Showing posts with label විවාහය. Show all posts

Wednesday, October 25, 2017
අඩෝ.. උඹේ කෙල්ලව හදාගනින්
ලංකාවෙ ගොඩක් පිරිමි හිතන් ඉන්නෙ තමාගේ සහකාරිය තමන්ගේ මතවාද වල ප්‍රතිබිම්භයක් වෙන්න ඕන කියල.
ඒ අය තමන්ගේ සහකාරියව පාවිච්චි කරන්නේ තමන් කවුද කියන එක නිරූපනය කරන්න සහ තමන්ගේ අනන්‍යතාවය මොකක්ද කියන එක ලෝකෙට පෙන්නන්න.
තමන්ගේ සහකාරිය අඳින පළඳින විදියෙන් කෙල්ලෙක් අඳින්න පළඳින්න ඕන විදිය ගැන තමාගේ අදහස නිරූපනය වෙනවය, තමන්ගේ සහකාරිය හැසිරෙන විදියෙන් කෙල්ලෙක් හැසිරෙන්න ඕන විදිය ගැන තමාගේ අදහස නිරූපනය වෙනවය, තමන්ගේ සහකාරිය හිතන පතන විදියෙන් කෙල්ලෙක් හිතන්න ඕන විදිය ගැන තමන්ගේ අදහස නිරූපනය වෙනවය, තමන්ගේ සහකාරියගේ මතවාද වලින් තමන්ගේ මතවාද නිරූපනය වෙනවය,
කියලයි ඔය මිනිස්සු හිතන් ඉන්නෙ.
සමාජය ඉස්සරහා තමාගේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න නිසා නීති දාලා ගහලා බැනලා හරි කෙල්ලව තමන්ට ඕන විදියට වෙනස් කරන්නයි බහුතරයක් කොල්ලො බලන්නෙ.
"ඒක එයාගේ කැමැත්ත.. එයා ඉන්නේ එයාගේ විදියට" කියල කියන්න ගටක් තියෙන කොල්ලො හොයාගන්න අමාරු වුනාට...
"අනිත් කෙල්ලන්ගෙන් මට වැඩක් නෑ.. මගේ කෙල්ල ඉන්න ඕන මට ඕන විදියට.. ඒකි අඳින්න ඕන මට ඕන විදියට.. ඒකි හැසිරෙන්න ඕන මට ඕන විදියට.. ඒකි කතා කරන්න ඕන මට ඕන විදියට.."
...කිය කිය තමන්ගේ කෙල්ලට ගෙම්බර් දාන එක මාර ලොකු වැඩක් කියල හිතාගෙන ඉන්න පෞරෂහීනයන්ගෙන් නම් කිසිම අඩුවක් නැහැ.
ඇය තුළින් තමන්ගේ අනන්‍යතාවය නිරූපනය වෙනවා කියලා හිතාගෙන ඇයව වෙනස් කරන්න තමාගේ අධිකාරී බලය පාවිච්චි කරන මේ පිරිමි තුල තමන්ගේ ක්‍රියාකලාපය නිසා පුද්ගලයෙකු වශයෙන් ඇයගේ අනන්‍යතාවයට වෙන දේ ගැන කිසිම හැඟීමක්වත් සංවේදිත්වයක්වත් නැහැ. තමන්ගේ සහකාරියගේ ආකල්ප, හැසිරීම් සහ වටිනාකම් තමාට දරා ගන්නට බැරි තරම් නොගැලපෙනවා නම් ඇයගේ අන්‍යතාවය මරා දැමීමට වඩා සබඳතාවය නවත්වන එකයි කරන්න ඕන කියල මේ අයට තේරෙන්නේ නැහැ. පුද්ගලයෙක්ගේ අනන්‍යතාවය මරලා දාලා දිගින් දිගටම ඒ මනුස්සයාව පාලනය කරන්න ගියාම ඒ මනුස්සයා තුළ හටගන්න වේදනාව, කලකිරීම සහ පීඩනය ගැන මොවුන්ට සහකම්පනයක් නැහැ.
ඕකෙම අනිත් පැත්ත තමයි,
තමාගේ සහකාරියගේ සිතුම් පැතුම් ආකල්ප තේරුම් අරගෙන ඇයගේ ස්වාධීනත්වයට ගරු කරන කොල්ලෙක් හම්බුනාම මේ වගේ හීනමානකාරයො "අඩෝ.. උඹේ කෙල්ලව හදාගනින්" කියල කෑගහන්නෙ.
මොකද මේ අයට අනුව කෙල්ලෙක් කියන්නේ තමාට ඕන විදියට "හදාගන්න" ඕන වහලෙක්.
මේ විදියට පීඩනයට පත් වෙලා ඉන්න තරුණියන්/ගැහැණුන් තමන්ගෙන්ම අහගන්න ඕන ප්‍රශ්නය තමයි,,
තමාව ස්වාධීන පුද්ගලයෙක් විදියට සලකන්නෙ නැති, තමන්ගේ අනන්‍යතාවයට ගරු කරන්නෙ නැති, තමන්ව තේරුම් ගන්නෙ නැති Control Freak කෙනෙක් විදියට හැසිරෙන එකෙක් එක්ක තමන් දිගින් දිගටම ඉන්නේ ඇයි?
කියන ප්‍රශ්නය.
ඉස්සෙල්ලා තමන් තමන්ටම ගරු කරන්න ඉගෙනගන්න. තමන් තමන්ගේ අනන්‍යතාවයට සහ නිදහසට ගරු කරන්නේ නැත්නම් වෙන කෙනෙක් ඒ දේවල් වලට ගරු කරයි කියල හිතන්න එපා. තමන් තමන්ගේ අනන්‍යතාවයට සහ නිදහසට ගරු කරනවා නම් වෙන කෙනෙක්ට ඒ දේවල් විනාශ කරන්න දෙන්නත් එපා.
කතාවක් තියෙනව සමාජයක/සංස්කෘතියක ප්‍රගතශීලීබව තීරණය කරන්න පුළුවන් හොඳම සාධකයක් තමා ඒ සමාජය කාන්තාවට සලකන ආකාරයෙන් කියල.
ඒ වගේම තමා, පුරුෂයෙක්ගේ පෞරෂයත්වය මැනගන්න පුළුවන් හොඳම සාධකයක් තමා තමන් තමාගේ ප්‍රේමවන්තියට/බිරිඳට සලකන විදිය කියන්නෙ.
කෙනෙක්ව පාලනය කරන්න කෙවිටක්/තුවක්කුවක් අතට ගත්ත ඕනම නරුමයෙක්ට පුළුවන්. නමුත් කෙනෙක්ව තේරුම් ගන්න, ඉවසන්න, ගරු කරන්න, අනිත් අය ඉස්සරහා ඒ කෙනා වෙනුවෙන් පෙනී ඉන්න නම් ලේසි පාසු කෙනෙක්ට බැහැ.
ඒකට මනා පෞරෂයක් තියෙන බුද්ධිමත් මනුස්සයෙක් වෙන්න ඕන.
