Wednesday, February 7, 2018

මොන ආගමද ඇත්ත?


අල්ලා මිනිස්සුන් මැවීම ඇත්ත ය,
මොහොමඩ් පියාඹන අශ්වයෙක්ගේ පිටේ ගිය එක ඇත්ත ය.
මොහොමඩ්ට ගල් ගුහාවක දෙයියෝ කතා කල එක ඇත්තය.
කුරානයේ තියෙන නිසා ඇත්තය..

ඒවා තේරුම් ගැනීමට විද්‍යාව තවම කුඩා වැඩිය...

ජේසු ජලය වයින් කිරීම ඇත්තය...,
අන්ධයෝ, කොරුන් සුව කල එක ඇත්තය.
මැරිච්ච මිනිස්සු ආයෙම නැගිට්ටෙව්වා කියන එක ඇත්තය
ජේසුගේ අම්මා කන්‍යාවියක්ය කියන්නේ ඇත්තය.
ජේසු මැරිලා ආයෙම ආවා කියන එක ඇත්තය
බයිබලයේ තියෙන නිසා ඇත්තය.

කාටවත් මේවා නෑ කියා ඔප්පු කරන්න බැරිය.
ඒ නිසා ඒවාත් ඇත්තය.

ශක්‍රයා හදේ හාවා ඇඳීම ඇත්ත ය,
සිදුහත් ඉපදුන ගමන් ඇවිදීම ඇත්තය
එවෙලේම නෙලුම් මල් පිපීම ඇත්තය..,
රහතන් වහන්සේලා අහසින් ගමන් කල කතා ඇත්තය
නිවන ඇත්තය.

විද්‍යාවට ඕවා තේරුම් ගත නොහැක
ඒ නිසා ඒවා ඇත්තය.

ඊ්ශ්වරගේ අහවල් එකෙන් මිනිස්සු මැව්වා කීම ඇත්තය..
බගවත් ගීතාවේ තියෙනනිසා ඇත්ත ය.

ස්වර්ගය ඇත්තය,
දිව්‍යලෝකය ඇත්තය
අපායත් ඇත්තය.

ඒවා නෑ කියා ඔප්පු කරන්න බැරිය.
ඒ නිසා ඇත්තය
කාලී මෑණියෝ ඇත්තය,
නාථ දෙවියෝ ඇත්තය.
තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන් ඇත්තය
භූතයෝ ඇත්තය,
හොල්මන් ඇත්ත ය,

විද්‍යාව හැමදාම වෙනස් වන නිසා ඒවා ඇත්තය

අතීතයේ ලියවී ඇති ආගමික පොත් ඇත්ත ය.
හැම ආගමකම උන්ට තමන්ගේ ආගමික පොත්වල ඇති සුරංගනා කථා ඇත්තය..

විද්‍යාවට මේවා ප්‍රශ්න කළ නොහැකිය.
විද්‍යාව බොරුය.. 
 
 
 
 

7 comments:

  1. Well said...
    Religions, including Buddhism, are for people who can't or doesn't want to think freely.

    ReplyDelete
  2. I don't believe anything but my experience. That is my 'faith'/'saddhaa'/'sraddha'

    ReplyDelete
  3. අාගම් විසින් ඉතිහාසය පුරා මානව සංහතියට කර අැති විනාශය අති මහත්ය. මිනිස් සංහතියේ දියුණුව වසර 1000කින් පමණ අාපස්සට අැද දැමීමට අාගමික අන්තවාදීන් විසින් ඊජිප්තුවේ අලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය ගිනි තබා විනාශ කිරීම හේතු වී අැතැයි විද්වතුන් පවසති. ඒය හුදු ඒක් අවස්ථාවක් පමණි. ඒවැනි අවස්ථා සිය ගණනක් ඉතිහාසෙයන් සොයාගත හැක. ඊට අමතරව අාගමේ නාමෙයන් මිනිස් ජීවිත බිලියන ගණනක් බිල්ලට ගෙන අැත. ක්‍රිස්තියානි (කතෝලික හෝ) ඉස්ලාම් හින්දු වැනි ලොකු ලොකු අාගම් ලොකුවට බිලිගන්නා අතර පොඩි පොඩි අාගම් පොඩියට බිලි ගනිති. බෞද්ධයන් වුවද ඊට දායකත්වය දී තිබේ. අාගම් වෙනුෙවන් මරාගන්නා බොහෝ දෙනා අාගම ගැන මූලික චාරිත්‍ර හෝ සංස්කෘතික කාරණා හැර පූජකයන් අන්දන බයිලාවක් මිස හරයන් ගැන කිසිවක් නොදන්නා මැට්ටන්ය.බෞද්ධයන් වුවද වෙනසක් නැත. ලෝකෙය් ජීවත්වීමට හොඳම රටවල් මොනවාදැයි සොයා බලන්නෙකුට අාගම් භාවිතය අඩුම රටවල් ඒ්වා බව හමුවෙනු අැත. දුප්පත් අවුල්ම රටවල් අාගම් කරේ ගසාගත් ගෝත්‍රිකයන් සිටින රටවල් බව පෙනෙනු අැත. ලංකාවද ඒසේමය....

    ReplyDelete
    Replies
    1. +++++++++ ලියන්න හිතාගෙන අපු දේ වඩාත් විස්තරාත්මකව, ලස්සනට මේ ඇනෝ ලියලා තියෙනවා.

      Delete
  4. හැම එකේම ඇත්ත හා බොරු ඇති. ආගම්වල සමාජය පාලනය කිරීමේ අදහසත් තියනවනේ ඉතින් සම්පූර්ණ ඇත්ත කියලා බෑ.
    අනිත් එක ශාස්තෲ මොනව කිව්වත් සංවිධාත්මක ආගම් හැදුවේ පූජකයින්. උන් දේශපාලකයෝ වගේ කොට්ඨාශයක්. වැඩිපුර හිටියේත් ඉන්නේත් පරපෝශිතයන් විදිහට


    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...