එච්චර භාවිතා වෙන්නෙ නැත්තේ ඇයි කියන එක පොඩ්ඩක් හිතල බලන්න වටිනවා.

කොහොමත් පිරිමියෙක් නම් කිසිම ගෑණියෙක්ට,
ඔව්.. කිසිම ගෑණියෙක්ට
බඩුවක්.. වේසියෙක්
කියලා අගෞරව කරන්නේ නැහැ
එහෙම කරනවා නම් ඒ කරන කෙනා
පිරිමියෙක් නෙමේ
පෞරෂයක් නැති නපුංසකයෙක්
එච්චරයි !

Saturday, April 16, 2016

සවනි මගේ මං සවනිගෙ

ඉස්කෝලෙ යන කාලෙ මෝඩ වැඩ නොකරපු කවුරු හරි ඉන්නවද?

ඉස්කෝලේ යන කාලේ තමා අතින් වෙච්චි වැරැද්දක්, කරපු ගොං කමක් අල්ලගෙන මුලු පන්තියම.. මුළු සෙක්ෂන් එකම.. මුළු ඉස්කෝලෙම මාස ගාණක්, අවුරුදු ගාණක්, මුලු පාසල් කාලයෙදීම තමාට නමක් දාලා බයිට් කලා නම්.. කාඩ් එකක් වැදුන නම්.. අන්තිමට තමාව අනිත් අය හඳුනාගන්නා අනන්‍යතාවය විදියට කාඩ් එක පාසල් ජීවිතය පුරාම භාවිත වුනා නම්..

පොඩි කාලේ මුළු ඉස්කෝලෙම ඉස්සරහා වේදිකාව උඩදි තමාව කකුල පැටලිලා වැටුන එක..පහ-හය වසරේදී පන්තියේදී චූ ගිය එක.. එහා පන්තියේ කොල්ලෙක් එක්ක ගේම ඉල්ලලා අන්තිමට කෙල්ලො ඉස්සරහ අම්බානට ගුටි කාපු එක..

තමා අතින් වෙච්චි ඒ වැරැද්ද.. තමා කල ඒ ගොං කම.. හැමෝගෙම බයිට් එක වුනා නම්.. ඒ කාලෙ තිබ්බ තමාගේ ඒ පුංචි මානසිකත්වයට ඒක කොහොම බලපායිද? තමාගේ චරිතය ගොඬනැඟෙන්න හැමෝගෙන්ම චාටර් වෙන එක, බයිට් වෙන එක, තමාට වඩා ලොකු පන්ති වල අයියලා ගෙන් බුලි වෙන එක.. කොහොම බලපායිද?

අපි හැමෝටම වගේම මේ ලියන මටත් තිබ්බා එහෙම අතීතයක්..

මං ඉස්කෝලෙ යන කාලෙ/ඉස්කෝලෙන් අවුට් වෙච්චි මුල් ටිකෙ කරපු වැඩ.. සමහර ඒව කොච්චර පිස්සු වැඩ වුනත් සුන්දර මතකයන්.. ඒවගේම තමා සමහර ඒවා මතක් වෙද්දිත් ලැජ්ජයි..

කාලෙන් කාලෙට මටත් තිබ්බා එක එක අමාරු.. හැම කොල්ලෙක්ට වගේම. කාලයක් Backstreet Boys  බෝයිස් පිස්සුවක්.. ඒ කාලෙ කලේ ටීවී එකේ රිමෝර්ට් එක මයික් එක වගේ තියාගෙන අරුන්ගේ සින්දුවක් දාලා කණ්ණාඩිය ඉස්සරහට ගිහින් උන්ගෙ සින්දු වලට කටහොලව හොලව නටන එක.. ඒ අටේ පන්තියෙදි විතර.. ඊට පස්සෙ මයිකල් ජැක්සන් පිස්සුව.. ජැක්සන්ගෙ මූන් වෝක් එක,සයිඩ් ග්ලයිඩ් එක.. පුරුදු වුනා පුක ඉරාගෙන.. ඊටත් පස්සෙ ක්‍රිකට් පිස්සුව..

තවත් කාලයක් තිබ්බා අමුතුම පිස්සුවක් හැදුන.. ඒ අවුරුදු 18-19 විතර වෙද්දි. නාහෙට අහන්නෙ නැති වයස.. මට මතකයි ඒ කාලෙ මම එළියට බහින්නෙ ඩෙනිම ගහල, තද රතු පාට ටීෂර්ට් එක ඇඳලා යට කරල, කිලෝ දෙකක් විතර බර බෙල්ට් එකක් දාලා, කොණ්ඩේ ස්පයික් කරලා.. (දැන් වගේ නෙමේ, එකින් එක ස්පයික් කරන්නෙ.. පැය කාලක් විතර යනව කොණ්ඩෙ හදන්නම).. අතේ ඇඟිලි හය හතකට මුදු දාලා..

මට මතක් වෙනවා මුලින්ම මගෙ හිත ගිය කෙල්ලට මං ලියල දුන්න ලියුම.. පෙර කරපු පිනක් නිසාද මංද කෙල්ල බෑ කියල ලියුම ගත්තෙ නෑ.. ඒ ලියුම කියෙව්ව නම්.. ඒ තරම්ම බොළඳයි.. අද වෙනකල් ඒ ලියුමෙ තිබ්බ දේවල් දන්නෙ මම විතරයි..

ඇයි දැන් මම මේ ඔක්කොම කියන්නෙ? කියන්නෙ මේනිසයි.. මේ හැමෝම.. දැන් බුකියෙ ඉන්න අවුරුදු 20-40 වයස් සීමාවේ ඔක්කොටමල්ලා ඔය වගේ ගොං වැඩ කරල ඇති.. හැමෝගෙන්ම තමන් හංගන් ඉන්න.. එහෙම නැත්තන් ළඟම යාලුවො දෙතුන් දෙනෙක් විතර දන්න... සමහර රහස් කාටවත් කියන්න එපා කියල යාලුවන්ට නොවැඳ වැඳපු අවස්ථා එහෙම ඇති.. අපි හැමෝටම

ඒත්, වාසනාවට හරි අවාසනාවට හරි.. ඒ කාලෙ අපිට තිබ්බෙ නෑ කැමරා ෆෝන්.. ස්මාර්ට් ෆෝන්.. අයි පෑඩ්.. ලැපක් කියල එකක් දැකලවත් තිබ්බෙ නෑ මයෙ හිතේ..

පොඩ්ඩක් හිතන්න.. අපිට ඒ කාලෙ.. කැමර ෆෝන් එකක් තිබිලා අපි ඔය කරපු ගොං වැඩ.. දැන් අපි හැමෝගෙන්ම හංගගෙන රහස් විදියට රකින ඒ පිස්සු වැඩ.. අපේම යාලුවෙක් අතින් හරි.. අපේම අතින් හරි රෙකෝර්ඩ් වෙලා තිබ්බ නම්... ඉන්ටර්නෙට් එකේ වයිරල් ගියා නම්..

තත්පරයක් අරගෙන හිතන්න..

මං මේ දවස් වල දකිනවා පොඩි උන්.. කැප් දාගෙන.. මාල දාගෙන (ඒව මාල නෙමේ, දම්වැල්).. රැප් කරනවා.. ලොකු උන් වෙන්න හදනවා.. කෙල්ලන්ට ලව් කරනවා... ස්ටේටස් දානවා..

