Sunday, June 25, 2017

මොහොමඩ්

මොහොමඩ් කියන්නේ මම කලින් රැකියාව කල තැන මාත් එක්ක වැඩ කල යාලුවෙක්.

හැසිරීමෙන් මොහොමඩ් සාම්ප්‍රදායික කියල සැලකෙන මුසල්මානුවෙක් නොවන බවයි පෙනුනේ.

සම්පූර්ණයෙන්ම රැවුල මුඩු කල මොහොමඩ්ගේ මුහුණ, මොහොමඩ් සැරසිලා හිටිය නූතන පන්නයේ ඇඳුම්, මොහොමඩ් පාවිච්චි කල වාග් විලාශය, මොහොමඩ්ගේ සිංහල කතා කිරීමේ හැකියාව, උත්සව වලදී මොහොමඩ් හැසිරෙන විදිය වගේ දේවල් දකින ඕනම කෙනෙක් හිතන්නේ මොහොමඩ් මුසල්මානුවෙක් නෙමේ සිංහලයෙක් කියල.

මොහොමඩ්ගේ ආකල්ප පවා ඔහු විසින් හැඳින්වුයේ නූතන ආකල්ප විදියට. ආගම වෙනුවෙන් මිනීමරනා අයිසිස් ත්‍රස්ථයන්ව ඔහුගේ දැඩි විවේචනයට ලක් වීම, බුර්කාව අනිවාර්‍ය කොට නීතියක් කුරාණයේ නැතැයි පැවසීම වැනි ඔහුගේ ආකල්ප අප තුල මොහොමඩ් ගැන ඇති කලේ පැහැදීමක්.

මොහොමඩ් ගැන මේ විස්තර මම සඳහන් කලේ මොහොමඩ් බැලූ බැල්මෙන් සාම්ප්‍රදායික අදහස් දරන මුසල්මානුවෙක් නොවන බව කියවන ඔබට ඒත්තු ගන්වන්නයි.

මේ විදියට අප සැමගේ හොඳම යහලුවකු බවට පත්ව සිටි මොහොමඩ්ගේ අදහස් තව තවත් දැනගන්නට මා තුළ තිබ්බේ දැඩි කුතුහලයක්. අධික කාර්‍ය බහුලත්වය මැද නිදහසේ කතා කරන්න අවස්ථාවක් ලැබෙන තුරු සිටි මට දවසක් ඒ අවස්ථාව ලැබුනේ වාසනාවට වගේ.

මොහොමඩ් ගේ ආගම හා සම්බන්ධ විශ්වාස ගැන කෙටි පිළිසඳරකට මම කල ආරාධනය මොහොමඩ් පිළිගත්තේ ඉතාම සතුටින්. අදාල මාතෘකාව ගැන කතා කල අප සාකච්ඡාවේ මට අමතක නොවනම කොටස වෙත පැමිණියේ විනාඩි කිහිපයකට පමණ පසුවයි.

මම - උඹ කියපු ගොඩක් දේවල් ඇත්ත මචන්. මමත් උඹ එක්ක එකඟයි.

මොහොමඩ් - ඔව් බං. අපේ ගොඩක් උන් ආගම පාවිච්චි කරන්නේ තමන්ගේ වාසියට. තමාට ඕන විදියට ආගම වෙනස් කරගන්නවා. බෙදිලා මරාගන්නවා. ආගම කියන්නේ ඒක නෙමේ බං

මම - ඔව් මචන්. ආගම වුනත් අනිත් උන්ට හානියක් නැති විදියට අදහනවා නම් එච්චරයි. 

මොහොමඩ් - ඒක ගොඩක් උන්ට නොතේරෙන එකයි ප්‍රශ්නෙ.

මම - මචන් මට උඹෙන් තව දෙයක් දැනගන්න ඕන.

මොහොමඩ් - අහපන් මචන්.

