Monday, December 5, 2016

ගෙදර බුදුන් අම්මාව දොට්ට දාන්න



ඔය හරක් ඉන්නව නේද?

උන් ඉපදුන දවසේ ඉඳල කරන්නේ මිනිස්සුන්ගේ බැලමෙහෙවරකම් කරන එක. බර අදින එක, කුඹුරු හාන එක, නගුලෙ බඳින එක. උන්ගේ පැටවුන්ට තියෙන කිරි ටිකත් මිනිස්සුන්ට දෙන එක..

ඔය වැඩ ටික කරගන්නෙ , ගස් වල බැඳලා, නාස් ලණු දාලා, ලාඩං ගහලා අරක මේක ඔක්කොම කරලා

කොහොම හරි...බලෙන් !

මිනිස්සු කරන්නේ උගෙන් ගන්න තියෙන වැඩ උපරිමයට අරගෙන, දෙන්න තියෙන දස වද ඔක්කොම දීලා, උගෙන් ලෝකෙ තියෙන ඔක්කොම බැල මෙහෙවරකම් ටික කරගෙන,

අන්තිමට, "අනේ අපේ කිරි අම්මා !" කියල ඌට පට්ටමක් දෙන එක.

හරකට තේරෙන්නෙ නැතුව ඇති උගෙන් මෙච්චර වැඩ ගන්න මිනිස්සු ඌට කිරි අම්මා කියල කතා කරන එකේ අගේ (ඒකනෙ ඌට හරක කියන්නෙ )

දැන් පොඩ්ඩක් හිතන්න..මේ හරකගෙන් අකමැත්තෙන් කරගන්න වැඩ ටික..මනුස්සයෙක්ට කියල කරගන්න ක්‍රමයක් තියෙයිද?

මොකද මනුස්සයෙක්ව අකමැත්තෙන් බැඳල, ගහල, නාස් ලණු දාලා වැඩ ගන්න පුළුවනෑ...

මෙතනදි මට මතක් වෙනවා මගෙ අතිජාත මිත්‍රයා දවසක් මට කිව්ව කතාවක්.. ඒ කතාව තමා

"මචන්, මනුස්සයෙක්ට කියල ඕනම වැඩක් කරගන්න ඕන නම්, කරන්න තියෙන්නෙ ඒ මනුස්සයව පොඩ්ඩක් උඩින් තියන එක" කියන කතාව

ටිකක් හිතල බැලුවම සීන් එක ඇත්ත.

දැන් හිතන්න, මනුස්සයෙක්ගෙන් ජීවිත කාලයකට හරකෙක්ගෙන් වගේ බැඳලා වැඩ ගන්න විදියක් නැත්තම්..

සමාජයේ මනුස්සයෙක්ට තමන්ගේ පැවැත්මේ අරමුණ විදියට, භූමිකාව විදියටම හරකෙක් වගෙ වැඩ කරන එක ඇඟේ පටවන්න ඕන නම්..

මුළු ජීවිතයම දාසයෙක්/දාසියක්/හරකියෙක් වගේ කැමැත්තෙන් වැඩ ගන්න ක්‍රමයක්.. !

තියෙයිද? ඔව් ඔව්.. තියෙනව තියෙනව

මගෙ යාලුවගේ කතාවට අනුව නම්

'ටිකක් උඩින් තියන්න' තියෙන්නෙ.. හරිම සිම්පල් ප්ලෑන් එකක්
වැඩ ටිකක් නියම කරලා.. කැප කිරීම් ටිකක් නියම කරලා.. ඒ වැඩ ඔක්කෝම, කැප කිරීම් ඔක්කෝම නොපිරිහෙලා ඉටුකරන මනුස්සයෙක්ට විතරක් දෙනවා අපි අර පට්ටම..

හිතන්න කීයෙන් කීදෙනෙක් බලෙන් බැඳලවත් ගන්න බැරි අර වැඩ ටික, කැපකිරීම් ටික කැමැත්තෙන්.. ප්‍රශ්න නොකර කරයිද කියල..

ඒ හරකාගේ භූමිකාවම කීයෙන් කීදෙනෙක් කැමැත්තෙන් නොකරයිද කියලා
ඔව් ඔව්... මේ කතා කරන්නෙ ඒ පට්ටම ගැන තමයි.


"ගෙදර බුදුන් අම්මා" පට්ටම ගැන..

කොච්චර කිව්වත්,, කොච්චරම උතුම් කරල කතා කරත්..

ලිංගිකත්වය මත පදනම් වෙලා මනුස්සයෙක්ට ඔහොම භූමිකාවක් උපතින්ම උරුම කරල දෙන එක හරිම අසාධාරණයි..

ඔය පට්ටම තුළ ගැහැණියකගෙ සාර්ථකභාවය, අසාර්ථකභාවය.. වගේම ඇය කරන්න සූදානම් කැපකිරීමේ තරමත් අනුව ඇයට සමාජයෙන් හිමිවන ගරුත්වය තීරණය වෙනව..

