Sunday, April 10, 2016

අනෝමා, නදීෂා සහ සනී ලියෝන්


අනෝමා ගැන නිහිංසා ලියල තිබ්බ සටහනක් කියවන්න ලැබුනා
සටහන අවසානයේ නිහිංසා ඉතුරු කරල තිබ්බෙ ප්‍රශ්නාර්ථයක්, නිගමනයක් වෙනුවට
නිගමනයක් වෙනුවට ප්‍රශ්නාර්ථයක් !
මම ඒකට කැමතියි.
මට හිතෙන්නේ මිනිස්සුන්ව කියවන්න උත්සාහ කරනවට වඩා මිනිස්සු සමාජයට ඇති කරන බලපෑම කියවන්න උත්සාහ කරන එක සාධාරණයි කියල.
මොකද, මනුස්ස ජීවිතයක් කියන දේ ඒ තරම්ම සංකීර්ණයි. ඒ සංකීර්ණත්වය ඉස්සරහා ඒ කියවීම අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
අනෝමා කියන චරිතය කතාබහට ලක් වෙන්නේ මුහුණු පොත හරහා එළිබසින ඇයගේ අසාමාන්‍ය(?) ක්‍රියාකාරීත්වය හේතුවෙන්.
විටක ඇගේ අදහස් සටහන් ආකාරයෙන් ඉදිරිපත් කිරීම මඟිනුත් විටෙක ඇගේ අඩනිරුවත නිරාවරණය කිරීම මඟිනුත් ඇය සමාජයේ කතාබහක් ඇති කරනවා
සමහර විට අනෝමා කරන්න උත්සාහ කරන්නේ තමාගේ නිරුවත හරහා සමාජයට යම් විදියක අභියෝගයක් කරන්න වෙන්න ඇති.