මම - උඹලගෙ ආගමේ තියෙනවනෙ බං සමහර වැරදි වලට.. ඒ කිව්වේ බඳින්න කලින් ලිංගික හැසිරීම් වල යෙදෙන එකට, සැමියා/බිරිඳ නොවන වෙනත් අය එක්ක ලිංගික හැසිරීමේ යෙදෙන එකට, සමලිංගිකයන්ට එහෙම දඬුවම් දෙන්න ඕන කියලා. ගල් ගහලා මරන්න ඕන කියලා. ඒක ගැන උඹේ අදහස මොකක්ද?

මොහොමඩ් - මෙහෙමයි මචන්. දැනට රටේ නීතියක් තියෙනවානෙ. පවතින රටේ නීතියට උඩින් යන්න එපා කියලයි අපේ ආගමේ උගන්නන්නේ.

මම - නෑ. මම අහන්නේ ඒ දඬුවමට උඹ එකඟද නැද්ද කියලා. ඒ කියන්නේ දැන් අපේ රටේ නීතියක් තිබ්බට.. සම්මතයක් තිබ්බට.. ක්‍රමයක් තිබ්බට, ඒක හොඳම ක්‍රමය කියලද උඹ හිතන්නේ. නැත්නම් අර වැරදි වලට ගල් ගහල මරන විදියේ නීති ගේනවට උඹ එකඟද? 

මොහොමඩ් - ඔව්. එකඟයි.

මම - ඒ කියන්නේ උඹ එකඟයි අර කිව්ව වැරදි වලට මිනිස්සුන්ව ලංකාවෙ හන්දි ගානේ ගල් ගහල මරනවට? එහෙම නීතියක් කවදා හරි සම්මත වෙනවට?

මොහොමඩ් - ඔව් මචන්

මම - උඹ හිතනවද ඒ වගේ ක්‍රමයකින් සමාජය වඩාත් යහපත් තැනක් කරන්න පුළුවන් කියල?

මොහොමඩ් - ඔව් මචන්. ඒ දේවල් වලට ඒ වගේ දඬුවම් දෙන්න ඕන.

මම - හරි. මෙහෙම හිතහන්. උඹ කියන විදියට උඹ කියන ඔය නීතිය හෙට සම්මත වෙලා උඹලගෙ ගෙවල් හන්දියෙ ඒ විදියට මනුස්සයෙක්ට ගල් ගහන අවස්ථාවක් ආවා කියලා. උඹත් අරුන් එක්ක එකතු වෙලා ඒ මනුස්සයාට ගල් ගහනවද?

මොහොමඩ් - ඔව් මචන්. ගහනවා.

මම - මෙහෙම හිතහන්. ඒ වැරැද්ද කල කෙනා මම වෙලා උඹ ඒ වෙලේ එතන හිටියොත් උඹ මට මම මැරෙනකල් ගල් ගහනවද?

මොහොමඩ් ඒ ප්‍රශ්නයට උත්තර දෙනවා වෙනුවට කලේ ඔහුගේ මුව මඳහසකින් පුරවාගෙන මගේ පිටට තට්ටු කරමින් එතැනින් ඉවත්ව යාමය. මොහොමඩ් හා මගේ සාකච්ඡාව එතනින් අවසන් විය.

----

අප දෙදෙනාගේ කතාව අවසන් වුනේ මොහොමඩ් වැනි දහස් ගණනක් වූ ලාංකේය මුසල්මානුවන්ගේ ආකල්ප, සහ ඔවුන් බිහි කිරීමට බලාපොරොත්තු වන සමාජය ගැන මා සිත තුල ප්‍රශ්නාර්ථ දහසක් ඉතිරි කරමිනි.

සිංහල බෞද්ධ හෝ කතෝලික හෝ නිර් ආගමික හෝ කාට වුවත් අප සැමගේ අරමුණ මේ ලෝකය අපෙන් පසු බිහිවන ඊළඟ පරම්පරාවට වඩා යහපත් තැනක් කිරීමටයි. අප අතර මත ගැටුම ඇත්තේ එසේ බිහි කරන සමාජය කුමක්ද එසේ බිහි කරන්නේ කෙසේද යන කාරණය ගැන පමණි.

