Thursday, August 10, 2017

ආදම් සහ ඒවගෙන් අහල කියපන්



දැන් දෙවියන්වහන්සේ ආදම් සහ ඒවව මැව්වලුනේ. මවලා ඒදන් උයනට ගිහින් දැම්මලුනේ.(මැව්වෙ ඇයි කියල අහන්නත් එපා, ඔය උයන දැන් තියෙන්නෙ කොහෙද කියල අහන්නත් එපා)

දාලා කිව්වලුනේ "බොලාට සියලු සැප සම්පත් මම දීලා තියෙනවා. තොපිට ඕන දෙයක් කරන්න නිදහස තියෙනවා. හැබැයි අන්න අර උයන මැද තියෙන ගහේ ගෙඩි කන්න බෑ" කියල

ඊට පස්සෙ සරපයා (හෙවත් යක්ෂයා) ඇවිත් ඒවව පොළඹවලා ඒව ආදම්ව පොළඹවලා දෙන්නම එකතු වෙලා තහනම් ගහේ ගෙඩි කෑවලුනේ.

ඊට පස්සෙ දෙන්නටම හරි වැරැද්ද තේරෙන්න ගත්තලුනේ. තමා හෙළුවෙන් කියල තේරිලා කොළ අතු වලින් විළි වහගත්තලුනේ.(හරි වැරැද්ද තේරෙන්නේ ගෙඩි කෑවට පස්සේ නම් දෙවියන්ට අකීකරු වෙලා ගෙඩි කන එක වැරදියි කියලා ගෙඩි කන්න කලින් තේරුම්ගන්නේ කොහොමද වගේ ප්‍රශ්න අහන්න එපා. ඒක ගිහින් දෙවියන්ගෙන් අහපන්)

පස්සේ සීන් එක හොරා වගේ හොරෙන් බලාන හිටිය දෙවියන්වහන්සේට මලපැනලා උයනෙන් අරුන් දෙන්නව එලවල දැම්මලුනේ (මම උඹලට කන්න දෙනව නම් මම කියන විදියට මේ ගෙදර ඉන්න බැරි නම් දොට්ට බැහැලා පලයව්!)

ඕකනේ සාරාංශය. ඔයවගේ කතාවක්නේ කියන්නේ (ඇන්ටන් ජෝන්ස්ට එහෙම සිංදුවක් ගහනව නම් මරු කතන්දරේ)

හරි. මේකයි සීන් එක.

දැන් කතාව ඔහොම නම් දෙවියන්වහන්සේ මවල තියෙන්නෙ හරි වැරැද්දවත් මෙලෝ මගුලක්වත් නොතේරෙන පාවී පාවී කකා රිරී ඉන්න නිදහස් කැමැත්ත නැති වයින් කරල තිබ්බම ඔහේ ඇවිදින බෝනික්කො දෙන්නෙක් වගේ ඩබලක්නෙ.

කොටින්ම උන් දෙන්නට හිතන්න බැයි නම්, හරි වැරැද්ද තේරෙන්නෙත් නැත්නම්, නිදහස් කැමැත්තත් නැත්නම් උන් දෙන්නා සමාන වෙන්නේ යකෝ නිකම්ම නිකන් චිම්පන්සි දෙන්නෙක්ට, රිලව් දෙන්නෙක්ට, අස්සයො දෙන්නෙක්ට, කූඹි දෙන්නෙක්ට..නෙ. කොටින්ම නිකම්ම නිකන් සත්තු දෙන්නෙක්නෙ. මිනිස්සු දෙන්නෙක් නෙමේනෙ.

මොකද මනුස්සයා කියන්නේ, මනුස්සයා සත්තුන්ගෙන් වෙන් වෙන්නේ ඌට තමා, තමාගේ හැසිරීම් සහ තමා ජීවත් වන ලෝකය ගැන විචාර බුද්ධියෙන් හිතන්න පුළුවන් නිසානෙ සරලවම.

දැන් එහෙම බලපුවම,

සත්තු වගේ ඔහේ කකා රිරී හිටපු ආදම් සහ ඒවට බුද්ධිය ලබා දෙන තහනම් ගහේ ගෙඩි කන්න කිව්වේ කවුද?
කොටින්ම ඒ පාවි පාවි හිතන්න බැරි වහල්ලු වගේ හිටිය මුග්ධයො දෙන්නට බුද්ධිය ලබා දීලා උන් දෙන්නව නිදහස් කරන විදියට විදියට වැඩ කලේ කවුද?
ඒ සත්තු දෙන්නව මිනිස්සු කලේ කවුද?
ඒ අතින් බැලුවම මනුස්සයාගේ නිර්මාපකයා කවුද?

