Thursday, September 1, 2016

දිව්‍යලෝකයේ wifi නැත්තෙ ඇයි?

හැම ආගමකම දිව්‍යලෝක නිර්මාණය කරල තියෙන්නේ ඒ ඒ කාල වල තමන් ‘සැප’ කියල හිතන් හිටිය දේවල් අතිශෝක්තියෙන් දැක්වීම මඟින්.

ඒ නිසා ඔය ඒ ඒ කාලවල සැපවල් වර්තමානයට ගෙනත් දැම්මම ඒවායේ තියෙන මැජික් ගතිය නැති වෙලා යනවා.

එතන තියෙන්නෙ ආගමිකයන් නොදකින නොගැලපීමක්.

උදාහරණයකට ක්‍රිස්තියානි දිව්‍යලෝකය (ස්වර්ගය) ගමු.

ක්‍රිස්තියානි දිව්‍යලෝකය තියෙන්නේ සදාකාලයටම. ඇතුළු වුනොත් ඇතුල් වුනාම තමයි. ආයෙ ඒමක් නෑ. තමාගෙ ප්‍රියයන් සදාකාලික අපායක දුක් විඳිනවා බලබල සදාකාලික, ඒකාකාරී අත්දැකීමකටම ඔවුන් හිර වෙනව.

ඊළඟට, ඔය ක්‍රිස්තියානි දිව්‍යලෝකය එක්ක බැඳුනු ‘සදාකාලය’ කියන සංකල්පයේ බැරෑරුම්කම හිතා ගන්නවත් බැරි තරම්. මම වෙන තැනක දැක්ක උදාහරණයකින් මේ ‘සදාකාලය’ පැහැදිළි කරන්න උත්සාහ කරන්නම්.

හිතන්න සූර්‍යයා තරම් විශාල ඝන යකඩ ගෝලයක් තියෙනවාය කියල. හැම අවුරුදු සියයකට සැරයක්ම පක්ෂියෙක් තමාගේ අත්තටු දෙකෙන් එකක් ඒ ඝන යකඩ ගෝලයේ ගෑවෙන විදියට ඒ අසළින් පියාසර කරනවාය කියල හිතන්න. අවුරුදු සියයකට සැරයක් පක්ෂියාගේ අත්තටුව වැදී ඒ ඝන යකඩ ගෝලය ගෙවිලා නැති වෙලා යන්න ගත වෙන කාලය ‘සදාකාලයේ’ පළමු දවස යැයි හිතන්න.

අන්න ඒ තරම් භයානක, දීර්ඝ කාලයක් තමයි සදාකාලය කියන්නෙ. හිතන්න එතරම් කාලයක් එක තැනක හිර වෙලා ඉන්න වුනොත්, ඒ තැන දිව්‍යලෝකය වුනත්..

කතෝලික විශ්වාසයට අනුව කතෝලික දිව්‍යලෝකය (ස්වර්ගය) කියන්නෙ දුහුල් සළු වලින් සැරසිලා, එහා මෙහා ගමන් කරමින්, දෙවියන්ට ප්‍රසංශා කරමින් ඉන්න තියෙන තැනක්.

ඒ ඒකාකාරී බව නිසාම සදාකාලයේ පළවෙනි දවසෙදිම ස්වර්ගය අපායක්ම වෙන බව පොඩ්ඩක් හිතල බැලුවම තේරෙයි.

කතෝලික දහම නිර්මාණය වුන කාලයේ තිබ්බ ‘සැප’ විඳිමින්/විඳවමින් දිව්‍යයලෝකයක සිර වෙන්නයි වෙන්නෙ.

ඔය තියෙනවයි කියන සැප විඳල විඳල අවසානයේ දෙවියන්ගෙන් අහන්න වෙන්නෙ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්..

“දෙවියනි, දිව්‍යයලෝකයේ wifi නැත්තෙ ඇයි?”

මිනිසා විසින්ම ‘සැප’ විඳිමේ බලාපොරොත්තුවෙන් නිර්මාණය කර ගත්ත ඒ දිව්‍යයලෝකය කියන සංකල්පයේ තියෙන බැරෑරුම්කම/භයානක කම ඕකයි

6 comments:

  1. නිකම් හිතිල නැද්ද සංදන්දනාත්මකව ආගම් දිහා බැලුවහම සංකල්පවල මූලයන්ගේ සමානකම් තියෙන්න පුලුවන් කියල?
    කර්මය = දෙවියන්වහන්සේ

    සමහරවිට ගැඹුරෙන් බැලුවහම ස්වර්ගය (අලංකරණ කෑලි ඇරියාම ) හෝ දෙවනි ආගමනයෙන් පස්සෙ තීරණය කරන දේවල් = නිර්වාණයට

    (මං ආගම්වල ඉතිහාසය ගැන ඉතා ඉන්ටෙරෙස්ටෙඩ් වුනාට මොනවත් අදහන්නෙ නැති නිසා මං වැරදි වෙන්න ඇති සමහරවිට)


    “දෙවියනි, දිව්‍යයලෝකයේ wifi නැත්තෙ ඇයි?” ඊලඟ දෙයිවරණ චන්දෙන් පස්සෙ :-D

    ReplyDelete
    Replies
    1. //නිකම් හිතිල නැද්ද සංදන්දනාත්මකව ආගම් දිහා බැලුවහම සංකල්පවල මූලයන්ගේ සමානකම් තියෙන්න පුලුවන් කියල?//

      මිනිසාට උඩින් තියෙන තුන්වෙනි බලවේගයක් සියල්ල පාලනය කරනවා කියන අදහස හැම ආගමකම වගේ තියෙනව. ආගම් වල විතරක් නෙමේ, පොදුවේ මිනිස්සු එහෙම දෙයක් විශ්වාස කරනවා, කුමක් හෝ හේතුවක් නිසා. හරියට අර හොඳ නරක බැලන්ස් වෙනවා.. කවදා හරි හොඳ මිනිස්සු දිනනවා.. සත්‍යය ජයගන්නවා වගේ සිතිවිලි එන්නෙත් ඔය මූලයෙන්මයි.