ඒව දකිද්දි මට මතක් වෙන්නේ මටත් එහෙම කාලයක් තිබ්බ කියල .. මටත් තිබ්බ නම් කැමරා ෆෝන් එකක්... කොණ්ඩේ ස්පයික් කරගෙන පිස්සු කෙලපු මම මගෙ ෆොටෝ එකක් අරගෙන ෆේස් බුක් නොදා ඉඳියිද? මම පිස්සුවෙන් වගේ ලව් කරපු කෙල්ල (අර මට තුන් පාරක්ම බෑ කියපු කෙල්ල.. ඒකි තමා) ගැන කියල ෆේස් බුක් එකේ බොළඳ ස්ටේටස් නොදා ඉඳියිද? ඒකි බෑ කියපු වෙලේ අඬන ස්ටේටස් එකක් නොදා ඉඳියිද මගෙම අඬන මූණ තියෙන ෆොටෝවක් එක්ක...? කවුද දන්නේ? ඒ කාලෙ කල ගොංකම් හැටියට.. එහෙම නැත්නම්..අර කෙල්ලට ලියපු ලියුම කොහෙන් හරි ලීක් වෙලා යාලුවෙක් ඒක ෆොටෝ ගහල ෆේස් බුක් දැම්ම නම්..ඊට හොඳයි වහ කාල මැරෙන එක..

හැමෝටම ඔය වගේ අත්දැකීම් ඇති.. දැන් ආයෙම එන්න වර්තමානයට.. දැන් ඉන්න පොඩින් උනුත් අපි වගේම තමා.. ගොං වැඩ කරනවා.. ලොකු උන් වෙන්න හදනවා.. පොරවල් වෙන්න හදනවා.. උන් හිතන් ඉන්නෙ ලෝකෙට ලොක්කො උන් කියල.. ඉක්මනට කොල්ලෙක් වෙන්න/පොරක් වෙන්න/තදයෙක් වෙන්න පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ. ඉතින් උන් එහෙම වෙන්නය කියල තියන දේවල් කරනවා..

වැඩිහිටියො වෙලා ඉන්න අපි දැන් මොකක්ද කරන්නෙ?.. අර ඉස්කෝලෙ ඒලෙවල් උන් පොඩි එකෙක් කරපු ගොං වැඩක් අල්ලගෙන.. ඌව ඉන්ටර්වල් එකේදි අල්ලගෙන බයිට් කරන සෙට් එකක් වගේ සයිබරය පුරා පොඩි උන්ව බයිට් කරනව..

ඒකෙන් පොඩි එකාට වෙන බලපෑම.. ඌට ඉස්කෝලෙදි, පන්තියෙදි, ටියුෂන් ක්ලාස් එකේදි වදින කාර්ඩ්, ඇති වෙන ලැජ්ජාව.. ඒ අහිංසක පොඩි එකා සයිබරයෙදි බයිට් වෙන හැටි.. සැබෑ ජීවිතේදි බුලි වෙන හැටි.. අපිට සත පහකට වැඩක් නෑ..

අපිට ඕන එක දෙයයි.. අපේ ආතල් එක..

කමක් නෑ මචන්.. උඹලා උඹලගෙ ආතල් එක ගනිල්ලා.

ඒත් එකක් මතක තියා ගනින්, උඹලටත් ඔහොම කාලයක් තිබ්බ. උඹලත් පිස්සු කෙළිය.. ගොංකම් කලා.. ඒත් එකම දේ.. දැන් කාලෙ පොඩි උන්ට වගේ උඹලගෙ අතේ කැමරා ෆෝන් තිබ්බෙ නෑ

එහෙම තිබ්බ නම් සමහර විට.. දැන් උඹල පොඩි උන් බයිට් කරනව වගේ..සමාජයක් ඉදිරියේ, උඹල බයිට් උනා නම්.. අද උඹල වෙනස්ම විදියේ මිනිස්සු වෙලා නතරවෙන්න තිබ්බා. ඒ කටුක අත්දැකීමත් එක්ක..

උඹලට ලෝකෙ තියෙන හැම දේම නරකයි.. ඒත් උඹලට ආතල් එකක් හම්බෙනව නම්.. ඕන බලු වැඩක් හොඳයි උඹලට..

පොඩ්ඩක් තමාගෙ අතීතයට ගිහින්, දැන් උඹල බයිට් කරන අහිංසක පොඩි එවුන්ගේ ඇහෙන් ලෝකය දිහා බලහන්..

එතනදි සමහර විට, උඹලට උඹලවම හම්බවෙයි !

Thursday, April 14, 2016

SMS ජනාධිපතිවරු එපා

ස්ථානය - පොලීසිය

දිනය - මීට මාස කිහිපයකට පෙර

වෙලාව -  දහවල් 1:30 ට පමණ

-----

පොලිස් නිලධාරි මහතා - තමුන් දන්නවද තමුන්ට අද මෙතනට එන්න කියල තියෙන්නෙ ඇයි කියල?

තරුණයා -  ඔව්..

පොලිස් නිලධාරි මහතා - දන්නව නම් කියන්න බලන්න

තරුණයා - මම මෙයාට කෝල් කරලා බැන්නේ නෑ.. මම මෙයාට කිව්වෙ..

මැදිවියේ පසුවන ගැහැණිය - මොකද බැන්නෙ නැත්තෙ? ඔයා මට තර්ජනය කලා. මම නොකරපු වැරැද්දකට

තරුණයා - තර්ජනය කලා මම??

ගැහැණිය - කලා තමා.. ඇයි කිව්වේ.. ඔයා ගැන එක එක දේවල් තැන් තැන් වල කියල ආයෙ අහුවෙන්න එපා කියල. මම ඔයා ගැන තැන් තැන් වල කියන්න යන්නෙ නෑ. ඔයයි මගෙ දුවගෙ පස්සෙන් යාලු වෙන්න ඇවිල්ලා ඒ කෙල්ල බෑ කිව්ව නිසා එයා ගැන තැන් තැන් වල නරක කතා කිය කිය යන්නෙ..මම කැමති නෑ මගෙ දරුවගෙ වයසෙ ළමයින්ගෙන් කතා අහන්න.. මම ඉල්ලන්නෙ එක දෙයයි.. ඔයා ආයෙ මට කෝල් කරන්න එපා. එච්චරයි. මට ඔයා එක්ක කතාවක් නෑ..

තරුණයා - ඔයා මම තර්ජනය කලා කියල බොරු කිය..

පොලිස් නිලධාරි මහතා - මේ.. මේ... නවත්තන්න දෙන්නම කතාව..

...නිහඬතාවය...

පොලිස් නිලධාරි මහතා - දැන් තමුන් පිළිගන්නවද තමුන් මෙයාට කෝල් කලා කියල?

තරුණයා - නෑ මං කිව්වෙ..

පොලිස් නිලධාරි මහතා - අහන දේට උත්තර දෙනවා.. තමුන් පිළිගන්නවද තමුන් මෙයාට කෝල් කලා කියල? කෝල් කලාද නැද්ද?

තරුණයා - ඔව්. පිළිගන්නවා. කෝල් කලා

පොලිස් නිලධාරි මහතා - තමුන් දන්නවද එයා කැමති නැහැ කියල ඔයා කෝල් කරනවට..

තරුණයා - ඔව්..

පොලිස් නිලධාරි මහතා - එහෙනම් ඔය අනන් මනන් කතා වැඩක් නෑ. කතාව මෙච්චරයි. කිසිම කෙනෙක්ට කිසිම අයිතියක් නෑ කාටවත් බලෙන් කෝල් කරන්න. මෙයා කැමති නෑනෙ ඔයා කෝල් කරනවට.. එනිසා අද ඉඳල ඔයාට බෑ මෙයාට කෝල් කරන්න.. කරදර කරන්න නෙමේ.. ආදරේටවත් කෝල් කරන්න බෑ. මට ඉන්නවා ඕන තරම් යාලුවෝ.. නෑදෑයෝ.. ඒ අයගෙන් කෙනෙක් කැමති නැත්නම් මම කෝල් කරනවට මටවත් බෑ බලෙන් ආදරේටවත් කෝල් කරන්න. කතාව එච්චරයි. පැහැදිළිද?

...නිහඬතාවය...

පොලිස් නිලධාරි මහතා -  පැහැදිළිද?

තරුණයා - ඔව්.. පැහැදිළියි..

පොලිස් නිලධාරි මහතා - ආයෙ මෙහෙම දෙයක් වුනොත් ඊළඟට බලමු මොකද වෙන්නෙ කියල.. මෙතන අත්සන් කරනව දැන්..