ප/ලි -
1. ඊයේ පෙරෙදා දවස් ටිකේ බුකියේ මාතෘකාව වුන "මාර ඉස්කෝලයේ මාර ගුරුමාරුව" ගැන වෙච්චි කතා බහ අතර තුර අමනයන් පිරිසකගේ හැසිරීම නිසාය මේ සටහන ලියන්න තීරණය කලේ.
2. ආදර සබඳතා වලදී කොන්දේසි දැමිම දෙපාර්ශවයෙන්ම සිදුවන දෙයක් බව ඇත්ත වුනත් පොදුවේ අප සමාජයේ දක්නට ලැබෙන තත්වය ගැනය මේ සටහනෙන් කතා කරන්නේ. මෙහිම කනපිට සිද්ධ වෙන සිදුවීම් ඇති බව පුද්ගලිකවම දනිමි.
Tuesday, October 10, 2017
ලව් ඉලව් කර නොගැනීමට
පළමු අදහස් ප්‍රකාශ කිරීම - බුද්ධික තාඹුගල ශූරීන්
"...මම නම් පුද්ගලිකව විශ්වාස කරන්නෙ ආදරය කියන්නෙ හෙනම හෙන ගුප්ත, රොමෑන්ටික්, ෆට්ටන්දර විකසිත සීන් එකක් නෙමෙයි..
සාර්ථක ප්‍රේමයක් කියන්නෙ අනිවාර්යයෙන්ම මිත්‍රත්වයේ දිගුවක්.. අපි යාළුවන්ට හැම දේම කියනවා.. නමුත් පෙම්වතුන් හෝ පෙම්වතියන්ගෙන් බොහෝ දේ සඟවනවා.. මේක පට්ටම කුජීත වැඩක් මම හිතන්නෙ..
පෙම්වතුන් අතර මිතුරන් අතර ඇති තරමේවත් මානසික බැඳීමක් නැත්තම් දෙන්නම නොදන්නව වුණාට ඒ සබඳතාවය යන්නෙ හෙනම අවුල් ට්‍රැක් එකක.. මේ නිසා මෙම ප්‍රශ්නය අපි සාමාන්‍ය ජීවිතයේදී මිතුරන් සමග ක්‍රියා කරන හැටි ඇසුරෙන් විග්‍රහ කරන්ඩ පුළුවන් මම හිතන්නෙ..
අපි සාමාන්‍ය ජීවිතයේදී මිතුරන්ට නීති දානව ද? දාන අවස්ථා අතළොස්සක් තියෙන්ඩ පුළුවන්, නමුත් බොහෝ විට මිතුරන්ගේ මූලික ස්වරූපයන් වෙනස් කිරීමට බලපාන නීති දැමීමක් සිදු වන්නෙ නෑ.. මගේ හොඳම මිතුරිය මට කිව්වොත් "හැම මාසෙම පන්සල් පලයන්" කියල මම අනිවා කියන්නෙ "උඹ පන්සල රෝල් කරල ඔබාගනින් ____" කියල.. ඒක අහලා ඇයට අවශ්‍ය නම් "මේ යාළුකම හරි යන්නෙ නෑ" කියල අත ඇරල දැම්මැහැකි.. එහෙමත් නැතිනම් "මූ පන්සල් නොගියට හොඳ එකා" කියලා යාළුකම පවත්වාගත හැකි..
යාළුවන් සම්බන්ධයෙන් අප මේ තීරණ දෙකම ගන්නා විවිධ අවස්ථා තියෙනවා.. මේ අනුව පෙනෙන්නේ අප යාළුවන් තෝරා ගැනීමේ දී එක්කෝ සමාජයීය, මතවාදීමය හෝ වෙනත් ආකාරයේ සමානතාවයන් දැක ආසක්ත වෙනවා.. සමාන නැති උන් එක්ක යාළු වෙන්නෙ නෑ.. එහෙමත් නැතිනම් ඒවා සම්බන්ධ වෙනස්කම් තිබියදීත් පුද්ගලික ගති ලක්ෂණ හෝ වෙනත් හේතූන් නිසා ආසක්ත වී අර වෙනස්කම් ඉවසනවා..
මේ විදි දෙකෙන් කොයි එක හරි ද කියලා අපිට තීරණය කරන්ඩ බෑ.. මේ සම්බන්ධව එක එක්කෙනාගේ ආකල්ප විවිධයි.. නමුත් එබඳු වෙනස්කම් තිබියදී මිතුරු වී පසුව එම වෙනස්කම් දුරු කර ගැනීම සඳහා නීති දැමීම හෝ බලපෑම් කිරීම නම් අමුම කුජීතයි ..
එකම දේ එලෙස බලපෑම් කරන තුරු එම යාළුකම් පැවතීමට තියෙන ඉඩ අඩුයි, මොකද මේ ලෝකයේ කවුරුවත් කාවවත් පාලනය කිරීම සාර්ථක නැති නිසා.. එල්සේම එබඳු අවස්ථා වලදී විකල්ප යාළුවන් බොහෝ විට සිටින නිසා..
දැන් අපි බලන්ඩ ඕනෙ ප්ලේටොනික් සහ රොමෑන්ටික් සම්බන්ධතා අතර මහලොකු වෙනසක් තියෙනවද කියලා?
යම් වෙනස්කම් කිහිපයක් තියෙනවා.. එකක් නම් ප්‍රේම සබඳතා වල සාමාන්‍ය යාළුකමකට වඩා මනෝමය සමීපතාවක් තිබීම.. සාමාන්‍ය මිතු දමක වගේම නොගැලපෙනව නම් දමා ගසා යාමට හැකි වුවත් මෙහිදී එකිනෙකා අනෙකා තුළ කර ඇති මානසික ආයෝජනය වැඩි නිසා වෙන්ව යාමෙන් ඇති වන මානසික ගැටළු වැඩියි.. අනෙක් එක තමා දෙදෙනෙක් පෙම්වතුන් වූ වහාම සමාජ පෙළඹවීම වන්නේ හැකි ඉක්මනින් විවාහ වී දරුවන් සාදා මේන්ස්ට්‍රීම් එකේ ගමන් කිරීමටයි.. ඊට පෙර ඔවුන් වෙන් වී, වෙනත් අය සමග එක් වී, නැවත වෙන් වී, ආදී වශයෙන් සිදු වීම අප සමාජය ලොව වෙනත් විවෘත සමාජ එක්ක බලද්දි ඉවසන්නෙ අඩුවෙන්..
මේ නිසා බිඳී යාමකින් යම් සමාජ පීඩනයක් ද එල්ල වෙනවා.. මෙලෙස බිඳී ගියහොත් ඇති වන පීඩනය නිසා අකමැත්තෙන්, අසතුටෙන්, යටහත්කමින් ඉන්න පෙම්වතුන් හා පෙම්වතියන් අප දැක තිබෙනවා.. මගේ විශ්වාසය නම් එය ජාතික අෆරාඩයක් බවයි.."
දෙවන අදහස් ප්‍රකාශ කිරීම - ජේමිස් බණ්ඩා මහතා හෙවත් මමතුමා
".... බුද්ධික තාඹුගල කියන්නට තියෙන දෙයින් සෑහෙන කොටසක් කියල ඔහු නවත්තපු තැනින් කන්ටිනියු කරන්නම්.
