Tuesday, February 13, 2018

අරක්කු නොබොන බේබද්දෝ


"අඩෝ, මං බොන්නෙ නම් නෑ. බයිට් ටික ලෑස්ති කරල තියහන් ඈ"

යාලුවෝ එක්ක ෂොට් එකක් දාන්න සෙට් වෙද්දි එතනට හේත්තු වෙන නොබොන උන් කියන කතාවක් තමා ඔය. විහිලුවක් විදියට කිව්වට ගොඩක් වෙලාවට ඔය කතාව ඇත්තක්.

නොබොන උන් ඇත්තටම කරන්නේ ඇවිත් බයිට් ටිකට කෙළවන එක තමා. දැන් නම් ඕක එච්චර නොදැනුනාට ඉස්කෝලෙන් අවුට් වෙච්චි මුල් කාලේ, ඒ කියන්නෙ ලාච්චු වල තියෙන මාරු කාසි පවා එකතු කරගෙන ගල් බෝතලේ ගහලා බස් එකේ එන්නැතුව පාරෙ යන වාහන වලට අත දාලා ගෙදර ගිය කාලයේ නම් දරුණුවට දැනුන දෙයක්. ඇයි යකො මුන් බයිට් ටික ඉවර කලාම අන්තිම ටික බොන්නේ අහල පහල කඩේකින් මැගී සුප් කැට දෙක තුනක් ගෙනල්ලා ඒවත් එක්ක.

ඉස්කෝලෙ යන කාලෙ හොරෙන් සෙට් වෙද්දි නම් මේ එකෙක්වත් ආවෙ නෑ පැත්ත පලාතෙ. ඇයි වයස අඩු නිසා මාට්ටු වුනොත් බඩු බනිස්නෙ. ඒත් වයස පැන්නයින් පස්සෙ සෙට් වෙන්නෙ කොතනද නැට්ට වගේ එනව පස්සෙන්. එදා ඉඳලම නොබොන උන් එක්ක සෙට් වෙන්න මගේ තිබ්බ අකමැත්ත නිසා අපේ සෙට් එකේ උන් එක්ක ගැහැව්වා ගිවිසුමක්, කිසිම දවසක මම ඉන්නවා නම් නොබොනෙ එකෙක්වවත් සෙට් කර නොගන්න. පස්සෙ අපේ උන්ටත් තේරුනා මම කියන කතාවේ ඇත්තක් තියෙන බව. එතන ඉඳල මම හිටියා නැතා, අපේ උන් ඔක්කොම අනුගමනය කලේ මගේ ප්‍රතිපත්තියම තමා.

මගේ ඔය අකමැත්තට ඒ කාලයේ නම් මුල් වුන පළවෙනි හේතුව තමා බයිට් වලට කෙළවන සීන් එක. ඒකට හේතුව තමා කලින් කිව්වා වගේ සල්ලි නැති කම, මොකෝ ඒ කාලෙ ජොබ් හම්බෙලා තිබ්බෙ නෑ කියල නොබී හිටියයැ.

අනිත් හේතුව තමා අපි බීලා කෙළින පිස්සු, කියවන විකාර දිහා නොබොන එකා පියවි සිහියෙන් ඉඳගෙන ගන්න ආතල් එක මට සෙට් නොවෙන එක. මොකද මම ඇතුලු අපේ සෙට් එක බොද්දි ගහනවා ආයෙ කරටි කැඩෙන්නම. අපි කොච්චර බිව්වත් අනිත් අයට කරදර විදියට කවදාවත් හැසිරෙන්නේ නැති වුනාට, කවමදාකවත් වලි නොදාගත්තට, බිව්වයින් පස්සෙ ආයෙ කෙළින්නෙ පිස්සුම තමා (ඕන එකෙක් එහෙමනේ). ඔය වෙලාවට කට්ටිය එකම ලෙවල් එකෙන් ෆන් එක ගද්දි එතන කවුරුන් හරි ඒක දිහා හොඳ සිහියෙන් බලාගෙන ඉඳල අපි දිහා විනිශ්චය කරන ඇහැකින් බලන් ඉන්න එක මට සෙට් නොවෙනම දෙයක් (කොච්චර නෑ කිව්වත් හැම වෙලාවකම අපි අනිත් උන් ගැන ඉවැලුවේට් කරන ගමන් තමා ඉන්නෙ). බීලා කරන කියන දේවල් හොඳ සිහියෙන් බලාගෙන ඉඳලා තැන් තැන් වල කියව කියව යන අබිලිංලා ගැන දන්නව ඇතිනෙ?