-----

මේ මා විසින් ගොතන ලද මනක්කල්පිත කතාවකි. කතාවේ පණිවිඩිය නම් කිසිම පුද්ගලයෙක්ට තවත් කෙනෙකුට බලෙන් දුරකථන පණිවිඩ යැවීමට හෝ කෙටි පණිවිඩ යැවීමට අයිතියක් නොමැති බවය. දුරකථනයක් යනු පුද්ගලික උපාංගයකි. එය සමාජයේ/ලෝකයේ සැමටම රිංගීමට ඇති බස්රථයක් මෙන් නොවේ.

ඉහත කාරණය නීතියට වැටහුනද, අප රටේ පුරවැසියන්ට වැටහුනද අපේ පළවන පුරවැසියාට වැටහෙන්නේ නැති බව පෙනෙන කාරණයකි. මීට කලින් සිටි නායකයා විසින් මෙම ක්‍රියාවම සිදුකරනු ලැබූ අතර සමාජජාලා හරහා මෙන්ම පුරවැසියන් තුළද ඇතිවූ විරුද්ධත්වය නව පාලකයාටද රහසක් වීමට ඉඩක් නැත.

මෙය සිතා මතාම ජනතාවගෙන් යම් කොටසකගේ හොඳ හිත දිනා ගැනීමට තවත් කොටසකගේ පුද්ගලික අයිතීන් උල්ලංඝනය කිරීමකි. රටේ ජනතාවගේ මූලික අයිතීන්ටවත් ගරු නොකරන, මා විසින් ගොතන ලද කථාවේ තරුණයාට නොදෙවෙනි නායකයෙක්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදීත්වය සහ නූතනත්වය අගයන ජනතාවකට ඵලක් නැත.

මුළු රටකට මිලියන ගණින් යවනා කෙටි පණිවුඩ වලට ගෙවීම් සිදු කරනුලබනවාද, සිදු කරනවා නම් ඒ කරන්නේ කාගේ මුදලින්ද යන කාරණා ගැන තවමත් නිශ්චිතව නිගමනයකට එළඹීමට තරම් කරුණු අප ඉදිරියේ නැත.

කෙසේ වුවද, සමාජ ජාලා තුළින් හෝ හැකි වෙනයම් ආකාරයකින් මේ ක්‍රියාවට විරුද්ධත්වය පළකල යුතුය. පාලකයන් ජනතාවගේ පුද්ගලිකත්වයට ගරු නොකරන්නේ නම් ඒ අයිතීන් විරුද්ධත්වය ප්‍රකාශ කොට හෝ ඒ අයිතීන් දිනා ගැනීම හැර කරන්නට දෙයක් නොමැත.

උඹ සිංහල අවුරුද්ද සමරනව නේද?

සූර්‍යා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීම සමරන තවත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක්,

..තවත් දවසක්.

" සුභ අලුත් අවුරුද්දක් වේවා මචන්. උඹ සිංහල අවුරුද්ද සමරනව නේද?"

මගේ මිත්‍රයෙක් මගෙන් අහනව

ඒ පැනයට ඔව් හෝ නෑ හෝ කියා සරල පිළිතුරක් තිබුනා නම්..

මගේ මිතුරා මගෙන් "උඹ සිංහල අවුරුද්ද සමරන්නේ කැමැත්තෙන්ද?" කියල ඇහැව්ව නම් සරල උත්තරයක් දෙන්න තිබ්බා.

සිංහල අවුරුදු සමය ! ජනවාරි පළමුදා නව අවුරුදු උදාව.. ! උපන්දිනය .....!

අලුත් දවසක් උදා වෙලා, තවත් දවසක් ගෙවී ගිහින්.. අවුරුද්දක් උදා වෙලා.. තවත් අවුරුද්දක් ගෙවී ගිහින්.

හැමෝම තම තමන්ගේ එදිනෙදා වැඩකටයුතු නවත්තලා, තමාගේ රාජකාරී කටයුතු නවත්තලා සමරන්න සූදානම,

කාලය ගත වීම..!

මේ සැමරීම් තුළ ආගමික හෝ සංස්කෘතික වටිනාකමක් තියෙනව කියල කියවෙනව. එකඟයි. ඒ ගැන විවාදයක් නැහැ.නමුත්, මේ සියල්ලෙන් එළියට ඇවිත් පිටස්තරයෙක් විදියට මේ නාඩගම දිහා බැලුවොත් මොන විදියට පෙනෙයිද?

සමරන එක සාධාරණයි, කාලය ගත වීම නෙමේ. කෙනෙක්ගේ ජීවිතයක මොකක් හරි අරමුණක් ලඟා කර ගන්න එක, කෙනෙක් යම් ඉලක්කයක් ජයගන්න එක, රටක් විදියට යම් ජයග්‍රහණයක් ලබන එක.

මේ සැමරුම් අපේ සංස්කෘතියට විතරක් ආවේණික නැහැ. නමුත් මඳකට නැවතිල හිතල බලමු.

මිනිසුන් පොදියක් එකතු වෙලා කිසිම සාධාරණ හේතුවක් නැතුව සමරනවා, සතුටු වෙනවා. පිටස්තරයෙකු විදිහට මේවගේ සැමරීම් බලාගෙන ඉන්නකොට පේන්නේ සමරන්න දෙයක් නැති ජීවිත ගෙවන මිනිස්සු සතුටු වෙන්න නිසාම බොරුවට හේතු හදා ගැනීමක් වගේ.

තමාගේ දරුවන්, දෙමාපියන්, මිතුරන් එක්ක එකට කාලය ගත කරන්න බැරි මිනිස්සු ඔවුනොවුන් හා එකතුවන්නට ව්‍යාජ හේතු හදාගෙන වගේ. අපේ ප්‍රියයන් හමුවෙන්න, ඔවුන් සමඟ එකට හිඳ කා බී හිනැහෙන්න අපට අවුරුද්දේ එක දවසක් එනකම් බලන් ඉන්න වෙලා නම් ඒකෙන් කියවෙන්නේ අපේ ජීවිත වල හිස් බව නොවේද? අප අපේම ජීවිත වල අතරමං වෙලා බව නොවේද?

අපි ජීවත් වීම පහසු කරගන්න කියල ලඟා කරගන්න හදන ඒ ඉලක්ක වලට, ලබා ගන්න හදන ඒ දේවල් වලට අපේ මුලු ජීවිතම කැප කරලා. අපිට අපේ ජීවිතේ විඳින්න නම් කිසිම තේරුමක් නැති සමාජය සම්මත කරගත්ත දිනයන් උදාවෙනකන් ඇඟිලි ගනින්න වෙලා.

අපි සතුටු වෙන්න කලින් දින නියම කරගන්න ඕනේ තත්වෙක ඉන්නේ, අපි ගමේ ඉන්න දෙමාපියන් බලන්න යන්න සමාජයේ සම්මත කරගත්ත දිනයක් එනකන් අවුරුද්දක් තිස්සේ බලන් ඉන්නවා, දුර පලාත් වල රැකියා වලට ගිය පියවරු තමාගේ දරුවන් බලන්න මේ දිනය උදාවෙනකන් ඇඟිලි ගැනගැන ඉන්නවා...

අපි අපේ ජීවිත වලම හිරකාරයෝ වෙලාද?

තවත් පැත්තකින්, සමාජය විසින් කලින් නියම කරන දිනයක සතුටු වෙන එක හරියට අනිවාර්‍යයෙන් කල යුතු වගකීමක් වගේ වෙලා. හැමෝම කරන නිසා කරන්න ඕන දෙයක් බවට පත් වෙලා.. දින නියම කරගෙන සතුටු වෙන එක !

ඒක නිකන් හරියට මිනිස්සුන්ට සතුටු වෙන්න ඕනෙ වෙලාවයි සතුටු නොවී තමාගේ අධික ලෙස කාර්‍ය බහුල වෙලා තියෙන ජීවිත වල හිරවෙලා ඉන්න ඕනෙ වෙලාවයි තුන්වන පාර්ශවයක් විසින් නියම කරල දීල වගේ.