..ආදරය කරද්දි මං හිතන විදියට එකිනෙකාගේ අනන්‍යතා සහ පෞරෂයන් තේරුම් ගන්න එක වැදගත්. ඒ පුද්ගලයාව ඒ පුද්ගලයා විදියට භාර අරගෙන ඉන් එහාට තමයි මේ ආදරය කියන ගනුදෙනුව සිද්ධ වෙන්න ඕන.
නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ අපි අපේ සහකරුවාගේ/කාරියගේ අනන්‍යතාව කපලා කොටලා ඔවුන්ගේ ආසාවල් වලට කෙළවල දාලා, ඔවුන්ගේ බලාපොරොත්තු අපිට ඕන විදියට වෙනස් කරල, ඔවුන්ගේ සැබෑ අනන්‍යතාවය විනාශ කරල, අපිට ඕන විදියට අපි කැමති ආකාරයේ අනන්‍යතාවයක් ඔවුන් තුළින් නිර්මාණය කරගන්න දඟලන එක. කොටින්ම අපිට මුලින්ම මුණ ගැහෙද්දි හිටපු කෙනාව වෙනස් කරල ඌව/ඒකිව අපේ කැමැත්තට අනුව වැඩ කරන හිතන පතන රොබෝ කෙනෙක් කරන්න හදන එක.
තමාගේ ඔලුවේ තියෙන අයිඩියල් සහකරුවෙක්/කාරියක්ව තමන්ට හම්බුන මනුස්සයා තුළින් නිර්මාණය කරගන්න හද හද දෙන්නාම ඔය විදියට අනිත් කෙනාගෙ අනන්‍යතාවය මරල දාලා අලුත් පුද්ගලයෙක් නිර්මාණය කරගන්න කරන මේ පොරය නිසයි ගොඩක් ආදර සබඳතාවල් වලට කෙළ වෙන්නෙ. (කෙළ වෙනවා කියන්නේ අවසාන වෙනවා නෙමේ. සතුට නැති වෙලා විඳීම වෙනුවට විඳවීම ඉස්මතු වෙනවා කියන එකට)
දැන් ඔහොම ටෝක් දුන්නට තමන්ගේ කොල්ලව/කෙල්ලව වෙනස් කරන්න දඟලන්න එපාය කියල, ඇත්තටම බැලුවොත් ඕක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරද්දි පට්ට අමාරුයි. ඇයි? ඇයි ඉතින් තමන්ගේ සහකරුවා/කාරිය තමන් අකමැති මලමගුල් කරද්දි ඌ එක්ක/ඒකි එක්ක ඉන්නෙ කොහොමද?
එතනදි තමයි අදහස් හුවමාරුව කියන පට්ටම වැදගත් පාර්ට් එක එන්නෙ. තමාගේ සහකරුවා/කාරිය තුල තියෙන තමා කැමති දේ මොනවද අකමැති දේ මොනවද කියන එක ගැන ඉඳල හිටල දෙන්නට එකතු වෙලා කතා කරල ඒ ඒ දේවල් ගැන එකඟතා වලට එන එක වැදගත් දෙයක්. මේක කරන්න පට්ටම අමාරු වුනත්, මේක කරන්නම ඕන දීර්ඝ කාලයක් හොඳින් ඉන්න නම්. එකිනෙකාට සවන් දීලා, අනෙකාගේ අවශ්‍යතා තේරුම් ගැනීමයි මෙතනදි වෙන්න ඕන.
කොහොම කලත් මේ "වෙනස් කම්" කියන දේවල් නැත්තටම නැති වෙන්නෙ නං නෑ ලොවෙත්. එතනදි කරන්න වෙන්නේ තමාගේ සහකරුවාගේ/කාරියගේ හොඳ විදියට තමා දකින දේ වෙනුවෙන් ඔවුන්ගේ අඩුපාඩු ඉවසන එක. කතාවක් තියෙන්නෙ "අපි ආදරවන්තයා/ආදරවන්තිය විදියට තෝරගන්න ඕන අපිට ඉවසන්න පුළුවන් වැරදි තියෙන කෙනෙක්ව" කියල. ඒ මොකද අපි වැරදි/අඩුපාඩු විදියට දකින දේවල් නැති එකෙක් හොයාගන්න මේ ලෝකයේ කිසිම ජගතෙක්ට කිසිම විදියකට බෑ.
ඊළඟට, තමන්ගේ සහකරුවාට/කාරියට ඔවුන්ගේ ජීවිතය විඳින්න ඔවුන්ට තියෙන නිදහස අහිමි කරන්න තමන්ට කිසිසේත්ම අයිතියක් නැති බව නම් දෙන්නම තේරුම් ගන්න ඕනම දෙයක්. මේ නිදහස කියන එක තමා විසින් අනෙකාට "දෙන" දෙයක් නෙමේ. ඒක කොහොමත් හැමෝටම තිබිය යුතු දෙයක්.
හැම වෙලේම තමාගේ සහකරුවාට/කාරියට තමන්ගේ අදහස කියන්න. එකඟ වී හෝ නොවී තීරණය කිරීම ඔවුන්ට බාර දෙන්න. විධාන දෙන්න යන්න එපා. තමන් කියන දේට එකඟ වුනේ නෑ කියල, අවනත වුනේ නෑ කියල පළිගන්න එපා.
තමා කියන්නේ තමාගේ සහකරුවාගේ/කාරියගේ ජීවිතයේ එක කොටසක් බවත්, තමන්ගෙන් පිට ඔහුට/ඇයට තවත් ජීවිතයක් තියෙන බවත් තේරුම්ගන්න ඕන. මොකද තමන්ගේ සහකරුවා/කාරිය කියන්නේ පෙම්වතෙක් සහ පෙම්වතියක්වත් සැමියෙක් සහ බිරිඳක්වත් විතරක් නෙමේ. පුතෙක්, සහෝදරයෙක්, මිතුරෙක්, රාජකාරිකරන තැනදි සේවකයෙක්.. වගේ සෑහෙන භූමිකා රඟපාන්න වෙන ඔහුත් මනුස්සයෙක්. මේකෙ සහකාරියන්ට අදාලව අනිත් පැත්තත් එහෙමයි. ඒ නිසා තමා ගැන විතරක් තමාගේ සහකරුවා/කාරිය සිතිය යුතුය, තමාටම හැම වෙලේම මුල් තැන දිය යුතුය කියල හිතල ආත්මාර්ථකාමී මුග්ධයෙක් විදියට වැඩ කරන්න යන්න එපා.
මේ ඔක්කොම කරලත් දිගින් දිගටම තියෙන්නේ දෙන්නගේ වෙනස් කම් නම්, ඉතින් හොඳම දේ තමා අකමැත්තෙන් වුනත් එකිනෙකාට "ගුඩ් බායි" කියන එක. මොකද එකිනෙකාව රවට්ටගෙන අවුරුදු දෙකතුනක් ලව් කලත් බැඳලා මාස හය හතක් යද්දි තමන් හංගන් හිටිය තමාගේ සහකරුවා/කාරිය අකමැති පැත්ත එළියට එන එක අනිවාර්‍යයි.