සාම්ප්‍රදායික නොවන නූතන චින්තනයෙන් යුත් මුසල්මානුවන් යනුවෙන් තමා හඳුන්වා ගන්නා, අපත් සමඟම එදිනෙදා ජීවත් වෙන බොහෝ මුස්ලිම් තරුණ පිරිස් අනාගතය ගැන සිහින දකින්නේ මෙලෙසය. ඔවුන් යහපත් සමාජයක් ලෙස අර්ථ දක්වන්නේ මෙවන් ලෝකයකි. යහපත් සමාජයක් බිහි කිරීමට ඔවුන් අදහස් කරන්නේ එවන් ක්‍රම වලිනි.

ඒ බවට මගේ මිත්‍ර මොහොමඩ් පමණක් නොව ලංකාවේ ජීවත් වන තවත් මොහොමඩ් ලා දහස් ගණනක් සාක්ෂි දරාවි.

සිතීමට පවා බියකරු සමාජයක් නිර්මාණය කිරීම අරමුණු කොටගත් විශ්වාස පද්ධතියක් තම ලෝක දැක්ම කරගත් මිනිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් සමඟ අප ජීවත් වන්නෙමු. අප දරුවන් ජීවත් විය යුත්තේ ඔවුන්ගේ මතවාද වලින් පෝෂණය වූ ඔවුන්ගේ දරුවන් සමඟයි.

අප ඉදිරියේ ප්‍රශ්නයක් ඇත. එය අවිවාදිතය.

ප්‍රශ්නය වන්නේ ඔවුන්ගේ ජාතිය නොව, ඔවුන් පිළිගන්නා විශ්වාස පද්ධතිය තුළින් ඔවුන් මත ඇති කර තිබෙන ලෝක දැක්මයි. ඉස්ලාම් දහම යන ලෝක දැක්ම තම විශ්වාසය කරගත් මිනිසුන් සමඟ එකට ජීවත්වන්නට සිදුවීම සැබවින්ම ප්‍රශ්නයකි. මෙය අපට පමණක් නොව මුළු මහත් ශිෂ්ඨ මනුෂ්‍යය සංහතියටම මුහුණ දෙන්නට සිදුව ඇති දරුණුතම ගැටළුවකි.

අප මේ ප්‍රශ්නය විසඳන්නේ කෙසේද? අප මේ ප්‍රශ්නය විස‍ඳන්නට තෝරාගන්නා මාර්ගය කුමක්ද? අප මේ ප්‍රශ්නය විසඳන්නට ගොස් තවත් ප්‍රශ්න කොපමණ ඇතිකරගනීවිද..

යන කාරණය මත අපගේ දරුවන්ගේ අනාගතය තීරණය වනු ඇත.

ප/ලි -

01. මගේ මිත්‍රයාගේ සැබෑ නම මොහොමඩ් නොවේ. සැබෑ නම සඳහන් නොකලේ හිතාමතාමය.

02. මෙහි එක මිත්‍රයෙක් සමඟ කල සංවාදයක් දැක්වුවද මේ කාරණය ගැන මගේ හොඳම මිතුරන් වූ මුසල්මානුවන් දෙදෙනෙකු සමඟ සාකච්ඡා කර ඇත. දෙදෙනාගේම අදහස එකිනෙකාගෙන් වෙනස් වූයේ නැත.

23 comments:

  1. මා කියවා ඇති පරිදි ක්‍රිස්තියානි අයත් වසර තුන් හාරසීයයකට කලින් හිතුවේ ඔහොමයි.
    මිනිසුන්ව ගිනි තියා මරා තියෙනවා ඔවැනි වැරදි, ආගමික වෙනස්කම් නිසා.