"මරු වැඩේ තමයි කාය වර්ධනය පෙන්වන්න පිරිමි අයට පුළුවන් වුණාට අපිට බැහැ.ඇයි ? පිරිමි අයට under wear එක පිටින් මස් පිඬු ප්‍රදර්ශණය කරන්න පුළුවනි.ඒත් කාන්තාවන් එහෙම කරනකොට ඒක මට නම් වස කැතයි.පිරිමින්ව අපි අනුකරණය කරනවා වගේ.ඉතින් මම කැමරා ශිල්පියාට කිව්වා මේ විදිහට පින්තුරු ගනිමු කියලා.කාන්තාව අයෝමය වුණත් සෞන්දර්යාත්මක විය යුතුයි."
තමාගේ ශරීරය මඟින් සමාජයට ඇය කරන්න උත්සාහ කරන අභියෝගය ගැන අනෝමා කියල තිබ්බේ එහෙම,
අනෝමා කරන්න උත්සාහ කරන මේ අභියෝගයම, මෑත කාලයේ කරපු අනෙක් චරිතය තමයි නදීෂා හේමමාලි.
"ගණිකා වෘතිය කියන්නෙත් වෘතියක්. අපි ඒකට ගරු කරන්න ඕන. ගණිකා වෘතිය නැත්නම් මේ රටේ සමහරුන්ට පිස්සු හැදිල"
නදීෂා කිව්ව ඒ කතාව අස්සෙ හැංගිලා තියෙනවා පුරුෂලිංගයකින් පාලනය වෙන සමාජයේ සුචරිතවාදී පිරිමින්ට අමු අමුවේ කෙරෙන අභියෝගයක්.
ස්ත්‍රියගේ අසම්මත හැසිරීම ඉස්සරහා සමාජයේ තියෙන වෙව්ලිල්ලට අභියෝග කරන එක අතින් අනෝමාට වඩා බලපෑමක් නදීෂා හේමමාලිගෙන් වෙනව කියල මම හිතනව.
ඒ අතින් මම නදීෂට ආසයි.
ඒත් ඒ ආසාවම මට අනෝමා ගැන ඇති වෙන්නෙ නැහැ. සමහර විට නිදීෂයි අනෝමයි දෙන්නා නිරූපනය කරන්නේ ගැහැණියකගේ ජීවිතයේ අවස්ථා දෙකක් නිසා වෙන්න ඇති.
නදීෂා තරුණයි, ලස්සනයි, කටකාරයි, සරාගියි, කාමුකයි. ඒ තුළින් නදීෂාට පුළුවන් සමාජය දෙදරවන්න.. එක හාදුවකින් !
නමුත් ඒක අනෝමට කරන්න පුළුවන් වුනාද කියන එක ප්‍රශ්නයක්. මොකද කලින් කිව්ව නදීෂාගේ ඒ ලක්ෂණ එකක්වත් අනෝමා තුළ (දැන්?) නැහැ.
ගොඩක් අයට අනුව අනෝමා කියන්නේ කාට හරි කියලා තමා අඩනිරුවතින් ඉන්න හැටි කැමරා ෆෝන් එකකින් ෆොටෝ ගහලා ඉන්ටර්නෙට් එකේ දාන නාකි ගෑණියෙක් විතරයි. ඒනිසා වෙන්නැති නදීෂාට තියෙන කැමැත්ත මට අනෝමා ගැන නැත්තෙ.
මොනව වුනත් සුචරිතවාදී පින්වතුන්ගෙන් පිරුන සමාජයට නදීෂලා, අනෝමලා ඕන. මේ සමාජයේ නදීෂලා, අනෝමලා ඕන තරම් ඉන්නවා. නමුත් සමාජයට දරා ගන්න බැරි මේ අය එලියට එද්දි. සමාජය විසින් මේ අයට නියම කරල තියෙන සීමාව කඩාගෙන එළියට එද්දියි මිනිස්සු බලන්නෙ අඳුරේ සිටිය යුතු මේ අය එළියට ඇවිල්ලා මොකද කියල.
ඔය සුචරිතවාදීන් තනි වුනාම උන්ගේ ඇඟේ අමාරුව නැති කරන සනී ලියෝනි ලා ප්‍රසිද්ධ සමාජය ඉස්සරහා වේසියෝ විදියට හංවඩු ගැහෙන්නේ ඒනිසයි.
කිසිම සුචරිතවාදියෙක්ට නදීෂලව, අනෝමලව නැති කරන්න ඕන නැහැ. ඒගොල්ලන්ගේ සුචරිතවාදය රැකගන්න නදීෂල අනෝමල වගේ චරිත විතරක් නෙමේ සනී ලියෝන්, ජෙනා ජේමර්සන් වගේ ඊනියා නරක චරිත අවශ්‍යයි. මොකද ඔය සුචරිතවාදීන්ගේ සුචරිතවාදී බව රැඳෙන්නේ නදීෂලට, අනෝමලට, සනීලට සාපේක්ෂව. ඒ වගේ ගෑණුන්ව අඳුරේදී සිහින කුමරියන් කරගන්න ගමන් එළියේදී ප්‍රතික්ෂේප කිරීමත් උන්ගේ සුචරිතවාදී බවේ රංගනයේම කොටසක්. (නදීෂා, අනෝමාව සනී ලියෝන්ට සමාන කලා නෙමේ)

ආයෙත් අනෝමා ගැන කතාවට ආවොත්, අනෝමාට එයා කරන්න හදන මොකක් හරි දේ මේ විදියට නැතුව වෙන විදියකින් කරන්න තිබ්බා කියලත් හිතෙනව.
මොක වුනත් මම අනෝමාගේ හැසිරීම තුල දකින්නේ මොකක්දෝ නොගැලපීමක්.
මේ මගේ නිරීක්ෂණයක් මිසක විනිශ්චයක් නෙමේ. අනෝමාව විනිශ්චය කරන්න මම යන්නේ නෑ. මම අනෝමා ගැන මොනවද දන්නෙ. එයාගේ අරමුණු, එයාගේ මානසිකත්වය ගැන දන්නේ එයාමයි. සමහර විට එයාවත් දන්නෙ නැතුව ඇති.
එහෙම බලද්දි හිතෙනවා අපි දන්නවද අපේ අරමුණු, අපේ මානසිකත්වය ගැන කියල
අර සින්දුවකත් තියෙන්නෙ
"ගිනියම් ඉර....සඳ සිසිලස....
අතරේ හොයනව හොයනවා මේ.. අපි කවුරුද..."
සමහර විට අනෝමා එයා කවුද කියල තාම හොයනව ඇති.. අපි, අපි ගැන හොයනව වගේම