ඊට පස්සෙ ඉතින් දෙන්නගෙම කසාද ජීවිතේට සොරි ඩොට් කොම්ම තමා..."
අදහස් දැක්වීම අහවරයි. අසා සිටි ඔබ සැමට ඉස්තූතියි.
ප/ලි -
1. මේ බණ කිව්වාට අපිත් ලව් කරන රහස සොයාගත් ශාස්තෲවරුන් නොවෙමු. අපි විසින්ම සහ අපි වටේ ඉන්නා උන් කන පරිප්පු දැක දිනෙන් දින ඉගෙනගෙන අපිත් අමාරුවෙන් අනුගමනය කරන කරුණු කාරනා කිහිපයක්ය මෙතනදි කියවන අය සමඟ බෙදා ගත්තේ.
2. බුද්ධික තාඹුලගේ අදහස් දැක්වීම දැනට වසර කිහිපයකට පෙර බුකියේ දැක මා විසින් සේව් කරගත් අදහසකි. කාලයකට පසු සේව් කරගත් තැනින් අද එය දුටු නිසා මගේ අදහස් සමඟින් අද මෙසේ මගේ ප්‍රොෆයිලයේ පළ කලෙමි.
Tuesday, September 12, 2017
විල් යූ මැරී මී ?
ඉස්කෝලෙ යන උනුත් බඳින්නම බලාගෙන යාලුවෙන රටක..
යාලු වෙලා මාසයක් යන්නත් කලින් දෙපැත්තේ දෙමව්පියන් හම්බෙලා බඳින්න අවසර ඉල්ලන රටක..
අතින් අල්ලන්නත් කලින් බඳින්න පුළුවන්ද කියලා දැනගන්න කේන්දර ගලපන රටක..
කවදහරි හරි මාවම බඳියි කියන දැඩි විශ්වාස නිසාම කෙල්ල කොල්ල ඉස්සරහ කකුල් දෙක ඈත් කරන රටක..
ලව් කරපු කොල්ලා/කෙල්ල බඳින්නෙ නැතුව අත ඇරියොත් පොළවේ හැපි හැපී අඬ අඬ ජීවිත කාලකණ්ණි කරගන්න රටක..
බඳින්නේ නැතුව අතරමඟ සම්බන්ධයක් නැවතුනාම දෙන්නාම වෛරක්කායයෝ වෙලා නවතින ආකල්ප තියෙන මිනිස්සු ජීවත් වෙන රටක..
බඳින්න දුන්න බලාපොරොත්තු කඩ උනාම කෝච්චියට බෙල්ල තියන රටක..
බඳිනවා කියලා බැන්දේ නැති වුනාම පිහිපාරවල් ඇනලා තමාගේ සහකරුවා/කාරිය ඝාතනය කරන රටක..
මැරේජ් ප්‍රපෝසල් එකක් කියන එක 'සර්ප්‍රයිස් එකක්' වෙන්නෙ කොහොමද කියලා පුළුවන් මොකෙක් හරි මට කියල දෙනවකො ඕයි !
Monday, July 17, 2017
ඩිවෝස් එක හෙට නෙමේ අද
"පුතේ, පවුල් ජීවිතේ කියන්නෙම ප්‍රශ්න තමා.
කවදාවත් විසඳෙන්නෙ නැති ප්‍රශ්න තියෙද්දිත්
දිගටම එකට ඉන්න එකයි පවුල් ජීවිතේ කියන්නෙ" ....
අවුරුදු ගාණකට කලින් මම ඩිවෝස් වෙන්න තීරණය කල වෙලාවෙ
හැම වැඩිහිටියෙක්ම වගේ මට කිව්ව කතාව ඕක.
ගොඩක් දෙනා හිතන් ඉන්න විදියට කොච්චර ප්‍රශ්න ආවත් එකට ඉන්න එකයි වැඩේ.
මැරෙන කල් වෙන් නොවී එකට ඉන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් නැහැ.
අපේ ආච්චිල සීයල, අම්මල තාත්තල, ඒ කියන්නෙ අපේ වැඩිහිටි පරපුර තම තමන්ගේ ජීවන සගයා එක්ක එකට හිටිය කාල සීමාව ගැන කයිවාරු ගහන්නේ මාරම ආසාවෙන්.
"අපි බැන්දේ මේ වයසෙදි.. අපි නම් දැන් කාලෙ උන් වගේ පොඩි දේවල් අල්ලගෙන දික්කසාද වෙන්න හැදුවෙ නෑ.. මරාගෙන හරි එකට හිටියා.. නැත්තන් මෙච්චර අවුරුදු ගාණක් පවුල් කන්න පුළුවන් වෙයිද?"
ඇත්ත.
ගොඩක් වෙලාවට පුදුම කට්ටක් කාගෙන, දත විකාගෙන, තොල හපාගෙන, පුක ඉරාගෙන අවුරුදු ගාණක් ගත කරපු ජීවිතයකට අන්තිමට කියන්න තියෙන්නේ "මම මෙච්චර කාලයක් මේක ඉවසගෙන හිටියා.." කියන එක විතරයි.
ඔය විදියට හිතන ඈයෝ කියන්නෙ ආදර/විවාහ/මිනිස් සම්බන්ධතාවයක වටිනාකම තීරණය වෙන්නෙ ඒ සම්බන්ධතාවය පැවතිච්ච කාල සීමාව මත කියල. ඒ කියන්නෙ පැවැත්ම දිගයි නම් වැඩේ හරි.
පට්ටම සාර්ථකයි !
සුද්දො පොඩ්ඩ බැරි වෙද්දි ඩිවෝස් වෙනව..
ඒත් අපි කට්ට කාගෙන හිතෙන් දුක් විඳ විඳ අවුරුදු තිහ හතලිහ පවුල් ජීවිත ගත කරනව කියන එක අපේ පැත්තෙන් සාර්ථකත්වයේ ලක්ෂණයක් කියලයි ගොඩක් අය කියන්නෙ
ඒත් දික්කසාදය කෙනෙක්ගේ ජීවිතේ නොමැකෙන කළු පැල්ලමක් විදියට දකින, ලොකුම පරාජයක් විදියට දකින, ආර්ථිකව හරි මානසිකව හරි තමාගේ සහකරුවාගෙන් තොරව පැවැත්මක් ගැන හිතන්න බැරි තත්වයක් අස්සෙ විඳවන ජීවිත වල කූඩු වෙලා ලෝකෙට පේන්න හිනා වෙන ජීවිත සාර්ථකයි කියල හිතන්න පුළුවන්ද?
දේපල නිසා එකට ඉන්න...
දරුවො නිසා එකට ඉන්න සිද්ධ වෙලා තියෙන
දෙමව්පියන් නිසා එකට ඉන්න..
වෙන් වෙන්න තියෙන ලජ්ජාව නිසා එකට ඉන්න..
