Wednesday, August 23, 2017

එදිනෙදා ඇහෙන මෝඩ කතා #1


"හාල්මැස්සෙක් වෙලා තල්මස්සු ගැන කියවන්න එපා" 


මම මහින්දව විවේචනය කරනවා ඇහිලා අද ඔෆීසියේ කෙනෙක් කිව්ව කතාවක්. කතාව ඉතින් හොඳයි. තවත් හොඳයි ඒක අමු මෝඩ කතාවක් නොවුන නම්.

ඔතන මහින්ද වෙනුවට හිට්ලර් වගේ චරිතයක් ආදේශ කලා නම් කතාවේ අවුල ඉතාම සරලව තේරුම්ගන්න පුළුවන් දෙක වසරේ ළමයෙකුට හරි.

කෙනෙක්ගේ ක්‍රියාකලාපයේ හරි වැරැද්ද ඇගයීමට ලක් කරන්න හරි විවේචනය කරන්න හරි ප්‍රකාශය කරන්නා සතු "අධිකාරී බලයේ" ප්‍රමාණය සාධකයක් නෙමේ.

මොකද එහෙම වුනොත් පොල් පොට්, සදාම් හුසේන්, මාඕ සේතුං, ඇඩෝල්ෆ් හිට්ලර්, ජෝසෆ් ස්ටාර්ලින් වගේ චරිත කිසිම කෙනෙක්ට විවේචනය කරන්න අයිතියක් ලැබෙන්නේ නැහැ. මොකද ඒ වගේ පුද්ගලයන් දරපු බලයට සාපේක්ෂව, ඒ පුද්ගලයන් මිනිස් ඉතිහාසයට කල බලපෑමට සාපේක්ෂව මහින්ද රාජපක්ෂ වගේ චරිතයකුත් හාල්මැස්සෙක් කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් නිසා.

ඔය ගැන පැහැදිළි කරන්න ඔය වාක්‍යය කිහිපයම ප්‍රමාණවත්. ඒත් තව ටිකක් ලියන්නමයි හිතෙන්නෙ. ඒ නිසා මේ ටිකත් එකතු කරනවා.

යම් පද්ධතියක 'අධිකාරී බලය' නියෝජනය කරන කොටස, ඒ බලය දැරීම නිසාම ඊට වඩා බලය අඩු අය විසින් විවේචනයට ලක් නොකරන්න හේතුවක් කරගන්නවා නම් ඒ වගේ අය හඳුන්වන්න පුළුවන් අවනත, කීකරු බලු කුක්කන් විදියට. එහෙම නැත්තන් කොන්ද පණ නැති නිවටයන් විදියට.

"හාල්මැස්සෙක් වෙලා තල්මස්සු ගැන කියවන්න එපා" කියන කතාවේ අවුල තවත් තේරෙයි මේ චින්තනයම වෙනත් සන්ධර්භයකට ආදේශ කරල බැලුවොත්.

රජතුමා ඇවිත් ගෙදර දුවව උස්සන් ගියත්

"අනේ ඉතින් රජතුමාගෙ කැමැත්තනෙ, මං කවුද ඒක වැරදියි කියන්න.."

කියන චින්තනයම තියෙන කෙනෙක් විසි එක්වන සියවසට ගෙනත් අත ඇරියම තමා ඔය හාල්මැසි කතා වගේ ඒවා කියවෙන්නෙ.

මේ වගේ අයගේ චින්තනය සාරංශගත කරන්න යොදාගන්න පුළුවන් එක වචනයයි

"මෝඩ වහල්ලු"...

(ආ.. වචන දෙකයි නෙහ් ;) )

10 comments:

  1. ඕකෙම වෙනස් පැත්තක අත්දැකීමක් මට තියෙනවා. මම දවසක් මහින්දගේ ක්‍රියා කලාපය විවේචනය කරනවා ඇහිලා ඔෆිස් එකේ පොරක් මට හොඳටම දෙහි කපුවා. මිනිහා කතාව පටන් ගත්තේම උඹල ඉතින් යහ පාලනේට දෙන උන්නේ කියලා. ඇත්තටම නැහැ. ඇත්ත කතාව නම් මට මහින්දත් එකයි සිරිසේනත් එකයි රනිලුත් එකයි. හරි දේ හරි වැරදි දේ වැරදියි. ඒක පැහැදිලි කරන්න සෑහෙන්න කාලය නාස්ති වුණා. බොහෝ දෙනා මේ දේවල් දකින්නේ උඹ කියනවා වගේ මේ මෝඩ වහල් චින්තනයත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඔය අත්දැකීම මටත් ඔහොමම තියෙනවා.