    ReplyDelete
    Replies
    1. ඒ කට වඩා මේක සංකීර්නයි .... සහ සැලසුම් සහගතයි ..... බොහෝ මුසල්මානුවන් මේකට පක්ශයි

      Delete
    2. ක්‍රිස්තියානින් එහෙම කල බව ඇත්ත. නමුත් ඔවුන් කාලය සමඟ වෙනස් වුනා. ලෝකයේ සිද්ධ වුන සදාචාරාත්මක පරිනාමයට අනුගත වුනා. ඒ හිංසාකාරී හැසිරීම් නැවැත්වීම උදෙසා උපුටා දැක්වීමට ඔවුන්ට ජේසුස්වහන්සේගේ ඉගැන්වීම් බයිබලයේ තිබුනා. මුසල්මානුවන්ගේ ප්‍රශ්නය මීට වෙනස්. ඔවුන්ගේ ආගමික ඉගැන්වීම් වල පැහැදිළිවම තියෙන සමහර හිංසාකාරී, සමාජයට හානිකර ඉගැන්වීම් බහුතරයක්(සැලකිය යුතු විශාල පිරිසක් වන) මුස්ලිම් ජනයා පිළිගන්නවා. ඒ පිළිගැනීම් තුල අන්තවාදී මුස්ලිම් හැසිරීම් වලට ආවරණය සහ ආරක්ෂාව ලැබෙනවා. මේක ආගමක් වටා සංවිධානය වුන ගෝලීය මොබ් එකකට සමානයි. මේක අති භයංකර තත්වයක්

      Delete
  2. බ්ලොගර් ෆලෝවරය දාහං

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බං. බ්ලොග් එක බල්ලෙක්වත් කියවන්නේ නෑ. මම ලියන්නේ මගේ ආතල් එකට. කියවන උන් කියෙව්වාවෙ. නැති උන් නිකන් හිටපුවාවෙ. ප්‍රශ්නයක්ම නෑ :)

      Delete
  3. අටන්පහුර අඩවියෙ තමයි මෙය දැක්කේ නමුත් මම අටන් දාල තියන link එක දැක්කේ ඔහු කිව්වට පස්සේ, මෙන්න මම නැවත එම කොමෙන්ටුව දමනවා

    මම ඉගනගත්තේ පුද්ගලික පාසලක, මේ පාසල ක්‍රිස්තියානි පාසලක් උනත් මම යනකාලේ රටේ බලවත් මුස්ලිම් නායකයන් කීපදෙනෙක් ආදී ශිස්ෂයන් උන නිසා අපේ පන්තිවල බාගයක්ම සිටියේ මුස්ලිම් ළමයි.

    ඔය උඩ Prabath කියල තියනවා
    //මුසල්මානුවො කියන්නෙ පොඩි කාලෙ ඉඳල brain wash කරපු ජාතියක්. කොච්චර ඉගෙන ගත්තත්, මොන බටහිර රටේ හැදුනත්, කොටු කරපු චින්තනයෙන් එලියට එන්නෙ නෑ//

    මේ කතාව සම්පුර්ණ ඇත්ත ඔය අටන්ට කියලතියන
    "මෙහෙමයි මචන්. දැනට රටේ නීතියක් තියෙනවානෙ. පවතින රටේ නීතියට උඩින් යන්න එපා කියලයි අපේ ආගමේ උගන්නන්නේ. "
    කතාව එන්නේ කුරානයේ තියනවා රටක සුළුතරය මුස්ලිම් වරු නම් රටේ නීතියට ගරු කරන්න බහුතරය සමග සාමයෙන් ඉන්න කියල, නමුත් යම්විදියකින් රටේ බහුතරය වෙනවනම් ඉතිරි අය ඉස්ලාම්බක්තිකයන් කරන ලෙසත් විරුද්ද වෙන පිරිස මරාදමන ලෙසත් කුරානයේ සදහන් වෙනවා.

    මේවා මෙහෙම තියෙද්දී සමහර බුද්දහගමේ පැවිදි හාමුදුරුවරු ඉන්නවා මුස්ලිම් ආගමේත් උගන්වන්නේ කරුණාව සාමය ගැනයි කියල, මේ අය බුදුදහම දන්නෙත් නෑ ඉස්ලාම් දර්මය දන්නෙත් නෑ.

    මේ ප්‍රශ්නය විසදන්න ඕනේ මුස්ලිම් ජාතිකයන්ට අඩත්තේට්ටම් කරමින් නෙමෙයි, මෙයට මුහුණදෙන්න ඕනේ රටේ පවතින නිතිය ඉතා දැඩිව ජාතිවාදයට විරුද්දව ඇතිකිරීමෙන් .