9 comments:

  1. සාර්තකත්වය හිසිංදරා ගත් ගැහැනියන් දෙදෙනෙකු.....ලියෝන් හැර...මොකද ලොයෝන් අපේ සමාජයේ පීඩිත ගැහැනියක් නෙවේ...ඇයගේ සමාජය පිරිස ගැහැනියව අතකොලුවක් කරගන්නෑ...ඒත් නදීශගෙයි අනෝමගෙයි සමාජ පිරිස හාත්පසින්ම වෙනස්....ඉතින් ඔවුන් ජයග්‍රාහකයින් අසහනකාරී පුරුෂ ලිඟුවල නිරුවත ලොවට කියාපාන...

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒත් මම සටහනෙන් කිව්ව වගේ අනෝමාට වඩා නදීෂා ඔය කියන අතින් ඉදිරියෙන්. නොගැලපෙන දේවල් කරද්දි මිනිස්සු ඉස්සරහ ජෝක් එකක් වෙනව බං. අනෝමාට වෙලා තියෙන්නේ එහෙම දෙයක් කියල මට හිතෙන්නෙ.

      සනී ලියෝනිට බටහිර රටවල කෙසේවෙතත් ඇය ඉන්දියාවේ සිනමා කර්මාන්තයට ආව නිසා ඉන්දියාවෙ නම් දැඩි විරෝධයක් ඇති වුනා. ඒක සනී හැන්ඩ්ල් කරා පට්ට විදියට. සිරාවටම කියනව නම් "ඇඬෙනවා" ඒකි ප්‍රතිචාර දක්වපු විදිය. මාර මැචුවර්ඩ් උත්තර දෙන්නේ.

      https://www.youtube.com/watch?v=PA66yrZt6FY

      වෙලාවක් තියේ නම් බලහන් මේ ඉන්ටර්විව් එක. සිරා මචන්

      Delete
  2. ලිපියෙන් හරියටම කියන්නේ මොකක්ද කියලා මට තේරෙන්නේ නම් නෑ...ගොඩක් වෙලාවට මගේ අඩුපාඩුවක් වෙන්න ඇති....

    මොනා උනත් ලිංගික ශ්‍රමයට නම් මිලක් මෙන්ම වෘත්තිය තත්වයකුත් ඇති කරන්න ඕනා....ඒකෙන් අදහස් වෙන්නේ නෑ මම මගේ දරුවෙකුට ඒ වෲත්තියට යොමු කරාට කමක් නෑ කියන එක....කෙනෙක් ලිංගික ශ්‍රමය විකුනන්නේ ගොඩක් වෙලාවට කරන්නම නැති දෙයක් නිසා හෝ අහම්හෙන් හෝ බලාහත් කාරයෙන් ඒ තැනට වැ‍ටුනු නිසා.... නැත්තං සල්ලි හින්දා ඕනෑම මනුස්සයෙක් එක්ක බුදියගන්න ලෑස්ති වෙයි කියලා හිතන්න් අමාරුයි...

    කෙසේ උන්ත ලිංගිකත්වය කියන්නේ මනුශ්‍යකුගේ මූලික අවශ්‍යතාවක්...කනවා බොනවා වගේ....ඒක සංතර්පනය කර ගත හැකි විදිමත් ආකරයක් තිබිය යුතුයි..

