Saturday, April 23, 2016

අල්ලා නමඳින්න පාර වැසීම


ඕනෑම පුද්ගලයෙක්ට තමන් කැමති ආගමක් ඇදහීමට නිදහස තිබිය යුතුය. ඒ වෙනකෙක්ගේ නිදහසට
බාධාවක් නොවන අයුරින්ය. පුද්ගලයෙකුට ආගමක් ඇදහීමට සහ තමන් කැමති ආගමික වතාවත්වල යෙදීමට ඇති අයිතියට සමාන අයිතියක් තවත් පුද්ගලයෙකුට ආගමක් නොඇදහීමට සහ ආගමික වතාවත් වලින් වෙන්ව සිටීමටද ඇත.

මීට දවස් කිහිපයකට පෙර යම් පිරිසක් විසින් සිය ආගමික වතාවත් පාරක් මැදට පැමිණ සිදු කිරීම නිසා එම සිද්ධියේ හරි වැරැද්ද ගැන කතිකාවතක් ඇති විය.

එම පිරිස මුස්ලිම් පිරිසකි. දැනගන්නට තිබෙන පරිදි පුද්ගලික අවකාශයක කල නොහැකි ජුම්මා නැමදුම නමින් හඳුන්වන ඉස්ලාම් ආගමික නැමදුමක යෙදීමට පල්ලියේ ඉඩ මදි වීමය මේ සිද්ධියට හේතු වී ඇත්තේ.

පිරිස මුස්ලිම් වීම, ජුම්මා නැමදුම පල්ලියේම සිදුකල යුතුවීම, පල්ලියේ ඉඩමදි වීම යන කාරණා මෙහිදී අනදාලය.

යම් පිරිසකට තමන්ගේ ආගමික වතාවත් වල යෙදීමේ යම් ගැටළුවක් හෝ අපහසුතාවයක් තිබේ නම් එය ඔවුන්ගේ ප්‍රශ්නයකි. එය ඔවුන් විසඳා ගත යුත්තේ අනෙක් මිනිසුන්ට බාධාවක් නොවන අයුරිනි. මෙහිදී මෙම පිරිස තෝරාගෙන තිබෙන්නේ තනිකරම ආත්මාර්ථකාමි විසඳුමකි. මන්ද, ඔවුන් මුහුණ දුන් ප්‍රශ්නය විසඳා ගන්නට කියා මොවුන් කර ඇත්තේ ප්‍රශ්නය විසඳීම නොව, අහක සිටිනා මිනිසුන් මතද සිය ප්‍රශ්නය පැතිරවීමය.

ආගමික වතාවත් හේතුවෙන් මේ රටේ මිනිසුන්ගේ ජනජීවිතයට සැලකිය යුතු මට්ටමක බාධාවක් ඇති වූ පළමු අවස්ථාව මෙය නොවේ.

අපට කොහේ ගියත් ආගමය. ඔක්කෝටම වඩා ලොකු ආගමය. අනෙකාගේ නිදහසටත් වඩා ලොකු අපේ ආගමික ආතල් එකය. ඒ අපේ හැටිය. එනිසා අපට මේ මුස්ලිම් පිරිස වෙත පමණක් ඇඟිල්ල දිගු කල නොහැකිය. සිද්ධි වශයෙන් එළියට පැමිණියද මේවා සංස්කෘතික කාරණාය. අපේ දුර්වලකම්ය.

කෑමේ බීමේ සිට ජනතාව පාලකයන් පත් කර ගැනීම දක්වාද පාලකයන් ජනතාව පාලනය කිරීම දක්වාද අපට වැදගත් එකිනෙකාගේ ආගම්ය. ඕනම දෙයක් ආගමික සළුවකින් ඔතා පැමිණේ නම් අපි ඕනම පරිප්පුවක් කන්න සූදානම්ය.

"අරගොල්ලොත් කරන්නෙ.. අපි විතරයැ?"

සියල්ලන් තමන්ගේ ඒ විකාරරූපී ක්‍රියා සාධාරණීයකරනය කරන්නේ එසේය. කවුරුන් හෝ ඒවා ප්‍රශ්න කල විට කරන්නේ වෙනකෙක් වෙත ඇඟිල්ල දිගු කිරීමය. හොරෙන් සීනි කෑ සහෝදරයන් දෙදෙනෙක්ගෙන් මව ප්‍රශ්න කරද්දි වරදින් බේරීමට යයි සිතා එකෙක් එනෙකාට ඇඟිල්ල දිගු කරන්නාක් මෙනි.