තමාගේ සහකරුවා නැතුව ජීවත් වෙන්න බැරි නිසා එකට ඉන්න..මිනිස්සු කොච්චර ඉන්නවද?
මට හිතෙන විදියට ඒවල වරදක් කියන්න බෑ.
එක එක මනුස්සයට
එකිනෙකාගෙන් වෙනස් නොයෙකුත් හේතු තියෙන්න පුළුවන්.
ඒත්, ආදරය..සතුට..නිදහස..විඳීම හොයන ජීවිත වලට
ඒ වගේ අය තමන්ගේ කුණුවෙච්චි ලෝක අස්සෙ ඉඳගෙන ඇඟිල්ල දික් කරන එකේ තියෙන කුහක කම ගැන කතා නොකර බෑ.
මම දන්න මගේ සමහර යාලුවෝ ගෑණි එක්ක ජීවත් වෙන්නෙ වර්තමානයේ නෙමේ.. අතීතයේ..
ඒ කියන්නෙ උන් බැඳල හිටියට හිතින් ජීවත් වෙන්නෙ අවුරුදු ගාණකට කලින් යාලුවෙලා හිටිය කෙල්ල එක්ක.
ඒ මතකය එක්ක.
තමන්ගේ ජීවිතයේ අසතුට වහගන්නේ අතීතයට ගිහින්.
ඒ ජීවිත වලට වර්තමානයක්වත් අනාගතයක්වත් නෑ.
අතීතයේ හිර වෙලා අතීතයේම ජීවත් වෙලා අතීතයේම මැරිලා ගිහින්.
තමාගේ හොඳම යාලුවා ඇත්ත ජීවිතයේදී මිනිහා එක්ක මරා ගන්න බව දැන දැන උන් දෙන්නා ෆේස් බුක් එකේ දාන ෆොටෝ එකකට "ලව්ලි කපල්" කියල හාට් එකක් දාන්න ගොඩක් දෙනෙක්ට පුළුවන් උනාට උන් දෙන්නා දික්කසාද වෙන එක ගැන ධනාත්මක විදියට කතා කරන්න ඒ අය ලෑස්ති නෑ.
එහෙම තත්වයක් තිබ්බ බව දැන දැනත් දික්කසාදය දකින්නේ ඒ ජීවිතයේ වැටුන තැනක් විදියට.
කිය කිය හිටපු කතාවට ආයෙම ආවොත්, ගොඩක් දෙනා හිතන්නේ.. ගොඩක් දෙනාට හිතන්න පුරුදු කරල තියෙන්නෙ ආදර සම්බන්ධතාවයකට කෙළවෙන්නෙ 'වෙන්වීම' කියන පොයින්ට් එකේදි කියල.
ආදර සම්බන්ධතාවයකට කෙළවෙනවා කියන්නෙ දෙන්නා වෙන්වීම කියල ගොඩක් අය හිතන් හිටියට ඇත්තට එහෙම නෙමේ කියලයි මට හිතෙන්නෙ. දෙන්නාගෙම හරි දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ හරි හිතේ දිගින් දිගටම අසතුට පැලපදියම් වෙන එකයි කෙළවීම පටන් ගන්න මොහොත.
එතනදියි රිලේෂන්ශිප් එකකට කෙළවෙන්නෙ.
ඕකෙ අන්තිම ප්‍රතිපලය තමා වෙන් වෙන එක.
කෙල්ලට/කොල්ලට බූට් එක තියද්දි, දික්කසාද වෙද්දි රිලේෂන් එකට කෙළ වෙලා ගොඩක් කල්.
අපි ඔය වෙන් වෙන පොයින්ට් එක මාරම නෙගටිව් දෙයක් විදියට දැක්කට ඇත්තටම ඒක පට්ටම පොසිටිව් දෙයක්.
නිදහස් වීමක්.. අලුත් ජීවිතයකට අඩිය තියන්න අවස්ථාවක් ලැබීමක්.. ගත වුන කාලයේ ලැබුන අත්දැකීම් එක්ක තමන්ට තමන්වම එක්ස්ප්ලෝර් කරන්න අවස්ථාවක් ලැබීමක්..
වෙන් වෙන්න ගන්න තීරණයම පට්ට ධනාත්මක පියවරක්.
ඔය මොහොත සමාජය කියන තරම්ම නෙගටිව්ද?
ට්‍රයි කරන්න පුලුවන් උපරිමේටම ට්‍රයි කරල, බැරිම තැන මිනිස්සු වගේ වෙන් වෙන්න තීරණය කරන එක ඔය තරම් කුජීත දෙයක්ද?
ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ.. මිනිස්සුන්ගේ ජීවිත වල ආඩම්බර වෙන්න ඕන මොනවටද, ලජ්ජා වෙන්න ඕන මොනවටද කියන එක තීරණය කරන්නෙ සමාජය.
ඒ කියන්නේ මිනිහෙක්ගේ ආඩම්බරය සහ ලජ්ජාව (pride and shame) තීරණය කරන නිර්ණායක නියම කරන්නේ සමාජය විසින්.
ඒ අනුවයි සමාජය කියන්නේ "අවුරුදු හත අටක ලව් අෆෙයාර් එකක් නවත්තන එක... දික්කසාද වෙන එක ජීවිතයේ අසාර්ථක ලැජ්ජා වෙන්න ඕන කාරණයක්" කියල
නමුත් සමාජයෙන් දීල තියෙන නිර්ණායක ප්‍රශ්න කරල..
ඒවයේ තියෙන ගොබ්බ කම තේරුම් අරගෙන ඒවට පයින් ගහල දාලා..
තමන්ගේ වටේ ඉන්න උන් තමන් ගැන හිතන දේ අනුව තමන්ගේ පුද්ගලික තීරණ නොගන්න මට්ටමට එන්න පුළුවන් නම්..
ඔය ඔක්කොමල්ලට මැද ඇඟිල්ල පෙන්නලා විඳවන ජීවිතයක් වෙනුවට විඳින ජීවිතයක් හොයාගෙන යන්න පුළුවන්කම ලැබෙයි
අසතුට වෙනුවට සතුට හොයාගෙන යන්න පුළුවන් වෙයි.
ඒකට ඉතින් ගට තියෙන්න ඕන.
"මම අනිත් අය මම ගැන හිතන දේ ගනන් ගන්න කෙනෙක් නෙමේ"
කියල ෆේස් බුක් එකේ බොරුවට එක එක පේජ් කාරයෝ හදපු ෆොටෝ ශෙයාර් කරල විතරක් නම් ඒ දේ කරන්න මේ කපේදි පුළුවන් වෙන එකක් නෑ.

Saturday, September 17, 2016
හං කෑල්ල මත පදනම් වූ විවාහ ගනුදෙනු
“මගේ අම්මලා මුළු ජීවිත කාලෙම කිව්වෙ අඳුරන්නෙ නැති පිරිමි එක්ක කතාකරන්නවත් එපා කියල. එහෙම කිව්ව ඒගොල්ලොම දැන් කියනව අඳුරන්නෙ නැති මිනිහෙක්ව කසාද බැඳලා ජීවිත කාලයම ඒ මිනිහා එක්ක ඉන්න කියල”
කාලෙකට කලින් කොහෙන්දෝ දැකලා ඔලුවේ හිරවුන කතාවක්.
