Thursday, May 3, 2018

මැයි පළවෙනිදා යෙදී ඇත්තේ මැයි මාසයේ කවදාද?

දින කිහිපයකට පෙර සයිබර් සමූහයක අසා තිබූ පැනයක් දුටුවෙමි.

"ශ්‍රී ලංකාව තුළ ඉන්දියන් මෙගා නාට්‍යය විකාශය කිරීම තහනම් කල යුතුද?"

අදහස් දක්වා තිබූ පිරිසෙන් බහුතරයක් දෙනා කියා තිබුනේ මෙගා නාට්‍යය ලංකාවේ තහනම් කරනවාට තමන් එක පයින් කැමති බවත් එය ඉතා හොඳ වැඩක් බවත්ය.

***

මීට මාසයකට හෝ දෙකකට පමණ පෙර රජය විසින් වෙසක් දින තොරණ්, ඔලු බක්කන් නැටීම වැනි දේ ප්‍රදර්ශනය තහනම් කරනට සූදානමක් ඇති බව අසන්නට ලැබුනි.

එම ප්‍රවෘතියට ප්‍රතිචාර වශයෙන් සයිබරයේ සැලකිය යුතු පිරිසක් "අම්මෝ මල කරදරේ තහනම් කරන එකමයි හොඳ" වැනි අදහස් ඉදිරිපත් කර තිබුනි. (මා දුටු අන්දමට එසේ අදහස් ප්‍රකාශ කර තිබුනේ වැඩි වශයෙන් නිර්-ආගමිකයන්ය)

***

සමාජයක් වශයෙන් අපගේ චින්තන රටාවේ එක් පැතිකඩක් ඉහත සඳහන් සිදුවීම් දෙකෙන් මොනවට පැහැදිළි වන බව සඳහන් කිරීමට කැමැත්තෙමි.

අප අකමැති දේට, අපට දිරවා ගන්නට අපහසු දේට අපට වඩා බලවත් කෙනෙකු හරහා හෝ කුමන මාර්ගයකින් හෝ තහංචි වැටී ඒ දේවල් අපගේ දෑහෙට නොපෙනෙන මානයකට යනවා නම් ඊට වඩා සතුටක් ගෙන කාරණයක් අපට තවත් නැත.

එසේ කිරීමෙන් තවත් අයෙකුගේ නිදහසට වැටකඩොළු වැටෙනවාද තවත් අයෙකුට යමක් අහිමි වනවාද යන කාරණය අපට අදාලම නැත.

කණගාටුවට කරුණ නම්, අප දිනපතා විවේචනය කරනා මජර සමාජ ක්‍රමයට එරෙහිව යුනිකෝඩ් හරහා හෝ හඬක් නගනා නූතනවාදී සයිබර් ක්‍රියාකාරීන්ද මේ හා සමානම ස්ථානයක සිටිනු දකින්නට ලැබීමය.

අප දිනපතා විවේචනයට ලක් කරනා සිංහල බෞද්ධ ගෝත්‍රික ජනතාවගේ හිස්-මොළ-ගෙඩි වලද දශක ගණනක් මුළුල්ලේ ක්‍රියාත්මක වූයේ මෙම චින්තනය බව මගේ සයිබර් මිතුරු මිතුරියනට මතක් කරනු කැමැත්තෙමි. ඔවුන් තම ගෝත්‍රික අභිලාශයන්, ඒවා චූන් කිරීම මඟින් බලය අල්ලා ගැනීමට මාන බලා සිටින පාලකයන්ට කියා අනෙක් ජනතාව මත බලෙන් පැටවීම මෙතෙක් කල් සිදු කල බවත්, වර්තමාන ලාංකීය සමාජයේ උද්ගතව ඇති ගැටළු රාශියකට එය මුල් වී ඇති බවත් අමුතුවෙන් සඳහන් කල යුතු යැයි නොසිතමි.