නව වසරක උදාව, උපන්දිනය.. මේ සියල්ලම පොදි බැඳගෙන සමරන එකෙන් අඩු වැඩි වශයෙන් පෙන්වන්නේ හැඟීම් දැනීම් ඇති ජීවීන් වන අපි යාන්ත්‍රික සමාජ ක්‍රමයක කොටස් කාරයන් වෙලා තියෙන බවද?

තව මාස කීපයකින් එන මගේ උපන්දිනය මට මතක් වෙනවා

"මම මෙලොවට බිහි වෙච්චි කාලය අවුරුද්දකින් වැඩි වෙලා.. මම මේ ලෝකයේ ඉන්න තියෙන කාලය අවුරුද්දකින් අඩු වෙලා.. දැන් මම මේක සමරන්න ඕන. මම මේ ලෝකයට ඉපදිලා නිශ්චිත දවස් ගානක් ගිහින්.. දැන් මම ඒක ගැන සතුටු වෙලා සමරන්න ඕන.. එහෙමද?"

එහෙම සමරන එක සාමාන්‍යයයි. සමරන්නෙ නැති එක අසාමාන්‍යයි. එහෙමද?

කොටසක් තමාගේ සතුට කියන අත්දැකීම ගන්න මේවගේ දිනයන් එනකන් බලාගෙන ඉන්න අතරේම තවත් කොටසක් මේ දිනයන් සැමරිය යුතු නිසාම සමරන්න පෙළඹිලා. කොටින්ම අවුරුදු, නත්තල් වගේ අවස්ථා ලෝකෙට ණය වෙලා සමරන මිනිස්සු කීදෙනෙක් නම් ඉන්නවද?

'අහවල් දවසේ, අහවල් වෙලාවේ, අහවල් විදිහට උඹ සතුටු වෙන්න ඕනේ.. ෆන් ගන්න ඕනේ..මේ දේ කරන්න ඕනේ' කියලා කවුරු හරි කිව්ව පලියට, නියමයක් තිබ්බ පලියට එහෙම කරන්න අපි ප්‍රෝග්රෑම් කරනු ලැබූ රොබෝ වරුද, හැඟීම් දැනීම් තියෙන පණ ඇති මිනිසුන්ද?

අවංකව හිතද්දි අලුත් අවුරුදු සැමරුම්, උපන්දින සැමරුම් ගැන හිතෙන්නේ එහෙමයි.

ඒත් කෙනෙක් අවංක සිතින් අවංකව සුභ පැතුමක් එක් කලාම මම කියන මනුස්සයාගෙ හිතේ තියෙන මේ අවංක සිතිවිලි ටික මෙහෙමම කියල දාන එක නරුම වැඩක් ! ඒකෙ දෙකක් නැහැ..

මට මතක් වෙනව මගේ යාලුවගේ ප්‍රශ්නය

"සුභ අලුත් අවුරුද්දක් වේවා මචන්. උඹ සිංහල අවුරුද්ද සමරනව නේද?"

හොඳ හිතින් දෙන හොඳ ප්‍රාර්ථනාවකට හොඳ හිතින් ප්‍රතිචාරයක් දෙන එක මනුස්සකමක්..

"ඔව් මචන්.. මම සිංහල අලුත් අවුරුද්ද සමරනවා"

මම ඔහුට කියනවා. එහෙනම්..මගේ මිතුරාට විතරක් නෙමේ..

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමරන ඔක්කෝටම..

සුභ අලුත් අවුරුද්දක් වේවා !

Tuesday, April 12, 2016

බුදුපිළිමේ බලේ

අපේ ගමේ පන්සලට පොඩ්ඩක් එහායින් පොරවල් සෙට් එකක් පටන් ගත්තා යාතිකා මධ්‍යස්තානයක්.

අර යොහෝවාද මොකක්ද කියන්නෙ. අන්න එහෙම කට්ටියක්. (දැන් මගෙන් අහන්න එපා ඇයි උන් ඔතනම ඕක පටන් ගත්තෙ කියල. වැස්සකටවත් පන්සලකට පල්ලියකට යන්නෙ නැති අහිංසකයෙක් වෙච්චි මට ඕවා කොහෙ තිබ්බත් එකයි)

දවසින් දවස ඕකට එකා දෙන්නා ගානේ සෙනඟ වැඩිවෙන්න ගත්තා ගමේ අයට නොදැනිම.

මාසයක් දෙකක් යද්දි පූජාවට, යාතිකා සීන් වලට එහෙම සහභාගිවෙන්න සෑහෙන පිරිසක් එක් රොක් වුනා එතැනට. 

පන්සලේ දායක සභාව ප්‍රමුඛ ගමේ ඈයොන්ට මේක බලන් ඉද්දි ඉතින් ඇහේ කටු අනින්නාවගේ

"ගමේ කවදාවත් සිද්ද වුන දේවල්ද මේ වෙන්නේ?"

කෝමෙන් කෝම හරි බෞද්ධ ඇත්තො ටික එකතු වෙලා මාර ගේමක් දුන්නා මේක වහලා දාන්න. හරි ගියේ නෑ.

ගහන්න තියෙන හැම ගැටේම ගහලා අන්තිමට හරිනොගිය පාර කට්ටිය එකතුවෙලා කරන්න තීරණය කලා නියම වැඩක්,

හරියටම යාතිකා මධ්‍යස්ථානයට අඩි විස්සක් විතර එහායින් වංගුවේ ඉන්දුවා වීදුරුකූඩුවකින් වට කරපු චූටි බුදු පිළිමයක් !

"ගේම නං ගේම"

මම අහලා තියෙනවා බල්ලෝ තමාගේ ඒරියා එක සලකුණු කරන්න ඒ ඒරියා එක වටේට චූ කරනව කියල. 

මේක ඒ සීන් ඒකේ හොඳම එක.

තොපි යාතිකා කලාට කමක් නෑ. ඒත් මතක තියා ගනියව් මේ ඒරියා එක තාම අපේ ..කියන මැසේජ් එකයි දෙන්නේ ඒ බුදු පිළිමයෙන්

බලන්න, බැතිමතුන්ගේ හිතේ ශ්‍රද්ධාව, මෛත්‍රිය, කරුණාව වඩවනවට අමතරව තව කොච්චර නම් දේවල් බුදු පිළිමයකට කරන්න පුළුවන්ද කියල..

බුදුපිළිමේ බලේ තමා බලේ..!

Sunday, April 10, 2016

අනෝමා, නදීෂා සහ සනී ලියෝන්


අනෝමා ගැන නිහිංසා ලියල තිබ්බ සටහනක් කියවන්න ලැබුනා
සටහන අවසානයේ නිහිංසා ඉතුරු කරල තිබ්බෙ ප්‍රශ්නාර්ථයක්, නිගමනයක් වෙනුවට
නිගමනයක් වෙනුවට ප්‍රශ්නාර්ථයක් !
මම ඒකට කැමතියි.
මට හිතෙන්නේ මිනිස්සුන්ව කියවන්න උත්සාහ කරනවට වඩා මිනිස්සු සමාජයට ඇති කරන බලපෑම කියවන්න උත්සාහ කරන එක සාධාරණයි කියල.
මොකද, මනුස්ස ජීවිතයක් කියන දේ ඒ තරම්ම සංකීර්ණයි. ඒ සංකීර්ණත්වය ඉස්සරහා ඒ කියවීම අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
අනෝමා කියන චරිතය කතාබහට ලක් වෙන්නේ මුහුණු පොත හරහා එළිබසින ඇයගේ අසාමාන්‍ය(?) ක්‍රියාකාරීත්වය හේතුවෙන්.
විටක ඇගේ අදහස් සටහන් ආකාරයෙන් ඉදිරිපත් කිරීම මඟිනුත් විටෙක ඇගේ අඩනිරුවත නිරාවරණය කිරීම මඟිනුත් ඇය සමාජයේ කතාබහක් ඇති කරනවා
සමහර විට අනෝමා කරන්න උත්සාහ කරන්නේ තමාගේ නිරුවත හරහා සමාජයට යම් විදියක අභියෝගයක් කරන්න වෙන්න ඇති.