මේ කතාවේ එළිපිට නොකියන කෑල්ල තමයි,
“දුවේ මොන දහන් ගෑටේ දාලා හරි ඔය කකුල් දෙක මැද්දේ අහවල් එක අස්සේ තියෙන හම් කෑල්ල ආරක්ෂා කර ගනින්” කියන කතන්දරේ.
එහෙම වෙන්නේ, විවාහයට සහකාරිය තෝරගද්දි අහවල් එක අස්සේ තියෙන හම් කෑල්ලකින් ගෑණියෙක්ගේ පිවිතුරු බවක් හොයන්න සමාජය පෙළඹිලා ඉන්න නිසා. මේ කතන්දරේ තියෙන කැත පැත්ත තමයි, අහවල් එක අස්සේ තියෙන හම් කෑල්ලෙන් ගැහැණියකගේ පිවිතුරු බව සොයන පිරිමි ඉන්න සමාජයක. ඒ පිවිතුරු බව ඒ පිරිමින්ගෙන්ම ආරක්ෂා කර ගන්නට සිද්ද වෙලා තියෙන එක.
ඒ නිසා තම දියණියට විවාහ වෙළඳපොළේ තියෙන ඉල්ලුම තීරණය වන ප්‍රධානම සාධකයක් වන ඒ හම් කෑල්ල ආරක්ෂා කරන්න දැඩි නීති රැකවල් සීමා පනවන්න දෙමාපියන් පෙළඹිලා.
ගෑණු දරුවා වැඩිවියට පත් වුන දවසේ ඉඳලමත් (සමහර විට ඊට පෙරත්) ඇයව පිරිමින්ගෙන් ආරක්ෂා කරන්න ඕන. ඇයගේ ස්වභාවික අවශ්‍යතා වලින්, ඇගේම ආශා වලින් ඇයව ආරක්ෂා කර ගන්න ඕන.
බොහෝ දෙමාපියන් කරන්නේ තමාගේ දියණියන්ව නිසි වයස යයි ඔවුන් හඳුන්වන වයසකට පැමිණෙන තුරු කූඩු කොට තබල, ඉන්පස්සෙ තමා තීරණය කරන පිරිමියෙක්ට විවාහ කරල දෙන එක.
මේ විකාරරූපී විකෘති වූ සදාචාරයක් අස්සේ විවාහය තෙක් තමන්ගේ දෙමාපියන්ගේ සිරකාරියන් වන තරුණියන්ට ඒ සීමාවීම නිසාම තමාට ගැලපෙන සහකාරයෙක් තෝරාගන්නවත්, තෝරාගත්ත සහකාරයාව ආශ්‍රය කරලා තේරුම් ගන්න ඉඩක් ලැබෙන්නෙ නෑ.
මෙවන් සීමා මායිම් අස්සේ හිරවෙලා නිදහසක් නැති ජීවිතයන් ගත කරන ඔවුනට රිසි සේ ආදරය කරන්න, ආදරය විඳින්න ලැබෙන්නේ නෑ.
පියාගේ අධිකාරියෙන් හිර වෙලා තමාගේ ජීවිතයේ මුල් දශක කිහිපය ගත කරන ඇයට ඉන් නිදහස් වීම සමරන්න වෙන්නේ සුදු ඇතිරිල්ලක් දාපු ඇඳක වෙන මිනිහෙක් ඉස්සරහා කකුල් දෙක ඈත් කරගෙන.
ඒ මිනිහා පවා තෝරාගන්න ඇයට තියෙන නිදහස දෙමාපියන් විසින්ම නැතිකරලා දාලා.
මීට මාස කිහිපයකට කලින් මගේ මිතුරියක් හැඬූ කඳුළින් කිව්වෙ ඇයගේ දෙමාපියන් ඇයව බලහත්කාරයෙන් නාඳුනන පුද්ගලයෙක්ට විවාහ කරලා දෙන්න යන බව.
ඔව්.. ඇයගේ දෙමාපියන් ඇයගේ ජීවන සහකාරයා ඇයටම තෝරලා දීලා
ඒ තීරණයට ඇයගේ කැමැත්ත අකමැත්ත වැදගත් වෙලා නෑ.
දැන් ඇයට තියෙන්නේ දෙමාපියෝ තීරණය කරපු ඒ මනමාලයාව ගිහින් කසාද බඳින්න. දෙමාපියන්ගේ තීරණයට අවනත වෙන්න.
මේ විවාහ ගණුදෙනුව තීන්දු කරද්දි දෙමාපියන් ඇයගේ කැමැත්ත විමසීමක් කරලත් නෑ. කැමැත්ත විමසන්න අවශ්‍යතාවයක් තිබිලත් නෑ.
මොකද, දෙමාපියෝ දරුවන්ට හොඳම දේ මොකක්ද කියල දන්නවනෙ. ඉතින් දරුවෝ වෙනුවන් දරුවන්ගේ ජීවිත වල වැදගත්ම තීරණ ගන්නෙ දෙමව්පියෝ !
මේ අත්දැකීම මගේ මිතුරියට විතරක් සීමා වුන එකක් නෙමෙයි.
දිනපතාම ලෝකයේ විතරක් නෙමේ, අපේ රටේත් දරුවන් කීදෙනෙක් අකමැත්තෙන් දෙමාපියන්ගේ බලකිරීම් නිසා විවාහ වෙනවද? කීදෙනෙක්ට තමාගේ විවාහයන්ට, ආදර සබඳතාවලට දෙමාපිය බලපෑම් නිසා නැවතීමේ තිත තියන්න වෙනවද?
ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව තරුණයෝ තරුණියෝ දෙගොල්ලොම තමන්ගේ දෙමව්පියන් ඉදිරියේ අසරණ වෙනවා.
තමන්ගේ ජීවිතය ගෙවන්න සුදුසු සහකාරයෙක්/සහකාරියක් තමාගේ කැමැත්තට අනුව තෝරගන්න ඔවුන්ට තියෙන අයිතිය නැති කරන්නේ වෙන කවුරුවත් නෙමේ, ඔවුන්ගේම දෙමව්පියෝ.
මේ බලහත්කාරකම් සිද්ධ වෙන්නෙ විවාහ යෝජනා කියල හඳුන්වන ශිෂ්ට සම්පන්න බෝඩ් ලෑල්ලක් පිටිපස්සෙ,
මේ මානව අයිතීන් උල්ලංඝනය කරන අමනයන් හැංගිලා ඉන්නේ අපේ සමාජය විසින් සුවඳ ඳුම් අල්ලමින් උදේ හවහ වන්දනාමාන කරනා දෙගුරුන් කියන පට්ටමක් පිටිපස්සෙ,
විවාහ යෝජනා නාමයෙන් ආවට ඇත්තටම මේවා විවාහ යෝජනා ද?