***

කාලයක් පුරා ලංකාවේ අතිශය ජනප්‍රියත්වයට පත් වුන 'අපි නොදන්න ලයිව්' වැඩ සටහනේ විකාශය වුන ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහනක, චූටි මල්ලි විසින් ඇසූ පැනයක් සිහිවේ. එම පැනය මේ ආකාරයට ඇසුවා නම්, එය තව දුරටත් විහිලුවක් වන්නේ නැත.

"මැයි පළවෙනිදා යෙදී ඇත්තේ මැයි මාසයේ කුමන දවසේද?"

තව දුරටත් එම විහිලුව, විහිලුවක් නොවන්නේ ලාංකීය ජනතාව මැයි පළවෙනිදාට යෙදී ඇති කම්කරු දිනය සමරන්නේ කවදාද කියා තීරණය කරන්නේ රජය බවට පත්ව ඇති නිසාය.

ආගමික කාරණයක් මුල් කරගෙන මැයි 'පළවෙනිදා' කල් දමා ඇත. දශක ගණනක් පුරා අප රටට හෙණයක් වූ ආගමික අන්තවාදය සහ එම ආගමික අන්තවාදය පෝෂණය කරනා පාලකයා සිවිල් නිදහසට අත තබා ඇත.
ගැටළුවක් නැත. අපට ඔය කම්කරු අයිතීන්, මැයි පළවෙනිදා, රතු පාට වැනිදේ දිරවන්නේම නැත. උන්ට හෙණ ගැහුවත් අපට කමක් නැත.

***

කිසිත් නොකියමි. MARTIN NIEMÖLLE විසින් රචිත මෙම කවිය උපුටා දක්වමින් සටහන අවසන් කරමි.

First they came for the Socialists, and I did not speak out—
Because I was not a Socialist.

Then they came for the Trade Unionists, and I did not speak out—
Because I was not a Trade Unionist.

Then they came for the Jews, and I did not speak out—
Because I was not a Jew.

Then they came for me—and there was no one left to speak for me.
.
.
.
- ජේමිස් බණ්ඩා

6 comments:

  1. කොහොමත් මැයි දිනේ කියන්නෙ ඔක්කොටම වඩා විගඩමක්. මට ඕක වැදගත් වෙන්නෙ මර්කන්ටයිල් නිවාඩුවක් හම්බෙන නිසා විතරයි. මොකද ඔයිට වඩා දශමයක් ඕය මැයි රැලි වලින් අපිට ලැබැන්නෙ නෑ. ඒ අතින් බලනකොට සති දෙකකදි දවස් තුනේ නිවාඩු දෙකක් ලබා දුන්නාට මන් මනාපයි )))))

    ReplyDelete
    Replies
    1. මමත් ඔබේ අදහස සමග සියයට දසදහසකින් එකඟයි. අනෙක දශක ගණනාවක් තිස්සේ අපේ රටේ ආගමික අන්තවාදයක් තිබුණා යැයි කතාව ද මට පැහැදිලි නැත.

      Delete
    2. /// මමත් ඔබේ අදහස සමග සියයට දසදහසකින් එකඟයි. අනෙක දශක ගණනාවක් තිස්සේ අපේ රටේ ආගමික අන්තවාදයක් තිබුණා යැයි කතාව ද මට පැහැදිලි නැත. ///
      එහෙම එකක් තිබුනානම් හොඳයි කියන මතයේ මම ඉන්නේ...

      ඒ නැති එක තිබුන වගේ පේන්නේ නිරාලට පමණයි...
      හැබැයි ඔවුන් දකින්නේ බෞද්ධ අහවල් එක විතරයි...
      අනිත් ඒවට නෑසු කන් ඇතිව කටවල් වහගෙන ඉන්න තරම් ඔවුන් කපටියි...