අනිත් එක තමා හැම වෙලේම අපි එක්ක සෙට් වුන නොබොන උන් කියන්නෙ 'අපේ එකෙක්' නොවීම. එදා ඉඳලම 'අපේ උන්' කියල අපිට දැනුන හැම එකාම අරක්කු බොන, සිගරට් ගහන, ජොයින්ට් එක දාන උන් නිසා. අපි එහෙම උන්ව තෝරගෙන ෆිට් උනා නෙමේ, අපි එක්ක බොක්කටම ෆිට් උන හැමෝම උන් මොකක් හරි හේතුවකට ඔය ඔක්කොම දේවල් කරපු උන්. ඉතින් ඩ්‍රින්ක් එකක් නොදාන උපාසක මහත්තුරුන්ව හැම වෙලේම අපිට දැනුනේ ආගන්තුකයො වගේ.

ඔය වගේ හේතු නිසා බොද්දි එතන නොබොන එකෙක් ඉන්නව නම් නිදහසේ ලෝස් නැතුව ගසන්න මට හිත දෙන්නෙම නෑ. ඒක ලොජික් වලින් පැහැදිලි කරන්න පුලුවන් දෙයක් නෙමේ වෙන්න ඇති. ඒක මගෙ හිතේ නිරායාසයෙන් මට එන හැඟීමක්. 

අපි අම්බානට ගැහැව්වාම වෙනම මිනිස්සු බවට පත් වෙනවා. ඇත්ත කතාව ඒකනෙ. ඒකයි බොද්දි අනිත් මිනිස්සුන්ගෙන් ඈත නිදහස් තැනක් තෝරගන්නෙ. බීල ඉවර වෙලා බස් එකේ ආවත් වටේ ඉන්න මිනිස්සු එක්ක වැඩිය කතා බහට නොයන්නෙ. ගෙදර ආවාම සද්දෙ වහල ශේප් එකේ නිදාගන්නෙ. මොකද් එවෙලෙට කොච්චර වුනත් අපි නෙමේ ඉන්නෙ. ඉතින් එහෙම පියවි සිහියෙන් ඉන්න මිනිස්සුන්ගේ ඈත් වෙලා ෆන් එකක් ගන්න සෙට් වෙද්දි, ඒක අස්සට ඩ්‍රින්ක් එක දාන්නෙ නැති පියවි සිහියෙන් හැමදේම දිහා බලාගෙන ඉන්න පොරක් දාගන්න නම් පුද්ගලිකව මම කැමති නෑ. එහෙම කෙනෙක් ඉද්දි මගේ නිදහස මට නැතුව යනවා.

නොබොන උන්ට බොන්නෙ නැතුව ඉන්න තියෙන අයිතියට මම එකෙන්ම ගරු කරනවා. ඒත් ගොඩක් වෙලාවට ගොඩක් කේස් ගත්තම මිනිස්සු නොබොන්නෙ මොකක් හරි ලොකු හේතුවක් නිසා, එක්කො ආගමික මගුලක් ඉහට ගහගෙන.. එක්කො පොඩි කාලෙ ඉඳලා ගෙදර තාත්තා බීලා පිස්සු කෙළින හැටි දැකල පොඩි කාලෙ ඉඳලම අරක්කු එක්ක වෛරයෙන් ඉන්න නිසා, එක්කො බියර් උගුරක් ගැහැව්වත් ඔලුව කැරකිල්ල ඇවිත් වැටෙන නිසා.. එක්කො සුචරිතවාදියෙක් වීමේ උවමනාවට.. එක්කෝ බොන එක නරක යැයි සම්මත වැඩක් වීම නිසා බොන්න බයේ.. එක්කෝ බොන ආතල් එක සෙට් නොවන නිසා..