    මෙතැනදී සිංහල බුද්දහගම් මිනිස්සු ගැනත් හාමුදුරුවරු ගැනත් කියන්න දෙයක් තියනවා, රටේ මම අහල තියනවා සිංහල හාමුදුරුවරු කියනවා "ජාතිය බෝකරපියව්, ජාතිය බෝකරපියව් කියන " මට අහන්න තියන සරල ප්‍රශ්නය සිංහල දරුවකු රජයේ පාසලකට දමාගන්න කොච්චර අමාරුද ? ක්‍රිස්තියානි, මුස්ලිම් දරුවෙකු පාසලකට දමාගැනීම එයට වඩා කොච්චර පහසුද කියන දේ ගැන කතා නොකර නිකන් බයිලා ගහනවා, මේ දරුවෙකු ගෙවන පාසලකට යවන වනම් බොහෝවිට කාර්තුවකට රුපියක් 20000 ක් ගෙවන්න ඕනේ මම දැකල නෑ රටගැන ජාතික කැක්කුමෙන් බෙරිහන් දෙන මේ යුග පුරුෂයෝ මේවට විසදුම් දෙනවා, අඩුගානේ මේගැන කතාකරන්නේ කියෙන් කි දෙනාද ?

    ReplyDelete
    Replies
    1. රටේ බහුතරය වෙනවනම් ඉතිරි අය ඉස්ලාම්බක්තිකයන් කරන ලෙසත් විරුද්ද වෙන පිරිස මරාදමන ලෙසත් කුරානයේ සදහන් වෙනවා..

      මෙය සත්‍යක්ද ඔය කුරානේ සිංහල කොපියේත් තියනවද දැක හෝ කියවා නැති නිසා ස්ථිරව දැනගැනීමට අවශ්‍යයි

      Delete
    2. එහෙම වැකියක් කුරානයේ නෑ. සැබෑ පරිවර්ථිත පිටපතක් කියවා දැනගන්න. මතභේදාත්මක වැකියක් ඉස්ලාම් විරෝධි පාර්ශ්වයකින් දකින්න ලැබුනහොත් එම වැකියට පෙර හා පසු වැකි පහක් හෝ දහයක් කියවා වටහා ගන්න. ඔබේ ප්‍රශ්ණය විසඳේවි.

      Delete
    3. කුරාණයේ එහෙම ඉගැන්වීමක් තියෙනවද නැද්ද කියලා මම දන්නේ නෑ (ගෙදර සිංහල කුරාණයක් තියෙනවා. කියවන්න කම්මැලියි) නමුත් ප්‍රශ්නය තියෙන්නේ කුරාණයේ ඇති සමහර ඉගැන්වීම් ඒ ආකාරයෙන් අර්ථ දක්වන මිනිසුන් විශාල සංඛ්යාවක් ඉඳීමයි.

      Delete
    4. https://www.youtube.com/watch?v=5AkAGc5nOXw

      https://www.youtube.com/watch?v=LXBgqa-xQwY

      https://www.youtube.com/watch?v=ES9_xe0OhIs

      https://quran.com/47/35
      So do not weaken and call for peace while you are superior; and Allah is with you and will never deprive you of [the reward of] your deeds.

      ඔබ බලවත්ව සිටියදී සාමය නො ඉල්ලන්න.

      Delete
  4. එෆ්.බී එකෙනුත් මන් මේක කියෙව්වා.
    කවද එතකොට ජේමිස් බන්ඩා?