      අවාසනාවකට බහුතරයකගේ චින්තනයට අනුව කවුරු හරි ඒ අයගේ "ටීම්" එකට පක්ෂ වෙනවා වෙනුවට ඒක විවේචනය කරනවා නම් ඉබේම ඒ අය තමාගේ ප්‍රතිවාදීන් නියෝජනය කරන අය බවට පත් වෙනවා. කොන්දේසි විරහිතව යම් පිළක් නියෝජනය කරන මිනිස්සුන්ට එහෙම නොවන කෙනෙක් ලෝකය දකින විදිය එකපාර ග්‍රහනය කරගන්න අමාරුයි.

      මතකද ඇමරිකාවේ හිටපු ජනාධිපති අර සෝ කෝල්ඩ් "war against terror" පටන් ගන්න කලින් කියපු කතාව.

      "You're either with us, or against us"

      ඔහු නොකියා කියන්නේ "අපි ගන්න සෑම ක්‍රියාමාර්ගයකටම එකඟ නොවන යම් කෙනෙක් වේද, ඔහු ගන්නේ ත්‍රස්ථයන්ගේ පැත්තය" කියන කතාව.

      "උඹල අපි එක්ක නැත්තන් උඹල ඉන්නෙ උන් එක්ක"

      ඕකයි සරලවම කතාව.

      ඔය පිළ් තෝරගෙන පිළ් අස්සේ හිටගන්න එක, පුද්ගල චරිත වලට වගේම දේශපාලන පක්ෂ වලට කොන්දේසි විරහිත පක්ෂපාතීත්වය වගේ දේවල් වර්තමානයේ තියෙන අපේ මේ ගඳගහන දේශපාලන සංස්කෘතියේ තියෙන පණුවෝ ගහපු තුවාල තමා.

      Delete
  2. රජයක් පත්කරන්න බලය තියෙන්නේ මහජනයාට. නායකයෙකුට බල ලැබෙන්නේ එය දෙන මහජනයාගෙන්. ඒ නිසා විවේචනය කිරීමේ බලය තිබෙනවා. ඒකනෙ යහපාලනය ඒකට ඉඩ දීල බලාගෙන ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉයන්August 23, 2017 at 3:42 PM

      ඉක්මනට අල්ලගනින් අන්න අටමා ගාව ඔබතුමාට හරියන බිස්නස් එකක් තියනවා මෙලහටත් කෙලව්ලාද දන්නේ නෑ අටමාට කියලා කොහොම හරි වැඩක් කරගන්න පුළුවන්

      Delete
    2. විවේචනය කිරීමේ බලය තිබෙනවා වගේම ඒ විවේචනය වීම් අනිවාර්‍යෙන් සිදුවිය යුතුයි. වර්තමානයේ තියෙන ලොකුම ගැටළුවක් තමා ලාංකීය ජනතාවට පාලකයාගේ ක්‍රියාකාරකම් ඇගයීමට ලක් කරන්න දේශපාලන බුද්ධියක් හෝ අවංක හෘද සාක්ෂියක් නොමැතිකම.

      Delete
  3. මේ ආණ්ඩුවට කෙළවිලා තියෙන්නෙත් මහින්දලා වගේ වහල්ලු හදාගන්න උත්සාහ නොකරපු හින්දයි.
    (ඒක මේ ආණ්ඩුවට කරන වර්ණනාවක් නෙවෙයි. හරියට වැඩකළානම් වහල්ලු ඕනෙ නෑනෙ ආණ්ඩුවකට.)

    ReplyDelete
    Replies
    1. මහින්දට තියෙන්නේ Cult following එකක්. සමහර පාක්ෂිකයන්ගේ මනසින් බැලුවොත් ඔහු ආගමික නායකයෙකුට සමානයි. ඒ වගේ 'ඇදහිල්ලක්' තියෙන අන්ධ අනුගාමිකයෝ ටිකක් සිරිසේනටවත් රනිල්ටවත් නැහැ.

      Delete
  4. යූඈම්පී වහල්ලුත් ඉන්නවා නේද, කීප දෙනෙකු හරි?

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම ඔව්. කීපදෙනෙක් නෙමේ, දහස් ගණනින් ඉන්නවා. යම් දේශපාලන පක්ෂයක්, පුද්ගලයෙක් වෙනුවෙන් කොන්දේසි විරහිතව කඩේ යන, ඒ පක්ෂය හෝ ඒ පුද්ගලයා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින, ඒ පක්ෂය සහ ඒ පුද්ගලයා අතින් සිදුවන පැහැදිළි වැරදි පවා රෙදි නැතුව සාධාරණීයකරන ඕනම කෙනෙක් වහලෙක් තමා.

      වහල්ලුන්ට පක්ෂබේද තිබ්බට කෙනෙක් වහලෙක් වෙන්න බලපාන සාධක වලට පක්ෂබේද නැහැ.

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...