"මරු වැඩේ තමයි කාය වර්ධනය පෙන්වන්න පිරිමි අයට පුළුවන් වුණාට අපිට බැහැ.ඇයි ? පිරිමි අයට under wear එක පිටින් මස් පිඬු ප්‍රදර්ශණය කරන්න පුළුවනි.ඒත් කාන්තාවන් එහෙම කරනකොට ඒක මට නම් වස කැතයි.පිරිමින්ව අපි අනුකරණය කරනවා වගේ.ඉතින් මම කැමරා ශිල්පියාට කිව්වා මේ විදිහට පින්තුරු ගනිමු කියලා.කාන්තාව අයෝමය වුණත් සෞන්දර්යාත්මක විය යුතුයි."
තමාගේ ශරීරය මඟින් සමාජයට ඇය කරන්න උත්සාහ කරන අභියෝගය ගැන අනෝමා කියල තිබ්බේ එහෙම,
අනෝමා කරන්න උත්සාහ කරන මේ අභියෝගයම, මෑත කාලයේ කරපු අනෙක් චරිතය තමයි නදීෂා හේමමාලි.
"ගණිකා වෘතිය කියන්නෙත් වෘතියක්. අපි ඒකට ගරු කරන්න ඕන. ගණිකා වෘතිය නැත්නම් මේ රටේ සමහරුන්ට පිස්සු හැදිල"
නදීෂා කිව්ව ඒ කතාව අස්සෙ හැංගිලා තියෙනවා පුරුෂලිංගයකින් පාලනය වෙන සමාජයේ සුචරිතවාදී පිරිමින්ට අමු අමුවේ කෙරෙන අභියෝගයක්.
ස්ත්‍රියගේ අසම්මත හැසිරීම ඉස්සරහා සමාජයේ තියෙන වෙව්ලිල්ලට අභියෝග කරන එක අතින් අනෝමාට වඩා බලපෑමක් නදීෂා හේමමාලිගෙන් වෙනව කියල මම හිතනව.
ඒ අතින් මම නදීෂට ආසයි.
ඒත් ඒ ආසාවම මට අනෝමා ගැන ඇති වෙන්නෙ නැහැ. සමහර විට නිදීෂයි අනෝමයි දෙන්නා නිරූපනය කරන්නේ ගැහැණියකගේ ජීවිතයේ අවස්ථා දෙකක් නිසා වෙන්න ඇති.
නදීෂා තරුණයි, ලස්සනයි, කටකාරයි, සරාගියි, කාමුකයි. ඒ තුළින් නදීෂාට පුළුවන් සමාජය දෙදරවන්න.. එක හාදුවකින් !
නමුත් ඒක අනෝමට කරන්න පුළුවන් වුනාද කියන එක ප්‍රශ්නයක්. මොකද කලින් කිව්ව නදීෂාගේ ඒ ලක්ෂණ එකක්වත් අනෝමා තුළ (දැන්?) නැහැ.
ගොඩක් අයට අනුව අනෝමා කියන්නේ කාට හරි කියලා තමා අඩනිරුවතින් ඉන්න හැටි කැමරා ෆෝන් එකකින් ෆොටෝ ගහලා ඉන්ටර්නෙට් එකේ දාන නාකි ගෑණියෙක් විතරයි. ඒනිසා වෙන්නැති නදීෂාට තියෙන කැමැත්ත මට අනෝමා ගැන නැත්තෙ.
මොනව වුනත් සුචරිතවාදී පින්වතුන්ගෙන් පිරුන සමාජයට නදීෂලා, අනෝමලා ඕන. මේ සමාජයේ නදීෂලා, අනෝමලා ඕන තරම් ඉන්නවා. නමුත් සමාජයට දරා ගන්න බැරි මේ අය එලියට එද්දි. සමාජය විසින් මේ අයට නියම කරල තියෙන සීමාව කඩාගෙන එළියට එද්දියි මිනිස්සු බලන්නෙ අඳුරේ සිටිය යුතු මේ අය එළියට ඇවිල්ලා මොකද කියල.
ඔය සුචරිතවාදීන් තනි වුනාම උන්ගේ ඇඟේ අමාරුව නැති කරන සනී ලියෝනි ලා ප්‍රසිද්ධ සමාජය ඉස්සරහා වේසියෝ විදියට හංවඩු ගැහෙන්නේ ඒනිසයි.
කිසිම සුචරිතවාදියෙක්ට නදීෂලව, අනෝමලව නැති කරන්න ඕන නැහැ. ඒගොල්ලන්ගේ සුචරිතවාදය රැකගන්න නදීෂල අනෝමල වගේ චරිත විතරක් නෙමේ සනී ලියෝන්, ජෙනා ජේමර්සන් වගේ ඊනියා නරක චරිත අවශ්‍යයි. මොකද ඔය සුචරිතවාදීන්ගේ සුචරිතවාදී බව රැඳෙන්නේ නදීෂලට, අනෝමලට, සනීලට සාපේක්ෂව. ඒ වගේ ගෑණුන්ව අඳුරේදී සිහින කුමරියන් කරගන්න ගමන් එළියේදී ප්‍රතික්ෂේප කිරීමත් උන්ගේ සුචරිතවාදී බවේ රංගනයේම කොටසක්. (නදීෂා, අනෝමාව සනී ලියෝන්ට සමාන කලා නෙමේ)

ආයෙත් අනෝමා ගැන කතාවට ආවොත්, අනෝමාට එයා කරන්න හදන මොකක් හරි දේ මේ විදියට නැතුව වෙන විදියකින් කරන්න තිබ්බා කියලත් හිතෙනව.
මොක වුනත් මම අනෝමාගේ හැසිරීම තුල දකින්නේ මොකක්දෝ නොගැලපීමක්.
මේ මගේ නිරීක්ෂණයක් මිසක විනිශ්චයක් නෙමේ. අනෝමාව විනිශ්චය කරන්න මම යන්නේ නෑ. මම අනෝමා ගැන මොනවද දන්නෙ. එයාගේ අරමුණු, එයාගේ මානසිකත්වය ගැන දන්නේ එයාමයි. සමහර විට එයාවත් දන්නෙ නැතුව ඇති.
එහෙම බලද්දි හිතෙනවා අපි දන්නවද අපේ අරමුණු, අපේ මානසිකත්වය ගැන කියල
අර සින්දුවකත් තියෙන්නෙ
"ගිනියම් ඉර....සඳ සිසිලස....
අතරේ හොයනව හොයනවා මේ.. අපි කවුරුද..."
සමහර විට අනෝමා එයා කවුද කියල තාම හොයනව ඇති.. අපි, අපි ගැන හොයනව වගේම

Friday, April 8, 2016

පව් අසරණයො

සමහර අය හිතන් ඉන්නවා
බුදුදහම කියන්නේ
තමා දකින දේ පාලනය කිරීමය කියල
නමුත් 
බුදුදහම කියන්නේ 
තමා දකින දේ
පාලනය කිරීම නොව
තමාගේ සිත පාලනය කරගන්න එකය
සිත දමනය කරගන්න එකය කියල
ඒගොල්ලන්ට තේරෙන්නෙ නැහැ
සිත පාලනය කරගන්නව වෙනුවට
ඒ ගොල්ලො කරන්න හදන්නෙ
ඇහැට පේන දේ 
පාලනය කරන එක
ඒක බුදුදහමේ ක්‍රමය නෙමේ
තලෙයිබාන් ක්‍රමය කියල
ඒගොල්ලො දන්නෙ නැහැ
හිතේ තියෙන වනචරකම
පාලනය කරගන්න බැරි නිසා
ඒගොල්ලො හදන්නේ
ඇහැ දකින දේ පාලනය කරන්න
ගෑණුන්ගෙ කකුල්
කලවා
බුරි
වහන්න දඟලනවා
තමාගෙ වනචරකමට
තමා තුළම තියෙන
බය නිසා
මේ වගේ අයගේ
සිල්වන්තකම
ගෑණු බුරියක් නිසා
කුඩු වෙලා යන
බිත්තරයක් වගේ
දුර්වලයි
බුදුන්ටත් වඩා බෞද්ධ
මේ අයගේ සිල්වන්තකමට
කෙළවෙලා යන්නේ
ගෑණු ශරීර නිසා
එනිසා 
නිවන්දකින්න නම්
හිත දමනය කරගන්න කලින්
ගෑණු තහනම් කරල 
ඉන්න ඕන
ඒකයි ඔවුන්ගෙ
තලෙයිබාන් බුද්ධාගම
ගෑණු කකුල් දැක්කම
ධාතු පහවෙන 
ඔවුන්ගේ අසරණකමට 
මක්කරන්නද
පව්
අසරණයො

