Monday, March 26, 2018

දරුවන් විකුණගෙන කන 'රියැලිටි ටීවී'


හිරු ටීවී එකේ යනවා පොඩි උන්ගේ ටැලන්ට් ෂෝ එකක්.

.. විනිශ්චය කරන්න ඉන්නේ හිමාලුයි, හිමාලියි (හිමාලි නේද නම?), තව නම නොදන්න බවලතෙකුයි.

පොඩි උන් එක එක කොස්ටියුම්ස් ඇඳගෙන බැරි බැරි ගාතේ නටනවා..සින්දු කියනවා.. බිම පෙරළෙනවා... කරනම් ගහනවා.. බලන්න ලස්සනයි.

පොඩි උන් නටනවා බලාගෙන හිමාලුයි, හිමාලියි (?), අනිත් බවලතායි හිනා වෙනවා, පොඩි උන්ව අගය කරනවා.. ඒක බලාගෙන එතන ඉන්න මහ එවුන් හිනා වෙනවා, හිනා වෙවී අප්පුඩි ගහනවා.. ඔය දෙකම බලාගෙන අපේ ගෙදර උන් හිනා වෙනවා, හිනා වෙවී පොඩි උන්ව අගය කරනවා.

අවුලක් නෑ ඉතින්. හැමෝම සතුටුයිනෙ...

ඒත් ඔය සීන්ස් එක බලාගෙන ඉද්දි චැනල් එකකට සල්ලි හොයල දෙන්න පෙරළි පෙරළි නටන පොඩි ළමයි ගැන ලාවට වගේ පව් කියලත් හිතුනා.

අමතර දක්ෂතා තියෙන එක හොඳයි.. ක්‍රීඩාව කලාවට පොඩි කාලෙ ඉඳලම යොමු වෙන එකත් හොඳයි..

හැබැයි සෙලිබ්‍රිටීස්ලා කියල ජාතියක් නැති, කලාකාරයෙක් වෙලා ලෙඩක් දුකක් හැදුනත් මිනිස්සුන්ගෙන් සල්ලි හිඟාකන්න වෙන විදියේ සිස්ටම් එකක් තියෙන, කලාව කරල ගොඩයන්න බැහැයි කියල ඇස් පනාපිටම පේන අපේ වගේ රටක පොඩි කාලයෙ ඉඳල ළමයින්ව කලාවටම යොමු කරන එක නම්.. අනේ මංදා

අපි කැමති වුනත් අකමැති වුනත් දැනට තියෙන සිස්ටම් එකට අනුව ඇත්ත ඒකනෙ (නේද?)

ඒ වගේම පොඩි එකෙක්ව රටක් ඉස්සරහා නටවල ගමෙයි ඉස්කෝලෙයි පොරක් කරන එකෙන් ඒ පොඩි එකාගේ අනන්‍යතාවයම උඩු යටිකුරු වෙනව නේදත් කියල හිතුනා.

අනික ළමයගේ ජීවිතේ මේ හැම වෙනසක්ම වෙන්නේ වැඩිහිටියන්ගේ ෆැන්ටසියක් වෙනුවෙන්නෙ කියල හිතෙද්දි.. මහා අප්සට් කේස් එකක් වගේ දැනෙන්නෙ.

මොනව වුනත් ඔය නැටිල්ලෙන් වැඩිහිටියන්ට ලැබෙන දෙයින් දාහෙන් එකක්වත් නටන පොඩි එකාට නොලැබෙන එක නම් සහතික කරල කියන්න බැරි කමක් නැහැ.

මට අනුව නම් අපේ වගේ රටක පොඩි එකෙක් නටන එක, සින්දු කියන එක තියෙන්න ඕන සෙල්ලම් කරනවා වගේ අමතර දෙයක් විදියට. ඒක ළමයාගේ ජීවිතයේ ප්‍රධානම කාරණය කරගෙන ඒ වෙනුවෙන් අවුරුද්දක් දෙකක් වුනත් කැප කරන්න දිරිමත් කරන එකෙන් ළමයාට වෙන්නේ නරකක් මිසක් හොඳක් නම් නෙමේ.

අපේ වගේ රටක ළමයෙක්ව උනන්දු කරවන්න ඕන අධ්‍යාපනයට. මොකද මේ සමාජයේ යන්තන් හරි ගොඩ යන්න පුලුවන් ඉගෙනගත්තොත් තමයි. ඉගෙනගත්තා කියලා ජීවිතය සැපවත් වෙන්නෙ නෑ. ඉගෙනගත්තා නොගත්තා ජීවිතය කොහොමත් කුජීතයි. නමුත් ඉගෙන නොගන්නවට වඩා ඉගෙනගන්න එකනම් දහස් වාරයක් ඇඟට ගුණයි.