      Delete
  2. ආගම් සම්පූර්ණයෙන්ම පෞද්ගලික දේවල්. ආගම් හා ආණ්ඩුව කිසිම සම්බන්ධයක් නැතිව තියෙන්න ඕන දේවල්. ඕක තේරෙන්නේ තමන් අකමැති දේවල් වෙනකොට විතරයි. තමන් කැමති විදිහට ආණ්ඩුවයි ආගමුයි සම්බන්ධවෙන කොට ඒක හොඳයි කියල හිතනව. ප්‍රතිපත්තියක් විදිහට ඒක කරන්න ඕන. මං ඉන්දියාවෙ අගය කරන දෙයක් තමයි ආණ්ඩුව secular (නිරාගමිකයි? ) කියන එක ප්‍රතිපත්තික් ලෙසම තිබීම. ප්‍රැක්ටිකලි ඒක හරියටම නොවුනත් ප්‍රතිපත්තියක් ලෙස ව්‍යවස්ථාගත් වීම වැදගත්.

    ලංකාවෙ ප්‍රශ්නෙ බුද්ධාගම ආරක්ෂාව අරක මේක ආණ්ඩුවෙන් කරන්න ඕන
    කියන පිලිගැනීම. ඊලඟට සමාන අයිතිවාසිකම් තියෙන්න ඕන නිසා හින්දු, මුස්ලිම් , ක්‍රිස්තියානු කටයුතුත් බලන්න ඕනෙ. ආගම් පැවතීම ආරක්ෂාවීම දියුණු වීම රඳාපවතින්න ඕනෙ ඒවාගේ බැතිමතුන් මත ආණ්ඩුවකින් නෙමෙයි.

    සමහරු ඉන්ගලන්තේ පෙන්නනවා රැජිනගේ එක title එකක් නිසා - Defender of the Faith.
    8වෙනි හෙන්රි පෝප් එක්ක වලියෙන් පස්සෙ සම්ප්‍රදායක් ලෙස ඉන්ගලන්ත පල්ලියේ නායක හා ආරක්ෂක ලෙස රජු/රැජින නාමිකව හැඳින්වෙනවා. ඒත් ආණ්ඩුවට වගකීමක් නෑ ආගම් ආරක්ෂා කරන්න.

    1815 දි බ්‍රිතාන්‍යකාරයොත් මිනිස්සුන්ව සතුටු කරන්න හා බය නැති කරන්න බුද්ධාගම ආරක්ෂා කරනවයි කියල පොරොන්දු වුනා. ඒ විදේශයකින් පාලනය කිරීම ගැන මිනිස්සුන්ගෙ බය නැති කරන්න. ඇත්තෙන්ම අන්දන්න :-)

    දැන් අපේ ආණ්ඩුත් මිනිස්සු අන්දනවා ආගම් මගින්, හැඟීම් වලින්. ආගම් ගැන බලා ගැනීම බැතිමතුන් කලයුතු හා කල හැකි දෙයක්. ආණ්ඩුව නීතිය (සමානාත්මතාවය, ආරක්ෂාව ඔක්කොම ඇතුලත් ) හා ආර්ථිකය හරියට කරනවනම් ඇති.

    ReplyDelete
    Replies
    1. මෙතන ආගම වෙනුවට දෙමළ බාශාව දාන්න බැරිද?
      ආගම් ගැන බලා ගැනීම බැතිමතුන් කලයුතු හා කල හැකි දෙයක්
      උදාහරණ:
      දෙමළ බස ගැන බලා ගැනීම එය පාවිච්චි කරන්නන් කලයුතු හා කල හැකි දෙයක්

      Delete
  3. මැයි පලවෙනිදා...
    ගිය අවුරුද්දේ මම දාපු එකක්...

    \\මැයි පළවෙනිදා යෙදී ඇත්තේ මැයි මාසයේ කවදාද?//

    මැයි මාසයේ හත් වෙනිදාට...

    \\මැයි පළවෙනිදා යෙදී ඇත්තේ මැයි මාසයේ කවදාද?//
    සඳුදාට...

    \\මැයි පළවෙනිදා යෙදී ඇත්තේ මැයි මාසයේ කවදාද?//
    මැයි පළවෙනිදාට ම තමයි...

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...