ඊළඟට,

මේවගේ හිතන්න බැරි පණතියෙන බෝනික්කො දෙන්නෙක් මවල මාරම විකාරරූපී ආතල් එකක් ගනිමින් හිටි දෙවියන් කියන එකාගෙ කැමැත්තට පුකට පයින් ගහලා මේ බෝනික්කෝ දෙන්නව හිතන්න පුළුවන් මිනිස්සු වෙන විදියට වැඩ කලේ යක්ෂයා නම්...

ඔය සීන් එකේදි දෙවියන්වහන්සේ සහ යක්ෂයාගේ හැසිරීම ගත්තම..

ඔය දෙන්නග්ගෙන් දුෂ්ඨයා කවුද?
කළු චරිතය කවුද?
මානසික රෝගී හැසිරීමක් පෙන්වපු එකා මොකාද?
වීරයා කවුද?
සුදු චරිතය කවුද?
සිරාම හැසිරීමක් පෙන්වපු එකා මොකාද?

ප්‍රශ්න ඕයි
ප්‍රශ්න !

16 comments:

  1. මොළේ කොළොප්පන් වුණා මේක කියවලා. යකෝ එතකොට යකා තමයි පොර ඈ? දෙයියෝ මේක දැක්කානම් ඇපල් එක්ක වහ කාලා මැරෙනවා ෂුවර් :)

    ReplyDelete
    Replies
    1. මට නම් බයිබලයේ දෙවියන්වහන්සේට වඩා සාතන් සිරා පොරක්. කොටින්ම මට අනුව ගොතන ලද චරිත වලින් කළුම චරිතය තමා බයිබලයේ දෙවියන්වහන්සේ කියන්නෙ. ශුවර් නැති කෙනෙක් ඉන්නව නම් බයිබලය අරන් කියවන්න

      Delete
  2. යකා තමයි පොර ඈ!!! මොන පිස්සුද?? මෙන්න මේ Praසන්ன කියන එකා තමයි මේ ප්‍රශ්න ඔක්කොම ඇති කලේ මු යන යන තැන වන!

    ReplyDelete
    Replies
    1. මට නම් බයිබලයේ දෙවියන්වහන්සේට වඩා සාතන් සිරා පොරක්. කොටින්ම මට අනුව ගොතන ලද චරිත වලින් කළුම චරිතය තමා බයිබලයේ දෙවියන්වහන්සේ කියන්නෙ. ශුවර් නැති කෙනෙක් ඉන්නව නම් බයිබලය අරන් කියවන්න