Thursday, April 7, 2016

මාලිංග


ලසිත් මාලිංග කියන්නේ වෘතිය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සිංහලෙන්ම කියනව නම් රස්සාවට ක්‍රිකට් ගහන මනුස්සයෙක්. ඒ මනුස්සයා (ඇතුළු රස්සාවට ක්‍රිකට් ගහන මිනිස්සු හෙවත් ක්‍රිකට් කණ්ඩායම) තමාගේ රස්සාව තුළ සාර්ථක වෙද්දි අපි ඔහුට/ඔවුන්ට ආදරය කරන්න ගන්නවා. මොකද ඔවුන් අපේ රට නියෝජනය කරද්දි ඔවුන් ලබන ජයග්‍රහණ අපත් ලබන ජයග්‍රහණ නිසා. ඔවුන් ජයග්‍රහණ ලබද්දි අපේ රටට කීර්තියක් ලැබෙන නිසා.
ඇත්ත. ඒත් ඒ මොනව වුනත්, බොටම් ලයින් එක තමයි.. මේ කට්ටියම වෘතියක් විදියට ක්‍රීඩා කරන අය කියන එක. ඒක තමයි යථාර්තය. ඒ යථාර්තය අවුල් වගේ නම් ප්‍රශ්නය තියෙන්නේ ඒ යථාර්තය තමාගේ ඔලු අස්සේ තේරුම් බේරුම් කරගන්න බැරි අයගෙ මිසක ක්‍රීඩකයන්ගේ නෙමේ, . (මතක ඇති මීට අවුරුදු කීපයකට කලින් තමන්ගේ වැටුප ගැන ක්‍රිකට් ක්‍රීඩකයන් මතු කල ආන්දෝලනය. හරියට අපේ දොස්තරලා, දුම්රිය සේවකයන් වගේ තමා ; ඇයි ක්‍රිකට් නොගැහැව්වා කියල ඒ මිනිස්සු කරන්නේ ජාතික සේවයක් නෙමෙයිද?)
අනිත් මිනිස්සු වගේම වෘතියක් කරන මේ ක්‍රීඩකයන් කරන්නේ සේවයක්ය, රට වෙනුවෙන් යුතුකමක්ය, අපි මෙච්චර කල් අව්වේ පිච්චි පිච්චි මැච් බලපු එකට කලගුණ සැලකිය යුතුය.. වගේ ලොවෙත් නැති සදාචාරවාදී ටෝක්ස් දාන අය හිටියට ඒ ටෝක්ස් දාන අයගෙයි මේ ක්‍රීඩකයන්ගෙයි වෙනසක් නැහැ. දෙගොල්ලොම.. දෙගොල්ලොම නෙමේ හැමෝම බලන්නේ තමාගේ වාසිය, තමා ගොඩයන්න.
මතකද මීට කලින් කතාවක් තිබ්බා කාර් එකක් දෙනවා නම් අරවින්ද ගහනවා කියල? සනත් ජයසූරිය සොසේජස් කෑවා, සංගක්කාර ඇන්ලීන් බිව්වා. ඔව්.. ඔක්කොම සල්ලි වලට.
මේ හැම ක්‍රීඩකයෙක්ම තමාට පුළුවන් උපරිම මුදල තමාට සෙල්ලම් කරන්න පුළුවන් කෙටි කාලයෙදි හොයා ගන්න අතරේ පුළු පුළුවන් විදියට මිනිස්සු ඉස්සරහා තමාගේ භූමිකාව ගානට රඟපෑවා.. ඔව්.. හරියට දේශපාලකයො වගේ.. කැමරාව ඉස්සරහ ලස්සනට කතා කරනවා. හිනා වෙනවා. අත වනනවා.. ඒ අස්සේ පුළුවන් උපරිම ගාන හම්බ කරනවා
මාලිංග කියන චරිතය වෙනස් වෙන්නෙ ඔතනදි. මාලිංග ප්‍රතික්ෂේප කරනවා ඔය මිනිස්සු සනසන භූමිකාව රඟපාන එක. මාලිංගට සතපහක වැඩක් නැහැ, අනිත් උන් මාලිංගට දෙන චරිත සහතිකය ගැන. සමහර විට මාලිංගගේ ජීවිතයේ අවස්ථාවක ඔය 'අනික් උන්' එකෙක්වත් මාලිංගට නොහිටිය නිසා වෙන්න ඇති (මොකක් ගැනද කියන්නේ කියල දන්නෝ දනිති)
කොහොම හරි, අනිත් ක්‍රීඩකයනුත් කරන මේ සල්ලි හෙවිල්ල.. මාලිංග කරන විදිය නිසා මාලිංග දිහා බලාගෙන ඉන්න මිනිස්සුන්ගේ ආතල් කුඩු වෙනවා.
මොකද මිනිස්සු හිතන් ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩකයා කියන්නේ ඒගොල්ලෝ වගේ නොවිය යුතු කට්ටියක් කියල. සල්ලි වලට මුල් තැන දෙන්න ඕන නැති කට්ටියක් කියල. තමාගෙ වාසියට වැඩ කරන්න ඕන නැති කට්ටියක් කියල. මොකද, මිනිස්සු මේගොල්ලන්ව 'මිනිස්සු' කියන සාමාන්‍ය ස්වභාවයෙන් උඩින් තියල පරමාදර්ශී චරිත කරගෙන ඉන්න නිසා.
සමහරු කියනවා මාලිංගට ලංකාවෙ අත දුන්න අය නැත්නම් අද මාලිංග තාම බීච් එකක සොෆ්ට් බෝල් ගගහ ඉන්න නිකම්ම නිකන් කොල්ලෙක් කියල. කතාව ඇත්ත. ඒත් එහෙමය කියලා මාලිංග මුළු ජීවිත කාලයම ඒ ණය ගෙවන්න ඕනය කියනවා නම් ඒක මහා කුහක කතාවක්. මොකද, කවුරුත් ඇවිත් පැත්තකට වෙලා ඉඳගෙන ඉන්න මාලිංග කොළුවව දැකලා "අනේ මේ දුප්පත් කොල්ලාව මම අරගෙන ගිහිල්ලා මුළ ඉඳලා මූට බෝල් කරන හැටි කියල දීලා, මූට ක්‍රිකට් උගන්නලා මූව දුප්පත් කමින් මුදවගන්න ඕනේ" කියල මාලිංගව ගෙනාවා නෙමේනෙ. කවුරු හරි හඳුනගත්තා මාලිංගටම ආවේණික ඔහුගේ දක්ෂතාවය, ඔහු ඒ දක්ෂතාවය ඔපමට්ටම් කරන්න ඇති. හරියට මැණිකක් ඔපමට්ටම් කරනවා වගේ. නැතුව ගල් කෑල්ලක් අරගෙන ගල් කෑල්ලට ආදරේට මැදලා මැදලා ඒක මැණිකක් කරන්න බෑනෙ.
කොහොම හරි මාලිංග ලෝක ප්‍රසිද්ධ ක්රීඩකයෙක් වුනා. ඔය ගමනට මාලිංගට සියගණනක්, දහස් ගණනක් මිනිස්සු උදව් දෙන්න ඇති. අන්තිමට මාලිංග තැනකට ගියා, රට වෙනුවෙන් සෙල්ලම් කලා. මාලිංගට ඒකට පඩියක් ලැබුනා. මාලිංගට ඕන නම් ඉන් එහාට වෙන පාරක යන්න, ඒක මාලිංගගේ තීරණය. ඒ අස්සේ අර මාලිංගට උදව් කරපු අය කියනව නම් "තෝ මැරෙනකල් අපිට ණය ගෙවපිය" කියල, ඒක ඊට වඩා කුහක කමක්.
තවත් පිරිසක් ඉන්නවා ක්‍රිකට් මැච් එකක් බලන්නෙවත් නැති.. මේගොල්ලන්ට අනුවත්, හැමෝම මුල් තැන දෙන්න ඕන රටට.. ! (අම්මගෙ රෙද්ද තමා, තමා ගන්න පඩිය වගේ තුන් හතර ගුණයක පඩියක් එක්ක මේ රටේම ඉඳගෙන වෙන රටක කම්පැනියක වැඩ කරන්න හරි, වෙන රටකට හරි යන්න හම්බුනොත් බලාගන්න පුළුවන් රට වෙනුවන් පරිත්‍යාග කරන හැටි)
මාලිංග කරන්නේ මේ හැමෝගෙම ආතල් කුඩු කරන එක..මේ මෝඩ මිනිස්සුන්ගේ හීන කුඩු පට්ටම් කරලා ඒවායේ තාප්පයේ මුලටම කෙළින එක.. !
ඒකයි ගොඩක් දෙනා තමා නොකරන ඒ කැපකිරීම මාලිංගත් නොකලම, මාලිංග එක්ක උරණ වෙන්නේ..
මොකද තමා මාලිංගට ආදේශ කරපු.. තමා ළඟත් නැති ඒ ගතිගුණ ටික..හැම දේටම වඩා රටට ආදරය කරන, සල්ලි වලට වැඩ නොකරන, අවංක, හරිම හොඳ චරිතය බොරුවට හරි රඟපාන එක මාලිංග ප්‍රතික්ෂේප කරපු නිසා
දැන් කට්ටියගේ ආතල් කුඩු වුනා ඇති නම් ඔය ඔලුව උඩින් තියන් ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයන්ව බිමින් තියන්න.
ඒ මිනිස්සුත් අපි වගේම මිනිස්සු කියල පිළිගන්න. ආතල් කුඩු වුන එකේ වැරැද්ද මාලිංගගේද තමාගෙද කියල ආයෙම හිතල බලන්න.
මීට පස්සෙ එක එකාව ඔලුව උඩ තියාගෙන උන් තමාගේ ආතල් කුඩුකලයින් පස්සේ උන්ට බනින්න එපා. ඊට වඩා හොඳයි. කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් තමාගේ ගොන් කමට තමාටම බැන ගන්න එක.