මොකද, යෝජනාවක් නම් විවාහයට සම්බන්ධ වෙන ප්‍රධානම පාර්ශව දෙක වන මනාලයාට හරි මනමාලියට හරි ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරන්න හැකියාව තියෙන්න ඕන..
ප්‍රතික්ෂේප කරන්න බැරි නම් ඒක යෝජනාවක් වෙනවද?
මේවා විවාහ යෝජනා නෙමේ, විවාහ ගනුදෙනු..!
වැඩිවියට පත් තමාගේ දරුවා තමාට අයිති දේපලක්ය කියලා හිතන, ආත්මාර්ථකාමී දෙමව්පියන් දෙපිරිසක් එකතු වෙලා, ඒ දරුවන්ව යොදාගෙන තමාගේ ආත්මාර්ථකාමී අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න (තමන්ගේ පවුල, පෙළපත, කුළය තවත් ඔසවා තබන) ගනුදෙනු !
තමා කැමති සහකාරයා/සහකාරිය තෝරාගන්න තියෙන නිදහස නැති කරලා, වෙනත් පාර්ශවයක උවමනාවකට විවාහ දිවියකට ඇතුල් වෙන්න සිද්ධ වෙන එක සසඳන්න පුළුවන් මංගල්‍යයකට නෙමේ, චිත්‍රපටියක මුහුරත් උත්සයකට. ඒ අතින් ඔවුන්ට සහභාගී වෙන්න වෙන්නේ විවාහ මංගල උත්සවය කියලා ඔවුන්ගේ දෙමාපියන් සතුටු වන, දෙමාපියන් විසින් පිටපත ලියලා, දෙමාපියන් විසින්ම අධ්‍යක්ෂණය කරලා නිශ්පාදනය කරලා එළිදක්වන දෙමාපියන්ගේ පෙළපතේ අඩම්බරය සහ සතුට සමරන උත්සවයකට.
මානුෂීය සබඳතාවයකට බලෙන් ඇතුලත් කලත්, පුද්ගලයෙක්ව නීත්‍යානුකූලව තවත් කෙනෙක්ට ලියල දුන්නත් එකයි; මානුෂීය සබඳතාවයකින් ඈත් වෙන්න කියල බලපෑම් කලත් එකයි.
දෙමාපියන්ගේ බලහත්කාරයෙන් සිද්ධ වෙන විවාහ මංගල්‍යන් හා සමානවම දෙමාපිය බලපෑම් නිසා අතහැර දමන්න සිද්ධ වෙන ප්‍රේම සම්බන්ධතාද එමටයි.
වැඩිවියට පත් වුන තමාගේ දරුවාගේ කැමැත්තට, අකමැත්තට ගරුකරන සංස්කෘතියක් අපේ නැහැ. ඒ වෙනුවට තියෙන්නේ වැඩිහිටි දරුවන්ට තමාගේම ජීවිතය ගැන තීරණ ගැනීමට තියෙන අයිතිය මංකොල්ලකන දෙමාපියන්ට වන්දනා කරන සංස්කෘතියක්. ඒ මංකොල්ලකෑම සාමාන්‍යයකරණය වූ සංස්කෘතියක්. ඒ මංකොල්ල කෑම හිස පහත් කරගෙන පිළිගන්නා සංස්කෘතියක් !
දශක ගණනක් මුළුල්ලේ තමා හදා වඩා තියෙන්නේ තමාගේ ජීවිතය ගැන තීරණ ගන්නවත් නොහැකි ගොන් මැට්ටෙක්වය, මැට්ටියක්වය කියා යම් මවක්/පියෙක් තම දරුවා ගැන සිතනවා නම්, එය එම දෙමව්පියන්ගේ අසාර්ථකත්වයේ ප්‍රතිබිම්භයක් පමණයි.
වයස විස්ස විසිපහ සීමාව ඉක්මවූ වැඩිහිටිපරපුරක් දෙස සමාජයක් වශයෙන් අපි බලන්නේ ‘ළමා වැඩිහිටියන්’ ලෙස නම්, ඔවුන්ගේ තීරණ ගැනීමේ හැකියාව ගැන ඇති අවිනිශ්චිත බව නිසාම ඔවුන්ට කලින් පරපුර ඔවුන් වෙනුවෙන් තීරණ ගත යුතු නම්,
ඔවුන්ව සලකන්න වෙන්නෙ තරුණ පරපුරක් විදියට නෙමේ, ළමයින් විදියට. වයසින් වැඩිහිටියන් වුනත් මනසින් ළමයින් වන ‘ළමා වැඩිහිටියන්’ විදියට.
තත්වය මොකක් වුනත්, ඔවුන්ගේ දෙමාපිය පරපුර ඔවුන්ට සලකන්නේ ඒ විදියට.
ඔවුන්ගේ ජීවිත ගැන ඔවුනට හිමි නිදහස, වගකීම වැටකඩොළු දාලා නැති කරන දෙමාපියන් තම දරුවන්ට දෙන්නේ තේරීමක්;
“උඹ අපි කියන දේ අහල අපේ කැමැත්ත කරන්න ඕනි. එහෙම නැත්නම් අද ඉඳලා අපි මැරුන කියල හිතාගනින්. උඹට ලොකු ඒකිවද? අපිවද?”
මේ විදියට දරුවන් තුළ තමාට ඇති ආදරය, ගෞරවය දඩමීමා කරගෙන ඔවුන්ව අසරණ තත්වයට ඇද දමන දෙමාපියන් ඇත්තටම බැලුවම තම දරුවන්ට තේරීමක් ලබා දෙන්නේ නෑ.
තමා කැමති විදියට වැඩ කරන්නෙ නැති, විවාහ වෙන්නෙ නැති, ප්‍රේම සම්බන්ධතා වලට නැවතීමේ තිත තියන්නෙ නැති දරුවෙක්ගේ ජීවිතය ඔවුන් අපායක් බවට පත් කරන්නේ දරුවන් තුළ ඔවුන්ට ඇති ආදරයම ඔවුන්ගේ අවිය කරගනිමින්.. සමාජයක් වශයෙන් දැන්වත් අප අපගේ තරුණ පරපුරට වැඩිහිටියන් සේ සැලකීමට පටන් ගත යුතුය. ඔවුන්ට ඔවුන්ගේ ජීවිත ගැන තීරණ ගන්නට තිබෙන නිදහස පිළිගත යුතුය.
මෙවන් දෙමාපියන් කෙරෙහි අප දක්වන ආකල්ප වෙනස් කර ගත යුතුය.
රටේ අනාගතය නියෝජනය කරන පරපුරකට, රට ගැන තීරණ ගැනීමට පෙර, තම තමන්ගේ ජීවිත ගැන තීරණ ගන්නට ඇති නිදහස පිළිගත යුතුය.

Saturday, July 23, 2016
දික්කසාදය ; ඔච්චරටම අවුල්ද?
