Sunday, February 25, 2018

ආදරයෙන් හැමිනෙමු


ඉංග්‍රීසි භාෂාවේ එන "I slept with him/her" කියන අදහසට සමපාත වෙන කියමනක් විදියට සිංහලෙන් "මම ඇය/ඔහු එක්ක නිදාගත්තා" කියන යෙදුම තිබුනට ඉංග්‍රීසි භාෂාවේ එන "making love" කියන අදහසට හරියටම සමපාත වෙන සිංහල යෙදුමක් භාවිතයේ නැහැ.

එකම විදියේ ක්‍රියාවක් හා සම්බන්ධව කතා කරනවා වගේ පෙනුනට I slept with him/her කියන එකෙයි I spent the night with him/her කියන එකෙයි we made love තියෙන්නේ වෙනස් අර්ථයන්. භාවිතා වෙන්නේ වෙනස් විදියට.

සරලව ගත්තම making love කියන යෙදුම භාවිතා වෙන්නේ කොන්දේසි, එකඟතා ගාණකින් සපිරුනු මානුෂීය බැඳීමක් ගැන කියන්න. ආදරයෙන්, විශ්වාසයෙන් පිරි එක්වීමක් ගැන ප්‍රකාශ කරන්න.

Make love කියල අදහස් කරන්නේ මුදලට ගන්න පුලුවන් දෙයකින් එහා ගිය දෙයක්. ගණිකාවක් සමඟ එක්වීමට අමු අමුවේ 'Fucking' කියනවා මිසක් making love කියන්නෙ නැහැ.

ඔතන I slept with him/her සහ I spent the night with him/her කියන යෙදුම් එක්ක සමපාත වෙන කියමන් සිංහලෙන් තිබුනට making love කියන කියමන එක්ක සමපාත වන හරි යෙදුමක් සිංහල අදහස් හුවමාරුවේ භාවිතයේ නැතිවීම ටිකක් කුතුහලය දනවන කාරණයක්. විශේෂයෙන්ම ආදරය මෙතරම් උත්තරීතර දෙයක් විදියට සැලකෙන සන්දර්භයක් ඇතුළෙ.

අපේ සංස්කෘතිය තුළ ආදරය කොතරම් උත්තරීතර දෙයක් විදියට සැලකුවත් ආදරය අස්සෙ තියෙන ඒ 'එක්වීම' කියන එක සලකන්නේම සභාවක් මැද සඳහන් නොකල යුතු දෙයක් හෙවත් අසැබි දෙයක් විදියට. ආදරයට පිළිගැනීමක් තිබ්බට ආදරය තුළ තියෙන එක්වීමට පිළිගැනීමක් නැහැ.

ෆිසිකල් එක්වීමට එහා ගිය එක්වීමක් ගැන කතා කරන්න හරිහමන් සභ්‍යය, ගෞරවනීය වචනයක් අපි අතරෙ නැහැ. භාවිතා නොවන වචන තිබ්බත් ඒවා හැමිනීමට කියන විද්‍යාත්මක නාමය හොයනව වගේ සිංහල ශබ්දකෝෂයෙන්/කවි පොත් වලින් හොයන්න ඕනි.

මොකද සභාවක් මැද්දෙ කොයි විදියට කිව්වත් කුණුහරපයක් විදියට සැලකෙන ක්‍රියාවකට සභ්‍යය වචනයක් තියෙන්න විදියක් නැහැනෙ. ක්‍රියාවම අසභ්‍යයයි, ක්‍රියාව ගැන කතා කිරීමත් අසභ්‍යයයි.

ඉතින් කොහෙද ගැලපෙන වචනයක්?

පරම්පරා ගාණක ඉඳලම අපි වෙරිමතේ කලත්, අකමැත්තෙන් කලත්, කරනවාට ඔහේ කලත්, අල්ලසක් විදියට කලත්, පණ දීගෙන කලත්, රවට්ටන්න කලත්, ආදරයෙන් කලත්, ගණිකාවක් එක්ක කලත්, පඳුරක් අස්සෙ කලත්, මුල්ම හමුව දවසෙ කාර් එකක් ඇතුලෙ කලත්, බඳින්න කලින් රූම් එකක කලත්, බැන්ද දවසෙ රෑ මධුසමය වෙලේ කලත්, බැඳලා අවුරුදු දහයකට පහළවකට පස්සෙ කලත්..

"හැමිනෙනවම" තමා ඉතින්..
"හුකනවම" තමා ඉතින්

වචන වලින් නම්, ඉන් එහාට දෙයක් ඕකෙ ඇත්තෙම නෑනෙ අපිට.. නේද?
 
 
 
 

9 comments:

  1. සංස්කෘතිය විසින් භාෂාව ලඝු කළ අවස්ථාවකට නියම උදාහරණය

    ReplyDelete
    Replies
    1. අවශ්‍යය වෙන්නෙ නැත්නම් වචනයක් මොකටද

      Delete
  2. එහෙම වෙන්ට බෑ, අපිට තිබුනේ වික්ටෝරියානු සදාචාරයක් නොවෙයිනේ, ඔය සියළු දේවල් සන්නිවේදනය කරන යෙදුම් පැරණි භාෂිතයේ තියෙන්න ඇති, ඒවා පන්සලේ අකුරුකෙරු විද්වතුන්ගේ සහ වික්ටෝරියානු අද්යාපන ෆිල්ටර් වලට අහුවුනා වෙන්ට පුළුවන්.

    ReplyDelete
  3. තියනව

    https://www.greatbritishchefs.com/recipes/love-cake-recipe

    ReplyDelete
  4. රමණීය රමණය කියන වචනය දාමුද

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...