Monday, September 25, 2017

එන්න මිතුරනි, ඉරාජ් ගූ කනවා බලන්න එන්න



ඉරාජ් කියන පුද්ගලයා නිර්මාණකරුවෙක් විදියට වැටෙන්න තියෙන පහත්ම තැනට වැටිල ඉවරයි කියලයි මං මෙච්චර කල් හිතන් හිටියෙ. මම හිතන් ඉඳල තියෙනව වැරදියි.

අද ඉරාජ් "නිර්මාණකරුවෙක්ට වැටෙන්න පුළුවන් පහත්ම තැන" කියන ස්ටෑන්ඩර්ඩ් එක වෙනස් කලා. ඉරාජ් දැන් කාලයක් තිස්සේ එන්න එන්නම ඒ "පහත්ම තැන" කියන ස්ටෑන්ඩර්ඩ් එක තවත් වෙනස් කරමින් ඉන්නවා.

අපි හිතද්දි කලාකාරයෙක්ට මීටත් වඩා කුජීත වෙන්න බෑ කියල, ඉරාජ් කියනවා "නෑ නෑ පුළුවන්, මට ඊටත් වඩා කුජීත වෙන්න පුළුවන්" කියල.

ඉරාජ් තව දුරටත් ගීත නිර්මාණය කරන පුද්ගලයෙක් නෙමේ. කාලයක් ලංකාවේ සංගීත කලාවට අලුත්ම ශෛලයේ විඳින්න පුළුවන් නිර්මාණ ඉදිරිපත් කරපු නිර්මාණකරුවෙක්ගේ ඉඳල නිකම්ම නිකන් අවධාන ගණිකාවක් දක්වා ඉරාජ් පරිනාමය වෙලා.

"ක්ලික්" එකකින් නිර්මාණකරුවෙක්ට පොරක් වෙන්න පුළුවන් සිස්ටම් එකක් හැදිලා තියෙන බව අපිට පෙන්නන්නේ ඉරාජ්

"ක්ලික්" එකක් වෙනුවෙන්, "view" එකක් වෙනුවන්..

ඉරාජ් සමාජය ඉස්සරහට ඇවිත් මලපහ කරනවා, මලපහ අත් වල කකුල් වල ඔලුවේ ගාගනවා, තමාගේම මලපහ කකා උඩ පනිනවා, නටනවා..

වටේ ඉන්න මිනිස්සු නැවතිලා බලන් ඉන්නවා මේ වඳුරු නැටුම. නමුත් ඉරාජ් කියන පුද්ගලයගෙ අරමුණත් ඒකමයි. "මියුසික් වීඩියෝ" එකක් විදියට ඉරාජ් හඳුන්වන තමාගේ "ගූ කෑමේ" වීඩියෝ එක බලන මිනිස්සු ගොඩ වැඩි කරගන්න. මොන ක්‍රමේකින් හරි.

ඉරාජ්ගේ "ගූ වීඩියෝස්" බලලා බනින මිනිස්සුන්ට ඉරාජ් හිනා වෙනවා. තොපි කොච්චර බැන්නත් මේ පාරත් ගූ කාලා හරි මගේ වඳුරු නැටුම බලන්න මම තොපිව ගෙන්නගත්තනේ කියල.

ඉරාජ් කියන්නේ මේ සිස්ටම් එකේම තියෙන අවුල හොඳටම පෙන්නන මඩ පණුවෙක්.

නිර්මාණයක් මාර්කට් වීම මත ඒකේ සාර්ථක බාවය තීරණය වෙන සිස්ටම් එකක අවුල ඉරාජ්ගේ ගූ කන වීඩියෝ වලින් ඔප්පු වෙනවා.

මොනව වුනත් වෙල් ඩන් ඉරාජ්, අර "නිර්මාණකරුවෙක්ට වැටෙන්න පුළුවන් පහත්ම තැන" මොකක්ද කියල අපිට තාම තේරෙන්නෙ නෑ. අපි හිතන් ඉන්නෙ උඹ ඉන්නෙ ඒ තැන කියල. ඒත් උඹ පෙන්නනව ඒ තැන තියෙන්නේ තව පල්ලෙහයින් කියලා.

බලමු ඉරාජ් උඹ කොතනින්ද නවතින්නෙ කියල.

දැන් නම් අප්පිරියයි බං, අප්පිරියයි.


3 comments:

  1. අපි මොනවා කීවත් ඉරාජ්ට වහවැටුන පිරිසක් ඉන්නවා. උන්ගේ රසවින්දනය ඉරාජ්ගේ මළපහ වෙන්න පුළුවන්.උන් ඒකත් රසයි කියලා විඳගන්නවා.

    ReplyDelete
  2. 2020 මේ පෝස්ට් එක කියවන ගමන්. අම්මටසිරි, ගූ කන ගායකය නේද, අපේ ගෝටාභය ජනාධිපති තුමාගේ නිල නොලත්, සයිබර් මාධ්‍ය ප්‍රචාරයකයා! කියල එක පාරට ඔලුවට ආවා. මොනව වුණත් ලංකාවේ නෙගෙටිව් මාර්කටින්වල පියා ඉරාජ්ම තමයි. ඒකට හොඳම උදාහරණය තමයි 2019 ජනාධිපතිවරණය.

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...