Tuesday, February 14, 2017

සුදු සහ කළු



ඔය අම්බානක හොඳ එවුන් ඉන්නවා නේද..?

සැබෑ ජීවිතයෙ විතරක් නෙමේ ෆේස් බුක් එකෙත්... ඒ කියන්නේ තමන්ගේ හදවත උනත් ගලවලා දෙන.. හැම වෙලේම හොඳ කියල සම්මත හැසිරීම් විතරක්ම පෙන්නන..සුදුම සුදු පෙරල ගත්තා වගේ ඉන්න චරිත..

අන්න උන්ගෙන් තමයි මචන් වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන

සුදු සහ කළු මිනිස්සු නැති ලෝකෙක කව්රු හරි සුදෝ සුදෙන් බැබළෙනව නම්.. බොහෝ වෙලාවට වැඩි ඉඩක් තියෙන්නෙ උන් ඒ මවාපාන සුද අමුම අමු ව්‍යාජත්වයක් වෙන්න

උන් තමයි අපිම නොදැනි අපේ බෙල්ල කපලා අපේ අතට දීලා "නියම බෙල්ල නේද?" කියලා අහන්නේ.

මේ ලෝකයේ ශුද්දවන්තයෝ.. සුදු චරිත.. සම්පූර්ණයෙන් හොඳ මිනිස්සු නෑ මචන්

එහෙම අයව පරමාදර්ශී චරිත කරගෙන..

එහෙම අයව හිස් මුදුනේ තියාගෙන වීරයෝ කරගතොත් අවසානයේ ඉතිරු වෙන්නෙ පසුතැවිල්ලක් විතරයි..

එනිසා ඒ ව්‍යාජ සුදට රැවටෙන්න එපා..

සුදු චරිත වලින් පරිස්සම් වෙයන්...!

8 comments:

  1. අදහන්න, පුදන්න ගියොත් තමයි කෙලවෙන්නේ.

    ReplyDelete
  2. ගොඩ කාලයකින් ලොක්කා.

    නියමයි. මමනම් විවිද මිනිස්සු අපේ රටේ මිනිස්සු (මෙහෙත් එහෙත්) සියළුම නෑදෑ හිත මිත්‍ර ආදීන් ගේ සියළුම සංබන්දතා නවත්වා දැනට වසර පහ හයකටත් වැඩියි.

    පුදුම සනීපයක් බන් තියෙන්නෙ 👊🏽

    ReplyDelete
    Replies
    1. බැඳීම්, ඇලීම් අඩු වෙන තරමට සැනසිල්ල වැඩියි බං (බණ වගේද මංදා :P)

      Delete
  3. හරියට හරි කතාවක්.......

    ReplyDelete