මෙම සිද්ධියට පක්ෂව අදහස් දක්වන්නන්ගේ ප්‍රධානතම තර්කය නම් පෙරහැරවල්, දන්සැල්, තොරණ් වලට පාරවල් අවහිර වන බවද එනිසා මෙවැනි සිද්ධි නොසලකා හැරිය යුතුබවය.

එම කතාව සම්පූර්ණයෙන්ම සත්‍යක් නොවේ. කිසියම් අවස්ථාවක පාරක් වැසීමට උවමනා නම් අදාල පාර්ශව නීතිය ඉදිරියට ගොස් නීත්යේ අවසරය ලබා ගත යුතුය. යමක් නීත්‍යානුකූලව කරන්නේ එසේය. අනෙක, පෙරහැරවල් තියෙන්නේ අවුරුද්දට සැරයක් පමණි. පාරවල් මැද තොරණ් ගසන්නේ නැත.

එමහින් කෙරෙන්නේ බෞද්ධයන්ගේ ක්‍රියා මත සුදුහුණු ගෑමක් නොවේ. කවුරු කලද වැරැද්ද වැරැද්දමය. කිසිම හේතුවක් නැතිව බෞද්ධ ආතල් එකක් නිසා නුවර පාරක් දවස් 365ම වසාගෙන සිටින බව මෙහිදී අපට අමතක කල නොහැක.

පෙර සඳහන් කලා සේ ආගමික වතාවත් වල යෙදීම වරදක් නොවුවද තමන්ගේ ආගමික විශ්වාසයන් හෝ ඇදහිලි හෝ වතාවත් නිසා ජනසමාජයක එදිනෙදා කටයුතු වලට බාධාවක් වනවා නම්, එය ගැටළුවකි.

හැමදාම වැරදි කරමින් නිදහසට කාරණා ලෙස අනෙක් අයගේ වැරදි දැක්වීම රටක් වශයෙන් සිදුකලා දැන් ඇතිය. මුස්ලිම් රටවල සියලු දේට වඩා ආගමික වතාවත් වලට මුල් තැන දෙන බව අපි දනිමු. මෙහිදී මා මිත්‍රයෙක් පැවසුවේ එරටවල් වලදී පාරවල් අවහිර කරගෙන යාතිකා කරන අවස්ථාද ඇති බවයි.

වුන දේ වෙලා ඉවරය. නීතිය විසින්ද එම අවස්ථාවේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. කෙසේ හෝ මෙවන් දේ නැවත සිදුනොවන බවටද සිදුවුවහොත් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක විය යුතු බවද පැහැදිළි කරුණකි.

රටක් වශයෙන්, ජාතීන් වශයෙන් ආගමේ සීමා, වෙනත් මිනිසුන්ගේ ජීවිත වලට බාධා කිරීමේ සීමා ගැන අවබෝධයක් ඇති කරගැනීම වැදගත්ය.

බොහෝ දෙනා කතා කරන ආගමික සහජීවනය යනු කුමක්ද කියා මා හරියටම දන්නේ නැත. කුමක් වුවද ආගමික සහජීවනය යනු "මම වැරදි කරද්දි උඹ සද්ද නැතුව හිටිං උඹ වැරදි කරද්දි මම සද්ද නැතුව ඉන්නම්" යනුවෙන් එකිනෙකා සමඟ සම්මුති වලට එළඹීම නොවේ.

16 comments:

  1. මෙවැනි ලිපියක් ලිවීමට නිර්බීත වීම ගැණ සන්තෝසයි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන්

      Delete
  2. 2009 යුද්ධය ඉවර උනයින් පස්සේ මේ කාලකන්නින්ගේ පුදුම වර්ධනයක් තියෙන්නේ ගවුම් අඳින පිරිමියි... රැවුල් වවපු තලේබාන් කාරයොයි සම්පූර්ණයෙන්ම වසා ගත් ගෝනී බිල්ලොයි... ඇත්තටම අපිට ඉන්නේ පොන්න පාලකයෝ පිරිසක්... මහින්දත් ඒ ගොඩටම ඇතුලත්...