Wednesday, April 6, 2016

මෙරු

ජීවිතයේ අවසානය, අවසානයම කියල පිළිගන්න අපේ හිතේ තියෙන නොකැමැත්ත කොයිතරම් බලවත්ද කියන එකට මරණින් පස්සේ මොන විදියකින් හරි තියෙන පැවැත්මක් ගැන අවුරුදු දහස් දසදහස් ගණනක් තිස්සේ අපි තුළ තිබ්බ විශ්වාසයට වඩා තවත් සාක්කියක් ඕනද?

මිනිස් බුද්ධියෙන්, තර්කයෙන්, විද්‍යාවෙන් එල්ල කෙරෙන මරුපහරවල් ඉදිරියේ වැටි වැටී හරි ආගමික විශ්වාස තවමත් නොසැලී, නොවැටී තියෙන්නේ අපේ සිතේ ඉතිරි වෙලා තියෙන මේ බලාපොරොත්තුව නිසා කියල කවුරු හරි කිව්වොතින්

ඔබ මොකක්ද දෙන උත්තරය?

ජීවිතයේදී කියපු කරපු හොඳ දේවල් වලට කවදා හරි හොඳ ප්‍රිතිඵලයක් මරණින් පස්සෙ වෙනම ලෝකෙකදි හරි වෙනම ජීවිතයකදි හරි ලැබෙයි…. ජීවිතයේදී නරක කියපු කරපු මිනිස්සුන්ට කවදා හරි ඒවායේ විපාක මරණින් පස්සෙ වෙනම ලෝකෙකදි හරි වෙනම ජීවිතයකදි හරි ලැබෙයි,

තවත් ලෝකයක්.. තවත් ජීවිතයක්.. ගැන
තියෙන ඒ බලාපොරොත්තුව….!

සුළු පටු එකක් නෙමේ.

ඒ වෙනුවෙන් කීදාහක් මිනිස්සු ජීවත් වෙන්න ඇද්ද? කීදාහක් මිනිස්සු සටන් කරන්න ඇද්ද? එකිනෙකා මරාගන්න ඇද්ද? ජීවිත පූජා කරන්න ඇද්ද?
මිනිස්සු කැමති වෙයිද කිසිම කෙනෙක් කිසිම විදියකින් කවදා හරි ඒ බලාපොරොත්තුව තමාගෙන් උදුරගන්නවට?
ඒ බලාපොරොත්තුව මායාවක් විතරක් නම්.. ඒ බලාපොරොත්තුව මිත්‍යාවක් විතරක් නම්..??

මොනව වුනත්.. මරණින් පස්සේ තියෙනවාය කියලා ‘බලාපොරොත්තුවෙන’ මේ ජීවිතයට.. පැවැත්මට.. අනික් හැම දේකටම වගේ නියම වෙලා තියෙනවා මිලක්.. කරන්න සිද්ධ වෙලා තියෙනවා කැප කිරීමක්
එක එක ආගම් වල, එක එක විශ්වාසයන්ට අනුව නියම කරනවා එක එක ජීවන ක්‍රම.. ඒවා එකිනෙකින් පරස්පරවිරෝධී වෙනකොට එකිනෙක අතර ගැටීම වළක්වන්න බැහැ..

ඒ නිසයි ඒ ගැටීමේ ප්‍රතිඵල විදියට ලක්ෂ ගණනින් මිනීකඳු ගොඩ ගැහිල තියෙන්නෙ. ලේ ගංගා ගලල තියෙන්නෙ.

අවුරුදු දස දහස් ගණනක් මුළුල්ලේ බලාපොරොත්තුවේ ‘මිල’ මනුස්සයා ගෙව්වේ එහෙමයි.
මරණින් පස්සේ තියෙන.. තියෙනවාය කියලා හිතන ඒ ආලෝකය පස්සේ මෙරු රැළක් වගේ දුවනවා.. බලාපොරොත්තුවෙන් !

අපි මොහොතකට එමු ඔබයි මමයි ජීවත් වෙන සැබෑ ලෝකයට
මේ මට ටික කාලයකට කලින් යාලුවෙක් කියපු කතාවක්

"යාලුවගේ ගමේ හිටපු වයසක අම්මා කෙනෙක් පන්සලට ගිහින් කාලෙකට කලින් නැති වුන ඇගේ සැමියාට පිං පතල පන්සලට දානයක් දෙන්න හිතාගෙන. එහෙම ගිය ඇයට පන්සලේ හාමුදුරුවෝ කියල තියෙනවා පන්සලට දානේ එපා, සිමෙන්ති කොට්ට දෙක තුනක් ගෙනල්ලා දෙන්න කියල. වයසක අම්මා ඒකට කැමති වෙලා නෑ. ගෙදර දානේ උයලා බෙදාගෙන ඇවිත් හාමුදුරුවෝ කීපනමකට පූජා කරලා වැඳලා යනවා වගේ සතුටක් සිමෙන්ති කොට්ට කීපයක් ගෙනත් දුන්නාම වයසක අම්මා කෙනෙක්ට නොලැබෙන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. බේරෙන්න බැරි තැන හාමුදුරුවෝ වයසක අම්මට කියල සිමෙන්ති කොට්ට ගේන්නේ නැතුව ඒ වෙනුවට දානේ ගෙනාවොත් ඒ වයසක අම්මා මැරුණ දවසක ඇයට පිං දෙන්නෙ නෑ කියල"

ජීවිතේ සැඳෑ සමය ගත කරන, මරණින් පස්සේ ජීවිතය යහපත් කරගන්න එක තමාට ඉතිරි වෙලා තියෙන එකම බලාපොරොත්තුව වෙච්චි වයසක මනුස්සයෙක්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන එක කොයි තරම් නම් ලේසිද?

