Wednesday, December 14, 2016

ජීවිතය කියන්නෙ ෆේස් බුක් නෙමෙයි

ෆේස් බුක් එක.. එහෙම නැත්නම් මුහුණු පොත..

අපි හැමෝගෙම වගේ ජීවිත වල කොටසක් වෙලා.

ඒත්, අපි මොහොතකට කල්පනා කරල බැලුවද අපි උදේ ඉඳන් හවස් වෙනකල් ෆේස් බුක් එකේ ඉඳං මොනවද කරන්නෙ කියල

මං කතා කරන්නෙ ගෑණු පිරිමි මල් පලතුරු ශෙයාර් කරන්න ෆේස් බුක් එන අයවත්, තමා කන කෑම එක.. යන ට්‍රිප් එක ෆොටෝ ගහල දාන්න ෆේස් බුක් එන අයවත් නෙමේ

මං කතා කරන්නෙ දවස පුරා බුකියෙ ඉඳගෙන දේශපාලනය, ආගම, සමාජය ගැන සංවාද කරන අය ගැන

මට හිතෙන්නෙ වර්චුවල් අවකාශයක් වෙච්චි මේ මුහුණු පොතේ කාලය වැය කරමින් අපි වහගන්න හදන්නේ අපේම සැබෑ ලෝකයේ ජීවිත වල තියෙන මොකක් හරි හිස් කමක් කියල

දැන් උදාහරණයකට මාවම ගත්තොත්, ලෝකය දකිද්දි මගෙ හිතට එන අදහස් බෙදාගන්න, කතා කරන්න මට හරියන යාලුවො දෙතුන් දෙනෙක් මගෙ සැබෑ ජීවිතේදි හිටිය නම් බොහෝ වෙලාවට මම ෆේස් බුකියේ දැන් තරම් ඇක්ටිව් ඉන්න එකක් නැති වෙන්න තිබ්බ

මගෙ හිතට එන අදහස් එළියට දාගන්න සැබෑ ජීවිතේ ඉඩක් නැති එක මගෙ ජීවිතේ හිස් කම වෙන්න ඇති. මම ඒ හිස් කම ෆේස් බුකිය හරහා පුරවගන්න හදනව වෙන්න ඇති

ඒ වගේම ඊගෝ කේස් තියෙන අය.. හීනමානයෙන් පෙළෙන අය.. කාලය ගෙවා ගන්න විදියක් නැති අය..

වගේ එක එක ප්‍රශ්න අස්සෙ.. උවමනාවල් අස්සෙ ඉන්න මිනිස්සු මේකෙ ඉඳගෙන උදේ හවස ලෝකෙ වෙනස් කරන්න පොර ටෝක් දෙනව (මමත් ඇතුළුව)

දැන් එහෙම ලෝකෙ වෙනස් කරන ටෝක්ස්.. ලෝකය කියවන ටෝක්ස් අස්සෙ.. අපි අපිවම කියවගන්න එක මඟ හැරිලා වෙන්න ඇති

අපිට සැබෑ ජීව්තේ අම්මෙක් තාත්තෙක්, බිරිඳක්, පෙම්වතියක්, රස්සාවක් තියෙද්දි මේ බුකිය අස්සට කොහොම හරි රිංගන්න දඟලන්නෙ එසේ මෙසේ ලේසි පාසු උවමනාවකට නෙමෙයි කියල මට නම් හිතෙන්නෙ. ඒක අපි තුළ තියෙන අපි හිතනවටත් වඩා ලොකු අවශ්‍යතාවයක් වෙන්න ඇති

එක දවසක් රෑ ලයිට්ගිය වෙලේ ෆෝන් එකෙන් ෆේස්බුක් ලොග් වුන වෙලාවක මම දැක්ක එක්කෙනෙක් දාල තියෙනව එයාගෙ ගෙදරත් ලයිට් නෑ කියල.  අඩුම ගානේ ලයිට්ගිය වෙලාවෙවත් කාලකණ්ණි වගේ ෆේස්බුක් එන්නෙ නැතුව තමාගේ පවුලේ අය එක්ක කතාබහ කරල හිනා වෙලා ඉඳහල්ලකො කියලා.

ඒ ස්ටේටස් එක දාල තිබ්බෙත් ලයිට් ගිය වෙලේ.. ෆේස් බුක් එකේ..

ලෝකය ගැන අම්බ විචාර දෙන අපි, අපිම මේ ෆේස් බුක් එකේ ඉඳගෙන කරන දේ ගැන කේස් ස්ටඩි එකක්.. විචාරයක් කලොත් ඒ විචාරය මොන වගේ වෙයිද?

දැන් බලන්න මම මේ පෝස්ට් එකෙනුත් කරන්නෙ අපි ගැන හෙණ ටෝක් එකක් ෆේස් බුක් එකටම අත ඇරල දාන එක..

අපි ෆේස් බුකියට ඇබ්බැහි වෙලා ඉන්න එක ගැන මම ටෝක්ස් දෙන්නෙත් ෆේස් බුකියටම ඇවිල්ල

මේ පෝස්ට් එක අස්සෙත් හැංගිලා තියෙන අයිරනිය ඒකයි..


2015 දෙසැම්බර් 14 දිනදී මුහුණු පොතේ පලකරන ලද සටහනකි

6 comments:

  1. මචන්. උබේ බ්ලොග් ඔක්කොම කියෙව්ව. ඒත් මෙහෙ නත්තල් නිසා පට්ට බිසී. ලබන අවුරුද්දේ සෙට් වෙමු. කොමෙන්ට් නොකලට සමාව.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ මචන්. එහෙනම් ජය වේවා කිව්වා !

      Delete
  2. විකෙන්ද්‍රික
    මම ඔබේ බ්ලොගය බොහොම උනන්දුවෙන් කියවන්නෙක්.
    විශේෂයෙන් ආගම් මිත්‍යාව ගැන ඔබ අපූරුවට විග්‍රහ කරනවා.
    ඒත් මට පුදුමෙ ඔබේ හිට් කවුන්ටරය බොහොම අඩුයි.
    ඒ ගැන නොසිතා, ඔබ වැඩි වැඩියෙන් ආගම් මිත්‍යාව සහ අනෙකුත් මිත්‍යාවන් පිටිපස දුවන සමාජය ගැන තව තවත් ලියන්න කියා මම ඉල්ලා සිටිනවා.
    මොකද ඔබට ඒවා බොහෝම සරලව පැහැදිලි කිරීමේ සිත්ගන්නා සුලු හැකියාවක් තියෙනවා.
    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. දිරි ගැන්වීමට ස්තූතියි මචන්.

      Delete
  3. කාලෙකිං දැක්ක superb👌 Blog එකක්.. good luck ඔබට ජය ශ්‍රි mco

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන්

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...