Wednesday, December 14, 2016

ධනාත්මක චින්තන talks


හිතට සහනයක් දෙන ධනාත්මක චින්තන talks. 

මේවායින් ප්‍රයෝජන නැත්තේමත් නෑ. 

එකක් තමා මේවා කියෝලා, දැකලා, share කරලා ගන්න ආතල් එක. ඒක එක ප්‍රයෝජනයක්. හැබැයි ඒ ආතල් එක එතනින් ඉවරයි.

හරියට අර ලබන අවුරුද්දේ මුල ඉඳලා මම Jim යනවා, ඇඟහදා ගන්නවා, සල්ලි ඉතුරු කරන්න ගන්නවා වගේ plan කරලා අවුරුද්දේ මුල් දවස ආවම ඒවා නොකර ආයේ කල්දාන්නේ. 

අන්න ඒ ප්ලෑන් කිරිල්ලයි මේවා share කරලා ගන්න ආතල් එකයි සෑහෙන්න සමානයි.  

අනික් ප්‍රයෝජනේ තමා, 

ඇත්තටම මේ මොකක් හරි ඉලක්කයක් පස්සේ දුවන අයට මේවගේ ධනාත්මක වදන් පොඩි push එකක් වීම. 

ඇත්තටම ඉලක්ක පස්සෙ දුවන උන් මේවා දැක්කත් නැතත් ඒ ඉලක්ක පස්සෙ දුවනවා. මොකද ඒ ඉලක්ක පස්සේ දුවන්න උන්ව පොළඹවපු හේතු සහ අරමුණු මේ වගේ ධනාත්මක චින්තන වචන ටිකකට ලඝු නොවන ඊට වඩා සෑහෙන බරක් ගැඹුරක් තියෙන දේවල් නිසා.

මේවායින් වෙන්නේ පොඩි පුෂ් එකක් ලැබෙන එක. 

හරියට හැතැම්ම ගාණක මැරතන් එකක් දුවන එකෙක්ට වතුර පනිට්ටුවක් වදිනවා වගේ. 

අධිෂ්ඨානයෙන් දුවන එකා දුවන්නේ කොහොමත් දිනන්න. 

වතුර ගැහැව්වත් නැතත්. 

ඒත් වදින වතුර පනිට්ටුව ඌට ධෛර්‍යක්, ඌ ඒක ශක්තියක් කරගන්නවා. 

හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ, මැරතන් එක දුවලා ඉවර වුනාම ලැබෙන තෑග්ග මොකක්ද කියන එක. 

මැරතන් එක දිනලා බලාපොරොතු වෙන්නෙ මොකක්ද කියන එක. 

ඕක ඉතින් කෙනා අනුව වෙනස් වෙනවා. 

නමුත් දිනුම් කණුවක් නොපෙනෙන, නිමක් නැති, මැරිලා වැටුනාම විතරක් ඉවර වෙන මැරතන් එකක් දුවනවට වඩා හොඳයි එක තැන නැවතිලා ආතල් එකේ නින්දක් දාන එක. 

ඒත් එහෙම නැවතිලා relax එකේ ඉන්න එසේ මෙසේ පොරකට බෑ. ඒක කරන්න එසේ මෙසේ පොරක් නොවන පොරක්ම වෙන්න ඕන.

මොකද එහෙම නැවතිලා ඉන්න උන්ට වටේ ඉන්න උන් කිංඩි දානවා, පාච්චල් කරනවා. මැරතන් එක දුවන උන් හදන්නේ හැමෝමව ඇදගෙනම දුවන්න.

දුවන්නේ නැති කෙනෙක්ට පැවැත්මක් නෑ.

ඒ විදිහටයි තරඟයේ නීති නිර්මාණය වෙලා තියෙන්නෙ.

ඔය හති දදා මැරෙනකල් දිවිල්ල නවත්තලා පොඩ්ඩක් relax වෙන ක්‍රම හොයන්න සමහරු ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙනවා. 

දැන් ඔය අපේ රටේ තියෙනවාය කියන බෞද්ධාගමේ නිර්මාතෘ ඉදිරිපත් කලෙත් හති දදා දිවිල්ල නවත්තලා ඔන්න ඔය relax වෙන method එකක් වෙන්නැති.

මොනව වුනත් කමක් නෑ, 

අපි ඔක්කෝමල්ලා දුවමු..

හතිදදා දුවමු.

එක රැයින් HIT වෙමු..

උත්සාහ කරමු..

HIT උනයින් පස්සේ...?

.
.
.

ආයේ දුවමු ඕයි !



කාටූනය උපුටා ගත්තේ ගප්පියාගේ පිටුවෙනි

2 comments:

  1. ඕක මටත් හෙන අවුල් කතන්දරයක්. මම දැක්ක ධනාත්මක චින්තනය හෙන ආත්මාර්තකාමී තියරියක්. අනිත් අයට දෙන්න ඉස්සල්ලා තමන්ට කරගන ඉන්න කියන දේ තමයි මූලිකවම. සිද්ධාන්තයක් විදිහට හරි තමයි. ඒත් කවමදාවත් හිත නැමෙන්නේ නැති කාරනයක්. ඔය මොකක් තිබ්බත් අපි දුවනවා. ගොඩක්වෙලාවට තමන්ගැන විතරක් හිතන එකා දිනනවා. සමාජයේ ඌට හෙන තැනක් හම්බවෙනවා. ඒ වුනාට ඌ කවදාහරි ආපු පාර දිහා හැරිලා බැලුවොත්......?????

    ReplyDelete
    Replies
    1. කාලෙකින් මේ පැත්තෙ ඇවිත් වගේ

      උඹ කිව්ව කාරණා එක්ක 100%ක් එකඟයි

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...