Friday, April 8, 2016

පව් අසරණයො

සමහර අය හිතන් ඉන්නවා
බුදුදහම කියන්නේ
තමා දකින දේ පාලනය කිරීමය කියල
නමුත් 
බුදුදහම කියන්නේ 
තමා දකින දේ
පාලනය කිරීම නොව
තමාගේ සිත පාලනය කරගන්න එකය
සිත දමනය කරගන්න එකය කියල
ඒගොල්ලන්ට තේරෙන්නෙ නැහැ
සිත පාලනය කරගන්නව වෙනුවට
ඒ ගොල්ලො කරන්න හදන්නෙ
ඇහැට පේන දේ 
පාලනය කරන එක
ඒක බුදුදහමේ ක්‍රමය නෙමේ
තලෙයිබාන් ක්‍රමය කියල
ඒගොල්ලො දන්නෙ නැහැ
හිතේ තියෙන වනචරකම
පාලනය කරගන්න බැරි නිසා
ඒගොල්ලො හදන්නේ
ඇහැ දකින දේ පාලනය කරන්න
ගෑණුන්ගෙ කකුල්
කලවා
බුරි
වහන්න දඟලනවා
තමාගෙ වනචරකමට
තමා තුළම තියෙන
බය නිසා
මේ වගේ අයගේ
සිල්වන්තකම
ගෑණු බුරියක් නිසා
කුඩු වෙලා යන
බිත්තරයක් වගේ
දුර්වලයි
බුදුන්ටත් වඩා බෞද්ධ
මේ අයගේ සිල්වන්තකමට
කෙළවෙලා යන්නේ
ගෑණු ශරීර නිසා
එනිසා 
නිවන්දකින්න නම්
හිත දමනය කරගන්න කලින්
ගෑණු තහනම් කරල 
ඉන්න ඕන
ඒකයි ඔවුන්ගෙ
තලෙයිබාන් බුද්ධාගම
ගෑණු කකුල් දැක්කම
ධාතු පහවෙන 
ඔවුන්ගේ අසරණකමට 
මක්කරන්නද
පව්
අසරණයො

8 comments:

  1. කිසිම අවුලක් නැතිව එකඟ වෙන්න පුලුවන් කථාවක්

    ReplyDelete
    Replies
    1. වෙනසකටත් එක්ක උඹටයි මටයි එකඟ වෙන්න පුළුවන් තැනක් හම්බවුන එක ගැන සතුටුයි ;)

      Delete
  2. බ්ලොග් එකට ආපු පාර දිගේ ආවෙ....දිගටම එනව....

    ඕකට මචන් කියන්නෙ ක්ෂණික මෝචනය කියල...:D හැබැයි බෙහෙත් කරන්ඩ ඕනෙ සංස්කෘතියටයි,ජාතියටයි,ආගමටයි.....මෝචන කාරයට බෙහෙත් කරාට වැඩක් නෑ....ඌට කරන්ඩ තියන හොදම වැඩේ අහවල් එක කපන එක එතකොට කොහොමටවත් මෝචනය වෙන්නෑ....

    ReplyDelete
    Replies
    1. ඔව් බං. එක්කො ගෑණු තහනම් කරන්න ඕන, නැත්නම් අහවල් එක කපල දාන්න ඕන උඹ කිව්ව වගේ.

      Delete
  3. මේක මම කියෙවුවේ නෑ.හෙට කියවලා අදහස කියන්නම්.ඒත් මේ විදිහට එක දිගට පෝස්ට් පබ්ලිශ් කරන්න එපා.පෝස්ට් එකක් පබ්ලිශ් කරලා අඩුමගානේ දවස් දෙකක්වත් තියපන් මිනිස්සු අතර සංවාදයක් ඇතිවෙන්න.ඉස්සල්ලා පෝස්ට් එකට මාතලන්ගේ සිංඩියෙන් ලොකු පබ්ලිසිටියක් හම්බුනා උඹට.නවකයෙක් විදිහට ඒක ලොකු අත්වැලක්.ඒත් උඹ ඒකෙන් ප්‍රයෝජන ගත්තේ නෑ මේ ලිපිය පබ්ලිශ් කිරීම තුලින්.උඹව කන්ටැක්ට් කරන්න වෙන විදිහක් තිබුනේ නැති නිසයි කමෙන්ට් එකක් විදිහට මේක දාන්නේ.කියවලා ඩිලීට් කරපන් මචෝ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචන් අවංකව මෙහෙම උදව් කරන එකට. කොටින්ම මම ඊළඟට දාන්න හිතන් ඉන්න සටහනත් ලියල ඉවරයි. උඹ ඔය දේ කිව්වෙ නැත්තන් ඒක හෙට පෝස්ට් කරන්න හිටියෙ. මීට පස්සෙ දවස් දෙක තුනක් තියා ගන්නම් පෝස්ට් අතර මැද්දෙ. උඹල වගේ නෙමේ මම බ්ලොග් වලට අලුත්. ඒ නිසා මේවගේ උදව් කරන එකට බොක්කෙන්ම ස්තූතියි මචන්. මම මේ කමෙන්ට් එක ඩිලීට් කරන්නේ නැහැ. එකක්, මේක දකින අලුත් අයට මේ ගැන දැනගන්න පුළුවන්. අනෙක, උඹ මට අවංකව කියපු මේ කතාව මගෙ බ්ලොග් එකෙන් මකලා දාන්න මම කැමති නැහැ. ජය වේවා මචන් !

      Delete
  4. හිනායන කතාවක් තමයි "ඔය වගේ ඇඳුම් මේ බෞද්ධ රටට ගැලපෙන්නෙ නෑ" කියන එක.
    ඉස්ලාමික් ඇඳුම් , යුදෙව් ඇඳුම් ආදිය තිබුනට බෞද්ධ ඩ්‍රෙස් කෝඩ් එකක් කොහෙවත් නෑ.
    සංවර අසංවර තියෙන්නෙ බලන එකාගෙ හිතේ මිසක් අඳින එකා ගාව නෙමෙයි

    ReplyDelete
    Replies
    1. බෞද්ධ ඩ්‍රෙස් කෝඩ් එකක් නොතිබුනාට, වික්ටෝරියානු ඩ්‍රෙස්කෝඩ් එකක් තියෙනවනෙ බං.. :)

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...