    අපි ගොඩක් දෙනා හැමෝම කරන්නේ මොකක් හරි දෙයක් විකුනන එක....කම්කරුවෝ තමන්ගේ ශ්‍රමය විකුනනනව...දෝස්තරවරු, ඉංජිනේරුවෝ තම තමන්ග දැනුම අත්දැකීම විකුනනවා...ඒත් ඔය කවුරුවත් ඇගයි මනසයි එක පාර විකුනන්න්නේ නා..ඒ අතින් ගට්තම ලිංගික ශ්‍රමිකයා ඒ දෙකම විකුනනවා..ඒ හින්දා ඒකට වෲතීමය ආරක්ශවක් ඇතිවන විදියට නීති ගත කල යුතුයි...

    ReplyDelete
    Replies
    1. ඇත්ත. කිසිම මනුස්සයෙක් කැමැත්තෙන් අඳුරන්නෙ නැති කෙනෙක් එක්ක නිදාගන්න කැමති වෙන්නේ නෑ වෙනත් විකල්පයක් තියෙනව නම්. උඹ කිව්ව ගොඩක් දේවල් එක්ක එකඟයි.

      නමුත් මම ඉන්නේ ලංකාවේ ගණිකා වෘතිය නීතිගත නොකල යුතුයි කියන තැන. මම ඔය ගැන ලිපියක් ලියන්නම් මගේ මතයට හේතු කියල.. ඒ ගැන සාකච්ඡාව පසුවට කල් තියමු නේද මචන්.

      Delete
  3. හොඳ ළිපියක්...

    සනී ලියොන් පැත්තක තියලා. අපි නදීෂයි, අනෝමයි ගමු.

    උඹ හරි. නදීෂා ගැන ඉන්න මතයත් හරි.. නදීෂා ට්‍රේඩ් (අම්බපාලී ට්‍රේඩ් එක.) එකට එන්නෙම ඒක දැනගෙන වගේ. නදීෂා කාටවත් මාට්ටු වෙන්නේ නෑ. එයා ගෑණු ළමයි වගේ කොල්ලෝ තියාගෙන ඉන්නවා බෝයි ෆ්‍රෙන්ඩ් කියලා සමාජයට පෙන්වන්න (මුල් කාළේ) ඒත් ඒ කරදරකාරයෝ අන්දන්න. අද මහා පොරවල් කියන අය එයාග්ගෙ ස්ත්‍රීත්වය ළන්නග බල්ලෝ වගේ දන ගහනවා. ඒකී පට්ට ටැලන්ට්. අද ඕන එකෙක් අල්ලන එක එයාට නතින්ග්. එයා කරන්නේ එයාගේ බෑන්ක්ස් එකවුන්ට් එක තව තව වැඩි කර ගන්න එක විතරයි. මොකා ආවත් ගියත් එයාට ගානක් නෑ. මහින්දගෙ සැළුන් දොර වගේ. එහෙම ටැලන්ටඩ් කීප දෙනෙක්ම අද ඉන්නවා.