ඇයට නියම කෙරෙන ඒ භූමිකාව.. කාන්තාවක් බුදුන්ට සම කිරීම හරි බඩුවක් විදියට හංවඩු ගැහෙන්න හරි පාවිච්චි කෙරෙන මිම්මක් බවට පත් වෙනව.. ඔව්.. කාන්තාවකට බඩුවක් කියල සමාජය හංවඩු ගහන්නෙ ඔය ගෙදර බුදුන් කියන මිම්මට සාපේක්ෂවයි..

ගැහැණියකගෙන් එළදෙනක් වගේ වැඩ ගන්නෙ නැතුව.. ගැහැණියව දරුවො හදන මැෂිමකට සම කරන්නෙ නැතුව,, ගැහැණියට ස්වාධීන මනුස්සයෙක්ට වගේ ඔලුව කෙළින් කරන් ජීවත් වෙන්න තියෙන නිදහස ගැන පොඩ්ඩක් සමාජයක් විදියට හිතල බලන්න ඕන.

කෙනෙක්ට කියන්න පුළුවන් ගැහැණිය මේ දේවල් කරන්නෙ කැමැත්තෙන්මනෙ කියල..

නමුත්, දේව පණිවුඩකරුවෙක් කිව්වාය කියල කියවෙන ආගමක් මත බිහිවුන සංස්කෘතියක ජීවත් වෙන ගැහැණුන්.. ගිණි ගහන අව්වේ ගෝනි වලින් ඇඟම ආවරණය කරගන්න අවශ්‍ය නිදහස ඉල්ලල සටන් කරන ලෝකයක.. සමාජය විසින් නියම කරන භූමිකා රඟපෑමට තියෙන "නිදහස් කැමැත්ත" කියන්නෙ මොකක්ද කියල ආයෙම හිතන්න වටිනව..

කොහොමෙන් කොහොම හරි.. ලිංගිකත්වය මත පදනම් වෙලා මනුස්සයින්ට වෙනස් විදියට නොසලකන, සියල්ලන්ට ස්වාධීන මිනිසුන් විදියට තමාගේ කෙටි ජීවිත කාලය ගත කරන්න ඉඩ සලසා දෙන ලෝකයක් නිර්මාණය කිරීමේ ගමන තුළ.. රටක් සමාජයක් විදියට ඉස්සරහට යන්න නම්.. අකමැත්තෙන් වුනත් මේ "ගෙදර බුදුන් අම්මා" පට්ටම සමාජයේ චින්තනයෙන්ම හළල දාන්න වෙනව.

ඒක තමයි තිත්ත ඇත්ත.


ප/ලි - එකක් පැහැදිළිව කියන්න ඕන.. මේකෙන් ඒ අසරණ මිනිස්සුන්ට අපහාසයක් කරන්න හදනව නෙමේ..
මම මෙතන කරන්නේ ඒ මිනිස්සුන්ට අපහාස කරන එක නෙමේ. මේ සටහනේ අරමුණ.. කාන්තාවකට වුනත් සමාජයෙන් නිර්ණය කරන බැලමෙහෙවරකාරකමේ භූමිකාවෙන් පිට ස්වාධීන ජීවිතයකට තියෙන අයිතිය සමාජය විසින් පිළිගත යුතුය කියන අදහස ඉදිරිපත් කිරීම මිසක මේක 'අම්මලාට' පොදුවේ කරන අපහාසයක් නෙමේ.



8 comments:

  1. ///අකමැත්තෙන් වුනත් මේ "ගෙදර බුදුන් අම්මා" පට්ටම සමාජයේ චින්තනයෙන්ම හළල දාන්න වෙනව.////

    අපොයි බලාගෙන... :)

    ReplyDelete
    Replies
    1. මේ වගේ ආකල්ප සමාජයෙන් එක රැයින් වෙනස් කරන්න නම් පුළුවන් වෙන්නෙ නෑ. පොඩ්ඩ පොඩ්ඩ හරි වෙනසක් වෙනවා නම් හොඳයි

      Delete
  2. Replies
    1. ඔව් බං. Writers Block එකකට අහු වෙලා හිටියෙ :)

      Delete
  3. හැම ගහකම ඵල හොඳ නැහැ...
    සමහර ගස් තියෙන්නෙ සෙවණ දෙන්න... සමහර ගස් ලෝකෙ ලස්සන කරනවා...
    සමහර ගස් ඵල දරණවා
    තවත් ගස් තියෙනවා ඵල දරන්න තවත් ගස්වලට උදව් කරන
    මේ හැම ගහක්ම වැදගත්

    ReplyDelete
    Replies
    1. උඩුවාගේ මේ කමෙන්ටුවයි මගෙ සටහනයි අතර සම්බන්ධය තේරුම් ගන්න තරම් මගෙ පරිකල්පනය දියුණු නැහැ :D

      Delete
  4. උබ කියල තියෙන දේ කොහෙත්ම අපහාසයක් නෙමෙයි.