හැමෝම ඔහොමය කියන්න බැරි වුනාට ගොඩක් නොබොන අය නොබොන්නෙ ඔය වගේ හේතු නිසා. මට අනුව නම් ඔය ගොඩක් හේතු "අවුල්' සීන්. ඒ කියන්නෙ ගොඩක් නොබොන උන් නොබොන හේතු වල පදනම හෙණම අවුල් (ඔක්කොමල්ලගෙ නෙමේ ඈ.. සමහරු ගැන කිව්වෙ. ඔයා හිතාගන්නකො ඔයා නොබොන්නෙ සිරා හේතුවක් නිසාය කියල. කතාව අහවරයිනේ)

ඉතින් ඔහොම බැක්ග්‍රවුන්ඩ් එකක් නම් තියෙන්නෙ.. "මගුලක්ද ඕයි මූ මෙතන ඉඳන් මේ කරන්නෙ"

වගේ හැඟීමක් තමා මට එන්නෙ.

හැබැයි මෙහෙම එකක් තියෙනවා, මේ කතාව අදාල වෙන්නෙ යාලුවෝ සෙට් එක බොන්නම සෙට් වෙලා සින්දුවක් කියලා අව්‍යාජ ෆන් එකක් ගන්න සෙට් වෙන අවස්ථා වලට විතරයි. නැතුව ලොකු ලොකු තැන් වල සෙට් වෙලා, හැන්දෙන් ගෑරප්පුවෙන් බයිට් කකා වැදගත් විදියට බීලා ගියා වගේම ගෙදර එන සුහද හමුවීම් වලට නෙමේ. ඒ වගේ හමුවීම් නම් මට අනුව කොහොමත් ව්‍යාජයි. ඒවයෙ කෙරෙන්නෙ කොහොමත් රඟපෑම් නෙ. එක එක හේතු නිසා අපි නොයා බැරි කමට යන තැන් ඒවා.

ඔය වගේ හේතු නිසයි මම නොබොන උන් ඉන්න තැනක බොන්න අකමැති.. කරටි කැඩෙන්න ගහන උන්ට මේ කියන්නෙ.. බොනව නම් බොන උන්ම විතරක් සෙට් වෙන්න බලහන්.. බොන්නෙ නැති එල කොල්ලෙ එකෙක් දෙන්නෙක් හිටියට ගොඩක් නොබොන උන් ඔය සීන් එකට ගාව නොගන්න එකමයි ඇඟට ගුණ. එනිසා බයිට් එකටත් කෙළෝලා වෙච්චි දේවල් හතර අතේ කියන හාල්කෑලි පුලුවන් තරම් මඟ ඇරහල්ලා.

ප\ලි -

තව එක දෙයක් කියන්නම්. මේ කතාව කිව්වම බොන්නෙ නැති උන් කියන කතාව තමා "අනේ අපි නැත්තන් උඹලව ගෙවල් වලට ගිහින් දාන්නෙ කවුද? උඹලගෙ වමනෙ අස් කරන්නෙ කවුද?"" කියල.

අපි නම් සෙට් වෙච්ච හැමෝම හැමදාම වගේ කරටි කැඩෙන්න ගැහැව්වා, එකෙක්ට දෙන්නෙක්ට වමනෙ ගිය දාට වමනෙ දාපු උන්ගේ වමනෙත් අස් කලා, කෙළින් හිට ගන්න බැරි උන්ව ගෙවල් වලටත් ගිහින් දැම්මා.. ඔය එකකටවත් අපිට කවදාවත් 'හොඳ සිහියෙන් ඉන්න නොබොන උපාසකයො' ඕන වුනේ නෑ. ඒ නිසා නොබොන උන් ඉන්න තැනක පොඩ්ඩක් කල්පනාවෙන් හැසිරියල්ලා. ෆන් එකක් ගන්න සල්ලි වියදම් කරගෙන සෙට් වෙලා අන්තිමට ස්ප්‍රයිට් බිබී බයිට් කකා ඉන්න උන්ගෙන් පොර ටෝක් අහගන්නෙ මොකටද?