    ReplyDelete
    Replies
    1. වෙලා තියෙන්නේ ආගම්වාදය මත පදනම් වුන පක්ෂ මත පාර්ලිමේන්තු බලය පදනම් වීම. ඒනිසයි මේ ආගම්වාදීන්ව බබා උක්කුං කර කර තියාගන්න වෙලා තියෙන්නේ, හරියට තීරණයක් ගන්න බැරි වෙලා තියෙන්නෙ.

      Delete
  3. මුං බලාපොරොත්තු වෙන්නේ ආගමික ඩීල් එකක්........ ඒත් පුළුවන්නං ඔය ආගමට ම ගිය රටක ගිහින් පාරක් වහගෙන තොරන් ගහන්න ඕනේ නැහැ.... කපුටු බෝ පැලයක් ළග බුදුපිළිමයක් තියලා වැදහංකෝ..... නැත්තං කුරුසයක් එල්ලලා යාඥා කරහාකෝ......ඇට දෙකත් අතේ තමා අරන් එන්න වෙන්නේ........ මේවා එකිනෙකට සමාන නැහැ......

    ReplyDelete
    Replies
    1. අරාබි රටවල තත්වයයි මෙහෙ තත්වයයි සමාන නැහැ. ඒත් කොහේ වුනත් වැරැද්ද වැරැද්දම තමා

      Delete
  4. පාර කිව්වෙ කටුසු හදවත. ඔබේ ලිපි බොහොම හරවත්.වෙනස් මානයක්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මනෝෂ්.

      කටුස්සා මුළ ඉඳලම සහයට හිටියා. එල කොල්ලෙක් !

      Delete
  5. පාරෙ බඩගාගෙන අල්ලට කියද්දිත්.........නුවර පාරවල් වහගෙන ඉද්දිත්.....රෙද්ද අස්සෙන් පේනව වල්ලම

    ReplyDelete
    Replies
    1. හෙළුව තමා බං

      Delete
  6. නීතියේ අනු දැනුම මත නුවරඑලිය නගරයෙ එක්පසකට පමනක් දහවනය වන මීටර 100ක් පමන වන කුඩා මන්තීරුවක් පැයකට පමන වසා තම විශ්වාසය වෙනුවෙන් යාගයක් කල මුසෙල්මානුවන්ගේ ක්‍රියා කලාපය විවෙචනය කරනවාට වඩා මෙ එන පලවනිදා මාර්තු 1 හෙවත් නූතන මොඩයන්ගෙ දිනයේදී පාලකයන්ම කරන පාරවල් අවහිර කරන දෙයට හඩක් නගහල්ලකො

    ReplyDelete
    Replies
    1. //"අරගොල්ලොත් කරන්නෙ.. අපි/ඒගොල්ලො විතරයැ?"

      සියල්ලන් තමන්ගේ ඒ විකාරරූපී ක්‍රියා සාධාරණීයකරනය කරන්නේ එසේය. කවුරුන් හෝ ඒවා ප්‍රශ්න කල විට කරන්නේ වෙනකෙක් වෙත ඇඟිල්ල දිගු කිරීමය. හොරෙන් සීනි කෑ සහෝදරයන් දෙදෙනෙක්ගෙන් මව ප්‍රශ්න කරද්දි වරදින් බේරීමට යයි සිතා එකෙක් එනෙකාට ඇඟිල්ල දිගු කරන්නාක් මෙනි//

      :)

      Delete
  7. කාලීනව පස්ට පොස්ට් එකක්. මුන් (මුස්ලිම් & බොදු බලු සේනා) ඔක්කොම එකයි. මුන් ඔක්කොම මේ ගේම ඉල්ලන්නෙ. හිතන් ඉන්නෙ ක්ලයිමැක්ස් එකේ ඉන්නෙ කියල. එත් මුන් ඔක්කොම ක්ෂනිකමෝචන කාරයො. මටනම් මොකා මොන රෙද්දෙ ආගම අදහව්වත් එකයි ඒත් ලිමිට් එක දැනගෙන. මිනිහෙකුට වාතයක් වෙන්නෙ නැතුව..

    ReplyDelete
    Replies
    1. //මටනම් මොකා මොන රෙද්දෙ ආගම අදහව්වත් එකයි ඒත් ලිමිට් එක දැනගෙන. මිනිහෙකුට වාතයක් වෙන්නෙ නැතුව..//

      මේ ටික තේරෙන්නෙ නැති අය සෙට් එකකුත් ඉන්නවා. පොඩි ළමයි වගේ බං මුං

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...