Friday, February 2, 2018

බල්ලු බළල්ලු වගේ හැමිනීම සහ ළමයි හැදීම


අපේ සමාජයේ ගොඩක් මිනිස්සුන්ට අනුව සෙක්ස් කියන්නේ නරක දෙයක්. නොකරම බැරි නිසා කල යුතු, විනෝදෙට නොකල යුතු, කරන්නේ කා එක්කද.. කවදාද.. කොහේදීද.. කොයි වෙලාවෙද කියන එක පවුලේ සැම එක්ව කරන ලද සැලසුමකට අනුව කල යුතු මාරම අමුතු කුණුහරපයක් !

ඉතින් ඒ නිසා මේ අය හැම වෙලේම කෑගගහ කියන දේ තමයි

"පඳුරු පඳුරු ගානේ බල්ලු බළල්ලු වගේ හැමිනෙන්න එපෝ ! එහෙම වුනොත් අපිත් සත්තු වගේ වෙනෝ! අපේ මනුස්ස බව අපිට නැති වෙනෝ.. බුදු සන්තෝ.. අන්න අරුන් දෙන්නා අර රූම් එකේ දොර වහගත්තෝ... දැන් ඉතින් රටම ඉවරෝ..." ..කියන කතාව

සෙක්ස් කියන එක තහනම් කරල, කූඩුවක දාලා, සීමා පනවල, කොන්දේසි දාලා, පූජනීය කරලා, කල් වැල්, නැකත්, පස් මහ බැලුම් බලලා අඟහරුට රොකට් එකක් යවන්න හොඳම වෙලාව තීරණය කරනවා වගේ හොඳ වෙලාවක් බලල, හැමිනෙන්න කලින් රටටම කියල කරන්න ඕන මාරම සීන් එකක් වෙච්චි මහා ලබ්බක් කරගන්නයි ඒ අයට ඕන.

ඒත් වැඩේ කියන්නෙ ඒ මිනිස්සුම බල්ලො බළල්ලු වගේ හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ළමයි නං හදනව......!!!

කිසිම කල්පනාවක්, හිතිල්ලක්, සහේතුක බවක්, සාධාරණබවක් නෑ. හැමිනෙන එක සත්තු වගේ නොකර මිනිස්සු වගේ කලාට හැමිනුනයින් පස්සෙ එළියට එන එක දිහා මිනිස්සු විදියට බලන්න කල්පනාවක් නෑ.

ඒ අයට තේරෙන්නෙ නෑ මිනිස්සු සහ සත්තු වෙන් වෙන ප්‍රධානම සාධකය කන එකවත්, හැමිනෙන එකවත් රෙන එකවත් නෙමේ.. තමන් සහ තමන් ජීවත් වන ලෝකය දිහා විමර්ෂනශීලී ඇසකින් බලල, තමන්ගේ ආකල්ප සහ ක්‍රියාකාරකම් තමන් වටා ජීවත් වන අනෙකුත් ජීවීන්ගේ යහපැවැත්මට බලපාන විදිය ගැන තර්කානුකූලව හිතල තමන්ගේ හැසිරීම් ඇගයීමට ලක් කරන්න.. තමන්ගේ හැසිරීම් වෙනස් කරගන්න තියෙන හැකියාවෙන් තමයි මිනිස්සු සත්තුන්ගෙන් වෙන් වෙන්නෙ කියල..

මේ ටික නොතේරෙන නිසා හැමිනෙන එකත් මැජික් එකක් කරගෙන දඟලනවා හරියට.......සත්තු වගේ

හරි නම් මැජික් එකක් වෙන්න ඕන, මහා ලොකු දෙයක් වෙන්න ඕන සෙක්ස් කරන එක නෙමේ. සෙක්ස් කිරීමේ ප්‍රතිඵලය වන ළමයි බිහි කිරීම නෙමේද?

මේ කතා කරන්නේ ළමයි කීදෙනෙක් හදනවද කියල තීරණය කරන එක ගැන නෙමේ. ඔය මනුස්ස සංහතිය පවත්වාගෙන යන්න ඕන නිසා.. අහසෙ පාවි පාවි ඉන්න භූතයෙක් බඩට දාගන්න ඕන නිසා.. කිය කිය ළමයි හදන්න ඕන කිව්වට හැමෝම මේ ලෝකෙට ගේන්නෙ තමන්ගේ අවශ්‍යතාවයට ඕන ළමයි ගාන විතරයි.