      Delete
  2. ඒක හරි. දැං බලන්න ඉස්ලාම් දිව්‍ය ලෝකෙ කන්‍යාවියන් හැත්තෑ දෙකක් ලැබෙනව. ඒ කාලෙ බඩු ගැහිල්ල පරම සැපත කියල හිතාගෙන හිටිය පැත්තක එහෙමයි. ඊලඟට බෞද්ධ දිව්‍ය ලෝකෙ කෑම බීම ආදිය. හරියට කන්න නැති ඉන්දියාවෙ එවුන්ට කිව්වෙ කෑම ගැන.

    ඇත්තටම දිව්‍යලෝකෙ අන්තර්ජාල ස්පීඩ් කොහොමද දන්නෑ? තත්පරයට ටෙරාබයිට් එකක් වගේ ඇති නේද?

    ReplyDelete
    Replies
    1. //ඇත්තටම දිව්‍යලෝකෙ අන්තර්ජාල ස්පීඩ් කොහොමද දන්නෑ? තත්පරයට ටෙරාබයිට් එකක් වගේ ඇති නේද?//

      ඇත්තටම කට්ට කාලා කාලා.. ආගම් වල කියන විදියටම ඉඳලා දිව්‍යලෝකෙට පැනගත්තයින් පස්සෙ ඉන්ටර්නෙට් ස්පීඩ් නැත්නම් වහ කාලා මැරෙන්න තමා බං වෙන්නෙ :P

      Delete
  3. //හැම ආගමකම දිව්‍යලෝක නිර්මාණය කරල තියෙන්නේ ඒ ඒ කාල වල තමන් ‘සැප’ කියල හිතන් හිටිය දේවල් අතිශෝක්තියෙන් දැක්වීම මඟින්. //

    අනිවා ඩෙෆා මේක නම් එහෙම්මයි.

    ඒත් ආගම් වලට ඔය දිව්යලෝක සැප අපායේ දුක වගේ සංකල්ප එන්න ඇත්තේ පසු කාලීනව අනුගාමිකයෝ එකතු කිරීමේ මෙහෙයුම් වලදී වෙන්න ඕන.
    සමහර විට ආගම් වල මූලයේ මේ ගොන් කතා නැතුව - ඉරිසියා, ක්‍රෝධ, ලෝභ නොකර සිටීමෙන් ලැබෙන අධ්‍යාත්මික සුවය ගැන කිව්වා වෙන්න පුලුවන්.

    පසු කාලීනව ගොඩ වැඩි කරගැනීමේ උවමනාව නිසා මේවා අතුරු කතා විදිහට එකතු වෙන්න ඇත්තේ කියලා මට හිතෙන්නේ නම්

    ReplyDelete
    Replies
    1. ආගම් ඇති වෙන්න මූලික වුන කාරණා සෑහෙන තියෙනව මචන්. ඕවයින් එකක් තමා මිනිසා ජීවත් වෙන/ජීවත් වුනු ලෝකය සහ එහි ස්වභාවය ගැන පැහැදිළි කරන්න මිනිසාට උවමනා වීම. වැස්ස ඇති වෙන්නෙ කොහොමද, නියං කාල එන්නෙ කොහොමද, වසංගත පැතිරෙන්නෙ සහ ඒවා වළක්වගන්නෙ කොහොමද වගේ ප්‍රශ්න වලට විද්‍යාත්මක පිළිතුරු නොතිබ්බ ඒ කාලේ මිනිස්සු ඒවගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් ආගම් ඇති වීම. ඒ අතින් ගත්තාම ඒ ප්‍රශ්න වලට ඔවුන් හදාගත්තෙ අපිට දැන් "ගොං" විදියට පේන උත්තර.

      "දෙවියන්ගෙ කැමැත්ත නිසා", "දේව උදහස නිසා", "බිලි පූජාවක් කරන්න ඕන මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න නම්", "දෙවියන්ව ශේප් එකේ තියාගන්න උන්නාන්සෙට පූජා තියන්න ඕන".. වගේ

      කොහොමත් හැම ආගමකම මරණින් පසු සැප සහ දුක විඳින්න වෙන ලෝකයන් ගැන කියනවා. සහ ඒ සැප ලබා ගන්න, දුකින් වැලකෙන්න නිශ්චිත ජීවන ක්‍රම ගැනත් උගන්වනවා.

      මම නම් හිතන්නෙ මේ සංකල්ප ඔක්කොම ආගම කියන පැකේජය එක්ක බැඳිලා ආපු දේවල්.

      අදහස් බෙදා ගැනීම ගැන ස්තූතියි මචන්

      Delete