චැනල් එකකින් පාට පාට ලෝකයට අරන් යන නිසා කවදාවත් ගොඩයන්න බැරි නැටිල්ලකින් 'විශිෂ්ඨයෙක්' කරන්න තමන්ගේ ළමයාව යොමු කරන දෙමව්පියෝ ගැන නම් කියන්න දෙයක් නැහැ.

එක අතකට ඔන්න ඔහෙ කමක් නෑ. කලිනුත් කිව්ව වගේ හැමෝටම සතුටු එකේ.. මහ එවුන්ටත් ආතල් නිසා.. චැනල් එකටත් සල්ලි ගරන්න නිසා.. පොඩි උන්ට කියන්න තියෙන්නේ

"උඹට හෙණ ගැහැව්වත් කමක් නෑ, නටපන් පුතේ..."

කියල තමයි.

11 comments:

  1. I agree with you. Our people need to show off their kids. This is our future. Sad.

    ReplyDelete
  2. ඔබේ අදහසට මමත් 1000%කින් එකඟයි. ඒත් අපේ රටේ බහුතර ගොන්නුන්ට (මාධ්‍යවල සහ දරුවන් විකුණාගන කන අම්බරු දෙමාපියන්) මේක තේරෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධියයි සල්ලියි හම්බෙනවා නම් ළමයා විකුණලා හරි කමක් නෑ බන්

      Delete
  3. මට තෙරුම්ගන්න බැරි එයි මේක ළමා හිංසනයක් ලෙස නොදකින්නේ කියා. ලමාරක්ෂක කියලා ආයතනයකුත් තියෙනවා නේ. ඒ අයටත් මේක පෙනෙන්නේ නැද්ද ලමා හිංසනයක්. කරදරයක් ලෙස. තරගයෙන් ඉවත් වෙන ලමයින්ට කෙතරම් වේදනාවක් දැනෙනවාද. සමහරු අඩනවත් දෙක තිබෙනවා. මේවා ට උඩ ගෙඩි දීම වැරදී.

    ReplyDelete
    Replies
    1. සාරි පොටක් අල්ලගෙන වරුවක් අව්වෙ පොඩි උන් තිබ්බා කියල කෑගැහැව්වට, මාස පහ හයක් පුරාවට අම්මල තාත්තලයි, චැනල් වල ලොක්කොයි එකතු වෙලා මේ පොඩි උන්ව කාලා හප කරලම දාන හැටි මිනිස්සු බලන් ඉන්නේ හිනා වෙවී අප්පුඩි ගගහා.

      Delete
  4. "කලාව කරල ගොඩයන්න බැහැයි කියල ඇස් පනාපිටම පේන අපේ වගේ රටක පොඩි කාලයෙ ඉඳල ළමයින්ව කලාවටම යොමු කරන එක නම්.. අනේ මංදා"

    කලාව කෙසේ වෙතත් ශෝ බිස්නස් කියලා ලංකාවේ තියන මොකක් හරි මගුලෙ තමයි අද වැඩිපුරම සල්ලි එහෙමෙහෙ යන්නේ. පොඩ්ඩක් හොයල බලපන් ඔය චැනල් වල අයගේ පඩිය එහෙම. ඔය රියැලිටි ස්ටාර් වෙන අයට හම්බවෙන සල්ලි කුට්ටි සහ අනික් බෙනිෆිට්ස්. ඉතින් අම්මලා හිතන්නේ පොඩ්ඩක් ඔලුව දාගත්තහම ගොඩ තමයි කියල.
    සාමාන්‍ය අම්මල තාත්තලා ගැන කවර කතාද.. ජැක්සන් ඇන්තනී වගේ පොරවල්ලත් කරේ ඒකනේ... පොඩි කාලේම පුත්තු දෙන්නායි දුවයි ගෙනල්ල අතෑරියා මේකේ. දැන් උන් දෙන්නා සින්දු කියනව, නටනවා, රඟපානවා, රියැලිටි ශෝ කරනවා එක විකාරයයිනෙ...
    අනිත් එක ඉස්කෝලේ ලමයෙක් ඔය වගේ එකකට ගියොත් ඉස්කෝලෙන් පුදුම සපොර්ට් එකක් දෙන්නේ. "පාසලේ අභිමානය" කියල බැනර් ගහලා, බෑන්ඩ් ගහලා තමයි පිළිගන්නේ.
    ඒ මැද්දට පැනල උඹ කිව්වොත් "ඔවා වැඩක් නෑ, ළමයට උගන්වමු" කියලා, ගුරු දෙගුරු ඔක්කොම එකතු වෙලා අහයි "පිස්සුද" කියල

    ReplyDelete
    Replies
    1. කොහොමත් ළමයින්ව සහ ළමයින්ගේ ඔලු කන වැඩේ දෙමව්පියොයි ගුරුවරුයි එකතු වෙලා හරිම සහයෝගයෙන් තමයි කරන්නේ.

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...