Thursday, March 31, 2016

දීපිකා වගේ ඇඟක් හදාගන්නේ කොහොමද



"මම අද ඩයට් අනේ.. වැඩිය මුකුත් කන්නෙ නෑ.. දවල්ට චූට්ටක් කාලා, රෑට මුකුත්ම නොකා නිදාගන්නවා.. ඇඟ හදාගන්න ඕනි අනේ. ෆිගර් එක.."
ඕනම කෙනෙක් ව්‍යායාම් කරනවා නම් ඒක නිරෝගී සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න ඉතාම හොඳ දෙයක්. කෑම පාලනය කරන එකත් හොඳ දෙයක්. ඒත් කෙට්ටු වෙන්න කියල නොකා ඉන්නව නම් අන්තිමට නවතින්නේ නැති ප්‍රශ්න ඇති වෙලා.
යහපත් ශරීරයක් හදාගන්න නම් කරන්න ඕන නොකා ඉන්න එක නෙමේ, කෑම පාලනය කරන එක. සමබර ආහාර වේලක් ගන්න එක.
ඩයට් කරනවා කියල නොකා ඉන්න ලෙඩේ ගොඩක්ම තියෙන්නේ ගෑණු ළමයින්ට. හේතුව තමා මේගොල්ලන්ට ඕනේ ලස්සන ෆිගර් එකක්. දැක්කාම කොල්ලො කොර වෙලා යන ඇඟක්.
සාධාරණයි. තමන්ගේ විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනය දිනාගන්න කවුරුත් කැමතියි. හොඳ පෙනුමකින් ඉන්න කවුරුත් කැමතියි.
ඒත් මේ තරුණ/තරුණියන් මවාගෙන ඉන්න ශරීරය ඇත්තටම ප්‍රයෝගිකව හදාගන්න පුළුවන්, පවත්වාගෙන යන්න පුළුවන් එකක්ද?
ඊට කලින් හිතන්න ඕන මේ අය මවාගෙන ඉන්න මේ අංගසම්පූර්ණ පර්ෆෙක්ට් බොඩි එක මේගොල්ලන්ගේ ඔලුවලට ආවේ කොහෙන්ද කියන එක
ඔය අයිඩියල් බොඩි ඉමේජ් එක කියන එක තරුණ/තරුණියන්ට මවලා දෙන්නේ මාධ්‍යය/චිත්‍රපට/සංගීත ක්ෂේත්‍ර වලින්. ඔතනදි ඔය බොඩි ඉමේජ් එක මාර්කට් කරන්න ගොඩක් වෙලාවට යොදාගන්නේ වෘතිය මට්ටමේ නිරූපිකාවන් හෝ නළුනිළියන්. ඒ අයගේ රැකියාවම තමා ඇඟ හදාගන්න එක. ඒ අයගේ ආදායම තීරණය වෙන්නේම ඒ අයගේ පෙනුම මත.
ඒ වගේ නළුනිළියන් නිරූපනනිරූපිකාවන් යොදලා නිර්මාණය කෙරෙනවා "සෙක්සි ලස්සන කෙල්ල" කියල ස්ටෑන්ඩර්ඩ් එකක්. කත්‍රිනාගේ වගේ සුදු හමයි, ප්ර්‍රිය්ංකාගේ ලෑල්ල වගේ බඩයි, කරීනාගේ වට්ටක්කා ගෙඩිය වගේ පස්සයි, බිපාෂාගේවගේ පියයුරු දෙකකුයි.. වගේ ලස්සන සෙක්සි කෙල්ලෙක්ට තියෙන්න ඕන අංගෝපාංග ටිකක් නිර්මාණය කරලා මාර්කට් කරනවා.
ඔය මාර්කට් එකෙන් ඉලක්ක කරන්නේම පිරිමින්ව. ලොකයේ සියයට අනූවකට වඩා වැඩි වෙළඳ දැන්වීම්, මියුසික් වීඩියෝ, චිත්‍රපට, නිර්මාණය කෙරෙන්නේ පිරිමි මනස ඉලක්ක කරගෙන.
ඒ අනුව මෙතනදි පිරිමියාට හදල දෙනවා පර්ෆෙක්ට් ඇඟක් තියෙන සර්වසම්පූර්ණ කෙල්ලක්. වෙන ලෝකෙකින් ගෙනත් තියලා වගේ.
ඔතනදි තමයි තරුණියෝ මේ ලණුව අරගෙන රස කර කර කන්න පටන් ගන්නෙ. මේගොල්ලන්ටත් ඕන වෙනවා අර "ලස්සන සෙක්සි කෙල්ල" වෙන්න. එහෙම වෙලා ඒ බොඩි එක හොයන පිරිමින් ඉස්සරහා තමාට වටිනාකමක් හදාගන්න.
නමුත් ගොඩක් අයට තේරෙන්නේ නෑ ඕක අමුම අමු මිත්‍යාවක් කියන එක. නළුනිළියන් නොවන සාමාන්‍ය තරුණියන්ට ඒ වගේ ඇඟවල් හදාගන්න බැහැ, සහ එහෙම කරන්න ඕනත් නැති බව.
ඔය නිසා තමයි දකින දකින තැන කෙල්ලෝ පුකවල් හිරවෙන්න ලෙගින්ස් ඇඳගෙන, ඇඟේ හැඩය ඉස්මතු වෙන්න ඇඳුම් ඇඳගෙන, කට්ට අව්වේ මේකප් දාගෙන, කෝච්චිය අල්ලන්න පවා හීල්ස් දාගෙන  දුවන්නේ..
මේ කියන්නේ ලස්සන ඇඟක් තියෙන එකවත්, ලස්සනට ඇඳලා පැළඳලා ඉන්න එකවත් නරකයි කියලවත් නෙමේ. නමුත් මනුස්සයෙක්ගේ වටිනාකම ඒ මනුස්සයාගේ බඩේ හැටියෙනුයි, තන්දෙකේ හැටියෙනුයි, පුකේ හැටියෙනුයි මනිනවා නම් ඒක සමාජයක් විදියට එච්චර හොඳ දෙයක් නෙමේ.
මනුස්සයෙක්ට රෝල් role model ලා හිටියට කමක් නෑ. නමුත් ඒ role model ලව තෝරලා බේරලා හරියට තෝරගන්න එක වැදගත්. තමාගේ role model විදියට ඉන්නේ ලස්සන 'ඇඟක්' තියෙන නිළියෙක් නම්, නළුවෙක් නම්.. එතන පොඩි අවුලක් තියෙනවා නේද?
එහෙම කියලා තරබාරු විරූපී ගෑණු වෙන එක කමක් නෑ කියනවා නෙමේ
ගෑණු වේවා පිරිමි වේවා තමාගේ කෑම පාලනය කරලා නිරෝගී විදියට ඉන්න එකයි සුදුසු.
හැබැයි එහෙම ඉන්න හැම කොල්ලාටම සික්ස් පැක් එකක්වත්, හැම කෙල්ලටම ලෑල්ල වගේ බඩකුත් තියන්න ඕන නම් නැහැ

