තමන්ගේ විවාහපත් දරුවන් වුනත් එකිනෙකාට ළඟින් හිඳ ගැනීම, කරට අතදාගෙන සිටීම, එකෙක්ගේ ඔඩොක්කුවේ අනෙකා හිඳ ගැනීම, කම්මුල් සිපගැනීම තබා ඔලුව අතගෑමවත් තමන්ගේ ඉදිරියේ සිදු කිරීම ඔවුන් සලකන්නේ නිර්ලජ්ජිත හැසිරීමක් විදියටයි.
"ලව් කරන්න ඕන්නම් උඹල කාමරේට ගිහින් දොර වහගෙන කරගනින්"
එකිනෙකා කෙරේ ලයාන්විත බවක් දැනවෙන විදියට හැසිරීම, ආදරය හැඟෙන අයුරින් හැසිරීම සිදුවිය යුත්තේ පුද්ගලික අවකාශයක පමණක් බවයි මේ වැඩිහිටි පරපුරේ අදහස. මලපහ කිරීම, සංසර්ගය කිරීම මෙන්ම ආදරය කිරීමද පුද්ගලික අවකාශයක පමණක් සිදුවිය යුතු බව සිතනා ඔවුන් සභාවක ආදරයෙන් හැසිරෙන යුවලක් දුටු විට එය හඳුන්වන්නේ නැහැදිච්ච හැසිරීමක් විදියට.
වැඩිවියට පැමිණ විවාහපත් දරුවන් ගැන එසේ සිතනා ඔවුන්, එම දරුවන් කුඩා කාලයේදී ඔවුන් ඉදිරියේ හැසිරෙනේද ඒ ආකාරයටයි. තම දරුවන් ඉදිරියේ එකිනෙකාට කිසිම ආකාරයක ආදරය ප්‍රකාශ කෙරෙන අන්දමට නොහැසිරීමට වගබලා ගන්නේ එයින් තම කුඩා දරුවන් නරක් වේය යන හැඟීම නිසා.
දරුවන් ඉදිරියේ සහ ප්‍රසිද්ධියේ ආදරය දැනවෙන පරිදි හැසිරීමෙන් වැලකුණත් මේ වැඩිහිටියන්ට අනුව තම දරුවන් ඉදිරියේ වාද කිරීම, බැන ගැනීම සහ රණ්ඩු කිරීම නම් සාමාන්‍යය දෙයක්. විවාහපත් දරුවන් තමා ඉදිරියේ රණ්ඩු සරුවල් කිරීමද ඔවුන් සලකන්නේ සාමාන්‍යය දෙයක්, පවුල් ජීවිතයේ කොටසක්, ඉවසිය හැකි දෙයක් වශයෙනුයි.
මේ ආකල්පය දරන දෙමාපියන් යටතේ හැදී වැඩෙන කුඩා දරුවන් දකින්නේ එකිනෙකා කෙරේ ආදරය දක්වන්නට මැලිවන, නමුත් එකිනෙකා සමඟ රණ්ඩු සරුවල් කිරීමට මැලි නොවන මව්පියන් දෙදෙනෙක්. දරුවෙක්ට වඩාත් ධනාත්මක බලපෑමක් සිදු කරනු ඇත්තේ දෙමාපියන් එකිනෙකා කෙරේ ආදරයෙන් සිටිනු දැකීමෙන් බවත්, තම දෙමාපියන් එකිනෙකා සමඟ රණ්ඩු සරුවල් කරගැනීම පමණක් දැකීමෙන් දරුවාට අයහපත් බලපෑමක් සිදු කරන බවත් තේරුම් ගැනීමට ඔවුන්ට දැනුමක් නැහැ.
මහ රෑ අන්ධකාරයේ කාමරයේ දොරගුළු දමාගෙන ආදරය නොකරන්න. සිර කොට ඇති ආදරය නිදහස් කරන්න. තම දරුවන්, දෙමාපියන්, පවුල ඉදිරියට ආදරය ගෙන එන්න. ආදරය කිරීම කුණුහරපයක් විදියට නොදකින්න.
තම සහකරුවා/සහකාරිය කෙරේ ආදරය දැක්වීම තම දරුවන් හා දෙමාපියන් ඉදිරියේ සිදු නොකල යුතු කුණුහරපයක් නොවේ. පුද්ගලික අවකාශයට සීමාකල යුත්තේ ආදරය දැක්වීම නොව, එකිනෙකා හා ගැටෙන අවස්ථාය.
එනිසා ගැටීමට දොරගුළු දමන්න. ආදරය අගුළු හැර නිදහස් කරන්න.