මේ වයසක මිනිස්සු මරණින් එහා ජීවිතයට ගෙනියන්න පින් රැස්කරගන්න දඟලන්නේ හරියට විභාගයක් අතලඟ කලබලෙන් පාඩම් කරන පොඩි ළමයි ටිකක් වගේ

මේ පින් පොරයට මිලක් නියම කෙරෙන (ආගමික) ව්‍යපාර ඒ වටා ගොඬගැහෙන්නේ ඒකේ ප්‍රතිඵලයක් විදියට

අහවල් උත්තමයාගේ ගහක්, ප්‍රතිමාවක්, විහාරයක් වඳින්න කියල කවුරු හරි කියන වචනයක් පිළිගෙන අල්ලපු රටට බුරුතු පිටින් පොරකකා අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරගෙන යන්නේ මේ පින් අකවුන්ට් එක වැඩි කරගන්නයි

අපි කවුද ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තුව ප්‍රශ්න කරන්න? කෙනෙක්ට එහෙම අහන්න පුළුවන්
ඒ ගමන්ම තවත් කෙනෙක්ට අහන්න පුළුවන් හදි හූනියම්, අංජනම් බැලිලි, වශී ගුරුකම් විතරක් නෙමේ මිනිස්සු රවට්ටන ව්‍යාපාර සහ මේ පිං විකිණීම අතර වෙනසක් තියෙනවද කියලත්

මිනිසාව මෙපමණ කල් ජීවත් කරවපු බලාපොරොත්තුව සහ අන්ධ විශ්වාසය අතර වෙනස හරි හැටි තේරුම් බේරුම් කරගන්නකම් ඔය දෙකේම මිල අපිට මිනිස් හැඟීම් වලින්, ලේ ගංගා වලින්, මිනී කඳු වලින් ගෙවන්න වේවි.

මගේ ප්‍රියතම ඉංග්‍රීසි කතා මාලාවක කියවෙන මේ කතාවෙන් සටහන අවසන් කරන්නම්

“The ontological fallacy of expecting a light at the end of the tunnel, well, that’s what the preacher sells, same as a shrink. See, the preacher, he encourages your capacity for illusion. Then he tells you it’s a fucking virtue. Always a buck to be had doing that, and it’s such a desperate sense of entitlement, isn’t it?” – Rust Cohle ; True Detective

Tuesday, April 5, 2016

ප්‍රියතම ඉංග්‍රීසි කතා මාලා පහක්

ඉංග්‍රීසි චිත්‍රපට වගේම ඉංග්‍රීසි කතා මාලා බලන එකත් මගේ විනෝදාංශ වලින් එකක්(බ්ලොග් ලියනවට අමතරව). මේ කෙටි සටහන ලියන්න හිතුනේ වත්පොතේ හොඳම ඉංග්‍රීසි කතාංග ගැන කෙරුනු කතාබහක් නිසා. මේ තියෙන්නේ මගේ ප්‍රියතම කතාංග කිහිපය සහ ඒ ගැන මගේ අදහස් කෙටියෙන්..
1. Breaking Bad

මම බලල තියෙන ටීවී සීරීස් වලින් මගේ ප්‍රියතම කතාව තමයි මේ. මේ කතාවේ මම දකින විශේෂත්වය තමයි සාමාන්‍ය ඒකාකාරී ජීවිතයක් ගත කරන මනුස්සයෙක්ගේ ජීවිතයේ ඇතිවන හදිසි වෙනස්කම් හේතුවෙන් ඔහුගේ පෞරෂයේ ඇතිවන මහා පෙරළිය ඉතාම ලස්සනට පෙන්නන එක. අනික් දේ තමා, මේ කතාවේ එන ප්‍රධාන චරිත සියල්ලම තම තමන්ගේ පෞරෂයන් සහ අත්දැකීම් අනුව ඒ ඒ අවස්ථාව තුළ ක්‍රියා කරන අන්දම සහ ගන්නා තීරණ වල සාධාරණභාවය ප්‍රේක්ෂකයන් විදියට අපට වැටහෙන විදියට අතිදක්ෂ විදියට මෙහි නිර්මාණකරුවන් ඉදිරිපත් කිරීම. ඊට අමතරව ප්‍රධාන චරිත දෙක ඇතුළු සියලූම නළුනිළියන්ගේ අතිසාර්ථක රඟපෑමත්, අසමසම දුෂ්ඨ චරිතත් නිසා මේ කතාවේ සීසන් 5ම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්.
2. True Detective


අතිවිශිෂ්ඨ නළුවන් දෙන්නෙක් ප්‍රධාන චරිත දෙක රඟපාන නිසා ඒ රඟපෑමම කිසිම කම්මැලිකමක් නැතුව බලාගෙන ඉන්න පුළුවන්. කතාංග 8 පුරාම තියෙන්නේ මන්දගාමි ස්වරූපයක්. ප්‍රධාන චරිත දෙක අතර පවතින අන්‍යෝන්ය සම්බධතාවය කතාව පුරා ගෙන යන විදිය සිත්ගන්නා සුළුයි. ඒ වගේම කතාව තුළ යන සෘණාත්ම දර්ශනවාදී ඉගැන්වීම් ප්‍රේක්ෂකයාව වෙනත් ලෝක දැක්මකට හඳුන්වා දෙනවා. රස්ටින් කෝල් ගේ චරිතය මම ටීවී සීරීස් වල දැකපු වඩාත්ම සිත්ගන්නා සුළු චරිත වලින් එකක්.

3. House of Cards


දේශපාලනයේ ගැඹුර, ව්‍යාජ බව, කූට බව, ප්‍රයෝග, පොළඹවා ගැනීම්, රැවටීම්, ඉතාම ලස්සනට පෙන්වන කතා මාලාවක්. අවස්ථාවාදී දේශපාලකයන් ජනතාව රවටන්න යොදාගන්නා උපාය මාර්ග ගැන අදහසක් ගන්න පුළුවන් මේ කතා මාලාව බැලුවොත්.

4. Game of Thrones


මේ කතාව ගැන වැඩි විස්තර කියන්න ඕන නෑ. මෙ කතාව ගැන ඉතාම කෙටියෙන් හොඳම විග්‍රහය කලා චින්තන ධර්මදාස,
"අපේ කතාවල පෙන්නන්නේ රජවරු හෙන මාර පොරවල් කියලා.. ඒත් මම කැමති ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ කතාවකට. මොකද ඒකෙ පෙන්නන්නේ රජවරු මාර පොරවල් කියල නෙමේ, ඒකෙ පෙන්නන්න්නේ රජවරු කොච්චර චාටර් පොරවල්ද කියල"
මේ කතාව ගැන ඊට වඩා දෙයක් කියන්න ඕන නැහැ. පට්ට කතාවක්.

5. Sherlock


ආතර් කොනන් ඩොයිල්ගේ ලෝක ප්‍රකර රහස් පරීක්ෂක චරිතය ෂර්ලොක් හෝම්ස් චරිතය 21වන සියවසට ගෙනල්ලා ඒ මුල් කතා ආභාෂයෙන් නවතම අත්දැකීමක් ප්‍රේක්ෂකයා වෙත ගෙන එන විදිය අපූරුයි. ෂර්ලොක් හෝම්ස් ගේ කතා රසවින්ද ඕනම කෙනෙක් ඔහුගේ 21වන සියවසේ රහස් පරීක්ෂක කතා රසවිඳියි.
මේ කතාමාලා ගැන ඔබේ අදහස කොහොමද? ඔබලාත් රසවිඳපු කතා මාලා තියෙනවා නම් කමෙන්ට් තීරුවේ බෙදාගන්න.