    ReplyDelete
  5. මේ කතාවේ කියන විධිහට හැම මුස්ලිම් එකාම එහෙම හිතන්නේ නැහැ. මට හැම කෙනෙක්ම කියන කතාවක් ඕක. මගේ යාළුවෙක් ඉන්නව ඉම්තියාස් හසාන් කියල. පොර කෙලින්ම විරුද්ධයි ඔය ඕන එකකට, ගල් ගහනවට , බෙලි පනාවට . හැබැයි පොර බොනවා අපිත් එක්ක. එනිසා සුපිරිසිදු මුස්ලිම් කියල කියන්න බැහැ. බුලෙන්ට් හා නුරේ කියල තුර්කි යුවලක් ඉන්නව. ඒකෙන් නුරේ අපිත් එක්ක පන්සල් එනවා. ලඟකදී ඉඳන් බුද්ධාගම ඉගෙන ගන්නවා. මමත් මුස්ලිම් හැම එකාම ඔහොමයි කියල හිතුව නම් මට ඒ වගේ යහළුවෝ මුණ ගැහෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හැම කෙනාම මෙහෙමයි කියලා මම සටහනේ කියලා නෑ. සැලකිය යුතු පිරිසක් මෙහෙමයි කියලයි මම කියල තියෙන්නේ. ලොව වටා මුස්ලිම් ජනතාව ආශ්‍රිතව කෙරුන පෝල්ස් බලපුවාම මේ කරුණ තහවුරු වේවි.

      මම මේ සටහන බුකියේ පලකල විට එවැනි පෝල් කිහිපයකට ලින්ක්ස් ලැබුනා. ඒවා මම මෙතන පල කරන්නම් අවශ්‍ය කෙනෙක්ට කියවන්න.

      Here are some polls on what Muslims believe:

      Pew Research (2013):
      •57% of Muslims worldwide disapprove of al-Qaeda.
      •51% disapprove of the Taliban.
      •13% support both groups
      •1 in 4 refuse to say.
      http://www.pewglobal.org/.../muslim-publics-share.../

      Wenzel Strategies (2012):
      •58% of Muslim-Americans believe criticism of Islam or Muhammad is not protected free speech under the First Amendment.
      •45% believe mockers of Islam should face criminal charges (38% said they should not).
      •12% of Muslim-Americans believe blaspheming Islam should be punishable by death.
      •43% of Muslim-Americans believe people of other faiths have no right to evangelize Muslims.
      •32% of Muslims in America believe that Sharia should be the supreme law of the land. http://www.andrewbostom.org/.../sixty-percent-of-us...

      ICM Poll:
      •40% of British Muslims want Sharia in the UK
      •20% of British Muslims sympathize with 7/7 bombers
      http://www.telegraph.co.uk/.../Poll-reveals-40pc-of...

      Pew Research (2010):
      •82% of Egyptian Muslims favor stoning adulterers
      •70% of Jordanian Muslims favor stoning adulterers
      •42% of Indonesian Muslims favor stoning adulterers
      •82% of Pakistanis favor stoning adulterers
      •56% of Nigerian Muslims favor stoning adulterers
      http://pewglobal.org/.../muslims-around-the-world.../

      WZB Berlin Social Science Center:
      •65%% of Muslims in Europe say Sharia is more important than the law of the country they live in. http://www.gatestoneinstitute.org/.../europe-islamic...

      Pew Global (2006)
      •68% of Palestinian Muslims say suicide attacks against civilians in defense of Islam are justified.
      •43% of Nigerian Muslims say suicide attacks against civilians in defense of Islam are justified.
      •38% of Lebanese Muslims say suicide attacks against civilians in defense of Islam are justified.
      •15% of Egyptian Muslims say suicide attacks against civilians in defense of Islam are justified.
      http://cnsnews.com/node/53865

      World Public Opinion (2009)
      •61% of Egyptians approve of attacks on Americans
      •32% of Indonesians approve of attacks on Americans
      •41% of Pakistanis approve of attacks on Americans
      •38% of Moroccans approve of attacks on Americans
      •62% of Jordanians approve of some or most groups that attack Americans (21% oppose)
      •42% of Turks approve of some or most groups that attack Americans (45% oppose) http://www.worldpublicopinion.org/.../STARTII_Feb09_rpt.pdf

      Delete
    2. Stoning: MODERN Islam's favourite pastime

      Pew Research (2010):
      •82% of Egyptian Muslims favor stoning adulterers
      •70% of Jordanian Muslims favor stoning adulterers
      •42% of Indonesian Muslims favor stoning adulterers
      •82% of Pakistanis favor stoning adulterers
      •56% of Nigerian Muslims favor stoning adulterers
      http://pewglobal.org/.../muslims-around-the-world.../