ඒ නිසා මම මේ කතා කරන්නේ තමන්ට ඕන ගානට ළමයි හදන එක ගැන නෙමේ...

සරලවම, එක දරුවෙක් හරි මේ ලෝකෙට ගේන්න තමා ගන්න තීරණය ගැන.

වැඩිහිටි ගෑණු මිනිස්සු කැමැත්තෙන් හැමිනෙන එක ගැන වද නොවී ඒක ගැන වද වෙන එක වඩා හොඳ නැද්ද?

සත්තු වගේ හරි නැතුව හරි සෙක්ස් කරන එකෙන් කාටවත් හානියක් නම් නෑ.

ඒත් සත්තු වගේ ඔහේ ළමයි හදන එකෙන්...?
 
 

8 comments:

  1. ඕක දුප්පත් කම හෝ ආගම් මත එන තත්වයක් නේ

    ReplyDelete
    Replies
    1. වැඩියෙන් ළමයි හදන්නේ දුප්පත් පවුල් වල අය කියන එක නම් මම දන්න විදියට තහවුරු වෙච්චි කාරණයක්

      Delete
    2. සමාවෙයන් බණ්ඩා ලෝටස් අජියට ප්‍රශ්නයක් අහනවට

      එතකොට කවදා හෝ පවත්වනවාද කියන ප්‍රශ්නයට පිළිතුර තමා ජූනි හෝ ජුලි මාසයට කල් දමල කියන එක. ලංකාවේ තියනවලු ඊ සොසයටි (e-society) කියල එකක්. ඒ ගොල්ලන්ගේ සහභාගිත්වයෙන් සහ සංවිධායකත්වයෙන් ලු මීළඟ සම්මාන උළෙල පැවැත්වෙන්නේ. ඒ ගොල්ලෝ කරනවයි කියන්නේ නෙළුම් යාය සම්මාන උළෙලේම දිගුවක් ලෙස සයිබර් සම්මාන උළෙලක් ලු. බ්ලොග් වලට අමතරව ෆේස්බුක් ආදී සමාජ ජාලා හා වෙනත් වෙබ් අඩවි වල පළවන නිර්මාණත් සලකා බලනවලු...............

      අඩෝ ලෝටස් අජියා කොලේවහලා ගහන්න වගේ හදන්නේ මේපාර. යුරෝපියන් සමර් වැකේෂන් එකට එන්න එයාර් මයිල් සෙට්කරගන්න නේද මේ වැඩ සෙට් කරගන්නේ
      ඔය වගේ බජිට් පෙන්වන්න බැරි බැදුන්කොරේ වගේ රියලිටි ෂෝ එකක් වගේ ගේමක් යන නිසානේ

      Your comment will be visible after approval. ඇයියි මේකත් ලන්ඩන්වල්
      ඉන්ට්පොල් රෙඩ් නෝටිස් කාරයට කියලා හැර LNW එකේ සංස්කාරක මඩුල්ලෙන් අවසර අරගෙනද පල කරන්නේ

      මේවට ඩයස් ප්ලේස් එකේ එවුන් කියන්නේ "පඩ ෂෝ ඩො" කියලා

      ඕනනම් නොදා ඉන්න අවුලක් නැ ඔයාගේ ලොන්ත පොල් පඩ ෂෝ අපි අවුරුදු කීපයක් බැලුවා චුයින්ගන් හප හප වැඩක් නැ නිව් ඔලිම්පියා එකේ සෙක්ස් නැති ඉන්ග්ලිෂ් ෂෝ එකක් බැලුවා වගේ හුජ්ජ කෝල්ලන්ට හොඳයි ඒවා

      Delete
  2. 'මැදුම් පිළිවෙත' ඉගැන්නුවනම් හරි ඉස්කෝලේ කාලේ ඉඳල.. ළමයි හැදෙනවට බයේ නොගහ ඉන්න එකවත් ගහන ගහන පාරට බඩ වෙන එකවත් නැතුව.. හැක්.

    ReplyDelete
    Replies
    1. ළමයි හදන්නෙ නැතුව ඉන්න නොගහා ඉන්න ඕන නැහැ බං. කොණ්ඩම් මැෂින් හයි කරන්න ඕන රට වටේම ;)

      Delete
    2. ඈ බ්න් කමියො අප්පුඩි ගහලාද ළමයි හැදෙන්නේ?

      Delete
    3. ඇයි එහෙම නෙවෙයිද උදාර අයියේ? O.o

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...