23 comments:

  1. Sorry. Ekaga wenta behe.

    ReplyDelete
    Replies
    1. එකඟ නොවීම සමාව ඉල්ලන්න දෙයක් නෙමේ

      Delete
    2. Eka thama "polite" kramaya. (Lankawe nathi unata)

      Delete
    3. ලංකාවේ ගොඩක් අය සංවාද කරන්න දන්නෑ කියන එක ඇත්ත. විශේෂයෙන්ම සයිබර් අවකාශයේ මේක හොඳට දකින්න තියෙන දෙයක්. නමුත් අදහසක් සමඟ එකඟ නොවීම කියන්නේ සමාව ඉල්ලන්න දෙයක් නෙමේ. polite වෙන්න කියලවත්. සමාව ඉල්ලනවා වෙනුවට අදහස් සමඟ එකඟ නොවීම සහ එකඟ නොවීම කියන කාරණය වරදක් නොවේය කියන අදහසයි සමාජ ගත කරන්න ඕන. මේ ගැන කැමති නම් වැඩිදුර කතා බහ කරන්න පුළුවන්

      Delete
  2. මූවි එකක් බලමින්/ පොතක් කියවමින් පොඩි ශොට් එකක් දැමීම මිස පාර්ටි ඩ්‍රින්කින් වලට දැන් ආස නෑ. එනිසා මට වැඩිය අදාල නෑ

    Cheers !

    ReplyDelete
    Replies
    1. මම නම් අද වෙනකල් තනියෙම බියර් එකක්වත් බීලා නැහැ

      Delete
    2. තනියෙම සෙට් වුනාම මට නම් ආතල් එකක් නෑ. මම කැමති අඩියක් ගහන ගමන් කයියක් ගහන්න. විහිලුවක් කරල හිනා වෙන්න. තනියෙම ඉද්දි තමා මම කියවන්නෙ, ලියන්නෙ.. ඒ නිසා වෙන්නැති. කොහොමත් එක එක්කෙනා ආතල් ගන්න විදිය වෙනස් නොවැ ;)

      Delete
    3. මම වගේම තවත් එකෙක්

      Delete
  3. බොන්නේ නැත! බොන තැන්වල සෙට් වෙන්නේද නැත!! එබැවින් අදාල නැත!!!

    ReplyDelete
    Replies
    1. බොන්නෙත් නැත්නම් ඒ තැන්වල සෙට් වෙන්නෙත් නැත්තම්, ඒවා අදාළ නැත්නම් මොන පුකටද
      Udaya Dissanayake පකෝ කොමන්ට් දාන්නේ

      Delete
  4. අම්මප ඇත්ත....නොබොන උන් අපේ පින්තූර අරගෙන අපිටම දෙන ආතල් දැක්කම ඇයි අපි මූව එක්ක ගියෙ කියල හිතෙනව

    ReplyDelete
    Replies
    1. මම තඩියා මි.

      Delete
    2. කියල වැඩක් නෑ බන්.

      Delete
    3. ඒ වගේද බොන්න බෑ කියන ෙබ්බද්දන්ට බොන්න දෙන එක. (ඔව් ඔව් උෟ තමා ෙබබා කීවටතරහ වෙ එකක නෑ)

      Delete
  5. තවත් එක් "අපි සහ උන්" බෙදීමක්

    ReplyDelete
    Replies
    1. අපි සහ උන් විදියට බෙදුනට අවුලක් නෑ. ඒ බෙදීම එක්ක ඩීල් කරන විදියයි කේස් එක

      Delete
  6. 95% එකගයි.
    5% ඉන්නව නොබොන ෙබාක්කවල්
    5% ෙහාදේ......................

    ReplyDelete
  7. මමත් එකෙන්ම... බොන තැනට නොබී ප්ල්ග් වෙන වැඩි දෙනෙක් ඔහොම තමා. හැබැයි අපේ එකම එකෙක් ඉන්නවා ඌ නම් අවුලක් නෑ. ඌ බොන්න අකමැති නෑ... ඒත් මොන කරුමයකටද මන්දා ඌට දෙක ගහනකොට ඩෙඩ්. ඉතින් පස්සේ ඌ නොබී ඉන්න පුැරුදු වුනා. එහෙම වුනා කියලා කවදාවත් බීපු අපි කෙලින පිස්සු නම් මලාට කාටවත් කියන්නේ නෑ.

    අනිත් එක ඔය බීපු උන් ගෙවල් වලට ඇරලවන කතාවත් ඇත්ත. සෙට් එකම කරටි කැඩෙන්න ගැහුවත් කවුරු හරි එකෙක් දෙන්නෙක් වැඩේ කොහොම හරි කරනවා. නොබීපු එකෙක් ඒකට ඕනෙ වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මට අනුව නම් බොන එකත් කලාවක් බන්. ඒක වෙනම සංස්කෘතියක්.

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...