    ඒත් අනෝමා.. අනෝමා හරි පවු. එයා එකෙකුට මාට්ටු වෙනවා.. නිකන් පොරකට නෙමෙයි. සමාජයේ සිවිල් බලයක් තියෙන පොරකට. ඇත්තටම අනෝම එයාගේ වහලියක්. ගෑනී නිසා නිමිලේ රඟපාන්නත් ඕන. සත පහක් දෙන්නේ නෑ. ඒ මදිවට ඇයව මුළු රටටම විකුනලා අරූ තව තවත් පොරක් වෙනවා. අනෝමා බඩුවක් වෙනවා. ඒත් එයා බඩුවකුත් නෙමෙයි. මොකෝ එයාට නිදහසක් නෑ. එයා වහලියක්. අරූ මේකිව කාලා කාලා හපේ දාලා මාරු වෙනවා.. හපයක් අහුලගෙන ආයේ කන්න එකෙක්වත් ලෑස්ති නෑ.. ඉතින් මෙයා පොත් ලියනවා.. ඕන නම් පොත් 1000 ක් විකිනෙයි. එතනින් ඒකත් ඉවරයි. ඉතින් මෙයා බාගෙට හෙළුවෙන් ඉන්න පොටෝ දානවා. ඇමරිකන් පට්ට කෑලී බලන කොල්ලන්ට මේව පෞඉසෙකට වටින්නේ නෑ. එයාට දැන්වත් කරන්න තියෙන්නේ නදීෂලාගෙන්, මාලනීලගෙන් ඉගෙනගන්න. තාම පොඩ්ඩක් චාන්ස් එකක් තියෙනවා.. මොකෝ වත්තල ජෝන් වගේ අය පාර්ලිමේන්තුවෙත් ඉන්නවා නේ.

    අනෝමා පවු...

    ReplyDelete
    Replies
    1. එක දෙයක් අමතක උනා... ඒයා අර සිවිල් පොර ගාව ඉන්න කොට එයත් හිතනවා එයාට ගහන්න එකෙක්වත් නෑ කියලා. මම තමයි එකම නිලිය, එකම කෑල්ල කියලා. ඒ නිසා තමයි අදත් එයා එහෙම ඉන්න ට්‍රයි කරන්නේ. අර විදියට හිතපු නිසා එයා කාවවත් ගනන් ගන්නෙත් නෑ. ඉතින් අද එයාට ෆෝටෝ එකක් ගන්නවත් කවුරුත් නෑ.

      Delete
    2. එකඟයි. නදීෂා ඉන්නේ වෙන අයගේ කතා වලින් හෙල්ලෙන්නේ නැති තැනක. කොටින්ම (පේන විදියට) එයාගේ ජීවිතයේ සහ එයාගේ ක්‍රියාකාරකම් වල සමාජයේ මිනිස්සුන්ගේ මතයට දීලා තියෙන්නේ ඉතාම අඩු වැදගත්කමක්. ඒ තුළින් එයා චරිතයක් වෙලා ඉන්නවා. එයා සමාජයේ කැමැත්තට අළිපිටම කරන අභියෝගයටයි මම කැමති.

      අනෝමා ගැන උඹ කියපු ඒවටත් එකඟයි. එයා කරන්නේ ෆේස් බුක් එකෙන් එයාගෙ හිටපු සැමියට බැනලා නෝට්ස් පබ්ලිශ් කරන එක. හරියට කොල්ලෙක්ට රැවටිලා බූට් එකක් කාපු කෙල්ලෙක් ඒ කොල්ලගේ නරක කිය කිය ෆේස් බුක් එකේ ස්ටේටස් දානවා වගේ වැඩක්. කොල්ලා අගේට උගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්නවා. කෙල්ලගේ අඳෝනාව සතපහකට ගනන් නොගෙන. ඒ වගේ තත්වයකයි අනෝමා ඉන්නේ. උඹ කිව්වා වගේම, අනෝමා පව්.

      Delete
  4. ඔන්න උබේ බ්ලොග් ඔක්කොම කියෙව්වා. මොකද සන්ඩේ නයිට් පැය 12ක කරන රස්සාවේදී තමයි බ්ලොග් කියවන්ටයි කොමෙන්ට් කොටන්නයි පත්තර කියවන්ටයි චාන්ස් එක ලැබෙන්නෙ. පට්ට ආතල් ජොබ් එක බන්..!!

    ReplyDelete
    Replies
    1. පට්ට ආතල් ජොබ් එක බ්ලොග් කියවන එකද? :P උඹ වාසනාවන්තයි කොල්ලො. කියවහන් හොඳ බ්ලොග්, හොඳ ලිපි හොයාගෙන. ඔහොම ජොබ් එකක් අපිටත් තිබ්බ නම්.. :)

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...