6 comments:

  1. ස්තූතියි ලලිත්. ආයෙත් එන්න මේ පැත්තේ ඇවිත් යන්න

    ReplyDelete
  2. දැන් මේ දෙකම් ලියන්නේ එක්කෙනාද.....නැත්තං එක්කෙනෙක් කොපි කරනවද?

    Mayya



    http://magewalpal.blogspot.com/2016/03/blog-post_75.html

    https://asammathayaaa.wordpress.com/2016/04/04/diet/

    ReplyDelete
    Replies
    1. දෙකම ලියන්නේ සංජය ශ්‍රීකාන්ත් හෙවත් ජේමිස් බණ්ඩා හෙවත් සංජය ශ්‍රීකාන්ත්. අසම්මතයා සීරියස් එක. වල්පල් නිකමට ආතල් එකට ලියන එක. මිත්‍රයෙක්ගේ ඉල්ලීම නිසා වල්පල් එකට ලිව්ව ඔය ලිපිය අසම්මතයා එකෙත් පෝස්ට් කලා. ඉදිරියේදී බ්ලොග් දෙකේම එකම ලිපි පෝස්ට් කරලා මේ වගේ පටලැවිලි නොවෙන්න වගබලාගන්නම්.

      Delete
  3. ඔයා මගේ බ්ලොග් පෝස්ට් එකකට දාපු කමෙන්ටුවක් දිගේ හෙයාන හොයාන හොයායායායාන ආවා. විශේෂයෙන් ඔයා කියල තිබ්බා “ටැබූ ගෙ බ්ලොග් එක “ ගැනත් යමක් .ඒ නිසා හොයාන එන්නම හිතුනා...

    කෙල්ලො බහුතරයක් හිතුවට කොල්ලො හොයන කෙල්ල සෙක්සි ෆිගර් වෙන්න ඕනි කියලා සමහර කොල්ලො ඉන්නවා එහෙම කෙල්ලන්ව නෙමේ හොයන්නේ..........ඒකත් කියලම එහෙනම් මම ගිහින් එන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ බ්ලොග් එකේ අකුරු ටැබූ ගේ‍ බ්ලොග් එකේ අකුරු වගේම පොඩියි කියල කියපු කතාව නේද? :D

      මගේ බ්ලොගයට සාදරයෙන් පිළිගන්නවා. ආයෙත් ඇවිත් යන්න එන්න. ජය !

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...