      Delete
  6. මම ඔහුගේ මිත්‍ර මොහමඩ් නම් මගේ පිළිතුර මෙයයි,
    ඉස්ලාම්හි ගෙනහැර පාන ඔය දේවල් සියල්ල මතුපිටින් පෙනෙන හා ඉස්ලාම් විරෝධි සංවිධාන මඟින් සමාජය වෙත මුදාහල වැරදි චිත්‍ර වන අතර එයින් අනියම් බියක් සමාජ ගත කිරීමයි.
    ඔය හැම දේකම ක්‍රියා පටිපාටියක් තියෙනවා.
    ගල් ගසා මරන්නේ විවාහකයින් කාමයේ වරදවා හැසිරුණු අවස්ථාවක උවත් එය එක්වරම උසාවියෙන් තීන්දු දිය නොහැකියි.
    හේතුව
    කිසිදා බොරුවක් නොකිවු, යහපත් නිකැළල් ජීවන පැවත්මකින් යුත්, සමාජයේ වැදගත් සිවු දෙනෙක් සාක්ෂි ඉදිරිපත් කළ යුතු අතර, එකිනෙකාව වෙන් කර විභාගය පැවත්වෙන අතර සිවුදෙනාගේ සාක්ෂිවල සුළු වෙනසක් දැකිය හැකි අවස්ථාවක නඩුව නිෂ්ප්‍රභා වනවා.
    ගල් ගසා මැරීම අවිවාහකයින් නම් කස පහර තීන්දු වන්නේ ඉන් අනතුරුවයි.
    අද අප ලංකාවේ එවැනි නීතියක් නැති තත්වය තුළත් එසේ සමාජයේ වැදගත් සිවු දෙනෙකුට එකසේ සාක්ෂි දෙන තරමට විවෘතව කවුරුත් හැසිරෙන්නේ නැහැ.
    මෙහි ප්‍රධාන අරමුණ ගල්ගසා මැරීම හෝ කසපහර දීම නොව සමාජය යහපත් තැනක් කිරීමයි. එසේ නරක දෙයක් කළයුතු නම් හොර රහසේ සමාජය අපවිත්‍ර නොකර කරගන්නා ලෙස අනියමින් ඉඟි කිරීමක් වන්නත් පුළුවන්. මා එතරම් ආගමික විද්වතෙක් නොවෙමි.
    මොහමඩ් ගේ මිත්‍රයාට ඇත්ත වුවමනාවක් තිබුනේ නම් කළ යුතු වුවේ මොහමඩ්ගේ ප්‍රකාෂයට විග්‍රහයක් ඉස්ලාමිය විද්වතෙකුගෙන් ලබාගැනීම විනා සුපුරුදු වෛරය ප්‍රකාෂ කිරීමට මෙය හේතුවක් කර නොගැනීමයි
    වරදක් ඇතොත් නිවැරදි කර ගැනීමට නිහතමානි වෙමි.
    අස්ලම් සලීම්

    ReplyDelete
    Replies
    1. ඔවැනි පැහැදිළි කිරීම් සමහර මුසල්මානුවන්ගෙන් ලැබෙනවා. ඔබගේ අදහස දරන සමහර මුසල්මානුවන්ද සිටිනවා. ඒක මම නැහැයි කියන්නේ නෑ. ප්‍රශ්නය තියෙන්නේ කුරාණයේ ඉගැන්වීම ඕකද නැද්ද කියන එක නෙමේ. මුසල්මානුවන් එය භාවිතා කරන්නේ කෙසේද, මුස්ල්මානුවන් තුල ඒ ඉගැන්වීම් කුමණ ආකාරයක බලපෑමක් ඇතිකර තිබෙනවාද කියන කාරණයයි. සමාජයේ මුස්ලිම් ජනතාව ඉස්ලාමීය ඉගැන්වීම් ගැන වැරදි අවබෝධයක ඉන්නවා නම් සංවිධානය වෙලා දැනුවත් කරලා ඒ අයගේ අදහස වෙනස් කරන එක ඔබලාගේ වගකීමක්. නැතුව ඉස්ලාමීය ආගමික ඉගැන්වීම් පිළිබඳ ශ්‍රාස්ත්‍රීය සංවාද වල යෙදීම සමාජයේ වෙසෙන මුස්ලිම් නොවන ජනතාවගේ කාර්‍යක් නෙමේ.