      Delete
  3. මේක මමත් කාලයක් තිස්සේ හිතපු දෙයක්. කොහොම වුනත් පස්සේ මෙතනින් එහාටත් ටිකක් හිතුවා. ආබ්‍රහමික ආගම් වල මූලික දාර්ශනික අදහස වෙන්නේ මිනිසුන්ට වෙනස් කළ නොහැකි සංකීර්ණ සැලසුමකට යටත් විය යුතු බවයි. මෙතැනදී තිබෙන එකම තේරීම එසේ යටත් වෙනවාද නැද්ද කියන එක. හරියටම ඔය විදිහටම නොවුනත් පැරණි ඉන්දියානු ආගම් වල අදහසත් මෙයට කිට්ටුයි. සාපේක්ෂව අලුත් අදහසක් කිව හැකි holographic universe කියන අදහස ඇතුලේ තියෙන්නෙත් මේ අදහස. නාසිවාදය තුළ වුනෙත්, මෙහි අනිත් පැත්ත මෙන් පෙනුනට මාක්ස්වාදය තුළ වෙන්නෙත් ඕකමයි. සැලසුම කවුද සැලසුම්කරු කවුද කියන එක වෙනස් වුනත් මූලික අදහස එකයි. අවසාන වශයෙන් වෙන්නේ ඒකීය පුද්ගලයින් වෙනුවෙන් තීරණ ගැනීමේ හැකියාව ඔවුන් විසින් ස්වේච්ඡාවෙන්ම බාහිර සැලසුම්කරුවෙකුට පැවරීමයි. ඒ බාහිර සැලසුම්කරු ඒකීය පුද්ගලයින්ගේම එකතුවක් වුවත්, සම්පූර්ණයෙන්ම බාහිර බලවේගයක් වුවත් අන්තිමට වෙන්නේ එකම දෙය. මූලික අදහස වන්නේ ඒකීය පුද්ගලයින්ට තනි තනිව සැලසුම් කර කවදාවත් හොඳම සැලසුමට යන්න බැහැ කියන එකයි. හේතුව මේ සැලසුම කිසිදු තනි පුද්ගලයෙකුට හිතා ගන්න බැරි තරම් සංකීර්ණ එකක් වීමයි. ඒ අනුව, අපි තේරීම් කරනවා මෙන් අපි හිතුවත් නොදැනම අපි කරන්නේ අර සංකීර්ණ සැලසුමේම කොටසක් ක්‍රියාත්මක කිරීම. The Thirteenth Floor චිත්‍රපටියේ සාකච්ඡා වෙන්නේ මේ දාර්ශනික අදහසයි. ඕකේ අනිත් පැත්ත තමයි Matrix චිත්‍රපට වල කතා කරන ප්ලග් එක ගැලවීම. නිවන කියන එක ඔය වගේ අදහසක්. සැලසුම ක්‍රියාත්මක වෙන්නේ බාහිර සංවේදන හරහා නිසා මම කියන්නේ මට ලැබෙන බාහිර සංවේදන. 2200 පමණ ජීවත් වන කෙනෙක් 1990 ජීවත් වන කෙනෙක් වෙන්නේ ඒ විදිහටයි. මේ නිර්මිත යථාර්තය වඩා සුවපහසු ලෙස දැනෙනවනම් ප්ලග් වෙලාම ඉන්න පුළුවන්. ප්ලග් එක ගලවපු ගමන් ඒ 'මම' තවදුරටත් නැහැ. ප්‍රශ්නය වන්නේ ඒ නිර්මිත යථාර්තය ඇතුලේ ඉන්නකම් එය නිර්මිත යථාර්තයක් බව නොතේරීමයි. ඒ නිසා එයින් එළියට යන්න වෙන්නෙත් ඒ යථාර්තයේම කොටසක් කෙරෙහි විශ්වාසය තැබීමෙන් වීමයි. එතැනදී නැවතත් තාවකාලිකව හෝ මඟ පෙන්වන්නෙකුට යටත් වෙන්න අවශ්‍ය වෙනවා. සැබෑ ලෝකයේ රතු පෙති වර්ග (Matrix අර්ථයෙන්) ගොඩක් තියෙනවා. ඒ නිසා, නිල් පෙත්ත නොගත්තත් හරි රතු පෙත්ත තෝරා ගැනීම ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. අදහස් බෙදාගත්තාට ස්තූතියි ඉන්කොමැට්ටා

      Delete
  4. එඩන් උයනෙන් එලවා දාමාපු ආදම්ගේ හා ඒවාට දරුවන් දෙදෙනෙකු ලැබුනා. ගොවියෙකුවු කායින් ගේ තමන්ගේ භූමියේ අස්වැන්නෙන් ගෙනාපු පඩුර දෙවියන් පිලිනොගෙන බැටළු පාලකයෙකුවු ආබෙල්ගේ බැටළු මස් පිලිගත්තා. ඒ නිසා කායින් ආබෙල්ව මරා දැමුවා.
    දෙවියන් කියන්නේ සර්ව සාධාරන සුදු චරිතයක් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. දෙවියන් කියන්නේ සර්ව සාධාරන සුදු චරිතයක් නොවෙයි.ඔන්න කිව්වා අසංග... උඹට එයාව හම්බව්ලා තියනවද කථා කරලා තියනවද
      කගේ හරි කීමක් අහලා කියවලා ඔහේ මොනවා හරි කියලා "මාත් පොරක්'" වෙන්න හදනවද

      Delete
    2. අනේ මචෝ මං පොරක් වෙන්න නම් හදන්නේ නෑ. අපිත් ඉතිං සර්ව සාධාර්න නොවන සුදුත් නැති කළුත් නැති අළු පාටැති මිනිස්සු නේ. නොදකින දෙවියෙක් ගැන හරියටම කියන්න බෑ ඉතිං කොහොමැයි දෙයියොත් සුදු චරිතයක්ම වෙනවා කියන්නේ.

      Delete
    3. AnonymousAugust 11, 2017 at 10:32 AM මහත්මයා.