    ඔය පොර තත්වයට පත්කරල පමණ ඉක්මවා ශ්‍රමය කරුණාව හූරා කෑම අම්ම තාත්තගේ සිට සහෝදර සහෝදරියන්ටත් රැකියා ශ්‍රමිකයන්ටත් අදාළ වෙනව.

    මම වැඩ කල තැනක පක්කෙක් මැනේජර් ඉස්සරහ සුපර් හීරෝ උනා. අන්තිමට කොච්චර උඩ ගියාද කියනවනම් මුට මැනේජර් ගෙ කෝප්පෙ හෝදනව කියන්නෙත් රටක් රාජ්ජයක් ලැබුන වගේ. සමහරක් වෙලාවට වොෂින් මැෂින් කරේ තියං යන්නෙ උගේ ෆිට් එක පෙන්වන්ට. හදිසියේ මුට දරුණු කොන්දේ අමාරුවක් හැදුන. අසාද්‍ය උනා. මු කොම්පැනියට විරුද්දව බැරිම තැන උසාවි ගියා. මුවම උඩ තියපු උගේ ජාතියේම මැනේජර් උසාවියෙදි කිව්ව මෙයාගේ මෙහෙම මෙඩිකල් ඉශු එකක් ගැන කිසිම රෙකොර්ඩ් එකක් අපි ළඟ නැහැ කියල. මොකද මැනේජර් තමන්ගෙ රස්සාව බේරාගන්ට මුගෙ ෆයිල් ඉස්සුවා කියලත් මේ හරක මී හරකෙක් වගේ වැඩ කල හැටිත් අපි දන්නව. අන්තිමට ඌ බැක් ටු පකිස්ථාන් .

    මමනම් මතක තියෙන පහුගිය අවුරුදු 7ක් 8කට ලංකාවෙන් කියල දෙමව්පියන්ගෙන් අම්මේ අරක එවන්ට මේක එවන්ට කියල නං කියලත් නැහැ. මම වෙනුවෙන් කියල තප්පරයකටවත් ශ්‍රමයෙන් හෝ මානසිකව වෙහෙසන්නෙත් නැහැ.

    අදට උනත් යමක් කමක් මගේ තීරණයට කරන්ට ගියත් එයාලගේ තීරණය වැරදි උනත් එයාලගෙන් අහල කරන්නේ එයාලට කරන ගෞරවයක් විදිහට. අනික දෙමව්පියන් හැරුනහම සහෝදරිය සහ ඇයගේ ස්වාමියාත් මම බොහොම ගෞරවයෙන් ආශ්‍රය කරන අය.

    උබ කියල තියෙන විදිහට මම හැමදාම දෙමව්පියන්ට කියන්නේ මට ඕනි නැහැ ඔහෙල වයසට ගියහම හොඳම දොස්තර ලඟට ගිහිල්ල බෙහෙත් අරං දීල ඔහෙලව රවටන්න. මට ඕන ඔහෙලට පුළුවන් කාලේ ඔහෙලට ඕන විදිහට ලෝකේ පෙන්නල ලෝකේ දැකල ඔහෙල සන්තෝසෙන් තියන්ට.

    මොකද මට අතපය හතරට පන දුන්නෙ ඒ මිනිස්සු. අපි වගේ කොල්ලො කොන්ට්‍රෝල් කරල මේ තැනට ගේන්න අම්මලට උනත් ලෙහෙසි පහසු උනේ නැහැ. තමන්ගේ පුතාලගේම යහළුවෝ වෙද්දි අපේ අම්මල අපි ගැන ආඩම්බර වෙලා සතුටු උනේ නැහැ. ඒ මනුස්සයො දුක් උනේ ඒ ළමයි ගැනයි ඒ ළමයින්ගේ දෙමව්පියෝ ගැනයි. තාත්ත උනත් අද වෙනකං මොන ආර්ථික අහේනිය තිබ්බත් ඉල්ලපු කිසිම දෙයක් අරං නොදී ඉඳලත් නැහැ.

    මමත් කාලයක් ලෝකෙ වෙනස් කොරන්ට ගොඩක් දැඟලුව බං. දැන් මම වෙනස් කරගත්ත.

    මගේ නෑදෑ පරම්පරාවම අයින් කරල දැම්ම. යහළුවන්ගෙන් 99% කැපුවා. මොකද නැතිවෙලේ හිටපු උං මට තියෙන වෙලේ ඉන්න උන්ට වඩා මසුරං.

    අනික කියන්ට තියෙන දේ මුනටම කියන්ට පටන් ගත්ත. ඉන්න අවුන්ගෙන් තව ටිකක් හැලුන එතකොට. මම කේලම් අහන්නෙත් නෑ කියන්නෙත් නෑ.

    මොකද බං මේ ලෝකෙත් මිනිස්සුත් තේරුම් ගන්ට බැරි එකේ උන් වෙනුවෙන් හිතන කාලෙත් වැඩක් නැහැ.

    වෙල්කම් බැක් ලොක්ක..!!

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවට ස්තූතියි මචන්. පුළුවන් විදියකට ඉස්සරහට යමු :)

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...