"මුං දෙන්න දික්කසාද වුනා මදිවට එකට ස්ටේජ් නැගලා දරුවන්ටත් ලැජ්ජ කරනවා"
අතුල සමිතා දෙපල වෙන්වීමෙන් පස්සෙ මුලින්ම ස්ටේජ් නැගපු දවස් වල මගේ නැදෑකෙනෙක් කියපු කතාවක්. ඇයට පුළුවන් කමක් තිබ්බෙ නැහැ දික්කසාද වුන අතුල සමිතා එකම වේදිකාවක නැගලා මිනිස්සු විදියට හිනා වෙලා ඉන්න එක තේරුම් ගන්න.
මොකද, අපේ රටේ දික්කසාදය කියන්නෙම කුණුහරපයක්. අසාර්ථකත්වයේ සංකේතයක්. දික්කසාදයක් සිද්ධ වුනාම ඒක සලකන්නේ අදාල මනුස්සයාගේ ජීවිතයේ මකන්න බැරි කළු පැල්ලමක් විදියට. මොකක් හරි හේතුවක් නිසා දික්ක්සාද වුනාම එතනින් එහාට ඉතුරු වෙන්නේ ජම්මන්ත වෛරක්කාරයෝ දෙන්නෙක් මිසක තේරුම් ගැනීමන් ක්‍රියාකරන මනුස්සයො දෙන්නෙක් නෙමේ.
"ඔය දියුණුයි කියන රටවල දික්කසාද හරිම වැඩියි. ඒකට අපේ සංස්කෘතිය.. අපි ඉන්නෙ උන්ට වඩා සෑහෙන ඉස්සරහින්"
ඔය වගේ කතා පදනම් වෙන්නෙ දික්කසාදයෙන් විවාහ ජීවිතයක සාර්ථකත්වය මනින්න පුළුවන්ය කියන සිතිවිල්ල මත. ඇත්තටම දික්කසාද වීම හෝ නොවීම කියන කාරණය මත එහෙම සාර්ථකත්වය මනින්න පුළුවන්ද?
අපේ වගේ රටවල තවමත් ගැහැණිය කියන්නෙ පුරුෂයා මත යැපෙන්නෙක්. පුරුෂයා කියන්නෙ හැම වෙලේම වගේ නොඉඳුල් ගෑණියෙක් බලාපොරොත්තු වෙන කෙනෙක්. දික්කසාදයකින් අවසන් වුන විවාහයකින් පස්සෙ තමාට යැපෙන්න තවත් පිරිමියෙක් හොයාගන්න තියෙන අපහසුකම, සමාජ අපවාදයට මුහුණ දෙන්නට තියෙන නොහැකියාව, දරුවන්ගේ ප්‍රශ්න වැනි නොයෙකුත් දේ නිසා දික්කසාදයට නොයා ජීවිතය විඳවමින් දුක් කම්කටොලු රාශියක් දරාගෙන නිකන්ම කාලයට ගෙවිල යන ජීවිත කීයෙන් කීයක් අපේ රටේ විතරක්ම තියෙනවයි කියලද?
දික්කසාදය කියන සංකල්පය ඇතුලෙම තියෙන්නෙ එක්කෙනෙක්ට අනිකා නැතුව ජීවත් වෙන්න තියෙන හැකියාව පිළිබිඹු කිරීමක්. එතන තියෙන්නෙ වැඩිහිටියෙක් විදියට තමාගේ ජීවිතය ගැන ඇගයීමේ හැකියාවක්.. සත්‍යයට මුහුණදීමේ හැකියාවක්.. මහ පොළව මත පය ගහල ජීවත් වෙන්න තමාට හැකි බව කියවෙන පුද්ගලයෙකුගේ ආත්ම ශක්තියේ ප්‍රකාශනයක් වගේම පුද්ගලයෙක් විදියට පෙන්නුම් කරනා ස්වාධීනත්වයක්..
ඒ අතින් බලද්දි දුක්ඛිත කසාද ජීවිත අස්සෙ හිර වෙලා ඉන්න අපේ ස්වාධීනත්වය ගැන ප්‍රශ්නයක් ඉතිරි වෙනවා.
වෙන රටවල අවුරුදු 16-18 ගත වෙද්දිම සුළු හරි රැකියාවක් කරමින් ස්වාධීන ජීවිත වලට පය තබන තරුණ පරපුරකට සාපේක්ෂව අපේ රටේ ඉන්නෙ ඒ වයසෙදි අම්මගෙන් සල්ලි ඉල්ලගෙන පියාගෙන් අවසර අරගෙන තමාගෙ වැඩ කරගන්න සිද්ධ වෙලා තියෙන දෙමව්පියන් මත යැපෙන තරුණ පරපුරක්. කොටින්ම මෙතනදි විවාහය, පවුල් ජීවිතය පමණක් නෙමේ දික්කසාදය පවා තීරණය වීමේ මූලික භූමිකාවක් දෙමාපියන් රඟපානවා.
ඒ අතින් අපි ස්වාධීන නැහැ. ඉතින් ස්වාධීන තීරණ ගන්න විදියක් නැහැ අපි යැපෙන්නො... විවාහයෙන් පස්සෙත් එකිනෙකාගෙන් තොර පැවැත්මක් ගැන හිතන්නවත් බැරි යැපෙන්නො !
ඉතින් ඔහොම කුජීත සිස්ටම් එකක් අස්සෙ ඉඳගෙන තමයි අපි දික්කසාද රේට් එකෙන් අපේ සාර්ථකත්වය කියවන්න හදන්නෙ. නමුත් ඒ කියවීම අස්සෙ අපි අපිවම රවට්ටා ගන්න බව තමයි ඒක අස්සෙ හැංගිලා තියෙන ඇත්ත කතාව !

Subscribe to:
Posts (Atom)
බුදුන් මැරීම
“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...

-
“කලාකාරයෝ කියන්නේ හරිම සංවේදී මිනිස්සු” ඒ කලාකරුවන්ගේ මුවින් නිතරම පිටවන වදන් පෙළකි. "අපි කලාව විකුණනෙ නෑ, මම කලාව කරන්නේ ම...
-
මෙය නිතර ඇසෙන ප්රශ්නයකි. මුලින්ම තේරුම් ගත යුත්තේ ලෝකයේ තේරුමක් ඇති ප්‍රශ්න සහ තේරුමක් නැති ප්‍රශ්න යනුවෙන් ප්‍රශ්න වර්ග දෙකක් ඇති බව...
-
මනුෂ්‍යයයෙකු සුළු දිය පහකරන්නේ සිට ගෙනද නැතිනම් ඉදගෙනද යන්න මත එම තැනැත්තාව උසස් හෝ පහත් ලෙස වෙන් කිරීම ඉතාමත් ප්‍රාථමික බෙදීමක් යැයි බ්ලොග්...
-
පොදුවේ මිනිස්සු අනිත් අය ගැන හිතන්න, අනිත් අයට උදව් කරන්න කැමති තමන්ගේ පැවැත්මට බලපෑමක් නොවන මට්ටමින් විතරයි. KFC එකට රෑ කෑමකට යන පවුලක...
-
ලසිත් මාලිංග කියන්නේ වෘතිය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සිංහලෙන්ම කියනව නම් රස්සාවට ක්‍රිකට් ගහන මනුස්සයෙක්. ඒ මනුස්සයා (ඇතුළු රස්සාවට...