      දෙවියන්වහන්සේ කළුද සුදුද අළුද කියල දැනගන්න එයා හම්බෙලා කතා කරන්න ඕන නැහැ. එයාගේ ක්‍රියාකලාපය, එයාගේ හැසිරීම, එයාගේ චින්තනය, එයාගේ ගතිලක්ෂණ මොන වගේද කියලා ශුද්ධවූ බයි(බ)ලයේ සඳහන් වෙනවා. ඒ දේවල් ඇගයීමට ලක් කලාම දෙවියන්වහන්සේගේ සුදු කළුබව ගැන නිගමනයකට එන්න පුළුවන්. ඕන නම් කියවලම බලන්න, දෙවියන්ගෙ ඇති කිසිම සුදක් නැහැ. කළුම කළු මිසක්

      Delete
  5. එහෙම බැලුවම සාතන් මාර පොරක්නෙ..ඌටනෙ වදින්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. මම නම් චරිත දෙකෙන් වඩාත් සාධනීය චරිතය විදියට දකින්නේ සාතන්ව. මේ ලෝකයේ කිසිම කෙනෙක්ටවත් කිසිම දෙයකටවත් වඳින්නෙ නම් නැහැ.

      Delete
  6. ශුද්ධ ලියවිල්ලේ සමහර කරුණු පදගතාර්ථයෙන් සැලකීම වැරදියි.
    මිනිසාට මිනිසාගේ හැකියාවන්ගෙන්ම පරිපූර්ණත්වයට පත්වන්න බෑ ඒ සඳහා ස්වර්ගයේ පිහිටුවා තිබෙන දේව රාජ්‍යයේ මගපෙන්වීම අවශ්‍යයි.
    දෙවි ආදම්ට සහ ඒවාට දුන් අවවාදය එයයි.
    නමුත් යක්ෂයා දෙවිට විරුද්ධව කැරලි ගැසුවා ඔහු මිනිසාට ඒත්තු ගැන්නුවා දෙවිගේ උදව් නැතුව පවා මිනිසාට පරිපූර්ණත්වය කරා යා හැකිබව.
    තහනම් ගහේ ගෙඩි කෑමෙන් සංකේතවත් වන්නේ එයයි. නමුත් සාතන්ගේ උපදෙස් වල ඇති අසාර්ථක බව අපට පැහැදිලියි.
    මේ එයට උදාහරණයක්.
    එක්සත් ජනපදයේ සිටියා තිමෝති කියා යෞවනයෙක්. ඔහුට අවශ්‍ය වුනා මේ ලෝකය වඩා සුන්දර තැනක් කරන්න. ඒ නිසා ඔහු විවිධ සංවිධාන වලට බැඳී වැඩකලා.
    වසර ගණනකට පසු ඔහු ඔහු ලද අත්දැකීම් නිසා කලකිරීමට පත්වුනා. ඹහු මෙසේ කීවා.
    "අපි මොනතරම් හොඳ කරන්න හැදුවත් යම් අදෘෂ්‍යමාන බලයක් ඒ වැ ඩ අවුල් කරනවා ඒ බලය මොකක්ද?"
    පසුව ඔහුට සැබෑ කිතුනුවන් පිරිසක් ඒ බලවේගය කුමක්දැයි පැහැදිලි කර දුන්නා.

    //ඔය උයන දැන් තියෙන්නෙ කොහෙද කියල අහන්නත් එපා
    මටත් ඔය ගැටලුව තියෙනවා.
    දින කිහිපයකට පෙර අපේ ගෙදෙට්ට යොහොව්වො සෙට් එකක් ආවා. අවාසනාවට මට ඒ වෙලාවේ උන් එක්ක ආගම ධර්මය ගැන කතා තරන්න විවේකයක් තිබුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. බයිබලයේ ඇත්තේ Truth Claims මිසක සංකේතාත්මක කතා නොවෙයි (සංකේතාත්මක කතා, උපමා කතා නැතිය කියනවා නොවේ. නමුත් එවන් අවස්ථාවලදී ඒවා සංකේතාත්මක කතා බව හෝ උපමා කතා බව හෝ අදාල රචකයා සඳහන් කොට ඇත)

      මැවීමේ කතාව සංකේතාත්මක කතාවක් බව බයිබලයේ කොහේවත් සඳහන් වෙන්නේ නැත.

      බයිබලයේ ඇති ඉගැන්වීම් පදගතාර්ථයෙන් නොගැනිය යුතුය කියා හෝ ඒ ඉගැන්වීම් ඇත්තේ සංකේත වශයෙන්ය කියා බයිබලයේ සඳහන් වෙන පාඨයක් ඇත්නම් උපුටා දක්වන්න.

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...