සහතික ඇත්ත.මාත් නොයෙක් රටවල ජීවත්වී තියෙනවා.අපේ ඔය දේවල් ගැන කලකිරීමක් තියෙන්නේ.උඩඟු මානසිකත්වයක් තියෙනෙ ජාතියක්.
ReplyDeleteඕක මම විඳපු අත්දැකීමක්. ඒ අත්දැකීම නිසයි මේ සටහන ලියවුනේ. හැත්තෑව දශකයේ තරුණ කාලය ගෙවපු දැන් වැඩිහිටියෝ වෙලා ඉන්න පරපුර සමඟ තියෙන මේ ගට්ටනය නම් නිමක් නැහැ, මගේ ජීවිතය ගත්තොත්.
Deleteමේක පට්ටම ඇත්ත මචෝ. මම පොඩි කාලෙ මගෙ අම්ම මම සහ අක්ක මහ ගෙදර නවත්තනව නිවාඩුවට.ඒ ගෙදරම ඉන්නව තව පවුල් තුනක විතර දරුවන් තමන්ගෙ අප්ප යුරෝපෙ ඉන්න ඒත් එයාල ඉක්මනටම යුරෝපෙ යන්න. ඒ ඔක්කොමල මගෙ අම්මාගේ අයියල නංගිලා ගේ දරුවන්. ආච්චි වගේම නැන්දලත් අඩුම තරමෙ කොපි කඩේ යනකොටත් අපි හිර අඩස්සියේ දාල උන් කොපි කඩේ බැලුවෙ නිල් චිත්‍රපටියක් බලනව වගේ.
ReplyDeleteඅහෝ කේදයකි. අවුරුදු 30කට පස්සෙ ඒ යුරෝපෙ ගිය මගේ නංගිල මල්ලිල ගොඩක් ඉගෙනගත්තත් නන්නත්තාර උනා. එකෙක් සුයිසයිඩ් උනා. ඒ බැඳීම් පස්සෙ ගිහිං. මමත් දික්කසාද උන මිනිහෙක්. හොඳම ජෝක් එක තමයි තමන්ගෙ ළමයි අයාලේ ගිය මගේ මාමල බාප්පල මම්මල නැන්දල තවමත් මගේ අනාගතය ගැන මගේ අම්ම එක්ක කතා කරන එක. අපේ රටේ සිස්ටම් එක පට්ට ෆකින් හිලේරියස් මචං.
උබේ ලිපි පට්ටම පට්ට.
👊🏽
//මමත් දික්කසාද උන මිනිහෙක්.//
Deleteමමත්. ඒ අත්දැකීම් ගැන නම් වෙනම බ්ලොග් එකක් ලියන්න පුළුවන්
so true
ReplyDeleteමේ විකාර ලංකාවෙ මුල් බැස ගැනීමට හේතුව ඇත්තටම වික්ටෝරියානු බලපෑමද. මට හිතෙන්නෙ ඒබ්‍රහමික ආගම් හරහා ඉන්දියාවට ඇතුලු වූ ආකල්ප කියලයි. ලිංගිකත්වය මහ නපුරු අරුම පුදුම දෙයක් කියන හැන්නෙගීම ඉන්දියාවට ඇවිත් ඉන්දියානු පරමාදර්ශී සභ්‍යත්වය ( අපට අනුව ) පෙරිල ආ නිසා මේක දැන් අපේම දෙයක් වෙලා. වික්ටෝරියානු ආභාෂය නම් මෙච්චරම පත්තියන් වෙයිද. කොහොමත් මට මේ ගැන ලොකු අදහසක් නෑ. උඹේ අනික් පෝස්ට් වගේම මේකත් පට්ට
ReplyDeleteස්තූතියි මචන්. කාලෙකින් නේද මේ පැත්තෙ ආවෙ?
Deleteමේ විකාර ලංකාවෙ මුල් බැස ගැනීමට හේතුව ඇත්තටම වික්ටෝරියානු බලපෑමද. මට හිතෙන්නෙ ඒබ්‍රහමික ආගම් හරහා ඉන්දියාවට ඇතුලු වූ ආකල්ප කියලයි. ලිංගිකත්වය මහ නපුරු අරුම පුදුම දෙයක් කියන හැන්නෙගීම ඉන්දියාවට ඇවිත් ඉන්දියානු පරමාදර්ශී සභ්‍යත්වය ( අපට අනුව ) පෙරිල ආ නිසා මේක දැන් අපේම දෙයක් වෙලා. වික්ටෝරියානු ආභාෂය නම් මෙච්චරම පත්තියන් වෙයිද. කොහොමත් මට මේ ගැන ලොකු අදහසක් නෑ. උඹේ අනික් පෝස්ට් වගේම මේකත් පට්ට
ReplyDelete