      නමුත් ඔබලා වැනි මුස්ල්මානුවන්ගෙන් නොවන්නේද එයයි. තමන්ගේ ආගමේ සාමාජිකයන්ගේ නොමනා හැසිරීම් ඉදිරියේ මුණිවත රකින ඔබලා ඒ හැසිරීම් අප වැන්නන් ප්‍රශ්න කලාම සැබෑ ඉස්ලාමීය ඉගැන්වීම අපට උගන්නන්න කුරාණය දිග ඇරගෙන එනවා.

      අපිට සැබෑ ඉස්ලාමය උගන්නන්න කලින් ඒක මුස්ලිම් ජනතාවට උගන්වා ඉන්න. සැබෑ ඉස්ලාමය මොකක්ද කියන එක අපට අදාලම නෑ. අපට අදාල මුස්ලිම් ජනතාවගේ ආකල්ප සහ ඒ ආකල්ප මත ගොඬනැගෙන, ගොඬනැගීමට ඉඩ තිබෙන හැසිරීම් පමණයි.

      Delete
  7. ඔය දේ ඔහොමම නොවුනු අවස්තා තියෙනව නේද​. උදාහරනෙකට තුර්කිය 96%ක් මුස්ලිම් ඉඳිද්දි අනාගමික නීති ඇතිකරගෙන අවුරුදු 90ක් විතර කරා. ලෝකෙ පුරාම මේ වර්ගවාදය පැතිරෙද්දි ආයෙ එයාලත් මුස්ලිම් රටක් විදියට යන්න දැන් පටන් අරන්. ඒ කියන්නෙ අවශ්‍යනම් අවස්තාව තියෙන බවයි.
    ඊලඟට මෙහේ ඉන්න මුස්ලිම් අය බහුතරය මුස්ලිම් වුනොත් ඒ නීති ගේනව කිව්වට ඔක්කොමල ඒකට ආසයි නෙමෙයි. අපේ උන් වැඩිවුනොත් මේ රටත් හොඳ නෑ කියන මුස්ලිම් බහුතරය ඉන්න පැතිවල පදිංචි වෙන්න අකමැති මුස්ලිම් අය ඉන්නව​. හැබැයි දකුණු ආසියානු අන්තවාදී මිනිස්සුන්ට මුස්ලිම් මතවාදත් එකතු වුනාම ආයෙ විනාසයක්ම තමයි.

    ReplyDelete
    Replies
    1. Armenian Genocide
      https://en.wikipedia.org/wiki/Armenian_Genocide

      Delete
  8. හැම ආගමෙන්ම මිනිස්සු ගොනාට අන්දලා තමයි තියෙන්නේ. හාමුදුරුත් අපේ ආච්චිලට මේඝ පළඳනාව ගැන කියල පෙන්ෂන් එකට විදින්නේ ගොනාට අන්දලා තමයි. ආගම අදහන එවුන් එකෙක්වත් තමුන්ගේ ආගම වැරදියි කියනවා අහල තියේද ? මුස්ලිම් එවුන් ටිකක් වැඩිපුර අනිත් මිනිස්සුන්ට කරදර වෙන විදියට අන්දලා එච්චරයි වෙනස.

    ReplyDelete
  9. මැද පෙරදිග තෙල් නොතිබුනා නම් ආගම ඔයතරම් බලවත් හා බලපෑම් කල හැකි මට්ටමකට එන්නේ නෑ.

    ReplyDelete
  10. මේ ලිපියෙ හිතන්න දේවල් ගොඩක් තියෙනවා .. කස්ටිය වාද නොකර කල්පනා කරලා බලන්නකො... Thank you for post bro..

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...